Friday, January 17, 2014

ගම්මිරිස් මෝල





හුරේ... අද මට මේ අවුරුද්දේ පළවෙනි තෑග්ග හම්බඋනා.. ගම්මිරිස් මෝලක්! :D

සෑහෙන කාලෙක ඉඳන් මම මේක ලංකාව ඇතුලේ හෙව්වේ... ඔය රටපිට නාලිකා වල යන කෑම වැඩසටහන් ගැන කෙළ හලන මගේ හැම යාළුවෙක් ගෙන්ම අහලා අහලා උන් කිව්ව හැම තැන් වලින්ම භාගයකටත් වැඩි තැන් වලට ගිහින් මට මේක හොයාගන්න බැරි උනා..

මේ ලොකේ අස්සේ තියන හැම කුණු ගොඩක් ම තියෙන පිටකොටුවේ කඩ අස්සෙන්වත් මට හොයාගන්න බැරි උනා.. මගේ වෙලාවද නැත්තං වෙන කාගේ හරි වියදම් නැකත ඇවිල්ලා තිබ්බේ නැති නිසාද දන්නෙත් නෑ ඉතිං..

සිරාවටම මම උයන වැඩේට හෙන ආසයි... (ගොඩක් වෙලාවට) අම්මත් එක්ක තනියම ගෙදර හැඳුන එකයි ඉස්සරම ටීවී වල ශාන්තා මායාදුන්නේ ඇන්ටිලා එහෙම සෑහෙන්න ඒකට වග කියන්න ඕනි.. අර එයාලා වෙන වෙනම පීරිසි වලට මිරිස් කුඩු ටික පවා වෙන් කරලා හෙන ඇඩ් එක දාලා උයන දේවල් දිහා බලන් ටීවී එක ඉස්සරහා ඉදන් හිතිං  ඒවා හදපු කාලේ ඉදන් අම්මා එක්ක ගල් වංගෙඩියේ සම්බල් කොටලා බිත්තර තම්මබං එහෙම නැත්තං පරිප්පු හොඳියි බුස්ල් අයි කාපු දවල් වල ඉදන් කොටින්ම මට මතක අතීතෙටත් කලින් ඉදං මම උයන වැඩේට ආසයි..

“මෙයා මෙහෙට එනකොට බත් උයන්නවත් දන්නේ නෑ“ කියලා තාත්තා අම්මට දාන නක්කලේ මට කවදා හරි නොවෙන්න වෙන්නත් පුළුවන්...

ඊට පස්සේ පීයෝ ටීවී එකට පිං සිද්ධ වෙන්න ඔය ලෙඩේ හෙනම ඉහට ගැහුවා.. ඒක ඇත්තටම බෝ වෙන ලෙඩක්!

හැඳුවේ නැතත් ඒ දේවල් හදන විදිය.. පාවිච්චි වෙන ටෙක්නික්ස්.. ප්‍රසන්ට් කරන සිම්පල් විදි හැම එකක් අස්සෙම තියෙන මොකක්දේ එහෙකට මම හෙන ආසයි.. නයිජෙලා ලෝසන් එක්ක ජෙමී ඔලිවර් තමයි මගේ මෝස්ට් ෆේවරිට් ජෝඩුව.. ජෙමි අයියාගේ හිනාව විතරක් ඇති බඩ පිරෙන්න!!!!

හැබැටම ගත්තම මම කුකින් ශෝ කරන පිටරට හැම මිනිහටම ආසයි වගේ.. නම් ලැයිස්තු මෙතන පල කරලා නිකං ලෙඩ දාගන්නේ මොකටද...

