Saturday, January 10, 2009

.........

පෝය හද එළි නිවාපන්
තරු රැස් දහරා මැකීයන්
දිවා හිරු රැස් නිවී පලයන්
අදුර විත් ජිවිතයට වැදීයන්

එපා එපා මට ‍‍ආලෝකයන්
කණාමැදි‍රියෝ ඉගිල පලයන්
මේ කුහක ලෝකයෙන්
මාව නොපෙනිම මැකීයන්

වත්සුණු තැළි පිළි ගිලිහි වැටිද්දෙන්
නෙතග සිනහා රැල් මැකෙද්දෙන්
‍වෙලෙන සියල‍්ලෝ ඈත්ව යද්දෙන්
මේ ආත්මය අදුරෙම ගිලිද්දෙන්

කුමට සුවද විහිදෙන පුෂ්පයෝ මට
රන් පත් ඇති සමනළුනි කිම තොපේ පල?
සැගව යන්නට නොහැකි නම් මට
‍මේ විසල් ලෝකයෙන් මොහොතකට ?

ආලෝක ‍දහරා එපා මට
කදුළු වැල් එපා මට
තොපි කවුරුත් එපා මට
අදුර ඇවිදින් වාඩිගන් ලග

මම මැකී යමි අදුරේම
සාප නොකරමි කිසිවකුට
පැටලුනු බැමි ලිහා‍‍ගියොතින්
සැගව යමි අදුරේම
මැකී යමි අදුරේම....

09/1/2009 life sucks! fcuk off u ppl! Damn I dont care abt any of u..! I hate the world..! I dont want to be a part of it! LIFE... GET LOST! you damn shit!

7 comments:

  1. අඳුරේ සැඟ වුනත් අද කලුවරට වෙලා
    මෝහයෙ ඝණ අඳුරු ඇත ඔබෙ මනස වෙලා
    යොමු කොට සවන් බුදු හිමි වෙත පහන් වෙලා
    සැනසුම දැනෙනු ඇත ! සිසිලට හදට ගලා

    ReplyDelete
  2. මෝඩි...!ආයිත් වැරදියට තේරැම්අරන්.
    හිත රිදවපු එකාට තව පාරක් සමාව දීල බලන්න.තවත් ඌ එහෙම කරන එකක් නෑ.
    ඔයා ලියපු එක දැක්කම ඌටත් දුක හිතෙන්න ඇති.....

    ReplyDelete
  3. අක්කට කියන්න දෙයක් තේරෙන්නේ නෑ අක්කේ. මාත් ඔය තත්වෙක ඉන්නේ අක්කේ, අක්කා අදහස් පුදුමාකාර විදිහට ඉදිරිපත් කරලානේ! මගේ වියමනේත් දලා තියෙන්නේ මේ ගැන.

    http://binkulife.blogspot.com/2009/01/blog-post_10.html

    ReplyDelete
  4. වෙද මාමා - ස්තූතියි ‍ඔවදනට... හ්ම්ම් මම දන්නවා.. හොදම පිලියම් වලින් එකක් එතන තියනවා.. එත් මට යන්න විදියක් නෑ..!

    ගැන්-ස්ටාර් - නෑ..දකින්නේ නෑ,..‍

    බිංකු - මමටත් කියන්න දෙයක් නෑ මල්ලි..!

    ReplyDelete
  5. 09/1/2009 life sucks! fcuk off u ppl! Damn I dont care abt any of u..! I hate the world..! I dont want to be a part of it! LIFE... GET LOST! you damn shit!


    :::OUCH::::

    That part hurts... a lot

    ReplyDelete
  6. එපා වෙනව නේද? එක බලාපොරොත්තු නොවෙන මොහොතකදි හැමදේම එපා වෙනවා. ඒ මොහොතින් ගැලවෙන්න අපට බැරි වුණොත් පැත්තකට වෙලා ලෝකෙටම බැන බැන ඉන්න එක හොඳයි ඊට වඩා දරුණු වෙනවට වඩා.

    ReplyDelete