Sunday, January 25, 2009

පිරිමියෙක් වෙත,



මා වෙනුවෙන් උපන් ආදරයෙන් ඔහු‍ගේ ‍රු‍ධිරය කිරට හැරුනේ නැත එහෙත් මා වෙනුවෙන් ගැලූ දහඩිය ගග මහවැලියටත් වැඩිය... ඒ දාබිදු තවම වියැලී නොමැත.. ඒ තවමත් මා දකින සිහින සැබෑ කරන්නේ ඔහු බැවිනි... මා වෙනුවෙන් ඔහු හැඩ දැමු ඇදුම් මසා දුන්නේ නැත.. එහෙත් මා ඇදි හැම ඇදුමක් ම ඔහුගේ මහන්සියේ ප්‍රතිඵලමය...මා‍ වෙනුවෙන් ඔහු හැඩුවාදැයි මම නොදනිමි.. එහෙත් මා වෙනුවෙන් දුක් විදින බව ඊයෙට වඩා අද මම දනිමි.. හෙට මීටත් වඩා දැනෙනු ඇත.. මා වැටී වැටී ඇවිදින විට ඔහු මට අත දුන්නාදැයි මට මතක නැත... එහෙත් මා මිටි ව සිටි කාලයක ඔහු උර මත මට සුව යහනක් සැදුනු බව මට ලාවට මතකය.. ඔහු සක්විති ර‍ජකු නොවන බැවින් මට සුරසැප නොලැබුනි..එහෙත් මම දුක් වින්දේ නැත මක්නිසාද යත් මා වෙනුවෙන් ඕනෑම දුකක් විදින්නට ඔහු කොන්දේසි විරහිතව සැදී පැහැදී සිටි බැවිනි ඔහු ඔටුනු පලන් නිරිදෙකුම විය ඔහුගේ විජිතයේ මමද කුමරියක වීමට තරම් භාග්‍ය වන්ත වු‍නෙමි...ඔහු මට කන්නට දෙන්නට බෑ කිව්වේ නැත.. උගන්වන්නට බෑ කිව්වේ නැත.. අදින්නට දෙන්න මුදල් නෑ කිව්වේ නැත.. ඉල්ලූ හැම දේම එසැනින් දෙන්නට බැරි උනත් ඔහුට ඒ දේ අමතක වුනේ නැත... අතට මුදලක් ලැබුනු වහා ඔහුට සියල්ලට පෙර මතක් වූයේ මාගේ ඉල්ලීමය... එයත් රැගෙන බස් වල කොච්චි වල දුක් විද ඔහු අප නිවස සොයා ආවේ ඒ මා අත තබා මා තුටු වන අයුරු බලන්නටය.. පුංචි අසනීපයක් හැදුන විටදී පවා ඇද අසල ගැවසෙමින් විටක ඔහු මවක රූ ගත්තේය...මේ ජිවිතේදී මා දුටු හොදම පිරිමියා ඔහුය.. මා ලද හොදම මිතුරා ඔහුය.. මා ලද ‍‍එකම සොයුරාත්.. මා මිහිපිට දකින දෙවියාත් ඔහුමය... මා සුරකින ආරකෂකයා ඔහුමය..මා මෙලොව දකින සොදුරතම පිරිමියා ඔහුය..තවත් පිරිමින් මම හදුනමි.. තවත් පිරිමින් මට ජිවිත කාලය තුල මුණගැහෙනු ඇත... එහෙත් ඔහු තරම් ඒ කිසිවෙකු මා වෙනුවෙන් කැප නොවෙනු ඇත.. මගේම වනු නොමැත.. ඒ, ඒ කිසිවෙකු මගේම පියා නොවන බැවිනි.. මගේ ආදරණීය තාත්තා නොවන බැවිනි.. මගේ තාත්ති බඩා බඩගෙඩියා නොවන බැවිනි..!
මේ ආදරණීය සටහන මගේ ආදරණීය රත්තරං තාත්තා වෙනුවෙනි.. මේ දිවියේ ඔහු අප වෙනුවෙන් විදින අනේක දුක් ගැහැට වෙනුවෙනි.. අද (ජන.25 වන දින) යෙදුනු ඔහුගේ 52වන උපන් දිනය වෙනුවෙනි....ඔහුට දිර්ඝායුෂ.. නිරෝගී සුව දියණියක් ලෙස ප්‍රාර්ථනා කිරීම වෙනුවෙනි..!

