Thursday, November 27, 2008

පෞද්ගලිකයි!

පියාපත් නොලැබුනාට අඩුම තරමේ මම තව දුරටත් හිර වෙලා නැහැ. අද මගේ ජිවිතේ නෑ නෑ අපේ ජිවිතේ මුහුණ දෙන්න වෙන එක් අභියෝගයකින් අපි දිණුවා.. දිණුවා කියනවාටත් වඩා හොද වෙයි.. අපි ඒක පහුකරා කියනවා නම්... පහුගිය මාස වල දවස් ගෙවුනේ ‍වෙස්මුහුණකට මුවහ වෙලා. තව දුරටත් එහෙම නෑ... අම්මා දැන් සේරම දන්නවා... මටත් කලින් අම්මාගේ ඇස් වල කදුළු පිරුනේ ඇයි? එයා කිව්වේ කරන දෙයක් පිළිවලකට කරන්න අඩන්න තියාගන්න එපා. කියලා විතරයි. මගේ අම්මා හැමදාම බලන් හිටිය දේ මම අද එයාට කිව්වා. එයා 100%ක් සතුටු නැතුව ඇති (සමහර විට) ඒත් මගේ සතුට වෙනුවෙන් එයා සතුටු වෙයි... අපි දිනලා ඉවර නෑ... තව යන්න තියන ගමන බොහෝම දුරයි.. අඩුම තරමේ මට මගේ අම්මා පහන් තරුවක් වෙලා මාවත පෙන්නාවි. තව දුරටත් මම සියළුම දේ මගේ හිතේ දරාගෙන ඉන්න ඕනි වෙන එකක් නෑ.... මගේ ජිවිතේ සතුටු දවස් වලින් අද එක දවසක්.!
මේ ගමනෙදි දහිරිය දුන් හැමදෙනාටම ස්තූතියි!
අද නො‍වැම්බර් 27 :)

*අපබ්‍රංස වගේ හිතෙන අය වැඩි විස්තර අහන්න එපා හොදේ..!හිතේ සතුට වෙනුවෙන් ලියවුනු පුද්ගලික සටහනකි!

Sunday, November 23, 2008

මම මැහුම් පංති ‍ගියෙමි !


මේ සටහන ලියන්නේ මගේ සුන්දර සෙනසුරාදාව අහිමි වීමේ ලිපියට ප්‍රතිචාර දක්වපු අය වෙනුවෙන්. මම මේ ඉරිදා (22) ඉදන් පංතියට යන්න පටන් ගත්තා. බලාගෙන යනකොට මම වෙනස් වෙලා නෑ. ඉස්කොලේ යනකාලේ අමතර පංති වලට යනකොට තිබ්බ පුරුද්ද තාම තියනවා කියලා තේරුනේ පංතියට යද්දි විනාඩි 50 ක් ම අඩු නැතුව පරක්කු වෙලා තිබ්බ හින්දයි..සෙනසුරාදා හින්දා ටිකක් වැඩියෙන් නින්ද ගියා...ඉතිං 1 වෙනකම් ඉන්න ඕනි හින්දා කාලා බීලා බැංකුවට ගිහින් පංතියට සල්ලිත් අරන් යනකොට මට නොදැනීම වෙලාව ගිහිල්ලා. මුල් දවස හින්දා ගියේ අම්මත් එක්ක. ඒක හින්දද කොහෙද උගන්නන මිස් වැඩිය මොකුත් කිව්වේ නෑ. නම් ගම් ලියාපදිංචි කරලා ඉවර වෙලා ම‍ගේ මැහුම් පංතිය පටන් ගත්තා. :D

මම ඉතිං මහන මැෂින් එකක් පාගලාවත් නැති හින්දා මුලින්ම සිද්ධ වුනේ. ඒක නිවැරදිව පාගන හැටි ඉගන ගන්න. අර අතිං කරකවන්න තියන රෝදය තමන්ගේ පැත්තට කරකවලා පස්සේ නිවැරදිව පෙඩලය පාගන්න ඉගන ගන්න තමයි තිබ්බේ. අතින් කරකවන්න තියන රෝදය අනිත් පැත්තට කරකවන්න බෑ. ඒක වැරදීයිලු. කොහොම හරි විනාඩි 10 විතර ඒක පුරුදු උනාම මිස්ම ඇවිල්ලා මැෂින් එකට නූල් දාලා මහන හැටි කියලා දීලා මට ටිකක් මහන්න පුරුදු වෙන්න කියලා ගියා.. හික් හික් වැඩේ නරකම නෑ.. කරගන්න පුළුවන් වගේ...ඊට පස්සේ එයා කිව්වා මට මල් පෙති ඇදලා ඒක පුරවන්න පුරුදු වෙන්න කියලා... ‍ඉතිං ‍ඔන්න මම කලා... මුල්ම දවසේ මම කරපු වැඩ ප්‍රමාණය ගැන එයා සතුටු උනා කියලා මට එයාගේ මුනෙන් පෙනුනා... මටත් කියන්න තියෙන්නේ මං හිතපු තරම් වැඩේ අමාරුම නෑ කියලයි. මට එම්බ්‍රොයිඩර් වැඩේ නම් කරගන්න පුළුවන් වෙයි. (ඇදුම් මහන වැඩේ ගැන නම් තාම කිසිම අදහසක් නෑ )

හැබැයි ඉතිං පො‍ඩි කරදරයක් උනා... මැෂින් එකේ නූල කොයි වෙලෙත් කැඩෙන්න ගත්තනේ :( මිස් නම් කිව්වේ මැෂින් එකේ ඇතුලේ දුවිලි ඇති එකට ලබන සතියේ තෙල් දාලා හදන්න කියලා දෙන්නම් කියලයි.
මට නම් හිතෙන්නේ එක්කෝ මගේ මහන්න තියන නොදැනුවත් කම නැත්නම් ඒ නුල් වර්ගයේ සිහින් කම.. මොකක් උනත් ඉතිං 2 වෙනකම් එක දිගට මහලා. මම සතුටින් ගෙදර ආවා. ලබන සතිය කොයි වගේ වෙයිද දන්නේ නෑ... දැනට බලන්නකෝ මම මුල් සතියේ මහපු එක. :)


පසු සටහන - මේ ඉතිං මම හා හා පුරා කියලා මහපු එකනේ.. මේ තියන සේරම මම තනියම මැහුවේ ලස්සන නම් නෑ.ඉතිං ‍ඔයාලත් ලස්සනයි නොකිව්ට කමක් නෑ හැබැයි කැතයි නම් කියන්න එපා ඔන්න :P

Friday, November 21, 2008

cra(z)y

I balance my craze on a razer edge.
Held tightly wrapped by one finger.
Contradictory.
but waiting.......

