Sunday, August 10, 2008

උත්තර ඇති නැති ප්‍රශ්ණ

හ්ම් හ්ම් ගෙඩක් දවසක ඉදලා මේ දේ ගැන මොනා හරි කුරුටුගාන්න හිතුනා..ඒත් මොනා ලියන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ කවියක් නිසදැසක් උනත් ලියවෙන්න තාලයක් කලාවක් ඇතුව වචන එන්න එපැයි ඒක ආවෙත් නෑ....ඒක නිසා අම්මා ගැන කවියක් ලියනවා වගේම ආදරේ ගැන මොනවා හරි ලියන එකත් දවසින් දවස පස්සට ගියා. ඒත් ලගකදි ඉදලා බ්ලොග් කෙරුවාව පටන් ගත්ත හින්දා වචන එක්ක හරඹ කරන්න අසීමිත නිදහසක් ලැබුනා වගේ දැනෙනවා......මේ ලියවෙන්නේ ඒ නිසහසේ වචන....මේක හිතන ගමන් ලියන හින්දා අවසානෙට මොනවා ලියවෙලා තියෙයිද දන්නෙ නෑ. අන්තිමට කොහේවත්ම නැති දේවල් ටිකක් සටහන් විමේ සම්භාවිතාවයකුත් තියෙනවා......!

අන්තර්ඡාලයේ අඩවි තුල එහේ මෙහේ සැරිසැරීමේ ප්‍රතිඵලයක් විදියට මට ඊ මිතුරු මිතුරියන්ගෙන් අඩුවක් නෑ...අපේ මිනිස්සු හිත් වල ප්‍රශ්ණ දුක හංගගෙන ලොකෙට පෙන්න කොච්චර හොදට හිනා වෙලා ඉන්න දක්ෂ ද කියලා හිතෙන්නේ පොඩ්ඩක් ඒ අයගේ ඡිවිත ඇතුළට එබිලා බැළුවම....විශිෂ්ට රගපැම් වලට ඔස්කාර් සම්මානය දෙන්නේ චලන රූ වල රග පාන අයට උනාට සැබැ ඡීවිතයේ සමහරු කරන රගපැම් වලට සම්මාන දෙන්න ගියොත් හොදම කෙනෙක් හොයාගන්න බැරි තරමට අසිරු වෙයි මොකෝ මම ප්‍රධාන අපි බහුතරයක් බෑ නොකියා ඒ වැ‍ඩේ හොදටම කරනවා.!

මේ කථාව එහේ මෙහේ යවන්නේ නෑතුව මම මට බහුගිය බ්‍රහස්පතින්දා සිකුරාදා හා සෙනසුරාදා මාත් එක්ක කථා කරපු ‍තුන් දෙනෙක් ගේ කතා 3 කෙටියෙන් කියන්නම් කතා තුන ඇහුවේ පැටලිලා උනාට මගේ කතාව කියන්න පහසුවෙන්න මම ඒක පිළිවලට හදනවා......!

1.

යාළුවා මට කිව්වා "මම අද මගේ 1ස්ට් ලව් එකට කථා කලා ගොඩ කාලෙකින් එයත් මට කතා කරන් න හිත හිත ඉදලා තියෙන්නේ" මම මැද්දට පැනලා ඇහුවා ඇයි ඔයාලා ඉතිං බ්රේක් උනේ කියලා යාළුවා කිව්වා බ්රේක් උනේ නෑ බං අපි දෙන්නට දෙන්නා හිත් වලින් ආද‍රේ කලාට කව්රුවත් ඉස්සර වෙලා කිව්වේ නෑ, අනික ඒ කාලේ ඒ ළමයාගෙන් අහන්න තරම් තතවෙක මම හිටියේ නෑ කියලා.......මම හොදටම දන්නවා මගේ යාළුවට දැන් ‍ඒ ලමයාගෙන් අහන්න හොදටම පුළුවන් කියලා ඒවගේම යාළුවට ආදරේ කරන්න කෙනෙක් ඔනත් කියලා මම දන්නවා (තේරෙනවානේ ඉතිං 1st ලව්එක කියන්නේ ඊට පස්සේ ලව් තිබිලා මො‍නා මොනා හරි වෙලා කියලා)

