Wednesday, August 13, 2008

ලැබීම් හා නොලැබීම

මට දැනගන්න දෙයක් තියෙනවා...ගොඩක් වෙලාවට අපිට ඕනිම දේක‍ට අවස්ථා තුනක් ලැබෙනවානේ තරගකෙදී උනත්...ඒකට මොකක් හරි හේතුවක් එහෙම තියෙනවද? මං අහන්නේ විද්‍යාත්මක හේතුවක්? එහෙම නැත්නම් වෙනත් හේතුවක්.....

අනේ මංදා අද දවසේ ඇරඹුනේ මට මම හරිම සතුටින් කරන වැඩක් කරන්න මට හතර වෙනි අවස්ථාක් නොදී.....මට හොදටම මතකයි මම ඊයේ නිදාගන්න කොට එලාම් එක තිබ්බා...මගේ සාමාන්‍ය පුරුද්ද තමයි නැගිටින වෙලාවට විනාඩි 45කට කලින් එලාම් එක තියන එක....ඒක වැදෙනකොට නැගිටලා ඒක ඕ‍‍ෆ් කරලා ආයේ නිදාගන්නවා...ඒ වෙලාවේ තමයි දවසේ කරන වැඩ අදින ඇදුම් එහෙම තීරණය කරන්නේ...ඒක නිසා නිදාගන්නවා මත් නෙවෙයි නින්දත් නොනින්දත් අතර ඉන්නවා කියන්න පුළුවන් ඒත් අද කෙහොම හරි මගේ එලාම් එක වැදිලා නෑ....මට ඇහුනා අපේ අම්මා මිදුලේ ඉදන් මගේ බව්වට ගෙට යන්න කියනවා ඒ එක්කම මටත් අඩගහනවා මට හීනෙන් වගේ ඇහුනා.....ඒ වෙලාවේ මම හිටියේ horror movie එකක් නෑ නෑ...horror dream එකක් බල බල අදෙන් නැගිටමත් මම හි‍ටියේ හොන්දු මාන්දු වෙලා ඒත් අම්මා කතා කරපු නිසා දොරත් ඇරගෙන එහෙමම මිදුලට ගියා...
ඒ වෙනකොටත් ඉර පායලා තිබුනට ‍පොඩි අදුරක් තිබ්බා...අදුරද ම‍ට නිදිමතේ දැනුන විදියද මන්දා....අම්මා කිව්වා ලේන්නු කෑ ගහනවා ගැරඩියෙක් ඇවිල්ලද දන්නේ නෑ පොඩ්ඩක් බලන්න කියලා...මට ගැරඩින්ව පිළිකුල් උනාට අපේ අම්මා උන්ට බයයි. අපේ අල්ලපු ඉඩමයි අපේ ඉඩමයි‍ වෙන් වෙන්නේ වැටකින්....හතර අතින්ම කොටු වෙන්න බෑ කියලා අපේ තාත්තවත් ඒහා ගෙදර අයවත් ඒ තාප්පේ හදන්න උවමනාවක් නෑ.. මායිම් වෙන් වෙලා තියෙන්නේ ක්‍රෝටන් වද ගස් වගේ ගස් වලින්...ඉතිං එතන ලේන්නු, පුංචි කුරුල්ලෝ එහෙම කූඩු හදනවා...
මම වැට මායිමට යනකොටම අනිත් ඉඩමේ පාරට මායිම් වෙලා තියන තාප්පේ දිගේ ලෙනෙක් දුවගෙන ආවා...ඌ මාව දැක්කා...දැකලා තප්පරයක් විතර මං දිහා බලන් ඉදලා ආයේ හැරිලා දිව්වා....මම දැනගත්තා කාට හරි කරදරයක් කියලා....ඒ ඉඩමේ මායිමේ ලොකු කළුගල් ගොඩක් ති‍යනවා වැට නිසා මට එහාට යන්නත් බෑ....කළුගල් නිසා මට හරියට‍ මොකුත් පෙනුනෙත් නෑ...ඊට‍ මෙහායින් පොඩි උණ පදුරකුත් තියෙනවා ඒ‍ක පරටම මම දැක්කා ඒ පදුර පාමුල ගැරඩියෙක්ව..මම බලද්දි උගේ කටේ ලෙන්පැට්ටෙක්...මම අම්මට කිව්වා භුමිතෙල් ‍ගෙන්න කියලා අම්මා කිව්වා ඒවා ඉවරයි කියලා මම කිව්වා‍ එහෙනම් වතුර හරි කමක් නෑ ගෙන්න මේකා නැත්තම් ලේනාව ගිලියි කියලා....ඒ අස්සේ ම‍ගේ සුනබ පෝතකස් ආවා මම එයාව බලන්න හැරුනා....අම්මා ටිනර් ගෙනත් දුන්නා....මම ‍ඒක ගැහුවා ඒත් වැදුනේ නෑ....ගැරඩියා ‍සතාවත් ඇදගෙන බට පදුරට රිංගුවා....ආයේ ගහන්න බලද්දි ඌව හොයන්න බැරි උනා.....පාන්දර දැකපු හීනෙයි...මොකක්දෝ මන්දා තොන්තුවකුයි හින්දා මට‍ ලේනව බේරගන්න බැරි උනා....ඒ එක්කම මට මතක් බේරගත්තා නම් මේ මම ‍ලෙන්නු බේර ගන්න 4 වෙනි අවස්ථාව නේද කියලා...