32 comments:

  1. අම්මාවරුන් ගැන කවි කතා නිසදැස් වලින් නිතරම අහන්න ලැබුනත් තාත්තා ගැන අඩුවෙන් අහන්න ලැබෙන කාලෙක කියවපු නියම ලිපියක්.

    ReplyDelete
  2. සතුට ආදරය හිනාව පිරිනු සුභම සුභ උපන් දිනයක්....! 25 වෙනිදා තියන තාත්තටත්, 26 වෙනිදා තියන ඔයාටත්...!


    (අනේ ඔන්න තෑග්ගක් නම් එවන්න බැරි වුනා.ලිපිනය දැන ගත්තොත් ලබන උපන් දිනයට එවන්නම්...!)

    ReplyDelete
  3. දියණියක් විසින් තම පියා අනන්ත අප්‍රමාණ සෙනෙහසින් සිපගන්නා අයුරු මේ සටහනින් මා දුටුවා. ඇත්තටම මගේ දෑස් කඳුලින් තෙත් උනා.
    ඒ වගේම මේ ගී පදයත් සිහියට ආවා නිතැනින්ම
    "අම්මා වරුන් පමණද මතු බුදුවන්නේ"

    ReplyDelete
  4. රකිනට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී

    ReplyDelete
  5. නංගීගේ තාත්තාටත්, නංගී‍ටත් සතුට පිරුණු සුබම සුබ උපන්දිනයක් සහ නිදුක් නිරෝගී, ජීවිත කාලයක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් උණුසුමෙන් පිරුණු පවුලක වාසනාව සදා රැඳේවා කියලත් පතනවා.
    (ඒක නෙවෙයි මේක දැක්කාම තාත්තා තව මොනවා හරි ගෙනත් දේවිද ? )

    ReplyDelete
  6. උපන් දිනේට මොනා හරි කරන්වනම් කියන්න
    චියර්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  7. අම්මා ගසක් නම් සෙවනැල්ල දෙන, තාත්තා හිරුයි දිවි මගට අලෝකය දෙන. දෙකම නැතිවත් බැහැනේ අක්කේ!

    සුදු අක්කට මම සුභම සුභ උපන් දිනයක් පතනවා අක්කාගේ පියාත් දිගු ආයුෂක් සමගින්ම! අක්කා වාසනාවත්තයිනේ!

    ReplyDelete
  8. appatasiri.... thathtage bday ekada eye..onna ehenam mamath wish kara kiyanna.... mage fit ekane umbalage thaththa... hehe...

    ReplyDelete
  9. aaaa...ada umbe bday eka neda nangi... hehe..dan umbath naki wegena enawa..ela.. ela... suba upandinayak wewaaaa ......

    ReplyDelete
  10. සුබ උපන් දිනයක් වේවා මලී නංගිගේ තාත්තට..52 කියන්නෙ තාත්ත තාම කොල්ලෙක්නෙ...

    එල එල අපි තෑග්ගක් අරන් එන්නම් තාත්තට අමතක නොවෙන. :P

    මලී නංගිටත් සුබ උපන් දිනයක් වේවා..

    ReplyDelete
  11. සිතුවිලි ගංගා - ස්තූතියි

    ස්ටාර් - බොහෝම ස්තූතියි.. අනේ ඒ වුනාට මට තෑග්ගක් එවාපියෝ....!

    කොළඹගේ මයා - මගේ තාත්තා නම් බුදු වෙනවා..! ස්තූතියි.

    තාරාක - මදි මදි හොදටම මදි.. හේතුව ඒ ආදරේ වචන කරන්න බැරි හන්දායි.

