Monday, August 18, 2008

අපි අතරමං වෙන කතරගම!!!

මේ කතරගම ගමන අහම්බෙන් යෙදුන හා ‍මගේ සති අන්තයේ විවේකය හා අබා නැරඹීම පිළිබදව හිතේ තිබු බලා‍පොරොත්තු හා මග හැරි තිබු දුරකතන ඇමතුම් ගැනීමේ බලාපො‍රොත්තු සියල්ල කඩා බිද දැමු ගමනක්‍. රාත්‍රී 9ට විතර තාත්තා‍ගේ යාළුයෙක් තමයි ගමන සුදානම් කරලා සියල්ල සංවිධානය කරලා යමු කිව්වේ...අපේ අම්මලත් ඉතිං ඇහුව ගමන් හා කියලා මට අණ ලැබුනා ලැස්ති වෙන්න. ගෙනියන ඇදුම් ටික තෝරලා අයන් කරන්න අම්මට බාර දීලා බ්ලොග් එක ලියලා පාන්දර 2 ට විතර නිදාගත්තා. කොහොම හරි පහුවෙනිදා (16) උදේ 10.00 ට ගමන පටන් ගත්තා අ‍පේ ගෙදරි‍න් 3 යි‍....මෙන්ඩිස් අන්කල්ගේ ගෙදර 3යි ...මගින් චුටි අන්කල් ගේ පවුලේ අයත් ගොඩ උනා ඒ පවුල දැක්කම මට අපේ යාළුවෙක්ව මතක් උනා...මොකද ඒ ගෙදරත් ඉන්නේ මල්ලිලා 3 ක් විතරයි මට අහන්න ප්‍රශ්ණයක් ඔළුවට ආවා..ඒත් හිතින් හිනා වෙලා මම සද්ද ‍නැතුව හිටියා (ප්‍රශ්ණේ දන්නෝ දනිති නොදන්නෝ නොඅසනු) හික් හික්...! ඔන්න ඉතිං අපි 11 දෙනා කළුතර බෝධියට පඩුරු දාලා එහෙම ගමන පිටත් උනා...සාමාන්‍යයෙන් මම තාත්තලාගේ කට්ටිය එක්ක ගමන් යන්න කැමති නෑ මොකෝ මට කථා කරන්න එකෙක් වත් නෑ.....එක්කෝ ඉන්නේ ලොකු අය නැත්තනම් පොඩිම පොඩි අය ඒක නිසා මට හැමදාම වෙන්නේ කල්පනා ලොව මල් වනේ තනිවෙන්න නැත්නම් නිදාගන්න ....වෙනසක් නෑ මේ පාරත් එහෙමමයි.....වාහනේ යන වේගෙට වඩා මගේ හිත ලොකේ පුරහා දුවනවා....ඒකෙන් මුලින්ම මතකෙට ආවේ මධු - ඒ සුදු ව දැකලා (මෙන්ඩිස් අන්කල්ගේ දුව - තාම මොන්ටිසෝරි යනවා ) ඉස්සර ස්කොලේ නිවාඩු කාලෙට මධු අනිවාර්යෙන් අපේ ගෙදර එනවා ඒ මාවයි මුදයි ලොවි ගහයි බලන්න. මධු කියන්නේ ම‍ට ඉන්න හොදම හා එකම නැ‍දැයා. දැන්එයා නැති අඩුව දුලා හා බන්දුශා පුරවනවා ඒත් මට වගේම මධු නැති අඩුව ඒ දෙන්නටත් දැනෙනවා කියලා ඒ ‍දෙන්නා‍ගේ කොල්ස් වලින් දැනෙනවා ඒත් කවදාවත් මධු වෙන්න වත් මධුගේ හිස් තැන් පුරවන්න වත් මට බෑ...! කතරගම ගමනේ මධු ගැන කියනවා කියන්නේඅතරමං වෙන වැඩක් දවසක එයා ගැන වෙනම බ්ලොග් එකක් ලියනවා හිතුනොත් ! ඒත් මධු මතක් උනේ ඇයි කියන්න එපැයි. පුංචි කාලේ ඉදන් එයාලා අපේ ගෙදර ආවාම එයාලගේ වැන් එකේ අපි එහේ මෙහේ යනවා...ගාල්ලේ උණවටුනේ අරහේ මෙහේ යනකොට වාහනේ දෙක වෙන්න අපි දෙන්නා අපි කෑ ගහනවා සෙල්ලම් කරනවා .. පාරේ ඉරි ගනන් කරනවා මුද පේනවද බලනවා වැඩ කෝටියයි ....සුදුත් එහෙමයි සීට් උඩින් පනිනවා ...හිනා වෙනවා...එක විකාරයයි...ඒ අස්සේ මට බ්ලෝග් , ඊ.කේ යාහු ඡි.ටොක් ඉස්කොලේ බෝංචි . නිති .කවි . ලව් ‍මලඉලව් අරවා මේවා මතක් වෙනවා ......ඒ අස්සේ කොම්පියුටරේ උඩ දුවිලි ...සති ගානකින් කථානොකල අංඡුගෙන් ආයේ කාතා කරපු ගමන් අහන්න වෙන හින්ට් පාස් ටික....( sms කරන්න එපා reply කරන්න කම්මැලි කිව්වෙත් මම ම‍ නේ ඉස්සර ආව රින්ග් කට් එකත් දැන් නෑ ඒ කියන්නේ උපරිම මෛත්‍රියෙන් ඇත්තේ ) ඔය සේරම එක්ක ඒ ලෙවල් කරනකොට අංඡුගේ අයියගේ බස් එකේ ස්කොලෙන් ගිය ට්‍රිප් එකත් මතක් වෙනවා ඒවා ‍ඔළුවට‍ එන්නේ නිකම් මුද රෑල්ල වගේ එකක් උඩින් එකක් එකක් වත් ඉවර නෑ....එක පාරටම වාහනේ නතර උනා උ‍දේට කිව්වට දවල් කෑම කන්න කලින් වෙන මොනා හරි කන්න...දැකලා පුරුදු කඩයක් - එතන තමයි අපි බස් එක නතර කරලා විනාඩි 45ක් නැටුවේ. අවුරුදු 4 කට පස්සෙත් ක‍ඩේ එහෙම්මමයි .... මෙලෝ හසරක් නෑ වේලෙනවා....කොහොම හරි‍ වෙන තැනකින් කැමයි cream soda මෙගා බොතලේ‍කුයි මගේ අතට ආවා....cream soda බොතලේ ආයෙත් මාව ඉස්කොලේ අරන් ගියා....දවල් කෑම තාත්තගේ තව යාළුවෙක් ගේ ගෙදර ලැස්ති කරලා තිබ්බා...කාලා බීලා ඔක්කොම කරලා ආයෙත් පිටත් වෙලා කොහොම හරි ඔන්න අපි යනවා....අප‍රාදේ කියන්න බෑ....කතරගමට යනකම් මාර්ග පද්ධතිය හොදට තිබුනා ... වාහනයක උපරිම වේ‍ගයෙන් යන්න පුළුවන් විදියට...කතරගමට යන්න හම්බන්තොට වරාය හැදෙන නිසා අළුත් පාරකුත් තියෙනවා‍‍....කොළඹ පාරවල් වලට වඩා හොදයි වගේ....


