Tuesday, August 19, 2008

අපේ ඉස්කො‍්ලේ 3

මේ ස්කොලේ ගැන ලියන එක මට දැන් ඇති වේගෙන එන්නෙ...ටික කලක් යනකොට එපා වීමේ‍ රෝගය මටත් තියෙනවා....සමහර වෙලාවට හිතලා විතරක් කම්මැලි කම හින්දා ඉවර කරන්න තියා පටන් ගත්තේවත් නැති වැඩ කොච්චර තියෙනවද? ඒවා කලා නම් මම අද මෙතන නෑ...ටික දවසක ඉදන් ඔළුව ඇතුලේ කැරකෙන වචන ටිකත් මේ වෙලාවේ මතක නෑ...වෙන වැඩක් ඇත්තේත් නෑ...නිදිත් මතයි නිදාගන්නත් බෑ..ඒක නිසා ඉතුරු වෙලා තියන උවමනාව ‍ටික එකතු කරගෙන ඉස්කොලේ ගැන ලියලා ඉවර කරන්නවා බලමු පුළුවන් තරම් ලියන්න....කොට කරන්න පුළුවන් උපරිම කොට කරනවා...මට මේ මගුල එපා වෙනවා නැත්නම්....!





5 වසර


5 වසර පන්තිය තිබුනේ 1 වසර පන්තිය තිබ්බ ගොඩනැගිල්ලේ උඩතට්ටුවේ..5 වසර S හා J පන්ති දෙක විතරයි ඒකේ තිබුනේ...4 වසරේ අපේ ටීචර් වෙලා හිටිය විනීශ්‍යා ‍ටීචර්ම තමයි 5 වසරෙත් අපේ ටීචර් විදියට හිටියේ...අපි මුල්ම වතාවට සිංහල සමිතියක් පටන් ගත්තේ 5 වසරෙදි...වැඩිපුරම තිබ්බේ නාට්‍ය තමයි. අපේ පන්තියේ හිටිය වෙරංගා තමයි ආච්චිගේ චරිතය කරන්නේ හැමදාම එයාට තිබ්බේ කැරලි කොණ්ඩයක් අපි පවුඩර් දාලා කොණ්ඩේ සුදු කරනවා...වෙරංගා ස්කොලේ ආවේ පයින් ඒක හින්දා කොණ්ඩේ සුදු උනාට එයාට‍ ප්‍රශ්ණයක් නෑ.


අපේ ඉස්කොලේ කවදාවත් රඡයේ විභාග මධ්‍යස්ථානයක් විදියට පාවිච්චි කලේ නෑ...ඒක නිසා අපිට ශිශ්‍යත්ව විභාගේ ලියන්න අගමැති බාලිකාවට යන්න උනා. විභාගේ ඉවර උනාට පස්සේ අපිට කොට්ට උරයක් මහන්න කියලා දුන්නා...ලස්සනට මල් මහලා..මල් මැහන්න කිව්වේ කතිර මැස්මෙන් හා නැටි මැස්මෙන්...මම මහන වැඩ වලට අකමැතියි ..(දැනටත් මහන්නේ කතිර මැහැම් වල කොටු ගනින්න පුළුවන් රෙදි වල විතරයි ) ඒක නිසා කොට්ට උරේ මල් මහගත්තේ අම්මට කියලා....





6 වසර


6 වසර කියන්නේ අපේ පාසැල් ඡිවිත වල වෙනසක් කරන වසරක්...ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලින් පටන් ගත්තම...පාසැල් මාරුවීම...එක එක විෂයට වෙන වෙනම ගුරුවරු පැමිණීම...කළා විෂයන් තෝරා ගැනීමට සිදුවීම වගේ දේවල්

