Wednesday, February 1, 2012

අපි හැප්පුනත් හැප්පෙන්නේ පොශ් විදියට :P


එදා ඉතිං අමුතු දවසක් නෙවෙයි. ජනවාරි 30 වෙනිදා හවස. ඊට කලින් දවසක තාත්තා වෙනුවෙන් අපි ගෙනාපු ටී ෂර්ට් එකක සයිස් මදි නිසා ඒක මාරු කරගන්නයි. එදා හවස බදුලු යන්න හිටි අපේ බබාව පානදුරෙන්ම බස් එකේ නග්ගන්න හිතාගෙනයි තමයි අපි ගෙදරින් එළියට ආවේ..
කිසිම වෙනසක් නැතිව සුපුරුදු විදියට මම හැමදාම වාඩිවෙන පැත්තේ වාඩි වෙලා ඉන්නකොට වෙන කෙනෙක් ඇවිත් මාව තල්ලු කරලා එතන වාඩි උනා. අම්මයි මායි යන හැම වතාවකදිම අපේ ත්‍රීවිල් එකේ මම වාඩි වෙන්නේ දකුණු පැත්තේ. ඒහෙම නැත්තං පාර පැත්තේ. එත් ඉතිං කොයි පැත්තත් එකයිනේ කියලා මමත් සද්ද නැතිව හිටියා.. අපි ගමන පිටත් උනා.. ඔය විදියට අපි සාමාන්‍ය වේගෙකින් පානදුර පැත්තට ගියා.. මාත් ඉතිං සුපුරුදු පරිදි කල්පනා ලොව මල් වනේට ගියා..
එක පාරටම තල්පිටිය බ්ලු වොටර් එකට හැරෙන පාර පැත්තට තාත්තා වාහනේ හරවද්දි තමයි මම ආයේ මේලෝකෙට ආවේ. මම බැලුවේ අපේ තාත්තට ඒක පාරට මොන යකා වැහිලද මේ අතුරු පාරවල් වලට දාන්න යන්නේ කියලා.. ඉස්සරහා බලද්දි මෙන්න කාර් එකකුත් ඒ පාරටම හරවනවා..
....... මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්නත් කලින් මට තේරුනා අපේ ත්‍රීවිල් එක ඇලවුනා.. මාව අපේ බබාගේ පැත්තට ලිස්සලා ගියා.. මොහොතකට මම පෙනුනේ තාර පාරයි.. අනිත් පැත්තෙන් ඉහල අහසයි විතරයි.. මට හිතුනේ කොහොමද මං මේකෙන් එළියට එන්නේ කියලයි විතරයි. ඒ මොහොතකින්ම ත්‍රීවිල් එක ආයේ ඉබේම නියමිත පැත්තට කෙලින් උනා. ඒක තමයි ඇක්සිඩන්ට් එක!
සිද්ද වෙලා තියෙන්නේ කොළ‍ඹ පැත්තෙන් ආව කාර් එකක් එක පාරටම සිග්නල් මොකුත් නොදා බ්ලු වෝටර් එක පැත්තට හරවලා.. කෙලින් පාරේ කොළඹ පැත්තට යමින් හිටි අපේ තාත්තා ඒක දැක්ක නිසා එයා යන ස්පීඩ් එකටම වම් පැත්තේ තිබ්බ පාරට වාහනේ හරවලා හැප්පෙන එක නවත්තන්න. ඒත් කාර් එක බ්රේක් නොකර දිගටම ඉස්සරහට ඇවිත්.. ඉතිං වැඩේ හරිනේ.
මොකක් හරි හේතුවක් හින්දා වාහන වල හිටි පස් දෙනාටම කිසිම අතුරු ආන්තරාවක් නෑ.. අපේ ත්‍රීවිල් පැංචිට නම් තරමක තුවලා සිද්ද උනා.. වින්ඩ් ස්ක්‍රීන් එක ගැලවිලා ඒක සවි වෙලා තියන ෆ්‍රේම් එක ඇඳ වෙලා..