Wednesday, April 29, 2009

නීති සිසුවාගේ දවල් හීනය :p

අවුරුදු දෙකක් විතර මොට්ටසෝරියේ කට්ට කාලා
පහේ පන්තියට වෙනකම් හැතැම්ම ගණන් පයින් ගිහින්
සිස්සත්තෙන් කොළඹ ඇවිත්
කන්න පුළුවන් කටු සේරම කාලා
‍සාපේන් පස්සේ උපෙත් කොරලා
යන්තං නීති විද්‍යාලෙට පය තිබ්බට මොකෑ
තාම කන කට්ට ඉවර නෑ නොවැ..
දැන් ඉතිං ආයේමත්
ව්‍යාපෘති විභාග පොත් පත් අස්සේ
කාවා වගේ හැංගි හැංගි ඉදලා
පාස් කොරනවා මං නීතී විභාගෙත් උඩින්ම
ඉතිඊට පස්සේ
.......

යකා උනත් මාරයා උනත්
මිනීමරුවා හොරා කුඩ්ඩා ජාවාරංකාරයා
පගාමරුවා මංකොල්ලකාරයා
මොකෙක් උනත්
මගේ ගාණ ගෙවනවා නම්
සුදු ඇදුමක් අන්දලා
සැන් පවුඩරුත් ගාලා
සියළු වැරදි වලින් නිදොස් කොට
නිදහස් කරවනවා මං

ඔන්න හැබැයි
කවුරු හරි ‍‍ගොඩයෙක් සුළු වරදක් මත
දෙකට නැවීගෙන ආවොත්
සෙල්ලං නෑ මාත් එක්ක
මාස තුනක් මහ උළු ගෙට
.......

ඒ විදියට හොද හොද කේස් එක්ක
දවසින් දවස
මං හොද කළු කොට් ‍කාරයෙක් වගේ
අනිත් උන්ව කම්බස් කරලා
හොද ප්‍රාඩෝ එකක් අරන්
සුරුස් ගාලා ගෙදර ගිහිං
ෂපාන් එකේ
නිදා ගන්නේ ‍මෙන්න මෙහෙම..

ඩුග්...!

ඌයි..@$@$$

හපොයි මං තාම පළවෙනි වසර පොතත් අතේ තියාගෙන බස් ‍එකෙනේ... :(






ප.ලි - ඇත්තම කියනවා නම් මේක ලිව්වේ මේ පිංතුරේ නිසයි. පිංතුරේ ගත්තේ පෙරේදා හවස ගෙදර යන බස් එකේදි. මං දන්නවා මිනිස්සුන්ට මහන්සියට නින්ද යනවා. ඒකට හිනා වෙන එක හොද නැහැ. මං මේ හිනා වෙනවා නෙවෙයි. මං බස් ‍එකට නැග්ගේ ඉස්සරහා දොරින්. වෙනදට ඉන්නවාට වඩා අඩු සෙනගක් හිටියේ වාඩි වෙලා හිටිය අයගෙන් බාගෙකටත් වඩා නිදි. අනේ මන්දා විෂ වායුවක් වත් වැදිලද කියලා. ඉතිං මං හිට‍ගෙන හිටිය තැන ඉදන් බැලුවම මම දැක්කා මේ ලමයා අතේ තියෙන්නේ නීති විද්‍යාලේ පොතක් කියලා. බොරු කියන්නේ මොකටද මට මගේ යාළුවෙක්ව මතක් උනා. නිදාගෙන ඉන්න හැටි දැක්කම හිනාත් ගියා. ඉතිං ශේප් එකේ ‍මේ පිංතූරේ ගත්තා‍. කල්පනා කරාට වෙන දෙයක් ලිය වුනෙත් නෑ. ඉතිං මේටික බ්ලොග් එකේ ටයිප් කලා. මේක කිසිම වෘත්තියකට මඩ ගහන එකක් වත් හාස්‍යයට ලක් කරන එකක් වත් නෙවෙයි.. නිකං ඔහේ ලිව්ව එකක්. :)

ප.ප.ලි - නිතී විද්‍යාලේ කවුරුවත් මේක කියවන එකක් නෑ කියලා හිතනවා.. නැත්තං මට මැර ප්‍රහාර ආවොතින්..... ........ ..........................................