6 වසරේ අපේ ටීචර් තමයි මිනෝලි ටීචර්- අපේ පන්තිය තිබුනේ ස්කෝලේ පරණ ගොඩනැගිල්ලේ....අපේ අම්ම ඉගන ගන්න කාලේත් ඒක තිබුනලු....අද වෙනකොට‍ නම් ඒක නෑ...අළුත් ගොඩනැගිල්ල හදන්න ඒක කැඩුවා...පන්තියේ තිබුනේ රෝස පාට මේස පුටු රෝස පාට තිර රෙදි දාලා තිබ්බේ. උදේට ඉර එළිය වැටෙද්දි හරිම ලස්සනයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවට පස්සේ පන්තිය ගොඩක් වෙනස් උනා මොකද හොදටම ලකුණු ගත්ත අය අයින් වෙලා ගියා...ගයනි බටුවිට, උත්පලා,වාසනා,ඕෂදී, මහේෂිකා,සුරංගි ඒ අය අතරින් ටික දෙනෙක්. එතකොට මම !හික් හික් අපේ අවුරුද‍්දේ පාස් කලේ 130 මට ලකුණු හරියටම 130 කොහොමත් පාස් උනත් ෆෙල් උනත් ස්කෝලේ මාරු කරන්නේ නෑ තාත්තා මුලින්ම කියලා තිබ්බ නිසා මට ඒක වැඩි බලපැමක් කලේ නෑ...හැබැයි ලොකුම හොදේ තමයි අපේ පන්තියේ හිටිය පණ්ඩිතයෝ ටික අයින් වෙලා ගිය එක...ඒක මම විතරක් නෙවෙයි හැමෝම කියන දෙයක්...ඊරිසියාවද මන්දා ඉතිං ලොල්ස්.....!

හයේ පන්තියේ අපිට ගණිතය ඉගැන්නුවේ ප්‍රශංසනී ටිචර්,විද්‍යාව - ශාමිණි, ඉංග්‍රිසි- නන්දනී, ස.අධ්‍යනය - ලලිතා, බුද්ධාගම - මනෝරිකා, සිංහල - සාමා ‍ටීචර්

කළා විෂය තෝරගන්න ගිහින් පොඩි ගැටළුවකට මූණ දෙන්නත් සිද්ධ උනා...උගන්නපු ටීචර් ට කැමති හින්දයි western Band එකට තිබ්බ කැමැත්තයි හින්දා මම western music කරන්න හිතාගත්තා....ඒත් අවංකවම ඒ කාලේ මම නැටුම් වලට දක්ෂයි මුල්ම දවසේ මම නැටුම් වලට නොගියම නැටුම් උගන්නන මංගලිකා ටීචර් මාව ගෙන්නලම ඇහුවා ඇයි එන්නේ නැත්තේ කියලා මම බෑ කියලා ගියා කොහොම හරි මුල්ම සති දෙකේම ස්වෙන්ද්‍රනී ටීචර් ආවේ නෑ...එයාට බබෙක් ලැබෙන්න හිටිය හින්දා...මට බලාගෙන ඉදිල්ල එපා උනා ඉතිං නැටුම් වලට ගියා එදා මංගලිකා ටීචර්ට නම් පුදුම සතුටක් තිබ්බේ...හැබැයි පස්සේ කාලෙක නම් ඒ සතුට නැති‍ වෙන්න ඇති.මොකෝ මට අන්තිම කාලේ නැටුම් සටහන් පොතක් වත් නැති උනා !**$($&*&$%

අපේ ස්කොලේ පන්තියේ ලකුණු අනුව වෙනියා දාන්න පටන් ගත්තේ 6 වසරේ මැද වාරේ ඉදන් සාමාන්‍යයෙන් මම පොඩි කාලේ ඉදන් කැප වෙලා පේ වෙලා පාඩම් කරන එක්කෙනෙක් නෙවෙයි..උගන්න වෙලාවට අහගන්න දෙයක් තමයි වැඩිපුරම ඔළුවේ තිබ්බේ ගෙදර ගිහින් දෙන වැඩ ටික කරනවා මිසක් මහා ලොකුවට මම කවදාවත්ම පාඩම් කලේ නෑ මං හිතන්නේ..(දැන් තමයි මෝඩ කම් මතක් වෙන්නේ)නොහිතුව ‍විදියට‍ දෙවෙනි වාරේ මම 4 වෙනියා උනා...මට නිකං හිතා ගන්න බැරි උනා මම හිතනනේ. මොකද මම ඒ වගේ දේවල් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැති අමුතුම ‍එකෙක් හින්දා මටත් හිතා ගන්න බෑ ඇයි කියලා..හැබැයි සිද්ධ වෙච්ච හොදම දේ තමයි 3 වෙනි වාරේ මම 14 වෙනියා වුනුඑක.report එක ගන්න මට යන්න බැරි උනා අම්මා තමයි ගිහින් අරන් ආවේ...වෙනියා කොහොම උනත් ලකුණු සැලකිය යුතු මට්ටමක තිබ්බ හින්දා වැඩිය ගුරුවරු බැනලා තිබ්බේ නම් නෑ...ඒත් ඉතිං මම ගෙදර ඉදන් අම්මාගෙන් හොදට අහගත්තා‍‍....!

