Monday, September 29, 2008

දරුවෝ

වයසින් අඩු වැඩි උනාට අපි හැමෝම අම්මා කෙනෙක් ගේ තාත්‍තා කෙනෙක්ගේ දරුවෙක්. අපි කිසිම කෙනෙක් ඕපපාතික නැහැනේ... ඒ වගේම මේක කියවන බොහෝ ‍දෙනෙකුත් දැනටම හෝ අනාගතයේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් හෝ තාත්තා‍ කෙනෙක් වෙන්න ඉඩ තියනවා. ස්වභාවධර්මයේ නීතිය අතින් බැළුවොත් උපදින හැම සතෙක්මත් තම වර්ගයා‍ගේ පැවැත්ම වෙනුවෙන් තම වර්ගයා‍ගේ මීළග පරම්පරාව බිහිකරන්න කැපවෙනවා.. ඒ කැපවීමේ හා මිනිස් සිරු‍‍‍රේ අවශ්‍යතා වල ප්‍රතිඵලයක් විදියට තමයි අපි හැමෝම අද මේ තත්වෙන් ඉන්නේ නේද? අපි විතරක් නෙවෙයි මෙලොව ජීවත් වන සියළුම සතුන්ට මේ කථාව පොදුයි... මාත් එක්ක එක කාමරේ ජීවත් වෙන හූනාටයි රෑට එළිය දෙන්න එන කණාමැදිරියට පවා මේක පොදුයි... ඒත් හූනන් හා කණාමැදිරියන්ට සාපේකෂව මිනිස් ගහණය වැඩියි... එක අතකින් හා අපේ හ‍‍‍රේෂ් සොයුරා කියන විදියට අද ලොකේ පවතින බොහෝ ගැටළු වලටත් හේතුව මේ අධික ඡනගහනය හා ඒ ප්‍රමාණයට අවශ්‍ය තරම් සම්පත් ප්‍රමාණවත් නොවීම... ඒත් අපි කවුරුවත් ඒ පිළිබදව හිතන්නේ නෑ නේද? උපත් පාළන ක්‍රම හා පුංචි පවුල රත්තරං කියන න්‍යායන් ගෙන ආවාට මේ ගැටළු වලට පිළියම් ලැබෙන්නේ නෑ... අපි පිළියම් යොදන්න කැමතිත් නෑ.. හේතුව අපි ආත්මාර්ථකාමීයි... දරුවෙක් හදන හැම දෙමාපියෙක්ම එහෙමයි... තමන්ට බැරි වෙන කාලෙක තමන් දුබල වෙන කාලෙක තමන්ගේ දරුවන් තමන් ළග ඉදන් තමන්ව බලාගනියි කියන හැඟීම වචනෙන් නොකිව්වට එයාලා‍ගේ හිත් ඇතුලේ තියෙනවා නේද?

ඔය කථාවෙම තවත් පැත්තක් දවසක් freednbeing නොහොත් හ‍රේෂ් අපේ මහ ගෙදරට ඇවිල්ලා ටික දවසකින් ඉදිරිපත් කලා ‍"ඉපදීම දුකක් නම් ඉතිරිය" කියලා...ඇත්තටම ඒ නිර්මාණය දිගේ ඒ දවස් වල මම ගොඩක් හිතුවා ඒ වගේම ලොකු වාද විවාදත් ඇති උනා... තම තමන් කැමති විදියට හිතා ගනිත්වා කියලා හිතලා ඒ විවාද අතර මග නතර කරලා දැම්මා අපි හැමෝගෙම සුභ සිද්ධිය තකා.. හිකිස් !

දැන් මම මොන දේ කිව්වත් දරුවෙක් ඉන්න 99%ක් අම්මලා හා තාත්තලට තමන්ගේ දරුවා සම්පතක්.... මැණිකක්... රත්තරං කෑල්ලක්... මම 99%ක් කිව්වේ උපදුනු ගමන් දරුවෝ කුණු ගොඩට වැසිකිලි වලට විසි කරලා යන අම්මලත් අපි අතර ඉන්න නිසයි... ඒ කොහොම උනත් මම මේ හැම දේම කිව්වේ මම අද උදේ ලිව්ව සිතුවිල්ලක් ‍‍බ්ලොග් සටහනට ඇතුළු කරන්න ඕන වුනු නිසයි....

මට ඉන්නවා යාළුවෙක් අපි හැමෝම දන්න නමින් කියනවා නම් නුකී.... එයාට ඕන උනා එයාගේ කාර්යාල මිතු‍‍‍රෙක්ගේ පුතෙක් ගේ උපන්දිනයක් වෙනුවෙන් පැවතුනු දානයකට අදාලා වීඩියෝ පට‍යේ මුලට මොනා හරි සුභ පැතුම් සටහනක්! ඉතිං මට කිව්වා වහාම ක්‍රියාත්මක වන පරිදි විනාඩි 10ක් ඇතුලත ලියලා ඕනි කියලා... මමත් ඉතිං කරඅරින්න පුළුවන් හැම දේම කිව්වට වැඩේ මටම කරන්න උනා... ඉතිං මම පොඩි සටහනක් ලියලා දුන්නා... ඒ වැඩේ ඉවර කරලා අවකාශයේ අද දිනට කවි ලියන්න නියමිත පිංතූරය දැක්කම මට හිතුනා මම මොහොතකට කලින් ලිව්ව එක හොදයිනේ කියලා... ඒත් පිංතූරය තවත් හොදින් බැළුවම දැක්කේ ඉන්නේ පුතෙක් නෙවෙයි දුවෙක් කියලා... ඉතිං මම සටහනෙත් වචන පොඩ්ඩක් එහේ මෙහේ කලා... මෙන්න මේ විදියට තමයි අළුත් එක ලියවුනේ....





කොයි හැටි වෙතත් උපන්දිනය සමරපු පොඩි පුතාට සුභ උපන්දිනයක්.... අන්තර්ජාලයට අළුතින්ම එකතු වූ වෙබ් අඩවිය අවකාශේ.com නුඹට දිගු ගමනකට සුභ පැතුම්...!


Sunday, September 28, 2008

ඉරිදා දවස හා තාරේ සමීන් පර්

අද දවස ආරම්භ උනේ වෙනදාට වඩා පරක්කු වෙලා ඒ කිව්වේ උදේ අටට විතර.. එහෙමයි කියලා කිසි හදිස්සියකුත් නෑ... අද ඉරිදා නිසා කරදර බාධක නැතිව හොද නින්දකට පසුව අවදි උනා.. තේක එහෙම බීලා මුණ හොදන්නෙත් නැතුවම එහෙමම ආපහු ඇඳට ඇවිල්ලා "ක‍ෆ්කා මුහුදු වෙරළේ" පොත කියවන්න ගත්තට ඒකත් බෑ වගේ හිතුනා.. එහෙම්ම ආයෙත් පොඩ්ඩක් නිදාගන්න හිතුවත් ආයේ බෑ කියලා හිතුනා. ඉතිං එළියට ඇවිල්ලා මුණ කට සෝදලා එහෙම අම්මට උදේ කෑම හදන්න ‍ලාවට විතර උදව් කලා...උණූවෙන්ම ඉදිආප්පයි පරිප්පු හොදියි පොල් සම්බෝලයි එක්ක උදේ ආහාරය සප්පායම් වෙලා, අන්තර්ජාලයට සම්බන්ධ උනා. අවකාශේ අපේ මිතුරෙක් විසින් පලකරලා තිබ්බ රූෆ් ටොප් පිංතූර වගේකට වචන ගලපමින් ඉන්න වෙලාවේ තමයි ‍තවත් අන්තර්ජාලයෙන් මට මුණ ගැහුනු අපූරු යෙහෙළියක් වෙන කාංචනා අක්කා කථා කලේ එයා කිව්වා ඒ වෙලාවේ හිංදි චිත්‍රපටයක් බලමින් ඉන්නේ කියලා...මමත් ඉතිං මහ ලොකුවට කිව්වා අපෝ මට ඔවා බලන්න වෙලාවක් නෑ කියලා.. කිව්වට‍ මොකෝ මමත් ගිහින් ටීවී එක දාලා ඉස්සරහින් වාඩි උනා...ලේන් දත් වගේ අලි දත් දෙකක් තියෙන පුංචි පිරිමි ළමයෙක් ගේ කථාවක් "තාරේ සමීන් පර්".

