Friday, August 8, 2008

රාඡකාරි කාලය තුල 1

අද උදේ නැගිට්ටෙත් හරි අමාරුවෙන් ඊයේ නිදාගත්තේ රෑ 1ත් පහුවෙලානේ..අද දවසට ‍ගෙවුනු ඊයේ වැඩක් නෑ කියලා හිතුනට කොයිතරම් ඊයේ දවසේ කරපු වැඩ වැදගත් ද කියලා මතක් වෙන්නේ උදේට නැගිටින්න බැරි තරම් නිදිමත දැනෙනකොට තමයි. අද ඔෆිස් මීටින් කියලා මතක් වෙද්දි නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා...!හිරවෙලා තියෙන වැඩ දෙක තුන මතක් වෙලා...! උදේ ආව වෙලේ ඉදන් කරලා දැන් පොඩ්ඩකට කලිනුයි ඉවර උනේ ඉවරයි කිව්වට ඉවරම නෑ තව තියනවා ... කවදා හරි මැරිලා යන දවසක් එනකම් කරන්න අපිට ඉතිං වැඩ තියෙනවා නේ...! කරන්න තියෙන වැඩ මතක් වෙද්දි අනේ දවසකට පැය 44 ක් තියෙනවා නම් කියලා හිතෙනවා...කියවලා ඉවර කරන්න පොත් 5 ක් විතර තියෙනවා අමීෂා ගැන පොඩ්ඩක් හිතන්න ඔනි යාළුවෙක් slpeople.tk කියලා සයිට් එකක් පටන් අරන් ඒකට සපෝර්ට් එකක් ඉල්ලනවා...හෙට අනිද්දට බුන්දියත් වැඩ පටන් ගනි ඒක පැත්තෙත් ඔළුව දාන්න ඕනි....EK කෙල්ලො ටික කවි දාලා ඒවා කියවලා උන්ට ගෝ එකක් දෙන්න ඔනි ..තව එක්කෙනෙක් ගේ කවි ටිකක් පිංතූර කඩේට දීලා මොඩ් කරන්න ඕනි..මධුගේ කවිය සයිට් එකට දැම්මා ඒක ගැන බලන්නත් ඕනි. යාළුවෙක් ෆුල් අප්සට් එකේ ලව් ප්‍රශ්ණයක් හින්දා....ඌට ආයෙත් අප් වෙන්න සප් එකක් දෙන්න ඕනි හැබැයි ඌ ටිකක් මොලේ තියෙන එකෙක් හින්දා තනියම ප්‍රශ්නේ බලා ගනී ඒත් පව් අපිව හිනස්සනකොට ඌත් එක්ක හිනා උනා වගේම අඩනකොට ඌත් එක්ක අඩන්න බැරි උනත් අඩනවා බලාගෙන හරි ඉන්න බැරියෑ තව එක්කෙනෙක් අද ඡී ටෝක් එකෙන් ඇවිත් කියලා ගියා අද ඔෆිස් එන අන්තිම දවස ආයේ එන්නේ නෑ කියලා.. මට කලින් මේ පුටුවේ වාඩිවෙලා හිටිය කෙනා එයාට උනු දේම සමහර විට මට ‍ලගදිම වෙන්නක් පුළුවන්, කාටද කියන්න පුළුවන් මොනවද හෙට සිද්ධ‍ වෙන්නේ කියලා....? ආ තව ශිවාට ආලවක නපුරු නෑ ස්කෑන් කරලා දෙන්න ඕනි ඒත් අද වැ‍‍ඩේ ඉවර කරන්න වෙන්නේ නෑ.... කල්ල පිටට මරේ වගේ හවස මීටින් එකට කලින් ලොකු තැන එනවලු මේ පැත්ත බලලා යන්න ...මොනාට එනවද මන්දා මල කරදරේ...! ඔය සේරම ඡරමර අස්සේ රේට් එකක් දීලා තියෙන්නේ වැරදියට..හයියෝ මටමමයි වෙන්නේ!එක්කෝ ගාණ අනුමත කරපු එකා ඒක බලන්න ඕනි වෙලාවට වැඩි වෙනසක් නෑ.රුපියල් හාරසිය ගාණයි මෙනා හරි කරගන්න බැරියෑ...සනත් ලමයා මීටින් එකේ ඔක කියන්නේ නැතිව හිටියොත් ඇති....:-) ඒ හැර අද එච්චර බය වෙන්න දෙයක් නෑ වගේ ...හික් හික්...!
කවුරු හරි මේක කියෙව්වොත් හිතයි මේකිට පිස්සුද මෙච්චර වැඩ තියාගෙන මේ බොල්ග් එකක් බදන් ඉන්නේ කියලා... ඒත් මේක මෙහෙමවත් කිව්වම මම නිදහස්‍‍‍......හිත සැහැල්ලුයි....! අනික ඉතිං මට කෙහොමත් පොඩි මොන්ගල් ගතියක් තියෙනවා තමයි ඉතිං ......හික් හික්!

පලි. මං හිතන්නේ මම බ්ලොග් වලට කැමති වෙන්න පටන් අරන් ඒකත් ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද මංදා කමක් නෑ හෙට එන ප්‍රශන ගැන හෙට බලනවා අද දවසේ ඡිවත් වෙනවා....!

1 comment:

  1. නැතිව නැතිව ඡිවිත කාලෙදි හරි හම්බ කර ගත්තේ එච්චරයි!

    ReplyDelete