Thursday, August 14, 2008

අපේ ඉස්කො‍්ලේ 1

අද දවස ගැන නම් බ්ලොග් සටහනක් දාන්න තරම් විශේෂයක් නෑ...උදේ නැගිට්ටා වැඩට ගියා ආවා නැවා කැවා තමයි ඉතිං ලියන්න තියෙන්නේ....අද වැඩි වැඩකුත් තිබිබේ නෑ. ඒක නිසා හවස් වරුවම වගේ ගොඩක් නිදහසේ හිටියේ...මං වගේම මොන්ගල් චැට් යාළුවෙක් එක්ක ඔන්ලයින් පිස්සු නටපු එක තමයි කලේ...ඒවා මේකේ දාන්න බෑ....ලියන්න තරම් දේකුත් නැති හින්දා ටික කාලෙක ඉදන් කරන්න හිටිය වැඩක් කරන්න පටන් ගන්න හිතුවා.....අපේ ඉස්කොලේ ගැන කියන එක...! එක එක අය ඉගන ගත්තු ඉස්කෝල පිළිබදව ලියවුනු පොතේ දෙක තුනක් ම මම කියවලා තියෙනවා....."හරි පුදුම ඉස්කෝලේ", "කවදාද මා නැවතත් පාසැල් යන්නේ", "අපුරු ඉස්කොලේ" වගේ ඒවා....ඒ පොත් වලට පදනම් වෙලා තිබුනේ ඒ ඒ ලේකඛයන්ගේ පාසැල් හා ඒවායේ කෙරුණු දේවල්.....ඔය පොත් කියවපු කාලේ ඉදන් මටත් ආස හිතුනා මගේ ඉස්කෝල ඡිවිතය ගැන ලියන්න... ඒත් කාලයත් එක්කම කම්මැලි කම උවමනාවක් නැතිකම වගේ දේවල් හින්දා දවසින් දවස ‍ඒ අදහස පස්සට ගියා....ඒත් මේ බ්ලොග් ‍කෙරුවාව පටන්ගත්තට පස්සේ ඉස්සර මග ඇරිය දේවල් ‍ගොඩක් මතක් වෙනවා....ඒ විදියට තමයි අවුරුදු 13 ක පාසැල් කාලය ලියන්න අදහස් කලේ....ඉක්මනට ලියන එක හොදයි වගේ මොකද 1 ,2 පන්ති වල සිද්ධ උනු දේවල් හරියට මතක නෑ වගේ තව කල් යද්දි 9-10 වසර වල දේවලුත් අමතක වෙන්න ඉඩතියෙනවා හික් හික්.....!