Friday, April 24, 2009

Selective Breeding

Last week I faced this weird situation which prompted me to think about this !

The situation was simple.. I was at this cocktails where I saw a guy from my batch in school. For some unknown reason I hated this guy from the school days and just avoided him as best as I can... but he caught up with me and asked.

him : hey, you are a Royalist right?

me : (looked at him for a while and said) .. Yes

him : you were on the 2001 batch right?

me : yes

him : Do you remember me?

me : Nop (.. of cource I remember him damn well)

him : Machang, common, I was on the next class doing bio and you were doing Maths.. i am a doc at NHSL now.. what's with you now?

me : Seriously, I don't remember you mate... btw, I am not doing anything at the moment, I just got out of the rehab for drug users !

him : Whoa.. really ? ... where were you all this time mate ? ... Sri Lanka or somewhere else ?

me : naah, I was in US studying.. and got into doing crack.. and they deported me !

him : that's bad bro.

me : yeah, say mate.. do you know any place I can buy some around here since you're a doc and might know people who do !

him : eerr.. no mate.. anyway, I got to meet some people over there.. I will see you later machang !


and he avoided me like the plague !

So the revelation I can gather from this is

1. Docs are stupid !
2. I have a problem of selective breeding when it comes to the people I associate with !


Docs are stupid.. so let's leave that as it is without any debate.

But getting into the revelation part 2....

I scared my self on that thinking back on it. Do we all have it ? or is it just me ? :O

කොපිවර්තන - පරිවර්තන - සුදූ හා මම

සුදූ කියන්නේ අපේ තාත්තාගේ යාළුවෙක් ගේ දුවෙක්. දැනට ඉගන ගන්නේ එක වසරේ. එයා තමයි මම දැනට ආශ්‍රය කරන ‍පුංචිම මිනිස් ප්‍රාණියා. ඒ වගේම තියන කම්මැලි කමට නොලියා ඉන්න ඒත් ලියන්න හොද මාතෘකා කීපයකටම බිජුවට දුන්න පොඩි එකා.. දැන් එයා ගැන නෙවෙයි මම කියන්න යන්නේ. ඒත් එයා නිසා මට මතක තිබ්බ දෙයක් ගැන. පටන් ගැන්ම මෙහෙමයි.
මීට අවුරුදු එකහාමාරකට විතර කලින් දවසක් මං කාමරේ ඉන්න කොට සුදූ ආවා.. ඒ වෙලාවේ පරිගණකෙන් ඒවා මේවා බල බල ඉදලා සුදුට අහම්බෙන් මං ගාව තිබ්බ මෙන්න මේ සිංදුව බලන්න දුන්නා (මං හිතන්නේ එදා මං බල බල ඉන්නකොට එයා එන්න ඇති කොහොමද එයාට බලන්න ලැබුනේ කියලා මට මතක නෑ. )



