Monday, January 26, 2009

2009-1987= 4





හරී... ඔන්න කොහොම කොහොම හරි 1987 අවුරුද්දේ ඉපදිලා හා හා පුරා කියලා මට අවුරුදු හතර ලැබුවා.. දැන් ඉතිං කෑ ගහන්න එපා 1987 ඉදන් 2009 වෙනකොට වෙනකනුත් අවුරුදු 4 ද පහුවුනේ කියලා.. මට කියන්න තියෙන්නේ ඔව් කියලා තමයි ඉතිං... ඒක වෙන්නේ මෙහෙමායි.... 2009- 1987 = (22) = 2+2 = 4 :D ගණිතක්‍රම යකාට ගියාදෙන් මට අවුරුදු හතරයි.. ඉහික්..!

දැන් ඉතිං හිත යටින් බනින්න එපා මේකිට මෝල් කියලා.. ඇත්තටම ටිකක් මොන්ගල් උනාට මට එහෙමට පිස්සුවක් නෑ වැඩිය... ඇත්තම කථාව මේකයි... මට කොච්චර වයසට ගියත් කමක් නෑ.. කොණ්ඩේ සුදු වෙලා හම රැලි වැටිලා දත් හැලිලා ගියත් කමක් නෑ
(එහෙම වෙනකං ජිවත් නොවෙන එක වෙනම කථාවක්) අහන අයට දැන් මට අවුරුදු 30,40,50 කියන එකත් ප්‍රශ්ණයක් නෑ.. ඒත් මම අකමැති එක දෙයක් තියනවා.. ඒ තමයි වැඩිහිටි ලෝකයේ ලොක්කෙක් වෙන එක.. එහෙමත් නැත්තම් මේ අපි ගැටෙන සමාජේ වැඩිහිටියෝ වෙන එක..

එහෙම අකමැති වෙන හේතු ගොඩක් තියනවා.. මුලිකම හේතුව තමයි මම මේ සමාජෙට කැමති නෑ.. මිනිස්සු ජිවත් වෙන විදියට කැමති නෑ... මිනිස්සු හිතන විදියට කැමති නෑ.. මම දන්න ළමා ලොකේ මේ ලොකු මිනිස්සුන්ගේ ලොකෙට වඩා නිදහස්, සරළයි,ලස්සනයි.. මම ‍ඒ ලොකෙට කැමතියි.. ‍මේ මැතක් වෙනකම්ම බොහෝ දේවල් වලදි මාව ගණන් ගැනුනේ ළ‍මයෙක් විදියට ඉතිං මට මුහුණ දෙන්න වුනු ප්‍රශ්ණ සීමිතයි.. නමුත් දැන් දැන් ඒ තත්වේ වෙනස් වෙනවා.. සමාජය මාව කොටුවකට හිර කරන්න හදනවා.. ඔයා දැන් පොඩි එකෙක් නෙවෙයි ඔය ව‍ගේ වැඩ කරන්න එපා.. ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න.. ඔයා ඔවට පුරුදු වෙන්න ඕනි.. ඔය වගේ බක පණ්ඩිත කථා වලට මම කැමති නෑ.. මම ආසයි ලොකු කෙනෙක් විදියට හිතලා පොඩි එකෙක් විදියට ජීවත් වෙන්න.. ඒත් මගේ හිත අනිත් අයට පෙන්නේ නැහැනේ.. ඉතිං කරන වැඩ වලින් මම අනිත් අයට වඩා වෙනස් වුනු ගමන් හිතන්නේ මට මොකුත් බෑ.. මේ සමාජේ මං පරාදයි කියලා.. මහ වදයක්!දැන් කාලේ හය හතර තේරෙන්න කලින් ඉදන්ම පොඩි එව්වෝ පවා හිතන්නේ ලොකු මිනිස්සු වගේ.. ඉතිං මහ එව්වෝ ගැන කවර කථාද...

පුංචි ලමයිට ආගමක් ගැන හැගීමක් නෑ.. ජාතියක් ගැන හැගීමක් නෑ..සංස්කෘති.. සදාචාර..හරි වැරදි.. අපරාධකාරයෝ.. වංචනිකයෝ.. ස්ත්‍රී දුෂකයෝ...ගණිකාවෝ.. අරුන් ‍මුන් මොකුත් නෑ.. තමන් එක්ක සෙල්ලම් කරනවා නම් යාළුවා.. නැත්තං ගානක් නෑ අනිත් අය සේරම අනේ මන්දා කට්ටිය.. ඒ අය හිටියත් එකයි නැතත් එකයි.. හරි සරළයි..දැන් ඉතිං මොනවා ලිව්වත්..මොනවා කිව්වත් ලේන්සු පෙගෙනකම් ඇඩුවත් තේරුමක් නෑ... හෙට ඉදං අවුරුද්දක් ගෙවෙනකම් අවුරුදු 22 කෙල්ලක් විදියට හිතන්නවා වැඩ කරනවා කියලා අඩුම තරමේ අනිත් අයට පේන්නවත් ඉන්න වෙනවා.. අලේ ඉතිං මොලා කලල්ලද? ඕම තමා ජීවිතේ... හික් හික් තමා අන්තිමට....