    සු - ස්තූතියි අක්කේ... බොහෝම ස්තූතියි..
    (දැක්කනම් තෑගි වැඩි වෙයි තමා..ඒත් බ්ලොග් එක තාත්තට පෙන්නන්න බැරියෝ.....!)

    ම -ඊයේ නම් කලා.. අද නම් මොකුත්ම නෑ..එනිවේ චියර්ස්ස්ස්ස්...!!!

    බිංකි - අනිවාර්යෙන්ම ඔව් මල්ලි.. ඒ දෙකම නැතුව බෑ නේන්නම්.. ස්තූතියි හොදේ චුටි මල්ලියෝ‍....හික් හික් ඔව් ටිකක් විතර වාසනාවන්තයි වගේ තමා..

    කවි - යා යා... ඊයේ තමා.. හරී මම කියන්නම්..
    අනේ පලයන් බං යන්න 22 කියන්නෙත් වයසක්ද? තැන්යූ ලොකු අයියේ........!

    ReplyDelete
  12. බෝ- අඩෝ මේ තෑගි එපා තෑගි එපා එන්නයි ඕනේ.. නිකං එන්න බෑ වගේ නම් මට චොකෝ එකක්.. හිකිස්.....!

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා මාමේ!

    ReplyDelete
  14. නංගිගේ තාත්තට සුභ උපන්දිනයක් ! හරිම සුන්දර ලියවීමක් !මේක තාත්තා දැක්කනම් කොයිතරම් සතුටක් දැනේවිද.
    සෑම දරුවෙක්ගේ හිතකම තම දෙමාපියන් ගැන මෙවැනි සිතුවිලි පහළ වන්නේ නම් අද අපේ රටේ දකින්න ලැබෙන මහලු නිවාස නොමැති වනු ඇත.

    ReplyDelete
  15. (තිරය බොඳ වෙලා...)
    පළමුවම සුභ උපන්දිනයක් වේවා!
    දෙවනුව ඔබගේ තාත්තාට චිරාත්කාලයක් යෙහෙන් වැජඹීමට වාසනාව ලැබේවා!
    හැඟීම්බර සටහනක්.
    එයටත් සුභපැතුම්.
    ගොඩක් දේවල් දිගටම දිගටම ගලාගෙන එනවා හිතට, මේ සටහන කියවන විට. ඒත් හැගීම්බර වෙලා ලියන්න බෑ.
    කොහොම උනත් එකදෙයක්.
    මමත් ඔයාගේ තාත්තා වගේම වාසනාවන්ත තාත්තා කෙනෙක් කියල හිතෙනවා.
    මට 50 වෙනකොට මගේ දුවට 25යි.

    ReplyDelete
  16. සුභම සුභ උපන්දිනයක් වේවා මලීට සහ මලීගේ අප්පච්චිට.

    ReplyDelete
  17. මලීගෙ තාත්තාට සුභම සුභ උපන්දිනයක් වේවා !!

    තාත්තා වෙනුවෙන් මලී පැතූ පැතුම් අපිත් පතන්නම්

    මේ ලෝකෙ හොඳම පිරිමියා තාත්තා තමයි

    මේ සටහන උපරිමයි මලියෝ ගොඩාක් ස්තූතියි :)

    ඔයාටත් සුභ උපන් දිනයක් ;)

    ReplyDelete
  18. කොපමණ කළත්, ක්‍රෙඩිට් නොලැබෙන ලෝකයේ සිටින බොහෝදෙනා අතර තාත්තත් කෙනෙක්,
    ක්‍රෙඩිට් වෙනුවට ලොවක් වටින දෝණි ඇන්දාගෙන්, හිත තුටු වෙන මෙවන් වදනක් ලබන්නටම ඔබේ පියා කෙතරම් පින් කර ඇත්ද?
    සැබැවින්ම ජීවය රැඳි වදන් පෙළක්...
    පිය,දූ දෙදෙනටම ශුභ ජන්ම දිනයක් වේවා...

    ReplyDelete
  19. දෙන්නාටම සුභ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  20. අප්පච්චි ගැන කියන්න මට නම් ශබ්දකෝෂයේ තියෙන වචන මදි.