මම ඉතිං ඇහුවා ඇයි දැන් අහන්නේ නැත්තේ කියලා යාළුවා කිව්වා පිස්සුද බං දැන් එයාට සමහර විට වෙන එක්කෙනෙක් ඇති කියලා ඒ එක්කම තව මොනා හරිත් කිව්වා ඒ නිසාම අනේ හොද ළමයෙක් වෙන්න ඇති කියලා මගේ කටින් කියවුනා ඔව් ඇත්තටම හොද කෙල්ලෙක් බං එයා තමයි මගේ Dream Girl යාළුවා කිව්වා. dream girl?(@$&*(&#%$& ‍කෙල්ලෝ ගැන මොනා කියනවා අහල තිබ්බත් යාළුවා ගෑණු ළමයෙක් ගැන අර විදියට කිව්ව මුල්ම වතාව ඒක නිසා එතන මොකක් හරි විශේෂයක් තියෙනවා කියලා මට දැනුනා......මම ඇහුවා ඇයි එහෙනම් ඒ ලමයා එක්ක කතා කරලා බලන්නේ නැත්තේ sometimes dreams may come true නේද කියලා.....කොයි වෙලෙත් හැම දේම විහිලුවකට ගන්න මගේ යාළුවා දීපු උත්තරේ හරි පුදුමයි හීනේ බිදිලා ගියොත් මොකෝ වෙන්නේ? මම එයාට ආදරෙයි කියලා ඒ ආදරේ හින්දම එයාට දුකක් දෙන දෙයක් මගේ අතින් සිද්ධ උනොත් මට ඒක දරාගන්න බැරි වෙයි බං එක හින්දා එයා dream girl විදියටම හිටිය දෙන් නේද?



2.
යාළුවා ටිකක් වෙනස් කෙනෙක්....එයාගේ ආදරෙත් එයා වගේම වෙනස් ..... තේරෙන බාසාවෙන් කියනව නම් පොඩ්ඩක් විතර අසම්මතයි හැබැයි ඒ පිට ඉදන් බලන අයට එයාට ඒ ආදරේ ඇරෙන්න වෙන මොන බයිලාවක් වත් නෙවෙයි...! වැඩි විස්තර ඔනි නෑ පිච්චෙනවා කියලා දැන දැන අපි ගින්දර අල්ලනවා වගේ තමයි එයාගේ ආදරයත්...ටික කලකින් නැතිවෙනවා එදාට දුක් වෙන්න වෙනවා කියලා දැන දැනම එයා ආදරේ කරන්න ගත්තා ඒ එයාගැනම එයාට තිබ්බ විශ්වාසය හින්දා මොකෝ එයාට බලාපොරොත්තුවක් තිබ්බා එයා ට ‍ඕනි දේ ලබාගන්න එයාට පුළුවන් වෙයි කියලා ඒත් ඒක එහෙම උනේ නෑ....අපි කොච්චර අපි ගැන විශ්වාස කලත් අරගල කලත් ‍අපිට ‍ඕනහැම දේම බන්දේසියක තියලා දෙන්න කෙසේවෙතත් දුවිලි කූණු නාගෙන අහුලගන්නවත් නොදී අපෙන් ඈත් කරන්න තරම් සමහර වෙලාවලට අපේ ඡිවිත අපිට ආදරේ කරනවා හික් හික්..! ඒ වගේ තමයි මගේ යාළුවටත් උනේ මොන දේ කරලා හරි එයාගේ හිතේ තියන බලාපොරොත්තුව ඉටුකරගන්න හිතන් හිටිය එයාට ඒ දේ වෙනුවෙන් මොකක්වත්ම කරගන්න බැරි තතවෙට පත් කලා එයා හිතින් ආද‍රේ කල කෙනාව හිතාගන්නත් බැරි ඉක්මනට එයාගෙන් දුරස් කලා.....අප්‍රකාශිත අසම්මත ආදරයක් එක්ක මගේ යාළුවා අද තනිවෙලා.....පැය 78 තරම් වෙලාවකටත් වැඩි කාලයක් නින්ද පවා එයාගෙන් ඇත් කරලා තියන්න තරම් ඒ හැගීම බලවත් උනා.....!



3.
මේ ආදර කථාව ගැන මම කියන්න දන්නේ මෙච්චරයි ...! අවුරුදු 20 ක ආදරයක් ..අවුරුදු 4 ක විවාහයකින් පස්සේ මීට මාස හතර පහකට කලින් වෙන්වීමකින් කෙලවර වෙලා....දෙන්නා දෙතැනක....!



අහම්බෙන් මුණගැහුණු ගැහැණු ඡිවිතයකට රිංගලා බලද්දි තමයි ඔය කථාව දැන ගන්න හම්බ උනේ එ වෙනුවෙන් පාන්දර 3.30 වෙනකම් ඇහැරිලා ඉන්න මට සිද්ධ උනා.

ඔය විදියට එකින් එක්කෙනා එක්ක කථා කරද්දි හැමෝගෙම ඡිවිත වල අපි අපිටම වෙච්ච ආදර කතාවක් තියෙනවා ඉන් සුළුතරයක් සිනාවකින් කෙලවර වෙද්දි බහුතරය කදුළු කතන්දර.....අවුරුදු 20-25 වෙනකොට හැම කෙනෙක්ගෙම වගේ ඡිවිත වල පොදු සාධකයක් වෙලා හැංගුනු ආදර කථාවක් තියෙනවා....

