Saturday, August 9, 2008

මුරඅඩවිය සිරස FM

අද ගෙදර එන්න ටිකක් පරක්කු උනා බස් එක ගත්තේත් කොටුවෙන්මයි. නිදහසේ යන්න ඔනි නිසා ඒ.සී බස් එකකට නැග්ගට මොකෝ සීට් නැ වාඩි වෙන්න... ඉතිං හිටගෙනම ආවා බස් එකේ හිටියා ලගම නෑයෙක් - සිරස FM එක! මම සාමන්‍යයෙන් ‍‍රේඩියෝ අහන කෙනෙක් නෙවෙයි බස් වල යනකොට ඇහෙන දෙයක් තමයි. ඒ වෙලාවේ විකාශය උනේ මුරඅඩවිය.! කාලයත් එක්ක වටපිටාවත් එක්ක මාධ්‍යත් වෙනස් වෙනවනේ ඒ විදියට තමයි මුරඅඩවිය නිර්මාණය වෙන්න ඇත්තෙ.....ඒක අහද්දි හිතෙනවා කොල්ලෝ උතුරේ තුවක්කු අරන් යුද්ධ කරනකොට උන්ගේ කෙල්ලෝ දකුණට වෙලා තම තමන්ගේ හිත් එක්ක කොච්චර යුද්ධ කරනවද කියලා......නිවාඩු ඇවිල්ලා නැති, කෝල් කරලා නැති, එක එක අයට පණිවිඩ දෙනවා පව්....!අයියත් එක්ක වැඩ කරන අනෙකුත් සියළුම රණවිරුවන්ට සියළු දෙවි දේවතාවන්ගේ පිහිටයි කියලා කියන්නේ කොච්චර හැගීමකින්ද? මම අහපු වෙලාවේ ආව ඔක්කොම වගේ ඇමතුම් ආවේ දුර පළාත්වලින් එතකොට ඒ කියන්නේ කොළඹින් රට රකින්න ගිය කවුරුත් නැද්ද නැත්නම්‍ කොළඹ ඉන්න අයට රට ගැන හැගීමක් නැද්ද?
කොහොම උනත් ඒ වෙලාවේ ගිය සිංදු නම්‍ මෙලෝ රහක් නෑ..අපේ රටේ ඡාතිකාභිමානී ගිත නැද්ද මංදා...අහගෙන හිටිය පැය එකහාමාරටම වැඩසටහනට ගැලපෙන සිංදුවකට ගියේ දු පුතුනේ රට අපේ ය විතරයි....වැඩසටහන කරන ගෑණු ළමයාග් හඩ ඔයිට වඩා ටිකක් හයිය තියෙන හඩක් උනානම් කියලා මට හිතුනා.....!
වැඩිපුර සිරසට බනින මේ කාලේ එයාලගේ හොද වැඩ අගය කල යුතුයි කියලා මම හිතනවා. ඒකයි මේක දැම්මේ......මොනවා උනත් අපි හැමෝටම එකට නිදහසේ ඉන්න පුළුවන් ‍රටක් හදන්න මහන්සි වෙන දුක් විදින අපේ සොයුරන් ධෛර්යමත් කරන්න කියන එක වචනයක් උනත් අගය කරන්න එපැයි අපි. නැද්ද මං අහන්නේ?


10 comments:

  1. සිරසට බනින්න මටනම් හේතුවක් තිබ්බා. නිකමට බැන්නේ නෑ. මේ වගේ වැඩසටහන් කරත්, අනිත් පැත්තෙන් සිරස ප්‍රවෘත්ති වල අපේ රණවිරුවන් කරන කැපවීම ගැන කිසි ඇගයීමක්, අඩුගා‍නේ විස්තරාත්මක ප්‍රවෘත්තියක්වත් කෙරෙන්නේ නෑනේ. අනික ලංකාවේ වැඩි දෙනෙක් ඔය ව‍‍ගේ වැඩසටහන් වෙනුව‍ට වැඩි අවධානය යොමු කරන්නේ ප්‍රවෘත්ති වගේ වැඩසටහනකටනේ. අනික ඔයාටත් ඕක අහගන්න ලැබුනේ බස් එකේ යද්දීනේ. ඔය වැඩසටහන සාමාන්‍යයෙන් වැඩිපුර අහන්නේ හමුදාවේ පවුල් වල අයමයි. ඒ අයට තමන්ගේ පවුලේ කෙනා ගැන කැක්කුමක් තියෙනවා. ඒත් අනිත් එවුන්‍ට? උන් සුපර්ස්ටාර්, ඩාන්සින් ස්ටාර් බලලා ආතල් එක ගනිද්දී සම්පූර්ණයෙන්ම අමතක වෙනවා මේ රටේ විශාල අර්බුධයක් තියෙනවා කියලාවත්. ඒක නිසා තමුන්ගෙන් රටට වෙන්න ඕනේ මොකක්ද කියලාවත් ඒ අයට හිතෙනවාද? සිරසේ වැරැද්ද ඕකයි. හොඳ වැඩක් කරනවානම් ඒකට හොඳ කියන්න ඕන. ඒකේ වරදක් නෑ. ඔය වැඩසටහන හමුදාවේ සොහොයුරු සොහොයුරියන්ට. ඔවුන්ගේ පවුල්වලට ලොකු සේවයක්. ඒකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් මගේ අවුල තියෙන්නේ සිරසේ අනිත් වැඩසටහන් (විශේෂයෙන්ම ප්‍රවෘත්ති) එක්ක.