මීට කලින් අපේ ගෙදර වහලේ සෙල්ලම් කර කර හිටිය ලේනෙක් වහලෙන් අම්මල‍ගේ කාමරයට වැටිලා..ඌ කන්ණාඩි මේසෙයි බිත්තියයි අස්සේ හිර වෙලා යන්න පාර දන්නේ නැතිව...අපේ බලු ගිහින් පාර පෙන්නන්න....අම්මා හිතලා තියෙන්නේ මීයෙක් කියලා ඉතිං එයා ඌව මරන්න ක්‍රම හොයනවා...වෙලාවට‍ මම ගියා මම දැක්කා ඒ ලේනෙක් කියලා පස්සේ අමාරුවෙන් ඌව අපේ බලු ගෙන් බෙරලා ගිහින් ගහක් උඩින්තිබ්බා.එයා මට ටිං ටිං ගාලා ගියා....
දවසක් අම්මා මිදුල අතුගානකොට ලෙනෙක් හයියෙන් කෑ ගහනවා බලලා නිකමට උඩ බලලා මොකෝ කියලා. බලද්දි අපේ පෙහෙබියා ගහේ උඩම අත්තක ඉදගෙන ගැරඩියෙක් ලේන් ව අල්ලගෙන් කන්න හදනවා....මම කෙක්කක් අරන් ගිහින් ‍ගැරඩිට හොද ෂොට් එකක් දීලා ලෙන්ව බේර ගත්තා...
තව දවසක් අපේ වැට මායිමේ ලොකු ලේනෙක් බෙරිහන් දෙනවා මම බැලුවම එයාගේ කුඩුව කැඩිලා වැටේ ගස් දෙකක් අස්සේ හිර වෙලා මම ඉතිං බැලුවම ඇතුලෙන් හිනි‍‍යට ටිං ටිං ගානවා මම හිතුවේ හුළගට කූඩුව වැටිලා කියලා...ම‍ට ලේන් කූ‍ඩු හදන්න බැරි හින්දා....බබලාව වෙන තැනකට අරන් යන්න කියලා ලෙන් අම්මාට යෝඡනා කරලා මම ගේ ඇතුලට යන්න හදද්දි ලෙන් අම්මා අයේ ල‍තෝනි දෙන්න ගත්තා...මම ආයෙත් ලගට ගිහින් බැලුවා...දෙවියනේ ඇතුලේ ගැරඩි තඩියෙක්...හිතට ආව තරහට මම කුඩුව අතින් ඇදලා බිමට‍ දැම්මා ගැරඩියත් එක්කම කුඩුව බිමට වැටුනා....ගැරඩියා ලේන් පැටියෙක් කටට අරගෙනම දුවලා යන්න හැදුවා....ඒවා කොහෙද මාත් එක්ක....අම්මා මට ටක් ගාලා බුමිතෙල් පොල්කට්ටක් දුන්නා...ගැරඩි රාළ ලේන් පැටීව මග දාලා දුව්වා....මම එයා‍ව අතට අරන් බැලුවා අනේ ඇස් ඇරිලවත් නෑ....රෝසම රෝස පාටයි.....මගේ අම්මා කිව්වා එයාව කුඩුවෙන් තියලා ගහෙන් තියන්න කියලා....මම කුඩුවේ ඉන්න අය ගැනත් බැලුවා තව 2ක් නැතනම් 3 ක් හිටියා....ඒ හැමෝමවම කුඩුවත් එක්කම ගහෙන් තිබ්බා...තියලා මම මගේ වැඩක‍ට ගියා‍...පස්සේ මගේ අම්මා ඇවිත් කිව්වා අනේ ලේන් අම්මා ඇවිත් පැටව් ටික අරන් ගියා.ඔයා අම්මා කෙනෙකුට එයාගේ දරුවෝ ටික බේරලා දුන්නා කියලා. ඒ වෙලේ මට ලොකු සතුටක් ඇති උනා ඒකයි මට තාමත් ඒක මතක..
ඒත් අද මට දුකයි...තුන් සැරයක් ලැබුනු අවස්ථාව මට හතර වෙනි සැරේ ලැබුනේ නෑ....අද මම ගැරඩියගේ පැත්තෙන් හිතලවත් හිත හදාගන්න බලන්න ඕනි....සමහරවිට දවස් ගානක් බඩගින්නේ හිටියට පස්සේ ගැරඩියට ලැබිච්ච ආහාර වේල වෙන්න පුලුවන් අපිට තුන්වෙලට ගෙදරින් කෑම දුන්නට ගැරඩින්ට‍ එහෙම නැහැනේ.....හික් හික්...!