කථාව කෙටියෙන් කියනවා නම් (මම බලපු ටිකේ විදියට ) ඒ ළමයා ‍නේවාසිකාගාරයක නතර වෙලා තමයි ඉගෙන ගන්නේ... පාසලට හා ගුරුවරුන්‍ට අවශ්‍ය විෂය දැනුමෙන් සන්නද්ධ විනයානුකූල ළමයි පිරිසක් බිහි කරන්න. ඒත් මේ ළමයා තරමක් අසාමාන්‍යයි.. අකුරු ලියන්නේ අනිත් පැත්තට.. පාඩම් ගැන කිසිම උනන්දුවක් නෑ.. ඒ ‍වගේම කාත් එක්කවත් කිසිම සම්බන්ධයක් නෑ. හුදකලා ළමයෙක්... ඒත් එයා‍ගේ අයියා බොහොම බුද්ධිමත්, දක්ෂ දරුවෙක්. ඒ වගේම ටෙනිස් ක්‍රීඩකයෙක්. ඉතිං අම්මලත් මල්ලිට වඩා අයියා ගැන අවධානය යොමු කරනවා.... මේ අතර පාසලට අළුතින් එන චිත්‍ර ගුරුවරයා මේ ළමයා ගැන හොද අවධානයෙන් බලනවා... දරුවගේ ගැටළුව හඳුන ගන්නවා. එයාට තියෙන්නේ ‍‍‍රෝගයක් අකුරු ව‍චන ශබ්ධ ආදිය නිසි ලෙස හදුන ගන්න බැරි.. ඒත් මේ දරුවා දකෂ චිත්‍ර ශිල්පියෙක් හා ඒ වගේම හොද මොළයක් තියෙන දරුවෙක් හැටියටත් මේ අනියම් සේවයට පැමණි ගුරුවරයා තේරුම් ගන්නවා... පසුව ගුරුවරයාගේ හා ළමයා‍ගේ කැපවීම් මත දෙදෙනා ලබන ජයග්‍රහනයක් පිළිබදවයි මේ කථාව කියවෙන්නේ..

මම අළුත් හිංදි චිත්‍රපට බලන එක බොහෝ දුරට නතර කරලා තිබ්බේ. කාල වේලාව නැතිකම හා ඒවා බලනවට වඩා ‍ඒ විදියෙම ඉංග්‍රීසි චිත්‍රපටයක් බලන එක හොදයි කියලා දැනුන නිසා...
එත් "තාරේ සමීන් පර්" මගේ ආසම චිත්‍රපට ගොන්නට මම දෙපාරක් හිතන්නේ නැතිව එකතු කර ගන්නවා.. ඒ කථාව ඒ තරමටම මගේ හිතට දැනුන නිසා... අවුරුදු ගනනාවකට පස්සේ චිත්‍රපටයක් බලලා මගේ ඇස් දෙක තෙත් උනේ අද...

ඒ වගේම පසුව අපේ අම්මා කිව්වා මෙවර ඔස්කාර් සිනමා උළෙල‍ට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබෙන්නේ මේ චිත්‍රපටය බව..ඒ ගැන සතුටුයි...‍කලකට පෙර බිහිවුනු "බ්ලැක්"චිත්‍රපටයත් මට මතක් උනා.. චිත්‍රපටය ගැන මට ඔත්තුව ‍දුන්නු කාංචනා අක්කට බොහොම ස්තූතියි...මම කිව්වට වඩා ඔයාලාත් අද බැලුවේ නැත්නම්‍ හොයාගෙන හරි බලන්න.. සොදුරු චිත්‍රපටයක් එය... චිත්‍රපටය අවසා‍නයේ පසුබිමින් වාදනය වුනු ගීතයේ අවසන් පේලියෙන්ම මමත් ම‍ගේ සටහන අවසන් කරනවා
"ඔබ සතුටින් සිටින තැන ඔබේ අරමුණයි"

Thursday, September 25, 2008

පැවතීම

පැවතීම

මොහොතකට ඔබ වන්න
නුඹ ගල් කුලක් මෙන්
දැඩි වෙන විට
මා ගලක් නොවී වෙන
මක් ‍කරන්නද....
එහෙත් උද්ගෝෂණ නැති
ම‍ගේ ඉල්ලීම
සිහි කැදවා නැවත
නුඹ කිව්වා මට
මා ලෙසම පවතින්න


විටෙක නුඹ
මල් පෙත්තකටත් වඩා
සුසිනිදු වෙද්දි
මාද ගලක් බව දැනුනා මට
නුඹේ සුමුදු බව නොදැනෙන විට
බිය ‍සිතුනි මොහොතකට
මා මතින් නුඹ
නැවත ඉදි වෙයිද අළු වෙයිද?

නුඹ පිහාටුවක් මෙන්
පාවී යන්න උවමනා
බැව් පැවසු විටදි
හිස සලා පැවසුවෙමි
මම පවන වෙන බවට
නුඹ යන හැම තැනම
නුඹ සමග යන
අමතක උනා මට මොහොතකට
පවන් පොද රිසි තැනට පිහාටුව
පාවෙලා යන බැව්
නැවත් අත්හැර දමුවෙමි නුඹ
වටා එතෙන පවන් රොද
වෙන පැතුම...

රාත්‍රීන් පුරා නිදි මරා
දෑත් හිස මත තබා
කලතවා සිතුවිලි සයුර සෙවුවෙමි
නුඹ සමග පෑහෙන්න
නුඹ නුඹ ම වන
මම මම ම වෙන
අළුත් ක්‍රමයක්....

කල්පකාලයක්
එක තැනම පල්වෙන
පුහුමතවාද - බැමි - පවුරු
බිද දමා අපි අපි වෙන්න
යලි වෙන් වෙන්ව

තනි තනිව
අප ලෙසම පවතින්න
පෙර හැම දිනකදි මෙන්ම
අපටම ගැලපෙන විදිය
හොයාගත්තා මෙවරද
නුඹ විසින්...

නුඹ විද්‍යුතය
මම චුම්බකත්වය
පැවතිය හැකියි
අපට මේ ලොකෙන් එපිට
නුඹ කැමතිම
විශ්වය තුල වුවද
අපට අප මෙන්ම
පැවතිය හැකිය....


අප එක්වන විට
හට ගැනෙන

විද්‍යුත් චුම්බකත්වය
හානි කර විය හැකියි
"අන් අයට"
අපට නෙවේ ඒ...
.................
.................

පසු සටහන - ගොඩක් දවසකින් කවියක් තියා කවියක් වගේ එකක් වත් ලියන්න බැරි උනා... බ්ලොග් සටහන් පෙළත් 49 වෙනි සටහනෙන් නැවතිලා තිබ්බ නිසා හිතුවා 50 වෙනි සටහන ‍පොඩ්‍ඩක් විශේෂ කරලා ලියන්න... එත් එක්කෙනෙක් මතක් කරලා දුන්නා සංඛ්‍යාව නෙවෙයි වැදගත් වෙන්නේ කියලා.... ඒක නිසා ඒ අදහසත් අතහැරලා දැම්මා....අද කාර්යාලයේ වැඩ තිබුනත් ඒ තරම්ම හදිසි වැඩ නැහැ. ඒ නිසා කරන්න කම්මැලි.... අනිවාර්යෙන් කලයුතු වැඩ ටික උදේම අහවර කරලා දැම්මා... කවියක් ලිවීමේ ආසාවක් ඇති උනු නිසා ලියන්න කොළය එහෙම අතට අරන් පැන්සල උල් කරලා ලියන්න හදද්දි ලියන්න හිටිය වචන ටික නැති වෙලා... ඕනි දෙයක් කියලා බ්ලොග් එකේ කෙලින්ම මොනා හරි කුරුටු ගානවා කියලා ආවම ලිය වුනේ ඔය උඩ තියෙන වචන ටික......තේරුමක් නෑ තමයි ...ඒත් ඉතිං මට හිතුනා ලියවුනා..එච්චරයි....!

Monday, September 22, 2008

And.. another

No.. and I didn't have a drink there.

Switzerland - City Lignon
Posted by Picasa

Head for Sale

and it's expensive as well

Switzerland - Belxert shopping mall
























Sunday, September 21, 2008

අච්චාරු

මගේ කෑම සම්බන්ධ කලින් ලිපියට හොද කටට කෙළ උනන ප්‍රතිචාර ලැබුන නිසා මම හිතුවා මේ වතාවෙත් ඒ ‍වගේම ලිපියක් ලිව්වොත් හොදයි කියලා...පොඩි කාලේ කාපු බීපුවා ලොකු අයියලා අක්කලට මතක නැතුව ඇතිනේ...ඉතිං නංගි කෙනෙක් විදියට ඒවා මතක් කරලා දෙන එක මගේ යුතුකම විදියට මම සලකන්නම්....මේ ගැන ලියන අදහස ආවේ ඊයේ (20) ටවුන් හොල් එක ඉස්සරහා කෙනෙක් එනකම් හිටගෙන හිටිය වෙලාවේ. මුලින්ම ඔෆ් ටොපික් උනත් ඒ ගැන කියලා ඉන්න එක හොදයි කියලා හිතුනා මේක එක්තරා විදියක විවෘත දින පොතක් වෙන නිසාත්....

