Wednesday, August 20, 2008

මීදුම් සළු



ඇවිද යන්නෙමි මගක, මාවතක්මදැයි නොතේරේ...
එහෙත් පසුකර ආ ගමන් මග නිසාවෙන් දැනෙයි එය එක්තරා මගක් බව....
දෙනෙත් විවරව ඇතැයි සිතෙන මුත් ඒසේමදැයි නොතේරේ...
විවරව ඇති බව පමණක් දැනට උපකල්පනය කරමි.
සතර ඇත පැතිර ඇත දැඩි මීදුමක්- නොපෙනේ මටම මාගේ දෙපා මුලවත්...
වළාකුළක් තරමටම ඝණ මීදුමකි එය..පසුකර ආ මග පුරාවටම පැතිර තිබූ.
මොහොතකට හිස පමණක් හරවා බලන විට ආ මග යැයි සැක කලහැකි යමක් මා ගමන නිසාම ඇත් වූ මීදුම් පටලින් පෙනේ...

මැතකදී පසුකල දේ පැහැදිලිව පෙනෙද්දී බොහෝ කලට පෙර හැර දමා ආ දේ නැවතත් මීදුම විසින්ම සගවාලයි....
සෙමින් සෙමින් සෙමින්........... නොපෙනී යයි....සැගව යයි.....
ආමග දෙස බලන්නට හැරවු හිසම
නැවත හරවමි ඉදිරියට අංශක 180ක කෝණයක් තුල
පෙනෙයි නොපෙනෙයි
බොහෝ දේ...ගුප්ත මීදුම් සළුව ඉදිරිය වසාගෙන...
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පය ඔසවා තැබිය යුතුමය නොපෙනෙන මාවත දි‍ගේ......
පය තබන්නේ
කටු අකුලක්..වල ගොඩැල්ලක්...බාධකයක්‍‍....
මලක් ... තණපලසක්...හෝ සමහර විට වැටි මිය යා හැකි අගාධයකට විය හැක‍‍....
බියෙන් සැකයෙන් කුතුහලයෙන් හෝ විශ්වාසයෙන් තබමි පා පියවර....
පෙරමග මුණගැසෙන්නේ... ක්ෂමභුමියක්...නිරුදක කතරක් හො කිසිත් නැති තවත් තව තවත් ඉදිරියට යාමට ඇති මාවතක් පමණක්ම විය හැක....

දිශා මාපක..පහන් එළි කිසිත් නැත...
එහෙතේ සෙවනැලි දෙකක් මෙන් නැකත් තරු දෙකක් මෙන් බොද මීදුම තුල පවා තනියක් නොදැනෙන ආත්ම දෙකක් මාවටා ඇති බව දැනෙයි...පසුකර ආ මගදී පය පැකිලි වැටුන විට... පිපාසයෙන් වල්මත් වීමට යන විට...හැකි වැර යොදා මා ගමනට පෙලබවන බලවේගයකි එය...

එහෙත් දිනක...සෙවෙනැලි වියැකෙන බවත් .... තාරුකා ‍සැගෙවෙන බවත් දැනෙයි...දනිමි.... මා මෙන්ම, මා යන්නා සේම සියල්ලෝ තමන්ගේ මගක/ගමනක යන බව දනිමි...
ඇතැම් විට මීදුම දෙබෑ කර අප ගමන් ගන්නා මග දිගේ
දැත් අල්ලවා‍ගෙන අපි පැමිණියෙමු....යමින් සිටින්නෙමු....යාවී‍‍....
එහෙත් ‍මන්සන්දියක් හෝ එවැන්ක් අසලදී තෙත් වු හදවතින් අත් අත හැර දමා අපි වෙන්වුනෙමු...වෙන්වන්නෙමු....වෙන්වෙයි...
වෙන්වන මොහොතෙදි එකෙකු මල් මිටක්...තවකෙක් කටුඔටුන්නක්..තවත් අය තවත් දේ දැත් මත තබා වෙන් විය.....
නැවතත් ඇතැම් විට අප මුණගැසෙනු ඇත...අපි අපි ලෙසම හෝ මීට වෙනස් ලෙස...
ඇතැම් විට කිසිදිනෙක මුණ නොගැසෙනු ඇත‍...කාට නම් කිවහැකිද?
මේ මහා මීදුමෙන් එළිය දක්නා කෙනෙක් වෙද්ද?

එළිය සොයා හෝ නිමක් සොයා හෝ ‍පා පෙරට තබා යා යුතුම‍ය...
ගොඩවිය නො‍හැකි අගාධයකට වැටී ගෙලසිදෙන තුරු....
පෙනහළු සිදුරු වී හුස්ම නොවැටෙන තුරු හෝ...
ඔසවා ගත නොහැකි සේ දෙපාඔත්පල වෙන තුරු හෝ‍...
එකව ආ උන් සමුගන්න විට හදවත පසාරු වන සේ ගැසූ කිනිසි පහරින් හදවතේ අවසන් රුධිර බිදත් බිමට වැටී වියලී යන තුරුම හෝ....

මේ ඝණ මීදුම් පටල ඉරාදමමින් මා යායුතුය.....
කදුළු බිදු බේරේවි...සීනා මල් මුව පොපියාවි...හැගීම් විරහිත වේවි...
අසල තුරු මත මලින් බර දර්ශණ නරඹමින්...සකුණ ගී හඩ අසමින්...සුළ‍ගේ විලාපය...පිණි බිදු වල ‍වැල‍පීම්...ඇතැම් විට ගමන අතර මග අතහැර දැමූ උන්ගේ දිරාපත් වූ සිරුරු .... නරඹමින් මා යා යුතුය....කොහි ...කුමට දැයි නොදන්නවා මුත්....

මම යමි...මා සමග නුඹලාද යයි...නන්නාදුනන්නෝ යයි...
කෙලවරක් නැති ඡිවිත ගමනක‍‍‍........!

8 comments:

  1. @ හරේ . මම මීදු‍මෙන් අදහස් කලේ අනාගතය හා අතීත මතකයන්..කොච්චර තද හුල‍ං පාරක් ආවත් අපිට අනාගතය දකින්න බෑ නේද? කාලයත් එක්ක කොහොමත් මතකයන් අමතක වෙනවනේ නෙ?
    ----- අනේ ඉතිං පිංතුරේ නම් flicker එකෙන් ඉස්සුවේ

    ReplyDelete
  2. මට ඒ බව තේරුනා....ඒකයි මම අදහස් කරපු දේ ගැන කිව්වේ...

    ReplyDelete
  3. යමු යමු අන්තිම හුස්ම වැටෙන කන් යමු..තනියෙම හරි ජොඩු දාල හරි පොකුරු පිටින් හරි යමු...නමුත් හැම අඩියකට රැදුනු රැදෙන යන පා සටහන් හෘර්ද සාකෂිය‍ට සකග වෙන විදිය‍ට...එතකොට ඊලඟ අඩිය තියන්න මාර confidence ගතියක් දැනෙයි...නියමයි මලී...

    ReplyDelete
  4. painful
    awesome
    sad
    terrific

    fuzzy
    unseen
    tense
    unthinkable
    risky
    endless

    pliable
    reliable
    easy
    seen
    editable
    now
    touchable

    අනාගතය = අනා ගත හැකි
    අතීතය = ඈත ට යන තිත ක්
    වත්මන = ඔබ ට මවන්න දෙන මොහොතක්

    ;-)

    ReplyDelete
  5. සමහර පියසටහන් තියනව ඒව මැකිල වගේ පෙනුනට අපි යන ගමන පුරාම හොල්මන් කරනව. අදුරු අහුමුලු වල ඉදන් අපිට කඩන් පනිනව.

    නියමයි නංගි නිර්මාණය..සම්පතා කිවුව වගේ ගමන යමු. සමුගැනීම කියන එක කොහොමත් තියන එකක්. ඒ මොහොතෙදි එකට ආපු ගෙවපු මග ගැන සිහිකරල අපිට සතුටු වෙන්න හැකි උනොත් තමයි ජයග්රහණය.

    ReplyDelete
  6. @ sampa ; ස්තුතියි..ඔව් ඔයා කියන එක හරි...මේක මම ගොඩ කාලෙකට කලින් ලිව්ව එකක්..කමෙන්ට් එක දැක්කම මතක් උනා...මං හිතන්නේ ඒකේ අන්තිම පද ටිකෙන් මම කියලා තියෙන්නේ සම්පත් අයියා කියන එකේම තව පැත්තක්
    http://www.elakiri.com/forum/showthread.php?t=64885


    @ foss boss ; thanx for the nice comment

    @ Bom ; ඒක ඇත්ත මීදුමේ හැංගිලා ඇවිත් පිටට ඇනින පිහිපාරවල් එහෙම හැමදාම වේදනාවක් වෙලා තියේවි...කාලයත් එක්ක තුවාල හොද උනත් කැලැල් ඉතිරි වෙලා තියේවි..කොහොම උනත් වෙන්න ඔනා ගමන යන එක විතරයි!

    ReplyDelete
  7. Mekata pilithurak mama Elakiri ekata dannam!!!!

    ReplyDelete
  8. @ Hare ; hik hik thanx..actually ma friend fond it from the net..I wanted to have it as a wallpaper in ma PC... when I asked for it she refused to give it...so I said I wanna write a poem on it...then Only she gave...hikz hikz...

    @My.Jay
    kk i,m waitting for ur reply

    ReplyDelete