Saturday, August 30, 2008

ආදරණීය සතියක්

හරියටම දවස් 6කට පස්සේ මම මගේම පරිගණකය ඉස්සරහා ඉදගෙන බ්ලෝග් ස‍ටහනක් ලියනවා....තප්පරයකටත් වඩා ඉක්මනින් පසුගිය සතිය ගෙවිලා ගියා ‍වගේ දැනෙනවා.....ගිය ඉරිදා හරියටම 9.30ට නංගියි මල්ලි කොටුවේ දුම්රිය පොළේදි මුණ ගැහුණු වෙළාවට පස්සේ අද තමයි කන් දෙක කිසිම සද්ද බද්දයක් නැතුව විවේකයක් ගන්නේ...කවදාවත් වෙලාවට වැඩ නැති අපේ රටේ දුම්රිය ගිය ඉරිදා වෙලාවටත් කලින් වැඩ ඉවර කරලා මම දුම්රියපොළට යන්න හිටියේ 9.15ට උනාට දුම්රිය 9.05 ආවා කියලා නංගිගේ කොල් එක එද්දි මම හිටියේ බම්බලපිටියේ...කොහේවත් යන්න එපා ඔතනම ඉන්න කියලා මම බස් එකෙන් බැහැලා ස්ටේෂන් එකට යද්දි මුන් දෙන්නා ඉන්නවා කිව්ව තැන ‍නෑ.....දෙපාරක් කොල් කලා ඒක‍ට ආන්සර් කරන්නෙත් නෑ...හීං දාඩිය එන්න කලින් අම්මේ මෙන්න මුන් කොල් කරලා අහපි අක්කා ඔයා මෙච්චර ඉක්මනට ආවාද අපි මේ ඔයා එනකන් ‍ෂොපින් කරනවා- ඔයා ඔතනම ‍ඉන්න අපි මේ එනවා කියලා....මෙන්න හරියටම 9.30 ට මුන් දෙන්නා පාර පැනලා ආවා....අපෝ පාර මැද්දේ වලක් හාරන් වැලලෙන්න හිතුනේ මල්ලි මුලින්ම ඇහුව වචන ටිකට....."මොනා කරලද අනේ ඔයා ඔච්චර මිටි උනේ" හයියෝ උන් දෙන්නම පොල් ගස් කරටි දෙක වගේ උස ගිහින් පුවක් ගස් දෙක වගේ කෙට්ටු වෙලා හයියෝ...!‍එක තැනක ඉන්න කිව්වම ‍තොපි දෙන්නා කොහෙද ගියේ ආ..? "අනේ අක්කා ගේනවා කිව්ව movies ගේන්න බැරි උනා ඉතිං අපි ඔයාට බලන්න films හොයන්න ගියා...station එක ඉස්සරහා මල්ලි කරට අතදාගෙන කියෝනවා- යන එන මිනිස්සු විකාර 3ක් දිහා බලනවා වගේ බල බල යනවා ඇස් කො‍නට පේනවා...හරි හරි ගෙදර ගිහින් කතා කරමු කියලා යන්න හැරුණම මෙන්න මල්ලි කියපි ‍එයාට ‍සෙරෙප්පු ගන්න ඕනි කියලා....කො‍ටුවෙන්ම ගන්න ඕනිලු...අනේ ඉතිං එක්ක ගියා කඩ දෙකකට අන්තිම කඩේ ‍රාක්ක 4ක තිබ්බ ‍හැම එකක්ම ‍එකින් එක නංගි මමයි මුට ගන්න කියනවා...මේකා ගැණු තෝරනවා වගේ ‍මොනා හරි ඇදයක් කියනවා....හයිය නැහැලු...අඩිය හොද නැහැලු...වලියක් වෙලාවට ගහන්න පුළුවන් වෙන්න ඔනිලු වැහිලා තියෙන්න ඔනිලු...ඇරිලා තියෙන්න ඕනිලු එක විකාරයයි...!කොහොම හරි එකක් බලෙන් වගේ ගන්න කියලා ඒක අරන් එළියට එද්දි අපි ඒ කඩේ ඇතුලේ හරියටම පැය බාගයක් ඉදලා...අයේ නම් පිරිමින්ට සෙරෙප්පු තෝරන්න කඩවලට නම් යන්නේ නෑ....!!!!!!!!! ඊට පස්සේ දෙයියනේ කියලා ගෙදර ආවා. එයින් පස්සේ තමයි චිත්‍රපට දර්ශණ වාර ඇරඹුනේ...The Forbidden Kindom...Rambo iv,10000BC ,The Warlords, National treasure, The Golden Compas, Om Shanthi Om, Dilka Rishtha, Kal Ho Na Ho, Krissh, ABA - අබා බැලු‍වේ නම් ෆිල්ම් හෝල් එකකට ගිහින්...