ඊයේ කොළඹ ඡාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.... කලින් කථා කරගෙන තිබ්බ විදිය අනුව මම ඇතුළු අන්තර්ඡාලයේ සුපුරුදු කිහිප දෙනෙක්ම හැබැහින් මුණ ගැහීමේ අමතක නොවන දිනය.... ඒ අතරින් එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැම දෙනාවම ඇත්තට මුණ ගැහුනේ ඊයේ .... මම ඉතිං ලෝභ නැතුව පැය 11/2ක්ම ප්‍රමාද වෙලානේ ගියේ.අතර මගදි නිකම් පුරුදු මුහුණක් පහු උනත් මම හිතුවේ මට පැටලිලා වෙන කෙනෙක් වෙන්න ඇති කියලයි පස්සෙයි දැන ගත්තේ ඒ එයාමයි කියලා හිකිස්. යනකොටත් කට්ටිය දෙවනි මහලත් ගවේශනය කිරිම පටන් අරන් තිබ්බේ ඉතිං මම කෙලින්ම එතනට ගියා යනකොට මුලින්ම දැක්කේ ශිවා ව ඊළගට පාකර් මල්ලි.. ඊළගට පමිත් ඊළගට සමීරම් සහ හරේෂ්. බෝ නම් මම යනකොටත් පොත් රාක්කයක් දිගේ නගිනවා... ලොල්.... පසුව අසිත මල්ලිත් මොහොතකට හරි අපිව බලල යන්න ආවා... අවංකවම මොහොතකට මගේම සහෝදරවරු පිරිසකට මැදි උනා වගේ ලොකු හැගීමකින් මුළු හිතම පිරිලා ඉතිරිලා ගියා.... හැබැයි කියන්න ඕන වැදගත්ම දේ තමයි කට්ටියේ අයියලා මල්ලිලා වගේ මල්ලිලා අයියලා වගේ... වයසින් ලොකුම අයියා සේරටම වඩා පොඩියි... හිකිස්... කොහොම හරි පොත් අරගෙන මම 2ට එළියට ආවා ‍මොකද මාත් එක්ක අම්මත් ගිය නිසා හා එයා එදා තාත්ත‍ගේ වැඩපලේ සුහද හමුවකට යන්න සිදුවීම නිසා... අනික මමත් වෙන සුහද හමුවක් යොදාගෙනයි තිබුනේ.... ඉතිං අම්මාව අදාල තැනින් ඇරලවලා මට සිද්ධ උනා ‍බලන් ඉන්න ග්ර්ර්ර්ර්ර් විනාඩි 20ක් විතර!!! එතන එහා පැත්තේ අඹ කරත්තයක් තියාගෙන ගැණු කෙනෙක් අඹ විකුණනවා ගෙඩි වශයෙන් හා අච්චාරු වශයෙන්... මට ඉතිං එතන තනියම කන්න බෑ වගේ හිතුන නිසා මම අච්චාරු දි‍ගේ අතීතෙට ගියා... ගොඩක් දුර.... මට මතක නැති මුල්ම අච්චාරු කාපු දවස් දිහාවට.....

අච්චාරු (ලොවි /අඹ/වෙරළු/ ඇඹරැල්ලා/දිවුල්/ අන්නාසි / මිශ්‍ර පලතුරු)

හ්ම්... අච්චාරු ගැන කථා කරද්දි මට මුළින්ම මතක් වෙන්නේ ලොවි. හේතුව අපේ ගෙදර මිදුලේ ඉස්සරහා වම් පැත්තේ කෙලවරක ගේට්ටුව කිට්ටුවම ලොකු ලොවි ගහක් තියෙනවා. අවාසනාවකට වගේ දැන් නම් පිළීලයක් ඇවිත් ගහ මැරිලා තියෙන්නේ :-( ඒ ගහ හිටවලා තියෙන්නේ අපේ තාත්තා ගේ පොඩි අක්කා නැත්නම් මධු ගේ අම්මා... ඒ ගහේ මන් හිතන්නේ ලොවි ගෙඩි ලක්ෂෙකට වඩා ඇවිත් ඇති මම ම විසි තිස් දහක් කාලා ඇති.... ඒ දවස් වල ඒ කියන්නේ මම පොඩි කාලේ අපේ ගෙදර ගේට්ටුවක් තිබ්බේ නැති කාලේ ගමේ ස්කෝලෙට යන අයියලා අක්කලා උදේටයි හවසටයි කෙලින්ම අහන්නේ බලන්නේවත් නැතුව වැටිලා තියෙන ලොවි ඇහිදගෙන යනවා කඩන අයත් හිටියද මන්දා... අම්මා උදේම මිදුල අතුගැවොත් ලොවි ඇහිදලා වෙනම තියනවා එන අයට අරන් යන්න... සාමාන්‍යයෙන් ලොවි වලට වාරයක් තිබ්බට අපේ ලොවි ගහේ හැමදාම ගෙඩි දෙක තුනක් හරි තිබ්බා හොයා ගන්න ඒත් වාරේට පිස්සු හැදෙන්න ලොවි එනවා.. ලා කෙළ පාට ලොවි ටිකෙන් ටික රෝස පාට වෙලා තදම තද කුණු ලේ පාට වෙනකම්ම ඉදෙනවා.. ඉදුනා කියලා ලොවි පැණි රස නෑ.. ඇඹුල් මම නම් ආස හොදටම ඉදුනු ලොවි ‍අතේ පොඩි කරලා මැද්දට ලුණු ඇටයක් දාලා සුප්පු කරන්න... එහෙම නැතුව කෙලින්ම කටේ දාගෙන මුණ ඇඹුල් කරන් හපන වෙලාවලුත් තිබ්බා... කෙහොම උනත් දැන් අච්චාරු ගැන කථා කරමු... මුලින්ම ලොවි අච්චාරු හැදුවේ මම නෙවෙයි... මම බොහෝම පුංචි කාලේ අපේ ගෙදර කිට්ටුවම ඉන්න සුදු අක්කි හා යසන්ති අක්කි... එයාලා ඇවිල්ලා බෑග් එකක් පි‍‍‍රෙන්න ලොවි කඩාගෙන මාවත් එක්කගෙන යනවා එයාලගේ ගෙදර කුස්සියේ තිබ්බ පුංචි වංගෙඩියේ තමයි ලොවි අච්චාරු කොටන්නේ.... ලුණු... මිරිස් කෑලි දාලා කොටලා ඒකට ලොවි ‍‍ටික ටික දාලා හොදට කොටනවා. ඉස්මත් එනවා. ඉතිං ඊට පස්සේ අන්තිමට සීනි පොඩ්ඩක් දාලා කන්න තමයි තියෙන්නේ... ඒ හදන අච්චාරුව කන්න අහල පහල ගෙවල් දෙක තුනේ අය එකතු වෙනවා ධම්මි අක්කා, ඉරේෂා අක්කා, නිරෝෂා අක්කා, ගීතානි වගේ අය ඒ කාලේ දැන් වගේ නෙවෙයිනේ හැමෝම ඉගෙන ගන්නවා... ගෙවල් වල ඉන්න නිසා හැන්දෑවට එකතු වෙන්න වෙලාව තියෙනවා.... තාප්ප නෑ.. එදිනෙදා හැමෝමව දකිනවා. දැන් නම් ඉතිං දකින්නෙත් නෑ... දැක්කත් හායි බායි තමයි. කථා කරන්න වෙලාවක් නෑ... ඒ දවස් වල අච්චාරුව මැද තියාගෙන සුස් සුස් ගගා කන්න තමයි තියෙන්නේ. හැබැයි කාපු ගමන් වතුර බොන්න නම් හොද නැහැලු. පස්සේ ඉතිං මම තනියම වැඩ කරගන්න පුළුවන් කාලේ වෙනකොට ‍අපේ ගෙදර වං ගෙඩියෙන් තනියම අච්චාරු හදාගෙන කන්න පුරුදු උනා... මධු ව දන්නවානේ ඔයාලා. එයා ඉතිං මගේම අක්කා තමයි... හැම නිවාඩුවකටම වගේ ගමේ එන්න කලින් එයා කෝල් කරලා අනිවාර්යෙන් අහන්නේ ගහේ ලොවි තියෙනවද, මූද හොදද නාන්න පුළුවන්ද කියන ප්‍රශ්ණ ටික... සමහර කාල වලට එයා එනකොට ලොවි පැහිලා මදි. එහෙම නැත්නම් මුල් දවසේ සේරම කඩලා දෙවනි දවසේ කඩන්න පැහිච්චා නෑ. එහෙම දවස් වලට අපි අමුම අමු ලොවි වලිනුත් අච්‍චාරු හදනවා... කඩන්න උස මදි දවස් වල ලොවි කැඩුවේ පුටුවක් තියලා ඒක උඩ නැගලා හිකිස්.. මම කඩනවා මධු ඇහිදිනවා.... අම්මලා ඔය ඇති ඔය ටිකෙන් හදන් කන්න වැඩිය කන්න එපා හොද නෑ කියලා වාරණ දානකම්ම අපි ඉතිං කඩනවා.... හැමදාම අච්චාරුව කොටන වැඩේ බාර ‍උනේ මට. මධු කැමති බාගෙට කෙටුනු ඒවට. මම හොදටම කෙටුනු එව්වට... එයා සීනි දාලා කැමති නෑ මම කැමති ඉතිං දෙන්නගෙම කැමැත්තට ගැලපෙන විදියට හදලා ලිං ගැට්ට උඩ ඉදං ඒක ඉවර කරන ගමන් සතර කං මන්ත්‍රණ ඉවර කරලා අපේ දුක සැප බෙදාගෙන තමයි අපි ආයේ ගෙට යන්නේ. ඔය විදියට තමයි ලොවි අච්චාරු එක්ක මගේ මතකය ආයේ එහෙම මතකයක් එකතු වෙන්නේ නෑ.. හේතුව ලොවි ගහ මිය යමින් ඉන්නවා... මධු තව දුරටත් ලංකාවේ නෑ..... දැන් අනිත් අච්චාරු ගැන කථා කරමු.