An equilibrium between sane and insane.
My craze speaks a language
The language of unspoken tongues.
The "awes" and "sighs"

Craze prefers silence.
It thrives and rumbles.
On thoughts of ambiguity
Cut and Bleed.

Blade slashes.
Craze makes a fundamental error of judgment
Slash my finger in two
Cut...cut... and bleed.. bleed... bleed.. and die die die die die die !


Call it Bloody Crazy !



Authors note : No fingers were harmed, slashed or died in writing this poem :-)

Tuesday, November 18, 2008

"මචං" ඇපල් අච්චාරු???

අබා - සිංහල චිත්‍රපටය බැළුවට පස්සේ මම බලපු අළුත්ම සිංහල චිත්‍රපටය "මචං". බැළුවේ අද! බලන වෙලාවෙම හිතුනා මේ ගැන ‍බ්ලොග් සටහනක් ලිව්වා නම් හොදයි කියලා."මිල්ලේ සොයා" චිත්‍රපටයට තරමක් සමාන වුවත් කියන්න තියෙන එකම දේ තමයි හාස්‍යය යටින් සංවේදී ලොකු කථාවක් කියන්න උත්සහ කරන කථාවක් තමයි "මචං" කියන්නේ කියලයි. ඇත්ත, චිත්‍රපටය බලද්දි අපේ රට ගැන ආඩම්බරයක් හෝ දේශාභිමානයක් නම් ඇතිවෙන්නේ නැහැ. චිත්‍රපට‍ය පුරාවටම පෙන්වන්නෙත් අපේ අඩුපාඩුකම් මෙච්චර ලස්සන තැන් තියන ශ්‍රී ලංකාවේ අපිරිසිදුම වත්තක් එහෙමත් නැත්නම් මුඩුක්කු පරිසරයක් තමයි චිත්‍රපටයට පසුතලය සපයන්නේ. ඒ සියල්ලම ඇතුලේ අපිට කල්පනා කරන්න ලොකු කථාවක් ඉතුරු කරනවා කියලා මට හිතෙනවා...


විදේශගත වී තම ආර්ථික ගැටළුවලට පිළිතුරු හොයන්න බලාපොරොත්තු වෙන විවිධ චරිත ලක්ෂණ සහිත තරුණයෝ පිරිසක් ගැනයි මේ කථාව කියන්නේ. නීතියානුකූලව කිහිප වරක්ම වීසා ගැනීමට උත්සහ කරත් නොලැබෙන විට අයථා මාර්ගයකින් හෝ ඒ අරමුණ ඉටු කරගන්නයි ඔවුන් බලාපො‍‍‍රොත්තු ‍වන්නේ. ඇත්තටම බොහෝ අවස්ථා වල චිත්‍රපටයේ හාස්‍යය මතු කරනවා. නමුත් පුද්ගලිකව හිනාවෙන හැම වෙලාවකම මගේ හිත ඇතුලේ කෙනෙක් කෑ ගහලා කිව්වා උඹලා හිනා උනාට ඔය තත්වෙට පත් වුණ අසරණ මිනිස්සු ඕනි තරම් ඉන්නවා කියලා.


හිතන්න මේ ලියන මමවත් කියවන ඔබවත් ගෙදර ගියහම ගෙදර වහල අතුරුදහන් වෙලා තියෙයිද? නැහැ නේද? අපිට මුදල් ඕනි උනාම අපි පේමන්ට් එකේ දොඩම් විකුණන්න යනවාද? නැත්නම් මුදල් අවශ්‍යතාවයකට අපේ වකුගඩු විකුණන්න අපි ලෑස්තිද? එහෙමත් නැත්නම් විදේශ රටකට යන්න වීසා ලබා ගන්න දසසිල් වෙන්න උත්සහ කරනවාද අපි? එහෙමත් නැත්නම් ‍විදේශගත වෙන්න අයථා ක්‍රම හොයනවාද අපි? නැහැ නේද ? මම දන්නවා මේ ‍බ්ලොග් කියවන බොහෝ දෙනෙකු විදේශ ගත වෙනවා නම් යන්නේ ඉගෙන ගන්න උපාධි ගන්න නැත්නම් පශ්චාත් උපාධි එහෙමත් නැත්නම් ලංකාවෙදි ගත්ත උපාධියට ගැලපෙන ඉහළ වැටුපක් සහිත රැකියාවක් හොයන්න. එහෙම අයට විසාගන්න එක මහා අමාරු ‍වැඩක් වෙන්නේ නෑ. ඒත් අවශ්‍යතා සහිත යන්න කැමති බොහෝ දෙනෙකුට යන්න අවසර නෑ. ඉතිං මේ රටේ ඉදලා ඒ ගැටළු විසදෙන්නේ නැත්නම් හොරෙන් හරි වෙන රටකට බැරිනම් අපායට හරි ගිහිං තමන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයන එක වැරදී කියන්න අපිට බෑ...


