Thursday, August 7, 2008

පුනර් - උප්පත්තිය!

අද 2008 අවුරුද්දේ අගෝස්තු 7 වන බ්‍රහස්පතින්දා‍. දැන් වෙලාව හරියටම උදේ 11. මම ඉන්නේ මගේ රාඡකාරි ස්ථාන‍යේ. දැන් මිට මිනිත්තු හය හතකට විතර කලින් ඉදන් මමත් බ්ලොග් හිමිකාරියක් ...හික් හික් නරකම නෑ බලාගෙන ගියහම යසට හිටිය කෙළි පොඩ්ඩිට ගිය කලක්!(එක අතකින් කොයි තරම් කාලයක් කරන්න හිත හිත හිටිය වැඩක්ද මේ)
ම් ම් කොතනින්ද පටන් ගන්නේ? උපන් දවසින් ? මයේ අප්පේ සැහෙන්න දිග ගමනක් එච්චර ඇත යන්න ඕනි නෑ. ම් ම් සයිබර් ලෝකයට පය තිබ්බ නෑ නෑ අත තිබ්බ දවසින් පටන් ගමු ඔව් එහෙම හොදයි!
මීට අවුරුදු 8 කට විතර කලින් කොම්පියුටරයක් කියන්නේ මට නිකං මොකක්ද මැඡික් එකක් වගේ මම මුලින්ම කොම්පියුටරයකට අත තිබ්බේ අපේ නැන්දලාගේ ගෙදරදි ඒ දවස් වල ඕෆ් කරලා තියෙන් මැෂින් එකට අත තියන්නත් බයයි මොනා හරි වෙයි කියලා‍‍....අපේ අක්කා
මධු තමයි පරිගනකයේ මගේ මගේ මුල් ගුරු. මවුස් එකට අත හුරු වෙන්න කියලා එයා මට චිත්‍ර පිටුව ඕපන් කරලා දුන්නා...ඒකේ වැඩ කැලී ටික කියලා දුන්නා ...අයියෝ මොනවද මං මේ කියවන්නේ..! බැක් ටු ටොපික් ! සයිබර්ලොකයට පය තැබීම.අ‍‍ඩේ ඒකත් පටන් ගන්නෙත් නැන්දලාගේ ගෙදරින්මයි.අක්කා යාහු චැට් කරන විදිය බලන් ඉන්න එකනේ මම කලේ....එදා තමයි මම අන්තර්ඡාලයෙන් කරන වැඩ ටිකක් ඉගන ගත්තේ ..!ආපහු ගෙදර ආවම ඉතිං ආපහු ටී.වී තමයි...මට ඒ කාලේ කොම්පියුටර් එකක් තිබ්බේ නැහැනේ!
ටික කාලෙකට පස්සේ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් විදියට විභාගේ ඉවර වෙලා අවුරුදු දෙකකට විතර පස්සේ මට තාත්තා ගෙන් තැග්ගක් හැටිය‍ට කොම්පියුටරයක් ලැබුනා.
එක අතකින් බලන‍කොට අපේ ගෙදර සේරම බඩු අම්මටයි මටයි තාත්තාගෙන් ලැබුනු තෑ‍ගිනේ බොලේ..!හික් හික්
ඊට පස්සේ ඉතිං ඩයල් අප් පිහිට තමයි ගෙදර වියදම අඩු කරන්න 11 වෙනකම් ඇහැරිලා ඉදලා නෙට් ලොග් වෙනවා මට හොදට මතකයි..! ඒත් ඉතිං ලොග් වෙලා මොනා කියලා කරන්නද ? යාහූ මේල් එකවුන්ට් එකක් හදා ගත්තා...ඒකෙන් රස්සා වලට ඇප්ලිකේෂන් මේල් කලා....දවසක්ද දෙකක්ද සිංහලයා එකේ විනාඩි 15ක් විතර චැටුත් කලා මයේ හිතේ‍‍.....
පස්සේ ඉතිං දෙයි‍යනේ කියලා රස්සාවට ආවා. අවාම අප්පා තමයි ඒ.ඩී.ඇස්.එල්.! තියෙන වැඩ ටික කරලා ඉවර කලාට පස්සේ මොන කෙහෙල් මලක් කරත් කවුරුත් මොකුත් කියන්නේ නෑ. කියන්න කෙනෙක් මගේ ලග ඇත‍්තෙත් නෑ....ඉතිං නිකං ඉබ්බා දියේ දාන‍කොටම ඇන්නෑවේ කිව්වා වගේ‍‍..... හික් හික්!
එදා ඉදන් අද වෙනකම් මේ ගත උනු අවුරුදු දෙක කා‍ලේ කී දෙනෙක් මුණ ගැහුනද?යාළුවෝ යෙහෙළියෝ අයියලා අක්කලා නංගිලා මල්ලිලා තරහා කාරයො‍් එක එක අය හැම දෙනා ගැනම කතා කරනවා හෙමින් සැරේ...!
එක රෑකින් එළි වෙන්නේ නැහැනේ නැද්ද මං අහන්නේ ?හික් හික්!
මලී

5 comments:

  1. සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. එළ එළ දිගටම ලියන්න සුභ පැතුම්!

    ReplyDelete
  2. ආ, අදයි මේ බ්ලොග් එක දැක්කේ. දිගටම ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  3. ඔයා මාර වේගයකින් බ්ලොග් ලියාගෙන යනවනේ, බ්ලොග් කියවනයේ කැපී පේන්නේ ඔයාගේ බ්ලොග් එක තමයි. දිගටම ලියාගෙන යන්න, සුභ පැතුම්!

    අපිටනං ඉතිං එක දවසින් ඉවර කරන්න පුලුවන් වැඩ ලැබෙන්නේ නැහැනේ. ඔෆිස් එකේදී ADSL තිබුනට ජී මේල් වත් බලන්න වෙලාවක් නැහැ.

    ReplyDelete
  4. @ kasun :- බොහොම ස්තුතියි.. බ්ලොග් ගැන කලින් දැනගෙන හිටියට කම්මැලි කමයි උවමනාවක් නොදැනිමයි නිසා පැමිණිම පරක්කු උනා

    @ Wiz kun :- ආහ් ඒකත් එහෙමද? එහෙම නම් අන්තර්ගතය ටිකක් හොද මට්ටමක පවත්වගෙන යන්න සිද්දවෙයිද?

    ReplyDelete
  5. ඔය විදිහ හොඳයි, ඔහොම යං...

    ReplyDelete