කොහොම හ‍රි නතර වෙවී 6ට විතර අපි කතරගම නතරවෙන තැනට ගියා "මැණික් සිසිල" පොලිස් සාමාන්‍ය නිළධාරීන් වෙනුවෙන් තමයි ඒ ‍නි‍කේතනය වෙන් වෙලා තිබ්බේ...ඒකත් ඉහල මට්ටමේ සේවයක් සපයනවා...බොහොම හොද මට්ටමින්...! ඉතිං කට්ටියම නාලා කරලා රෑ පුඡාවට යන්න එළියට බැස්සා....





Shortcuts for Pin


ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා අඩි 30 කින් විතර පුඡා ව‍ට්ටි විකුණන තැනක් තිබ්බා. එතන පහුකරන කොට‍ම ‍කොල්ලෙක් ඇවිල්ලා කියවන්න ගත්තා.එයාගේ කඩෙන් පුඡා වට්ටි ගන්න එයාලා දේවාලේ ලගටම ගෙනැල්ලා දෙනවා..අපිට උස්සන් යන්න දෙයක් නෑ....බ්ලා බ්ලා.....කියනවා නෙවෙයි නාහෙන් අඩනවා...."කට පියාගෙන ඉන්නවකෝ ඕයි" කියන්න මගේ කටට ආවත් මම කිව්වේ නෑ. කොහොම උනත් මම රස්සාව ලැබුනට පස්සේ කතරගම ගිය මුල්ම වතාව හින්දා මගේ වියදමින් මම වෙනම පුඡා වට්ටියක් තියන්න ආසාවෙන් මම හිටියේ‍. ඒ ‍එක්කම අම්මත් ඒකම කිව්වා හින්දා අනිවාර්යෙන් ඒක කල යුතු දෙයක් උනා. ඒක නිසා මමත් පොඩ්ඩක් අවදානයෙන් හිටියේ තාත්තලා පුඡා වට්ටි සම්බන්ධයෙන් ගන්න පියවර ගැන. මම සාමාන්‍යයෙන් මම කරන්න ඕන වැඩ අනිත් අය කරනලා දෙනවට කැමති නෑ. මම දෙවියන්ට දෙන දේ මම අරන් යන්න එපැයි. දැන්න ඔන්න අර කොල්ලා කිව්ව කඩේ ලග කට්ටිය නතර උනා...මමත් ඉබේ නතර උනා...තාත්තයි මෙන්ඩිස් අන්කලුයි චුටි අන්කලුයි වට වෙලා කතාව මමත් ලං උනා අර කොල්ලාත් තාම කියවනවා...මම තාත්තාට කිව්වා අපි අරගෙන යමු නැත්නම් කොහොම හදලා දෙයිද දන්නේ නැහැනේ කියලා‍‍...කොලුවට ඒක ඇහුනා මෙන්න මේකා තව බයිලයක් ගහපි එහෙම නෑ මිස් අපි හොදට හදලා දෙනවා අර‍ක මේක ම‍ට ඉතිං කියන්න වචන කටට ආවා ඒත් ඉවසුවා ගාණ ඇහුවම පලතුරු නෙවෙයි නේ වට්ටිය පෙන්නලා ගාන කියන්නේ ....ලොකුම වට්ටිය තොරලා 4 ක් දේවාලේ ලගට ගෙනැල්ලා දෙන්න කියලා කියවුනා....හරි මම කිව්ව දේ ඇහුවේ නෑ...මගේ ඇස් දෙකට කදුලු ආවා කමක් නෑ ඔහොම යන්කෝ කියලා මගේ හිත කිව්වා‍....අපි ගියා මැණික් ගගෙන් එගොඩ වෙලා...යනකොට ෆුල් ආතල් මියුසික් එකක් ඇහුනා..."තණකොළ පෙත්තෝ සුකිරි බට්ටෝ - පැණි වරකා මදුල මගේ සුසානෝ " කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ‍හිප්ඩෙනිම් ඇදලා කාවඩි නටනවා. හරි ඒක පාස් උනා විතරයි මෙන්න පොළිම දේවලෙට යන පුඡා වට්ටි පෝළිම අපිත් ඉතිං කොණට එන්ටර් උනා වට්ටි නෑ...." අර ‍ළමයා මකර තොරණ ලගට ගේනවා කිව්වේ සෙන‍ග ‍ගොඩ මැද්දේ ගියාද දන්නේ නෑ මම ගිහිං බලන්නම්" කියලා තාත්තා ගියා ඉස්සරහ‍ට....අන්න අර ක‍ඩේ හිටිය ලමයා වට්ටි අරන් යනවා කියලා චුටි අන්කල්ගේ මල්ලි කිව්වා‍ ඒයා ගියා. ඒ ලමයාව අඩගහන්න....ළමයත් ආවා....පෝළිම දාලා යන්න බැරි හින්දා අම්මව තියලා මම ගියා අපේ පුඡාවට්ටි ටික ගන්න...නිකමට මට ඒක ඇරලා බැලුනා ....... බුහාහාහාහාහාහා....ඒක දැක්කම හීල්ලෙනවා...අපි ව‍‍ට්ටි ටික අතට ගත්ත ගමන් වට්ටි ගෙනාව ලමයා මාරු උනා....මම ගිහින් අම්මට වට්ටිය පෙන්නුවා..."මේ මොකද මේ" අම්මා උඩ ගිහින්! කෙසෙල් 5යි අමු පැණි කොමඩු කැලි දෙකයි,පොතු සහිත රේණු රහිත ඡමනාරන් පුළුවයි...