ඒ විදියේ අනේක විධ ගැටළු නිසා විදේශගත ‍වුනු පිරිසකගේ සූකෂම ක්‍රියාවලියක් තමයි මේ චිත්‍රපටය පුරහම මම දැක්කේ. මන්දා මට නම් එහි මා දුටු සියළු චරිත වටා තවත් අතුරු කථා බොහොමයක් මැවුනා. ඒ සියල්ල අනුවේදනීයයි...‍දොඩම් විකුණන ස්ටැන්ලි.. හොටලේ වැඩ කරන තරුණයා.. ව‍මේ දේශපාලකයාගේ පුතා.. සො‍හොනේ මීනී වලවල් කපන මනුස්සයා.. ජස්මින් හා ඇගේ සැමියා.. තම බිරිදගේ අසනීපය වෙනුවෙන් විදේශගත වෙන්න උත්සහ කරන පියා හා පුතා.. පොලිස් නිලධාරීන්... හෝටලේ පවිත්‍රතා නිළධාරී සුරේශ්... එතකොට සිංදු කියන කොල්ලෝ... මිනිස්සු පිට රට යවන්න සල්ලි ‍එකතු කරන්නා... ‍‍කොටින්ම අර රට හරක් ටික පවා... ඔය සියල්ලන්ගේම ජීවිත හරිම ශෝචනීයයි. මුඩුක්කුවකට ගොඩවෙලාවත් නැති අපි සෙලෝලයිට් පට වලින් බලනවටත් වඩා සමහර විට ඒ ජිවිත අසරණ ඇති...


‍හැන්ඩ්බෝල් සෙල්ලම් කරන්න තියා එහි නීතිවත් නොදැන ඔවුන් සිය ජිවිතය වෙනුවෙන් ගන්න තීරණ හරි කියන්න අපට බෑ... ඇත්ත ඔය වගේ වැඩ වලින් අපකීර්තියට පත්වෙන්නේ අපේ රට... නමුත් අපට හෝ රටට බැරි නම් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න.. ඔවුන් කරන දේවල් වැරදීයි කියන්නත් අපිට අයිතියක් නෑ... සමහර විට ‍ඒ ප්‍රශ්ණ තවත් නරක අතට හැරෙනවා වෙන්න පුලූවන් ඒත් ඔවුන් කරන්නේ ඔවුන්ට කලහැකි හොදම දේ නෙවෙයිද? චිත්‍රපටය බලා අපට පුළුවනි බනින්න අපේ රටේ වැරදි පෙන්නවා කියලා නමුත් ඒ ඇත්ත නම් ඇත්ත තිත්ත නම්??


සමාවෙන්න මේ සටහන පැටලිලි සහිත ඇති...චිත්‍රපටය ඇත්තෙන්ම මාව ඕනාවටත් වඩා සංවේදී සිතුවිලි අතර පැටලෙව්වා.. සමහර අය කියයි අපෝ ඕක මොකක්ද හිනා වෙන්න හොද කොමඩි එකක්... බලලා අමතක කරන්න විතරනේ තියෙන්නේ කියලා...ඒත් අනේ මන්දා තාමත් ඒ චරිත මගේ හිතේ ලැගුම් අරන් හරිම අසරණ විදියට මගේ හිත ඇතුලේ එකපැත්තක හොල්මන් කරනවා...චරිත ‍වලට පණ පෙවු නළු නිළි කැලගේ හා අධ්‍යකෂ‍කගේ දකෂතාවය නිසා වෙන්න ඕනි. කොහොම උනත් "මචං" නිර්මාණය කල සැමට මම ස්තූති වෙනවා. මම රසවිදි තවත් චිත්‍රපටයක් බවට "මචං" පත් කලාට.

පසු සටහන
*ඇත්ත ලංකාවේ සිනමාව තුල බොහෝ විට කථා වෙන්නේ අපේ බැරි කම හෝ ‍වැරදි තමයි. ඇයි ද දන්නේ නෑ.. 1996 ක්‍රිකට් ‍ ලෝක ශූරතාවය දිනා ගත් හැටි... සුසන්තිකාලා.. ශෙහාන් අබේපිටියලා ගැන අපේ සිනමාවේ ඉඩක් තවමත් වෙන් වෙලා නැත්තේ....
************
හිතවත් මගේ මරණය,
ඇපල් අච්චාරු පිළිබදව දුන් ඔත්තුවට බොහෝම ස්තූතියි. කියලා ගොඩක් කල් උනාට අද තමයි රස බලන්න අවස්ථාවක් ලැබුනේ...ඇත්ත හරිම රසයි. අනිත් අයත් කාලා බලලා කියයි.

Monday, November 17, 2008

හිනා වෙන මුහුණු


මොහොතක අස්වැසිල්ලක් ලබන්නට
ගෙවන මේ විකාර රූපී දිවියෙන්
අදුරටම වැද
ගලවා විසි කලෙමි බොරු
වෙස් මුහුණු

අදුරුම ආගාධයේ
මුල්ලකට වී නුඹ
මවා හසරැලි
මා දෙස බලාන උන්නා
එක එල්ලේම

අමතකව
නුඹ අජීවී බව
මටම දුක හිතුනා
මං ගැනම
වෙස් මුහුණුත් මට
හිනාවෙන රග දැන

ආයෙමත් මොහොතකින්
යායුතු බැවින්
ආලෝකයේ
රාජ්‍යයට
පිසදමා කදුළු බිදු
පැළදා ගනිමි නුඹවම

මම සිනා සෙමි
මම සිනා සෙමි
මම සිනා සෙමි
‍ලෝකයට...

මලී 17.11.2008

Sunday, November 16, 2008

අනේ මගේ සුන්දර සෙනසුරාදා...!!!

