Tuesday, August 12, 2008

වෙනස් නොවෙනස්

මතක ඇති කාලේ ඉදන් මම අකුරු ලියන්න ආසයි..!මගේ යාළුවන්ගේ පොත් වල මම ලියපු සටහන් ඕනි තරම් ඇති....ඒත් ස්කොලෙන් අයින් වෙනවත් එක්කම ඒ ආසාවත් අමතක වෙලා ගියා වෙන්න ඔනි...ඒත් දැන් මට ඒ අවස්ථාව ආයෙත් ලැබිලා වගේ මට දැනෙනවා ...දැන් මම දවසට බ්ලොග් සටහන් එකක් නෙවෙයි දහයක් හරි ලියයි මට වෙන වැඩක් නැත්නම්....ඒත් ලියන්ම් වාලේ ලියලා මට ඇති ‍‍වැඩකුත් නෑ....ඒක නිසා අද දවසේ සිද්ධියක් ලියන්න කියලා හිතුනත් ලියන්න තරම් දෙයක් උනෙත් නෑ...අද දවසේ එක යාළුවෙක් කිව්ව දෙයක් ගැන පොඩි සටහනක් දැම්මොත් හොදයි කියලා හිතුනා.....සමහර විට මට පිස්සු හැදීගෙන එනවද දන්නෙත් නෑ...අර මැරෙන්න තීරණය කරපු වෙරෝනිකාට වගේ....හික් හික්...අනේ මේ මම අංගොඩ කියලා ආරංචි උනොත් මට බෙහෙත් කරන දොස්තරට මේ බ්ලොග් එක බලන්න කියන්න. එයාට මොනා හරි ප්‍රායෝඡනයක් ගන්න පුලූවන් වෙයි...හික් හික්..!

මීට අවුරුදු එකහා මාරකට විතර උඩ ඉදන් මම එයාව දන්නවා එයත් මාව දන්නවා....මට ඉන්න හොද සහෝදරයෙක් කියලා කියන්න පුළුවන්...මට මොනා හරි උපදෙසක් ගන්න ඕනි උනාම ‍ගොඩක් වෙලාවට මම එයාට කථාකරන්න පුරුදු වෙලා... එයාව ලොකු අයියා කරා කිව්වත් හරි.....අද පොඩි ‍වැඩකට අද එයාට ඡිටොක් හරහා කථා කලා ඒ වෙලාවේ එයා මගෙන් අමුතු ප්‍රශ්ණයක් ඇහුවා "මොකද බං උඹට වෙලා තියෙන්නේ?"කියලා මම ඉතිං දෙපාරක් හිතන්නේ නැතිව කිව්වා අපෝ මුකුත් වෙලා නෑ ඇයි මොකද කියලා. ඒ ගමන එයා කියපි "මොකෝ නැත්තේ ඉස්සර හිටියට වඩා වෙනස් වෙලා බං" කියලා.......



ම්ම් ඒක ඇත්ත මම වෙනස් වෙලා....ගිය අවුරුද්දේ හිටිය මලී නෙවෙයි මේ අවුරුද්දේ ඉන්නේ ඊට වඩා වෙනස් කෙනෙක්...පහුගිය අවුරුද්දක් පුරාවට මුණ ගැහුනු චරිත...කියවපු දේවල් කථා කරපු දේවල් ආපු ගියපු තැන් ඒවා මේවා හැමදේම එකතුවෙලා මාව වෙනස් කලා/ කරමින් පවතිනවා....ලබන අවුරුද්දේ ඉන්න මලී අදට වඩා වෙනස් කෙනෙක් වෙයි...ඒක වැරදි නෑ මං හිතන්නේ....හැමදේම වෙනස් වෙන ලෝකේ මිනිස්සුත් වෙනස් වෙනවා ඒක එහෙම වෙන එකත් වැරදි නෑ නේද? එක එහෙම වෙන්න ඕනි නිසානේ ඒ ගුණාංගය මිනිස්සුන්ට පිහිටලා තියෙන්නේ. හැබැයි මගේ වෙනස් වීම් සිද්ධ වෙන්නේ මට ඕනි විදියට මිසක් අනිත් අයට ඕනි විදියට නෙවෙයි...අනිත් අය හදලා දෙන ‍රාමු ඇතුලේ ලොකෙට පෙන්න ඡිවත් වෙන එක මට දැන් ඇතිවෙලා තිත්ත වෙලා....මම ආසයි මට අතපය දිගඇරලා ඉන්න පුළුවන් රාමුවක් හදාගන්න....ඒක හදද්දි මේ සමාඡය සංස්කෘතිය සියවස් ගාණක් රැකපු හිර ‍කරලා හිටිය බැමි පුපුරලා යයිද කියන්න මම දන්නේ නෑ....දැනට මම ඒ ගැන හිතන්නේ නෑ...හැබැයි මම හොදටම දන්නවා අනිත් කෙනාට බාදාවක් නොවෙනකම් විතරයි මගේ නිදහස මට තියෙන්නේ කියලා. ඒ වගේම මම කරන දේයින් කෙනෙක්ට බලපෑමක් නැත්නම් ඒ දේ කරන්න එපා කියලා කියන්න අයිතියක් වත් ඒක නිර්දය ලෙස ‍විවේචනය කරන්නවත් අයිතියක් දෙන්න මම කැමති නෑ....මම ආසයි හැම ආගමක්ම හරයන් එකතු කරලා හැම සංස්කෘතියකම ලකෂණ එකතු කරලා මගේ ඡි‍විතේ රීති ටික හදාගන්න....දවසක් බෝ අයියා කිව්වා අපි හැම කෙනෙක් තුලම බුදු කෙනෙක්/ඡේසු කෙනෙක්/ අල්ලහ් දෙවි කෙනෙක් ඉන්නවා....ඒත් අපි එයාව හොයා ගන්න ඕනි කියලා....මමත් ආසයි ඒකට....මම තුල ඉන්න කෙනාට එළියට එන්න දෙන්න...මං තුලම මම වෙන්න...මං තුලම සතුට සැනසීම හොයා ගන්න.....ඡයා අයියා කොයි වෙලෙත් කියනවා උඹලා තාම තරුණයි....ඡිවිතය වින්දවන්න එපා විදපල්ලා කියලා....ඡවිතය මුලු හදවතින්ම විදින එක හරි ලස්සනයි...ලොකෙට පෙන්න විදිනවට වඩා.....ඒත් බලන් ඉන්න අයට ඒක වින්දවනවා වගේ පෙනෙයි....ඒත් ඡිවිතයත් එක්ක ඡිවත් වෙන කෙනාට ඊට වඩා සතුටක් නැති වේවි...! මම ආස ඒ ක්‍රමයට....මගේ ඡිවිතය අනිත් අයට ඕනි විදියට නෙවෙයි මට ඕනි ‍විදියට ඡිවත් වෙන්න.....සර්ව ආගමික බහුඡාතික පිස්සු කෝච්චියක් ‍වගේ....!

