Sunday, August 10, 2008
ගමයි මිනිස්සුයි මමයි
උපන්දා ඉදන් ඉන්න ගමෙන් මම කොච්චර ඇත්වෙලාද කියලා මට අද දැණුනා...අද අපේ ගමේ තියෙන අල්ලියේ දේවලේ කියන දේවාලයේ පෙරෙහැර අම්මා බලන්න යන්න කථා කරනකම් අද එහෙම එකක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ...එක අතකින් එහෙම වෙන එක පුදුමයකුත් නෙවෙයි. තාත්‍තා උපන් ගම හා මම උපන් දවසේ ඉදන් ඉන්න ගම කියනවා ඇරෙන්න වෙන මොනාද මට ගමත් එක්ක තියෙන බැදීම? මම ගමෙන් ගත්ත දේකුත් නෑ.. මම ගමට දීපු දේකුත් නෑ....අඩුම තරමේ ගමේ ඉස්කොලෙටවත් ගියානම් අපේ ස්කෝලේ කියලා තාත්තා කියනවා වගේ මටත් කියන්න තිබ්බා ඒත් එහෙම කියන්න මට බැහැනේ....දහම්පාසලට ගියා නම් ඒකවත් කියන්න තිබ්බා ඒකත් ලත් තැනම ලොප් උනානේ....ගමේ පන්තියකට කියලා ගියේ 5 පන්තියේ ශිශ්‍යත්ව විභාගේ වෙනුවෙන් අම්මා ඇරපු පන්තියයි 11 වසරේ ඉංග්‍රීසි පන්තියට ගිය එකයි විතරයිනේ ඒත් ඒ තැන් දෙකේදිම මම අනිත් ලමයි අතර තනි වෙලා නේද හිටියේ ? කොන්වන්ට් එකට යන දහම් පාසල් නොයන මං ගැන අනිත් ලමයිනුත් ගොඩක් වෙලාවට බැළුවේ අමුතු සතෙක් දිහා බලන විදියට නේද? ගණන් පන්තියට එකට ගිය නිසයි ස්කූල් වැන් එකේ මුණ ගැහුනු නිසයි නිමේශා යන්තම් කථා කරනවා කොමස් ක්ලාස් එකේදි මුණ ගැහුණු නිසයි 5 පන්තියෙන් පස්සේ විශාකා එකට ගිය නිසයි ගනේශා මං වගේ උනා ඒ කියන්නේ පුරුදු පරිසරයට වඩා වෙනස් උනා. ඒක නිසා අපි දෙන්‍නා සෑහෙන්න ෆිට් උනා කොටින්ම එයාගේ ගොඩක පෞද්ගලික දේවල් පවා කියන තරමට....ඒත් අපි ගෙවල් වලට යන එන අය නෙවෙයිනේ බස් එකක හම්බ වෙන වෙලාවට කියවන තරමක් තමයි...අන්තිමටම මුණ ගැහුන වෙලේ කිව්වා පොල්ගොල්ලේ විද්‍යා පීටෙට යනවා කිව්වා දැන් එහේ ඇත්තේ ඒ ඇරුණම මට ගමේ යාළුවෝ නැහැනේ....ඉතිං කොහොමද පෙරහැරක් තියා මොන මලදානයක් ගැනවත් දැනගන්නේ....ඒ තියා මම අපේ ගෙවල් පාරේ ඉන්න උන් ගැනවත් දන්න එකක්යෑ....මට එකක් නම් හොදටම විශ්වාසයි මගේ අම්මයි තාත්තයි නැති දවසක මාව මේ ගමේ මිනිස්සු අදුරගන්න එකක්වත් නෑ...හික් හික්!
Subscribe to:
Post Comments (Atom)
හික් හික් තැන්ක්ස් ෆ්‍රීඩ් තැන්ක්ස් ෆො ද එව්රි තින්ග්! :-)
ReplyDeleteඅපොයි ඔව් මදි නොකියන්න විදලා තියනවා...තාමත් විදිනවා....මම අකමැති තරමටම කැමතිත් ඒකට...!
ReplyDelete