මේ ගෙවිලා යන්නේ ඉරිදා රැය....මම කැමතිම දවස් දෙකකින් පසුව පුරුදු විදියට ගෙවුනු සති අන්තය ගැන ලියන්නයි මේ යන්නේ... මේ සමහර විට සති අන්තයේ සුන්දරත්වය ගැන පාරම් බාන අන්තිය ලිපිය වෙන්නත් පුළුවන් අහෝ මා අදරණීය සෙනසුරාදා දිනය මගේ විවේකි දින වලින් ඉවත්ව යන්නයි හදන්නේ... හයියෝ මට වෙන්න යන දෙයක්... ඊයේ 15 අපේ ගමේ පන්සලට මා‍සිකව දෙන දානය දෙන්න නියමිත දිනය, ‍නිවාඩු දචසක් නිසා මටත් කාලෙකට පස්සේ දානේ පිළියෙල කරන වැ‍ඩේට එකතු වෙන්න පුළුවන් උනා. දුක තමයි දවල් වෙනකම් නිදා ගන්න නම් බැරි උනා. කමක් නෑ කියමුකෝ....දානෙත් පන්සලට පිළිගැන්වුවා කියමුකෝ...එහෙම්මම අම්මා මාව එක්ක ගියා ටවුන් එකට...ම‍ටත් කොණ්ඩේ කපා ගන්න යන්න ඕන වෙලා තිබ්බේ ඉතිං කලින් ඉදන්ම මම ඔය දවස වෙන් කරගෙනයි හිතුවේ..ඒත් කවුද හිතුවේ‍‍‍ මේ වගේ හෙණ ගෙඩියක් පාත් වෙයි කියලා.... අම්මා මාව එක්කන් ගියා සිංගර් එකට... ඒකේ මැහුම් පන්තියට. සකල කළාවන්ගෙන් පරිපූර්ණ ගැහැණියක් ලොවට දායාද කිරීමේ අපේ අම්මාගේ සිහිනයේ ප්‍රතිඵලයක් විදියට මට මැහුම් ඉගන ගැනීමට නියෝග කෙරුනා...වසර ගනනාවක්ම කට්ටි පැණ පැණ සිටියත් තව දුරටත් එසේ කිරීමට නො‍හැකි වූ බව ශොකයෙන් යුතුව දැණුම් දෙන්නෙමි. ඇත්තම කියනවා නම් මට ඇදුම් මහන්න තියා බොත්තම් කාසයක් වත් හරියට මහ ගන්න බෑ... ඉතිං අම්මත් සාධාරණයි නේ..ඉතිං කොහොම හරි තට්ටු තුනක් නැගලා පන්තියට ගියා... තරමක වයස කෙනෙක් ඒ කියන්නේ අවුරුදු පනහකට විතර කිට්ටු කෙනෙක් තමයි උගන්නන්න ඉන්නේ...එයා මගෙන් ඇහුවා මොනවද ඉගන ගන්න ඕනි කියලා...අපේ අම්මා කිව්වේ නැතැයි මෙයාට හැමදේම උගන්නන්න ඕනි කියලා... මම ඉතිං වට පිට බලලා හෙමිහිට කිව්වා මම එම්බ්‍රොයිඩර් වලින් පටන් ගන්නම් කියලා...ඒ අනුව මාව පන්තියට බදවා ගත්තා
මට ලබන සතියේ ඉදන් පන්ති එන්න කියලා එනකොට අරන් එන්න ලිස්ට් එකකුත් දුන්නා
සුදු පොප්ලින් 1m
Frame 1
එම්බ්‍රොයිඩර් නූල්
නො 11 මැෂින් ඉදිකටු 1
DMC නූල්
එම්බ්‍රොයිඩර් කතුරු 1
පැන්සල් 1
‍ටිෂු කඩදාසි 1

දුකම කථාව පටන් ගන්නේ දැන්. පන්තියේ නීතිය අනුව මාසෙකට පැය 20ක් ඉගෙන ගන්න අනිවාර්යයි.මට සති මැද බැරි නිසා අනි‍වාර්යෙන් පැය 20 අවරණය කරන්න වෙන්නේ සති අන්තයේ. එකෙත් ඉරිදා පන්ති නෑ ඉතිං මට සෙනසුරාදා පන්තියට තමයි ඉන්න වෙන්නේ සාමාන්‍යයෙන් පන්ති ‍තියෙන්නේ පැය 2 බැගින්
9-11 , 11-1.00 , 2-4 ටීචර් කිව්වා මට උදේ 9- 1 වෙනකම් පංතියේ ඉන්න එන්න කියලා...ඒත් එහෙම බැළුවත් ආවරණය වෙන්නේ පැය 16 යි මට හිතෙන්නේ මට 9 ඉදන් 2 වෙනකම්ම ඉන්න වෙයි වගේ අහෝ එතකොට සෙනසුරාදා උදේ ‍සිරසේ ළමා චිත්‍රප‍ටය,දවල් වෙනකම් නිදා‍ගන්න, පොත් කියවන්න ‍ඔය හැම දේ කරන්නම මට සෙනසුරාදා අහිමි වෙනවා...අනේ මන්දන්නේ නෑ...මම මහන මැෂිමකින් කොට්ට උරයක් වත් මූට්ටු කරලා නෑ...ලබන සෙනසුරාදා මම මොන විකාරයක් කරගනීද දන්නෙත් නෑ.. ගිහිල්ලම බලනවා ...පන්තියේ අනිත් ලමයි නුත් මං දිහා බැලුවේ අරුම පුදුම සතෙක් දිහා බලනවා වගේ...එයාලත් කොයි කුලේ අයද දන්නේ නෑ... ලබන සතියේ ගිහිං ඇවිත් කියන්නම් මොකෝ උනේ කියලා දැනට නම් ඔළුවේ තියෙන්නේ මට අහිමි වෙන්න යන සුන්දර සෙනසුරාදාව ගැන විතරයි...මං පව් නැද්ද අප්පා.... :(

Saturday, November 15, 2008

Walk on By



I walk to relieve the pain,........... I walk to be found
I walk to clear my head,............. and I walk to be profound

I walk to find myself, I walk to find help
I walk to find the innocence I once had,......I walk to find my lost soul

I walk to know how I feel.
But I am lost and find nothing

I do not get what I reach for, what I scream for


So here I am wanting more,
Reaching, hoping, tormenting, loosing &........ Lost,

FIND ME !

Wednesday, November 12, 2008

ආගම්

ඇසළ නිකිණි බිණර
ඔය කොයි කොයි ‍පොයත්
නත්තල් රාමසාන්
ඔය කොයි උත්සවයත්
තියෙද්දි අනේ මට හිතෙනවා
අපේ රටේ තව තව ආගම්
තිබුනා නම් කියලා
දැනට නම් මට
නිවන් දකින්නවත්
ස්වර්ගස්ථ වෙන්නවත් ‍නෙවෙයි
ගෙදරට වෙලා
නිදහසේ ඉන්න.
නිදහස් සිතුවිල්ලක් පමණි.
12.11.2008

Tuesday, November 11, 2008

කෙනෙකුට

මහා ලොකු බර කළු ගල් බෝර
නැති උනාට
එකම එක වචනයක් ඇති
හිතේ බැමි පුපුරවන්නට


11.11.2008

Idiot - on the loose

:-)

