Thursday, September 24, 2009

කවියක් වගේ එකක්


peter saneepa wela gedara awata thama beheth beela iwara nehe. ethakal mehema thamai kotanna wenne.. duka thamai kiyala adanna yeee ... :D

Monday, September 14, 2009

ළමයා බැක් ය.

ආවා සොයා ආදරේ.... ගීතේ ලියයි බ්ලොග් එකේ...!! ඉහික්...!!!
හායි... හැමෝටම... මම ආවා මගේ දවස් 11 නිවාඩුවෙන් පස්සේ.. ආව වෙලේ ඉදන් මේ වෙනකම් කලේ (උදේ9-1.30 වෙනකම්) සින්ඩිය බලපු එක.. ‍ඔන්න ඉතිං කමෙන්ට් දාන්නවත් බැරි උනා ගොඩකට. මොකෝ වෙලාව මදි.. ආයේ ෆ්‍රී වෙලාවක තමයි කමෙන්ට් කරන්න වෙන්නේ....හ්ම්.. ඉතිං ඉතිං කොහොමද? හානේ.. ටිකක් සුදුත් වෙලා.. ලස්සන වෙලා.. හෙහේ.. මට පිස්සු.. සාමාන්‍යයෙන් ගෑණු ළමයි යාළුවෝ කාලෙකින් මුණගැහුණම එහෙම තමා කථාව පටන් ගන්නේ.. නෑ නෑ මම කියන්නේ නැහැ මම එහෙමයි කියලා.. මොකෝ එහෙම යාළුවෝ මට ඉන්නේ ටිකයි.. බොහෝ වෙලාවට වෙන්නේ... අඩෝ..මචං කාලෙකින් කොහොමද ඉතිං දැන් මොකෝ කරන්නේ.. අ‍ම්මෝ බං උඹ තවත් මහත් වෙලාද බං..!!!

හරි හරි ඒ බයිලා වැඩක් නෑ... අනේ මගේ නිවාඩුව ඉවරයිනේ.. ඒකට මොකෝ මම කියලා මේ සතියත් ආයේ නිවාඩු ඉල්ල ගත්තා... කොහොමද මගේ වැඩ? එහෙම තමා.. අපේ අම්මට සුට්ටක් අසනීප උනානේ.. ඉතිං මගේ නිවාඩුවේ මුල්ම දවස් 3 එ‍යා එක්ක හොස්පිට්ල් එකේ තමා ගත උනේ. දැන් නම් ගෙදර වැඩි අවුලක් නෑ.. එයාට ප්‍රෙෂර් හැදුනනේ.. (මං වගේ දුවෙක් ඉන්නකොට එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ :( ) ඉතිං එයා ළග ඉන්නයි ගෙදර වැඩ බලන්නයි..මගේ දවසෙන් දවල්ට පැය 4ක් ගෙදරයි ඉතිරි වෙලාව හොස්පිටෑල් එකෙයි තමා ගත උනේ.. හැබැයි ඉතිං අම්මට ලොකුම අමාරුවක් තිබ්බේ නැති හින්දා අම්මටයි ම‍ටයි වැකේෂන් වගේ තමා.. අනම් මනං නැතුව හිටිය. ‍මුළු වෙලේම පොතුයි පත්තරයි කියව කියව හිටියා..

ඊට පස්සේ දවස් දෙකක් තුනක් මෙලෝ වැඩක් නැතුව ඔහේ ගෙවලා දැම්මා.. ඒ කියන්නේ උදේට නැගිටිනවා විතරයි මතක.. එයින් පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. ඒක හරියන වැඩක් නෙවෙයිනේ.. ඉතිං ස්වෙච්ඡාවෙන් වත්ත අස්කලා දවසක්.. හෆොයි පහුවදා උදේ නැගිටිද්දි හතර හන්දි රිදෙනවා.. පෙනවනේ මං කොයි තරම් ඇඟහොරෙක් වෙලාද කියලා... ලෙඩ බල බල ඉදලා බැහැනේ.. අපේ ගෙදර වැඩට ඉන්නේ මම විතරනේ.. පහුවදා පටාන් ගත්තා කෑම කාමරේ තීන්ත ගාන්න.. ( ඒ තීන්ත ගෙනත් ගොඩක් කල්! ගාන්න අමතක උනානේ) දවස් 1 යි 1/4 ක්ම ගියා ඒක අස්පස් කරන්නයි තීන්ත ගාන්නයි ඇගේ ගෑවුණු තීන්ත යවන්නයි.. පස්සේ සති 3 කින් අතුගාලා නොතිබුනු මගේ වාස බවන අතුගෑවා.. දැකුලු මල් ගොඩායි....!!!!! මගේ වාස බවනට කාමර 2ක් අයිතියි. දෙකේ බඩු මාරු කලා.. ඉතිං දැන් මං ඉන්නේ අනිත් කාමරේ..