අඹ, ඇඹරැල්ලා, අන්නාසි මිශ්‍ර පලතුරු ඔය සේරම හදන්නේ එකම විදියට පොඩි කෑලි වලට කපලා ලුණු කුඩු මිරිස් කුඩු හා සීනි පොඩ්ඩක් දාලා.... අපේ ගෙදර පලතුරු ගෙනාවම අනිවාර්යෙන් ඉතිං මගේ පංගුව නම් අච්චාරුවක් බවට පත් වෙනවා මයි... අමු පලතුරු වලින් තමයි අච්චාරු ‍වැඩියෙන්ම රස ඒත් ඉදුනා කියලා වෙනසක් නෑ... සීනි නොදා හදනකොට....

දිවුල් අච්චාරු ගැන කියන්න බැරි උනානේ... අමු දිවුල් නම් කෑලි මිරිස් දාලා ඉදිලා නම් ගම්මිරිස් කුඩු ලුණු එක්ක දාලා හදලා බලන්න... හරිම රසයි.... ආ අමතක වෙනවා පොඩ්‍‍ඩෙන්.... වෙරළු අච්චාරු.... ඒක නම් හදන්න කලින් වෙරළු තම්බලා ගන්න ඕනි. ඊට පස්සේ අනිත් ඒවා හදනවා වගේමයි... ඒ වැඩ කරන්න අමාරු නම් ඉතිං ඔය පාරේ විකුණන කෙනෙක් ගෙන් සල්ලි වලට අරගන්න මම නම් ඊයේ අඹ හා වෙරළු කියන අච්චාරු වර්ග දෙකම කෑවා.... මම අහල පහලින් තියාගන්න කැමතිම කෙනෙක් එක්ක පාර දිගේ ඇවිදගෙන යන ගමන්... ඔහේ කියව කියව යනකොට.... අපේ ජීවිතත් අච්චාරුවක් වගේ තමයි... ඇඹුල් රස, පැණි රස, දැවිල්ල, සැර හැමදේම තියනවා. හරියට ඡිවිතේ දුක, සතුට, සැප, කලකිරීම්, ආදරය, බැදීම්, වෙන්වීම් වගේ සියලූ රසයන්ගෙන් පිරී තියනවා වගේ.... රස්සාවල්, ඉගෙනීම් ,විඳීම්, දැනීම්, පැවතීම්, බැදීම්, ඇතිවීම්, නැතිවීම් පිරිලා තියෙන ඡිවිතය මිශ්‍ර පලතුරු සහිත අච්චාරුවක් වගේ නේද? අපි ආසයි වෙලාවකට අකමැතියි.... මුණු ඇඹූල් කරන් රස කර කර අපි කනවා... හිනා වෙනවා... ජිවිතය පවතිනවා...........

ps.ගෙදරින් පිටදි අච්චාරු කනවා නම් ලග ලේන්සුවක් තියාගන්න නැත්නම් අනිත් කෙනාගේ ලේන්සුව ඉල්ලලා අඩන්න වෙනවා !
pps. සටපිට ඉන්න අයියලා අක්කලා මට බනින්න එපා උඹල‍ගේ රට වලත් පලතුරු ඇතිනේ හදාගෙන කාපල්ලා හැබැයි මම ඇපල් අච්චාරු නම් කාලා නැත හිකිස්...

Thursday, September 18, 2008

තෝසේ

ගොඩක් කාලෙකින් බ්ලොග් සටහනක් ලියවුනේ නෑ කියලා මතක් උනේ අද ලොකු අයියා කිව්වමයි. කාර්යාලේ වැඩක් නැත්නම් ඉතිං බ්ලොග් එකට මොනා හරි ලියන්න කියලා තව කෙනෙක් කිව්වා... ඒත් ඉතිං දෙයියනේ මොනවා කියලා ලියන්නද? අපේ ඉස්කොලේ මීලගට 9 වසර ගැන ලියන්න තියෙන්නේ ඒත් එක ලියන්න හරියට මතක් වෙන්නෙත් නෑ අප්පා....ඉතිං ලියන්න අදහසක් ඉල්ලුවා ලියන්න කිව්ව කෙනාගෙන්ම.... එයා කිව්වා ලියන්න දෙයක් නැත්නම් එදා ගියපු තොසේ ක‍‍ඩේ ගැන හරි ලියන්න කියලා... මට පෙන්නේ එයා‍ට කඩේ හිතට අල්ලලා වගේ හික් හික්... ඉතිං මම කල්පනා කලා කඩේ ගැන නෙවෙයි කඩේ තියෙන අපුරු කෑම ගැන එහෙමත් නැත්නම් මගේ ප්‍රියතම ආහාරය ගැන පොඩි සටහනක් ලියන්න....

දෙමළ කෑම (තෝසේ - සාම්බාරු හා උළුදු ව‍ඩේ)

කවද කොහොම මොනවා හින්දා මම
තෝසේ වලට ආස උනාද කියන්න මම දන්නේ නෑ.. ඒ කියන්නේ මම මට මතක ඇති කාලේ ඉදන්ම තෝසේ කන්න ආසයි.... මීට අවුරුදු සැහෙන්න කාලෙකට ඉස්සර කොළඹ එන්නේ මාව ‍තෝසේ කන්න එක්කන් යන්න අම්මලාව පොරොන්දු කරගෙන... මට මතකයි සමහර දවස් වලට තාත්තා කෙටි නිවාඩු දාලා ‍ගෙදර එන දවස් වලට තකහනියක් මගින් බැහැලා මට කන්න තොසේ අරන් එනවා උළුදු ව‍ඩේ එක්ක... වෙන වෙනම කොළ වල ‍ඔතලා තියෙන තෝසේ... කොළපාට සම්බෝලේ හා රතුපාට සම්බෝලේ හා සාම්බාරු හොදි බෑග් එකයි උළුදු වඩෙයි මට දැනුත් මැවිලා පෙනවා වගෙයි.... පස්සේ කාලෙක ගෙදරදි කොච්චර හැදුවත් සයිවර් කඩේකදි කන ‍රස ගන්න නම් මට වත් අම්මටවත් බැරි උනා ඒක හින්දා දැන් අපි ඒවා ගෙදර හදන එක සම්පුර්ණයෙන්ම නතර කරලා ක‍ඩෙන්ම ගෙනත් කනවා නැත්නම් ගිහින් කනවා.... තෝසේ කන්න මට ලඟම ක‍ඩේ තමයි බම්බලපිටියේ සරස්වතී එක.. ශක්ති එකේ පන්ති ගිය දවස් වල අනිවාර්යයෙන් තෝසේ කන්න යනවා.... ගෙවන මුදලට සරිලන වටිනාකමකුත් ලැබෙනවානේ මොනා උනත්....

මං හිතන්නේ අපේ අන්තර්ජාල මහගෙදර අය නම් බහුතරයක් දන්නවා මම
තෝසේ වලට කොයි තරම් කැමතිද කියලා.. හික් හික් ඒ කට්ටියෙන් මුලින්ම මතක් වෙන්නේ සෑම් ව එහෙම නැත්ම් පිස්සු සැම් ව.. මොකෝ එයා කන්නේ අල බෝල.. හොදම අලබෝල තියෙන්නේ කොට්ටාවේ කඩේකලු නේ මම නම් ඉතිං එහෙන් කාලා නෑ.. ඒ වුනාට සෑම් නම් අල ‍බෝල මතක් කලත් කෙල පෙරනවා. ඒ කියන්නේ ඒ තරමටම එයා ඒවට කැමතියි.. ඒ එක්කම තව යාලුවෙක් මතක් වෙනවා... මහ ගෙදරම එ‍ක්කෙනෙක්. එයා වට්ටක්කා කන්නේ නෑ. ඒක හින්දා ‍සම්බාරු හොදි කන්නේ නෑ... ඒ හින්දා තෝසේ කිව්ව ගමන් ඊයා ගාන පුරුද්දක් එයාට තිබ්බා. ඒත් පස්සේ කාලෙක එයා අපිට වඩා තෝසේ කන්න ගත්තා හැබැයි සාම්බාරු නැතුව..

ඒ විදියට
තෝසේ වලට ආස කරන ගොඩක් අයව මට මතක් වෙනවා මේ වෙලාවේ... ආහ් අපේ අයිස් ගේ ශෙනී එයාත් එක්කෙනෙක් නේ තෝසේ සමාජිකයින්ගේ. හික් හික්... මම මහගෙදර ඉඳන් තෝසේ මතක් කලාම එයා ඕසි වල ඉදන් කෙල ගිලිනවා...