    ReplyDelete
  2. ආ... තව එකක්!

    මේකේ අකුරු පේන්නේ නැතෝ!!! මම මේ ඒ ගැන comment එකක් දාන්න ගිහිල්ලා comment පේජ් එකෙන් කියවන්න ලැබිලා තමයි අර මුල් comment එක ලිව්වේ. ඇත්තටම ලිව්වා නෙවෙයි ලියවුනා :)

    ReplyDelete
  3. @haresh :- ඔව් අනේ ඊයේ රෑ 1 ට විතර බුදු නිදිමතේ මේක දැම්මේ ලියන්නේ නැතුව නිදාගන්න බෑමයි කියලා හිතුන හින්දා. කොටින්ම අන්තිම ටික ලියද්දි අකුරු හොයා ගත්තෙත් අමාරුවෙන්....thanx මෙයා කිව්වට ඔන්න වෙනස් කලා...!

    ReplyDelete
  4. @supun :- ඒ කථාව නම් ඇත්ත කියලා මමත් පිළිගන්නවා...මම වැඩිය නිව්ස් ගැන නම් ලොකු අවදානයක් නෑ..කැම කන වෙලාවට පේන දෙයක් තමයි...ඒත් අපේ තාත්තා නම් තියෙන තරම් සේරම බලනවා 7ට ITN,Sirasa,8ට rupawahini,derana,swarnawahini ආයේ 9 ට නැගිටලා හිටියොත් 10ටත් බලනවා ..අම්මයි මායි හිනා වෙනවා ඡනාධිපතිවත් මෙච්චර බලන්නේ නැතුව ඇති කියලා..ඒ අතරින් එයා වැඩියම බනින්නේ සිරසට...මම ඒ ගැන වැඩිය කියන්න දන්නේ නැ.ඒ එයා බලන විදිය නිසා! ඇත්ත සිරස එක අතකින් හරි වැරදියි ඒ වුනාට බලන්න අපේ රටේ කාන්තා විමුක්තිය වෙනුවෙන් සිරස තරම් කැප වෙලා ඉන්නේ කවුද? පැය 2ක් විතර වෙන් කරලා තියෙන්නේ කාන්තා ප්‍රශ්න වෙනුවෙන් නේ රෑ 730 ඉදන්ම...ලේසි ‍වැඩක්ද මං අහන්නේ? ආණ්ඩුවට බදු ගෙවාගෙන අපේ රටේ මිනිස්සුන්ගේ රස වින්දනය මොට්ට කරනවා...!හැබැයි එකක් ..සුපර් ස්ටාර් වලින් එක හොදක් උනා..අපේ රටේ ඉඩක් නැතුව හිටිය තරුණ පරපුරට ඉඩක් ලැබුණා..ශිහාන් ලා අමිලලා සංඛ ලා නදිනිලා අපි දැන ගත්තේ ඒක හින්දයි..මී‍ට කලින් ඒවාගේ වෙන වැඩ සටහන් තිබ්බා ඒත් වැඩසටහන් ඉවර වෙද්දිම ඒකේ හිටිය අයයි තේරුණ අයයි වැඩ සටහනයි ඔක්කොම අපිට අමතක වෙලා ගියා...ඒත් සිරස මොන බලියාව හරි කරලා ඒ දේ සිද්ධ වෙන්න නොදී හිටියා...! ලස්සනට ‍ඔතලා දෙන ඔනිම දෙයක් බදා ගන්න අපේ මිනිස්සුයි වැරදි! සිරස කලේ ඒ වැරැද්දෙන් උපරිම ප්‍රයෝඡන ගත්ත එක..! මට මතකයි දවසක් XPERT අයියා කිව්වා සිරසේ මාර්කටින් හොදයි මිනිස්සු අකමැති නම් බලෙන් හරි කැමති කරවන්න සිරස දන්නවා ඒක කථාව හරියටම හරි කියලයි මම හිතන්නේ...සිරසත් නිකම් ගංඡා වගේ බෙහෙතටත් ගන්නවා වැරදි දේටත් ගන්නවා වැරැද්දට ගන්න අයට ගැලවීමකුත් නෑ...හැබැයි අපේ රටේ හැමෝටම ADSL අරන් දුන්නා නම් ඔය ප්‍රශ්ණ වලට සැහෙන්න දුරට උත්තර හොයන්න තිබ්බා...හික් හික්!