12 comments:

  1. ගැරඩි මරන මලී

    ඔය පැත්තට shape එකේ ගෙනල්ල දාන්න ඔනේ හොද ලොකු පොලොන්ග් තඩියෙක්ව. මලී ගෙ සහ මලී ගෙ බව්ව ගෙ වීර වික්‍රම බලන්න.

    ReplyDelete
  2. hey I dont kill ගැර‍ඩි හරිද? but my Peety does.. :P

    පව් වැඩ කරන්න එපා....! මම අහිංසකයි.!

    ReplyDelete
  3. ඇති යාන්තම් අහිංසක ගැරඩියගේ උදේ ආහාරය බේරුනා...........අනවෂ්ය මල්වඩම් වලට හොට නොදා හිටු..........

    ReplyDelete
  4. අපෝ ඔන්න කිව්වා කථාවක්....බුදු හාමුදුරුවෝ එහෙම අද කාලේ හිටියනම්....තට ලොකු බඩ උනාට මට ලොකු ඡිවිතය...!

    ReplyDelete
  5. haffatahudu.. Akka den Geradith Allanawadha??

    ELa Ney!!!!

    Ammmo Geradiyek dekkoth mama nam duwanawa .. aayeth katha dekak ney

    btw.. mamath blog ekak liyanna oona ... hehe

    ReplyDelete
  6. GRRRRRRRRRR...
    mama geradi allanawa kiyala kiuwe koheda hallo....!!!!!!!

    hodai hodai!
    patan gannakoo ikmanatama ara poem eka daalama patan ganna:P

    ReplyDelete
  7. ubatath pissu lenatath pissu. hehehe

    ane manda........garandiyata itin thanakola kanna baa ne.... lenawa beruwoth garandiya paw. garandiyawa beruwoth lena paw


    parker

    ReplyDelete
  8. ane me uba bana kiyanne enthuwa gihin paadamak kara ganin!

    ReplyDelete
  9. malee ge vira kriya nohoth malee saha garadi!

    hehee..ela hodee

    ReplyDelete
  10. යන්තම් ඇති අහින්සක ගැරඩියගෙ කෑමවේල බේරුණා.. හරේෂ් කියනව වගේ පරිසර නීති කඩන්න නිර්ලජ්ජිත උත්සාහයක්නෙ මලිය දරල තියෙන්නෙ :P

    ReplyDelete
  11. හපොයි දෙයියනේ කොහෙවත් යන ලේනෙක් හින්දා මං අහගන්න කයි කතන්දර!

    ReplyDelete
  12. අනේ හෆොයි... ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද???

    ReplyDelete