අහ් ඉවර කරන්න කලින්.. එළකිරි එකේ.. අවකාශේ.. ෆේස් බුක්.. යාහූ.. ජීටෝක් ඒවා මේවා සේරම හරහා මට ‍සුභ පතපු හැම දෙනාටම තැන්ක්යූ වෙරි මච්.....!


Sunday, January 25, 2009

පිරිමියෙක් වෙත,



මා වෙනුවෙන් උපන් ආදරයෙන් ඔහු‍ගේ ‍රු‍ධිරය කිරට හැරුනේ නැත එහෙත් මා වෙනුවෙන් ගැලූ දහඩිය ගග මහවැලියටත් වැඩිය... ඒ දාබිදු තවම වියැලී නොමැත.. ඒ තවමත් මා දකින සිහින සැබෑ කරන්නේ ඔහු බැවිනි... මා වෙනුවෙන් ඔහු හැඩ දැමු ඇදුම් මසා දුන්නේ නැත.. එහෙත් මා ඇදි හැම ඇදුමක් ම ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලමය...මා‍ වෙනුවෙන් ඔහු හැඩුවාදැයි මම නොදනිමි.. එහෙත් මා වෙනුවෙන් දුක් විදින බව ඊයෙට වඩා අද මම දනිමි.. හෙට මීටත් වඩා දැනෙනු ඇත.. මා වැටී වැටී ඇවිදින විට ඔහු මට අත දුන්නාදැයි මට මතක නැත... එහෙත් මා මිටි ව සිටි කාලයක ඔහු උර මත මට සුව යහනක් සැදුනු බව මට ලාවට මතකය.. ඔහු සක්විති ර‍ජකු නොවන බැවින් මට සුරසැප නොලැබුනි..එහෙත් මම දුක් වින්දේ නැත මක්නිසාද යත් මා වෙනුවෙන් ඕනෑම දුකක් විදින්නට ඔහු කොන්දේසි විරහිතව සැදී පැහැදී සිටි බැවිනි ඔහු ඔටුනු පලන් නිරිදෙකුම විය ඔහුගේ විජිතයේ මමද කුමරියක වීමට තරම් භාග්‍ය වන්ත වු‍නෙමි...ඔහු මට කන්නට දෙන්නට බෑ කිව්වේ නැත.. උගන්වන්නට බෑ කිව්වේ නැත.. අදින්නට දෙන්න මුදල් නෑ කිව්වේ නැත.. ඉල්ලූ හැම දේම එසැනින් දෙන්නට බැරි උනත් ඔහුට ඒ දේ අමතක වුනේ නැත... අතට මුදලක් ලැබුනු වහා ඔහුට සියල්ලට පෙර මතක් වූයේ මාගේ ඉල්ලීමය... එයත් රැගෙන බස් වල කොච්චි වල දුක් විද ඔහු අප නිවස සොයා ආවේ ඒ මා අත තබා මා තුටු වන අයුරු බලන්නටය.. පුංචි අසනීපයක් හැදුන විටදී පවා ඇද අසල ගැවසෙමින් විටක ඔහු මවක රූ ගත්තේය...මේ ජිවිතේදී මා දුටු හොදම පිරිමියා ඔහුය.. මා ලද හොදම මිතුරා ඔහුය.. මා ලද ‍‍එකම සොයුරාත්.. මා මිහිපිට දකින දෙවියාත් ඔහුමය... මා සුරකින ආරකෂකයා ඔහුමය..මා මෙලොව දකින සොදුරතම පිරිමියා ඔහුය..තවත් පිරිමින් මම හදුනමි.. තවත් පිරිමින් මට ජිවිත කාලය තුල මුණගැහෙනු ඇත... එහෙත් ඔහු තරම් ඒ කිසිවෙකු මා වෙනුවෙන් කැප නොවෙනු ඇත.. මගේම වනු නොමැත.. ඒ, ඒ කිසිවෙකු මගේම පියා නොවන බැවිනි.. මගේ ආදරණීය තාත්තා නොවන බැවිනි.. මගේ තාත්ති බඩා බඩගෙඩියා නොවන බැවිනි..!
මේ ආදරණීය සටහන මගේ ආදරණීය රත්තරං තාත්තා වෙනුවෙනි.. මේ දිවියේ ඔහු අප වෙනුවෙන් විදින අනේක දුක් ගැහැට වෙනුවෙනි.. අද (ජන.25 වන දින) යෙදුනු ඔහුගේ 52වන උපන් දිනය වෙනුවෙනි....ඔහුට දිර්ඝායුෂ.. නිරෝගී සුව දියණියක් ලෙස ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනි..!

