අද මට දැන් පොඩ්ඩකට කලින් හිතුනා අපේ රවියා කිව්ව ඡිවිතේ සිදුවීමක් වෙනස් කරන්න තප්පරයක් ඇති නේද කියන කථාව කොච්චර ඇත්තද කියලා....මොකද මම හිතන් හිටියේ ස්කෝලේ 8 වසරට වෙනකම් මේ සති අන්තේ කියලා ඉවර කරන්න.....ඒත් රෑ කැම කද්දි ආව ඇමතුමක් හින්දා සේරම හිතන් හිටිය සැලසුම් වෙනස් කරන්න උනා....තාත්තාගේ යාළුවෙක් එක්ක අපි හෙට කතරගම යනවා ඉතිං දවස් දෙකක් බ්ලොග්කරනයෙන් ඇත් වෙන්න වෙනවා....වැඩි කතා නැතුව 3 වසරට යමු......
3 වසර
අපේ පන්තිය තිබ්බේ දෙක වසර පන්තිය තිබ්බ තට්ටුවෙමයි. පන්තියත් ඒ වගේමයි, ඒත් ටිකක් මේස නම් වෙනස් උනා එක්කෙනෙක්ට එක මේසේ ගානේ ලැබුනා...ලස්සන ලා නිල් පාටක් ඒවගේ ගාලා තිබ්බේ...අපේ ටීචර් ගෙ නම ටෙක්ලා...එයත් සුදුදුයියියි......කණ්නාඩි දැම්මා, මොකද එයා ටිකක් වයසයි....අපේ ස්කොලේ හැම ශ්‍රේණියකටම තිබ්බේ/දැනටත් තියෙන්නේ පන්ති දෙකයි. ඒක නම් කරලා තිබ්බේ S & J කියලා grade1S class grea1J class වගේ....මම හිටියේ S පන්තියේ J පන්තිය තිබුනේ හරියටම අපේ පන්තිය ඉස්සරහා...පන්ති දෙක වෙන් වෙලා තිබ්බේ කොරිඩෝ එකකින් කොරිඩෝව පැත්තේ තිබ්බේ කොට බිත්ති....ඒ වගේම ඒ පන්තිය හරිම එළියයි මොකද දෙපැත්තකින්ම ඡනේල තිබුනා....ඔය පන්තියෙදි මට හරි අකරතැබ්බියක් උනා දවසක් මම හදපු ගණන් සේරම වැරදුනා ඕකට අපේ ටිචර්ට මාත් එක්ක හොදටම කේන්ති ගිහින් හිටියේ මගේම කරුමෙට මම එදා ඉංග්‍රීසි පොත ගෙදර දාලා ඇවිත්, තාත්තා ගෙදර හිටිය හින්දා එයා වෙන ගමනක් යන ගමන් පොත දෙන්න ස්කොලෙට ආවා...ටිචර් අපේ තාත්තාට කේලම කිව්වා....මම ඉතිං බාබා වගේ අහගෙන හිටියා...මොනා කරන්නද? හවස මම ගෙදර යද්දිත් තාත්තා ගෙදර ඇවිල්ලා තිබිබේ නැ....හපෝ එයා ආව ගමන් මම හොදට අහගත්තා කන් දෙක පිරෙන්න....තාත්තා මට හැම තිස්සෙම සැර කලේ නෑ....අම්මා තමයි කෝටු පාර දීලා හැදුවේ...ඒක නිසා තාත්තා දෙයක් කිව්වාම ඊයම් බරු වගේ හිතට වැදෙනවා....ඒදා මම හිතා ගත්තා ආයේ ගෙදර අය ආවම වැරදි කියන්න ටීචර්ලට ඉඩ දෙන්නෙම නෑ කියලා ඒක සැහෙන්න දුරට ඒවිදියටම සිද්ධ උනා....
අපි 3 වසරේ ඉන්නකොට අපේ ස්කොලේ ව්විධ ප්‍රසංගයක් තිබ්බා...අපේ පන්තියෙන් තිබුනේ පෙරහැරක් (වේදිකව මත) මම ඒකේ නැටුම් කණ්ඩායමකට හිටියා.අම්මා මට තද කොළ පාට පසුබිමේ තැඹිලි පාට ලොකු මල් මහලා හැඩ දාපු රෙද්දකුයි හැට්ටෙකුයි මහලා දුන්නා....
ඒ අවුරුද්දෙ දි අපේ ස්කෝලේ බටහිර සංගිතය උගන්නන්න අළුත් ටීච කෙනෙක් ආවා,නම ස්වෙන්ද්‍රනී...නම වගේමයි එයත් ලස්සනයි....මම එයාට වගේම එයා මටත් ආදරෙයි....මාව දැක්කම ලගට කතා කරලා කම්මුල මිරිකනවා මම චබී කියලා හික් හික්....මම 11 වසරට යනකම්ම එයාගේ ඒ පුරුද්ද තිබ්බා...එතකොට නම් හැම වෙලේම කිව්වේ බට්ටෝ වගේ හිටිය පොඩි ලමයි දැන් හරි ලොකු වෙලා කියලා. මට මතකයි අපි පියානෝ එක වටේ ඉදගෙන එයා ප්ලේ කරනකොට එක එක සිංදු කිව්වා.....
when I was just a little girl I ask my mother......
සිංදුවෙන්ම යමු 4 වසරට....
ආහ් මගේ යාළුවෝ...මට මතක නම් දෙකයි...එකක් චතුරි අනික හෂිකා...ඊට වඩා මතක නෑ
4 වසර
අපේ 4 වසර පන්තිය දුක සතුට දෙකම පිරුනු පන්තියක්.....! 2 වසර පන්තිය ඉස්සරහින් 3 වසර පන්තියට අල්ලපු පන්තිය විදියට තමයි ඒක තිබුනේ....ඩෙස්ක් නිල් පාටයි මට මතක විදියට...ශිෂ්‍යත්ව විභාගේ ගැන ගෙවල් වලින් අපේ ඔළුවට දැම්මේ ඔය කාලේදි තමයි...ඒත් අපේ ස්කෝලෙන් නම් ඒ ගැන වැඩි දිරිගැන්විමක් ලැබුනේ නෑහැ...
4 වසර පන්තියේදිත් අපිට අකුරු ලියන්න තිබුනේ පැන්සලෙන් අවුරුදු 3ක්ම ස්කොලේ ගිහිල්ලත් පැනෙන් ලියන්න නොදීම ගැන අපි හිටියේ හරි හිතේ අමාරුවෙන්.ඒකට ලොකුම හේතුව උනේ J පන්තියේ ලමයින්ට පැනෙන් ලියන්න ඒ පන්තියේ සුදර්ශණි ටිචර් අවසර දීලා තිබීම.....අපේ පන්තියේ ටීචර් "විනීතා ටිචර්" අපේ අම්මාගේ වයසේ වගේ වෙන්න ඕනි...පොඩ්ඩක් කැරළි ගැහුනු කොණ්ඩයක් එයාට තිබුනේ..කටහඩත් ටිකක් බැරැන්ඩි වෙලා වගේ තිබුනේ. ඒයා අපිට කියලා දුන්නා සරළ බතික් මොස්තරයක් කරන හැටි...ඒ වගේම ඉස්සර මම ච්ත්‍ර වෙලාවට මුහුද ඇන්දේ අහස ඊලගට ගොඩබිම ආයේ මුහුද හිටින විදියට ඒයි කියලා දුන්නා මුළින් අහස ඊලගට මුහුද රට පස්සේ ගොඩබිම අදින්න....ආ පැනෙන් ලියන තැන නේ හිටියේ...දවසක් අපිට පිටපත් ලිවීමක් ලියන්න දුන්නා...මගේ ලග වාඩිවෙලා හිටියේ හශිකා එයා කුණු කුණු ගාන්න ගත්තා පැනෙන් ලියන්න ඕනි කියලා අපි වාඩි වෙලා හිටියේ ඉස්සරහම පේළියේ මාත් ඉතිං හශිකට පෝරදාන ගමන් කිවිවා අපිට පැනෙන් ලියන්න දුන්න නම් ඉවරයිනේ පෑන් වලින් ලස්සනට ලියවෙනවා කියලා මෙන්න කියලා මට පිටපත් ලිවීමේ වචන දෙකක් ලියන්න ලැබුනේ නෑ ටීචර් කියපි හැමෝම අදට පැනෙන් ලියන්න අකුරු ලස්සනට ලියන අයට හැමදාම පැනෙන් ලියන්න දෙනවා කියලා....ලියලා ඉවර උනාම එයා අපේ පොත් බලුවා....මගේ පොත බලලා එයා අමුතු විදියට හිනා වෙලා කිව්වා ඇත්ත තමයි ඔයාගේ අකුරු හොදයි පැනෙන් ලියන්න කියලා. එතකොටයි මට මීටර් උනේ මම කිව්ව දේ ටීචර් ට ඇහිලා කියලා....