Someone tried to hack my account which I post to this blog from

Thank God I use my Kitten's name as the password . lolzzz

Monday, November 10, 2008

තීරණ

තීරණ - අපේ ජිවිත ‍කාලෙදි අපි කොයි තරම් නම් තීරණ අරන් ඇද්ද ගනිමින් පවතිනවද තව ඉස්සරහට කොයි තරම් නම් ගනීවිද? කියන්න බෑ නේද? උදේ අවදි වෙන වෙලාවෙන් පටන්ගත්තම ‍රෑ අපි නිදාගන්නේ කීයටද කියන දේ වෙනකම්ම තීරණය වෙන්නේ අපි අපිට තේරී හෝ නොතේරී ගන්න තීරණ මත නේද? මම හිතන්නේ අපිට නොතේරෙන ළදරු අවධියේ ඉදන්ම අපි තීරණ ගන්න ඇති. අඩන්න ඕනි කොයි වෙලාවටද හිනා වෙන්නේ කොයි වෙලාවටද ව‍ඩාගන්න කියන්නේ කාටද ‍කොයි සෙල්ලම් බඩුවද ඉල්ලන්නේ ‍ඔය විදියට ‍ඕනි තරම් තීරණ. ඒත් ඒ කිසිම ‍තීරණයක් අපේ ජීවිත වෙනස් කරන්න හෝ ලොකු බලපෑමක් ඇති කරන්න තරම් ප්‍රබල වෙන්නේ නෑ නේද? ඒත් අපි වයසෙන් වැඩෙන්න වැඩෙන්න අපි ගන්න තීරණ අපේ විතරක් නෙවෙයි අපි අවට ඉන්න අපි සමග ජීවත් වෙන බොහෝ දෙනෙකු‍ගේ ජීවිත වලට අඩු වැඩි වශයෙන් බලපෑම් ඇතිකරනවා නේද ?

අපි කන බොන කෑම වලින් පටන් ගත්තම අදින ඇදුම ඉගන ගන්න විෂය පද්ධතිය යන ‍එන තැන් ආශ්‍රය කරන යාළුවෝ කරන කියන හැම දේම පිළිබදවම හැමවෙලේම අපිට ගන්න තීරණයක් ඉතුරු වෙනවා. සමහර වෙලාවට අපි තීරණයක් ගන්න කොයි තරම් නම් හිතනවද ? බුද්ධියට ඉඩ දීලා තිරණ ගැනීම මනසට හිතට හැගීම් වලට ‍‍එක එක වෙලාවට එක ‍එක සාධක වලට ඉඩ දීලා අපි තීරණ ගන්නවා. සමහර වෙලාවට අපිටම හිතෙනවා නේද සමහර තීරණ ගන් අපි ඉක්මන් උනා වැඩියි කියලා,එහෙමත් නැත්නම් පරක්කු වුනා වැඩියි කියලා. එහෙ‍ම තමයි තීරණයක හොද හා නරක කියලා දෙපැත්තයි තියෙන්නේ එක්කෝ අපි ගන්න තීරණය නිසා අපි සතුටු වෙයි ‍නැත්නම් දුක් වෙයි. එච්චරයි. ඒත් එකෙන් පස්සේ ඉතිරි වෙන්නෙත් තවත් තීරණයක් ගන්න වුවමනා කරන පසුබිමක් හැදෙන එක විතරයි.

සමහර වෙලාවට අපි සතිගනන් කල්පනා කරලා තීරණ වලට එළබෙනවා. නැත්නම් බොහොම කෂණිකව හිතට එන අදහස අපි කියනවා. එ ‍දෙවිදියෙන් කොයි විදිය කලත් අන්තිමටම අපි කියන වෙලාවල් තියනවා නේද අපරාදේ මම ඒ විදිය තීරණයක් ගත්තේ කියලා. ඒත් කරන්න කිසිම දෙයක් ඉතු‍රු වෙලා නැති වෙන්න පුළුවන්. සමහර විට ඉතිරි වෙලා තිබුනත් ඒක ක්‍රියාත්මක කරන්න තරම් අපි හිතින් ‍ශක්තිමත් නැති වෙන්න පුළුවන්. සමහර විට ශක්තිමත් වුනත් එක තීරණයක ඉන්න බැරි අය කියන නාමය ලබාගන්න අකමැති කම නිසාම ඒ ගැන වැඩි දුර නොහිතා ඉන්න පුළුවන්. ඒක එහෙම තමයි. සාමන්‍යයෙන් පිරිමි අය කියන්නේ එයාලා එක තීරණයක බොහෝ දුරට රැදී ඉන්නවා කියලා. ගෑහැණු අයව ලේබල් කරලා තියෙන්නේ චපල බොළද පිරිසක් විදියට ඒකට හේතුව තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදි කාන්තාවන්ගේ තියන ගතිපැවතුම් වෙන්න ඇති.

ඔය අතර සමහරු කියනවා "මම නම් කවදාවත් මම ගන්න තීරණ ගැන පසුතැවෙන්නේ නෑ" කියලා. එහෙම අය ඉන්නවා නම් හරිම වාසනාවන්තයි. ඒත් ජීවිතේ එක් අවස්ථාවක දිවත් පසුතැවුනු අය නැති වෙන්න බෑ. මගේ සම්බන්ධයෙන් නම් මම ගත්ත සමහර තීරණ ගැන පසුතැවුනු වෙලාවල් තියනවා.ඒත් ඒවා මත්තෙම නහින්නේ නැතුව මගේ ගමන හදාගන්න මම උත්සහ කරනවා.