Wednesday, January 21, 2009

Humans- Declaring my stance on them

First things first...

I know.. this is a LOOOOOoooOOOOOooooOOOOoooOOOng entry full of text and no doubt it's going to be really boring.

But I showed this my fellow blogger before posting it (malee) and asked her opinion.. she simply said "hamuduruwangen bana ahuwa wage" .. so yeah.. it's boring.

But just posting it :)

************************************************************************


All beings of humanity are simple-minded and ignorant. Short-sighted, confused and oblivious. By definition, we are all idiots, and denial of and oblivion to our own idiocy is further idiocy in itself. My own growing up was the process of learning and personally coming to terms with this, the plain truth of the world.

Humanity are, arguably, a step up from animals, intelligent enough to come up with all matter of invention, and appreciate an awareness of themselves and the capacities of their brains; but not intelligent enough to seek anything worth seeking, and always working towards their own destruction. Many millions of years before the world becomes naturally uninhabitable, we will have died out, killed ourselves out, committed suicide in our own idiocy. What will become of the world? How many millions upon billions of years will the universe drift on, lifeless, until some miraculous occurance again chances the development of some doomed, idiotic lifeforms, or perhaps, an optimist might imagine, one more intelligent than us humans, to live out their life without meaning, to be for the simple purpose of being? It is not worth the time of day to ponder these things, and my intention is not for you to contemplate such an irrelevant matter.

In the days of our youth, we are presented a simple, idealistic world, perhaps in the hopes that these lies will install in us all some hope, some faith in humanity that may last us through our adulthood, for the better of the world, for progressing, more meritorious generations, and for a brighter future. Of course this is an unrealistic notion. All this dies out in our education, as we naturally collect knowledge from those around us. We lose hope in anything but ourselves, and many of us, in ourselves. We reach for whatever we can, searching for some purpose. Some cling to money, some to religion, some to further education, but in the end nothing is achieved, and we simply live out our lives as any other meaningless creature on this earth. But, I am becoming derailed.

I do not see myself as a pessimist. One who, by definition, sees the worst in everything, is incapable of believing in things good; I believe myself to simply be a realist. I see things as they are, and as they are, there is little good to be seen. However, I do not see this as cause to despair. I am positive of nature. Not an optimist, believing in the general goodness of mankind, that justice will always be achieved in eventuality; I am simply a critical sanguine. I see the world for what it is, deal with it, and find a happiness not in reality, nor in unreality, in dreams, ideals or hopes; simply in itself. Happiness can only be found in itself, if it is to be in any way true. Happiness in anything else is a careful construction of lies. But in a world of ignorance, it is arguable that there need be little differentiation between such false happiness and true happiness. I suppose it comes to personal preference, and I have made mine clear.

If you are under the impression by now that I view myself as superior to rest of the human race, or even a large majority of it, I would like to make it clear right now that this is by far, a false assumption. I see all the world as equally stupid. Not necessarily in the same way. We all have strengths and we all have flaws. But in weighing up, we are all as stupid, in one way or another, as each other, myself included.

My intention was just to share with you my own view point of "things". which includes many of the mortal things as well as how I see GOD and all it's cumulative conspiracies. Every human on this earth has a story to tell, however effectively they can tell it. None is more worth hearing more than any other, and this is not of particular relevance or importance to yourself.

These things are simply to be written for the sake of being written, just as we live for the sake of living and must find happiness for the sake of happiness. It’s a story of learning by the primitive process of trial and error. Defining existence by the process of elimination, abolishing all foolish belief in the significance of concepts such as sentiment and spirituality in defining the meaning of life.

Of course the clear and logical solution is that there is no meaning, as I feel I have already effectively established.

But I highly doubt this as any simple minded male ignorance either.

Happy Entry

According to some cynical commenter .. :-) I can't write happy stuff... tut, tut.. what a load of ox crap. I can write many many happy things. Just see for your self.



Muse:

I've always wanted a happy ending.

When i was younger, I went to bed with stories of princesses in pink dresses, even though I hated pink. but the princesses had 'happily ever after and found 'true love'. There was 'magic' involved, and in the end, everyone was 'happy'.

The only thing out of those I still believe in is that everyone gets a happy ending.