මගෙත් එක්ක එක බස් එකේ යන අයට ඇරෙන්න අනිත් අයට මේක වැල් බයිලයක් වෙගේ වෙයි....මෙලෝ හසරක් නොතේරෙන....ඒකට කමක් නෑ...තේරුම් ගන්න හදන්නත් එපා.....හික් හික්....!

9 comments:

  1. It's not year after year.

    It's an everyday fact that we all change. Changing true to the theory of evolution. Both physically and mentally.

    Everyday you meet strangers, friends and family which redefines your thought and stances about what you believed to be true and un-true.

    My farther once told me "to live in this world, one has to be a chameleon"

    Chameleon = කටුස්සා

    The idea is.... a person should CHANGE according to the surrounding.. he/she must blend in with the surrounding…… to be unseen in the crowd and be ONE with them all.

    Yet...a Chameleon is a predator….. not matter what colour he changes him self in to... Like wise.. a person have to CHANGE and BLEND into the surrounding that he/she lives in...but NEVER EVER let your self change of who you are WITHIN !

    ReplyDelete
  2. අනුවර්තනය thats the sinhala word for it.

    Yes I agree with our points.

    >>>>NEVER EVER let your self change of who you are WITHIN !

    I Like that part.!

    ReplyDelete
  3. I like ur father:)... cos survival is the key factor.....so ya...agreed:)


    and yes " NEVER EVER let your self change of who you are WITHIN!"


    (parker)

    ReplyDelete
  4. ah!!! what??? Like Nash's Father? Gosh!

    ReplyDelete
  5. වෙනස්වීම කියන්නේ මේ හැමෝම කියන එක තමයි. යම් යම් ආකාර වලින් අපි ජීවත් වීම තුල අනුවර්තනය වෙනවා. මේ අනුවර්තනයේ ‍උපාධිධාරි‍යො වගයක් ගැන මලීම කිව්වනේ දැණෙන දකින ඇසෙන තුරු ලියලා.

    අනුවර්තනය එයාලගෙ ඇතුල වෙනස් කරලද?

    හික්! තමයි

    මලී මේ කියන දේ අනුවර්තනයක් නෙවෙයි වගේ. ඒක සමාජය තුල පැවතීමේ සාම්ප්‍රදායික ක්‍රමය කඩල දායිද කියලත් මලීට හිතිල තියෙනවනේ. මේක නිකං බොඳ වුණ වලාකුලක දාරය හොයනව වගේ අමාරු දෙයක් තීරණය කරන්න. තමාම තමයි පිහි‍ට. මොකද සාධාරණවාදය අතිශය සූක්ෂමවම සාධාරණ නිසා.

    Professor Nash කිව්ව වගේ ඔබට ඔබවම වෙනස් කරගන්න ඕන වුණොත්! දැනට ඔබ වැරදිත් නම්!

    ReplyDelete
  6. Me ?? Professor ?

    Dude, I am just a normal human with normal qualities with normal education.

    The only difference in me is that, I can seamlessly transfer my thoughts into words....which not many people can DO....

    Lolzzz... that doesn't make me a professor or an abnormal freak

    Just a guy with an unique ability to express feelings in thousand words...and someone who can just stretch time.

    ReplyDelete
  7. @ parker

    You like my dad ?

    Well.. you can have him.. cause I don't like him much (^_^)

    ReplyDelete
  8. @ NN :- Some Professors are unique! Ok since you newer need it and it is great cos some doctorate holders are thinking that they are human gods.

    Hik!

    Yes man.. You are a great poet after all. You are a time stretcher who can make a line from a dot.

    The DOT LINER.

    ReplyDelete
  9. ane manda....anema nada me kellange karadare...............:P

    ReplyDelete