එදා ඉදන් එ‍යා එන හැමදාකම මට කොයි තරම් වැඩ තිබ්බත් එයාට මේ සිංදුව බලන්නම ඕනි. සිංදුවේ කියන වචන තේරෙන්නේ නැති එකේ මං හිතන්නේ එයා බලන්නේ ඒකේ රූප වෙන්න ඕනි. සිංහල සිංදු පෙන්නුවට හරි යන්නේත් නෑ.. පබා ඉන්න මතක මන්දිර එකයි තව මොකක්ද මන්දා එකකුයි විතරයි අනිත් කිසි එකක් බලන්නේත් නැහැ. දෙවනි දවසේ මට එයා සිංදුව මතක් කරලා දුන්නේ එයාගේම ඇහැ අතින් පිහිදලා මේ සිංදුව බලන්න ඕනි කියලයි. දැන් මේ කොරියන් සිංදුවට කියන්නේ ඇහැ පිච්චෙන සිංදුව කියලයි. කෙනෙක්ට දෙතුන් වතාවක් බලද්දි දෙයක් එපා වෙනවා වුනාට ගතවුනු අවුරුද්දටත් වැඩි කාලය පුරහම එයා එන හැම දාකම සිංදුව බලනවා. එක දවසකට දෙතුන් පාර බලන වෙලාවලුත් තියනවා. ඉතිං එයාට එපා වෙන්නේ නැති වුනාට මට එපා වෙලා හින්දා මං කරන්නේ එයා ළග ඉදගෙන පොතක් බලන එක.

දැන් වර්තමානෙට එමු

----------

ඊයේ හවස ගෙදර ගිහිං අම්මා එක්ක පොඩි කතාවක් දාගෙන තේක බොන කොට ටීවි එකත් එහෙන් මෙහෙන් පෙනුනා. ඒ වෙලාවේ ස්වර්ණවාහිනී එකේ මොකක්ද මන්දා සංගීත වැඩ සටහනක් යමින් තිබුනේ.එක පාරටම දැකලා පුරුදු දසුන් පෙලක් ආව නිසා බලන් හිටියා මේ‍‍‍.....



දැක්ක ගමන් මට දැනුනා මේක මොකක්ද කියලා. මං අම්මාට කිව්වා මේ සුදු ගේ ඇහැ පිච්චෙන සිංදුවනේ කියලා. දර්ශණ ටික එන්න කලින්ම ඊළගට එන්නේ මොකක්ද කියන්න මට පුළුවන් වුනා. හැබැයි මගදි සිංදුව නතර වුනා. ඒ වෙලේ ඉදං මට හිතුනේ අපේ නිර්මාණ කුසලතා ගැන. අම්මා මට කිව්වා මේ දවස් වල ඉතාම ජනප්‍රිය රම්බාරි සිංදුවත් එයා දෙමළ චිත්‍රපටයකදි ඇහුවා කියලා (දෙමළ ගීතය). ඒත් ඒක මම දැක්කේ නැති හින්දා මං ඒ ගැන කියන්න යන්නේ නැහැ..


‍ඒවෙලාවේ අම්මා කිව්ව දෙයක් මට මතක් වෙනවා. අපේ ලංකාවේ අයගෙන් ඇහුවොත් නම් කියයි.. අළුත් අදහසකට අනූව ‍සෑහෙන්න මහන්සි වෙලා තමයි මේ ට්‍රැක් එක කෙරුවේ. අපේ ක්‍රවුඩ් එක කැමති හැම වෙලේම අළුත් දේවලට නිසා අපි ගොඩක් වියදම් කරලා මහන්සි වෙලා අනං මනං කෝටියක් කියයි... හැබැයි ඇත්ත කථාව ඉතිං දන්නෝ දනිති තමානේ??


නිකමට හිතලා බලන්න.. අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන අය ඉන්නේ 20%කටත් අඩුවෙන් ඒකෙනුත් විනෝදය ලබන්න සංගීත පැත්ත ගැන හොයන්නේ තවත් අඩුවෙන්. නමුත් රූපවාහිනියක් 50% කටත් වඩා ගෙවල් වල තියනවා. ඉතිං සැබෑ නිර්මාණය දකින්නේ කවුද? සැබෑ දකෂතාවය තියෙන්නේ කාටද කියලා දැනගන්නේ කවුද???