    ReplyDelete
  21. ෂා...කාලෙකින් දැක්ක තාත්තා ගැන ලියැවුනු එළකිරි ලිපියක්....
    සුභම සුභ උපන්දිනයක් වේවා මාමේ...!!!!
    ( අඩේ මලී මේක පෙන්නන්නකෝ අපේ මාමාට ;) )
    ඇන්ඩ්, මලී ගේ උපන්දිනේට ලියන බ්ලොග් ලිපිය කෝ..???? :P

    එනිවේ, පාටි දෙකයි වගේ....ඔහොම යන් ඔහොම යන්.....

    ReplyDelete
  22. " දුවේ නුඹ මගේ ප්‍රාණයයී,
    සෑබෑ වුනු සුබ සිහිනයයී..."

    " මම මලක් ලෙස නුඹ නොහෑදුවේ
    පෙති හෑලි පරවෙන නිසාමයී
    දුක දිනා හිනෑහෙන හෑටි දුවේ
    නුඹ දෑන උගත් පාඩම තමයී..."

    ඔයාලගේ තාත්තටත් ඔයා ගෑන ඔහොම හිතෙනවා ඈති නේද ?.ඔයානම් ඈත්තටම ඔයාලගේ තාත්තට ආඩම්බරයක් !, එ ගෞරවය දිගටම තියාගන්න, එක තමයී ඔයාට ඔයාලෑ තාත්තා වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දෙය...

    සුබම සුබ උපන්දිනයක් වේවා...! , මලිගේ තාත්තේ...

    ********

    ඔයාටත් සුබම සුබ උපන්දිනයක් මලි අක්කේ... (හප්පා තව අවුරුද්දකින් වයසට ගියා නේද ? )
    එක නෙමේ , කෝ ඔයාගේ උපන්දිනයට අපිට කේක්...? ( අනේ මම ගෑනු ලමයීන්ට තෑගි තෝරන්න දන්නේ නෑති හින්දා තෑග්ගක් දෙන්න විදිහක් නෑහෑ :-)

    ReplyDelete
  23. මචෝ - ඔන්න එහෙමනම් මාමා වෙනුවෙන් මාමාගේ දෝණි ස්තුතියි කිව්වා හොදේ.. ඒක නෙවෙයි මොකෝ මේ ගිණි ගන්නේ?????

    බෝ - බොහෝම ස්තූතියි අක්කේ.. තාත්තාට මේක පෙන්නන්න විදියක් තමයි නැත්තේ.. එක අතකින් එයා මේක දකින්න ඕනි නෑ.. මම කොහොමත් එයාට අදරෙයි නේ..,!

    බන්දු - ස්තූතියි ස්තූතියි ස්තූතියි..!මගේතාත්තට 50 වුනු දවසට පහු වෙනිදා මට 20යි.. ඉහික්

    ෆා- ස්තූතියි මිස් ෆා..!

    ගංගි- ස්තූතියි ගංගියෝ.. සමහර විට මටත් වඩා හොදට ඔයාට ඒක දැනෙනවා ඇති..!ආයේ වතාවක් ස්තූතියි..

    කුෂාන්- ස්තූතියි කුෂාන්.. තාත්තට වඩා මම පිං කරලා තියනවා ඒ තාත්තාගේ එකම දුව වෙන්න..!

    5න්- ස්තූතියි පහන්.. විභාගේ නේද?

    චරිත- මදි තමයි.. හොදටෝම මදි...!

