
මතකයි මීට පස් හය වසරකට පෙර
දැණුනා මොහොතකට ලෝකයම
මා දෑත් මත මෙන්- ඉනුවා සිහිල් කදුළු බිදු
එදා නුඹ උවන දුටුවාම
පිය පදවියේ බර දැනුනාම උර මතට
නුඹ ගුලි උනා මා දැත් මත උණුහුමට
පිපිදී එද්දි නුඹේ මුව කිරි සුවද පිරි
සිනාහාවෙන්... දොඩමලු වෙන බව
දැනුනි නුඹ සුරලොව අප්සරා හා
දෙදෙරා යද්දි මිනිස් සිත වෛරයෙන්
ඇවිලුනා දසත ගිනි කදූ ද්ව්ශයේ
වැසුනු කළු දුමාරයෙන් අන්ධ විය
මනුස් දම් මොහොතකින්
දැණුනා මොහොතකට ලෝකයම
මා අතින් ගිලිහි වැටුනු බව
නැවතුනා කාලය මාවටා ඇති හැම දේ සමග
නුඹේ මලානික වතේ දුක් බර කදුළු වියැලී යද්දි
යළි යළිත් තෙත් වුනා මා දෙනෙත් දරු දුකින්
පියවිලා නිල් දෙනෙත් ගත කඩමලු වී ගොසින්
සෙනෙහෙන් වැඩු ගත පෙගීලා රුධිරයෙන්
සුරලොවින් ආ දියණි මා හැර දමා යළි
එහි ගොසින්....!
පරපුරක් තනනන්ට
නසා තව පරපුරක බිජුවටක්
නොපිපි මල් පොඩිකරන්
යන ගමන කොයි නතරවත් ?
මලී
29.10.2008
අවකාශේ වෙනුවෙන් ලියන ලදි