මේ ගැන දන්න කෙනෙක් මේ විෂුවල් එක කරපු අයගෙන් ඇහුවොත් නම් කියයි "ජාත්‍යන්තර නිර්මාණ අපේ රසිකයන්ට ලං කරවන්න" "උසස් රස වින්දයක් ලබා දෙන්න" "අපේ නිර්මාණ ජාත්‍යන්තර තලයට ගෙනියන්න"‍‍... දාහක් කථා කියයි.. නමුත් මේවායෙන් වෙන්නේ අංකුර නිර්මාණ කරුවන්ගේ නිර්මාණ ශක්තිය ලත් තැනම ලොප් වෙන එක නෙවෙයිද?



මේ ගැන කල්පනා කරද්දි මට හිතුනා. මේ ගැන නිකං කල්පනා කෙ‍රුවට මේ සිංදුවේ තියෙන්නේ කොරියන් ගීතයේ සිංහල පරිවර්තනයද දන්නේ නැහැ නේ කියලා. එහෙම බැලුවොත් පොත් පරිවර්තනය කරන එකත් කොපි කිරීමක් වෙනවානේ කියලා.. නමුත් එහෙම වෙන්නේ නැහැ නේ. නොතේරෙන භාෂාවකින් තියන පොතක් අපිට කියවන්න බැහැ. ඒ නිසා අනිවාර්යෙන්‍ම තේරෙන බාසාවකින් තියෙන්න ඕනි. ඒ නිසා පරිවර්තනය කිරීම පිනක්. නමුත් සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් එතනදි අපි ගීත රස විදින්නේ ගීතයේඅර්ථය හොයමින් නෙවෙයි. සංගීතය අනූව. ගීතයක විෂුවල් එකකදි හෝ චිත්‍රපටයක දිත් අපට භාෂාව අංක 1 වෙන්නේ නැහැ. මොකද රූප හරහා අපටතේරුම් ගත හැකි නිසා. ඒ නිසා චිත්‍රපට හෝ සිංදු වල රූප රාමු කොපි කිරීම කොයි තරම් සදාචාර සම්පන්නද නිර්මාණශීලි ද කියන්න මං දන්නේ නැහැ.


අන්තිමේ මට මෙහෙම හි‍තෙනවා. "මං හිතන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ඇගවල් වල මොකක් හරි කොටසක් අඩුයි."!

Thursday, April 23, 2009

සින්නදොරෙයිගේ පුංචි ලෝකය


මං මේ ලියන්නේ මෑත කාලයේ මම කියවපු තවත් පොතක් ගැන.හරියටම කියනවා නම් මේ‍ පොත මගේ අතට ආවේ ගිය ඉරිදා උදේ. ඒත් දැන් තමයි කියවලා ඉවර උනේ ‍ඒක ලැබෙන කොට මං තව පොත් දෙකක් කියවමින් හිටියේ 1.කල්කි‍. 2. 1984. ඒ දෙකම පැත්තකින් තියලයි මේක කියෙව්වේ. නම දැක්කම මට හිතුනේ පුංචි ලමයිනේ‍ගේ කථාවක් කියලයි‍. පොත දුන්නු කෙනා දුන්නෙත් ඔයා මේ කථාවට ආස වෙයි කියලයි. අනේ මන්දා මං ගැන කොහොම නිවැරදි පූර්ව නිගමන ගන්නවද කියලා. කිව්ව දේ හරියටම හරි. මම ආ‍සාවෙන් කියවපු තවත් පොතක් තමයි මේක. සමහර විට ගොඩක් අය කියවලා ඇති පොත තමයි "සින්න දොරෙයිගේ පුංචි ලෝකය"

