සිකුරාදා රෑ හින්දද මන්දා අද හරිම සැහැල්ලුවක් දැනෙනවා. වෙනදා එන වෙලාවට වඩා පරක්කු උනාට අද මහන්සියක් දැනෙන්නෙත් නෑ. සතියක් තිස්සේ ඔළුවෙ හිර වෙලා තිබ්බ ප්‍රශ්ණ වලට අද උත්තර හම්බ උනු නිසාද මන්දා. ඇත්තටම මම ගෙවෙන මේ සතියේ හිටියේ කොච්චර පීඩනයකද කියලා දැනුයි දැනෙන්නේ...බොස්ට පිං සිද්ධ වෙන්න ගැටළු බොහෝ දුරට විසදුනා. අපේ ඡිවිතේදි අපිට එන ප්‍රශ්ණ වලට අපි මහා බරපතල් විදියට නිදි මරාගෙන උත්තර හෙව්වට සමහර වෙලාවට ඒවට තියෙන්නේ හරිම පුංචි උත්තර. මේ දවස් වල අපේ ඔෆිස් එකෙත් ප්‍රශ්ණ මුල්‍ය අර්බුධ තමයි ඉතිං. අපිට කරන්න දෙයක් නෑ. එහේ ඉන්න උන් මෙහේ එන්නේ නැත්නම් අපේ ගෙවල් වල උන්ට එන්න කියන්නයෑ ... ඒත් යුද්ධයක් තියෙන.. බෝම්බ පුපුරන අපි වගේ රටකට උන් එයිද? මොනා උනත් එන කට්ටියට මල් තියෙලා වැන්දත් මදි....අපේ ක්ලයන්ට්ලට අපි වැදින්න කථා කලාට වෙන මිනිස්සු වදීවි යෑ...ඒකනේ නිශි සන් ගේ අවුල ඇති උනේ ඒත් එයා හා අපේ බොස් මහතාගේ මනුස්සකම හා ව්‍යාපාරික දැණුම නිසා හිතුවට වඩා හොද විදියට ප්‍රශ්නේ විසදුනා......මට දුක කට්ටිය එක්ක බෙදන් කන්න කියලා හම්බවෙච්ච චොකෝ එක නිශීට දෙන්න වෙච්ච එක ඒත් කමක් නෑ....හොද කෙල්ල... කිව්ව කථා ටිකට බොසුත් හොල්මන් වෙලා ඒ තරම් ඇත්ත කථා කලේ වෙලාවට නැත්නම් මාත් කපෝතියි!
කොහොම හරි මීටින් එකට ගියා කියමුකෝ......අනේ හිටිය කට්ටිය දැක්කම දුක හිතුනා අපිත් එක්ක හිටිය අය අඩුයි..ඉස්සර දෙන්නා කරපු වැඩ දැන් හැමෝම තනි තනියෙන් කරන්න ඕනි ඒක නිසා උදව්වට හිටිය අය සේරම ගෙදර යවන්න තරම් අපේ පරිපාලනය කාරුණික වෙලා....බොස් කිව්ව විදියට අපි අළුතින් අළුත් ප්ලෑන් එක්ක යළි පටන් ගන්නවා...ලොකු දෙයක්! ඒත් ඉතිං ඔතන ඉන්න සමහර චරිත අයින් වෙලා යනකම් වැඩක් කරන එක ලේසි නෑ කියලා එයා දන්නේ නැහැනේ...! කමක් නෑ.... බලමු මොකෝ වෙන්නේ කියලා.... හැට පැන්නත් වදුරා බිමින් යන්නේ නෑ වගේ මීටින් එකෙන් පස්සේ අදත් පාටී...ඒත් ඉතිං අපේ අම්මා අදුරට බය හින්දා මම කලින් ගෙදර ආවා.....හික් හික් !
ඒවා ගැන කථා කරලා වැඩක් නෑ බෝංච්....ඉකි ගගහා අඩන්න වෙනවා!
ReplyDelete