අපේ පන්තියෙදි එක එක අය අඩලා තියනවා එක එක දේවල් වලට ඒත් මුළු පන්තියම එකට අඩපු දවස් තිබ්බේ මුළු පාසැල් කාලයටම දෙතුන් පාරයි....මුල්ම අවස්ථාව 4 පන්තියෙදි.....!
අපේ පන්තියේ හිටියා මලින්ති කියලා ලමයෙක්...මට තාමත් එයාගේ ඇස් දෙක මතකයි...පොඩ්ඩක් යටට ගිලුනු ඇස් දෙකක් එයාට තිබුනේ....කොන්ඩේ කොටට කපලා ටිකක් තලෙලු ලමයෙක්...එයාගේ අක්කා හිටියේ අපිට වඩා පන්තියක් නැත්නම් දෙකක් උඩ පන්තියක...දවසක් ඒ දෙන්නම ස්කෝලේ ආවේ නෑ....10 විතර අපේ පන්තියට ආව කවුරු හරි අපිට කිව්වා මලින්ති ආයේ ස්කෝලේ එන්නේ නෑ කියලා.....එයා ඡේසු ලගට ගිහින් කියලා....මොහොතකට අපි ගල් උනා...අපි ආපහු පියවි සිහියට ආවේ අපේ කදුලු වල උනුහුම අපේමකම්මුල් වලට දැනෙද්දි...එයාගේ අම්මා එයයි අක්කයි එක්ක කෝච්චියට බිළිවෙලා,ඡිවිතයට මුහුණ දෙන්න හිතේ හයියක් නැති එක් ගැහැණියක් නිසා අපේ යාළුවෙක් අපිට නැති උනා...අපි එයා වෙනුවෙන් පොඩි සටහනක් හැදුවා....ඒකේ කුරුසය ඇන්දේ මම....හශිකා ඒකේ මොනා හරි ලිව්වා මුලු පන්තිය වෙනුවෙන්ම...ඒත් එකට මොකද උනේ කියලා නම් මතක නෑ....අපේ අම්මයි තාත්තයි මලගෙදර ගියා මාව එක්ක ගියේ නෑ....
අපි හා හා පුරා පාසල් විනොදචාරිකාවක් ගියේ 4 පන්තියෙදි....අපි සැහෙන්න දුර ආවා....ඒ කාලේ හිතුනේ එහෙමයි ඒත් දැන් නම් උදේ හවස එනවා....කොළඹ හික් හික්....!
සටහන දිගවැඩියි...ඉක්මනට ඉවර කරන්නම්
* මේ අවුරුද්දේ අර්ධ සුර්යග්‍රහනයක් තිබ්බා....අපිට බලන්න දුන්නේ නෑ..අපේ ඇස් නරක් කරගනී කියලා. ඒදා පන්තියේ ළමයි හිටියෙත් අඩුවෙන් අපේ ඉංග්‍රිසි ටිචර් නන්දනී...අපිව හොරෙන් එක්ක ගිහින් පෙන්නුවා අපි පව් කියලා.
4 පන්තියේදි අපේ පන්තියෙන් ඉස්කොලේ කොන්සට් එකට ගීතයක් සමග නර්තනයක් ඉදිරිපත් කලා...මම හිටියේ නැටුමට....ඒත් අපි හැමෝම සිංදුව පාඩම් කලා.....
යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා
පරංගි උනනමුත් ඇවිදින් කොළඹට ගෙඩබැහැලා......
සමාවෙන්න මේක සිංදුවක් මත් නෙවෙයි පැරණි සටන් කවියක්....
5 වසරෙදි අපිට වඩා අපේ අම්මලා සටන පටන් ගත්තා....හික් හික්.....
ඒ ගැන සදුදට....මම අතරමං නොවී කතරගම ගිහින් ආවට පස්සේ......
4 වසරෙ ඉන්දැද්දි තමයි මම ජීවිතේ මුල් වරට සහ අවසාන වරට පිරිසක් ඉදිරියේ කතාවක් පැවැත්වුවෙ. ඒ උදේ රැස්වීමෙදි මාරි කියුරි ගැන.
