Wednesday, December 31, 2008

අවසන් ලියමන..



තව පැය දාහතරකින් විතර දැනට බිත්තිවල අන්තිම කොලේ නිසා එල්ලිලා ඉන්න කැලැන්ඩර් ගැලවිලා අළුත් එ‍්වා එල්ලෙනවා.. ඒ කියන්නේ වසරක් අවසන් වෙලා තව පැය කිහිපයකින් අළුත් වසරක් උදා වෙනවා.. 2008 අවුරුද්දෙන් පැය අටදාස් හත්සිය හතලිස් හයක් විතර මේ වෙනකොට ගෙවිලා ගිහින්‍... ‍ඒ ගතවෙලා ගිය දින පැය සති මාස අතරේ කොයි තරම් නම් දේවල් සිද්ධ වෙන්න ඇතිද... කදුළු එනකම් හිනා වුනු දවස් වගේම කාටත් හොරෙන් දුක් වුනු දවසුත් හැම කෙනෙකුගෙම ජිවිත වල ඇති.. මගෙත් ඒ වගෙයි.. සමස්ථයක් වශයෙන් නම් ගතවෙලා ගිය වසර ගැන කොහෙත්ම සැහීමකට පත් වෙන්න බෑ.. කාර්යාලය හා නිවස අතර ගෙවිලා ගියා මිසක් ජිවිතේට වැඩක් වෙන ‍විදියේ දේවල් කෙ‍රුනේ බොහෝම ටිකයි..ඒ ගැන කථා කරලා වැඩක් නෑ ගිය දේ ගියා.. අනිත් අතට ගත්තොත් ‍සමහර‍ දේවල් ජිවිතේට එකතු වුනෙත් මේ අවුරුද්දේමයි..
  • 2005 ස්කොලේන් අස්වෙනකොට‍ පුරප්පාඩු වුන හොදම යාළුවා තනතුරට කෙනෙක් හොයාගත්තා..මටත් ව‍ඩා හොදට මගේ හිතේ තියන දේවල් දන්න කෙනෙක්.. ස්තූතියි මචෝ අද වගේම හෙටත් මං ලග ඉදී කියලා හිතනවා.
  • ඒ හැර සතුටෙදි වගේම දුකේදිත් පුළුවන් තරමින් ළගින් ඉන්න හොද යාළුවෝ පිරිසක් ජිවිතේට එකතු වුනා.. දයාබර සහෝදරවරුණි බොහෝම සතූතියි..!
  • සිංහල ‍බ්ලොග් කරණය පටන් ගත්තා‍... ‍ඒ හරහා තවත් අළුත් පිරිසක් දැන ගන්න ලැබුනා.සමහර අවස්ථා වල අදහස් ප්‍රකාශණයේදී කාගේ හරි හිත් ‍රිදෙන යමක් වුනා නම් සමාවෙන්න.
  • මහන්න ඉගෙන ගන්න හිතුවා.. තවම ආරම්භයනේ.. ලබන වසර අවසන් වෙද්දි යමක් කමක් කරගන්න බැරි වෙන එකක් නෑ..
  • තව තව දේවල් වෙන්න ඇති.. දැනටමත් ඒවා මතකයේ නෑ වගේ..
එලබෙන්නේ අළුත් වසරක්..කැමති නම් ඉතිං අපිට අළුත් වෙන්න පුළුවන්..ඒත් ඉතිං අද රෑ දොළහට අළුත් වෙනවා කියලා හම ගහගන්නයැ... හෙට උදේ ඉර පායද්දි ඉන්නෙත් අද ඉන්න අපිම තමයි.. ඒත් ජිවිතේට අළුත් ප්‍රාර්ථනා එකතු කරගන්න නම් පුළුවන්.. ඒකට ඉතිං අළුත් අවුරුද්දක් එනකම් එන්න ඕනේ නැති වුනාට අළුත් අවුරුද්ද කියන වචනේ ඇතුලේම ඒකට පොඩි තල්ලුවක් තියෙනවානේ.. ඉතිං මමත් ලාවට ප්‍ලෑන් එකක් හිතුවා.. හැබැයි ඒක කාටවත් කියන්නේ නෑ.. මොකද ඒ එකක්වත් මම ම කරනකම් කෙරෙයිද කියලා විශ්වාසයක් නැති හින්දයි.. ලොකුම දේ තමයි කාටවත් වදයක් නොවී මගේ පාඩුවේ ජිවත් වෙන එක.. හිතට එන හැම දේම ඒ වෙලාවෙම ද‍ඩාස් ගාලා කියලා දාන්න පුරුදු වෙන්න ‍ඕනා කියලා හිතන් ඉන්නේ.. මොකද අනිත් අය ගැන හිතලා හිතට එන අදහස් කියන්නේ නැතුව ඉදලා මම නැතිකර ගත්ත දේවල් හොදටම ඇති..

