Thursday, August 7, 2008

පුනර් - උප්පත්තිය-2

අනේ අම්මපා මටත් තියෙන පිස්සුවක හැටියක්! අදමයි බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ මේ අද දවසේ දෙවන සටහන...කමක් නෑ ඉතිං මම මේකේ මොනවා ලිව්වත් කාටවත් මොකෝ මට ඕනි දේ මම ලියනවා ස්පෑම් රීපෝස්ට් කියලා කෑ ගහන්න අයත් නැහැනේ! කොහින්ද මම කලින් සටහන් අවසාන කලේ හා ඔව් රස්සාව කියන එකට ආව තැනින් හ්ම් එතැන් ඉදන් ගත වුනු අවුරුදු ‍දෙකට ආසන්න කාලය...! අවංකවම මගේ රස්සාව මාව ඒ තරම්ම කාර්ය බහුල කරවන එකක් නෙවෙයි,ඒක හින්දා ම‍ට උවමනා දේවල් කරගන්න තරම් කාලයක් මට ඉතිරි උනා. ඒත් ඉතිං වෙලාව තියෙනවා කියලා මම එහේ ඉදං කෑම හදන්න යෑ. සැහෙන්න වැඩ වගේ අනිත් අයට පෙන්නලා කොම්පියුටරේ දිහා බලන් ඉන්න තමයි සිද්ධ උනේ. ඒකට ඉතිං හොදම දේ අන්තර්ඡාලය පුරා රොන්දේ ගහන එක තමයි! එහෙම ඉන්න වෙලාවක තමයි සිංහලයා එක හරහද කොහෙද අයි ශ්‍රීලංකා එක ගැන දැන ගත්තේ. ඒකේ තිබ්බා චැට් රූම් එකක් වැඩ නැති වෙලාවට කාලේ කන්න කියාපු තැන මෙලෝ වැඩක් නෑ. සාමාන්‍යයෙන් මම අන්තර්ඡාලයේ මගේ සැබෑ අනන්‍යතාවය එළියට දාන්න කැමති කෙනෙක් නෙවෙයි ඒක හින්දම මට චැට් එකේදි සැ‍හෙන්න මුසාවාදා සිල් පදය කඩන්න උනා මයේ හිතේ. මොකෝ ඒකේ හිටිය උන්ටත් නමයි ගමයි වයසයි නැතුව කථා කෙරෙන්නේ නැති ලෙඩක් තිබ්බනේ...! එහෙමයි කියලා කොල්ලටයි බල්ලටයි මං ගැන කිය කිය යන්නයෑ.!

කෙහොම උනත් මට ඒකෙදි අමුතු පිරිමි යාළුවෙක් ෆිට් උනා ඌ කොයි වෙ‍ලෙත් කිව්වේ මම කෙල්ලෙක් නෙවෙයි කෙල්ලෙක් ලග තියෙන කිසිම අහිංසක බොළද ගතියක් මං ලග නෑ කියලයි මොකෝ මම ඌ මොනා හරි කිව්වොත් ඒකේ අනිත් පැත්තමයි කථා කලේ අනික ඒ මනුස්සයා නියයයම සිංහල කොටුවේ හිටිය පිරිමියෙක් දිග ගවුම් අදින කොන්‍‍ඩේ උකුල ලගට වෙනකම් ගොතලා ලතාවට ඉන්න අය විතරයි එයාගේ හැටියට ගෑණු ළමයි උනේ. එකා මට චැලෙන්ඡ් කලා මාව කෙල්ලේක් කරනවා කියලා මාත් ඉතිං බලං හිටියා එහෙම කරනකං...ඌට පිස්සු උනාට මට මොංගල් නේ ...හික් හික්....!