කාලෙකට පස්සේ නෙවෙයි මං හිතන්නේ මම මගේ ඡිවිත කාලේදි බලපු ලස්සනම සිංහල චිත්‍රප‍ටය....ෆිල්ම් හොල් එකක බලපු චිත්‍රපට විදියට මගේ මතකයේ තියෙන්නේ හොදම චිත්‍රපට 5ක් විතරයි සෙන්දුරදේවි, හදයා, මධුමතී, පුරහද කළුවර, අබා...ඒවායින් 3ක්ම බැළුවා කියලා විතරයි මතක අම්මලා එක්ක...පුරහද කළුවර නම් ඉස්කෝලෙන් එක්ක ගියා....අබා....රගපෑම්..සංගිතය...කථාව මාව උපරිම රසාස්වාදයකට රැගෙන ගියා....මුලින්ම මම බයේ ගියේ ආගමික කථා ගැන කියවලා තිබ්බ නිසා මට නියම වින්දනයක් ගන්න බැරිවෙයි කියලා ඒත් එහෙම උනේ නෑ... බොහෝම සාමාන්‍ය රසිකයෙක් විදියට උපරිමව රසවිදින්න මට පුළුවන් උනා...ඒ රසයත් එක්ක ඇති වෙච්ච උමතුව කොයි තරම්ද කියනවා නම් ඒක ඉවර උනේ මව් බිමේ උරුමය වෙනුවෙන් කැපවෙන දර්ශනය ගෙදර රගපාන්න ගිහින් ‍පුටුවකුත් කඩාගෙන බිම වැටිලා හික් හික්....!!!!මං තරමටම අම්මා නංගි මල්ලිත් ඒ වින්දනය ලබපු බව එයාල‍ගේ කථාවලින් තේරුණා...හබරා,චිත්‍රරාඡ,අබා, තව සැහෙන්න කාලයක් මාව ඒ මතකයේ ඒ වින්දනයේ ඇද බැද තබා ගනීවී.....ඒ තරමටම om shanthi om සංගීතයත් මාව තව ‍‍‍බොහෝ දවසක් මත් කරලා තියාවී....!ඒ අතර නංගිගේ යාළුවෙක් ගැන ‍පොඩ්‍ඩක් සොදිසි කරන්න ගිහින් මගේ යාළුවෝ ලිස්ට් එකට අළුතින් එකතු උන යාළුවා ගැනත් පොඩ්ඩක් ලියන ‍එක හොදයි වගේ...වාද කරන්න කලින් වාදේට එන අනිත් කෙනා කව්ද කොයි වගේ කෙනෙක්ද කියලා හොයලා ඉන්න කියලා එයා මට ඉගැන්නුවා...මේකයි උනේ මේ මනුස්සයා හිංදි හා සිංහල චිත්‍රපට වල හදිස්සියේ එකපාරටම සිංදු එන එක ගැන අකමැත්තෙන් කථා කලේ මම ඉතිං වැඩිය හිතන්නේ නැතුව ඇහුවා මොනාද ‍හොලිවුඩ්වල තියෙන්නේ carboard heros ,half naked chiks and animations only නේ කියලා....මේකා අහපි ඔයා බලලා තියෙනවාද කියලා ලිස්ට් එකක් කියාගෙන ගියේ නැතැයි....උත්තරේ ඉතිං නෑ තමයි.....ඒකනේ බොරුවට රණ්ඩු කරන්නේ නැතිව ‍මේ ටික බලලා ඉන්න කියලා ෆිල්ම් 3ක් කිව්වා August Rush, Hitch, The persit of Happyness net එකේ හොයලා බැළුවමයි මට‍ත් කරගත්තු මෝඩකම තේරුනේ...එහෙමම ශිවා ට පණිවිඩේ තිබ්බා කොයි ලෝකෙන් හරි ඒවා හොයලා දෙන්න කියලා ඌ හා කිව්වා...අර ළමයා ආයෙත් කිව්වේ නැතැයි ‍ඔය ටික බලලා ඉන්න ඊ‍ට පස්සේ තව ‍නම් කියන්නම් කියලා...හපෝ මේ යන විදියට මට වෙන මොකුත් නොකර ෆිල්ම් බලන්න වෙයි වගේ....!



