Wednesday, August 13, 2008

Wadah - පොරොන්දුව

ආදරය....මේ ආදරය වෙනුවෙන් වෙන් වෙන මගේ දෙවෙනි බ්ලොග් සටහන..... ඒත් අද මම ලියන්නේ මගේ අදහසක් නෙවෙයි......මම මීට සැහෙන්න කාලයකට පෙර ඉදන් ආසම කරපු සිංදුවක් ගැන....අදටත් හිංදි ගීත අතරින් මම කැමතිම ගීතය.....වචන නිසාම නෙවෙයි..... සංගීතය කටහඩ....ගීතය ඇතුලත් චිත්‍රපටයේ අදාල දර්ශණ පෙල....ගීතය ගැයෙන පසුබිම....ඒ හැම දේ හින්දමයි මම මේ ගීතයට කැමති....!
චිත්‍රපටය ටඡ්මහල්...සංගීත අධ්‍යකෂණය කලේ ‍රෝෂන්...රගපැවේ ප්‍රදීප් කුමාර් සමග බීනා රෝයි...ගීතය ලිව්වේ සහීර් ලුද්වානී....ගීතය ගායනා ක‍ලේ ලතා මං‍ගේශ්කර් සමග මොහොමඩ් රාෆි. මේ තියෙන්නේ ඒ සිංදුවෙන් පොඩි කොටසක්....
http://www.youtube.com/watch?v=BS6K0OmiCfs&feature=related

මේ සිංදුව සාර්ඡහාන් රඡතුමා කියන්නේ එයාගේ මිය ගිය බිරිදට....ඇත්තටම තියෙන්න ආරාධනාවක් තමන් ලගට ආයේ එන්න කියලා....චිත්‍රපටයේ හැටියට නම් මුම්‍ටාස් දේවිය එනවා...!
මොකද මර‍ණෙටවත් එයාලව වෙන් කරන්න නොදෙන පොරොන්දුවක් එයාලා අතර තිබුනු නිසා....
මේ තියෙන්නේ ඒ ගීතයේ පද

जो वादा किया वो निभाना पड़ेगारोके ज़माना चाहे रोके खुदाई तुमको आना पड़ेगाजो वादा...
तरसती निगाहों ने आवाज़ दी हैमुहब्बत की राहों ने आवाज़ दी हैजान-ए-हया, जान-ए-अदा छोड़ो तरसाना तुमको आना पड़ेगाजो वादा...
ये माना हमें जाँ से जाना पड़ेगापर ये समझ लो तुमने जब भी पुकारा हमको आना पड़ेगाजो वादा...
हम अपनी वफ़ा पे ना इलज़ाम लेंगेतुम्हें दिल दिया है तुम्हे जाँ भी देंगेजब इश्क़ का सौदा किया फिर क्या घबराना तुमको आना पड़ेगाजो वादा...
चमकते हैं जब तक ये चाँद और तारेन टूटेंगे अब एहद-ओ-पैमां हमारेइक दूसरा जब दे सदा होके दीवाना हमको आना पड़ेगाजो वादा...
हमारी कहानी तुम्हारा फ़सानाहमेशा हमेशा कहेगा ज़मानाकैसे भला कैसी सज़ा देदे ज़माना हमको आना पड़ेगाजो वादा...
सभी एहल-ए-दुनिया ये कहती है हमसेकि आता नहीं कोई मुड़के अदम सेआज ज़रा शान-ए-वफ़ा देखे ज़माना तुमको आना पड़ेगाजो वादा...
बहुत जी लगाया ज़माने से हमनेबहुत वक़्त काटा बहाने से हमनेजब से हुआ तुमसे जुदा ये दिल न माना तुमको आना पड़ेगाजो वादा किया
हम आते रहे हैं हम आते रहेंगेमुहब्बत की रसमें निभाते रहेंगेजान-ए-वफ़ा तुम दो सदा फ़िर क्या ठिकाना हमको,आना पड़ेगाजो वादा...

:P කියවගන්න බෑ නේද?
මෙන්න එහෙනම්
සිංහලෙන් තේරුම

මේ මුලු ලොකයම හෝ
දෙවියන් විසින්ම හෝ
ඔබව නතර කලද
ඔබ පැමිණිය යුතුමය...
ඔබේ පොරොන්දුව ඉටු කල යුතුමය...!


හුදකලාවේ බලාසිටින මා නෙතු
නුඹව කැදවයි...
ආදරයේ නාමයෙන් ‍හෙලන ‍මේ සුසුම්
අමතන්නේ නුඹටයි
මගේ අහිංසක මිහිරාවිය...
සොදුරු සුපෙම්වතිය
මා තවත් නොපෙලන්න......


මම දනිමි...
හැරදමා ගියත් ‍මේ ලොව
නු‍ඹේ එක් ඉගියකින්
මා නැවත පැමිණිය යුතු බව.....
ඒ මාගේ පතිවත නිසා යැයි නොකියමි
නුඹ වෙනුවෙන්
මම ආදරය පිදුවෙමි
ඡිවිතයද ඔබ වෙනුවෙන්මය....

කිම්ද අපි බිය විය යුත්තේ?
අපිට අපේ ආදරය තිබෙන තුරු...
මම එමි සබද.....


සද තරු ‍බැබෙලනා තුරු
අපේ පොරොන්දු රැකෙනු ඇත...
අපි ‍එක් ලොවක මුණ ගැසෙන තුරු
මම ඔබම සොයා ඔබ වෙතම එමි...!


සිංදුව අහන්න කැමති‍‍ කෙනෙක් ඉන්නවා නමි මෙතනින් ගන්න
http://www.sendspace.com/file/o94ju3

කිසිම සද්ධයක් බද්දයක් නැතිවෙලාවක් නිවි සැන‍සිල්ලේ අහල බලන්න.
කිසිම නිර්වචනයක් දෙන්න බැරි ආදරය කියන හැගීම මොහොතකට දැනේවී.......!


පලි. මේ විදියට ගීත දාන අදහස බෝ ගේ මම ඒක හො‍රෙන් ඉස්සුවා.
ශිවන්තටයි....මාලිංගටයි ස්තූතියි සිංදුවේ විස්තර හොයාගන්න දීපු උදව්වට.....!





5 comments:

  1. ස්තූතියි සදහටම ආදරේ කරන ගීයක් මතක් කලාට!!!
    මම film එකනම් බලලා නෑ හැබැයි සින්දුවනම් දන්න දා ඉදලා ආදරය කල ගීයක්.........ඔයා ඒක මතක් කල නිසා මම යනවා අහන්න.....

    Byeeee.........

    ReplyDelete
  2. මමත් ආසා කරන ගීතයක් මේක. අපේ අම්මත් ඕක දවසම උනත් අහන් ඉදියි. හැබැයි මම ටජ්මහල් එකේ ආසම සින්දුව තමයි ජෝ බාත තුජ්මේ හේ කියන එක(ඇයි නාවෙ මා සොයල කියන සින්දුවෙ රිද්මයට යන එක)

    ඒක නෙමෙයි..ඔච්චර පැලෙන්න ආදරේ කරපු ෂාජහාන් රජතුමා ටජ්මහල හදපු සේවකයන්ගෙ අත් කපල ඇස් අන්ධ කරයි කියන කතාව ඇත්තද? මම එහෙම කතාවක් අහල තියනව කොහෙන් හරි.තවත් ඒ වගේ එකක් හදයි කියලලු එහෙම කලේ. ඒ ගැන විස්තරයක් දන්න කවුරු හරි ඉන්නවද? මොකද ආදරේ සංකේතයක් වගේ සැලකෙන ටජ්මහල ගැන මතක් කරද්දි අර අදහසත් ඔලුවට වැටුනාම මට නිකන් මොංගල් වගේ..

    ස්තූතියි නංගි සින්දුවට.

    ReplyDelete
  3. Hare, අම්මෝ ඔව් මේක අම්බානෙකට ටි‍.වි ‍එකේ ගියා...!
    සමන්මල් පියල්ලේ එකම සංගිතය තමයි ඒත් ඡොතිගේ සිංදුව නියම සංගිත් එක්ක ගැලපෙනවද කියන ප්‍රශ්ණය මට තියෙනවා

    Jay, bye bye...අ‍පෝ බලල නැත්නම් වැඩක් නෑ..මේ ඔයාල‍ගේ කාලේ හිට් උනු ඒවනේ...!

    Bo, අම්මෝ 60- 70 හිංදි සිංදු අහනවා කියන්නේ භාවනා කරනවා වගේ වැඩක් මමත් පුරුදු උනේ ‍මං පොඩි කාලේ ඉදන්ම තාත්තා අහපු නිසා...ඒ කාලෙ නම් ඇහෙනවට ඇහුවා..දැන් තමයි නියම රසය විදින්නේ...!

    ඔව්, මමත් ඔය කථාව අහලා තියෙනවා..සාර්ඡහන් රඡ්ඡුරුවෝ ඔකේ නිර්මාණය කරපු කෙනාව ගෙන්නලා කිව්වලු ලොකේ කොහේවත් නැති විදියේ නිර්මාණයක් කරන්න කියලා...ඒ වගේම හදලා දුන්නට පස්සේ ඒ මනුස්සයාගේ අත් කපලා ඇස් අන්ධ කලාලු..ටඡ් මහල් හදන්න කිරිගරුඩ ලංකාවෙනුත් ගෙනිච්චා කියලා මම අහලා තියෙනවා..ඒ වගේම ටඡ් මහල් හදන කාලේ රටේ ගොඩක් ප්‍රශ්ණ ඇති උනාලු මොකෝ මිනිස් ශ්‍රමය බලෙන් ලබා ගැනිම වගේ ඒවා නිසා..කොහොම උනත් රඡතුමාට ඔනි වෙලා ති‍බිලා තියෙන්නේ ටඡ් මහල් හදන්න විතරමයි....ඇත්තටම ටඡ්මහල් ‍කියන්නේ සොහොන් කොතක්...
    පස්සේ කාලෙක රඡතුමාගේ පුතෙක් බලෙන් රඡකම පැහැරගෙන තියෙනවා..රඡතුමාව හිරකරලා තියලා..ඒ හිරගේ හැදුවේ ටඡ්මහල් පේන දුරින් කියලත් මම අහල තියනවා 100% ඇත්තමද කියන්න නම් දන්නේ නෑ

    ReplyDelete
  4. කොහොම උනත් සාඡහාන් හොද පෙම්වතෙක් උනාට හොද රඡ කෙනෙක් නම් නෙවෙයිලු...!

    ReplyDelete
  5. ඔව් සමහර හින්දි ගී වල රසය කියල නිම කරන්න් බෑ. මෙ චිත්‍රරපටය වගෙම "ඒක් පුල් දොමාලි" වගෙ චිත්‍රපට වල ගී වල අගය කියා නිම කරන්න බෑ

    ReplyDelete