මගේ කොම් පීටරේ ගෙදර ආවා.. උන්න හැටියට මලා මදැයි කිව්වලු.. හදපු එකා ඔෆිස් විතරයි දාලා තියෙන්නේ.. අනික සී එක 4මැට් කරලා දාලා.. හනේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ මගේ ට්‍රිප් එකක පිංතූර සේරම ‍නෑ.. මගේ ළග කොපී එකකුත් නෑ.. දුකේ බෑ.. දිවි පරදුවට තියලාගත්ත සිංහ කූඩුවේ ෆොටෝ ටිකත් නෑ...!!! හපරාදේ...!!!! වෙලාවට දවසක් මොංගල් වෙලාවක සීඩී එකකට දාලා තිබ්බ සොව්ට්වෙයාර් අස්සෙන් කෝඩෙක් පැක් ‍එක හොයාගෙන ප්ලේයර් එකක් දාගෙන තිබ්බ ෆිල්ම් ටිකක් බැලුවා

The Curious Case of Benjamin Button, The Reader, She's the Man, Machan, Rab ne Bandi Jodi, Dance with Me, Pride and Prejudice, Boys Don't Cry නරක නෑ දවස් දෙකට බලපු ටික.

ඔයිට අමතරව පොත් ටිකක් කියවලා දැම්මා..
හිරු උදාවෙයි, පෙරළු නැවුම් පස, එකෝමත් එක රටක විත්ති, පිං හාමි, නිරුවත් වානරයා, මනුසත් උයන, දෙවියන්ගේ අඩවිය, හිම පියළි, කළු සිවුරුධර භික්ෂුව

ඔහොම තමා දන්නෙම නැතුව දවස් ටික ගෙවිලා ගියේ.. මෙලෝ වැඩක් නෑ හරියට පබා වගේ.. හික් හික්.... අදට බායි.. කියවලා කාලේ නාස්ති වුනා කියලා මට බනින්න එපා. මං ගියා...!!!

Thursday, September 10, 2009

I need a Sinhala champ

I know this is not the place to put up a request.. since this is a blog.. and I will delete this post once the purpose is served.

Bro's and Sis's ... I got a friend of a friend of mine who's stuck in a bit of dilemma.

He needs someone to type somethings in Sinhalese. He told me that it's nothing BIG.. just a few words and few product names.. and it would not taken even 2 minutes for a typing expert to do.

So need someone to help him out here ! .. dump me a mail on nashnode@gmail.com with your contact number.., I will get the guy to give you a call.

Of course there's no money involved.. :) .. just a little human help is needed.

thank you all !

Wednesday, September 2, 2009

ඉතිං ආයුබෝවන්


හැමෝටම හායි.... ඉතිං ටික දවසකට මට බායි හොදේ... අනම් මනං නැතුව මම දැම්මා දවස් 6ක නිවාඩුවක්.. ඒ කියන්නේ හෙට ඉදං මං දවස් 6ක් නිවාඩු.. ඒ අතරට තියන සති අන්ත හා පෝය නිවාඩු එක්ක බැලුවම මම දවස් 11 ක් නිවාඩු... ආයේ රැකියාවට වාර්තා කරන්නේ 14 වෙනිදා.. ඔය නිවාඩු නම් කිසි කථාවක් නැතුව අනුමත කරා.. කියන්න බැහැ සමහර විට මේ මම අයදුම් කරන අන්තිම නිවාඩුවෙන්න පුළුවන්.. ඒ කියන්නේ නිවාඩුවෙන් පස්සේ මං එනකොට සේවයෙන් නෙරපීමේ ලියුම මේසේ උඩ තියෙයිද මංදා.. අනේ එහෙම වෙනවා නම් කොයි තරම් ශෝයිද? එකම දුකකට තියෙන්නේ ජංජාලය නැති වෙන එක විතරයි.. ඒ හැර දැනට රැකියාවෙන් මම ලබන ප්‍රතිලාභයන් නොමැත. දන්නවද දන්නේ නැහැ මගේ ගෙදර කොම් පීටර් ට හෙණ ගැහුවනේ.. ඉතිං එයාව හදන්න ඉස්පිරිතාලේ යවලා ටික දවසක් හනේ මන්දා ගොඩ ගන්න බෑ කියලා පීටර් ව මෝචරියට යවලද දන්නේ නෑ.. නැත්තං හදන්න අරං ගිය ඉලංදාරියා ඒ වගේ පීටර්යක් මෑත දශකයේ දැකලා නැතුව ඒකේ කාල නීර්ණය කරන්න කාබන් පරීකෂණ කරනවද දන්නේ නැහැ.. ඒ නිසා කියන්න තියෙන්නේ ගෙදර ඉන්න යන ඉදිරි දින 11 තුල මම ජංජාලයේ නැත. පීටර් ගෙදර ආවොත් ඊට පහුවෙනිදා ඉදං මං ඉන්නවා..නැත්තං නෑ...
අදාල කාලවකවාණුවෙන් පසු මම නාවොත් මං මැරිලා.. නැත්තං රස්සාව නැතිවෙලා.. මැරුනොත් කවුරු හරි මේකේ පෝස්ට් එකක් දායි මං මළා කියලා.. කවුරුවත් අඩන්න ඕනි නෑ.. දානේ ගෙදර ඇවිත් ගියාම ඇති... හික් හික්.....!!!!