ම්ම් ලියනවා කිව්වට ලියන්න පටන් ගන්න එකත් ලේසි නෑ වගේ කොතනින්ද පටන් ගන්නේ....? මගේ අම්මා කියන විදියට ම‍ම ඉගන ගත්ත ස්කොලේට මාව දානවා කියලා හිතුවේ අපේ අම්මගේ අතට නර්ස් මාව දුන්නු වෙලාවේ මම දුවෙක් කියලා දැන ගත්තු ගමන්ම වගේමලු.....ස්කොලේට මාව දාන්න ගිය වෙලාවේ ඔක්කොම ඇප්ලිකේෂන් නිකුත් කරලා ඉවරයි කියලා අම්මට කියලා....අම්මා විදුහල්පතිනියත් එක්ක කථා කරලා සැහෙන්න කියලා කියලා තමයි එකක් ඉල්ලගෙන තියෙන්නේ...එයාලා ඒ වෙනකොටත් ළමයි තොරගෙන ඉවර වෙලා තිබිලා තියෙන්නේ....ඉතිං ප්‍රින්සිපල් කියලා මම ඉන්ටවිව් එකෙන් හොදට පාස් උනොත් විතරයි මාව ගන්නේ කියලා...කොහොම හරි මම පාස් වෙලා...මම එහෙම එකකට හිටියා වගේ මට ලාවට මතකයි...වැඩිය කියන්න තරම් මතකයක් නෑ......බොරු කියන්නේ මොකටද ඒ කාලේ ඒ ස්කොලෙට මාව දාන්න හැදුවට ඒකට අවශ්‍ය තරම් සල්ලි අපේ තාත්තා ලග තිබිලා නෑ....වැඩපලේ ලොන් එකක් ලැබුනේ නැහැලු වෙලාවට....ගෙවල් ලග නැන්දා කෙනෙක් එයාගේ වැඩකට තියන් හිටිය සල්ලි වගයක් අම්මාට දුන්නලු.....ඒ මනුස්සයා එහෙම කලාට අපේ නැ‍දැයෝ එහෙම ඒ දවස් වල බැන්නලු ගමේ ස්කොලෙට දාන්නේ නැතුව සල්ලි නාස්ති කරගෙන පිට ස්කොල වලට යවනවා කියලා.....මට නම් ඇත්තටම ඒවා මතක නෑ...අම්මා මතක‍ පොත පෙරලද්දි‍ වැටෙන වචන වලින් තමයි ඒවා දැනගන්නේ.....කථාව සැහෙන්න ‍මාතෘකාවෙන් පිට ගිහින්ද මන්දා හරි එහෙනම් ඔන්න මම ආයෙත් ස්කෝලේ යනවා...එන්න මාත් එක්ක යන්න....හොඩියේ පන්තියට....!

1 වසර
මේ පන්තිය ගැන නම් මගේ වැඩි මතකයක් නෑ....අපේ ටීචර් වෙලා හිටියේ රාණි ටිචර්. එක වසර පන්තිභාර උනාට මොකද මූළු ස්කො‍්ලෙම ලමයි එයාට බයයි. ඒ තරම් හොදට එක වසරෙදි ලමයිව හදනවා...ඇත්තටම එක එක කලාවලින් එන ‍ඔක්කොම ලමයිව එ‍‍ඩේර අම්මාට ඔන විදියට හදන්න එයා සැහෙන්න මහන්සි වෙන්න. ඇති ඒ නිසාම බනින්නගහන්න ඇති ඒකයි හැමෝම එයාට බය....බය උනාට හැමෝගෙම හිත්වල එයා ගැන ලොකු ‍ගෞරවයක් තිබුනා....මුලින්ම අයන්න ලස්සනට ලියන්න ඉගැන්නුවේ එයා හින්දා වෙන්න ඇති...එයා ඇන්දේ ඔසරිය හිනී කොණ්‍ඩයක්‍ ගොතලා තමයි එයා ස්කෝලේ ආවේ.....අපිට ඔරිගමි හදන්න කියලා දුන්නා....! අපේ පන්තිය හරි ලස්සනයි...පුංචි පඩිදෙකක් නැගලා යන්න පුලූවන් විදියට හදලා තිබ්බේ....බිත්ති ක්‍රිම් පාටයි....ලා‍ රෝස පාට මේස පුටු තිබුනේ....එක මේසෙක දෙන්නෙක්ට වාඩි වෙන්න පුළුවන් විදියේ‍ මේස...අනේ මට ‍වැඩිය මතක නෑ.....හැබැයි එක දෙයක් මතකයි....දවසක් මට කැම එක ගෙනියන්න අමතක වෙලා...ඉන්ටවල් එකේ කන්න දෙයක් නැති උනා...අපේ ටිචර් එක්ක එහා පන්තියේ ටීචත් කෑම ගත්තේ අපේ පන්තියෙම වාඩි වෙලා...එයාගේ නම ෂෙරීන් සුදුම සුදුයි...කොන්ඩෙ කොටට කපලා හිටියේ...කොහොම හරි මට කන්න නෑ කියලා දැක්කම එයා මට එයාගේ කෑම එකෙන් බාගයක් දුන්නා....ඉදිආප්පයි සම්බෝලයි...සම්බෝලේ සැර හින්දමයි මට ඒ සිද්ධිය මතක. මම අමාරුවෙන් ඒක කද්දි අම්මා මට ලැවරියා අරගෙන ස්කොලෙට ආවා....මම ඒක ටිචර්ටත් දීලා කෑවා මට මතක විදියට...ඒ පන්තියේ ඉගෙනීම් තත්වය ගැන නම් මට මතක නෑ..ඒත් අපි හැමදාම උදේට 1-100 ට ගණන් කලා...!
මට ඒ කාලේ හිටිය යාළුවෝ ගැන නම් මතක නෑ....ඒත් මං හිතන්නේ මම වාඩිවෙලා හිටියේ ශාරංගිකා ලග

2 වසර
දෙක වසරට යන්න ලැස්ති වෙන දවසේ අම්මා මට කිව්වා අද ඉදන් ඔයාලටත් ස්කොලේ නංගිලා ඉන්නවා කියලා....ඒක හරි සතුටු හිතෙන දෙයක්...!2 වසර පන්තිය තිබ්බේ වෙන බිල්ඩින් එකක...තට්ටු 3 ක බිල්ඩිමේ පහලම තට්ටුවේ...අපේ පන්තිය ඉස්සරහා තමයි ඒකේ පඩිපෙල තිබ්බෙ....පන්තියට තිබේබේ තුන් පැත්තකින් උස බිත්ති...පඩිපෙළ පැත්තෙන් මිටි බිත්තියක්....තිබ්බෙ.....අපේ පන්තිබාර ටීචර් මාරි, මට නම් මුල් දවස් වල හරි විකාරයි...මොකෝ මම මාරි කියලා දැනගෙන හිටියේ බිස්කට් ඡාතියක් හික් හික්....!
ඒ පන්තියේ සිද්ධ වෙච්ච දේවල් 2ක් මට හොදට මතකයි....අපේ පන්තියේ වලට ‍මුලින්ම මොනිටර් පට්ටම හදුන්වලා දුන්නේ 2 වසරෙදි මම එක වාරයක් වයිස් මොනිටර් වෙලා හිටියා හික් හික්.....ඒ කාලේ අපේ අම්මා මට ලස්සන රෙද්දකින් පර්ස් එකක් මහලා දුන්නා....මගේ පැස්ටල්‍ පෙට්ටිය දාන්නයි පැන්සල් ටික දාලා තියාගන්නයි අපේ පන්තියේ මගේ ගෲප් එකේ ළමයෙක් ඒක හො‍‍රෙන් ගෙදර උස්සන් ගියානේ...! හැබැයි පහුවෙනිදා එයාගේ අම්මා ඒක ගෙනත් දුන්නා....හරි හොද අම්මා කෙනෙක්...! ආ තව දෙයක් ඒ කාලේ තමයි ඡුලියන් බොලින් සාර්ක් වලදි ස්විම් වලින් මෙඩ්ල්ස් ගත්තේ අපේ ස්කොලේ අක්කලා මට ඒ නම කියන්න ගත්තා මමත් ඒ මනුස්සයා වගේ කියලා හික් හික්..කොහොම හරි ගුරුවරු දැනගන්න තරමටම ඒක ප්‍රසිද්ධ උනා...ඒත් පස්සේ ඒ අක්කලා අයින් වෙලා ගියහම නමත් අමතක වෙලා ගියා...හික් හික්....
2 වසරේ මගේ යාළු‍වා වෙලා හිටියේ සචිනි.ඇත්තටම ඒවා යාළුකම් නෙවෙයි එක ලග පුටු වල වාඩි වෙලා හිටිය නිසා ඇති උනු හිතවත් කම්....

පස්සේ කාලෙකදි දැනගන්න ලැබුනු 2 වසරේ කථාවක් තියනවා....මගේ හොදම යාළුවා කියව්වේ....ඉස්කොලේදි ටොයිලට් එකට යන්න ඔනි උනාම ටිචර් ලගට ගිහින් සිරුවෙන් හිටගෙන අවසර ගන්නවනේ Teacher, please may I go to the toilet කියලා.....දවසක් සාමා නිරෝශිණි කියලා ලමයෙක් එක්ක ටොයිලට් යන්න අවසර ගන්න ගිහින්...නිරෝශිණි තමයි අවසර ඉල්ලලා තියෙන්නෙ..මේ ලමයා අහපු ගමන් ටීච බයවෙලා ‍ඇහුවලු මොකක්ද කිව්වේ කියලා ඉතිං නිරෝ ආයේ කියලා....ටිචර් බක බක ගාලා හිනා වෙලා කිව්වලු හා හා යන්න කියලා. ගිහින් ආවට පස්සේ ටිචර් නිරෝට කථා කරලා කිව්වලු පුතේ මීට පස්සේ දෙන්නෙක් යනකොට may we go to the toilet කියන්න කියලා...පස්සෙයි සාමාටත් මීටර් වෙලා තියෙන්නේ මොකක්ද නිරෝ කිව්වේ කියලා teacher please මෙයයි මමයි go to the toilet. ඔය කතාව මම දැනගත්තේ 10 වසරෙදි විතර එදා ඉදන් ඉස්කොලේ පරණ කතන්දර මතක් කරලා අපි හිනා වෙනකොට ඔය කතාව අනිවාර්යෙන් මතක් වෙනවා

දැන් වෙලාව 01.12 (පාන්දර) හෙට 3 වසරට යමු ඒ පන්තිය ගැන ටිකක් පැහැදිලි මතකයක් තියනවා.

23 comments:

  1. "teacher please මෙයයි මමයි go to the toilet"

    lol... that's funny.
    I like your style, keep on writing.

    (P.S. - word verification is really annoying. You could consider removing it)

    ReplyDelete
  2. Mama hithuwe word verification eka google eken dapu ekak kiyala......malee ay apita rega denne???

    Oya gihin thiyenne Hi Fi iskolekatane.......mama nam iskoleta salli gewwe ne......(Maye hithe)
    Looking forward to read the rest of the story

    ReplyDelete
  3. හරි හරි මලී, අපේ දුවව ඔයගේ Convent එකටම දාමු.

    මම දුවව විසාකා එකට දාමු කිව්ව හින්දනෙ මෙඔක්කොම කතා.

    හැබයි මම කියපු විදිහට කොල්ලො තුන් දෙනා යන්නෙ Royal එකට.

    :-)

    ReplyDelete
  4. මම් මුලින් ම එක වසරට ගියෙ වෙන ඉස්කොලෙකට. පල්මුවෙනි දවසෙ පන්තියෙ වාඩි වුනාම, ටීච්‍ර කිවිව අමිමලට යන්න කියල.

    මගේ ලග හිටිය කොල්ල එක පාරටම "වෙසියේ මාව දාල යන්න එපා යකො" කියල බෙරිහන් දෙන්න පටන් ගත්ත.

    මට ජීවිතේට අමතක නොවෙන සිදුවීමක් එක. තාමත් බඩ අල්ලගෙන් කන්දුලු එනකන් හිනවෙන්න පුලුවන් දෙයක් එක.

    කැගහපු කොල්ලගෙ නම දොන් කලුඅරචිචි තාම මගේ හොද අති ජාති මිතුරෙක්.

    හැබයි මිනිහ දැන් හොදට හදිච්ච දොස්තර මහත්තයෙක්. දෙසැම්බර් වල කසාදයකුත් කරගන්නයි යන්නේ.

    ReplyDelete
  5. hare, thanx මචෝ ඉස්කෝලේ කොහොමද බං තත්පර කීපයක් වෙන්නේ? ඔව් එක අතකින් ඒකත් එහෙම තමයි

    Dhanu ,thankyou, i;ll do something to word verfication...sorry abt the inconvenience.

    jay , ane ne ban mata eka kalin kiyanna amathaka buna.. eka hari podi iskolayak lamai 500 k withara thamai okkoma hitiye...! harima punchi lassana ekak!