කොහොම උනත් අපේ රට ආහාර සම්ප්‍රදායන් අතින් සෑහෙන්න ඉදිරියෙන් ඉන්න රටක්... සිංහල ජනයා ට හුරු පුරුදු කෑම වර්ග දෙමළ මුස්ලිම් ජනයාගේ කෑම වර්ග ආදී නොයෙක් සම්ප්‍රධා‍යන්ට අයත් කෑම බීම වලින් අපේ රට පොහොසත්. ඒ වගේම බඩගිනි වෙලාවට හිත් වල තියෙන සියළුම ජාති වාදී කුල මල අමතක කරන්නත් අපේ මිනිස්සුන්ට පුළුවන්. ඒකනේ "ආනන්ද භවන් එකට වැදී ‍
තෝසේ ගිලින වෙලාවට කිසිම අපුලක් නැතුව කාලා එළියට ඇවිත් දෙමළුන්ට බනින ජාතියක්නේ අපි" වගේ අදහසක් එක්ක සින්දුවකුත් තියෙන්නේ. මට ඒ වගේ අත්දැකීමක් තියනවා... ඒ විදියම නොවුනත් පොඩ්ඩක් විතර ඒ වගේ එකක්.... ඒ වෙලාවේ ඉතිං මම කවියක් වගේ එකක් ලිව්වා මේ තියෙන්නේ ඒක... ඔයාලා ඒක කියවලම මේ සටහන කියවන එක නතර කරන්නකෝ මතක ඇතිව ආයේ තෝසේ කන වෙලාවට මාවත් මතක් කරලා කන්න හොදේ .... මම නම් ගිය සිකුරාදත් කෑවා බලමු ආයේ කවදද පුළුවන් වෙන්නේ කියලා.... :-)

Monday, September 15, 2008

කවියක් වගේ එකක්

ඡිවිතය....අපි කැමති දේවල් වගේම අකමැති දේවලුත් පිරුණු අරුම පුදුම යාත්‍රාවක්.....අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක අපිව ගමනක් එක්කන් යනවා...අතර මගදි අහම්බයන් හරිම හුරු පුරුදු දෙයක් බවට පත්වෙනවා....හිතේ සිතුවිලි හා හැගීම් පවා එක නිමේෂයකින් අපි වෙනස් පුද්ගලයන් බවට පත් කරනවා....සමහර එවන් සිදුවීම් අපි දැනුවත්ව සිදු උනත් ලොකූ දුකක් ඉතුරු කරලා යනවා වෙන්න පුළුවන්....සමහර අහම්බෙන් සිදුවුනු සිදු වීම් මුළු ඡිවිත කාලයම හෝ ඉන් එහාටත් එහෙම නැත්නම් බොහෝ කාලයක් පුරාවට අපේ හිත් වචන වලින් විස්තර කරන්න බැරි අපූරු සිතුවිලි වලින් පුරවනවා මේ ‍ඒ වගේ සිතුවිලි උපරිමව පිරිලා ඉතිරිලා යන වෙලාවක කෙනෙක් එන්න කියලා ඇමතුම දෙනකම් බලන් හිටිය අවසන් ‍විනාඩි කිහිපයේ හදි‍සියේ ලියවෙච්ච වචන කිහිපයක් කවියක්ද නිසදැසැක්ද වෙන මොකක් හරිද කියන්න නම් වැ‍ඩි දැණුමක් නෑ...ඒත් හිත ඇතිවෙන්න පුළුවන් හුගක් හැගීම් ඒ කියන්නේ බය,සතුට,ආදරය,කුතුහලය,ලැඡ්ඡිශිලිත්වය, වගේ තව ගොඩක් හැගීම් පිරිලා ඉතිරිලා පිටාර ගලන වෙලාවක ලියවුනා කියන්න නම් දන්නවා
කාලෙකින් බ්ලොග් එක ලියවුනෙත් නැති හින්දා මේකවත් දාන්න හිතුනා කියවලා බලන්නකෝ කෝඩුකාර ආදරයක එක හැගීමක් හික් හික්




Saturday, September 13, 2008

Bonsure from swiss

Hey all people.

Just me.. dropping a line.. and a small update sort of.

Well.. landed in swiss and went to the interview as well...they are giving the final word on Wednesday.. so awaiting till that to see what will happen.

Hoping for the best but expecting the worst.

Oh.. yeah.. just a small teaser for you all.... the normal (slow) internet connection speed here is 20mbps .. and broadband is jaw dropping 60 mbps

lolzzzzzz ... imagine the speed of loading the internet pages and... imagine if you (me) all had that kind of speed back in Sri Lanka.

Monday, September 8, 2008

එක දවසක් - 08- 09 -2008

අද වර්ශ 2008 සැප්තැම්බර් 8 වන සදුදා....මීට පෙර අවසාන සටහන ලිය වුනේ මීට දවස් 4 ක‍ට කලින් පටන් ගත්ත මුල දවසට දෙපාර ගානේ ලිව්ව බ්ලොග් සටහන් කිරිම ආයේ ඉබි ගමනට වැ‍ටිලද මන්දා...ඒත් පහුගිය දින කිහිපිය පුරහම ගෙදර පරිගනකය පුරවගෙන හිටිය වයිරස් ‍රංචුව අයින් කලාට පස්සේ දැන් පරිගනකය බදාගන්න හිතෙන තරම් නියෙමට වැඩ හික් හික්...ඉතිං බ්ලොග් පිටුවත් ලිව්වා නම් හොදයි කියලා හිතුනා........කියවන්න මගේ අද දවස....:D (ඔන්න දැන්ම කිව්වා ඉතිං මෙලෝ වැඩකට නෑ..)හික් හික්
අද උදේ නැගිටිද්දිම ඇහුනේ වහලට වැහි බිංදු වැවෙන සද්දේ..අමුතුම ලතාවකට....සීතලත් ගාණට අනේ අදත් නිවාඩු උනා නම් කොයි තරම් ශෝයිද....හොදට පෙරවගෙන දෙයියනේ කියලා නිදාගන්න තිබ්බා..අනේ ඒත් ඉතිං රස්සාවල් කරන්නේ අපේ තැන් වල නෙවෙයිනෙ....ඔනි ඕනි හැටියට නිවාඩු ගන්න.....කම්මැලි කම ඇද රෙද්දත් එක්කම තියලා නැගිටලා සීතල වතුරෙන් මුණ සෝදලා අද දවස පටන්ගත්තා.....විටෙන් විට හෙමින් හෙමින් හයියෙන් හයියෙන් වැටෙන වැස්සත් එක්ක හැංගිමුත්තු කර කර කාර්යාලයට ආවා කියමුකෝ....හයියෝ....කාර්යාල පරිගනකය වැඩ නෑ...ඒකට මොනාදෝ වෙලා මම කම්මැලිකම පැත්තකට දැම්මට එයාට අද වැඩ කරන්න කම්මැලි හිතිලද කොහෙද මොනා කරන්නද කියලා ඉතිං කරන්න තිබ්බ වැඩ ටික මම ම කරලා අහවර කරලා දැම්මා...වැහි මන්දාරම හින්දා ඒ වැඩ කෙරෙනුත් ‍නිකම් කෙරෙන නොකෙ‍රෙන ගාණට....අද දවසම හිත මොකක්දෝ මන්දා අර බෝංචි කියනවා වගේ වචන වලින් විස්තර කර ගන්න බැරි අමුතුම හැගීමකින් පිරිලා තිබ්බේ....හැබැයි දැන් මේ වෙනකොට ඒ කියන්නේ දවස අවසා‍න පැය කිහිපය වන විට ඒ හැගීම අහවරයි...මම හිතනවා අහවරයි කියලා...ඒ ඇ‍‍‍‍රෙන්න වෙන දෙයක් අද සිද්ධ උනේම නෑ....පාඨලි ටයි හෙලා ටයි උපන්දින සුභ පැතුම් පත් අරගැනීම හැරෙන්න....
ආ තව දෙයක් තියෙනවා ලියන්න....මට අද මගේ පාසැල් මිතුරියක් වෙන සිසාරාව මොහොතකට මතක් කරවපු කෙනෙක් මුණ ගැහුනා....හැබැයි ඒ කෙනා නම් පිරිමියෙක්...ඒත් ජීවිත ගම‍නේ ජීවත් වෙද්දි මොහොතකට මුණ ගැසුන කෙනෙක් විදියට මේ සටහනත් හැමදාම හිදිවි.......ඡිවිතේ සමහර තත්පර කල්පයක් තරම් කල් මතක හිටිනවනේ ‍නැද්ද මං අහන්නේ?

වැහි බීරමත් එක්ක ටික දවසකට පස්සේ පොඩි කවි පදයක් ඔළුවට ආවා ඒකත් ලියලම මේ සටහන නිමා කරනවා....මේක ලියලා ‍ඇති වැඩක් නෑ....ඕපදුප ගොඩක් විතරයි ලියවෙන්නේ....

ජීවිතය ගලා යයි හෙමි හෙමින්
අරුණාලෝක
සඳ කිරණ.. තාරුකා කිණිති සමගින්
විටින් විට
පායන දේදුණු සත් වර්ණ
කියා‍ දෙයි
ජීවිතය ලස්සන බව
මේ ‍දැනෙන
පෙනෙන මොහොතට වඩා
එහෙත් නිමේෂයකින්
දෙනෙත තෙත් වෙයි
ඒ වර්ණ නොව
දිය බිදු පමණක්ම බැව්
දැනෙන විට
මායවකි දේදුන්න
මිරිගුවක් සේම
එහෙත් මොහොතකට
අමතක කර දමා
බහුශ්‍රැත විමර්ශණ
රස විඳිමි ජීවිතය
හෙට මියදුනත් කම් නැත කියා.....!

Saturday, September 6, 2008

Leaving

Hey.. guys and girl(s) :-P

As many of you chap(s) (ies) know that I was trying for a Job in the United Nations - Switzerland.

