Tuesday, August 26, 2008

කෙටි සටහන.

අද පොඩ්ඩක් වැඩ වැඩිදවසක් උනත් මේ සටහන පොඩියට හරි දාලා තියෙන ‍එක හොදයි කියලා හිතුනා...අද එක්තරා විදියකට ගත්තොත් මගේ ඡිවිතේ විශේෂ දවසක්. මීට හරියටම අවුරුදු 2කකට කලින් එහෙමත් නැත්නම් 2006 අගෝස්තු 26 වෙනි දාවක තමයි මුලින්ම මම මගේ රස්සාවට ආවේ....එදා ඉදන් අද වෙනකම් මේ මේස, පුටු ,පරිඝනක, ෆයිල්, අරවා මේවා...ආගන්තුක මුහුණු අතරේ කොයි තරම් දේවල් සිද්ධ උනාද? ඇස් වලින් කදුළු එන තරමට හිනා උනු දවස් වගේම ඇස් ඉදිමෙනකන් අඩපු දවසුත් ඇති‍. හුස්මක් කටක් ගන්නේ නැතිව වැඩ කරපු දවස් වගේම මේසෙට ඔළුව තියා‍ගෙන නිදාගත්ත දවසුත් ඇති‍. මේ කාලෙදි සල්ලි කෙසේ වෙතත් මිනිස්සු හම්බ කරගත්තා කියලා නම් බය නැතිව කියන්න පුළුවන්.ඒ හැර ඉගෙනීම ම‍ග නැවැත්තුවේ මගේ තියෙන කම්මැලි කමට මිසක් රස්සාව නිසා නෙවෙයි නේ...! රස්සාවෙන් ලැබුනේ එච්චරමද මන්දා ....නෑ එහෙමමත් නෑ....අවුරුදු 19 ක කෙල්ලකට වයසට වඩා පොඩි හරි වටිනා කමක් රැකියාව නිසා ලැබුනා කියලා කියන්නම එ‍පැයි....ඒ හැර ඉතිරි කරපු දෙයක් කියලා සත පහක් වත් නැති උනත් ඡිවිතයට ලැබුනු මිල කරන්න බැරි අත්දැකිම් ටික හැම දේටම වඩා වටිනවානේ.....කොහොමත් ‍මගේ ඡිවිතේ ම‍ගේ කියලා දේවල් තියෙන්නේ හරිම ටිකයි‍...මගේ අම්මා, මගේ තාත්තා, මගේ ඡිවිතය, මගේ රස්සාව‍. !

13 comments:

  1. Proud of you lil girl.

    I always say and believe that a woman should always have a job..and she should be able to feed her self when hurricanes of destiny sweep pass by us.... you just never know what will happen around you in future.

    Hang on to that job Malee.. and look for something better. For success only comes for the person who goes in search of it.

    Btw, I started as an intern for my fathers law firm for a salary of 3,500 in 2001...

    I was just out of my school and waiting results.

    Then of cource, when I got entrance to the Uni, I moved from dad's place and started at another while still learning.

    7 years down the line... and after 5 jobs.. here I am

    :-)

    Let's see where you would be.. :-) ..may be the MD of your own company with governing shares plus healthy stock market options and driving a Merc..............

    or......

    Singing lullaby's to your own cute little FOURTH son at husbands' place.

    Bu ha ha ha !!!

    ReplyDelete
  2. දින සම්බන්ධයෙන් කාන්තාවන් හරි උනන්දුයි වගේ. මට නම් මලදානයක් මතක නෑ. හැබැයි අර කිව්ව වගේ උපය ගත්ත දේවල් සම්බන්ධයෙන් සහ ඉගෙනීම සම්බන්ධයෙන් මගේ අත්දැකීමත් එක වගේ.

    නෑෂ් කියන කාන්තාවන් රැකියාවක් කල යුතු වීම නම් මමත් පිළි ගන්නවා. ඒකෙන් ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  3. Great stuff akki keep it up!