වැල් බයිලා ඕනි නෑ... මොනවා කොහොම කලත් ඉරහද පාය‍න ලෝකේ ආලොකය අතරේ... සැප දුක සමබර වේනේ.. ඉතිං මේක කියවන නොකියවන් හැම දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා.. මේ ලොකයේ ඇතිව තිබෙන යුද ගැටුම් ටික ටික හෝ අඩු කරන්න මිනිස්සුන්ට මොලේ පෑදේවා.. හුල්ල හුල්ල ජිවත් වෙන මිනිස්සුනගේ ජිවිත ‍වලට සතුට බිදෙන් බිද වත් ලැබේවා.......

ආදරණීය බ්ලොග් පිටුව,
දන්නා තරමින් නුඹට පණ නෑ..
නමුත් අප්‍රාණ නුඹ පු‍රා‍ මාස 5ක්
මගේ මෙන්ම මා මිතුරාගේද
දුක සතුට අසා සිටියා
ස්තූතියි එයට..
සමුගනිමු අපි මේ වසරෙන්
ඉතිං ආයුබෝවන්
නැවත නව වසරේ
හමුවෙන තුරු
...

ආදරයෙන්,
මලී.
31/12/2008

Monday, December 29, 2008

Dark Dreams



<BGSOUND src="NAME OF FILE"><br>
The music which haunted me last Saturday Midnight... starts...

I sit and stare at all before me, contemplate and wonder. What does it mean? It doesn't actually matter, I should just put my head down and flow through as I ought.

But no! I shant!

I ought to bite at the hook, do what I wish and when I wish it, grab this world and make it do my bidding! But is that sane? Possible? I really don't think so.

However, a man can dream....and I do dream--and life is so lengthily short. Crying has three things--Sickness, sadness, and utter joy. I only want to experience latter yet I seems to thrive on the former !.

It's far past that, and have seen my entire existence on this confusing ball of rock. I look at the stars in the sky and wonder--

has someone called me back to the real world, the world I know, no dreams, just work.

Work. However, I constantly gaze back, gaze back to the dreamworld, gaze back to what I wish and want so dearly. However, time has told that the unattainable is within perfect reach, dreams are literally paralyzing, so I must tread softly in this unimaginably strange place.

And the Music Continues .....

Wednesday, December 24, 2008

මගේ නත්තල

හප්පේ... අද ගෙදර එද්දි 8.00ත් පහුයි... නත්තල හෙට නිසා අද වාහන තදබදයත් බොහෝම වැඩියි...කොහොම කොහොම හරි ඔන්න දැනුයි මම මගේ නත්තල් ගහ සරසලා අහවර වුනේ... අම්මයි තාත්තයි කතෝලික නොවන නිසා මම කතෝලික නොවුනට ආගමික උත්සව කාලවලදී මම අදාල ආගමික කෙනෙක් වෙනවා... ඒ මගේ ‍හිතේ සතුටට... ම‍ට මතක ඇති කාලේ ඉදන් අපේ ගෙදර නත්තල් දවස් ලං වෙනකොට නත්තල් ගහක් සැරසෙනවා..එහෙම කිව්වට ඉතිං මම ම තමයි හදන්නේ.. මතක විදියට මුලින්ම නත්තල් ගහක් හැදුවේ අපි පරණ ගෙදර ඉන්න දවස් වල..දියතලාවේ ඉන්න තාත්තාගේ යාළුවෙක් ඔස්කා මාමාට ලොකූ සයිප්‍රස් අත්තක් එවලා තිබ්බා නත්තලට..එක මුලින්ම ගෙනාවේ අපේ ගෙදරට.. ඒකෙන් පුංචි අත්තක් කපලා දාලා ගිහිං තිබ්බා... තාත්තා කඩෙන් ගෙනැල්ලා දුන්නු බැළුම් බෝලයි මට ලැබිලා තිබුනු නත්තල්, අවුරුදු හා වෙසක් කාඩ් සේරමයි මම ඒකේ එල්ලුවා මට මතකයි.. ඒක තමයි මට නත්තල් ගහක් සැරසීම ගැන තියෙන මුල්ම මතකය..