හ්ම්.. හිනා ඇති

ඇත්තටම හිනා‍ වෙන්න පුළුවන් මට්ටමක මං නෑ.. මේ දවස් වල ජිවිතේ හරි බරයි... මට හැමදාම ඕනි උනේ හුළගක් වෙන්න.. නිදහසේ සැහැල්‍ලුවෙන් පාවෙලා යන්න...ඒත් මට අමතක උනා 4 වසරේ විද්‍යාව පාඩමට කියලා දුන්නා වාතයට ස්කන්ධයක් තියනවා කියලා.. ඒක තමයි මේ දවස් වල මට දැනෙන්නේ.. හැමදාම පුංචි ළමයෙක් වගේ ජිවත් වෙන්න ආස කරපු මගේ ඔලුවට මේ දවස් වල කිලෝ ගණන් බර ටොකු ඇනෙනවා... ඒවට රිදෙන නිසා අඩන්න ඕනි උනත් කදුළු නේන මගේ ඇස් වලට දැන් කදුළු පිරෙන්න පටන් අරගෙන.. ඒ නිසා මට ආයේ මුළ ඉදන් හැමදේම පටන් ගන්න වෙලා.. සමහර විට පාතම මට්ටමෙන්.. මගේ ජිවිතේ සතුට වෙනුවෙන් යන්න තියන හැම පාරකම කටු පදුරු වැවිලා.. .එක්කෝ මම තුවාල වෙවී හරි ඒ පාරවල් වල යන්න ඕනි නැත්තං යන්න පුළුවන් වෙන විදියට ගැලපෙන සපත්තු හදා ගන්න ඕනි.. මම නිවාඩු දැම්මේ ඒ වෙනුවෙන්... සමහර විට මේ දවස් ටිකේ මට ඒ වෙනුවෙන් මොකුත්ම කරගන්න බැරි වෙයි.. ඒත් අඩුම ගානේ කටුමාවත් වල යන්නේ නැතුව එක තැනක ඉදලාවත් තුවාල කරගන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙයි..හෙට ගැන කියන්න මම දන්නේ නැහැ.. ඒත් හෙට ඉර පායයි කියලා මට හිතෙනවා..

යන්න කලින්,

* ඊයේ මගේ අම්මාගෙයි,රංගි( මොන්දො/බුරු බබී)ගෙයි, හෙලන්ගෙයි උපන්දින.. ඊයේ මම නිවාඩු නේ.. ඒ නිසා මොකුත් ලියන්න බැරි උනා ඒ අය වෙනුවෙන්..කොහොම උනත් ඒ තුන් දෙනාටම සුභ උපන්දිනයක් වේවා....!!

** අද මම මගේ හොදම ‍යාළුවෙක්ගේ ඩැඩා ලුක් එක දැක්කා.. මං පෙරේදා හීනෙන් දැක්කා ඒකා කසාද බැදලා ඒ වෙඩින් එකට මම ගිහිං ඉන්නවා. ඉතිං අද ඒ වගේ ෆොටෝ එකක් දැක්කම මට හරිම සතුටුයි.. මං හිතන්නේ ඉන්න විදියට වඩා තාත්තා කෙනෙක් විදියට ඉන්නකොට ඌ හරි ස්මාට්.. නැත්තං මෙලෝ රහක් නෑ :p


***මේ සිංදුව මම කසුන්ගේ ආස සිංදුවක්.. උපන්දින සමරන අයටයි තාත්තලා වෙන්න බලන් ඉන්න අයටයි මගෙන් දුප්පත් තෑග්ගක්. :D


හෙට අළුත් අළුයමක්.. වෙන කවරදාකටත් වඩා...
මිහිමත මල්... පිපෙන දවසක්...!

ඉතිං හැමදෙනාටම ටික දවසකට ආයුබෝවන්..!
මම නැතිවෙන්නේ නෑ.. ඉන්නවා.. හුළග වගේ..
නොපෙනී නොඇසී නොදැනී..
ඒත් ළගින්ම..
:)

උඩම තියන පිංතූරේ මං ගත්ත එකක්..ලස්සනානානායි කියලා උස්සනවා එහෙම නෙවෙයි ඕං..
හිකිස්!