ඔය මොන කයිකතන්ද කිව්වත් වැඩක් නෑ හැමදාම කන්නේ එකම මෙනු එකනම්!!!
කාන්ට් හෙල්ප් !! අපි ඉන්නේ ලංකාවෙනේ!
රයිස් කියන දේ නැතුව වැඩේ ගොඩ දා ගන්න හෙනම අමාරුයි.. (අපේ තාත්තා අය වගේ එක්ක විශේෂයෙන්.. එක්කෝ බත් නැත්ං චා පා ති!!!!! )

ආයේ මුළටම ගියොත් අර ගම්මිරිස් මොල මට හෙනම වැදගත් වෙන්නේ හැම බත් වෙලකටම සලාදයක් තියෙනවා නම් මං හෙනම ආස හින්දයි.. සලාද විතරක් නෙවෙයි ගම්මිරිස් එන කොයි කෑමටත් එවලේ කොටපු ගම්මිරිස් දාන එක තමයි මම හැමවෙලේම අනුමත කරන්නේ.. මොකද එවලේ කෙටුන ගම්මිරිස් ඇටේක අමුතුම ටේස්ට් එකක් තියෙනවා මට..

මේ තාක් කල් ඉතිං මම කරන්නේ කෑම හදන හැම වෙලේම පොඩි වංගෙඩියට ගම්මිරිස් දාලා කොටන එක.. සහයට ඩැනී ඉන්න දවස් වලට ඒක එයාගේ ජොබ් එක! ඉතිං හැමදේටම ඊසී ක්‍රම හොයන මගේ සහයට ඩැනීගෙන් මට හම්බඋන තෑග්ග තමයි ගම්මිරිස් මෝල

මමත් දැන සෙලිබ්‍රෙටී චෙෆ් කෙනෙක් වෙන්න හෙන ළඟයි වගේ..

මට කලින් වෙච්ච ලෝකේ ඉන්න අනිත් අය ගැන දැන ගන්න ඕනි නම් යන්න මෙතනට 

මං ඉස්සර හදපු කෑම වලට කෙල ගිලින්න මෙතනින්  මෙතනින් මෙතනින් මෙතනින් 


ඔලිවර් අයියා....! 

Thursday, January 16, 2014

I feel ALIVE




wwhohoooo....!!

I feel so lively after loooong time.! hell yeah I mean it! Even though still i am in medication, after having endless sleeping period I feel healthy and fit again!

So to celebrate my recovery ammi decided to have string hoppers for diner!

Bang!

Our beloved string hopper akka also not well.. So amma wanted to cook rice n curry instead of something else!

Why not some HOME MADE FRIED RICE! yipeyipiyeeei! ( its was my idea)

I know cooking can fix my all worries! I am an anytime happy time home chef!

Managed to find some basmati rice and some carrots beans and soup cubes along with Vegitable ghee and butter I made it! and my most favorite hot chicken curry.! It was fast and quick dinner preparation but still worth it! All three of us are now having problem in FULL BANDIES :P

Well.... to be honest!

during past days I had mind game! It is not an easy task to go through it!

I had a fight with my "inner mind" and my "world see your face" mind!
I had a fight with "who I really wanna be" and "who I am now" mind!
I had a fight with "a girl who lived two three years ago who lived VERY happily and thought VERY freely about everything; who cold almost adjust to everything" and "traditionally married Sri Lankan woman."

Believe me its so hard!!! Its the most difficult situation u ever face!

For the first time in our entire life I did not talk with my husband for at least six days!
(more periods will come in future too... who knows? :P)
Buhahahahaahaaaaa!!!

Sometimes i was too much rude for my fellow junior staff !! I should have think that they are just little girls who just started their carrier... It will take little time for them to feel the weight of a responsibility of a Job!

I forgot it! I forgot how I was... I missed all my friends just because of my carelessness...

Where are those small get to gathers.. gone?
Where are those all late night chatty friend gone??

What the hell am I doing???
my studies? my art works? my small collections? WHERE ARE THEY?

I know I KNOW! I am not LATE to TURN BACK !

MALEE....!!!
My beloved online NAME yeah ! SHE IS STILL ALIVE !!!

I FEEL ALIVE!


PS: Anyone around my home area....!
Welcome for left over fried rice and chicken curry!!!
Oh I miss my camera! ADO i want it back ASAP!!!

PPS: Oomg its my second post for the day and its in some other language... am I getting mad or what???? LOLlllZZZZZZZZZZZZZZZZZzzzzzzzzzzz

නින්ද ඇති දිනේ...



නින්ද කියන්නේ ජිවත් වෙන හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක් උනාට අපේ එක එක කාලවදි අපි ඒක ලබා ගන්න විදිය වෙනස්.. මම කියන්නේ කාල වෙලාවන් ගැන..