    මහේෂ්- මාමාට පෙන්නන්න බැරි හේතුවක් තියනවා කොලුවෝ.. මේක පෙන්නුවොත් අනිත්වත් පෙන්නන් වෙනවා.. මම ඒකට කැමති නැතෝ...! අන්න උණු උණුවෙම මේ දැන් ලිව්වා උපන්දින ලිපිය.. පාටි 2ක් නෑ එකයි..ඒක ඊයේ තිබ්බා.. දාන පාටියක් හා බෝතල් පාටියක් කියන දෙකම

    ප්‍රියා - අප්පේ.. වර්ණනා වැඩිද මන්දා..ඒත් ස්තූතියි මල්ලියෝ.. මන්දා මම තාත්තා වෙනුවෙන් දේවල් කලා හරි අඩුයි කියලා දැනෙනවා මට හ්ම් බලමුකෝ..
    *********
    නෑ නෑ.. මම තාම වයසට ගියේ නෑ.. අනේ තෑගි තෝරන්න බැරි නම් මාව කඩේට එක්කං යන්න මම තෝරගන්නම් ඔයා බිල ගෙවන්න අයියා කලෙත් එහෙමයි..:p

    ReplyDelete
  24. පරක්කු උනාට සොරිවෙන්ඩ නගෝ. තාත්තටත් දුවටත් සුභම සුභ උපන්දින දෙකක් වේවා!!!

    ReplyDelete
  25. පරක්කු උනාට සමාවෙන්න නංගියෝ සුභ උපන්දිනයක් ඔයාටයි තාත්තටයි දෙන්නටම

    සියලු පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  26. ප්‍රමාදවී කියවීම නිසා පුමාද වී සුභ පැතීමට සිදුවීම ගැන සමාවනු, දෙදෙනාමට සතුටින් පිරි සුභ උපන්දිනක් වේවා!

    ReplyDelete
  27. නිලන්ත,හසිනි,හර්... තුන් දෙනාටම බොහෝම ස්තූතියි හොදේ...!

    ReplyDelete
  28. මලීට යන යන හැම තැනම යාළුවො ඉන්නෙ මලී ‍මිනිස්සුන්ව ලංකරගන්න හැකියාවක් තියෙන කෙනෙක් නිසයි. හැමෝටම ඒහෙම වෙන්නත් හැමෝම එහෙම වෙන්නෙත් නෑ. මලී එහෙම වෙලා තියෙන්නෙ මලීගෙ අම්ම තාත්ත දෙන්න නිසයි. එයාලනෙ මලීව මේ වගේ කෙනෙක් කලේ. අම්ම ගැන අපි කතා කලා ඇති තරම්. තාත්තා කියන්නෙ අම්මටත් ආවරණයක් දෙමින් වක්‍රව මලීව නිර්මානය කරපු පුද්ගලයයි.

    තාත්තා ගැන කතා කරද්දි තාත්තා කියන නමින් අමතන්න පුළුවන් හැම තාත්තෙක්ම තමන්ගෙ දරුවන් වෙනුවෙන් දිවි තියෙන තුරා කැප වෙනව. මගේ තාත්තා එක්ක ඉස්සර මට සෑහෙන්න ගැටුම් තිබුණ. නමුත් දැන් තාත්ත මට පරමාදර්ශයක්. අඩු තරමෙ මට එදිනෙදා හම්බ වෙන බොහොමයක් මිනිස්සුන් අතරෙ එයා පුද්ගලයෙක් විධියටත් සෑහෙන්න උසස්. එයා නිසයි මම මෙහෙම හරි සමාජයේ ඉන්නේ. මලීගෙ තාත්තත් එහෙමයි. ඒ නිසානෙ මලී අපි එක්ක හොඳ යාළුවෙක් වගේ ඉන්නේ.

    සුභ උපන්දිනයක් තාත්තේ.

    ReplyDelete
  29. හ! - මේ ඔයා දැන් ඉන්න පලාතේ බටර් ලාබද මෙයා.. ඔය තරම් බටර් ගාන්නේ.. හික් හික්
    ඔව් ඔව්... සුභ උපන්දිනයක් අපේ තාත්තට....!

    ReplyDelete
  30. හුහ්.. අපි මොනා හරි කිව්වම තමා බටර්.

    ReplyDelete
  31. හහු!- තරහ ගන්න එපා අනේ.. දිය වෙයි..!

    ReplyDelete
  32. මේක පොඩ්ඩක් ගිහින් බලන්න
    ඔයාගේ මේ ලිපියම මෙතනත් තියෙනවා
    http://prabathdammika.blogspot.com/2009/02/blog-post_10.html

    ReplyDelete