පොත ලියලා තියෙන්නේ
ගුණසිරි ජයවර්ධන කියන ලේඛකයා. අන්තර්ජාලයෙන් මට එයා ගැන වැඩි විස්තරයක් හොයගන්න බැරි උනා. ඒනිසාත් තව මම කැමති පොතට නිසාත් පොත ගැන විතරක් කියන එක හොදයි ව‍ගේ‍‍..
‍කෙටියෙන්ම කියනවා නම් මට කියන්න තියෙන්නේ මෙච්චරයි " මට පුළුවන් කමක් තියනවා නම් මේ ලංකාවේ ජිවත් වෙන හැම පවුලකටම මම මේ පොතෙන් පිටපත බැගින් දෙනවා. " මං කියවපු පොතත් පරණයි ඒත් ඒ කථාව බොහෝම අපූරුවට අතීතය හා වර්තමාණය අතර ඔන්චිල්ලාවක අපිව තියලා පද්දනවා. සමහර තැන් වලදි බොහොම රිදෙන්න ‍‍ඔළුවට ටොක්කක් දීලා අපි අතින් ගිලිහි ගිය සුන්දර ගම්මානය ගැන මතක් කරලා දෙනවා.අපි අතින් මග හැරි ගිය යුතුකම්.. අන්‍යජාතීන් සමග තිබුනු සහජීවනය ගැන මතක් කරනවා. හැබැයි කියවෙන්නේ සල්ලි ලැබෙන්න කලින් රබර් කිරි කපාගෙන ගො‍යමේ කුඹුරේ වැඩ කරගෙන හිටිය අපේම කලින් පරපුර ගැන. ඒ එක්කම අද මේ මොහොත වෙනකොට අවසානයට ලගාවෙමින් තියනවා කියන යුද්ධයේ ආරම්භය හා දෙමළ මිනිසුන් පීඩාවට පත් කල යුගයත් දකුණේ තරුණයන්ගේ විප්ලවයේ පැතිත් දේශපාලනය හා ‍තවත් මේ ශ්‍රී ලංකාව තුල අහු මුලු වල ජිවත් වෙන මිනිසුන්ගේ ජිවත වලින් අඩුම කුඩුම අරන් හැදිච්ච රසවත් කෑමක් වගේ පොතක් කියලා මේ පොත ගැන හදුන්වන්න පුළුවන්.
ගොඩක් ලියන්න හිතෙන්නේ නැහැ. ඒත් පුළුවන් නම් හැම කෙනෙක්ම පොත කියවන්න කියන්න හිතෙනවා. හැබැයි හොයා ගන්න තියෙයිද දන්නේ නැහැ. මොකද පොත මුද්‍රණය කරලා තියෙන්නේ 1992 වසරේ. සමහර විට පුස්ථකාල වල ඇති. කොහෙන් හරි හොයන් කියවන්න.මොකද දන්නවාද අමාරුවෙන් ඉවර කරගන්න දගලන යුද්ධය නැවත ඇතිවෙන්න පුළුන් විදියේ පළමු වෙඩි මුරය අපේ පරම්පරාවෙදිම පත්තු වෙන්න දෙන්න අපිට බැරි හින්දා‍.

තව දෙයක් මේ පොතට 1993 ජනතා සාහිත්‍ය උළෙලෙදි ‍මැක්සිම් ගොර්කී සම්මානය හිමි වුනා කියලා පොතේ මුල්ම පිටුවේ සීල් එකක් ගහලා තියනවා.!

මෙහෙම අහිංසක මිනිස්සු මරලා තමයි අර උතුරේ වල් හැත්ත ඊලම් රාජ්‍ය ගො‍ඩ නගන්නේ. අපේ මේ එක මිනිහෙක් ගේ තුන් හිතකවත් තියනවාද මේ සීයයට දොළහක් විතර ඉන්න පොඩි ජාතිය බෙල්ලෙන් අල්ලලා රටම අපි අයිතිකර ගන්න ඕනෑ කියලා. පොඩි ජාතිය අපේ මිනිස්සුන්ගේ බෙල්ල උඩයි ඇග උඩයි හැමතැනම වහලා කණත් විකනවා. මේ කිසිම ගාණක් නැතුව තෝමිස් බාප්පගේ රබර් කිරිල්ලක් ගැන කතා කරලා සංතෝස වෙනවා. ඒ යාපනේ පැවැත්තුව රැස්වීමෙදි මං කෝප උනේ මේ ගැන නියත හැගීමක් මගේ තියනව නිසයි. ඒත් මාත් කටයුතු කෙ‍රුවේ එක්කෙක් දෙන්නෙක්ගේ වරදකට ඒ මනුස්ස සංහතිය එක්කම කෝප වෙලා. ‍රාසයිය මාමා, ඊශ්වරී,සිත්තම්මා,පෙරිය අම්මා,පෙරිය අප්පා,තරම් යහපත් ගතිගුණ තියන මිනිස්සු අපේ අතරෙවත් නෑ.පරිවර්තනය පටන් ගැනෙන්න ඉස්සර වෙලා දීපනුත් ඒ තරම්ම හොද යහපත් කෙනෙක්. ඒත් අන්තිමට දීපන්ට මොකක් සිද්ධ වුනාද කියලා මට නම් හිතා ගන්න බෑ‍‍......

Tuesday, April 21, 2009

කං කං කං


මං ඉපදෙන්නත් කලින් ඉදන්
තුරුලේ ‍තියාගෙන
එදා වගේම අදත්
මගේ ළගම ඉන්න
මගේ අම්මා ඉන්න කං

මං ඉපදුනු වෙලේ ඉදන්
මට වැටෙන්න නොදී
වැටෙන හැම වෙලාවෙම
දිරිය දී මා නැගිටුවන
මගේ තාත්තා
මගේ ළග ඉන්න කං

මං මුණ ගැහුණු දා පටන්
අද වෙන තුරුම
හැම මොහොතකම
දුරින් ඉදන් හරි ළගට වෙලා හරි
මා සුරකින
මගේ ආදරය මට ධෛර්ය දෙන කං

මාව දැන ගත්ත දා පටන්
හිතවත් කමින් බැදී
කෙලින් කථා කරන
කොන්ද පණ තියන
මං කවුද දන්න
මගේ හිතවත් යහළුවන්
මං වටේ ඉන්න කං

මං වැටෙන්නේ නැහැ
මං පරදින්නෙ නෑ
‍‍මං සැලෙන්නෙ නෑ
කදුළු එයි.. හීල්ලෙයි

හැබැයි නම මිස හදවත නැති
මේ වර්චුවල් පඹයෝ
මොන වන්නම් නැටුවත්
මොන කයි කතන්දර ගෙතුවත්
මාව අල්ලනවා බොරු.!

Thursday, April 16, 2009

උවමනා කර තිබේ..!!!!!




ප.ලි -
මිනිස්සු යක්කුන්ට බය හින්දා ‍
සොහො‍නේ ගෙවල් හදන්නේ නැහැනේ
ඒත් මං හැමදාම හිතනවා
මැරිච්ච මිනිස්සුන්ටයි යක්කුන්ටයි හොල්මං වලටයි භූතයන්ටයි වඩා
ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට බය වෙන්න ඕනි කියලා
ඉතිං මං මිනිස්සුන්ට බය හින්දා
සොහොනේ ගෙයක් හදා ගන්නවා.
මීට පස්සේ මට මිනිස්සු එක්ක ආශ්‍රයක් නෑ
මං ඉන්නේ යක්කු එක්ක
......




Saturday, April 11, 2009

මගේ වීර ක්‍රියා - 11.04.2009


මේ වගේ පිංතූර දකිද්දි මට හැම වෙලේම හිතුන දෙයක් තමයි මේ මිනිස්සු මේ විදියේ කටු ඇනෙනෙ කොට රිදෙන්නේ නෑ වගේ ඉන්නේ කොහොමද කියලයි.. ඒත් ඉතිං මං අද දැන ගත්තා ඒකත් එච්චර ගේමක් නැති සිම්පල් ප්ලෑන් එකක් කියලා... මටත් වැඩිය මොකුත්ම උනේ නැහැ. මැෂින් එකේ මහ මහ ඉන්නකොට ඉදිකට්ට ඇගිල්ල පොඩ්ඩක් මහන්න හදපු එක විතරමයි උනේ.

‍මේ වගේ වීර ක්‍රියාවක් කරන්නේ මෙහෙමයි... මහන මැෂිමක මහන්නකෝ‍.. ඔයාගේ වාසනා ගුණයන් අනූව ඉදිකට්ට ඇනෙනවද නැද්ද කියන එක තීරණය කරයි.. මට නම් ඔන්න වාසනාව තිබ්බා.. ඉදිකට්ට වම් අතේ මහපට ඇගිල්ලේ නියපොත්ත උඩින් ඇතුලට ගිහින් අනිත් පැත්තෙන් එළියට ආවා නූලත් එක්කම. බය වෙන්න එපා ලේ එන්නේ නෑ එක පාරටම...එහෙම උනාම කැමති නම් කෑ ගහන්න පුළුවන් නැත්තං මං වගේ අම්මට කථා කරන්න පුළුවන්..( ඒත් අපේ අම්මා වගේ ‍‍කලබල වෙන අයට කථා නොකර ඉන්නවා නම් හොදයි) ඊට පස්සේ.. තමුන්ම මැෂින් එක කරකවලා ඉදිකට්ට උඩට අරන් පරිස්සමින් ගලව ගන්න. ඒ වෙලාවේ අඩන්න එපා. මොකද කලබලේට මොනා වෙයිද දන්නේ නැහැ නේ.. ඒක නිසා හිතට ධෛර්ය අරන් ඉදිකට්ටත් එක්කම ඇගිල්ල උඩට අරන් පරිස්සමෙන් ඉන්න තැනින් නැගිටලා එන්න. ඔය වෙලාව වෙනකොට අහල පහල දෙතුන් දෙනෙක් එයි.. ඉතිං ඊට පස්සේ හැකි ඉක්මනින් වෛද්‍ය වරයෙක් ළගට ගිහින් ‍ඉදිකට්ට ගලවලා බෙහෙත් දාගන්න විතරයි ‍තියෙන්නේ.

පොඩී සංකීර්ණ වැඩකට තියෙන්නේ පිටගැස්මට කියලා ඉංජක්ෂන් 3ක් විදගන්න වෙනවා..බොන්න බෙහෙතුත්‍ දෙනවා.. එතනින් වැඩේ ඉවරයි.. බලන්න කොයි තරම් සිම්පල් ද කියලා...පිංතූර සහිතව වැඩි විස්තර ඕනි නම් පහල පිංතූර බලන්න. බය‍ වෙනවා වගේනම් බලන්න එපා ඔන්න.

ආ.... අවසාන වශයෙන් මාගේ මේ වීර ක්‍රියාව අවසානයේ මා වෛද්‍යවරයා වෙත රැගෙන ගිය මගේ අම්මා.. ක්වින්ටස් අංකල් හා ත්‍රීවිල් අයියාට මගේ ප්‍රණාමය.. දුක වේදනාව විමසීමට පැමිණි අසල්වාසීන්ට හා පරිස්සමක් නැතුව වැඩකරනවා යැයි මට පරිභව කල මගේ මිස්ටර් සතුටට ස්තූතිය. :D








සැ.යු - ඉහත ජයාරූප නිළ ජයාරූප ශිල්පියෙකු විසින් ගන්නා ලෑබු ඒවා නොවන බැවින් ප්‍රමිතිය ගැන සමාවන සේක්වාහ් !

Wednesday, April 8, 2009

Happy New Year all you bloggers

Yep.. happy.. super duper New Year !

Me.. a.k.a. Nash_Node is off for a very very long and well deserved holiday.

So bloody far and remote that it's not even in the Map..and sooooo gratefully... NO MOBILE PHONE RECEPTION !

Cheers all you homies !