    N-N අනේ මේ ඔයාගේ ළමයිව ඔයාට ඕනි එකකට යවා ගන්න මට මොකෝ...!

    විසාකා බැරිනම් ‍ඕන එහෙකට යවා ගන්න නැත්නම් මහලොකු royal එකටම හරි කමක් නෑ....!:P

    ReplyDelete
  6. buhahahaa ඒ කියන්නෙ ..Nash ගේ වචන සෙට් එක ඉගන ගන්න පටන් අරන් තියෙන්නේ එකේ පන්තියේ ඉදන් ....හපෝ මොකක්ද ස්කෝලේ

    මගේ ලමයිව නම් අහලකින් වත් යවන්නේ නෑ...:P

    ReplyDelete
  7. @ malee :
    (quote) N-N අනේ මේ ඔයාගේ ළමයිව ඔයාට ඕනි එකකට යවා ගන්න මට මොකෝ...!(unquote)

    අනේ මොකද සුදු ඔයා ඔහොම මට කතා කරන්නේ ? මම රෙජිෆොර්මි කැල්ලක් බෙල්ලෙ බැද්ගෙන පනිනව මුහුදේ....



    (quote)නැත්නම් මහලොකු royal එකටම හරි කමක් නෑ....!:P (unquote)


    ඉරිසියාව......... පැහිදිලි ඉරිසියාව.

    තො හිතුවද උඹ වගේ දබානෙ වැදි ඉස්කොලෙකට ගියා කියල මම.

    ඉරිසියාව......... පැහිදිලි ඉරිසියාව.....

    ReplyDelete
  8. පාසල් කාලය කොහොමටත් රසවත්. පොඩි යෝජනාවක් තියෙනව කරන්න. අකුරු වල ප්‍රමාණය ටිකක් පොඩි කලොත් කියවන එක ලේසියි වගේ. මම අදහසක් හැටියට කිව්වෙ සලකල බලන්න.

    ReplyDelete
  9. N-N අපෝ හරි හරි U r the boss!
    පුතාලා‍ royal දුවලා විශාකා...!


    අඩෝ මේ මට මොනා කිව්වත් කමක් නෑ..ස්කොලෙට බනින් එපා!හරිද? ඇයි ඔයාගේ ස්කෝලේ විතර ‍

    ReplyDelete
  10. ෆ්රීඩ් කිවුවා වගේ මාර ගති. මගෙත් හැංගිලා තිබ්බ මතකයක් දෙකක් එළියට ආව මේ ලිපිය කියවද්දි.
    එක වසරෙදි මට හොදටම මතක තියන සිදුවීම තමයි දවසක් අම්මා මාව පන්තියෙන් දාලා මගෙ පොත් බෑග් එක අරන් යන්න ගියා.ඒ මම අඬන නිසා කලබලේට. පස්සෙ ටීචර්ට සිද්ද උනා අම්මගෙ පස්සෙන් ගිහින් පොත් බෑගය ඉල්ලන් එන්න.

    ReplyDelete
  11. N-N රෙඡිෆොම් බැදගෙන නම් පනින්න ... ඕනි නම් මං එන්නම් ඔයාව තල්ලු කරන්න..,!