තීරණ ගන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර ෂොක්ද? ඔක්කොම අප කෙරෙහි බලය තව කෙනෙකු‍ට පවරලා. එහෙම ඉන්න අයත් ඉන්නවා නේද? ගෙදරට සියල්ල පවරලා තමන්ගේ දේවල් පවා ඉටුකරන එක පවා අම්මලා තාත්තලට බාර දීලා බොහොම සැනසිල්ලේ...අපි කථාවට කියන්නේ රාමුවේ ඇතුලේ ජිවත් වෙන අය. කන්නේ බොන්නේ අදින‍්නේ පලදින්නේ අනිත් කෙනෙක් කියන විදියට කොටින්ම ඉගන ගන්න විෂය පද්ධිතිය තීරණය කරලා දෙන්නෙත් ගෙදර කවුරු හරි. කසාද බදින්න ගෑණීව හරි මිනිහව හරි තොරලා කසාද දවස තීරණය කරලා දෙන්නෙත් අනිත් අය. එහෙම අය නම් හරි පව්. ඒත් වෙලාවකට හිතෙනවා මමත් එහෙම උනා නම් ඉවරයි කියලා. එ‍තකොට ගන්න තීරණයක් වැරදි උනොත් එකත් වෙන කෙනෙක්ගේ කරපිට පටවලා මට බබා වගේ ඉන්න තිබ්බා. ඒත් ‍එහෙම ඉන්න බැරි ලෙඩක් තියනවානේ.

දැන් ඔන්න මට තව තීරණ දෙකක් ගන්න අවස්ථාව ඇවිල්ලා. මම මේ බයිලේ තව ලියනවාද මෙතනින් නතර කරනවද. මේක පෝස්ට් එකක් විදියට දානවද නැද්ද. ඕන එකක් මම මෙක මෙතනින් නවත්තලා පබ්ලිශ් නව් ක්ලික් කරනවා.

A change is gonna come

Two songs I always loved from the day I heard them...






A Change is gonna come

I was born by the river
in a little tent
and oh just liked the river I've been running ever since
It's been a long
long time coming but I know
a change is gonna come
oh yes it will

It's been too hard living
but I'm afraid to die
I don't know what's up there beyond the sky
It's been a long
long time coming but I know
a change is gonna come
oh yes it will

Now I go to the movies
and I go downtown
somebody keeps telling me don't hang around
It's been a long
long time coming but I know
a change is gonna come
oh yes it will

So now I go to my brother
and I say brother help me please
but somehow he winds up knocking me
back down on my knees

Oh there were times I thought
I wouldn't last for long
now I think I'm able
able to carry on
It's been a long
long time coming but I know
a change is gonna come
yes it will ohhh
I know a change is gonna come
I said I know a change is gonna come

hey hey
a change is gonna come right now ohhh
a change is gonna come a change is gonna come
I see it know hey
oh my
I said a change is gonna come


Love's Devinne





Then the rainstorm came, over me
And I felt my spirit break
I had lost all of my, belief you see
And realized my mistake
But time threw a prayer, to me
And all around me became still

I need love, love's divine
Please forgive me now I see that I've been blind
Give me love, love is what I need to help me know my name

Through the rainstorm came sanctuary
And I felt my spirit fly
I had found all of my reality
I realize what it takes

'Cause I need love, love's divine
Please forgive me now I see that I've been blind
Give me love, love is what I need to help me know my name

Oh I, don't bet (don't bend), don't break (don't break)
Show me how to live and promise me you won't forsake
'Cause love can help me know my name

Well I try to say there's nothing wrong
But inside I felt me lying all along
But the message here was plain to see
Believe me

'Cause I need love, love's divine
Please forgive me now I see that I've been blind
Give me love, love is what I need to help me know my name

Oh I, don't bet (don't bend), don't break (don't break)
Show me how to live and promise me you won't forsake
'Cause love can help me know my name

Love can help me know my name.

11 දෙනෙක් හා කවියක්

මේක මේ මම තනියම ලිව්ව එකක් නෙවෙයි. අන්තර්ජාලයේ මගේ මහගෙදර වගේ තැන යහෙළියෙක්ගේ පොඩි යෝජනාවක් මත ලියවෙච්ච කවියක්. මේ මුළු කවියම ලිව්වේ 10 දෙනෙක්. ලියන්න අදහස දුන්නු කෙනා ලිව්වේ නැහැ. ඒකයි දහ දෙනෙක් ලිව්වා කිව්වේ. කවියට නිමිත්ත කරගත්තේ "සුනාමි ව්‍යසනයෙන් සිය පුතු අහිමි වූ මවකගේ ශෝකය ".
හැමෝම එක කවියක් ලියමු කියන අදහස ගෙනාවේ සමනළී1987. කවියේ නිමිත්ත හා මුල් පද archrasikaගෙන්
Aravindalj, paba123,G2H, cj4ever,pooh27,harshafx,Asanka10, මම හා පිංතූර වැඩ කිඩ ටික දාලා කවිය නිමා කලේ Blackroses.
කාර්යබහුලත්වය හා නොයෙකුත් හේතු නිසා මට ‍දැන් ඉස්සර වගේ මහගෙදර යන්න වෙන්නෙ නෑ. අහම්බෙන් ගිය වෙලාවක තමයි වැඩේට එකතු වෙන්න ලැබුනේ ආයෙමත් දන්න අදුරන පිරිසක් සමග ඒ වගේ වැඩක් කරන්න ලැබුනු එක මට සතුටක්. ඒ සතුට ලබා දුන්නු හා කවිය මගේ බ්ලොග් සටහනට එකතුකරන්න අවසර දුන්නු හැම දෙනාටම ස්තූතියි.


Sunday, November 9, 2008

සති අන්තයේ රෝහල් ගත වීම හා පාසැල් යාම

මේ සති අන්තයේ මගේ දවස් දෙකෙන් වැ‍ඩි හරියක් ගෙවුනේ මහනුවර ශික්ෂණ රෝහලේ 51 හා 26 කියන වාට්ටු දෙකෙයි පල්ලේ කැලේ ආයුර්වේද රෝහලෙයි. අපොයි මම නෙවෙයි, පඩිපෙළකින් ඇද වැටීම නිසා අ‍බාධිත වෙන රොගියෙක් එක්කයි මම හිටියේ පොත- 51 වාට්ටුව කතෘ කන්දේගම කුලරත්තන.