    ReplyDelete
  4. @ N-N - thanx Bro... eer my own company .. I'm sure I can go fo it...but u know i'm a lazzy girl neee so..better leave that idea Lolzzz....4th Son? GRRRRRRRRRRrrrrrrr

    @ hare - අපොයි ඔව් නැතුව... ඒක ගෑණු ගතිය..අපේ අම්මා එයාගේ උපන්දිනේ ගැන රිමයින්ඩ් දෙන්නේ මාසෙකට කලින් ඉදන් හික් හික්


    @asi - thanx asi

    ReplyDelete
  5. @ ඇම් - ඒකට අපෙ අම්ම නම් ඔරිජිනල් ඇබ්නෝමල්! එයාට උපන් දිනේ ගානක්වත් නෑ. අපි තමයි එදාට එයා වෙනුවෙන් ආතල් ගන්නේ. හින් හික්...

    ReplyDelete
  6. @hare : අප්පේ අපේ අම්මට තෑගි තෝරලා තාත්තටයි මට‍යි ආතල්...අනික ඉතිං කෙලින්ම කියන්නේත් නැහැනේ ...special day එකක් එනවා ඔයාලට මතකද කියලනේ මුලින්ම අහන්නේ අපි ඉතිං අනේ නෑ..අතේ සතේ නෑ..අනම් මනම් කියලා බුදු බයිටක් දෙනවා බැනුම් අහලා නතර කරනකම්ම.හික් හික්

    ReplyDelete
  7. Oya jeewitheta lagadima thawa ekak ekathuwewa!!!!!!!! :D :D

    ReplyDelete
  8. @t.Kanch

    She already has.

    ME !!!

    :-)

    ReplyDelete
  9. @ ඵම් - මම දැන් වාසය කරන ගෙදර මගේ පුංචි නම් ඔය වගේ තමයි. එයා ඉල්ලන්නෙ පීසා. මම මග ඇරල ඉන්නවා. සල්ලි කොහෙද ඕවට! ඒත් යන්තම් මොනව හරි ෂේප් කරල දානවා. කන දෙයක් දීලා ෂේප් කරගන්න පුළුවන්. මම බැණ බැණ අරන් දෙනවා. "දැනටත් දොරෙන් ඇතුල් වෙන්නෙ හෙන ගේමක් දීල. මෙහෙම කෑවොත් එලියෙ ටෙන්ට් එකක් ගහන් තමයි ඉන්න වෙන්නේ" කියල. එතකොට එයා මට එයා කියන අර නම කියල කිණ්ඩිය දානව.

    ReplyDelete
  10. @ T - ගෙදර තව බලු කෙනෙකුයි. මකුණොයි, කැරපොත්තොයි, හූනොයි, ඔළුවෙ උකුණොයි ඉන්නවලු. ඒ මදෑ.. හික් හික්!

    ReplyDelete
  11. @nash_node
    Oh really!!! congratz.... :D

    ReplyDelete
  12. Oh really!!! Congratzzz... :D

    ReplyDelete
  13. අම්ම‍ට සිරි මලීට වයස 30‍ වෙද්දි experience එක අවුරුදු 10කටත් වැඩියි..best of luck with you sis...go ahead!!!

    මම මුලින්ම අපේ අප්ච්චිගෙ රස්සාවට යනකොට මට දිනක පඩිය රු 200යි ...නමුත් පාසැල් නිවාඩු කාලෙට විතරයි....නමුත් ඒ මුලින්ම ‍කොයි කාලෙද කියල මතක නැහැ..නමුත් මම ඒවට සම්බන්ධව වැඩ කලා මට යමක් කමක් තේරෙන වයසෙ ඉදලම...ඇත්තටම යම් රැකියාවක් කරනව කියන්නෙ ජීවිතේට හරිම වටිනාකමක්..මම මගේ ආයතනය වෙනුවෙන් කීයක් හරි හම්බකරල දෙවන කියල හරි උදාර හැගීමක් එනව...

    ReplyDelete