පේන්ට් එකත් හිරීලා.. දරුවෙක් වගේ අපේ තාත්තා ආදරෙන් බලා ගන්න වාහනේ තුවාල වෙලා තියන විදිය දැක්කම අපේ තාත්තට හරි දුකයි.. ඒ වගේම ඇති ඉතිං අනිත් වාහනේ ඩ්‍රයිවර් මහත්තයටත්. ඒක නිකංම නිකං කාර් කට්ටකුත් නෙවෙයි නේ.. මයි ඩ්‍රීම් වෙහිකල් එකක් වෙන හයිබ්‍රිඩ් වර්ගයේ වාහනයක්.. අපි රුපියල් දාහකින් කරගන්න වැඩේ ඒ වාහනේ වෙනුවෙන් ලක්ෂයක් වත් එපැයි.. ඒ කාර් පැංචා ගෙත් ඉස්සරහා බොනට් එක හිරීලා අපේ ත්‍රී විල් පැංචි හේත්තු වෙච්චි නිසා වෙන්ට ඇති.. හෙඩ් ලයිට් එකත් ඩැමේජ්. ඉස්සරහා රෝදේ උඩින් බොඩි එකත් ඇතුලට ගිහින් පව් වැඩේ.. හිතේ දුකේ බෑ..!
කොහොම හරි ඉතිං මං වැඩේ ගැන හොයලා බැලුවා ටක් ගාලා.. වැරැද්ද අපේ නම් අපි බාර ගන්න එපැයි.. ඒත් එහෙම නැහැලු. කාර් එක හරවන්න කලින් සිග්නල් දාලා නෑ. අඩුම ගානේ පලවෙනියට ටච් වෙච්ච ගමන් බ්රේක් කරලාවත් නෑ.. කොහොම වෙතත් ප්‍රධාන පාරක කෙලින් යන වාහනේට යන්න දීලා ඉන්න ඕනලු තමන් හරවන්න කලින්. මම ඉතිං මෙතන ලු ප්‍රත්‍යය දාන්නේ මම වාහන පදවන නීති ගැන දන්නේ නැති හින්දයි. ඉතිං කොහොම හරි වැඩේ ගොඩින් සමතයකට පත් කර ගන්නයි කාර් මහත්තයයි අපේ තාත්තායි කතා කර ගත්තේ. සේරම හරි කියමු මේ මහත්තයා කියනවා අපේ වාහනේ හදා දෙන්න එයාව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට එන්නලු. ඒක යකාගේ කතාවක් නේ යකෝ අපේ වාහනේ එයාගේ වරදින් හප්පලා.. ඒක හදා ගන්න එයාව හොයාගෙන කොළඹ පලයල්ල.. ඇයි එයාගේ දෙපා මුලට යන්න අපි මොක්කුද? ඒ කතාව හරි යන්නේ නෑ කියලා මම කෙලින්ම ඩැඩාට ප්‍රකාශ කලා.. ඉතිං කාර් මහත්තයා කිව්වා අදාල මුදල එහෙම නම් බැංකුවට දාන්නම් කියලා.. බලමු දාවිද කියලා.. නැතත් කමක් නෑ.. දැම්මොත් ආවා කියනවා.. නැත්තං එතුමට අමතලා විශ්වාසය හා මනුස්ස කම ගැන මගේ අතින් වියදම් කරං මං දේශණයක් දෙනවා.
ඔන්න ඉතිං ඔහොමයි මම මුහුණ දුන්න පළවෙනි වාහන ඇක්සිඩන්ට් එක සිද්ද උනේ.. ලේසි නෑ.. ඉදලා ඉදලා මාව හැප්පුවේ මගේ ඩ්‍රීම් වෙහිකල් එකනේ.. හික් හික්! ඒ විතරක් යෑ එදා බදුලු යන්න හිටි අපේ එක්කෙනත් තව වැඩි පුර දවසක් ඉදලා පහු වෙනිදානේ ගියේ.. ඒ විරක් මත් නෙවෙයි බෝනස් එක ඇවිල්ලා අර මහත්තයා සල්ලි දැම්මොත් දාන්නේ මගේ එකවුන්ට් එකට.. හික් හික්.. වියදම තාත්තාගෙන්...

දැන් මෙහෙම සැහැල්ලුවෙන් මේ පෝස්ට් එක ලියන්නේ ඒ වෙලාවේ උනු දෙයින් වාහන වලට විතරක් ඩැමේජ් උන නිසයි. ඊට වඩා ලොකු දෙයක් වෙලා කාගේ හරි සිරුරකට ඩැමේජ් එකක් උනා නම්? කොයි මහත්තයත් නෝනත් රිය පදවන වෙලාවට මොන බ්‍රිඩ් එක එකක වාහනයක් ඩ්‍රයිව් කලත් තමන්ගේ සැලකිල්ල හා ඩ්‍රයිවින් ස්කිල්ස් හයි තියා ගන්න ඕන වෙන්නේ අන්න ඒ නිසයි.