තැඹිලි ගෙඩියයි නාරං පෙත්තයි, අන්නාසි පෙත්තයි, දිවුල් පලුවයි ඒක නිකං තියන්නම් වාලේ ඔහේ දා‍ලා ....ඒක කියන්න බෑ දකින්නමයි ඕනා.....දෙවියන්ට නෙවෙයි මනුස්සයෙක්ට‍ දුන්නත් ඒක දෙන්න ඔනි විදියක් තියෙන්න එපැයි ‍නැත්නම් නොදී ඉන්න ඕනි ඒකයි මගේ ප්‍රතිපත්තිය.,වට්ටියේ හැටිය‍ට ඒක කැලේ අඩුම ගානේ ගෙවන ව‍ටිනාකමට හරියන විදියට තියෙන්න එපාද?තාත්තත් ආවා මම එයාට මතක් කරලා දුන්නා මම මුලින්ම කිව්ව අනතුරු ඇගවීම- (මට දුක කොළඹ කාක්කො එකෙක්ටවත් අහුවෙන්නේ නැතිව අවුරුදු 30 ක් විතර කොළඹ කරක් ගහන තාත්තා‍ ‍කතරගමදි අහුවෙච්ච එක ගැන ) දැන් කරන්න දෙයක් නෑ කියලා කට්ටිය දැන් ඔන්න පෝලිමේ..... අම්මලා ආන්ටිලා පොඩි අය අරගෙන දේවාලේ පැත්තට ගියා....අපි පෝළිමේ අපිට සතුට සපයන්න කට්ටිය සැරින් සැරේ කාවඩි නටමින් එහාට මෙහාට යනවා(මට මතක් උනා අංඡුලා එක්ක කතරගම ආව සැරෙක අපි කාවඩි මියුසික් වලට ඡයිව් නටන්න කථා උනා) ඒකක් දිහා බලන් ඉද්දි තාත්තා කිව්වා "බබා ඔය පැත්ත නෙවෙයි මේ පැත්ත බලන්න" කියලා හැරිලා බලනකොට. ආච්චි කෙනෙක් නටනවා එයා ආවේස වෙලාලු එයත් එක්ක ආව අය හිනා වෙනවා....තව අය එයාව ආපහු එක්කන් යන්න හදනවා මටත් ඉතිං හිනා වෙන්න බැරිකෙනානේ...!ඊට එහා පැත්තේ මකර තොරණට මෙහා තියෙන දේවාලේ - මම දන්න තරමින් දේවාල වල ඉන්න දෙවිවරු වැඩ ඉන්නේ අති පිරිසුදුවට. ඒ දේවාලේ ‍එක්කෝ දෙවියෝ නෑ...නැත්නම් වෙන මොනාහරි මොකෝ දේවාලේ ඉස්සරහා දොරටුව ළග කුණු ගොඩක්‍ පත්තර කැලී පලතුරු කැලී පිරිලා....හ්ම් වැ‍ඩි වෙලාවක් නෑ...පේළිය ඉස්සරහට‍ යනවා අපිත් යනවා.....දේවාල භුමිය වටේ තියන පේළියේ අපි යනවා...එක තැනක ගෑණු කෙනෙක් තව දෙතුන් දෙනෙක්ව තියාගෙන යාතිකා කරනවා....එයා අමුතුයි දැක්ක ගමන් මතක් උනේ මයා කාරියක්ව...එයා එහෙමමත් නෙවොයි ඒත් ..... කරවටේ මාල ගොඩක් එල්ලගෙන හිටියා ළග තිබ්බ ආම්පන්න එක්ක කතුරු යක‍ඩ කෑළි එහෙමත් තිබ්බා....මට ඉතිං අපේ freed කරපු ඉල්ලිම මතක් උනා " එනකොට හොද බෝංචි ඇට ටිකක් අරන් එන්න " වගාවට හොද නිසා මාත් එයා දිහා බලන් හිටියා එයා එක පාරට එයා ෆෙෂ්නර්(air freshner) බෝතලක් අරන් එතන හිටපු පොඩි එකාට විදපි! යාතිකාව කරන්නේ පොඩි එකාටද කොහෙද..ඒත් දෙයියන් blessed water spary කරන සිරිතක් තියනවායෑ....මටයි තාත්තටයි වටේ හිටිය අයටයි හිනා...හයියෙන් හිනා වෙන්නත් බැහැනේ.....! දැන් ඔන්න පේළිය දේවාලේ ලගටම ඇවිල්ලා...එතන යකඩ වැටක් වගේ එකක් තියනවා ඒක ඇතුලෙන් තමයි යන්න ඕනා.. ඒකට යන්න ඉඩ ලැබෙන‍කම් මම එළියේ හිටියා තාත්තා‍ මට ඉස්සරහින් හිටිය නිසා එයා ඇතුලේ හිටියේ...අපේ අනිත් අය මට පිටි පස්සේන්....මං ලගට කට්ටියක් ඇවිත් කිව්වා අනේ එහා පැත්තට යන්න ඉඩ දෙන්න කියලා‍...සැකේට වගේ මම ඇහුවා පේළියෙන් එහා පැත්තටද කියලා. එයාලත් ඔව් කිව්වා මමත් ඉතිං පව් කියලා පස්සට වෙලා යන්න ඉඩ දුන්නා.....මෙන්න මුන්ගෙ එකෙක් ඇවිල්ලා තාත්තා පිටිපස්සසෙන් හිට ගත්තා ...ඒ විදියට තවඑකෙක් ...මට ඉතිං.....! මේ මේ කැත වැඩ කරන්න එපා කියලා මම තාත්තා ලගට ගියා...මෙන්ඩස් ඇන්ටිත් සිද්ධිය දැකලා එයා අපේ අනිත් අයවත් ඉස්සරහට දැම්මා.....මේ හලෝ short cut පිං කරන්න එපා කියලා මගේ කටින් කියවුනා...!

දැන් ඔන්න අපි දේවාලේ ඇතුලේ....එක්කෙනෙක් මගේ අතින් උදුරලා වගේ පුඡාව ගත්තා අරන් යන්න කිව්වා කියන ගමන් වට්ටියක් මගේ අතින් තිබ්බා ! මම දුන්නේ ලො‍කු ‍එකක්- ලැබුනේ පුංචි එකක්..! දෙවියෝ මාත් එක්ක තරහා වෙලා... :(( තරහ වෙන්න නෙවෙයි මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ මොනාද කියලා බලන්නවත් දෙවියන්ට වෙලා නැතුව ඇති..!හොද වෙලාවට මම කිසි බලාපොරොත්තුවක් නැතුව පුඡා වට්ටිය දුන්නේ....! නැත්නම් දෙවියෝ පව්...දාහක් සෙනග මැද්දේ මං දිහාත් බලන්න වෙනවනේ....!කොහොම හරි ඔන්න අපි ඒ වැඩේ ඉවර කරලා ඇවිල්ලා කාලා බීලා නිදාගත්තා..ඊළග දවසේ සෙල්ල කතරගම යන අදහසින්..!

ඔන්න පහුවෙනිදා 9ට විතර අපි කිරිවෙහෙරට ගියා.....අනේ එන්න අ‍පෙන් ගන්න මල්....මල් කීයද? මලක් 10යි...හා දෙන්න ඔය මල් ටික.....අපිට මල් වල ගාන වැඩියි වගේ දැනුනට ඒ මිනිස්සු ඡිවත් වෙන්නේ ඔය මල් වලින් නේ -" අනේ ඉතිං තව මල් පිපියන්!" චෛත්‍යට මල් පුඡා කරලා වටේ යනකොට සුදු ඇදගත්ත අය තැන් තැන් වල ඉදන් කියනවා එන්න ගාථා කියන්න මෙතන‍ට කියලා...පොඩ්ඩක් බැළුවමයි තේරුනේ .එයාලට කියලා ගාථා කියවගන්න පුලුවන් ඊට පස්සේ සල්ලි දීලා යන්න ඔනේ...අනේ මන්දා බුදු හාමුදුරුවන්ගේ දර්මෙත් විකුනනවා not bad hah!
අපි සෙල්ල කතරගම....දේවාලවලට ඇවිදගෙන යන පාරේ යනකොට මට මතක් උනේ සම්පත් අයියා පොසොන් කාලේ ලිව්ව කෙටි කතාව - කිසිවෙනසක් නෑ....අම්මෝදේවාල බිමට ඇතුලු වෙන තැන සුසූ ගාලා සෙනග.....එතන අපි වැඩි දෙයක් කලේ නෑ....යන පාරේ අතරමග පොඩි මල්ලි කෙනෙක් එළගිතෙල් පහන් විකුණනවා...ආසාවට එයින් පහනක් අරන් ගිහින් පත්තු කරලා ආවා....එන ගමන් දැකලා නවගූණ වැලක් ගත්තා ඒක කතරගම ගමන මතක් වෙන්න තියාගන්න....අනිත් මාල ගත්‍තට කතරගම මතක් වෙන්නේ නැහැනේ මතක් වෙන්නේ lover එකනෙ.....!පොඩි අයටනම් නිකම් සෙල්ලම්පුර් ගියා වගේ - ෆෝන් - තුවක්කු - බෝනික්කෝ අරවද මේවද පිරිලා.....පොඩ්ඩෝ ‍ටිකව අමාරුවෙන් එතනින් ගලවගෙන අපි ගියා කතරගම දේවාල වලට අලුතින්ම එකතු උන දේවාලයට (ශ්‍රී ලක්ෂ්මී දේවාලය) මගේ කාමරේත් ඉන්න කෙනා නිසා බලන්න යනකොට මොනා හරි අරන් යන්න ඕනි කියලා හිතුනා ඉතිං ගත්තා. දේවාල භුමිය හරි ලස්සනයි...ගස් වැල් හොදට වවලා....දිය පාරවල් එහෙම කර්කෂ කතරගම ‍‍එ‍් තත්වෙන් ගස් ටික නඩත්තු කරන එක අමාරු ඇති