Yahoo වලට පිං සිද්ධ වෙන්න මධුවත් එයාගේ busy schedule එකෙන් ගලවලා අරන් විනාඩි 20ක‍ට විතර සෙ‍ට් කරගන්න අපිට පුළුවන් උනා

පොඩියට හිටිය ළමයි කොයි තරම් ලොකු වෙලාද කියලා හිතුනේ නංගියායි මල්ලියයි දිහා බලන් ඉන්නකොට....ඉස්සර නංගි කණට ඇහෙන්න කථා කරන්නේ නෑ...දැන් ලස්සන වෙලා ඒ තරමටම කෙල්ල හොද වෙලා....කථා කරනකොට හිතෙනවා මේකිත් මං වගේම නේ කියලා....අනේ මන්දා ‍අදහස් මං වගේ මයි...! කට! අම්මෝ ඒක මට වඩා fast ! hik hik~

මල්ලී....! ඇත්තටම මම හිත හිත හිටියේ මේකා කවදා හරි කසාදයක් බදින්නේ වත් කොහොමද කියලා..කොටින්ම ‍ගෑණු ළමයෙක්ට විහිළු කරන්න තියා මූණක් බලන්නේ වත් නෑ...පොතක් පෙරලගෙන පැත්තකට වෙලා නොකා නොබී හරි ඒක කියවනවා හරි ‍film එකක් බලන එක හරි chess board එක දිහා බලාගෙන අනිමිස ලෝචන කරන මල්ලියෙක් මිස එතනින් එහා ලෝකේ පෙරළුනත් හොයන්නේ නැති මල්ලි කෙනෙක් එයා! මේ පහුගිය දවසක මම ‍මොනා හරි කර කර ඉන්න තැනට ඇවිත් අක්කා පොඩි advice එකක් ඕනි කියලා ලගට ඇවිත් වාඩි උනා...මමත් ඉතිං කොල්ලා දිහා බැලුවා...එකා ඔළුවත් බිමට බරකරගෙන කල්පනාවක මො‍කෝ මල්ලියා කියලා ඇහුවම කියපි u know akka there ws sum1 special for me! was or is ? හරි හරි is තමා කියලා ‍මෙකා මොනවාදෝ කියාගෙන ගියා.....මමත් මොනා මොනා මොනා හරි කිව්වා ‍ඒ වෙලාවේ කොල්ලා සතුටු වෙන විදියේ...ඒත් මට මතක නෑ...මොකද මම හිටියේ අදහගන්න බැරි තත්වෙක....තාමත් මට හිතා ගන්න බෑ...මම ඒ වෙලාවේ එයාට බනින්නේ නැතුව හිටිය එක හරිද කියලා...ඒත් ඇයි මම බනින්නේ එයා මෝඩයෙක් නෙවෙයි...ඒත් එයාට දැන්ම ඒ වගේ දෙයක් ඕනිද?තාම එයා o/l නේ තාම පොඩියිනේ....මම මේ මොහොතෙත් ඉන්නේ විසංවාදෙක...මට හිතාගන්න බෑ...‍පුංචි ළමයි මෙච්චර ලොකු උනේ කොහොමද කියලා...!

ඔය වගේ එකී මෙකී ‍නොකී ගොඩක් දේවල් අතර පහුගිය සතිය ගෙවිලා ගියා දවස් 2ක් ම නිවාඩු ගන්න පුළුවන් උනු නිසා තවත් හොදයි....ඊයේ යන්න හිටිය දෙන්නව අද තමයි යැව්වේ...!යවන්න ලෝබයි මට වගේම අම්මටයි තාත්තටයිත් එයාලා යන එක ගැන දුකයි පෙරේදා අම්මා ඉදන් මට කියනවා ඇති යන්තම් මෙයා හිනා වෙන සද්දේ ගෙදර ඇහෙනවා කියලා ඇයි එහෙම කියන්නේ මම වෙනදටත් අම්මා එක්ක හිනා වෙනවානේ....ඒත් අම්මා කියන දේත් ඇත්ත වෙනදට අපි ඉන්නේ අපේ ලෝක වල තාත්තායි අම්මයි ටීවී එක ලග මම එක්කේ පොතක් නැත්නම් මැහුමක් නැත්නම් කොම්පියුටරේ ඉස්සරහා....වෙන මොනා කරන්නද? දැන් අපි ආයෙත් අපේ පුරුදු ඡිවිතේට හුරු වෙනවා...සතියක් මල්ලි‍ගේ ප්‍රයෝඡනයට දීලා තිබ්බ මගේ කාමරේට මම අද ආයෙත් ආවා...අපෝ කොල්ලෝ...පොත් රාක්ක ඇදලා සීඩී හැමතැනම...ඇදේ රෙද්ද බිම..ඔක්කොම අස්පස් කරලා ආයේ මගේ කාමරේ මගේ විදියට පිලිවෙල කරගත්තා...අනේ ඒත් ආයෙමත් මගේ පුංචි කාමරේ පුංචි ඇදේ මමයි..බිත්තියේ ඉන්න හුනයි..රෑට එන කණාමැදිරියයි එක්ක මම තනි වෙනවා.....ආයෙත් නදීකගේ...මිල්ටන්ගේ අනුමලික් ගේ සිංදු වලින් කාමරය පිරේවී...ඒත් නංගිගෙයි මගෙයි මල්ලිගෙයි කිචි කිචිය තව සෑහෙන්න කාලෙකින් නෑහේවී