ReplyDeleteමගේ 3 වසරෙ හිටියෙ සුමිත්‍ර ටීචර්. එයා දැන් ඉන්නෙ අපේ ගෙවල් තියෙන පාරෙමයි. එයාගෙ පුතා නිර්මාණ්. එයා මගේ හොඳ යාළුවෙක්. 3 පන්තියෙදි මට මතකයි දවසක් ටීචර් ආවෙ නැති දවසක අපි කට්ටියක් කොල්ලෙක්ට මඩ පෝසටරයක් ඇඳලා ඌ ඒක ප්‍රාථමික අංශයේ විදුහල්පති ජෝන් සර්ට පෙන්නලා අන්තිමේ අපේ පන්තියටම විදුහල්පති කාමරය අවට මිදුලෙ වල් නෙලන්න වුණා.
ReplyDeleteඉස්කෝලෙ ඇරෙන්න කලින් අහම්බෙන් එදා අපේ තාත්තා ඇවිත් සර්ට කියල මාව ගෙදර එක්ක ගියා වැඩක් නැති නිසා. අනිතිමේ චිත්‍රය ඇඳපු මම ගෙදර අනිත් සෙට් එකම වල් නෙලලා.
මම මගේ වගකීම් වලට කැපවුණ විධියයි ඒ 3 පන්තියෙදි.
Haffa.....ayeth awith inne weradi thenakata, mun okkotama iskole gena mathakai...podi un!!! Matanam, iskole kalaya gena thiya, iskole giyada kiyalawath hariyata mathaka netha....
ReplyDeleteKamakne....ohoma yanka malee
@බෝ , ඔන්න මම අප්පුඩි ගහනවා හොදේ
ReplyDelete@හරේ , අපෝ ඉස්සර ඉදන්ම අණ්ඩපාල වැඩමනේ කරලා තියෙන්නේ
@ Jaya , mathaka thiyenna wessakatawath skole yanna epei :P
noya monawa matha thiyennada?
හතර වසර ගැනත් කියන එක ෂෝක්.
ReplyDeleteහතර වසරෙ මගේ පන්ති භාර ටීචර් අනුලා රණසිංහ ටීචර්. මේක ලියවෙද්දි සහ ජයාගෙ අමතක වීම දකිද්දි මම මගේ පන්ති භාර ගුරුවරු මතක් කලා. හැමෝගෙම නම් මතකයි මට තවම. ඉස්සරහට අමතක වෙයි. මතකය ඒ වගේ එකක් තමයි.
මුල් මාසය මට හරි ගියෙ නෑ. මගේ කුලෑටි ඉදිරිපත් නොවෙන ගතිය සහ මගෙ පාඩුවේ ඉන්න ස්වභාවය ටීචර්ට තේරුම් නොගියා වෙන්න පුළුවන්. අනික මම ඒ දවස්වල පොඩි දේටත් කඳුළු පුරවගන්න නිසා ඒකත් ටීචර්ට upset. මතකයි මට බැන්නා හිමිජ්ජා කියල වතාවක්. නමුත් ඒක ඉක්මණින් වෙනස් වුණා. පන්තියෙ මුල් වාර විභාගය ටීචර්ව වෙනස් කලා. ටීචර් තමයි මුලින්ම අපේ වාර්තා පොත් වල වෙනියා දැම්මෙ. මුල් වාරෙ මම 1 වෙලා හිටියා. ඊට පස්සෙ ටීචර් මගේ අසනීප ලක්ෂණ තේරුම්ගත්තා. අපි ඒ වසර පුරා පන්තියෙ සාහිත්‍ය සමිතියක් තිබ්බා මාසෙකට සැරයක්. සිංහල පොතේ නරි බෑනා නාට්‍යය අපි හැම වාරෙම රඟපෑවා. මම සම අධ්‍යක්ෂණය කරන ගමන් බල්ලට හිටියා. පැත්තකට වෙලා අන්තිමේ එන්නනේ තියෙන්නේ.
කොහොම හරි ටීචර් අදටත් මට මාර ආදරෙයි. 4 පන්තියෙන් 5 පන්තියට යද්දි මම සහ තවත් ටීචර්ට හිතට ගිය අපේ කොල්ලා 3 දෙනෙක් එක්ක ටීචර් පින්තූරයක් ගත්තා. තාම ඒක මා ගාව තියෙනවා.