5-6 වසර වල මාත් එක්ක හිටියේ චතුරි...ඒයත් එහෙම උනේ මගේ ලග වා‍ඩිවෙලා හිටිය හින්දා මිසක් යාළුවෝ වෙන්න තරම් හොද පදනමක් නම් අපිට තිබ්බේ නෑ...ඒක නිකම් කථා කරන්න එහේ මෙහේ යන්න තනියට ඉන්න යාළුවෙක් විතරයි...අනික චතුරි කියන්නේ හරීම ලාමක ඔතෑනි කොදුරනවා වගේ කථා‍ කරන ලමයෙක් මම සම්පුර්ණයෙන්ම ඒකේ අනිත් පැත්ත හික් හික්....!
7 වසර ලියන වෙලාවේ හදිසියෙම මතක් වෙලා මේක ලියන්නේ...පාසැල් ඡි‍විතේ මුල්ම හා අවසාන වතාවට පන්ති තරග ඇරෙන්න ක්‍රීඩා උත්සවේක ප්‍රධාන තරගයක මම සෙල්ලම් කලේ 6 වසරෙදි..ඒ ‍නෙට්බෝල් වලට. එදායින් පස්සේ මම ආයේ පැත්තෙවත් ගියේ නෑ. අව්වේ කරවෙන්න බැරි හින්දයි සෙල්ලමට තියන අකමැත්තයි හින්දා. කොහොම උනත් සෙල්ලම් කරපු තරගා වලියේ championship certificate එක නම් තාම තියෙනවා. ඒ මීට් එකෙන් දිනුවෙත් මගේ නිවාසය - Philomina



7 වසර

අපේ 7 වසර පන්තිය තිබ්බේ හයේ පන්තිය තිබ්බ බිල්ඩින් එකේමයි...ඇත්ත‍ටම ඒ බිල්ඩින් එකේ තිබ්බේ 6 වසර පන්ති දෙකයි 7 වසර පන්ති දෙකයි විතරයි. ඊට අමතරව තිබ්බේ ටීචර් ලගේ ස්ටාෆ් රූම් එක.. ඒක අපේ පන්තිය ඉස්සරහින් තමයි ඒකට යන්න තිබ්බේ...ඒක නිසා කෑ ගහන වැඩ එහෙම කරන්න කිසිම අවස්ථාවක් හම්බ උනේ නෑ...අපේ ටීචර් වෙලා හිටියේ නන්දනී ටීචර් -(ගැහැණියක් විදියට මම හරිම කැමති චරිතයක්) එයා තමයි අපේ ඉංග්‍රීසී ටීචර් වෙලා හිටියෙත්....හරිම ස්මා‍‍ට්..කියන දේ කෙලින්ම මුණට කියනවා...ඒ ඇර මට 7 වසරේ විශේෂ දේවල් කියලා මතක තියෙන්නේ කාරණා 3යි 1) මම වාර දෙකක් එක දිගට මොනිටර් ‍වෙලා හිටියා 2) මට මගේ ඡි‍විතේ හමුවුනු හොදම යාළුවන් වුනු සාමා ව හා අකිලව මූණගැහුනා ඒ යාළුකම අපි 11වසරින් වෙන්වෙනකම්ම තිබුනා. ඒ දවස් නම් අපි තුන් දෙනාම පන්තියේ ඉගන ගන්න අතිශ්‍ය සාමාන්‍ය ළමයි...ඒත් පහුවෙනකොට තේරෙන්න තේරෙන්න පොඩ්ඩක් වෙනස් වෙන්න අපි ‍තුන් දෙනාට පුළුවන් උනා...ඒ හැම දේකම ආරම්භය 7 වසර පන්තියෙන් ඇරඹුනේ...ඒ ගැන වැඩි විස්තර පසුවට....4) පන්තියේ 9 වෙනියා වීමේ ඇරඹුමත් ඒ පන්තියේමයි...ඒ වසර පුරහමත් 11වසරේ මැද වාරය වෙනකනුත් පන්තිය 9 වෙනියා වීමේ වාර්ථාව මා සතුයි....පස්සේ කාලෙක මම මහන්සි උනේ 9 වෙනි තැන තියාගන්න 36 ක් ඉන්න පන්තියේ ඒක අමාරු ‍වැඩක් උනාට මම ඒක කලා හික් හික්

8වසර ගැන නම් කියන්න ගොඩක් හිතට එනවා...ඒක නිසා ඒක වෙනම කියන්නම් අපේ අපල කාලේ පටන්ගත්තේ එතනින්!