පලතුරු වට්ටියත්නරකමත් නෑ...ඒක ගෙඩි පිටින් තිබ්බ හින්දද මන්දා ‍ලස්සනට තිබ්බා....අරගෙන ගියා....අම්මෝ එතුමිය බැහැදකින එක ලේසි නෑ...සෙනග ‍තෙරපෙනවා පුඡා වට්ටිත් එහෙම අනිත් දේවාල වල වගේ තිබ්බා ගත්තා නෙවෙයි හින්දා පැත්තකට වෙලා බලන් ඉන්න උනා....‍ඔන්න පුඡා‍ වට්ටි බාර ගන්නවෙලාව කිව්ව ගමන් ‍ඒක දුන්නා....ඉස්සරහම හිටිය හින්දා මුලින්ම දෙන්නත්/ඉන්නත් පුළුවන් උනා.....පුඡාවට්ටි බාගයක් ඇතුලට අරන් ගියා....කපු මහත්තයා විනාඩි 2 ක් විතර ගාථා කිව්වා....කියලා ගත්තා කොළ ටිකක් අතට....දැන් මොකද වෙන්නේ පුඡාව අස්සේ එයා ධන ලකෂ්මි යන්ත්‍ර විකුණනවා....වටේ අයත් ගන්නවා.....මාව තෙරපෙනවා.....මම කීයටවත් සුරගන්න එකෙක් නෙවෙයි කියලා තාත්තා උනත් තේරුම් ගන්න ඇති....එයා එතන ආවතේව කරන්න හිටිය කෙනෙක් ගෙන් පුඡා වට්ටිය ඉල්ලගත්තා අපි එළියට ආවා.....! මම දේවාල වල පොල් බිදලා නෑ...ඉතිං මට ඒකටත් ආසාවක් ඇති උනා...ගත්තා පොල්ගෙඩියක් කපුරුත් පත්තු කලා.....ලොකුගණ‍දෙවි පිළිරුවක් (එයත් මගේ කාමරේ ඉන්න එක්කෙනෙක්) ඉස්සරහා තමයි පොල් බිදින්න තිබ්බේ....කපුරු නිවෙනකම් මොනා හරි ප්‍රාර්ථනා කරන්න අම්මා කිව්වා....මම ඉතිං මොනා ඉල්ලන්නද හොදම දේ මට ලැබිලා ඉවරයි මගේ අම්මයි තාත්තායි....ඉතිං කපුරු නිවෙනකම්ම හිත ඇවිස්සුවා....ම්හ් මට දෙයක් ආවේ නෑ....යාළුවෝ ටික හැමෝම සතුටින් හිටියදෙන් එච්චරයි මතක් උනේ. ‍කපුරු නිමුනා පොල් ගෙඩිය ඉස්සුනා....ගැහුවා ටාං!!!!)$*(*()$$&( පොල් බිදිල්ල කෙසේ වෙතත් ‍අත් දෙක යකඩ බාර් එකේ රිදෙන්නම වැදුනා.. :-( වෙලාවට වටෙ පිටේ කවුරුවත් හිටියේ නැතම් වස ලැඡ්ඡාව! තාත්තා ඒක පොල් ගෙඩිය අරන් අතඇරියා ඒක නිකම්ම බිදිලා ගියා..,! එතනින් ආපහු එන පාරේ දේවාලයක් ති‍යනවා.... ලගින් එනකොට ම‍ගේ ලග්නෙයි තව ලග්න දෙකකටයි අවුරුදු 2 ක් අපලයි කියනවා ඇහුනා අම්මා එහෙමම නතර උනා...ඒක ගෙවෙන්න එතනින් එළගිතෙල් පහනක් සල්ලි වලට අරගෙන ගිහින් පත්තු කරලා....අම්මේ එකක් පත්තු කරානේ අපි යමු කියද්දිම තාත්ත් දෙයියෝ වගේ කිව්වා ඒක තමයි ඕනි නෑ කියලා....! ඔය විදියට අපේ දේවාල වන්දනාව කෙලවර උනා.....