Well.. I got the interview scheduled on the 11th :-)

So had to fast forward my plans and leaving Tonight with my Boss... (as we were suppose to go for some work as well) .. I will be facing the interview (of cource the Boss man doesn't know about it) . and if I am through.. will stick around 2 weeks to get the permit done.

Hopefully.. will return to SL by the end of this month and will fly again within few days.... AND if I didn't get through and fail the interview... will be back in SL by the end of this week. :-)

The job I am hunting for is a advisory position for the UN.. and though it's a nominally "OK" salary there.. converted to LKR .. it would be around 3.4 Million a month.

So wish me DAMN good luck mates... cause I plan to come back in around 5 years and buy a Ferrari and a Poche...and live off the monthely interest .... Fucking lolzzzzzzzzzzzzz

Will drop a word on what happens there later when I get a chance mates !

Thursday, September 4, 2008

සතු‍ට හා කතිරය

අපි හැමෝම ආසාවෙන් කරන වැඩ තියෙනවානේ...ලියන එක, කියවන එක, මල් වවන එක ,ටීවී බලන එක , ආදී එකී මෙකී කොච්චර වැඩ අපි අපේ හිත් වල සතුට වෙනුවෙන් කරනවද නේද? සමහර විට අපි ආසාවෙන් කලාට වැඩෙන් සත පහක ප්‍රයෝඡනයක් නැති වෙන්න පුළුවන්...අපි ආසාව නිසා/හිතේ සතුට නිසා කරන වැඩ වෙන්න පුළුවන්.....කතිර මැහුම්....ඒ ව‍ගේ මම සම්පුර්ණයෙන්ම මගේ සතුට වෙනුවෙන් කරන දෙයක්‍... ඉස්කෝලේ යන කාලේ ඉදන් ආසාවෙන් හිටියට මම මහන්න පටන් ගත්තේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ....ඇත්තම කියනවා නම් මම දන්න හොදම කාලේකන වැඩේ....භාවනාවක් වගේ...
කොටු පිරිලා තියෙන රෙදි කෑල්ලක පාට පාට නූල් වලින් රූපයක් මවන එක හරි ආස හිතෙන දෙයක් හැබැයි....කරන අය මේක කලාට බලන් ඉන්න අයට නම් පිස්සුවක්.....මොකද අ‍තට ගත්තම ආයේ බිම තියන්න හිතෙන්නේ නැති හින්දා‍‍....මම ගැන කියනවා නම් මම මේක නිසා ඉගනීමත් කඩා ගත්තා‍‍‍ මේ එකක තියෙන ගෑණු රූපේ මහන්න මට මාස 6 කට වඩා කල් ගියා(ඔයාලට පේන තරමට වඩා මේක තව ලොකුයි )...මම මහන්න වෙලාව හම්බ වෙන්නේ රෑටයි සති අන්තයයි විතරයි නිසා මම සති අන්තේ පන්ති නොයා මැහුවා...හික් හික් ඒත් ඒ කාලේ හිතේ තිබ්බ හැම අවුලක්ම අමතක කරන්න මේ වැඩේ නම් මට ගොඩක් උදව් උනා.....

නිකමට හිතුනා බ්ලොග් එකේ දාන්න...ඒකයි දැම්මෙ කැමති නම් ඔයාලත් මහන්න පටන් ගන්න :D :D

මමයි මමයි

ස්ථානය - බස් රථයක් තුල
වේලාව - ප.ව 5- 6ත් අතර තප්පර කිහිපයක්
ආදාල පාර්ශව - මම හා මම(සිත)

අමුතුවෙන් කියන්න උවමනාවක් නැහැනේ ඉහත සදහන් වේලාවේ බස් වල සෙනග පිළිබදව...මම හිටියේ බස් එකේ මැදක් හරියේ හිටගෙන..හොද කල්පනාවෙන් වටපිට ගැන....එතකෙට හිත කොහේ මොනා කර කර හිටියද කියන්න මම දන්නේ නෑ.... මේ අපි දෙන්න අතර හදිස්සියේම ඇති උනු දෙබසක් මම රතු හිත නිල් හොදේ

මේ මොන මල වදයක්ද අප්පා අම්මපා.... එහෙන් සෙනග .... රස්නෙයි මේ මගුල් බස් එක යන්නෙත් නෑ... මොන විකාරයක්ද මන්දා

කෑවා කෑවා කවියක් ලියන්න පොඩි අයිඩියා එකක් හිත හිත හිටියේ මගේ මනෝ කන්ද කෑවා..මොකද අනේ මේ බෙරිහන් දෙන්නේ?

ඇයි අනේ කොයි ලොකේද ගිහින් හිටියේ පොඩ්ඩක් බස් එක ඇතුලට එන්නකෝ ඔයාටම තේරෙයි..... මගේ නම් දැන් ඉවසීමේ සිමාව පනින්යි යන්නේ....

හප්පාපාපාපා.......මට දැනුයි මීටර් උනේ... බස් ‍එකේ සෙනගත් වැඩී නේ....දැන් මොකෝ කරන්නේ

අනේ මේ ඔයාගේ මීටරේ.... අම්මපා ගහනවා කම්මුල හරහා පාරක් දත් ටික බඩට යන්න..!

ඉවසන්න දරුවෝ ඉවසන්න...

ඉවසන්න මොනාද ඉවසන්න කියන්නේ? ඇයි දෙයියනේ බස් එකට නැග්ගේ නිදහසේ ගෙදර යන්න මිසක් වෙන එවට නෙවෙයි....

හරි හරි ඔයාගේ වැරැද්දනේ....තව ටිකක් වෙලා ඉවසලා ඉදලා ඒසී එකක නැග්ගනම් මේ කරදර නැතුව කූල් එකේ ඉක්මනට ගෙදර යනවානේ.....

අනේ මේ දැන් ඔවා කථා කරන වෙලාව නෙවෙයි අප්පා... මොනා හරි කරමු මේකා වදයක් වෙන්න කලින්..! මම දෙන්නද හොද ෂොට් එකක්

අපෝ මේ බක පණ්ඩිතයා වෙන්න යන්න‍ එපා මොකෝ ශොට් දීලා වන් ශොට් වෙන්නද? මම කියන විදියට කරන්න....මම ඔයාව කර‍ද‍රෙන් බේරලා දෙන්නම්....පොඩ්ඩක් අහිංසක ගෑණු ළමයෙක් විදියට හිතලා වැඩ කරමු.....

හරි ඕයි කියන කරන මගුලක් ඉක්මනට කරමු

හරි බලන්න දෙපැත්තේ කවුද ඉන්නේ කියලා.. එහාට මෙහාට ඉඩ තියෙනවා නම් පොඩ්ඩක් පැත්තකට වෙන්න...ආ දකුණු පැත්තේ ඉන්නේ ආන්ටි කෙනෙක් නේ එයාගේ පැත්තට වෙන්න පුළුවන්ද බලන්න....අනිත් පැත්තෙත් අන්කල් කෙනෙක් නේ ඒ පැත්තට යන්න එපා....

අනේ මේ පව් අප්පා ආන්ටි ඉන්නෙත් අමාරුවෙන් පේනවනේ එයාගේ බෑග් එකේ ලොකු.... අනික එහෙට මෙහෙට දගලන්න බස් ‍එකේ ඉඩ තියනවා නම් මම වෙන තැනකට යනවනේ....!

හ්ම් හ්ම් ..... මං කියන්නම් ... මුලින්ම බලන්න ඔය සතා මොකාද කියලා.....

මිනිහෙක් බං පිරිමියෙක් මානසික ලෙඩෙක්

චිකේ මටත් එක්ක ලැඡ්ඡයි...! සත්තුවත්තේ ඉන්න ඡරා සතෙක් දිහා බලනවා වගේ නෙවෙයි....ලොකේ ලොකුම හතුරා දිහා බලනවා වගේ බලනවා.....ආයේ ඇගට ආවොත් තෝව මරණවා ‍වගේ මුණකින්.....

හා හරි හරි

අම්මෝ ඒ බැල්මේ රස්නෙනම් මටත් දැනුනා.....හැබැයි වැ‍‍‍ඩේ සාර්ථකයි වගේ මිනිහා පැත්තක‍ට උනා...,!

හුරේ ඡය වේවා...!මේ හිත මං හිතන්නේ ආන්ටිටත් වැ‍ඩේ තේරුණා එකනේ එයත් අර මිනිහව කන්න වගේ බැළුවේ. හොද ආන්ටි කෙනෙක්

හ්ම් හ්ම්...දැන් දැක්කා නේද මං කියන විදියට වැඩ කලාම ලේසියෙන් ප්‍රශ්ණ වලින් ගැලවෙන්න පුළුවන් බව... මම කියන දේ අහන්න හැම වෙලේම...ඔයාගේ තනි කැමැත්තට වැඩ කරන්න යන්නේ නැතුව තේරුණාද?