    අනේ ඩැඩෝ.....ඔයාට ඉරිසියා කරනවද මම? ඔයා මොකෝ මම මොකෝ..!LOLZZZZZzzzzzz

    ReplyDelete
  12. Adahas :- thankxxxx අකුරු වල නම් මොනා හරි වෙනසක් කරන්න වෙයි තමා නේද? මම ඊලග එක ලියනතොට එහෙම කරන්නම්

    Bo. huuuu ඔයා ඇඩුවද? චිකේ...ලැඡ්ඡ නැද්ද
    අපි නම් ඇඩුවේ නෑ ඔන්න

    ReplyDelete
  13. hehe..... apita grade 1 eke thibba clay walin eka eka ewa hadanna. itin ape group eke clay madi wunama mang anik group ekata gihin chatak daala shape eke clay tikakuth ussan enawa:P

    ow ow 2 wasare apith toilet giye ooka kiyala thama.lol


    (parker)

    ReplyDelete
  14. ඔහ්... මමී,

    මම ඔයාට promise කරපු විදිහට "අර අරක...මම ඔයාට Pic එකක් එවිවෙ."

    එකක් අරගෙන ගෙදර එන්නමි. කෑම මෙසෙ අස් කරල තියන්න.

    Lolzzzz ....

    N_N - Fell on the floor laughing my guts out...remembering the කොටු කොටු scene.

    ROTLMAO !!!!

    ReplyDelete
  15. at Malee

    (quote)Bo. huuuu ඔයා ඇඩුවද? චිකේ...ලැඡ්ඡ නැද්ද
    අපි නම් ඇඩුවේ නෑ ඔන්න (unquote)

    :-(

    මමනමි අඇඩුව.

    මොකටවත් නෙවී, මගේ බවිවත් එක්ක සෙල්ලමි කරන්න වෙන්නෙ නැනි හින්ද.

    ReplyDelete
  16. NASH STOP IT MAN!!!!!
    LOlzzzzz!


    @parker..!you fraud! hehehe

    @Nash : I think I didnt cry..! eeeer cant remeber...! I thinks itz b'coz of the curiosity. I am a brave girl hah!

    ReplyDelete
  17. @malee- ඇඬුවා තමයි ඩෝ!! අපි ඒ කාලේ ඉදන්ම සංවේදී මිනිස්සු. බොලාලා වගේ ගැරඬි මරණ ගල් හිත් අපට නැහැ :P

    @haresh-මේ..අපේ ආතල් කුඩු කරන්නෙ නැතිව ඉදින් බෝංචි වැල් වලට ලියලන්න දීල.:P

    ReplyDelete
  18. @Bo අනේ අප්පේ කෝබලන්න මූණ පොඩ්ඩක්...අපෝ උඹලට සතෙක් මැරෙනවා බලන්න ඉන්න පුළුවන්..බඩගින්නේ ඉන්නවා බලන් ඉන්න බෑ...!හික් හික්!

    ReplyDelete
  19. මල හත්තිලව්වයි! කට්ටිය‍ගේම පොඩි කාලේ මතක් කරනවානේ. මාත් මතක් කරලාම යන්න ඕන කියලා හිතුනා. :)

    මගේ ජී‍විතේ ස්වර්ණමය කාලේ. ඒ කියන්නේ ප්‍රාථමික පාසල් ජීවිත කාලේ ඇරඹුනේ තිස්සමහාරාමයෙන්. ඒ කාලේ මතක් වෙනකොට දැන්නං ඇහැට කඳුලුත් ‍එනවා. සිරාවටම ‍මේක ටයිප් කරන්නේ ඇහේ කඳුළු පුරෝගෙන. යාළුවෝ සෙට් එක. කරපු සෙල්ලම්. ඒ කාලේ නම් මාරයි. ශිෂ්‍යත්වේ පාස් වුනේ පූරුවේ කරපු පවකටදෝ කියලත් හිතෙනවා. 5 ව‍සරේ හිටපු අවුරුද්ද තමයි අමතක කරන්නම බැහැ. අවුරුදු කාලේම ගමේ අයියලා මල්ලිලා එකතු වෙලා මෙගා ක්‍රිකට් මැච් එකක් ගහනවා. පොඩි එකා වුනාට මාත් ඔය කැට ගහන්නත් යනවා. කැට ගැහිල්ලට අපේ අම්මා පොඩ්ඩක් කේස් දැම්මත්, තාත්තා නං ෆුල් සපෝර්ට්. අවුරුදු කාලේ තමයි ආතල්ම කාලේ. අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා, තාත්තලා, අම්මලා, බාප්පලා, නැන්දලා ඔක්කොම එකතු‍ වෙලා අර මම කිව්වා වගේ සිරා ක්‍රිකට් මැච් එකක් සංවිධානය කරනවා. අපේ එක මල්ලි කෙනෙකුගේ තාත්තා කෙනෙකුට කඩයක් තියෙනවා. ඒ කඩේට අවුරුදු කාලේට විකුණන්න කේක් ගේනවා. ඔය කේක් ගොඩෙන් අවුරුදු කාලේට වෙනම කේක් සෙට් එකක් වෙන්කරනවා මැච් ‍එකේ ‍දිනපු පිලට. දෙපිලට කියාගන්න කතා. මැච් එක අතරෙදි වෙන දේවල් කියලා නිමකරගන්න බෑ... තව කියාගන්න අමාරුයි. පස්සේ වෙලාවක ලියන්නම්කෝ...