අවසානෙදි කියන්න තියෙන්නේ මෙච්චරයි....කතරගම තවදුරටත් දෙවියෝ නෑ....එතන තියෙන්නේ වෙළද මාෆියාවක්....!ඒවාට උඩගෙඩි දෙන අපිත් වැරදී...! දේවාල ටි‍කේ මගඩි නිසා ‍පොඩ්‍‍‍ඩක් අවුල් උනාට...චාරිකාවනම් හරිම සතුටුයි....! අද කන්න water melon , සතියක් විතර කන්න මී කිරි.....මාස 6ක් විතර මට කම්මැලි වෙලාවට කන්න සියඹලා...දවස් දෙකක් විතර තේත් එක්ක කන්න දොදොල් එහෙමත් ගත්තා‍....රුක් කලා කඩේකින් කාම‍රේ ලස්සන කරන්න අළුත් අදහස් ටිකක් ගත්තා දැන් ඒක හදන්න කොටයක් හොයන්න ‍ඕනි.. අම්මා මට ලස්සන තල් කොළ වලින් හැදුව බැග් එකක් අරන් දුන්නා.....ආ අම්මා මගදි ගුරුලේත්තුවකුත් ගත්තනේ දැන් අයිස් ‍කූල් ‍නැති වතුර බොන්න පුළුවන් කූල් වතුර බොනවා කියලා අම්මා බනින එකක් නෑ හික් හික් .....
එන අතරමගදී ගියපු හුම්මානයත් ගමනට අළුත් මතකයක් එකතු කලා....අනේ අර දොදොල් ගෙන්න කියලා sms කල කෙනාට මේ කියන්නෙ.... මගේ online friends contacts අතරේ ඔයාගේ නම්බර් එක නෑ...එක්කෝ මම සේව් කරලා නෑ....දොදොල් අම්මා ගෙනාවා පොඩ්ඩක් අපේ අම්මට කෝල් කරලා ඉල්ල ගන්න හික් හික් .....!