    ReplyDelete
  5. සිරස නාලිකාවේ ඉන්නේ හොඳට මාකට් කරගන්න දන්න කට්ටියක්. ඒ අය දෙන්නේ වැඩි දෙනා බලන්න කැමති දේවල්. බොහෝ දෙනා බලන තරමට තමයි ඒ අයටත් වාසි. ප්‍රවෘත්ති වුනත් එහෙමයි. මාධ්‍යට ජනතාවගේ සිතු පැතුම් වලට යම් බලපෑමක් කල හැකි බව පිලිගන්න පුලුවන්, ඒත් ජන සමාජයේ සිතුම් පැතුම් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න මාධ්‍යයට හැකියාවක් නැහැ, එහෙම කරන්න ගියොත් ඒ අයට පැවැත්මක් නැහැ.

    මමනම් හිතන්නේ ඕනෑම මාධ්‍යයක තියෙන හොඳ දේවල් අපි අගය කලොත් ඒ අය ඒ වගේ දේවල් තව තවත් හොඳින් කරයි, ජනතා ප්‍රතිචර නැත්නම් ඒවා ඉබේම හැලෙනවා, හලන්න වෙනවා.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. haresh :- මමත් දන්න පොඩි එක්කෙනෙක් ඉන්නවා...මට මතක විදියට එයාගේ අම්මා එයා ඉපදුනු දවස් වල ඉදන්ම එයාට අම්මා කුක්කු දුන්නෙත් ටී.වී එක ඉස්සරහ ඉදගෙන දැන් පොඩ් එකා මොන්ට්සෝරි යනවා....මට ‍වඩා හොදට එයා ටී.වී එකේ කථා යන වෙලාව දන්නවා චරිත අදුරනවා කාලයක් කිය කිය හිටියලූ තුල්සි ඇන්ටි බලන්න යන්න ඕනි කියලා...

    Wiz :- ඔයා කියන කථාව ඇත්ත සිරස කියන්නේ මොන දේ දුන්නත් ඒක ඡනතාවට අත්‍යවශ්‍ය දෙයක් කියලා පෙන්නන ක‍ට්ටියක්ර්‍

    ReplyDelete
  8. හහ්... සිරසට ඕනෑ විදියට හිතන්න අපේ මේ දේශප්‍රේමී බ්ලොග් සමාජයත් පටන් අරගෙන වගේ.

    ඇයි දෙවියනේ, වැටහෙන්නෙ නැද්ද ? සිරසෙ ඉන්න පුල්ලි හංගං සිංහයො වෙන්න හදන, අමතර වශයෙන් බැටළු හමකුත් පොරවගත්තු, කොටි රැලට මුර අඩවිය අවශ්‍ය වෙන්නේ, තමන්ට සමාජය හරහාම එල්ලවෙන දේශද්‍රෝහී ලේබල් එක ගලවගන්න කරන උපකරණයක් වශයෙන් කියලා ?

    TV අළුත් කරන සිරස TV විදේශ නාලිකා වල වැඩසටහන් කොපි කරන්නා වගේ, මේ මුර අඩවිය කියන එක - මගේ මතකය නිවැරදි නම් - හිරු FM තහනම් කරන්න කලින් ඔවුන් කල වැඩ සටහනක්.

    හමුදාවේ වීරෝදාර කොල්ලො - තමංගෙ කුමාරය එනකං අපේ ගම් වල බලං ඉන්න නංගිලා - ආදරණීය පුතා එනකං බලං ඉන්න අහිංසක අම්මල තාත්තල - හමුදාවෙ ඉන්න තමංගෙ මිත්‍රයටයි , මිත්‍රයංගෙ මිත්‍රයන්ටයි - ළඟදිම ජයග්‍රහණය අරගෙන ගමේ එනකං අපි මග බලන් ඉන්නව කියන ගමේ ඉන්න කොල්ලොයි කවුරුවත් දන්නෙ නෑ, මේ තමං අහු වෙලා තියෙන්නෙ විශාල රැවටීමකට කියලා.