පස්සේ හැම අවුරුද්දෙම මට කොහෙන් කොහෙන් හරි සයිප්‍රස් අතු ලැබුනා.. සමහර අවුරුදු වල නොලැබුනාම සැරසිලි නැතුවම නත්තල ගෙවිලා ගියා.. දැනට අවුරුදු 8 කට විතර කලින් තාත්තා ගෙදර තියන්න ප්ලාස්ටික් ගහක් ගෙනාවා..ඒක නත්තල් ගහක් වගේමයි.. ඉතිං ඒක ගෙනාව දවසේ ඉදං පාවිච්චි වෙන්නේ නත්තල් ගහ විදියට.. නත්තල් නැති දවස් වලට ගහ දෙකට තුනට කැඩිලා ගෙයි මුල්ලකට යනවා.. නත්තල් එනකොට එළියට එනවා... දැන් නම් බැලුම් බෝල කාඩ් එල්ලන්නේ නැහැ.. නත්තල් සැරසිලි කිහිපයකුයි.. වෙසක් පොසොන් වලට දැල්වෙන පුංචි විදුලි බුබුළු වැලකුයි තමයි පාවිච්චියට ගැනෙන්නේ..

මම කතෝලික නොවන නිසා නත්තල් ගහේ ඉතිහාස කථාව හෝ එය සැකසෙන අරමුණ හෝ මම දන්නේ නෑ.. අනික මම ඒ දේ කරන්නේ කවුරුවත් කරන්නන් වාලේත් නෙවෙයි.. මම ‍ඒ දේ කරන්නේ මම හැමවෙලේම අගය කරන මගේම සතුට වෙනුවෙන්.. නත්තල් ගහ සරසන හැමවෙලාවකමයි..සිංහල අවුරුද්දට කැම මේසේ සකසන වෙලාවටයි.. වෙසක් පෝය දවසට වෙසක් කූඩු එල්ලනකොටයි මගේ හිතේ ඇති වෙන්නේ එකම වගේ හැගීමක්..ඒක ව‍චනෙන් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ.. නමුත් ඒ හැගීමත් එක්ක මම තෘප්තිමත් වෙනවා...

දැන් කථා ඇති.. කියන්න තියන එකම දේ තමයි..නත්තලේදී වැඩියෙනම කථා වෙන්නේ සාමය ගැන.. මම හිතන්නේ මුලු ලෝකෙම සමරණ එකම උත්සවයත් තත්තලයි නමුත් මුළු ලෝකයටම උවමනාත් සාමයයි.. ඒ සාමය හැකි සෑම දෙනා තුලම වැඩි වර්ධනය වේවා.. සතුට සැනසීම පිරි සුභ නත්තලක් වේවා...!

පසු සටහන-
බ්ලොග් ලියන කතෝලිකයන් ගැන මම වැඩිය දන්නේ නෑ.. දන්න තරමින් ඉන්නේ මගේ ආදරණීය බ්ලොග් මිතුරා නෑෂ් හා හුදෙකලා නොවු සිතුවිලි ලියන ප්‍රියංකර මල්ලි.. ඒ දෙන්නටම සතුට සපිරුණු නත්තලක්.. ඒ හැර අපි හැමෝටමත් හැමදාමත් සතුට සැනසීම හා සාමය උදා වේවා...!

Tuesday, December 23, 2008

Unspoken !


I am the voice unspoken,
The song without words,
I am music without notes.
I am faceless, featureless…

“Bleed me dry”
I whisper to dry hearts,
“Take my life”
I taunt with my eyes.

“Take it all”
You know the truth of it…


”Kill me here”



මින් ඉක්බිති...



නොකියා පැටළුනු වදන් සහසක්
සිත්තුල සිරව යද්දී...
වාන් බිදි වැව් දිය මෙන්
ඒ වදන් නිදහසේ
ගලා යනු පිණිස
ඇදිය නොහැකි නම් කාලය
ආස්ස‍ට..
රික්තකයක සිට නැවත ඇරඹුමට
නොහැකි බව හැගේ නම්
...

මිහිදන් කර සිත් තුලම
ඉකි බිදෙන අතීතය,
නොහඩා... නොතැවී...නොලැබුනු දෙයට‍
යන්න යමු ඉදිරියට
ඇණි ඇණී රිදුම් දෙන
කටු පොකුරු යම් දිනෙක
සියක් පෙති තඹරු මල්
නොවෙනු යැයි
කිව හැක්කේ කා‍ට...???