අනේ මේ යනවා යන්න...මට දෙයියන්ගෙම පිහිටයි ඔයා කියන දේම ඇහුවොත් එක පාරක් ඔයා කියන පදේට නටලා උනු දේ මතකයිනේ....මේ හිත ඔයා මතක තියාගන්න මට ඔයා වගේම තව කෙනෙක් ඉන්නවා මොලේ කියලා....එයාව අඩුවෙන් පාවිච්චි කරාට සම්පුර්ණයෙන්ම අතහැරලා ඔයාට ‍ඕනි විදියට නටන්න මම ලැස්ති නෑ‍‍...ඔයා මේ වෙලාවේ මට ගැල වෙන්න උදව් කලා තමයි ....ඒත් ඡිවිතේ හැම ප්‍රශ්නෙකදිම ඔයාගේ තියරි ඇප්ලයි කරන්න බෑ....

චික් ඇයි මම ඔයාගේ හිත උනේ...ඔයා මහා ඡාරා කෙල්ලෙක් කෙලෙහි ගුණයක් දන්නේ නැති.....ඔයාට ඔනි වෙලාවට විතරයි ඔයා මං ගැන හොයන්නේ....මුළු ලෝකෙම ඉන්න උන්ගේ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න ඔයාට වෙලාව තියෙනවා...ඒවට උත්තර හොයන්න මට නිදාගන්න දෙන්නෙත් නැතුව කල්පනා කරනවා.....ඒත් ඔයා අවංකවම ඔයාගේ හිත වන මාත් එක්ක කථා කරලා තියෙනවද?

ඇයි නැත්තේ? මම කථා කරන තරමක් කථා කරන්නේ ඔයා එක්ක නෙවෙයිද? ඔයා එක්ක කථා කරන දේවලින් දාහෙන් පංගුවක් වත් මම මුළු ලෝකෙම අය එක්ක වත් කථා කරලා නැතුව ඇති....

ඔව් මම නෑ කියන්නේ නෑ......ඔයා කථා කරනවා හැම වෙලේම.....නාන්න ගියත් කන්න බොන්න ගියත් කොටින්ම ටොයිලට් එකට ගියත්....ඒත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ගොඩක් වෙලාවට මාත් එක්ක කථා කරන්නේ අනිත් අය ගැන නෙවෙයිද කියලා....අම්මා තාත්තා බල්ලා කොල්ලා කෙල්ල අංඡූ අරයා මෙයා ඌ මූ අර අක්කා මේ අයියා ඒවා නෙවෙයිද? වෙන කෙනෙක් ඔළුවේ කැක්කුමයි කිව්වත් ඔයා ඒක ගැන හිතනවා....කවුරු හරි කථා කරන්න ඔනි කිව්වොත් වැඩ සේරම පැත්තක දාලා ඒවා අහන් ඉන්නවා...එහෙම කරන ඔයා ඔයා ගැන කල්පනා කලාද ? ඔයාට ඕනි මොනාද නැත්තේ මොනාද? ඔයාගේ ඉලක්ක...ඔයාගේ බලාපොරොත්තු....මං දන්නවා ඔයාට එහෙම ඒවා නෑ....ඔයා ඉර පායනවට නැගිටින හුස්ම වැටෙන හින්දා,අම්මලා වෙනුවෙන් ඡිවත් වෙන කෙල්ලෙක්....ඔයාගේ සිස්ටම් හරි අමුතුයි අප්පා....ඔයාගේම හිත වෙලත් වෙලාවකටම මටම ඔයාව තේරුම් ගන්න බෑ...ඔයා හරි සරලයි...ඒ තරමටම සංකීර්ණයි....මටම ඔයා‍ව තේරුම් ගන්න බැරි වෙච්චි එකේ අනිත් අය කොහොමද ඔයාව තේරුම් ගන්නෙ

අනේ ප්ලීස් නවත්ත ගන්න...මට දැන් ඔවා හිතන්න බෑ....මහන්සී......

හ්ම් හැම දාම කියන කථාවනේ ඕක....! ඊළග හොල්ට් එක පානදුර එතනින් මිනිස්සු බහී.... සීට් එකක් හම්බ වෙයි..වාඩි වෙන්න.....ඔයා ඔයාට ඕනි ‍විදියට ඡිවත් වෙන්න මම ඔයා වෙනුවෙන් දරා ගන්නම්....හැමදේම after all I am just only a part of you who always stand beside you...when u need a support...!

thankyou

Monday, September 1, 2008

අම්මා

මීට අවුරුදු විසි එකයි මාස ගණනකට කලින් දවසක එක්තරා ගැහැණියක් තම ප්‍රථම දරු ප්‍රසූතියෙන් පසුව "අම්මා" කියන නමින් දෙවන වරටත් ඉපදුනා...මම අද කියන්න යන්නේ අන්න ඒ අම්මා ගැන එහෙමත් නැත්නම් මගේ අම්මා ගැන. අවුරුදු ගාණක‍ට පස්සේ මම අද මගේ අම්මා ගැන ලියන්න යනවා...!