Don't make me lose my faith in that. please. But I doubt you can make me loose it either.


However, I remember my favorite shirt used to be perfect.... when I was a young tad that was.

It was white and I, in a moment of clumsiness, spilled so Coca-Kola on it.

I spent hours trying to get that stain out. I washed and scrubbed and got my mum to bleach that shirt, all for nothing.

It made me realize that some stains aren't meant to come out. maybe some just can't.

..
..
..
..
..
..
..
..
..
..
That thought depresses me. everyone knows happy endings don't have stains in them.

Shezzz.. so much for my happy entry !

But look at the brighter side of things, I at least understood that life's a bitch most of the time !

Saturday, January 17, 2009

A Soldire

A friend of mine died.


Captain (Dr.) Mäga Thuiakontha – Yes a Christian Tamil.. pronounced as (මෙග තුයියකොන්තා) a Doctor who was attached to the Army operations. A class mate of mine and one of my good friends whom we always use to make fun of his name.


A bullet had went right through his face and had completely shattered his skull... the simple end result was a sealed coffin. Yet, the wounded soldier he was treating at the time is alive and he was in the funeral procession aided by clutches.


I am not a person who cry at a loss of mine, hence I didn't cry... but felt nothing but proud to have known such a man who laid his life down to the people of this country and it's freedom (of which way I would not argue here)


There was a small piece of paper.. framed and stood on top of his coffin. It was the last letter he wrote his mother 3 weeks back. Apart from the usual details of his... this was what he had said to his mother.



Even though I walk through the valley of the shadow of death, I fear no evil, I fear no hurt, I fear no remorse, I fear no sin, I fear no Man, I fear no enemy, I fear no DEATH. For I serve my brothers in arms regardless of my kith and kin. I save lives, I never take any, For THAT ma, I know GOD has a place for me with him.


Be it my own or the enemy.. I will save them, for LIFE is the most important thing God has given man and I will till my dying day, my dying moment... till my soul is embraced by god him self.. that's what I will do.


I am blessed to be your son, more all, I am blessed to be a son of this country.


Amaliya (his fiancée) is scared. Comfort her for me. You are the only one she would trust and rely on to get her through. But in any event if god has other plans for me, make her understand that she loved a man who saw no difference in the blood we all share and he was someone who fell with the blood of his patient in his hand...not with a gun and hatred in his heart.


Make sure you show her a life after me and make sure she lives it. Let her know that I will await for her at the other side of the dark tunnel.



May you rest in peace brother.

Friday, January 16, 2009

සුභ ගමන්..!


ගෙන්දගම් සැර නග‍රයේ
මා දමා මොහොතකට
යන්න ඉතිං නුඹ
අවසරයි දැන් සමුගන්න

යළි නොහැරීම නුඹ යන්න
පොපියන කදුළු නොපෙනෙන්න
‍අපි ගියපු මාවතේ තනිකර දමා
දැන් ඉතිං නුඹ යන්න ඈතටම

සීතල පිරුණු නග‍රයේ
මීදුම මැදින් පිනි බිංදු
වැටෙන විට මොහොතකට
අපි තෙමුණු වැහි කෝඩ
මතක් වේවිද නුඹට..

නවතින්න මොහොතකට
මේ සුභ පැතුම් අරගන්න
රැගෙන යන්නට යන්න
ආයෙමත් එන පොරොන්දුව
විතරක්ම මට දී යන්න...

හ්ම්ම් මොනවා කියන්නද ඉතිං... මේ ලියවෙන්නේ සියවෙනි බ්ලොග් සටහන..වෙන් කෙ‍රුනේ මගේම
සතුට වෙනුවෙන්.. එහෙමත් නැත්නම් මගේ සතුටේ පංගුකාරයෙක් වෙනුවෙන්.. එයා ‍ලබන සතියේ ඉදන් මේ නගරයෙන් වෙන් වෙලා යනවා වෘත්තීයමය අවශ්‍යතාවයක් වෙනුවෙන්.. සමහර විට හැමදාටම වෙන්නත් පුළුවන්... ලිව්වේ එයාව අධෛර්ය කරන්න නෙවෙයි... එයාට සුභ පතන්න.. ලබන සදුදා ඉදන් පටන් ගන්න එයාගේ අළුත් ජිවිතයට ‍මගේ සුභ පැතුම එකතු කරන්න...ලියපු නිර්මාණය නම් හරියට ලියවුනේ නෑ..ඒත් මේ වෙලාවේ ‍මීට වැඩි දෙයක් ඔළුවට එන්නෙත් නෑ... මොනවා කරන්නද..අපේ ජිවිත වෙනස් වෙනවා බොහෝම ඉක්මනට..අපි නොහිතන නොපතන විදියට.. සමහර විට ඒකටම වෙන්න ඇති ජිවිතය කියන්නෙත්............