මම මේවා කිව්වා කියලා දෙවියෝ මා එක්ක තරහා වෙයිද දන්නනේ නෑ...ඒත් ඇත්ත කියනවට‍ එයා තර‍හා නැතුව ඇතිනේ...! " ඇත්තටම කතරගමදී අපි අතරමං වෙනවා "

10 comments:

  1. dan hama ekatama kiyana de therichcha ekeke innawa............hehehe.....mamam danata awurudu 10 kata issella indan kiyanan katharagama deyyo kiyala ekek ne kiyala....mama katharagama dewaledima kiwwa katharaganma deyyo kiyanna ballige puthek kiyala.....hehehe...ko mata mukuth wune ne.........eka deyyek nemei.....skanda kumara kiyanne sallalayek...hehe ape ayata ithin ona p**** deyyek thamai........hehehe wachana sera wedida mada..?? ganan ganna epa nangi.....katharagama thanikara wenne minissunge hangeem wikuanan eka......ape harakta owa therenne nehene.........

    (Adooo....mama saturday enakota mata kaludodol thiyala thiyapiya.....)

    ReplyDelete
  2. Went two times.

    And I enjoyed the driving and the scenery. Nothing else.

    So got no complaints :-)

    ReplyDelete
  3. ඔන්න මාලියෙ මගේ පුංචි මතකෙකුත් එකතු කරන්න හිතුන..අපි 2003 වසර වෙනකම් සෑම වසරකම මගේ අප්රේල් මසෙට කතරගම යන්න පුරුදුවෙලා හිටිය..නමුත් 2004 ඉදින් ඒක එච්චරම සාර්ථක උනේ නෑ..අපේ මාර්ගය තමා ඉතින් අපුර-නුවර-නුවරඑළි-කතරගම...නුවරඑළියෙ දවස් 2ක් විතර ඉදල කතරගම ගිහින් එදාම ආයෙ නුවරඑළයට එනව මොකෝ නුවර එළියෙ අපේ holiday home එකේ අපේ නෑදෑයෙ ඔක්කෙමෙ set වෙල බුදු අතල් එකක් ගන්නෙ...නමුත් ඒක ලගකදි එක්තර බැංකුවක‍ නිකේතනයක් ලෙස කුලියට දීම නමු හරිම දුකයි...අපෙත් අපේ බප්පලා ගෙදරත් අවුරුද්ද පුරාවට එකතු වන සිල්ල කාසි ඔක්කොමත් අරගෙන තමා කතරගම යන්නෙ..සාමාන්නයෙන් මධයම ප්රමානයේ කොට්ට උරයක් පිරෙන්න කාසි එකතු වෙනව..ඒව කතර ගමදි හිගන්නොන්ට බෙදනව..හප්පා ඒකනම් එපා කරපු job එකක් ..අවසානෙට වාහනේට නගින්නෙත් බොහෙම අමාරුවෙන්..පැපරාසි වගේ පස්සෙන් එනව..ඔත්ත එක අවුරුද්දක් අපි කතරගම නතර වෙලා එදා උදේ හිගන්නො 100 දෙනෙක්ට උදේට ඉදියප්ප පාර්සල් දෙන්න තීරණය කළා..කලින් දවසෙ රෑ හොටලේකට oder එකත් දුන්න..පාර්සලේකට ඉදියප්ප 20 බිත්තර එකයි කිරිහොදි පැකට්ටුවක‍ටයි තමා අපි හොටලෙන් ගාන කථා කරගත්තෙ..අපි ඔන්න උදේ යනකොට පාර්සලි ඔතල box වලටත් අසුරල...මට කොකටත් අපේ බාප්ප කිව්ව ඉතුරු මුදල ගෙවන්න කලින් එතනම ඉදල පාර්සලයක් ලෙහන්න කියල...අම්මට සිරි ලෙහුව තමා...මෙන්න බිත්තරේ බිත්තර 1/2 වෙලා...අයෙ මොනාද ‍gama තමා..එකෙ කළමනාකරු විදියට හිටිවෙ පොඩි 22 ,23 කොල්ලෙක්...බෙල්ලෙන් ඇදල ගත්ත(මම නෙමේ හොදේ) "මොකද මිනිහො කැත වඩ කරන්නෙ කියල" කඩේ හිටිය මිනිස්සුන්ටත් ඇහෙන්නම Storiය කියල ඉදියාප්ප පාර්සල් ටික තියාගනනව කියල මේසයක් උඩට විසිකරල(ඒව ඔක්කොම තැන තැන ඉහිරිලා ගිය) දුන්න advance එකත් ඉල්ලගෙන එළයට ආව... උන්ට අපි එදා මනුස්ස කමට කීව හොදට කරන්න අපේ නැති වෙච්ච ආත්තම්ම කෙනෙක් වෙනුවෙන් හිගන්නොන්ට දානයක් දෙන්න කියල...අන්තිමට එයිට එහා කඩෙන් ටිකක් පරක්ක උනත් කමක් නෑ කියල පාර්සල් 50ක්(100 ගන්න තරම් තිබ්බෙ නෑ) අරන් බෙදල ආව...ඔන්න ඔකයි මලී මිනිස්සුන්ගෙ තත්වෙ...