මලී
23.12.2008

Wednesday, December 17, 2008

Somewhere Under the Rainbow


Somewhere under the rainbow
Living in life in fullest brow
We’re who we are and holdin’ on.

Somewhere under the rainbow,
Life is an absolute, faultless flaw,
Even though we just don’t have everything.

Somewhere under the rainbow,
We’re just dancin’ slow,
To the music in our hearts.

Somewhere under the rainbow
Together forever, we know –
Happiness at least, is ours.

Somewhere under the rainbow…
It just goes to show,
You really can live on love.
The poem is insipered by an event as well as another song by Joe Diffie

Tuesday, December 16, 2008

තත්


ආශා ගගුල් මැවූ
සප්ත ස්වර අතර
කම්පිත තත්මතින්
ආත්මය හඩ නගන්නේ...

ඇදී හිරවී තදින්
මොහොතකින් වයන්නේ
ජීවිතේ එක් නිමේෂයක
නූපන් වදන් සහසයි...

දුප්පත් භාෂාව ගොළු කර දමා
පත්ඉරු පුරා ලියූ වදන් බොදකර දමා
වැයෙයි පොපියන හදක
හිරවී ගලන සුසුම් පොදක් ‍වෙනුවෙන්
හඩයි තත් කදුළු නූපදින දෑස්
රිදවමින්...

ගල්වුනු සිත් බැමි බිද දමා
‍ආතුර සිත් සනසවා
වැයේ වැයේ තත් අතර
ආත්මයේ පද රටා...

මලී
03.12.2008

pic by Dhamz A.K.A DJ.Parker

Friday, December 12, 2008

ගතවුනු දින...


ඊයේ හවස ගෙදරින් ගියපු අම්මලා නැවත එන්නේ හෙට හවසට. රෑ දෙකකුත් සම්පුර්ණ ‍දවසක් වසා ඇති නිවසක මම තනිවම මගේ බලු සිගිත්තිත් සමග...පෝය හද රෑ පුරහම ඇහැරිලා.... මම ඊයේ රෑ හතට බලද්දිත් හද අහසට ඇවිල්ලා.. නිදාගන්න කලින් රෑ 1.00 ට විතර මිදුලට ගියහමත් හද අහසේ පායලා මිදුල පුරා එළිය විහිදුවනා.. ඇය වටෙන් පුළුන් වලා කිහිපයක් සිනිදු සේළ මෙන් ඇය වටා එතෙමින් නැළවෙනවා... ගතපුරා වෙලෙන සීතල දරාගන්න බැරි නිසා මම ගේ ඇතුලට ගියා... නින්ද හෙමි හෙමින් ගාට ගාටමින් ඇදට ගොඩ වුනා... දවල් 11 ‍ට අම්මාගේ ඇමතුම එනතුරුත් මම නින්දේ... දහවල් හිරු එළිය මුලු හැම තැනම ආලෝක කදම්බයෝ විහිදුවමින් තිබුනා... දවස ආරම්භය කිසිදු හදිසියකින් හෝ හැගීමකින් තොරව.... ‍හිස හරවා බලන විට බලු සුරතලා පය පාමුල දොයි....නාකියා හීල හා දහවල් ‍ආහාර වේල් දෙකටම මෑගී පැකට්ටුවේ සහය පතා නැවතත් නින්ද... දහවල් 2 පමණ සිට සවස 6 වන තුරු... කිසිදු හැලහොල්මනකින් තොරව... දවස ගතවී අවසන්... නොදැනීම...ඉගුරු තේ කෝප්පයක්.. රෑ ආහාරයට ඕම්ලට් එකක්.. හෙමි හෙමින් සැකසී මේ වන විට සියල්ල අවසන්... අද රැයත් නිහඩවම ගෙවෙමින් පවතී.. සද එළිය නැවත මිදුලට ගාට ගාටා පැමිණ ඇත... කණාමැදිරි එළි.. නිශාචර ජීවින්ගේ මුණු මුණු හඩ... රාත්‍රී නිසංසලත්වය තුල නිහඩවම සංගීතය මුසු කරයි... හිත පුරහා ‍දුවන ඔහුගේ මතක.. ඉතිං කියමින් තව මොහොතකින් වචන බවට පෙරලෙනු ඇත... හෙට උදාවන හිරු සමගින් නැවත මම මේ නිසංසලත්වයෙන් මිදී සුපුරුදු හැල්මේ දුවන ගමනට වැටෙනු ඇත... කවදා නැවත මම අත්වීදීවිද මේ නිසංසල නිහඩතාවය... මම මගෙනුත් මිදී...නිවි සැනසෙන මොහොත.....

pic from Flicker

Thursday, December 11, 2008

My Year 2008


My Year 2008

Going to write this without the use of my usual extensive Vocab :-)

Life :

Harsh, Good and crazy at times.