Monday, January 12, 2009

Pain Killers


Something I wrote long time ago


Why do you need painkillers ?

To KILL pain ?

Pain is a suffering which has no static boundaries or set parameters.

Pain transcends beyond physical attributes of a person and can sink deep into the core melting point of any living human.

People in general are stupid, irrational and selfish. They inflict another person with such pain and suffering of immense magnitude without even realizing for a god damn nano second that you might be KILLING the "other" person...who is /was and will be an unlucky bastard to be at the receiving end of all.

I hate and despise such people, such people who are inconsiderate to the "other" persons feelings. I can simply write off "Those" people as a mutation in the Human Gene Pool... REMOVE THEM..wipe them off from the face of the earth.... for fuck sake ! .. such people are diluting the goodness which was evolved through millanias of evolution and fucking the human behavioral instincts and systems.

People should understand that giving "another" person PAIN is not acceptable. It's not necessary, not normal and in many cases it is totally unacceptable. Mother fucking bastards who practice this religion should understand all this and find a balance with set boundaries. Limits of what is acceptable and unacceptable.

Don't give me pain. I don't want it and I don't like it. I am neither a sadomasochist nor endorse such behavior at any given point in my life. But when you push me over the edge of buffer zone, I get violent. And when I get violent, I am not a pretty site to be around !

I love chaos, I love it like their is nothing else in the world to me, but I am a very dangerous and unstable person with a disease of the mind and a uncontrollable body when in rage. So I beg you to be prompt and decisive about the things you do and not let them escalate into life and death situations.

So leave me alone, I don't want PAIN from "YOU" and don't fucking piss me off.

But coming to the first topic " How do you KILL pain ? "

You can't KILL pain, you simply have to withstand it by all means. (without loosing your temper) or start hammering down each and every bitch and bastard in your scope of view !

Sunday, January 11, 2009

ඉරිදා

අප්පොච්චියේ... තවත් ඉරිදා දවසක්...ඔන්න උදේම ගෙදර අයට හිතුනා අද ගෙද‍ර‍ වෙනුවෙන් ශ්‍රමදානයක් කරන්න... ඉස්තොප්පුව හෝදන්න කථාව.. වතුරත් එක්කනෙ ‍ගේම... මමත් බෑ නොකියා වැ‍‍‍ඩේට දායකත්වය දුන්නා... මගදි පොඩි විවේකයක් ලැබුනා... ඉස්සරහා තියලා තිබ්බ ලොකු හාන්සි පුටුව මිදුලෙ කොහොඹ යටට ගිහින්.. එතන වැඩි අව්වකුත් නෑ.. මමත් ගිහිං ඈදීගත්තා....සනීපයි... වැඩිය නැතත් ලා හුළගක් හමලා ගියා... අහස තද නිල්පාටක් නැතත් අමුතුම නිල් පාටක් තැනින් තැන ලා පුළුන් වළාකුළු ටිකක් පැතිරිලා... අහසට මෙහායින් කොහෙඹ ගහේ අතු වේලිලා වගේ මේ දවස් වල කොහොඹ ගහේ වැඩිය කොළ නැහැ...‍කාලෙකට මිදුල වැහෙන්නම ‍ගහේ අතු වල කොළ පිරිලා තියනවා වුනාට මේ දවස් වල සමහර අතු වල විතරයි කොළ තියෙන්නේ අනික් අතු පාළු වෙලා...මමත් අනේ හරී සනීපෙට ගහ යටට වෙලා හිටියා...‍සා‍ලේ හෝදන්න පාචිච්චි කරපු විම් වල සුවද නැවුම් ඇපල් සුවදක් ඉතිං මල් සුවදක් නැතුවට ගාණක් නෑ... මෙන්න බොලේ හදිස්සියේම දුවගෙන ආවා එකෙක්...මම දන්න එකෙක්.. හති හලනවා.. කදුළු ‍පුරෝගෙන... මොකද බං... මම ඇහුවා... ම්හ් කථා නෑ.. ඔහේ බලං ඉන්නවා... මාත් බලං හිටියා...
"මචං.."
"මොකෝ" මම ඇහුවා..
"මං යනවා බං යන්න"
"කොහෙද..."
"ආව දිහාටම.."
"ආයේ එනවද?"
"දන්නේ නෑ.."
"මොන මල විකාරයක්ද? එහෙනම් පල..මට වැඩ තියනවා.."

යාළුවා මං දිහා නොබලම යන්න ගියා.. මම ආයෙම තනියම.. අහස දිහා බැලුවා.. අහස හිස්.. කෝ ‍ඉර? හයියෝ ඉර නෑ.. එ‍තකොට හද? හු හු ‍හද කොහෙද අද අමාවකද කොහෙද හයියෝ... මටත් මෝල්....තරු...ඔය තරු පායලා තියෙන්නේ.. සිහින තරුවත් තෝරලා ඉවරයිලු... පැත්තේ කොල්ලෙක්ලු දිනලා තියෙන්නේ.. නෑ.. මම ද දන්නේ නෑ... උඹ කොල්ලෙක් ද බොල...?හානේ නැහැ නේ...චිකේ.. ඒකත් අමතක වුනා... අර මොන්ගලී ඇවිල්ලා මාව කාලාගියානේ... ඔය ආව දෙවෙනි පාරද කොහෙද...ආයේ ආවොත් මම ඔකිට හොද ‍වැඩක් කරපුදෙන්... !

හීනි වතුර පාරක් ඔළුවට ‍උඩින් වැටුනා.. හික් හික්.. මේ එනවා තාත්තේ.. ලාවට නින්ද ගියා... මම නැගිට්ටා... නැගිටිනකොට ළග තිබ්බ ‍පුටුව උඩ රතු පාට පොතක්.. දින පොතක්..මගේ නෙවෙයි.. යාළුවගේ... "මචං මේක බලන්න එපා.. පුච්චලා දාපන් මට එපා..." එකේ මුල් පිටුවේ තිබුනා.. මම අරගෙන ගිහිං ගිණිපෙට්ටිය අතට ගත්තා....අහම්බෙන් පිටුවක් බලන්න මගේ අකීකරු හිත කෑ ගැහුවා.. මම පෙරළුවා... පෙර‍ලගෙන පෙර‍ලගෙන ගියා...අත රිදෙනකම්ම... අහම්බෙන් සටහනක් දැක්කා..

පුංචි පුංචි සත්තු ආලෝකය දිහාට ඇදිලා එන්නේ ආදරේට...ආසාවට...ඒ ආස කරන ආලෝකයම.. ඒ දැල්ලම උන්ව පුච්චලා දානවා කියලා දන්නවා නම් උන් ඒ පැත්තවත් බලන එකක් නෑ...කිලෝමීටර් ගණන් පියාඹ පියාඹ එළිය හොයන්නේ නැතුව ගුල් වලටම වෙලා ඉදීවි..ආදරේ කරන දේවල්.. ආස කරන දේවල් දිහා ඇහැක්වත් ඇර නොබලාවී..ඒත් අනේ උන් මැරෙනවා..ආදරේ නිසා ආලෝකය නිසා..දැන දැනම හෝ නොදැන උන් මැරෙනවා..ඉටි පන්දම් දැල්ල ලග පණ අදින උන්ගෙම ඈයෝ දැක දැක පිච්චිලා අළු වෙලා යන්න ඒ එළිය දිහාටම ඇදෙනවා කාළකණ්නි.

මේ මොනවාද අප්පා මේ.. දින‍පොතක මේවා ලියන්නේ කවුද? ලිව්වත් ඇයි මේවා පුච්චන්නේ.. මම ආයේ පිටුවක් පෙරලන්න හිතුවා.. පෙරලුවා පෙරලුවා...අකුරු හොය හොය පෙරලුවා....ආයෙත් සටහනක්

ඇයි මම මේ තරම් ඇලෙන්නේ..? ඇයි මට පැත්තකට වෙලා ඉන්න බැරි..? ඇයි මම මේ තරම් දුක් විදින්නේ..?එක වරක් වැරදුනා. තව එක සැරයක් දෙසැරයක් තුන් සැරයක්.? කීසැරයක් මම වරද්ද ගන්නද හදන්නේ? ඇයි මට හැම දේම දමාගහලා පැත්තකට වෙලා ඉන්න? ඇයි මම මේ තරම් දුර්වල? ඇයි මම හැමදේම යකාට ගිය දෙන් කියලා හැමදෙනාගෙන්ම ඈත් නොවෙන්නේ..? ඇයි මම දැන දැනම මාව රිද්ද ගන්නේ? ඇයි මම එක කටුවකින් ගැලවෙන්න තව කටුවක් ඇනගන්න හදන්නේ? ඇයි මම මගේ හිත පුරාම බ්‍ල්‍ඩ් එකකින් ඉරි ඇදගන්නේ?මට එහෙම වෙන්න ඕනිද?මේ දුක මම දැන දැනම බදාගන්න හදන්නේ ඇයි..?මේ වදකාර ජිවිතේට තව අය ලං කරගන්න හදන්නේ ඇයි මං?හැමෝගෙන්ම ඈත් වෙන්න ගිහිං අළුත් අය ලං කරගන්න හදන්නේ ඇයි මං? ඇයි මම මේ විකාර කරන්නේ? ඇත්තටම මට පිස්සු

මේ මළහොල්මනට ඇත්තටම පිස්සු මේවා කියවලා අපිටත් පිස්සු හැදෙනවා..!නෑ නෑ.. මම ඉතිං නිකං කියවනවා විතරනේ. ඒකිට මොනා උනත් මට මොකෝ...මම ආයේ කියෙව්වා අළුත් පිටුවක්..