දැන් මට තියෙන ප්‍රශ්නෙ මේකයි.....ඇත්තටම මොකක්ද මේ ආදරය?

නන්දා කියනවා ප්‍රේමය රාගයෙන් තොර සද එළිය වගෙයිලු ( හද එළිය සරාගික නැද්ද ඇත්තටම? එහෙම නම් honey වලට moon ආවේ කොහෙමද දන්නේ නෑ හික් හික් මට පිස්සු)

දිවුල් කියනවා අදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැතී..(ඒ කියන්නේ හැමෝම හිරේ මාරයි නේ අනේ )

වේදිකාවේ අසුනකට බර වෙලා ආදරේ හොයන්න බෑ කියලා නදීක ලා කියනවා (ඒ ‍වේදිකාවේ රග පැවොත් පුළුවන්ද දන්නේ නෑ )

සිත නොරිදනවනම් සෙනෙහෙ පුදන්නම් කියනවා වගේම වියෝ වු පසුව දැනෙන ප්‍රේමයේ අභමන ගැනත් කියනවා
පළමු පෙම පිවිතුරුයි ලු එතකොට ඒක බිහිසුනුයි කියන්නේ ඇයි?
කලාවෙන් ආදරයට අර්ථකතන දෙන්න බැරිද?කලාවෙන් විතරක් නෙවෙයි වෙන කිසිම දේකින්‍ දෙන්න බැරි හැඩයි...ඒත් අපි ආදරය පස්සේ දුවන්නේ ඇයි අර දෙවෙනි කතන්දරේ යාළුවා අත පිච්චෙනවා කියලා දැන දැන අත දැම්මේ ඇයි? පළවෙනි කතන්දරේ යාළුවා ආද‍‍රේ හීනයක් වගේ කියලා හිතේ ‍ටඡ් මහලක් හදන්නේ ඇයි? ෆ්‍රීඩ් කියනවා වගේ ආදරය සංකීර්ණ ඇබිත්තක් නම් හැමෝම ඒ සංකිර්ණතාවයේ ගි‍ලිලා පැටලෙන්නේ ඇයි? සම්පත් කියනවා වගේ ආදරයෙන් 1/8 ක් තේරුම් අරගෙන සොයාගතිමි සොයාගතිමි කියලා කෑ ගහන්නේ ‍ඇයි?අර තුන් වෙනි කථාවේ කෙනා වගේ සොයාගත් දේ වැරදී කියලා තේරුණාම ඇස් වලින් උණු කදුළු බිදු වැටෙද්දි ඒ ගැන කවි ලියවෙද්දි කදුලු විතරක් මතක්‍ වෙන්නේ ඇයි? හොටු,කබ අමතක වෙන්නේ ඇයි? ආයේමත් ෆ්‍රීව මතක් වෙනවා ආදරේ අනේ මන්දාවක් ලුනේ....අනේ මන්දාව තේරුම් ගත්ත එකෙක් වත් නැද්ද? මේ කල්ප කාලයටම? තේරුම් ගත්ත එකාද අර ‍අනේ එක පාර මා මරන්න කිව්වේ?

මේක හරියන වැඩක් නෙවෙයි ...හිතට හෝ ගාලා අදහස් එනවා ඔවා සේරම ලිව්වොත් අද නිදාගන්න වෙන්නෙත් නෑ....මේක කවුරු හරි කියෙව්වොත් මේ ටික ලියන්නේ ඔයාට අනේ ප්ලීස් ආදරේ කියන්නේ‍ මොකක්ද කියලා මට හරියටම කියලා දෙන්න නැත්නම් අපි හැමොටම වෙන්නෙ පොඩි උන් වගේ අලේ වන්දා කිය කිය ඉන්න....!හික් හික්

10 comments:

  1. අදයි දැක්කෙ ඔබේ අඩවිය. සුබ පැතුම් . දිගටම ලියන්න.

    ReplyDelete
  2. >>>මිනිසා ශිෂ්ඨ වෙන්න ගත්තෙ මේ හරහාද කියල හිතන්න වෙන තරමටම.

    ආදරය මිනිසා ශිෂ්ඨ කරනවද?

    >>>මේකෙ මේ තියෙන මුල් සින්දු දෙක නම් ටිකක් විතර අන්තගාමියි මට දැණෙන විධියට.

    ඒක තමයි ඒවා දැම්මේ...

    >>>ඔය කියාගන්න බැරිකම ආදරයේ ඇබිත්ත වගේ
    ඒ ඇබිත්ත තමයි මාත් හොයන්නේ...!