    ඔන්න ඔය විදියට සිරස මාධ්‍ය ආයතනය තමංගෙ දේශ ද්‍රෝහී ක්‍රියා වල නිරතවෙන ගමන්ම තමං හමුදාවට ආදරේය කියල පෙන්නන එක හිනා වෙන්න පුළුවන් විහිළුවක් ද ? නැත්නමි, ඒක ඊටත් වඩා භයානක දෙයක්ද ?

    ආණ්ඩුව පැත්තෙන් ලොකුම දෝෂය Y FM වගේ සිරස නාලිකා, තරුණ පරපුර සීඝ්‍රයෙන් තම ග්‍රහණයට ගනිද්දි, ඒ තරුණ පරපුර වෙනුවෙන් වෙන්වූ රජය මගින් ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා නොවීම.

    ඒ කියන්නේ, ගුවන්විදුලි සංස්තාව මගින් විකාශය වන නාලිකා වල ප්‍රචාරය වන ගීත ආදිය තරුණ පරපුර අහන්නේ නැහැනේ - ඇත්තටම ඒව අහන්නත් බැහැනේ - ඉතින් ආණ්ඩුවේ ඒ දුර්වල කම ප්‍රයෝජනයට අරගෙන Y FM ආදි සිරස නාලිකා තරුණ පරපුර ග්‍රහණයට ගන්නවා.

    මෙන්න මේ ආකාරයට සමාජයේ විවිධ ස්ථර සිරස විසින් ග්‍රහණයට අරගෙන තියනවා.

    මට තියන දුක, බුද්ධිමතුන් පිරිසකගෙන් සමන්විත සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුවේ අයත්. මොහොතකට හරි උන්ගේ උපක්‍රමයකට රැවටීමයි.

    ReplyDelete
  9. බුද්ධඡිව >>> මහත්තමයෝ සමහරවිට ඔයා කියන දේවල් හරි වෙන්න පුළුවන්, ඒත් තවම කවුරුවත් සිරස තහනම් කලේ නෑ නේද? ඔයා කියන් විදියට සිරස කියන්නේ‍ කොටි හිතවාදී මාධ්‍ය ව්‍යාපාරයක් නම් මුලු ලොකෙටම කැ ගහලා කොටි තහනම් කරන්න කියන ආණ්ඩුව ඇයි සිරසට විරුද්ධව පියවර ගන්නේ නැත්තේ? උතුරේ කොටින්ට දුම් පිට වෙන්න ගහන ආණ්ඩුව ඇයි සිරස තව තියන් ඉන්නේ? කොටින්ට සුදු හුණු ගාන්නද ? එහෙම නම් ඉතිං අපි මුලින්ම ආණ්ඩුව ගෙදර යවන්න එපැයි නේද?
    මම පිළිගන්නවා සිරස කියන්නේ අනුන්ව හරි ලස්සනය කොපි කරන කට්ටියක් කියලා...මම මෙතන සුපර්ස්ටාර් හෝ ඩාන්සින් ස්‍‍ටාර් හෝ හිනා ඉනා හොද වැඩ සටහන් කියලා කිව්වේ නැහැනේ....මම කලේ බොහොම විවෘත මනසකින් මට හිතුන දේ කිව්ව එක. හිරු හා‍ සිරසේ විතරක් නෙවෙයි අනිත් හැම සේවයකමත් එවැනි වැඩසටහන් යනවා නම් හොදයි කියලා මට හිතුනා ....!


    සමාවන්න ..රැවටීමක් හෝ උගුලකට හසුවීමක් ගැන නම් මම දන්නේ නෑ මොකද මම ‍ඒ දෙකටම නැති නිසා මම අග‍ය කල යුතුයි සිතු දෙයක් එසේ කලා පමණයි‍ අනික බ්ලොග් ලිවිම බුද්ධිමතුන්ට පමණයි කියලා දන්නවා නම් මම ඒ එකතුවට එකතු වෙන්නේ නැතුව ඉන්නවා.මොකද මම මනුස්සයෙක් මිසක් බුද්ධිමතෙක් වෙන්න අකමැති නිසා !

    ස්තූතියි:-)

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete