අපෝ අද(21) නම් මහා කම්මැලි දවසක්...කම්මැලී කියන එකේ උපරිම..අද වෙනදට වඩා කලින් රාඡාකාරියට ආව නිසා කරන්න තිබ්බ වැඩ සේරම උදේ වරුව ඉවර කරලා දැම්මා..දන්නවා නම් හවසට කරන්න ඉතුරු කරගන්නවා...ඒත් ඉතිං කවුද දන‍්නේ හවස් වරුම මෙහෙම වෙයි කියලා....ඇත්තම කියනවා නම් දැන් ඉස්සර පැල් බැදගෙන හිටිය තැන් වල ඉන්න හිතෙන්නෙත් නෑ...අපේම අය අතර අපි තනි වෙලා වගේ දැනෙනවා...ඒත් මහගෙදර අමතක කරන්න බැහැනේ...ඉතිං ගිහින් බල බල ඉදලා ආවා...මෙහේ අයගේ පරණ කෙරුම් ටිකකුත් කියෙව්වා...සිංදු ටික බලලා බලලා වෙලාවේ හැටියට කිත්සිරිගේ අමීෂා හොදයි කියලා හිතුනා..කවියක් ලියන්න හැදුවට අදහසක් පේන තෙක් මානෙක නෑ..ඒක නිසා කවදාවත් මේ වගේ කම්මැලිකම් නොතිබුනු ස්කොලේ පැත්තේ ගියොත් හොදයි කියලා හිතුවා.....අන්තිම පාසැල් සටහන දැක්කම තමයි මතක් උනේ ලියන්න තියෙන්නේ 8 වසර ගැන කියලා...අපි පොඩ්ඩ පොඩ්ඩ අපිවම අවබෝධ කරගන්න පටන්ගත්ත කාලයේ ආරම්භය නේ...ඒ විතරක් නෙවෙයි මේකේ ලියන එක කෙසේ වෙතත් මට තනියම හිනා වෙන්න ගොඩක් දේවල් නම් මතක් කර ගන්න පුළුවන් වෙයි(ඒවා වචන වලින් ලියන්න බෑ කරලම පෙන්නන්න වෙන ඒවා)..!
8 වසර
අපේ පන්තිය තිබුනේ ඒ කාලයේ අපේ ස්කොලේට තිබ්බ ලොකුම ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ..(තිබ්බෙත් තට්ටු 3යි ) හරියටම කියනවා නම් තුන වසර පන්ති තිබ්බ ගොඩනැගිල්ලේ ඉහලම මාලයේ...පඩිපෙල නැග්ග ගමන් තියෙන පන්තිය අපේ පන්තිය..ඒ මහලේ තිබ්බේ 8 වසර පන්ති දෙකයි 9 වසර පන්ති දෙකයි පුස්ථකාලයයි විතරයි..අපේ පන්තිභාර ගුරුතුමිය වෙලා හිටියේ සන්ධ්‍යා ටීචර්...එයා තමයි ඒ අවුරුද්දේ අපේ ගණිතය ටීචර් වෙලා හිටියෙත්...කළුයි...කොණ්‍ඩේ කොටට කපලා හිටියේ හිනා වෙද්දි හරිම ලස්සනයි. අවුරුද්දේ මුල් මාස දෙක ප්‍රශ්ණයක් නැතුව අපි ඉතිං සාමාන්‍ය විදියට හිටියා... වෙන හැම අවුරුද්දකම වගේ අපි පන්ති හදන්නේ දෙපැත්තේ පේලි දෙකේ දෙන්නා ගානේ හා මැද පේලියේ 3 ක් වාඩි වෙන්න පුළුවන් විදියට ඒත් ඉඩ ප්‍රශ්ණයක් නිසා මේ පන්තියෙදි අපි පන්ති හැදුවේ මැදපේලියෙයි ඡනේලේ අයිනේ පේලියේ 4 දෙනා බැගිනුයි අනිත් පේලියේ 2 බැගිනුයි වාඩි වෙන විදියට...අපි හිටියේ ඡනේලේ පැත්තේ....මම - සාමා- නිරාශා- ශකිලා තමයි හිටියේ...හැමදාම පේලි ඉස්සරහට ඉස්සරහට එන්න ඕනි..අපිත් එක්ක ඉස්සරහට යන පේලියේ හිටියේ ලලින්ති- නිරෝශිණි-හර්ශි.. අකිලා වාඩි උනේ මැද පේළියේ වෙන තැනක..බොහොම සමාකාමීව හරී නිශ්ෂබ්ධ ලමයි ටිකක් විදියට තමයි අපි හිටියේ හික් හික්.....! ඔන්න එක දවසක් අපේ ස්කොලේට අළුත් සිස්ටර් කෙනෙක් ආවා..ඕක ඉතිං හැම අවුරුදු දෙක තුනකට සැරයක් වෙන දෙයක් නිසා අපි ගනන් ගත්තෙත් නෑ...ඒත් හදස්සියේම අපේ පන්තිය ඉස්සරහා කොරිඩෝ එකට ගුරු මේසයක් හා පුටුවක් ආවා..අනේ අපොයි අර ආව සිස්ටර්ව අපේ sectional head කරලා. ඊට කලින් කවදාවත් අපිට එහෙමට බලපැමක් කරන්න අංශ ප්‍රධානියෝ හිටියේ නෑ...අපිත් ඉතිං ගාණක් නැතුව හිටියා....අපි පොඩ්ඩක් කෑ ගැහුවොත් සද්දේ වැඩියි කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්නේත් නෑ...අපි පන්තියෙන් එළියට යනවා දැක්කොත් කොහෙද මේ යන්නේ අහනවා ඇරෙන්න වෙන දෙයක් කිව්වෙත් නැ...ඔහොම සති දෙක තුනක් ගියා...එයාගේ පාඩුවේ එයා ඉන්නවා අපේ පාඩුවේ අපි ඉන්නවා.....ඒ කාලේ අපිට සමාඡ අධ්‍යනය ඉගැන්නුවේ තනූඡා කියලා ටීචර් කෙනෙක්....එයා ඇත්තටම ඒ ලෙවල් පන්ති වල මොනාද මන්දා උගන්නන එක්කෙනෙක්...ඒත් අපිට හොදට තේරෙන්න පාඩම් කියලා දෙන නිසා අපේ මුලු පන්තියම එයාගෙන් ඉගෙන ගත්තේ හරිම කැමැත්තෙන්....ඔන්න දවසක් සමාඡඅධ්‍යනය පීරියඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුව ගමන් අර සිස්ටර් අපේ පන්තියට ඇවිල්ලා කියපි අද ඉදන් මමයි ඔයාලට සෝෂල් උගන්නන්නේ කියලා... මොනා කරන්නද එහෙනම් දැන් මෙයාගෙන් ඉගෙනත් ගමුකෝ කියලා අපි පාඩම් පටන් ගත්තා....හයියෝ....!!!!!!! මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ...අපිට තිබ්බේ අක්ෂාංශ දේශාංෂ පාඩමයි...සෞරග්‍රහ මණ්ඩලය ගැන පාඩමයි මට මතක විදියට...නොතේරුනත් කමක් නෑ...එයත් එක්ක බෑ..! කථාකරන වචන පැහැදිලි නෑ...සූර්යා කියනවා ඇහෙන්නේ නිකං චවුර්යා වගේ...එයා කතා කරද්දි කටින් කෙළ පනිනවා...ඉතිං ඉස්සරහා මැද පේළියේ ඉන්න උන්ටික කෙළ නානවා...පිටිපස්සේ ඉන්න උන් හිනා වෙනවා...අනික එයාට මාර ස්භාවික පරිසර උණක් තිබ්බා...හැමදාම කියනවා පහළ තියෙන මල් පැල පන්තියට ගෙනැල්ලා තියාගෙන සාත්තු කරන්න කියලා...කියන දේවල් කලේ නැති උනාම ඉතිං පන්තියටම බනිනවා...අපි මුණු වහගෙන හිනා වෙනවා....ටික දවසක් යද්දි එයාටම තේරුණා එයා විහිළුවක් වෙන්න යන්නේ කියලා...ඒ නිසා එයා නපුරු වෙන්න පටන් ගත්තා...හැබැයි පුදුම වැඩේ කියන්නේ එයා මාත් එක්ක හරිම යාළුයි...දවසක් අපි පන්තියේ අන්තිම පේළියේ හිටියේ..එයා උගන්නනවා..මැද පේලියේ හිටිය හර්ෂි මොනා හරි විහිලූ කතාවක් කියලා ලලින්ති ඒක හිමිට නිරාශාට කිව්වා නිරාශා හිටියේ මට එහා පැත්තේ...එයා මටයි සාමාටයි ෂකිලටයි කිව්වා...දැන් කට්ටියම හොරෙන් හොරෙන් හිනාවෙනවා...මමත් ඇතුළුව හොදේ...එක පාරටම ඇහුනා පිටිපස්සේ පේළියම නැගිටලා පන්තියෙන් එළියට යනවා කියන සද්දේ...අපි ඉතිං මොකුත් නොදන්න කට්ටිය වගේ වාඩිවෙලා සීරුවෙන් හිටියා පොත් දහා බලාගෙන..."කණ ඇහුනේ නැද්ද කට්ටියම නැගිටිනවා...!" ඔන්න ඉතිං අපි නැගිට්ටා...."යනවලා එළියට" අපිත් ඉතිං හිනාවල් තද කරගෙන එළියට යන්න හදද්දි මෙන්න මෙයා මගේ නම කියලා කියපි පුතේ ඔයා වාඩි වෙන්න කියලා $&%*^*%^*%..ඒ කාලේ ගුරුවරු ලග තිබ්බා මාසික ඇගයීම් වල ලකුණු වල හැටියට රතුපාට කොළ පාට කහපාට නිල් පාට බෝල වලින් ලකුණු කරන පොතක් ඒ පොතේ සියළුම වැඩ ටික බාර දුන්නෙත් මට මොන එහෙකටද මන්දා...! මාත් එක්ක හරිම හිතවත්. ඒ උනාට ඉතිං මම හිතවත් නෑ...ඒක එයා දන්නේ නැහැනේ....ටික දවසක් යද්දි අපිට එයා උගන්නන විදිය එපාම වෙලා ගියා...තනුඡා ටීචර්ගේ සරළ ක්‍රම වලට හුරු වෙලා හිටිය අපිට සිස්ටර්ගේ දසපනත් එක්ක ඉගන ගන්න එක එපා උනා....ඉතිං අපි මුළු පන්තියම ඒකට කරන්න දෙයක් කල්පනා කලා...පස්සේ කට්ටිය තීරණය කලා හැමෝම එකට ගිහින් සිස්‍ට ප්‍රින්සිපල්‍ට කියමු කියලා...හැමෝම හා කිව්වට පස්සේ දවසක් ෆ්‍රී පිරියඩ් එකක මුළු පන්තියම ගියා...මම සාමා අකිලා නදීශා හර්ෂණී ලලින්ති ඉශංකා හර්ශි බෙමල්කා උෂිණි ඇතුළු මුළු පන්තියම...කට්ටියම වීරයෝ වගේ එළියට බැස්සට අපිට තේරුණා අපේ පිටිපස්සෙන් එන අය ටික ටික අඩු වෙනවා කියලා...දෙවෙනි තට්ටුවේ තිබ්බ ඔෆිස් එක කිට්ටුවට යද්දි 36 ක් ඉන්න පන්තියේ ළමයි 20 ක් වගේ තමයි ඉතුරු වෙලා හිටියේ..අපි එතනම නතර වෙලා කියන්නේ මොනාද කවුද කතාකරන්නේ ඒවා මේවා කතා කරනකොටම ප්‍රින්සිපල් සිස්ට එළියට ඇවිල්ලා අහපි මොකද ඔතන කරන්නේ කියලා....එතකොට තව 5 ක් විතර හැරිලා ගියා...ඉතුරු වෙලා තිබ්බ හයිය සේරම එකතු කරලා අපි සේරම ටික කියන්න ගත්තා අපිට ස.අධ්‍යනයට වෙන ටීචර් කෙනෙක් ඕනි...සිස්ටර් කියන ඒවා තේරෙන්නේ නෑ කියලා....ප්‍රින්සිපල් උනත් අපෙන් එහෙම කථාවක් බලාපොරොත්තු උනේ නැතුව ඇති...එයා ගත් කටටම කිව්වා ඒවා අපි බලාගන්නම්..ඔයාලා පන්තියට යන්න... උගන්න කෙනාගෙන් ඉගනගන්න ඔයාලම දැනගන්න ඕනි කියලා.....මොනා කරන්නද ඉතිං අපිත් ඔළුව පාත්කරගෙන පන්තියට ආවා....ඇවිල්ලා ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ ටික වගේ බලන් හිටියා...පැහිච්ච වැඩ කරනවට කවුරු හරි ඇවිල්ලා බනිනවා නම්....ඔන්න එතකොටම " Ur attention plz .... this is abt 8J class ....කියලා යකඩ කට කෑ ගහන්න ගත්තා..අපිට ඉතිං තරු නිවි නිවි පත්තු උනා....පන්තියෙදි බැනුම් අහනවා වගේ නෙවෙයිනෙ...මුළු ස්කෝලෙටම ඇහෙන්න බැනුම් අහද්දි නැද්ද මං අහන්නේ? ඒවුනාට අපිට බැන්නේ නෑ......කිව්වේ මොනාද දන්නවද? අපිට අපේ තනූඡා ටිචර් ව ආපහු දුන්නා.....ඒවෙලාවේ ඇති වෙච්ච සතුට....! පස්සේ අපි තනුඡා ටීචර් එක්ක එකතු වෙලා අනුරාධපුර හා පොළොන්නරු යුගය ගැන ලොකු ප්‍රොඡෙක්ට් එකක් කරලා සිස්ටර් ට ගිහින් දුන්නා ස්තූති කරන්න....එදායින් පස්සේ sectional head එයගේ seat එකට ආවේ නෑ...දුටු තැන නැති වැරදි වලටත් අපේ පන්තිය බැනුම් අහනවා(මම ඇරෙන්න)... හික් හික්
ඔය කාලේ තමයි අපේ අළුත් බිල්ඩ්න් එක හදන්න පටන් ගත්තේ එක හදන අදහස මුලීන්ම ඇවිත් තිබුනේ අපි 1 වසරෙදි එදා ඉදන් අවුරුදු 8 ක්ම අපි සල්ලි එකතු කලා මොකද අපිට රඡයේ ආධාර ලැබුනේ නැති නිසා පාසලේ සල්ලි වලින්ම තමයි හැමදේම කරන්න සිද්ධ වුනේ...හැම අවුරුද්දකම ඒකට සල්ලි හොයන්න raffle draw...concerts...වගේ ඒවා වැරදුනේ නෑ...කොහොම උනත් බිල්ඩිමේ වැඩ පටන් අරන් මාස 3 කින් වගේ අපේ සිස්ට ප්‍රින්සිපල් නැති උනා හදිසි හෘදයාබාධයකින්.....! අපි මුලින්ම ස්කොලේට යන කාලේ ඉදන්ම හිටියේ සිස්ටර් ධම්මිකා එත් අපි 8 වසරෙන් සමුගන්න කිට්ටුවෙනකොටම එයා අපෙන් සමුගත්තා....ඊළගට කවුද අපේ ප්‍රින්සිපල් වෙන්නේ කියන එක තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ....කවුද කියලා දැනගත්තම තමයි අපේ ඇගේ ලේ වතුර උනේ.... වෙන කවුද ඉතිං අපේ SH තමා.....හයියෝ...!අපි මොනා කලත් වැරදී උනා...අපි මහා එපාම කරපු පන්තියක් ගානට දාලයි අපි ගැන කතා කලේ හැබැයි ආපේ ගුරුවරු නම් මොකුත් කිව්වේ නෑ..ඒ එයාලා ඇත්ත හේතුව දැනගෙන හිටිය නිසා....
වෙලාවට ඒ කාලේ පාසැල් අවසාන වාරය ඉවර වෙන්න කිට්ටු වෙලා තිබ්බේ....අපෙන් පළිගන්න එයා හොද ක්‍රමයක් හොයා ගත්තා.....J හා S පන්ති වල ළමයි මාරු කරන එක...සරළවම කියනවා නම් යාළුවෝ වෙන් කරන එක.....ලලින්ති, අකිලා,නිරෝශිණි, බෙමල්කා,උෂිණි,අයේෂා,නිරෝශිණි,රංශිනී,සචිනි,වෙරංගා,පාඨලී,සඡීලා,චමරි,දිනුෂා,නදීශා...වගේ අය අනිත් පන්තියට යැව්වා....ඒ පන්තියෙන් ශාරංගිකා, ප්‍රියාශි,ඩැනියල්,හසිනි,සයුරි,කිංග්ස්ලි, ශිහාරා,වීශාකා,අචිනි,සහරා,චමිලා,සොහාෂි,උපේඛා...වගේ ටිකක් අපිට එව්වා....ඒ ගැන කිව්ව වෙලාවේ අපේ මුළු පන්තියම ඇඩුවා...පන්තිය ඉස්සරහා පඩිපෙලේ වාඩි වෙලා ඇඩුවා...මොකද ඒ කාලේ අපි අනිත් පන්තිය එක්ක එච්චර හිත හොද නෑ...ඊටත් වඩා යාළුවෝ වෙන් වෙන එක දුකක් උනා...ඒ තමයි අපි පන්තියක් විදියට දුක් වෙච්චි දෙවෙනි අවස්ථාව.... ඒත් අපි දුක් උනාට ඒකෙන් උනේ S හා J පන්ති දෙක යාළු වුන එක...මොකද පන්ති දෙකේම ඉන්නේ තම තමන්ගේ යාළුවෝ නිසා...ඒ ගැන කියන්න වෙන්නේ 9 පන්තියේදී....මේ සටහන දැනටමත් දිගවැඩියි...ඒක නිසා 9 පන්තියට වෙන දවසක යමු....
පාසැල් කාලයේදී මට හමු උන කරුණාවන්තම ගුරුවරයා හිටියෙ 8 වසරෙ. නම වසන්ත සර්. මට අටේ පන්තියෙ මතක හිටිනම චරිතය තමයි ඒ පන්තියෙ හිටපු මගේ හොදම යාලුවෙක් වන මිස්කින්. එයා මුස්ලිම් වුනාට අපට වඩා හොද සිංහල භාෂා දැනුමක් තිබ්බා. මිනිහා ඉදහිට රහස් පරීක්ෂක කතා,කෙටි කතා එහෙම ලියන් එනවා. මම තමයි ඉතින් ඒවා කියවන්නේ..
ReplyDeleteමිස්කින් හෙන අහින්සක පුද්ගලයෙක්. පොඩි කාලෙ වෙච්ච අණතුරක් නිසා මිනිහගෙ නළලෙ මැහුම් පාරක් තිබ්බා කුරුසයක හැඩේට. ඉතින් අි විහිලුවට මිනිහගෛන් හැමදාම අහනවා ඇයි උඹ මුස්ලිම් වෙලත් නළලෙ කුරුසයක් කොටාගෙන ඉන්නේ කියල. හික් හික්..ඒ වෙලාවට මිනිහගෙ මූණෙ මතුවන ඉරියව් කියන්න වචන නෑ..මේ ටයිප් කරනකොටත් හිනා ඒ කාලෙ මතක් වෙලා.
@ hare ;අපෝ ඔව් 9 පන්තියෙන් පස්සේ ඒ ගතිය වැඩි උනා මං හිතන්නේ...
ReplyDelete@ bo ;අපේ නම් ස්කෝලෙටම හිටියේ එක සර් කෙනයි ...ඒත් දෙමළ වලට...අපිට 4 වසරේ ඉදන්ම දෙමළ ඉගැන්නුවා..ඒත් එකෙක්වත් ඉගෙන ගත්තේ නැති එක තමයි දුක...
ela ela...wade nagala yanwanee...
ReplyDeletemage poem eka type korala denwada busy naththam?
I never quite remember my school time regarding teachers.
ReplyDeleteI just remember all the asshole things I/we did..but nothing about teachers or education :-)
akki @ holy cross?
ReplyDelete