Saturday, August 23, 2008

පුද්ගලිකයි 2

ගිය සතියේ හදිසියෙම ගිය කතරගම ගමන නිසා පහුවෙච්ච වැඩ ටික අද දෙයියනේ කියලා කරගත්තා...කාමරේ දුවිලිටික පිහිදාන එක පොත් ටික පිළිවළ කරන එක එහෙම...අද ඇත්තටම හොද දවසක්...වැඩ ගොඩක් කරා...උදේම අම්මට උයන්න ඇඹරැල්ලා කඩලා දුන්නා...කළුපාටින් පාට කරලා නැති ෆ්‍රේම් දෙකක් පේන්ට් කලා (දැන් ඒක තවත් ලස්සනයි) කාමරේ අස්පස් කලා...අළුත් මැහුමක් පටන් ගත්තා....හොද ආරම්භයක් සති අන්තයකට...ඒත් හෙටින් පස්සේ සතියක් මම කනක් ඇහිලා ඉදලා ඉවරයි හික් හික් දුලායි...බන්දුශායි එනවනේ...හෙට ඒ දෙන්නව ගන්න යන්නත් තියෙනවා...මොනා උනත් ප්ලැන් කරපු විදියට ලබන සතියේ වැඩ ටික උනොත් මට ඒ දෙන්නා එක්කම අබා බලන්න යන්න පුළුවන් වෙයි...ආ ආ..දවල් මල්ලි කථා කල වෙලේ ඔම් ශාන්ති ඕම් මම බැළුවේ නැ කිව්වම එයා ඒක අරන් එන්නම් කිව්වනේ...ඒ කියන්නේ ඒක බලන්නත් පුළුවන්...තව මොනාද ‍DVD වගයක් තියෙනවා කිව්වනේ ඒ කියන්නේ ලබන සතියේ ෆිල්ම් අතින් නම් අඩුපාඩුවක් වෙන්නේ නැ කියන එක sure. එතකොට නංගි...අම්මේ....! එයා මාත් එක්ක කියන්න දෙයක් තියෙනවා කියලා කොච්චර කල්ද කොල් කරන හැම වතාවෙම කියන්නෙත් ඒක කියන්න විභාගේ ඉවර වෙලාම එන්නම් කියලනේ ...ඒකට හොදින් හෝ නරකින් උත්තර හොයලා ‍ඕනාලුනේ...අනේ දෙයියනේ හිරේ නොයා බේරෙන්න පුළුවන් විදියේ ප්‍රශ්ණයක් වේවා...!මේ දැන් මතක් උනේ අද අංඡු ට කෝල් කරන්න හිටියට ඒක අමතක උනානේ....දවල් පැයෙන් නැගිටින්න හිතන් නිදාගත්තු නින්ද පැය දෙක කරගත්තු එක තමා වැරැද්ද ...ඒත් ඉතිං මිනිස්සු උනාම නිදාගන්න එපැයිනේ නැද්ද මං අහන්නේ...දැනට ඒවා වැඩක් නෑ...ඔළුවේ වැඩ කරන්නේ නංගි මල්ලි ආවම ‍එයාලා එක්ක තව මොනවද කරන්නේ කියන එක....හිතන් ඉන්න විදියට දවස් දෙකක් නිවාඩු ගන්න පුළුවන් උනොත් දෙන්නත් එක්ක කොහේ හරි පොඩ්‍ඩක් ඇවිදලා එන්න යන්න තිබ්බා...බලමුකෝ..මෙච්චර කල් වැඩ කලේ ප්ලැන් ගහලා යෑ...මේ සතියත් එහෙමම වෙයි හික් හික් එතකොට බ්ලොග් ලිවිල්ල....ඒක ඔෆිස් ‍එකේ ‍ෆී උනොත් ලියමු. රෑට ලියන එක ගැනවත් හිතන්න එපා මල්ලි එක්ක. හ්ම් එච්චරයි....ඇයි දැන් මේවා බිලොග් එකේ ලිව්වේ? තේරුමක් නැහැනේ.... වෙන දෙයක් හින්දා නෙවෙයි මට පිස්සු හින්දා හික් හික් හික්

3 comments:

  1. මේව blog එකේ ලියන්නෙ පිස්සු නිසාම නෙවේ යකෝ...තව කාලෙකින් වැඩක් නැති වෙලාවක කියෝල බුදු fun එකක් ගන්නත් එක්ක..hikz hikz..අම්මට සිරි film festival එකක් දාන්න වගේ යන්නෙ...මරු මරු...

    ReplyDelete
  2. චිකේ ඔව්...ඒ කාලෙට වැලලෙන්න වලක් හාරගෙනම මෙක කියවන්න ඔනි...නැත්නම් ලැඡ්ඡාව වැඩි කමට පොළව පලාගෙන යනකම් ඉන්න බැරි වෙයි...‍හපෝ...

    හික් හික් යායා...අක්කා අරක බැළුවද මේක බැලුවද අහද්දි ඉතිං මට නෑ මල්ලි නැ මල්ලි ගගා ඉන්න වෙයි හපෝ..! මම පව්

    ReplyDelete
  3. තමුන්ට පිස්සු කියල දන්න එකත් ලොකු දෙයක්. :)

    ReplyDelete