මට මතකයි ඉස්සර මම උදේ හයට නැඟිට්ටා.. රෑ එක දෙක තුන වෙනකම් ඇහරගෙන ඉදලා ආයෙත් පහුවදා උදේ හය වෙනකොට නැඟිටින කාලයක් තිබ්බා..

ඊට පස්සේ රෑ දොලහට විතර නිදාගෙන පාන්දර පහට නැඟිට්ටා..

නයිට් ඩියුටි කරපු කාල වල දවල් දවසම නිදා ගත්තා..

අම්මලා ගෙදර නැති දවස් වලටත් එමමයි..

දැන් මම ගොඩක් දවස් වලට නැඟිටින්නේ පාන්දර හතරහාමාරට.. ඒක ලේසි වැඩක් නෙවෙයි.. එලාර්ම් ම තුනක් තියන්නම ඕනි.. හතරට හතරයි කාලට.. හතරහාමාරට.. ඔය අතරමැද නින්ද අනිවර්යමයි!!! තව ට්‍රැෆික් අඩු වෙයි කියලා හිතෙන සෙනසුරාදා ඉරිදා දවස් වලට විනාඩි පහේ ඉඳන් විනාඩි 15 දක්වා එනර්ජි නින්දක් ගන්න පුළුවන්.. අනිත් දවස් වලට වොශ්රූම් නින්ද තමයි හරියන්නේ..

වොශ්රූම්!

කවුරු උනත් ඒක මුලින්ම හදපු මනුස්සයා දෙවියෙක්ම වෙන්නට ඕනි!

ගොඩක් නිදිමත දවස් වලට විනාඩි දෙක තුනක නින්දක් වොශ්රූම් එක අස්සේ ගන්න පුළුවන්.. පරක්කු නම් කොණ්ඩේ පීරන වැඩක් වොශ්රූම් එකේම කරගන්න පුළුවන්.. ඒ නිසා මගේ කාමරේට වඩා පිරිසිදුවට වොශ්රූම් එක තියාගන්න මම හැමවෙලේම උන්නදුයි.

මම කතා කලේ නින්ද ගැනනේ..

දැන් ඇත්තටම කාලෙකින් හිතේ හැටියට නිදාගන්න ලැබුනෙ නෑ.. කවුරු මොනවා කිව්වත් දවස් ගණන් නින්ද අපේ ජිවිතවලට අත්‍යවශ්‍යයයි කියලා හිතන මනුස්සයෙක් මම.. ඒක අපේ සිරුර යතා තත්වයන් වලට විදියට හදන සල්ලි නොයන බෙහෙතක්!
හැමෝටම ඒ වාසනාව නෑ..

කොටින්ම මට පහුගිය ටිකේ තිබුනෙත් නෑ..

නිවාඩු නෑ.. එක්කෝ නිවාඩු දවසටත් ගෙදර හෝවට වැඩ..

ඒකට උත්තරේ මගේ ඇඟෙන්ම හදාගෙන

හෙම්බිරිශ්ශාවක් එක්ක උණක්..

කොහොමටත් ගොඩක් වෙලාවට හැදෙන දරුණුම අශනීපේ තමයි හෙම්බිරිශ්ශාව!

13 රෑ පාන්දර 2.30ට ඇහැරුනේ උඟුරේ අමාරුවක් එක්ක උණක් දැණුන නිසා හීනෙන්ම පැනඩෝල් දෙකක් බීලා දෝ ගත්තා.. 14 උදේම නැඟිටලා වැඩට ගිහිං පැයක් ගියේ නෑ මට දැනුනා මම හොඳටම අශනීපයි කියලා අත ලඟ දොස්තර ඉන්දැද්දි ආයේ මොනා හිතන්නද බෙහෙයි ගත්තා.. පබ්ලික් හොලිඩේ නිසා දාලා එන්නත් බෑ ස්ටාෆ් නැති නිසා.. බැරි බැරි ගානේ වැඩ ටික කරලා රෑ 9ට විතර ගෙදර ඇවිත් දෝ ගත්තා.. මුළු රෑම.. ඊයේ පෝය නේ ගෙදරත් මම විතරයි හිටියේ දවල් දවසම යකා ගහලා වගේ දොයි..
රෑ අම්මාගේ ඉල්ලීම පිට බෙහෙයි ගන්න ගියත් දොස්තර අංකල් නිවාඩු.. පැනඩෝල් වෙනුවට පැනඩීන් රිපේලේස් කරලා ආයේ රෑ එළි වෙනකල් දොයි..