මගේ අම්මා
මගේ අම්මා මට අම්මා‍‍....මගේ තාත්තාගේ සුදු නෝනා එහෙමත් නැත්නම් සුනී....ඇත්තටම එයා කවුද? තාත්තාගෙයි මගෙයි ඡිවිත වල පාදම එහෙමත් නැත්නම් කැණිමඩල...එහෙමත් නැත්නම් අපේ හැමදේම....ඇදුම් සෝදලා වේලලා වැඩට ඇදගෙන යන්න අයන් කරලා දෙන එකේ ඉදන්...යන යන තැන පස්සෙන් එල්ලිලා යන හෙවනැල්ල වගේ ඉන්න කෙනා වෙනකම්මත් පරණ ගෙදර වෙනුවට අළුත් ‍ගෙයක් හදන තැනට වෙනකම්මත් එතනින් එහාටත් මගේ තාත්තගේ හයිය...මගේ අම්මා....! මම හොදටම දන්නවා මගේ අම්මා නැතුව වෙන ගැණියක්ව තාත්තා බැන්දා නම් අද ඉන්න තත්වෙට තාත්තා කවදාවත් එන්නේ නැහැ....රුපියල් 13ක් විතරක් සාක්කුවේ තියාගෙන කසාද බැදපු අපේ තාත්තගෙන් අම්මා කවදාවත් රඡ සැප ඉල්ලුවේ නැතුව ඇති....ඒත් පියවරක් හැම තිස්සෙම ඉස්සරහට තියමු කියලා නම් අම්මා කියන්න ඇති....ඒකයි එයාලා අද මට පේන තත්වෙන් ඉන්නේ....අද වෙනකම් හැමෝම අපේ තාත්තට අම්මා ගැන හොද විතරක් කියන්නේ එයා ‍හරිම හොද නිසා වෙන්න ඇති‍.....තාත්තගේ යාළුවෝ එදා වගේම අදත් ඉස්සර වගේම තාමත් ඕනිම දුකක් සැපක් බෙදා ගන්න අපේ ගෙදරට එන්නේ තාත්තට වඩා අම්මා හොද හින්දා කියන්න මම දන්න නිසා...තාත්තාගේ හැම යාළුවෙකුටම එයා ‍හරිම හොද අක්කා කෙනෙක් වෙන නිසා....!
ඒ තමයි තාත්තාගේ ඡිවිතේ අම්මා....එතකොට මගේ ඡිවි‍තේ? සරළවම කියනවා නම් මම අද මෙහෙම ඉන්නේ අම්මා නිසා....එයා මාව බලන්නේ නැතිව මං ගැන හොයන්නේ නැතුව රස්සාවකට එහෙම ගියා‍ නම් මට හොදටම ෂුවර් මම මහා නස්කූනි කෙල්ලක් වෙනවා...,! මගේ අම්මා මගේ හෙවනැල්ල වෙලා මගේ ආත්මය වෙලා මං ලග හිටියා....හැම වෙලාවකම...!එයා මං ඉපදුනු දවසේ ඉදන් අවුරුදු 5ක් යනකම් බැ නොකියා එයාගේ ලේ කිරි කරලා මට බොන්න දුන්නා...එයා දන්න හොදම ස්කෝලෙට දාලා මට ඉගැන්නුවා....11වසරට එනකම්ම මම පන්තියකට ගියත් මං පස්සෙන් ආවා...! මාව මලකට ව‍ඩා හොදට පරිස්සම් කලා....එහෙමයි කියලා අම්මා මා‍ව හිර කලේ නෑ‍....මට වදයක් උනෙත් නෑ‍‍‍....මගේ ඡිවිතේ මට ඕනි විදියට තීරණ ගන්න ඉඩ දුන්නා...ඒත් ඒ තීරණ එයාලා සතුටු වෙන තීරණ බවට පත් කරන්න එයා මට නොතේරෙන විදියට කටයුතු කලා...ඒක මම 100%ක් මගේ තීරණයක් කියලා හිතුවත් පස්සෙයි මට තේරෙන්නේ අම්මා මට මේක මෙහෙම කිව්වේ මේ වගේ හේතුවක් හින්දානේ කියලා‍....තේරෙන බාසාවෙන් කියනවා නම් මම රූකඩයක් මට ඕන විදියට නටන‍...එත් ම‍ට නොපෙනෙන නොදැනෙන විදියට නූල් ටික අම්ම ලග තියෙන්නේ...ඒත් එකෙන් මට දැනෙන බලපැමක් නෑ...ඒකයි මගේ අම්මා හරිම හොද අම්මා කෙනෙක් වෙන්නෙ...!
මට‍ ඡිවිතේ කියා දුන්නේ මගේ අම්මා....තනි දරුවෙක් විදියට තනියම ඡිවිතේට මූණ දෙන්න මාව අර්ධ පිරිමියෙක් කලේ මගේ අම්මා....!පොඩි කලේ මම හැම පුංචි හිත රිදිමකටම අඩද්දි අම්මා තමයි මට කිව්වේ හැම දේටම අඩන්න එපා අපි නැති දවසට ඔයාව නලවන්න කවුරුවත් නෑ ඒක නිසා හිත හයිය කරගන්න කියලා...ඒත් එහෙම කිව්ව අම්මාම අපේ ගෙදර මාළු ටැංකියේ මාළුවෙක් මැරුණත් අඩනවා....තාත්තා පොඩ්ඩක් සැරෙන් කථා කරත් අඩනවා...පොඩි අසනීපෙටත් අඩනවා...! එයා අඩනවා දැක්කම මට ඇඩෙනවා එතකොට එයා අඩන එක නතර කරලා‍ මට අඩන්න එපා කියනවා..!
දරුවෙක්ව පොඩි කාලේ ඉදන් හදන්න ඕනි විදිය මගේ අම්මා හොදට දැනගෙන හිටියා...පොඩි කාලේ වරදක් දැක්කම ඔළුව අතගැවේ නෑ.... හොදට කෝටු පාර දුන්නා මම ගුටි කාපු තරම් දන්නේ අපේ ගෙදර තිබ්බ ‍කෝපි ගහයි බෝතල් මල් පදුරයි....! ඒක කියන්න මම ලැඡ්ඡ නෑ...ගැහුවේ මගේ අම්මානේ...අනික තරහට නෙවෙයි ගැහුවේ කියන්නත් මම දන්නවා...! ගුටි කාලා පැත්තකට වෙලා අඩද්දි ලගට ඇවිල්ලා ඔළුව අතගැවෙත් එයාමනේ....! ඒ දවස් වල එහෙම මාව හදපු නිසයි අද මම මෙතන ඉන්නේ..!
ඉස්සර අපේ අම්මා හැම උපන් දිනේකටම තාත්තාගෙන් ඉල්ලන්නේ සාරි එකක්...කවුරු හරි රට ගියත් කියන්නේ සාරි එකක් ගෙන්න කියලා‍‍‍....ඒ ගෙනාවට අදින්නේ විශේෂ ම වෙලාවක විතරයි ඉතිං තාත්තයි මමයි ඕනි තරම් ඔකට හිනා වෙලා ඇති...අම්මට සාරි උණ කියලා...ඒත් ඒ වෙලාවට එයා කියන්නේ කවදා හරි ඕනි වෙයි බලන්නකෝ කියලා...! දැන් මම එයාගේ සාරි වැඩට ඇදගෙන එනකොට තමයි එයා අපිට උත්තර දෙන්නේ....එක එක එවා ඇදන් යන්න මම ඔවා එකතු කරලා තිබ්බ හින්දා හොදයි කියලා ....ඒ කියන්නේ අම්මා මගේ ඡිවිතේ ගැන හීන බැළුවේ මම ඡිවිතේ ගැන හිතන්න සැහෙන කාලෙකට කලින් ඉදලා නේද?
දෙයියනේ කියලා මට රසට උයන්න පුළුවන්...සමහර යාළුවෝ කැම හදන්න අහන්නේ මගෙන්. අවුරුදු 15 ක් විතර උයලා හොද පලපුරුද්දක් මට තියනවා....ඒ අම්මට පිං සිද්ධ වෙන්න මට මතකයි මම පුංචි කාලේ අම්මා ගෙදරට එන අයට තේ හදන්න මට කථා කරනවා....මම හදලා දුන්නම එයා රස බලල කියනවා දැන් ගිහිං දෙන්න කියලා....කට්ටිය තේ බොද්දි ඇවිත් කියනවා අද තේ හැදුවේ අපේ බබා කියලා ඉතිං කට්ටිය අම්මා හදන තේ එකට ව‍ඩා රසයි කියලා....මම පරිප්පු හොදක් හැදුවත් අම්මා ඒක කන්නේ ‍ඔයා හදන කෑම රසයි කියලා ...ඇත්තටම රස කෙසේ වෙතත් එකෙන් ආ‍යේ පාරක් කෑම හදන්න මට ආස කරවන්නයි එහෙම කලේ... මට ඒවා උගන්නපු අම්මට හාල් ගරලා උයන හැටි කියලා දුන්නේ අපේ තාත්තා ලු...ඒ කියන්නේ බැන්ද අළුත අම්මා උයන්න දන්නේ නැහැලු.....හැබැයි දැන්නම් 20-30 කට‍ උනත් එයා රසටම කැම හදනවා...!
මගේ අම්මා හොද බෞද්ධයෙක්...හැම මාසෙම අපේ ගෙදරින් පන්සලට ගෙනියන දවල් දානේ ඇරුනහම අපේ අම්මා සද්ධ නැතුව කරන පිං ගැන මෙතන මම කියන්නේ නෑ.....එයා බුදු පාණ පත්තු කරනවා හැමදාම හවසට....නමස්කාරය...තුන් සුත්‍ර..විවිධ ගාථා වලට පස්සේ එයා මොනවාදෝ ‍මුමුණනවා....මගේ ඇස් දෙක වගේ ඉන්න මගේ දරුවවයි මගේ ලකී අයියවයි ආරකෂා කරලා දෙන්න...එයා එච්චරයි හැම දාම ඉල්ලන්නේ...!මගේ අම්මා මැරෙන්න බය නැහැලු ඒත්...." මට මැරෙන්න බයක් දුකක් නෑ පුතේ...ඒත් ඔයාව දාලා යන්න බෑ ලෝබයි...මගේ පණත් හරි ඔයත් හරි" ආදරේ උතුරලා යන වෙලාවට අම්මා කියන්නේ ඔය ටික...!
අද මේ මොහොත වෙනකොට මගේ අම්මාගේ හීන වලින් 90%ක් ඉටු වෙලා ඉවරයි...තව එක හීනයයි තියෙන්නේ ඒ එයාට පුතෙක් නෑ...මම එයාට හොද පුතෙක් හොයලා දෙනකම් එයා බලන් ඉන්නේ...ඒ හීනේ මම ඉටු කලේ නැත්නම් එයා බලෙන් හරි ඒක කරවගනී....ඒත් කොයි විදියට කොහොම මොනවා වෙයිද කියන්න කවුරුවත් දන්නේ නෑ...සමහර විට ඉටු උනු දහසක් ප්‍රර්ථනා අතර ඒක හීනයක් විදියටම තියේවී....අනේ මන්දා
ඇයි මම හදිස්සියේම මේ දේවල් කියන්න ගත්තේ‍....අද සැප්තැම්බර් 1 වෙනිදා...මගේ අම්මා කියන ගැහැණිය ඉපදුනේ අද වගේ දවසක....ලියන්න ගත්ත හැමදාකම අම්මා ගැන කවියක් ලියන්න හැදුවත් කවදාවත් එක ඉටු උනේ නෑ... ලියවෙන්නේ නෑ...ඒකයි අද මගේ බ්ලොග් සටහනවත් එයා වෙනුවෙන් වෙන් කලේ...! මගේ රත්තරං අම්මේ ඔයාට සුභම සුභ උපන්දිනයක් ! මම දන්නවා කවදා හරි මට ඔයාව නැති වෙනවා ඒත් එදාට හුළං පොදක් වෙලා හරි ඔයා මං ළග ඉන්න බව මම දන්නවා අම්මේ...! අයේ ආත්මයක් තියෙනවා නම් එදාට ඔයා මගේම අම්මා වේවා‍ කියලා මම පතන්නේ නෑ අම්මේ....ඔයාට පුංචි වේදනාවක්වත් දරන්න බෑ කියන්න මම දන්නවා...ඒ නිසා ඔයාමේ ආත්මෙම නිවන් දකින්න එහෙම නොවුනොත් අනේ මගේ ළගින්ම ඉන්න....ඔයා දන්නවනේ ඔයා ළග නැතුව මට අදින්න ඇදුමක් වත් පිළිවලට අයන් කරගන්න මට බෑ කියලා...!!! බුදු සරණයි මගේ අම්මේ...! පරිස්සමෙන් ඉන්න...! හික් හික් මේක ඔයා දැ‍ක්කොත් මගේ ඔළුව අතගාලා කියන දේ මම දන්නවා...!"මම ගෙදර ඉන්න එක‍්කෙනා..ඔයයි එළියේ ඉන්නේ ඹයා පරිස්සමින් ඉන්න..."
අම්මේ අන්තිමටම මම මෙහෙම කියන්නම් තාත්තටයි මටයි විතරක් නෙවෙයි අපේ ගෙදර බල්ලටත් ඔයාව ඕනි...! දැන් තේරෙනවද ඔයා කොයි තරම් අපිට වටිනවද කියලා ....නපුරි...සැර අම්මි...! ඔයාගෙන් බැනුමක් අහන්නේ නැතුව අපිට නින්ද යන්නෙත් නැති වෙයි කවද හරි ...!
මම නවතින්නම් මම ඔයාගේ
චුටී බබා/පුතා/රන් මැණික