Found out that courage under fire is a gifted thing only few people posses and feel lucky to be one who does.
Did'nt feel the whole year just whisked by me, guess I was just too busy doing things I was not suppose to do at all.

Got drunk too many a time and paid the price for it even more many a time for it. Almost ended up in Jail for beating the fuck out of few people.

Won many cases, lost as the same. Made a kill for the bill my passion of time passing and generally happy with my performance at work over the whole year.


Love :

Fell in love, fell out of love... still hurts... still cry about it sometimes.. but well over and passed it.

Had too many of the opposite sex to mingle around... but decided it's not the best always to so called "fuck around".

Found out that sometimes "love" is never under our control.. but some cosmic ass-hole who controls things for us.

Thought of making this whole "love" business a xmas/new year resolution this time around.
Fun :

Oh.. it was fun indeed... Too great of a year for it. (as said above) got piss drunk too many times.. fought, got beaten, beat back, ran around, renewed old bad habits.

Upgraded my limit to 2.5 bottles of Black "neat" ... YE ye ye YE .. I repeat.. "NEAT" you envy fuckers... NEAT !! .. bu ha ha ha !! ..
call me a Alchohol VAT the hell I don't care ! ..
Friends :

Posting this in a friends' blog.. so it shows how the friend "factor" went this year. .... Met new peeps over a Forum called "elakiri" .. most are fuck-arse stupid dick heads.. but a hand full are fit enough to move around !
("hail the almighty MALEE") my fellow blogger + Friend + Nice Girl+ Cute Chick + තොසේ Lover + Day Dreamer+ Fantastic Poetress+ Every Man's dream wife (too bad to note that title is reserved by some other (un) LUCKY chap now) ..lol.
Lost a very close to heart friend (Raji') .. snifff.. snifff..... moved out of SL to live in Canada.. (will always miss you sweet girl) .. you have always been a real heart-to-heart close chum to me from the first day I saw you in LC ! ...... Sorry for always making fun of your fat ass and the collusive boobs !
never with envy.. but all with love I made them - I-know-you-know.. but thought of making it a point to note it down here :D
Family :

Gave a few close heart-attacks to Mum during 2008. But no worries... she's still alive :-)

Had some nut cracking fights with my weired bothers. (ass-holes) .. but all in all.. an un-eventful year for the family section of my life. All things are just as the same I remember them to be.

God :

Got banned from the Church..
Got Condemned from the god.

Signed a new contract with the Lucifer ! Renewal to be appointed at the end of my life time.
Now I am a full time "devils advocate" - How fun !!
________________________________________________

Now for the list - As done by a customary thing from my childhood (as first forced by my mother)

I here by Oath my self to abide by the following during the year 2009 .. so Santa will reconsider removing my name from the blacklist and bring me presents next time.

1. Drink Less (water and milk only)

2. Lie Less (about lieing)

3. Write an autobiography about me (book publishing to be sponsored by the Tobacco company)

4. Sleep "less" with girls (Try to keep awake more than now)

5. Drive Slowly (on traffic hours)


Now for the real once I thought of doing.

1. Read more - Seriously more

2. Learn Meditation - To kill some stress

3. Take time off from work more frequently and travel - Around Sri Lanka

4. Try to find Malee's Twin sister - Since the original once is now reserved..lolz

5. Make a donation to the army - Something really worthwhile


Wednesday, December 10, 2008

Rain


I listen to the rain falling gently on the roof. Spreading a shimmering curtain over the world, it washes all clean.

As I sit enveloped in the sound, I imagine the rain carrying away conflict and strife, leaving behind a blank slate. In my mind’s eye all evil is washed away by the ceaseless torrent of water. The rain cleanses me as well, filling my mind with a sparkling stream. As the stream wends its way through my consciousness, it carries away the cobwebs and the dust along with all emotion. As long as the rain persists, I will continue to feel nothing, to be blissfully empty.