කොහොම හරි පාලක මහත්තයලට පිං සිද්ධ වෙන්නයි මගේ අපලයක් ගෙවෙන කාලෙයි චැට් රූම් එක වැහුවා! දැන හදුනගෙන හිටිය එකා දෙන්නා යාහූ වල ‍කථා කලා ඔමරි, කැන්ඩි කෙල්ල, දොස්තර කොලී,සී___ ඒ අය අතුරින් ප්‍රධානයි. දවසක් සී මට සිංදුවක් දුන්නා "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ...තෙමි තෙමි ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ ...." කොහොම හරි ඔය කාලේම තමයි භාතියලගේ රැස් ‍විහිදෙන සමනලියක් පියාඹන්න පටන්ගත්තේ...! සී ගෙන් ඉල්ලුවම එයා කිව්වා යාහූ හුවමාරු කරන්න ‍ෆයිල් එක ලොකු වැඩියි තැනක් කියන්නම් එතනින් ගන්න කියලා...මමත් ඉතිං දන්න ‍හැම විදියටම කිව්වා ඒත් ඩී.එල් කරන්න ලින්ක් එක ඇරෙන්න වෙන මුකුත් දුන්නේ නෑ...මගේ ලග හිටිය ‍මගේ යාළුවා කිව්වා උන්නූ හැටියට මලා මදැයි ලින්ක් එකට ගිහින් බලපන් කියලා මමත් ගියා..දැක්ක දේ ‍දැක්කම ඒ මොකක්ද කියලා හිතා ගන්නත් මට ටික වෙලාවක් ගියා....! එතන තිබ්බේ ඊට කලින් මම දැකලා නොතිබුනු අමුතුම ලෝකයක් fourm එකක්! ඒකේ නම ඇහුවම නම් ‍පොඩ්ඩක් හිනා යනවා මුලින්ම පස්සේ හිතෙනවා ඒ නම ගැලපෙනවා කියලා....කොහොම හරි සිංදුව බාගත කරන්න මට ඒකේ සාමාඡිකත්වය ගන්න ඕනි උනා..මේ හදිස්සියේ නමක් මතක් උනෙත් නෑ. ඒ දවස් වල චැට් එකේ අහන හැමෝටම මම කිව්වේ නම ලක්මාලි කියලා සමහර මොලේ උණ රෝගයෙන් පෙළුන අයට විද්‍යුත් ලිපිනය ඕනිමයි කියන නිසා එහෙම අයට දෙන්න මං ලග වෙනම ලිපිනයක් තිබ්බා. මලී සහ තවත අකුරු ටිකක් දාලයි ඒක හදලා තිබ්බේ...අර මම සිංදුව ගන්න ගිය තැන ගැනත් මම මොකුත් දැනගෙන හිටියේ නැති හින්දා ඒ‍කටත් පරණ කතන්දරේම දැම්මා....දාලා සිංදුව බාගත වෙනකම් පොඩ්ඩක් වටේ පිටේ ගිහින් බැලුවා...! අප්පේ නොතිබුනු දෙයක් නෑ...සිංදු ...විහිලු....ප්‍රවෘත්ති...කාටුන්...පිංතුර...කවි....හැම දේම වගේ තිබුනා ඊ‍ටත් වඩා සහෝදරත්වය මිත්‍රතවය තිබුනා...හොද සංවාද තිබ්බා.....බලන් ඉන්න බැරි කමට මගේ අතින් පෝස්ට් එක දෙකක් වැටුනා ... කට්ටිය මගේ නම කියව ගන්න බැරිව මට Bro කිව්වා...කොහොම හරි සිංදුව අරන් මාරු වෙන්නේ නැතිව මාවත් අර ගොල්ලෝ එක්ක රැදුනා පහුවෙනිදා උදේමත් ඒ අඩවියට ගියා කලින් දවසට වඩා අළුත් දේවල් තිබුනා එකිනෙකාට උදව් කරගන්නවා මම දැක්කා හැමෝ ලගම පවුලක සාමාඡිකයෝ කියන හැගීම තිබ්බා ඔය විදියට තමයි මම Elakiri.com එකේ මලී බවට පත් උනේ එදා ඉදං අද වෙනකම්ම එළකිරි එක ඇතුලේ පුංචි ඉඩක් මටත් තියෙනවා ඒත් පොඩි දුකකට තියෙන්නේ මම එනකොට හිටිය අය දැන් නෑ..ඒත් අළුත් අය එනවා මට මතක් වෙනවා මම ආසම වචන ටිකක් ආවොතින් යායුතුය නො‍ගොසින් යළි එන්නට බැරිය! out out brief candle! Life's but a walking shadow. a poor player That struts and and frets his hour upon the stage And then heard no more. - Macbeth (W.Shakespeare) ඒවගේ තමයි එළකිරි එකටත් කට්ටිය එනවා කතා කරනවා හිනා වෙනවා යනවා.....ඒ ‍වගේ ගොඩක් අය අතුරෙන් හැමදාටම මතක හිටින කට්ටියකුත් ඉන්නවා එළකිරි මතක්‍ වෙන හැම වෙලාවකම එයාලා මතක් වෙනවා / වෙයි.....Malkavi,Nuki,Alaya,Dj parker, Samiram,Diyathi, Brainy,Dasun,TCK,TDR, Kasun,Xpert, Boman, Sampath, Freednbeing,Ravi, Jayantha, Nash_node, CK, Pooh, Teenstar, Bill, Niki, Malinga,pata,Fazzal, KAZRO, Sugar girl,Ice, Sheni, Xpert, Paris, Blackrosess, Sihini, Icreations, Neon78, Emimaxy,Surabada,Shiwantha,tharinda,cj, kisha, hemal, milinda,Kanch, Araliya,.........etc. ඔන්න ඔය විදියට තමයි මලී බිහි උනේ....එළකිරි එ‍ක වෙනුවෙන් මම යමක් කලා නම් කරලා ඇත්තේ කවියක් දාපු එක තමයි ඒක උනේ නිකිණි හින්දා එයා තමයි ලස්සනට කවි ලිව්වේ....එයාගේ පෙලබවීම හින්දා තමයි මම කවියක් ලිව්වේ (o/l කලාට පස්සේ) නිකමට වගේ මේ තියෙන්නේ ඒක