    *** මං තුලම ආදරය මට දැනෙන විදියට ‍මම බොහෝ දුරට හොයාගෙන තියෙන්නේ...මට දැනෙන ආදරය මුළු විශ්වයටම මුදා හරින්න පුළුවන් දෙයක් වගෙයි මට දැනෙන් නේ...ඒත් මට එ‍හෙම දැනුනට එක් කෙතෙකුට හිර වෙච්ච ආදරයක් ගැනනේ හැමෝම කථා කරන්නේ!
    ඒක ගැන දිගට කියන්න ගියොත් අර ඔයාගේ ඉපදීම දුකක් එකේ ‍වගේ අරකයි මේකයි කතන්දර අහගන්න වෙනවා ඒක නිසා සද්ද නැතුව ඉන්න එක හොදයි වගේ අලේ මන්දා‍ කියලා‍ (ඒ කථාවත් උඹේ)

    ReplyDelete
  3. ස්තුතියි නිදහස් මම බොහෝම මැතක මේක පටන් ගත්තේ ඒක හින්දා දකින්න විදියක් නෑ :-)

    ReplyDelete
  4. ආදරය - උත්තර නැති ප්‍රශ්නයක් නම් තමයි. මිනිසුන් එය විඳින හැටි එකිනෙකාට සාපේක්ෂයි කියලයි මම හිතන්නේ...

    ReplyDelete
  5. බ්ලොග් එක කියවන්න හිටියෙ මීට දවස් දෙකකට කලින්. ඒත් කියවන්න ලැබුණෙ අද. මමත් පටන්ගත් තැනම නවත්තපු බ්ලොග් එක ඉස්සරහට ගෙනියන්න ඕනෙ කියල හිතුන මේක කියෙව්වහම.

    ආදරය..ෆ්රී කියනව වගේ ඒක ගැන කතා කරන්න ගියොත් කෙළවරක් නැහැ. මම නම් ආදරේට අර්ථකතන දෙන්න දන්නෙ නැහැ.හැබැයි ආදරේ විදලා සහ කරලා තියනවා. නමුත් ආදරයත් එක්ක එන අයිතිය,ආත්මාර්ථය වැනි හැඟීම් එක්ක මට කවදත් හටන් කරන්න උනා..හික් හික්. අදටත් මම ඉද හිට හිතනවා ඔය හැගීම් සහ ආදරය අතර සම්බන්දය ගැන.

    Milan Kundera කියන ලේඛකයගෙ The unbareable lonliness of being කියන පොත ආදරය ගැන ගැඹුරු අදහස් මවන පොතක්. ඒකෙ සිංහල පරිවර්තනයක් තියනවා පියාපතක් වන් ජීවිතයක් කියල. මම කලකට ඉහත ඒක කියෙව්වා. ආපහු හොයන් කියවන්න ඕනෙ.

    ReplyDelete
  6. හික් හික්...අපි නම් දන්නෙ නැ ඕවා හරිද?හි....

    ReplyDelete
  7. ආදරය.....සාරාසංකල්ප ලක්ෂයක් love කරලා, ළමයගෙ පෙනුම ඡන්න වගේ නිසා ජීවිතයම එපා උන කෙනෙක්ගෙ ඇසුර නිසා අපි ආදරය දිහා බලන්නේ සැකයෙන්.......mata nam, adaraya mehemai.......

    මම සිංහරාජෙට ආදරෙයි ඒත් ගහක කොලයක්වත් මගේ කරගන්න මම හිතන්නෙ නෑ, වැද්දගලට හරි පොතුපටියට හරි නෙලුවට හරි වෙලා ආසාවෙන් බලන් ඉන්නවා, නමුත් කැලේ මැද පැල් අටවන්නෙ නෑ, කැලේට විතරක් නෙවෙයි, එයින් රැකෙන සතා සීපාවටත් මම ආදරෙයි..........
    ඒ උනාට මගේ පෙම්වතිය නම් මගේමයි..........

    හික්...හික්....අලේ වන්දාගගගගගගගග

    ReplyDelete
  8. කසුන් ඔයා කියන දේ හරි..!

    බෝ මේ මගේ යකා අවුස්ස ගන්න එපා මම දානවා මේකේ ලොකුවට කථා කලාට කමක් නෑ පොත් ගැන කියන්න එපා කියලා...ඇයි වදේ ඔය කියන එක පොතක් වත් මම කියවලා නැහැනේ!

    රවී ගේ අනේ මන්දා ව නම්‍ හොද වෙන ලෙඩක් නෙවෙයි වගේ


    ඡයේ අනේ උඹයි උ‍ඹේ ආදරයයි!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. love for me ?

    ගිණි පෙනෙල්ලෙන් ගුටි කාපු එකා කළාමැදිරි එලියටත් බයයි ලු.

    ReplyDelete