I am as a child; innocent, uncomplicated, and wondering. I will exist in this fragile state, wandering over the freshly cleaned earth, until the rain halts and the glittering waves of water finally flow out to the shining sea.

However, until then I am content to let the rain wash over me and cleanse me.

Saturday, December 6, 2008

Dream


O unconscious splendour and fiery thought,
Burning tongues of passion eagerly sought,
Bring me sweet Elysian through Morphean eyes,
and play to me Apollo in Auroran skies.
Lift me up on Phoenix wings,
And carry me to where glorius Peris sings.
Where Mulciber sits on his throne of fire,
And in antiquity Venus brings each their desire.
Where dryads in the darkling dance,
And willingly we give into Syrens trance.
Where serindipity rules the ingle fires
And Seraph's play on gold stringed lyres.
Wake me not from my blissful dreams,
but leave me here beside viewless streams.

Yeah, I know !! .. Time to find that Dictionary :-) ... .. However, please see the first comment.. I denoted some of the words just as a help... The picture depicted here is of a Seraph..

Tuesday, December 2, 2008

අනේ මම සුළග වුනා නම්‍‍......



අනේ මට හුළග වෙන්න තිබ්බා නම්... මේ ගෙවන එකාකාරී ජිවිතයෙන් මොහොතකට මිදිලා නිදහසේ හමා යන්න තිබුනා... මම ආසම කරන වැසි වනාන්තර උඩින් කෙත්වතු පිසගෙන ගිණි අව්වේ වැඩ කරන අසරණයන්ගේ දාහඩිය පිසගෙන හමා යන්න තිබුනා විටක සෙමින් විටක වේගයෙන් මම කැමති විදියටක‍ට කාටවත් නොදැනෙන්න මම ආදරේ කරන අයව හෙමි හෙමින් සිපගෙන අනේ මට පාවෙලා පාවෙලා යන්න තිබුනා නම්.... නිල් පාට සාගර ජල කද මතින්‍‍... උසම උස කදු උඩින්... වළාකුලු වල ගෑවෙමින්...දිය ඇළි එක්ක තාලෙට නටමින් උත්තර ධ්‍රැවයේ හිම පියළි මිදෙන සීතල මැදින්... වැලි කැට පුපුරු ගසන සහරාවේ වැලි කදු එක්ක... ස්ටෙප් තණ බිමේ පිණි බිදු අරන්... මට යන්න තිබුනා මුළු ලෝකේ පුරාම...
මම හුළග උනානම්... අප්‍රිකාවේ වැස්ස නැති පැති වලට උඩින් කළුම කළු වැහි වළාකුළු තල්ලු කරගෙන ගිහිල්ලා බලෙන් හරි වැසි වස්සවන්න තිබුනා... ඒ වැහි බිදු වැටිලා ලස්සනට හිනා මල් පිපෙන පොඩි උන්ගේ මුණු දිහා උන්නටත් හොරෙන් බලන් ඉන්න තිබුනා... යායට මල් පිපිලා තියෙන මල් වතු සිසාරා පාවෙලා ගිහින් මල් සුවදත් අරන් දුකින් ඉන්න හැමකෙනාගෙම ජිවිත වලට අළුත් මල් සුවදක් අරන් යන්න මට තිබුනා...ගිණි කූ‍ට අව්වේ වැඩ කරන මිනිසුන්ගේ හිසට උඩින් වළාකුලක් ගෙනැල්ලා නපුරු ඉර මුවා කරන්න තිබුනා..
නපුරු කුහක මිනිස්සු ඉන්න තැන් වලට ‍දරුණු වියරු වැටුනු වා සුළියක් වෙලා ගිහින් නපුර නැත්තටම නැති කරලා‍ මේ ලොකය ලස්සනම ලස්සන ආදරණීය කැදැල්ලක් කරන්න මට තිබුනා...
අනේ මම සුළග වුනා නම්... හැමකෙනා ලගම බිදෙන් බිද මොහොතෙන් මොහොත සුවදායක පවන් රොදක් වෙලා රැදී ඉන්න තිබුනා...එත් ඉතිං අවාසනාවට මම පවන නොවී පරිගණකයක් ඉදිරිපිට යතුරු ඔබ ඔබා හිතට එන හැම දේම දොඩවන පිස්සු කොච්චියක් වුනානේ...













අනේ ඉතිං වෙච්චි දේට මක් කොරන්නද?
Photos taken from Flicker