දුකත් දන්නවා
දුකට හේතුවත් දන්නවා
දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා
ඒත් ඇයි දුක නැති කරගන්නේ
නැත්තේ?
අම්මායි තාත්තයි
මාව බැදලා හිරකරලා
ගල් කරලා
නැත්තං මෙලහට මම
කොහේ හරි...හැමෝගෙන්ම මිදිලා...
ඒත් මේ ලංකාවේ එහෙම ඉන්න
ඉ‍ඩක් නෑ.. හැම තැනම දන්න උන්..
ඇයි හත්වලාවේ මොන මගුලකටද
මම
ඉපදුනේ...?

කියෙව්වනම් දීපල්ලාකෝ උත්තර.. ඇයි ඒකි ඉපදුනේ.. මම දන්නේ කොහොමද.. මම ඉපදුනේ ඇයි කියලා මම දන්නෙත් නෑ...අනිත් වුන් ගැන මොනා කියන්නද...
ඉක්මනට ඉක්මනට කියෝමු මගේ හිත කෑ ගැහුවා...."‍අනේ මචෝ.. පිං සිද්ධ වෙයි කියවන්න එපා..!" පිටුව මැද ලොකුවට ලියලා.. මළ හත්වලාමයි... මම කියවනවා කියලා මේකි කොහොමද දන්නේ.. පව් මොනා උනත් මම කරන්නේ වැරදි වැඩක්... මම ටක් ගාලා ගිණි කූර පත්තු කලා...
මගේ මුණටත් ගින්දර උණුසුම දැණුනා.. ගින්දර අතරින් කෙනෙක් මට හිනා උනා.. .ම‍ගේ යාළුවා... මම එයා අල්ලන්න හැදුවා... ම‍ගේ අත පිච්චුනා...දැන් ඉතිරි අළු විතරයි... අතට බෙහෙත් දැම්මා.. අළු හුළගේ පාවෙලා ගියා..


~~~ නිමි~~~

Saturday, January 10, 2009

.........

පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්

එපා එපා මට ‍‍ආලෝකයන්
කණාමැදි‍රියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්

වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
‍වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්

කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
‍මේ විසල් ලෝකයෙන් මොහොතකට ?

ආලෝක ‍දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග

මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහා‍‍ගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....

09/1/2009 life sucks! fcuk off u ppl! Damn I dont care abt any of u..! I hate the world..! I dont want to be a part of it! LIFE... GET LOST! you damn shit!

Tuesday, January 6, 2009

නිලා

ජනවාරි පළවෙනිදා පත්තුකරන්න ගෙනත් දීපු නිලා ටික පත්තු කරන්න මතක් වුනේ අදයි. මේ දවස් ටිකේම මොකුත් ලියවුනේ නැති හින්දා හිතුවා නිලා ගැන ‍මොනා හරි ලියලා දාන්න. නැත්නම් සිංහල යතුරු පුවරුවත් අමතක වෙන්න පුළුවන්නේ..