ඔන්න ඔය විදියට පටන් ගැනුන මගේ ගම‍නේ මං අද වෙන‍කොට ඉන්නේ මෙතන...
මේ තියෙන්නේ මම අළුතින්ම ලියපු කවිය
වෙනසක් තියෙනවද? සමහර විට ඔබට පෙන්නේ නැතිව ඇති ඒත් මට දැනෙනවා...! මීට අවුරුදු එකහාමාරකට කලින් හිටිය මලී ගොඩක් වෙනස් වෙලා වගෙයි ....තාමත් පුරුදු මොන්ගල් ගතිය තියෙනවා තමයි ඒත් ඉස්සර වගේ ප්‍රශ්ණයක් එක පැත්තකින් බලලා කථා කරන්නේ නැතිව පොඩ්ඩක් විතර හිතන්න....සාම්ප්‍රධායික රටාවෙන් එළියට යන්න දැන් මම බය නෑ....ඔව් මට පුළුවන් කියලා මට දැනෙනවා...!ඒ හින්දම සමහරුන්ට මං දරදඩුයිලු...තවත් අයට පෙහෙළිකාවක්..!
කොහොම උනත් මේ දවස් වල මගේ වීරයා සේකර අදත් උන්දගේ පොත් 2ක් ගත්තා "මක් නිසාද යත්" හා "ව්‍යාංගා"....ඔය සේකර උණට වග කියන්න ඕන බෝමන් හා සම්පත් උන් දෙන්නා තමයි ලෙ‍ඩේ බෝ කලේ හික් හික්...ඒ ගැන මතුවට කියන්නම් දැනට නවතිමි මක් නිසාද යත් මට දැන් නිදිමතයි!

3 comments:

  1. කෝ මම නෑනේ! :D ඔහෑ ඔහෑ....

    මුලින් එළකිරි වෙබ් අඩවිය මගේ කැමතිම වෙබ් අඩයි 10යේ තිබ්බත් ඉතින් පොඩි කේස් එකක් නිසා අයින් කොරලා දැම්මා ඊයේ පෙරේදා. ඒත් ඉතින් දැන් ඉඳලා හිටලා රවුමක් දෙකක් ගහලා එනවා.

    මොනවා වුනත් බ්ලොග් සටහන නම් එළකිරි :D
    ජයවේවා!

    ReplyDelete
  2. @ haresh :-ඔයා දන්නේ නැතිවට 85%ක් කට්ටිය ඔයාව දන්නවනේ ඒ මදැයි
    @supun Sudaraka :-අනේ සමාවෙන්න අමතක කලා ‍නෙවෙයි...! සිංහල දිනයට ඔයා දුන්නු සහය මතකයි ..! සයිට් එකක ඉන්න එක අතුරෙ යනවා වගේ වැඩක් ...එතනින් එහාට මම කියන්න යන්නේ නෑ...!ස්තුතියි අදහස් වලට

    ReplyDelete
  3. hehe...malee diyunu wela ah;) apith ennamko blog paarakata passe:D

    parker

    ReplyDelete