    ReplyDelete
  4. Hmmm... I stopped going to Katharagama long time ago. Mukuth therenne nathi podi kale nam giya. Habai yamak kamak therena kaleta ena kota katharagama trip ekak giyath mama eliyata wela innawa, anith ayata dewaleta gihin enna kiyala.


    @Sampath
    මොකද මිනිහො කැත වඩ කරන්නෙ කියල" කඩේ හිටිය මිනිස්සුන්ටත් ඇහෙන්නම Storiය කියල ඉදියාප්ප පාර්සල් ටික තියාගනනව කියල මේසයක් උඩට විසිකරල(ඒව ඔක්කොම තැන තැන ඉහිරිලා ගිය) දුන්න advance එකත් ඉල්ලගෙන එළයට ආව...

    Honda wade... ehema thamai karanna one.

    ReplyDelete
  5. @ Kavi:- eka thamai ubata oya apala karadara badhaka..!:P ane budu kalu Kaviyooo....dodol iwarai kolluwo...hawasa mama anthima kella kewa...:-) Siyabala nam ithuru wela thiyei pack. dekama mata thaniyama kala iwara karanna behe ne :P

    @ Nash :- any chicks inside the vehicle? Lolzzzz Jk
    @ සම්පත් :- ඇත්තටම පුදුම හිතෙනවා so called දෙවියන්ගේ අඩවියේ ඉදගෙන මිනස්සු ඔච්චර ඡරා වැඩ කරන්නේ කියලා...සමහර විට ඒ මිනිස්සුන්ටම තේරෙනවා ඇති දෙවොල හිස් කියලා....

    @dhanu :- I think I have to follow the same theory as my parents don't realized what i'm talking about.

    ReplyDelete
  6. තාමත් මිනිස්සු කතරගම යනවා නේද? මරු trip එක හැබැයි!!! හම්පන්තොට,යාල, කිරින්ද, සෙල්ලකතරගම......කොච්චර ලස්සන තැන්ද?
    Hope they will be there until I come to visit them.......

    Blog is too big so are the comments, කියවන්න වෙලා නෑල පස්සෙ බලමු....

    ReplyDelete
  7. මීට පස්සෙ පූජා වට්ටි වලට පලතුරු ගන්නවනම් අම්බලන්තොටින් හරි හම්බන්තොටින් හරි ගන්න.. කතරගම තියෙනෙ දහ දොළොස් වතාවක් දෙවියො ගාවට ගිය රෙcය්cලෙ පලතුරු.

    ReplyDelete
  8. @ හරේ මචෝ ... ඒක අපේ මිනිස්සුන්ගේ ස්භාවය නේ....!

    @ Jaya Dont worry those things wil be there for next generation too,,,!

    @ චන්දි ...උපදේශයට බොහොම ස්තූතියි..ඒත් මම ආයේ කතරගම ගියත් පුඡා වට්ටි අරන්යයි කියලා හිතන්න අමාරුයි

    ReplyDelete
  9. Katharagama yanna nam man asai...shook trip ekak ne... meka kiyewwama mata hithuna ayeth katharagama yanna thiyenawanam kiyala... eth dan nam godakma ethana kerenne business ekakne...Hmmm...eth ara mal vikunana aya gana nam dukai...jeewath wenna keeyak hari hoya gannane dagalanne ka gahala...:( paw ahinsaka minissu... monawa unath hama kenekma mokak hari karala keeyak hari hoya gannane hadanne..ane manda maleeyoo ehema baluwama mata nam e aya paw kiyalamai hithenne :(
    yamu sella katharagam...
    oba enna yanawanam... :D

    ReplyDelete
  10. @kanch. eka nam ehema thamai akkandiya...eth ithin salli hamba karanna thawa kenek amaruwen salli tika huuran kana eka anumatha karanna behe neda? api kauruwath nikan idala hamaba karanne nehe ne neda?

    ReplyDelete