නිලා කියද්දි ඉතිං හැමෝම දන්නවනේ පුංචි ළමයිනේ වැඩියෙන් නිලා වලට කැමති. මමත් නිලා පත්තු කරන්න ගත්තේ පොඩි කාලේ වෙන්න ඕනි. මුලින්ම පත්තු කරපු දවස් නම් මතක නෑ.. හැබැයි ලාවට හරි මතක මධු අවුරුදු නිවාඩුවට එද්දි අපි දෙන්නට සෙල්ලම් කරන්න ලොකූ නිලා කූරු පෙට්ටියකුයි බඹර චක්කයි අරන් එනවා. ලස්සන වුනාට බඹර චක්ක පත්තු කරන්න නම් මම තාමත් ටිකක් විතර බයයි. ඉස්සර නම් තාත්තා අපිව පරණ ගෙදර කණ්ඩිය උඩ වාඩි කරවලා එයා බඹර චක්ක පත්තු කරනවා. ඒවා මිදුල දිගේ දගර ගගහා යනකොට ඒවා දිහා බලන් ඉන්න එක තමයි අපි කලේ. දැන් නම් ඉතිං පරණ ගෙදරත් නෑ මධුත් නෑ බඹර චක්ක තාත්තා පත්තු කරලා දෙන්නෙත් නෑ.. මගේ බලුයි අම්මයි තමයි ඇවිත් මම බඹර චක්ක පත්තු කරනවා බලන් හිටියේ.. ඒත් මේ පාර බඹර චක්ක 5යි ගෙනත් තිබ්බෙත්..


කියන්න බැරි වුනානේ මේ පාර නිලා ලැබුනේ කොහොමද කියලා. පොඩි කාලේ ඉදන් තියන සමහර පුරුදු අපිට ජිවිත කාලේම අමතක කරන්න බැහැනේ. නිලා පත්තු කිරිල්ලත් ඒ වගේ තමයි. ‍අම්මා මට හැම උත්සව කාලෙටම නිලා පෙට්ටියක් අරන් දෙනවා. ඒ පුරුද්ද තාම ගිහිං නෑ.. අම්මට අමතක උනොත් මම හරි එකක් ගෙදර අරන් යනවා. ආසාවට පත්තු කරන්න. මේ නත්තලෙත් ගන්න හැදුවට බෑ කියලා හිතුනා ඒ වෙලාවේ ගන්න. ඉතිං මම නිලා අදහස අතහැරලා ඉන්නකොට මෙන්න බොලේ අම්මා ටවුන් ගියපු වෙලාවක මට නිලා ගෙනත් තියලා. ජනවාරි පළවෙනිදාට පත්තු කරන්න ගෙනත් තිබ්බට මොකද හෙම්බරිස්සාවක් හැදිලා චාස් චූස් වෙලානේ හිටියේ.. ‍අද පොඩ්ඩක් වෙනදට ‍කලින් ගෙදර ආව හින්දා ස්තෝප්පුවේ මේසේ උඩ නිලා පෙට්ටිය තියනවා දැකලා පත්තු කරන්න හිතුවා..4ක් විතර පත්තු කරන කර යනකොට කම්මැලි හිතුනා අප්පා.. ඉතිං නිලා කූර දිගේ කල්පනා සාගරේ දක්වා ගියා...

අපේ ජිවිතත් නිලා කූරු බඹර චක්ක වගේ නේද? මුලින්ම ‍පුංචි පුංචි ගිණි පුපුරු වලින් පටන් අරන් ලස්සන ලස්සන හැඩ මවලා සුස් ගාලා නිවිලා යනවා.. හරියට අපි බඩගාලා දණගාලා නැගිටලා නටන නැටුම් සේරම නටලා මේ ලොකෙන් යන්න යනවා වගේ... අර ශේක්ස්පියර් මැක්බත් නාට්‍යයේ කියන්නේ.. ලෝකය රගමඩලක් අපි එහි දුප්පත් නළුවෝ වෙන්නෙමු කියලා... ඇත්ත තමයි කරන දෙයක් මේ ඉන්න ටික කාලේ විතරයි.. කැමති විදියකට ඉන්න එකයි ඇත්තේ අනිත් අයට වදයක් නොවී..එතනින් එහා පරලොවක් තිබේ නම් එයට වැඩ කටයුතු වගබලා ගැනීම හෝ එතනින් එහා දෙවියන්ගේ තීන්දුවක් බලාපොරොත්තු වෙන අය නම් ඒ වෙනුවෙන් වැඩ කිරීම හෝ තම තමන්ට බාරයි.. කොහොම වුනත් අවසානෙදි වෙන්නේ නිවිලා ගිහිං අතීතෙට එකතු වෙන එක විතරයි.....

Thursday, January 1, 2009

2009 - 1st



සිතක උපන් සිතුවිලි හැම සුභ වෙන්නයි
ඒ සිතුවිලි හැම දිනකම දළු ලන්නයි
උදාවන හැම දිනකම සැනසුම ලැබෙන්නටයි
මේ සුභ පැතුම් නව වසරට කිරි ඉතිරෙන්නයි..!

ඕන්න එහෙනම් මම 2009 බ්ලොග් සටහන් ආරම්භ කලා... අද අළුත් අවුරුද්දනේ... ඉර එළියත් අළුත් වෙලාද මන්දා.. හැමෝම අළුත් ඇදුම් ඇදලා.. රස රස කෑම බීම අරගෙන... හොදයි හොදයි පේන විදියට නම් හැමෝම සතුටින්... මටත් ඉතිං අවුලක් නෑ.. අළුත් ඇදුමක් ඇදලා.. සස්සනට ඔෆිස් ආවා.. හිකිස්..