අද උදේ නැඟිටිද්දිම මට දැනුනා..
දැන් මට හොඳයි!!!!
ඒ උනාට හිත හිත ඉන්නේ නැතුව දැම්මා නිවාඩුවක්!
අද මම ගෙදර.. බැලිනම් අද දානේ දවසක් උදේ වරුවේ එකට උදව් පදව් කලා.. ආයේ නිදාගන්න පුළුවන් වගේ දැනිලා ඇඳට ගියාම බ්ලොග් එක එක්කහ නින්ද මතක් උනා.
මම දන්න කෙනෙක් ඉන්නවා ඉස්සර නොපේ දාගෙන සති ගණන් ශීත නින්ද්‍රාවේ උන්නු.
ඔෆිස් එකෙන් හොයන්න ආවත් වැඩට නොගියපු.. අනේ පව් දැන් එයා වීක්එන්ඩ් එකටත් වැඩ!

හිනා උනාට ඇත්තට නින්ද කියන දේ කොයි තරම් වැදගත් ද?
අපි අපේ දාහක් වැඩකට නැති එක්ස්කියුස් කරගෙන අපිට අවශ්‍යම දේවල් කොයි තරම් පැත්තකට කරලද?

පව් අප්පා අපි!



පිංතූරේ ජාලයෙන්. 

Sunday, January 12, 2014

මේ දවස් වල පොත්





එක එක දේවල් අස්සේ එහේ මෙහේ නතර වෙවී යන ජිවිතේ ආයෙමත් හුඟක් පරණ පුරුද්දක් එක්ක නතර වෙලා.. ආයෙමත් මම පොත් කියවන්න පටන් අරගෙන.. ආයෙමත් කිව්වට මම කවදාවත් කියවන එක නතර කරලා තිබේබේ නෑ මම හිතන්නේ.. කවදා බැළුවත් බාගෙට කියවපු පොතක් මම ඉන්න කිට්ටුවෙන් කාමරේ අස්සේ කොහේ හරි තිබුනා..

ඔය කියවන පොත් වලින් 95%ක් ම සිංහල පරිවර්තන.. මොන හේතුවක් හින්දද මන්දා ඒ පොත් කිවන්න පුරුදු වෙලා.. කාලයක්ම මම ලංකාවේ අය ලියන ස්වතන්ත්‍ර පොත් අරගන්න එක කොහෙත්ම කලේ නෑ.. ඒ උනාට මේ පහුගිය ටිකේ මට තෑගි ලැබුන පොතයි මම ගත්ත පොතයි දෙකම ලංකාවේ අයම ලියපු පොත්.. ඒ දෙකම කියවලා ඉවර වෙද්දි මට ආයෙමත් පොත් ගන්න එක එපා උනා.. 

මුලින්ම තෑගි ලැබුනේ සැමීගේ කතාව කිසිම හේතුවක් නැතුව ඇත්තට ම ඒක මට අරන් දුන්නේ ඇයි දන්නේ නැහැ.. හැබැයි ඒක ඇත්තට ගත්තොත් පරිවර්තනයක්.. ඒක කොයි විඳියට ෆිල්ම් එකක් කරාද නොදන්න මට හිතෙන විදියට හිතෙන් හොඳට මවන්න පුළුවන් කතාවක්.. 