1991 මැයි 26 වන දින රජයේ කාර්යාලයක උඩු මහලින් බිමට ඇදවැටී මුහුණ,අතපය,ගෙල, කොදුඇට පෙළ පමණක් නොව සුසුම්නාවද සුණුවිසුණුව ගිය රෝගියෙකු මෙරට වෛද්‍යවරුන්ගේ පමණක් හැකියාවන්ගේ බලයෙන් බිදී ගිය සියළු කොටස් පුරුද්දා ප්‍රාණය ලැබ සිරුරේ දකුණු අර්ධය පමණක් යථා තත්වයට පත් වු පසු තමන් ලබන අත්දැකීම් උපයෝගී කරගෙන ලිව්ව පොතක් තමයි 51 වාට්ටුව කියන්නේ. රෝගියෙක් ස්නායු රෝග ආශ්‍රිත ‍ප්‍රතිකාර ලබාදෙන වාට්ටුවක බොහෝ කාලයක් ප්‍රතිකාර ගන්නා අතරතුර ඔහුට ‍මුණගැසුනු වෛද්‍ය,හෙද,සාත්තු සේවක හා කම්කරු යන සියළුම අංශ වලට අයත් සේවක චරිත හා රෝගීන් පිළිබදව මැදහත් සිතින් ලියන ලද පොතක් විදියට මම මේ පොතට කැමතියි. ‍ඒ හැර ‍මුළු පොත පුරහම දිව යන ආබාධිත රෝගියෙකුගේ ගුප්ත වේදනාත්මක් අත්දැකීම වලින් මේ පොත වැසී ගිහින් තිබුනා. ජීවිතේ අද වෙනතුරු කවරදාවක් වත් ‍රෝහලක පැය ‍දෙක තුනක් වත් ගත කරලා නැති මට මෙම පොත අපේ සමාජයේ තවත් පැත්තක් පෙන්නුම් කරා කියලා මට ‍හිතෙනවා. පොත කියවද්දි ඇති වෙන අනුකම්පාව වගේම කුතුහලය පිරි අමුතුම හැගීමකුත් පොත වෙත මගේ ආසාව වැඩි කලා.

මම මේ පොත ගත්තෙත් ‍‍බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශණයෙන්. පොතේ පිටු ගණන අඩු වීමත් පොතේ නමත් ‍‍ආකර්ශනයෙන් යුත් අනිත් පොතුත් නිසා මේ පොත කියවන එක දවසින් දවස කල් ගියා. ඒත් අවංකවම කියන්න ඕනි දේ තමයි මුළු ප්‍රදර්ශණයම පීරලා හොයා ගත්තු මේ වසරේ හොදම නවකථාව ‍වුනු ලියනගේ අමරකීර්ති‍ගේ "අටවක පුත්තු" හා හොදම කෙටිකථා සංග්‍රහය වු ගුණදාස අමරසේකරගේ "විල්තෙර මරණය" කියන කෘතීන් දෙකටම වඩා මේ පොතේ ඇතුලාන්තය මාව ආකර්ශණය කරගත්තා. අටවක පුත්තු කියවලා ඉවර උනාම මට හිතුනේ මේ ව‍ගේ කථාවක් මම මීට කලින් කියවලා තියනවානේ කියන එකයි. ඒ හැර එහි එන සිදුවීම් විස්තර කිරීම් මීට වඩා ප්‍රබල විය යුතුව තිබුනා කියලා මට හිතුනා. අවංකවම මට ‍අටවක පුත්තු හිතේ ලොකු සටහනක් තිබ්බ පොතක් කියලා නම් කරන්න බැහැ. අනේ මන්දා මම පරිවර්ථන පොත් වලට වැඩියෙන් ඇලිලා ඉන්න හින්දද කියලා මට මේ සාහිත්‍ය සම්මාන ලැබූ පොත් දෙකම ‍ගත්තේ අපරාදේ කියන ලිස්ට් එකට දාන්න හිතුනා. ඒ අතරින් විල්තෙර මරණය නම් ප්‍රධානයි. හේතුව එහි කථාව පවා පදනම් වී තිබුනේ අපි කවුරුත් දන්න ලකෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පසුබිම් කරගෙනයි. එහි එන අනිත් කථා පවා මගේ හිතේ වැඩි මතකයක් ඉතිරි කලේ නෑ. එක්කෝ ගැටළුව තියෙන්නේ මගේ දැණුමේ නැත්නම් අපේ සාහිත්‍ය පවතින්නේ දුක්බර තත්වයක. අනේ මන්දන්නේ නෑ ඉතිං ඕවා. මම කියෙව්වා මට හිතුනා මම ලිව්වා .

************************************************

මේ ඉරිදා හවස් වරුවේ මම ආයේ ගිහින් වාඩි උනා ස්කොලේ උසස් පෙළ පන්තිය ඇතුලේ. සෑහෙන්න කාලෙකින් මගේ යාළුවෝ ටික ආයෙත් මුණ ගැහුණා. එක්කෙනෙක් බැදලා..කට්ටියක් රස්සා කරනවා...කට්ටියක් සරසවි යනවා... එකෙක් රට. හප්පේ එක බත්පත බෙදන් කාපු කෙල්ලෝ 8 දෙනෙකුට ‍වෙච්චි දෙයක්. ආය ඉතිං එහෙම කිව්වට මක් වෙලාද ඔය ඉන්නේ 8 දෙනාම යස අගේට අම්මේ ඔව් අංජු ලස්සන වෙලා, හෙලා‍ මහත් වෙලා , නෙරා සුදු වෙලා කට්ටියට කථාකරන්න දේවල් කෝටියයි. ඔය අස්සේ ගදයා එනකම් බලන් ඉන්න වෙලාවේ මගේ සෙරෙප්පුව වැටුනේ නැතැයි කාණුවට. ගන්නත් බෑ වතුර තියෙනවා කාණූවේ. හයියෝ!!! යැව්වා අංජුව බාටා එකට ඩොටෙක් අරන් එන්න. එයා එනකම් හෙලාව තියා ගත්තා මගේ ඉස්සරහින් ‍එතකොට යන එන අයට පෙන්නේ නැහැනේ. ඔය අස්සේ නිරා එහා පැත්තේ හිටිය සෙරෙප්පු හදන කෙනා එක්ක කථාවක්. මෙන්න බොලේ ටිකකින් අර මනුස්සයා ඇවිත් කම්බියක් දාලා සෙරෙප්පුව අරන් දුන්නා. මට හරිම සතුටුයි ඒත් ඒක දාන්න බෑ කුණූ වතුරෙනේ තිබ්බේ. අංජු ඩොටා ගෙනාවම ඒක දාගෙන හිටිය සෙරෙප්පු කුට්ටම ෂොපින් බෑග් එකේ දාලා හෙලන්ගේ බෑග් එකේ දැම්මා. ඒකී මට බැන බැන ඒක උස්සන් හිටියා. මොනවා උනත් මම කරනවා වගේ බැග් එක බිමින් තිබ්බේ නම් නෑ. ගදයා ආවට පස්සේ අපි ගියා මේනා ලගේ ගෙදර. පැය 4ක් විතර බොහාම සතුටින් එක විනාඩියක් වත් වචන නැතුව හිස් වුනේ නෑ. හිනාව නැති උනෙත් නෑ..හොද වෙලාවට ගෙදර අනිත් අය දේව මෙහෙයකට කියලා ගියා. නැත්නම් අපිව ගෙදරින් එළවනවා ෂුවර්. හැමෝටම කියන්න අළුත් තොරතුරු කප්පරයි. අළුත් කථා එක්ක බැදෙන පරණ මතකයන් අපිව ආයෙත් ස්කොලේ ගෙනිච්චා. 5.30 විතර මේනලගේ ගෙදරින් එනකොටම පටන් ගත්ත කුඩු පොද ගෙදර එද්දි මහා අකුණු ගගහ වහින වැස්සක් වුනා. හොද හැටි තෙමිලා ආදරණීය මතකයන් ටිකකුත් ‍ගොඩගහගෙන ගෙට ගොඩ වුනා. හ්ම්ම් සති අන්තයත් ඉවරයි. හෙට ඉදන් ආයෙත් පුරුදු රවුමේ කැරකෙන්න වෙනවා ඒත් ජීවිතය සුන්දරයි. මට එහෙම හිතෙනවා.!