8 comments:

  1. So you went to Good Shepherd Convent?

    ReplyDelete
  2. He.......he.....Haresh has been a teacher's pet.........a nerd......he!!!

    An what about your hair Haresh, why the teacher was not happy??
    Dont leave anything for imagination.....

    ReplyDelete
  3. Quote:හයේ පන්තියේ අපිට ගණිතය ඉගැන්නුවේ ප්‍රශංසනී ටිචර්,විද්‍යාව - ශාමිණි, ඉංග්‍රිසි- නන්දනී, ස.අධ්‍යනය - ලලිතා, බුද්ධාගම - මනෝරිකා, සිංහල - සාමා ‍ටීචර් :Unquote

    අපිටනම් ඉගැන්නුවෙ සීලවතී,ඩොරති,ප්රේමවතී, සිරිසේන,ධනපාල වගේ ටිචර්ලා.....ඔයාට උගනනපු අයට ලස්සන නම් තියනවනේ......මම හිතන්නේ ඔයා ගියේ හයි ෆයි ඉස්කෝලෙකට හින්දා වෙන්න ඇති...........

    ReplyDelete
  4. අයියෝ කම්මැලි හිතන්න එපා.. මටත් ඔය වගේ ඒවා ලියන්න කම්මැලිවුණාට මේවා කියවද්දි මගේ ස්‍‍කෝල සිදුවීම් හෙමත් මතක් වෙනවා.. මේක කියවන්න ආසා හිතෙනවා..ඉතින් ලියන්න..අපි කොහොමත් අතීත කතාවලට කැමති ජාතියක් නේ ;)
    5 පන්තියේදි හැමදාම මගේ රචනාව තමා හොඳම එක වුණේ..ඉතින් හැමදාම ඒක පන්තියේ කියෙවුවා..ඒක තාම මගේ ගාව..
    දවසක් ගොවියා ගැන ලියපු එකේ මම ලියලා තිබුණා.ගොවියාගේ නිල ඇඳුම අමුඩයයි..කියලා..:D ඒක නම් ජයවර්ධන සර් කපලා හදලා තිබුණා..

    ReplyDelete
  5. @hare ; ඒ කනම් මටත් හිතෙනවා මං හිතන්නේ අපි මහගෙදර පැත්තේ ගිහින් ඉදලා හිටලාවත් කයියක් ගහන්න ඕනි...මොකෝ මට දැනෙන විදියට මේ බ්ලොග් කෙරුවාවෙන් ඕන එකයි එපා එකයි දෙකම එළියට එනවා වගේ ඔළුවට යන දේවල් එක්කම‍‍‍...!
    එහෙනම් මාත් එක්කම ඔයත් ව‍මනේ කරන්න...හික් හික් ඔඕක්...!

    @Unknown : Yes Rangi Madam :P

    @ Jaya : Haresh has NO hair on his head thats y ? LOLzzzz :P
    හරි හරි මගේ ස්කෝලේ hi5i ඒ උනාට අර nash කියන විදියට නම් ඒක දබානේ වැදි ස්කෝලයක්ලුනේ...

    @ Su හොදම රචනාව ලිව්ව කෙනා අනුන්ගේ කතා කියව කියව ඉදලා හරියනවද කම්මැලි කියලා අ?????
    කොහොම උනත් දිරිමත් කිරිම ගැන ස්තූතියි...!

    ReplyDelete
  6. @Unknown : Yes Rangi Madam :P

    he he. I'm not Rangi and I don't personally now you. I just search 'Philomina sportsmeet' in Google.

    ReplyDelete
  7. @ unknow ; eeer sorry.!!!! I jumbled you with someone else...! woooh thanx for showing that article! I never knew that there are any articles in net regarding my school..LOLzzz
    It seems like angels of that sweet paradise have got wings under new principle....coz earlierone never allowed any girl to join to media..so rude nah!

    ReplyDelete
  8. @ හරේ - අනේ අම්මේ...මෙන්න මෙයා වමනෙ දානවෝ.......! හික් හික් මටත් සෙල්ලම් කරන එක නම් මහ විකාරයක්!

    ReplyDelete