ඇසින් දැකිය හැකි දේ සීමිතයි ඒත් මනසින් දැකිය හැකිදේ අසීමිතයි - අබා

Its said if you want something desperately whole world tries to have you achive that!

Like our films in our real life lives everything get better in the end,you know happys Endings ! and if things not get better...then thats not the end,! it means film is still remaining!!!! - Om Shanthi Om

5 comments:

  1. හප්පා..මමත් මැක්සා සතියක් ගතකලේ. මගෙත් නෑදෑ මල්ලි කෙනෙක් නිවාඩුවට ආවා. මමත් ඌ එක්ක ෆිල්ම්, ක්‍රිකට් මැච් බලමින් මාර සැහැල්ලුවෙන් මේ සතිය හිටියෙ.

    මල්ලි සිකුරාදා ගියා.පස්සෙ හදිසි තීරණයක් මත මමත් ඊයෙ උදේ වාද්දුව බලා ගුවන්ගත උනා(කොහෙද සරුංගල් ලුහුබදින්නව මුණගස්සන්න Contact number එකක්වත් තිබ්බෙ නැහැනේ මා ළඟ)
    පස්සෙ එහෙ අයියත් එක්ක දවසම හොදට සෙට් ‍වෙලා ඊයෙ රෑ එහෙ පන්සලකින් 75වන පාරටත් කරන දළදා පෙරහැරත් බලල,වැස්සටත් තෙමිල අද උදෙයි ගෙදර ආවෙ.නියම සතිය..

    ReplyDelete
  2. කට්ටටියටම මරුම ආතල් සතියක් ලැබිල වගේ..වැඩක් නෑ කියල කට්ටියක් ඉදල ඉදල ගියාම නම් ආයෙ වැඩක් නෑ...මාරම පාළුවක් දැනෙනව නේ..film festival එක නිමා වීම නව festival එකකට මුල පිරීමක් වගේ...ඔව් job එකෙන් අසවෙලා film බලන්න...එතකොට හරි..මේ අමතක උනා කියන්න වෙලාවක් තිබ්බ වෙලාවක සපත්තු හදන්නෙක් ගාවට ගිහින් අඩියට පත්තර පිටි වලින් අඩිය අඩිය අලව ගන්න කොට පෙනෙන එකක් නෑ එතකොට.ආ බො සහෝදරයත් හොද ආතල් එකක් අරගෙන වගේ...හොදා හොදා අනේ වාසනාවන් hikz hikz

    ReplyDelete
  3. පිටි පිටු ලෙස විය යුතුයි..

    ReplyDelete
  4. it should be

    "in pursuit of happYness"

    Note the "Y" there :-)

    ReplyDelete
  5. @ bo - අයයෝ මගේ මෝඩ කම අප්පා අදම දෙන්නම් මොබයිල් නම්බර් එක..!ආයේ ඒ පැත්තේ එනවානම් කියලා වර මම ම ඇවිත් හරි පොත අරන් යන්නම්

    @ sampa - ආයෙත් කියලා ‍ෆුල් ආතල් පීසී එකේ වයිරස් හික් හික් ! අපෝ මම එයාට පණ්ඩිත කථා කියන්න යන්නේ නෑ...දාහක් කයි කතන්දර අහගන්න වෙන්නේ

    @ hare - අපේ ඔව් තේ‍රීමේ නම් සීමාවක් නෑ..ලව් එක ගැනත් අනේ මන්දා මම තාම හිතාගන්න බැරුව ඉන්නේ මල්ලි එහෙම දෙයක් ඇත්තටම කිව්වද කියලත් !

    @Nash -THANX NASH I CORRECT IT

    ReplyDelete