    ReplyDelete
  20. පට්ට මලී පට්ට...මම නම් දැන් තමා කොළඔ ගිහින් අවෙ අම්බානෙක මහන්සියි...මම නම් 1,2,3,4, skip කරල 5ට යන්නම්...ඒ කාලේ 5හ වසරෙදි ගහපු "ලොකුම හයේ" වර්ථාව තිබ්බෙ මට...තාම මතකයි සදුන් කියල ‍මගෙ යාළුවෙක්ගෙ bat එකකින් ගැහුවෙ..හප්පා මටම හිතාගන්න බෑ ඒක ගියපු දුර..මට තාම මතක් වෙනව පට්ටම අතල්..කෘෂිකර්මෙට අයින් කරල තිබ්බ කුඹුරු කෑල්ල උඩින් ගිහින් භාගෙට වැඩ නිමවෙමින් තිබ්බ තට්ටු දේකේ බිල්ඩිමක වහලෙට වැටුන..leather නෙවේ හැබයි soft ball..එදා ඉදල මුළු ඔක්කොම දන්නව ලොකුම හය ගැහුව මම කියල..ඉතින් හෝ ගාල කෑ ගහනව එදා ඉදල වෙන match ගහද්දි..සනත් වගේ තමා ..නමුත් ආයෙ කවදාවත් ඒ වගේ 6 ගහන්න බැරි උනා මම කොච්චර try කරත් :( නමුත් සනත් තාම ගහනව ඒ මදැයි නේද??? දිගටම ලියපන්... ළමයින්ව ස්කෝලෙ යවන්න එපා බන්...! hikz hikz

    ReplyDelete
  21. Haffa.....ayeth awith inne weradi thenakata, mun okkotama iskole gena mathakai...podi un!!! Matanam, iskole kalaya gena thiya, iskole giyada kiyalawath hariyata mathaka netha....
    Kamakne....ohoma yanka malee

    ReplyDelete
  22. @Supun ;බොහොම ස්තූතියි මල්ලි ඔයාගේ මතකය මෙතන අවදි කලාට

    @Sam ;හප්පා තමයි මාර චෙස් ක්‍රි‍ඩකයෙක්නෙ ඔයා...10-11 ඉන්න කාලේ මමත් මාර ආසයි දැන් නම් ‍වැඩ් ගානක් නෑ...දිනුවා කිව්වෙත් හයිලයිට්ස් බලනවා විතරයි ...ළමයි ස්කොලේ යවන්න එපා කිව්වේ ඇයි උඹෙ වැඩපලේ රස්සා දෙන්නද?හික් හික්

    @Jay ; repost bro... :P

    @hare ; born intelligent කැල්ල මටත් මතකයි ඒක නම් සහතික ඇත්ත!

    ReplyDelete
  23. අප්පේ නෑ..උනු 2x2 abnormal ලනෙ..බුදුඅම්මෝ යවපන් !

    ReplyDelete