Thursday, November 6, 2008

කතරක සිහින








කටුමැටි ගෙදර ගඩොලින් නිම වෙන්නයි
වහලේ පිදුරු රටඋළු සෙවනට යන්නයි
තෙල් නැති ලාම්පුවෙ දැල්ලට විදුලිය දෙන්නයි
රට රැකියාවකට මම මේ කතරට ආවයි...

කුඹුරේ නිල් ගොයම සහරා වැලි කදුමත දකින්නයි
වැව් දිය පිස එන පවනේ සුව දූවිලි සුළගින් ලබන්නයි
විහගුන් ගැයූ කිචි බිචි ගී නොමැකී යන්නයි
දිවියේ මේ දුක් හෙට ‍‍පුතු ලොව සරි කරන්නයි...

කළු රත්තරං ළිං තව පිරෙන්නයි
ඒවා මතින් රියාල් කොල මැවෙන්නයි
මාසේ අන්තිමට පඩි පත ලැබෙන්නයි
පුංචි පැළට හෙට පුර හද පායන්නයි...

දිවියේ විඩා මට ‍බෝ කල් නොදැනෙන්නයි
කූඩුව තනා යළි මව් රට යන්නයි
මං එන තුරා පැටවුන් එහි සතුටින් රැකෙන්නයි
උන්ගේ අම්මා දෙවියන් රක්සා කරන්නයි...

පුතුනේ ගියත් තව ගැඹුරට නිරුදක කතරේ
ගතින් නැතත් සිතින් මම නුඹලා ඇසුරේ
පියඹා එමිය නැවතත් ලත් ඇසිල්ලේ
පිය සටහන් තඹා යමි මාවත‍ යළි පෙනෙනා හැටියේ....

මලී
06.11.2008

Wednesday, November 5, 2008

තෝසේ


පදමට පෙගුණු උදු ඇට
ඇඹරී පිටි ලෙස
ඇනී නිසි පදමකට
උණු තැටියේ හැදෙයි
රවුමකට...

වට්ටක්කා සමග
තවත් ගුණ එළවළු එකට
කැපී පොඩි වී පොල් කිරි
සමග
ඉදෙයි ‍සාම්බාරු හොද්දක්
රසට...

පොල් හා හාද වෙන
අමුමිරිස් කරල් ටික හොදට
ඇඹරිලා කරපිංචා සමග
සම්බෝලේ ලෑස්තියි
මේසයට...

හැමදාම යන ‍කඩේටම
ගොඩවුනා අදත් වෙහෙස වී
හොදටෝම
කොනේ පුරුදු මේසය
‍හිස්ව තිබුනා
පුරුවේ පිනට...

එවර්සිල්වර් පිගානට
සම්බාරු සම්බෝල
වැටුනයි හනි හනික
උණු උණුවේ තෝසේ
වැඩියයි මේසයට
එතකොට...

පිඩෙන් ‍පිඩ බිදෙන් බිද
අවසන් උනේ තෝසය
උළුදු වඩේකට තවත්
ඉඩ තිබු‍නේ
යාන්තමකට...

වර්ග වාද කොයි හැටි වෙතත්
කථා කරන බස කොයි එක වෙතත්
දනෝ යති සරස්වතියට තාමත්
ආදරෙයි අපි තොසේ රසට හැමදාමත්

‍සිංහල දෙමළ මුස්ලිම් කොයි එකා වුනත්
කුසගිනි වෙලාවට එක ලෙස වෙයි හාමත්
සිරුරේ උණු ලේ ගලති එක ලෙස හැමදාමත්
ඇයි මේ යුද්ධයක් හැම එක ලෙස සලකත්....


මම තොසේ කන්න ආසයි අප්පා.....!!!!!! ‍ඒකයි අදත් තෝසේ ගැනම ලියවුනේ....

කලින් ලිව්ව තොසේ කථාව.

Saturday, November 1, 2008

For the Picture


Playing with matches, they burn the suburb
From the ashes, will our phoenix rise?

Dancing with rifles, we’re kissing cannons all the time
Desensitized, is it violence they love so much?

Running with scissors, they might poke out our eyes
Believes they will get a brand new sight

Edgy, aren’t they?
Finger on the trigger
Lingering on Killer instinct
Letting the bullet be the singer
And hum a song of destruction

Violent violins
Molotov melodies
Soothing the beast in them
Shredding our flesh, sharp Do-Re-Ti

Artisans of their self-destruction
Architects of our self-delusion
Partisans of radical solutions
Painting landscapes of desolation