ඊළඟට ලැබුනේ මේ සොඳුරු දඩබිමෙහි ඒක නම් අපි දෙන්නම එකතු වෙලා රුපියල් 500ක් ඇතුලේ පොතක් තෝරමු කියලා කොටුවේ ගුණසේන එකෙන් ගත්තේ බොහොම හදිස්සියෙන්.. මංජුල වෙඩිවර්ධන පසු සටහන ලියලා තිබ්බ හින්දා මම නම් හිතුවේ හෙනම සිරා කතාවක් වෙයි කියලා.. මගේ විඳිමේ අවුලක් ඇති කියලා මට තේරුනේ පොත කියවගෙන යද්දියි.. එක්කේ මම සිංහල පොත්.. ටෙලිනාට්‍ය බලලා වැඩියි.. මොකද කතාවේ බොහොම ටිකක් යද්දිම වෙන්නේ මේකයි කියලා හිතාගන්න පුළුවන් ඒක ලියපු කෙනා අයිසිං දාලා දෙන විදිය විතරමයි වෙනස් උනේ... 

ඊට පස්සේ මමම ගිහිං අරගත්තා බොරැල්ලේ සදීපා එකේ තට්ටු නැගලා නැගලා කීර්ති වැලිසර ගේ කාලසර්ප. මගේ හඳහන වතාවක් බලපු කෙනෙකුත් ඔය වචනේ කියනවා මටම ඇහිලා තියෙන නිසා අඩුම තරමේ ඒ ගැන වත් ඇති කියලා හිතාගෙන පොත ගත්තා.. ඇත්තටම 2013 සම්මානෙකුත් ලැබිලා තිබ්බ හින්දා බය නැතුව අරං කියෙව්වා... 

ආයෙමත් අර මගේ අවුල මගේ ඔළුවට ගැහුවා..
ආයේ මළත් සිංහල නවකතාවක් නම් ගන්නෙම නෑ කියලා හිතුවා පොතේ භාගයක් කියවද්දිම.. 
නෑ.. නෑ... 
මම කියන්නේ නෑ කතාව හෙනම චොර කියලා එහෙම නෙවෙයි.. 

ඒ උනාට ඒ කතා අස්සේ තියෙන සීඩ් හැම වෙලාවෙම එකයි.. පිටු ගාණ වැඩි කරලා එක එක ෆ්ලේවර් වල අයිසිං දාලා.. එක එක ඩෙකරේෂන්ස් දාලා දුන්නට අන්තිමටම ඉතුරු වෙන්නේ දන්න කියන දෙයක් විතරයි.. 

මම හරි ආසයි සියක් වසක හුදකලාව.. කිඳුරු අරණ.. එහෙම නැත්තං කැල්විනෝ හරි අයියන්දෙගේ හරි පොත් කියවද්දි මට වෙන්න තියෙන මහන්සියට.. නිකං වචන විතරක් නෙවෙයි.. ඉමැජිනරි ෆිල්ම් එකක්ම අපිට දෙනවා පොතත්  එක්කම.. ඒ ෆිල්ම් එක හිතෙන් හදාගත්තේ නැත්තං පොත කියවලා ඉවරයි.. ආ මෙහෙම වෙයි කියලා අපි හිතත්දිම ඊළග පිටුවෙන් අපිව කණපිට හරවනවා.. හුටස්!! 

මම බලාපොරොත්තු වෙන පොත් ඒ වගෙයි..

ඔය වගේ මෙලෝ රහක් නැති මූඩ් එකක ඉන්දැද්දි තමයි ඔෆිස් එකේ නංගි කෙනෙක් සෙන්කොට්ටන් ං ගෙනැල්ලා අතටම දුන්නේ.. එහෙන් මෙහෙන් ඒ ගැන හොඳ අහලා තිබුනට එක සැරේ ම අරගෙන කියවන්න හිතුනෙත් නෑ.. ඒ උනාට නිකං ලැබුන අස්සයාගේ දත් බලන්නේ මොකටද හිතලා අරන් කියෙව්වා.. 

සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම! 
පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ.. 
හැබැයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආයෙමත් මොනා හරි දෙයක් ලියලා දානවට වඩා යමක් ගැන ලියා පල කිරීම ගැන මට සතුටු හිතුනා.. 

ආයෙමත් වතාවක් සිංහල නවකතාවක් සල්ලි දීලා ගන්න මම හිත හදාගත්තා.. ඒ සෙන්කොට්ටං..! 
.... කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි
මට නං හිතෙන්නේ



උඩ තියෙන පිංතූර සේරම ගුගල් අරන් දීපුවා හොදේ!