Tuesday, January 6, 2009

නිලා

ජනවාරි පළවෙනිදා පත්තුකරන්න ගෙනත් දීපු නිලා ටික පත්තු කරන්න මතක් වුනේ අදයි. මේ දවස් ටිකේම මොකුත් ලියවුනේ නැති හින්දා හිතුවා නිලා ගැන ‍මොනා හරි ලියලා දාන්න. නැත්නම් සිංහල යතුරු පුවරුවත් අමතක වෙන්න පුළුවන්නේ..

නිලා කියද්දි ඉතිං හැමෝම දන්නවනේ පුංචි ළමයිනේ වැඩියෙන් නිලා වලට කැමති. මමත් නිලා පත්තු කරන්න ගත්තේ පොඩි කාලේ වෙන්න ඕනි. මුලින්ම පත්තු කරපු දවස් නම් මතක නෑ.. හැබැයි ලාවට හරි මතක මධු අවුරුදු නිවාඩුවට එද්දි අපි දෙන්නට සෙල්ලම් කරන්න ලොකූ නිලා කූරු පෙට්ටියකුයි බඹර චක්කයි අරන් එනවා. ලස්සන වුනාට බඹර චක්ක පත්තු කරන්න නම් මම තාමත් ටිකක් විතර බයයි. ඉස්සර නම් තාත්තා අපිව පරණ ගෙදර කණ්ඩිය උඩ වාඩි කරවලා එයා බඹර චක්ක පත්තු කරනවා. ඒවා මිදුල දිගේ දගර ගගහා යනකොට ඒවා දිහා බලන් ඉන්න එක තමයි අපි කලේ. දැන් නම් ඉතිං පරණ ගෙදරත් නෑ මධුත් නෑ බඹර චක්ක තාත්තා පත්තු කරලා දෙන්නෙත් නෑ.. මගේ බලුයි අම්මයි තමයි ඇවිත් මම බඹර චක්ක පත්තු කරනවා බලන් හිටියේ.. ඒත් මේ පාර බඹර චක්ක 5යි ගෙනත් තිබ්බෙත්..


කියන්න බැරි වුනානේ මේ පාර නිලා ලැබුනේ කොහොමද කියලා. පොඩි කාලේ ඉදන් තියන සමහර පුරුදු අපිට ජිවිත කාලේම අමතක කරන්න බැහැනේ. නිලා පත්තු කිරිල්ලත් ඒ වගේ තමයි. ‍අම්මා මට හැම උත්සව කාලෙටම නිලා පෙට්ටියක් අරන් දෙනවා. ඒ පුරුද්ද තාම ගිහිං නෑ.. අම්මට අමතක උනොත් මම හරි එකක් ගෙදර අරන් යනවා. ආසාවට පත්තු කරන්න. මේ නත්තලෙත් ගන්න හැදුවට බෑ කියලා හිතුනා ඒ වෙලාවේ ගන්න. ඉතිං මම නිලා අදහස අතහැරලා ඉන්නකොට මෙන්න බොලේ අම්මා ටවුන් ගියපු වෙලාවක මට නිලා ගෙනත් තියලා. ජනවාරි පළවෙනිදාට පත්තු කරන්න ගෙනත් තිබ්බට මොකද හෙම්බරිස්සාවක් හැදිලා චාස් චූස් වෙලානේ හිටියේ.. ‍අද පොඩ්ඩක් වෙනදට ‍කලින් ගෙදර ආව හින්දා ස්තෝප්පුවේ මේසේ උඩ නිලා පෙට්ටිය තියනවා දැකලා පත්තු කරන්න හිතුවා..4ක් විතර පත්තු කරන කර යනකොට කම්මැලි හිතුනා අප්පා.. ඉතිං නිලා කූර දිගේ කල්පනා සාගරේ දක්වා ගියා...

අපේ ජිවිතත් නිලා කූරු බඹර චක්ක වගේ නේද? මුලින්ම ‍පුංචි පුංචි ගිණි පුපුරු වලින් පටන් අරන් ලස්සන ලස්සන හැඩ මවලා සුස් ගාලා නිවිලා යනවා.. හරියට අපි බඩගාලා දණගාලා නැගිටලා නටන නැටුම් සේරම නටලා මේ ලොකෙන් යන්න යනවා වගේ... අර ශේක්ස්පියර් මැක්බත් නාට්‍යයේ කියන්නේ.. ලෝකය රගමඩලක් අපි එහි දුප්පත් නළුවෝ වෙන්නෙමු කියලා... ඇත්ත තමයි කරන දෙයක් මේ ඉන්න ටික කාලේ විතරයි.. කැමති විදියකට ඉන්න එකයි ඇත්තේ අනිත් අයට වදයක් නොවී..එතනින් එහා පරලොවක් තිබේ නම් එයට වැඩ කටයුතු වගබලා ගැනීම හෝ එතනින් එහා දෙවියන්ගේ තීන්දුවක් බලාපොරොත්තු වෙන අය නම් ඒ වෙනුවෙන් වැඩ කිරීම හෝ තම තමන්ට බාරයි.. කොහොම වුනත් අවසානෙදි වෙන්නේ නිවිලා ගිහිං අතීතෙට එකතු වෙන එක විතරයි.....

11 comments:

  1. Hmm... Eka hari. anthimedi api niwila yanawa. apiwa amathaka wenawa. E bawa danne nathiwa api nahinna yanawa. Shape eke jeewithe gewwa nam ok. ;)

    ReplyDelete
  2. අපේ ජිවිතෙත් හරියට ඒ වගේ තමයි.... මමත් ඔය නිලා වලට හරී ආසයි.... :D
    @Hare
    දන්නේ නැතුව නෙමෙයි මල්ලී ඒ බව දැන දැන සමහරු පිස්සු නටනවානේ.. එලොවටත් නෑ මෙලොවටත් නෑ..

    ReplyDelete
  3. නිලා ගැන මගේ තියෙන හොඳම මතකේ තමා පත්තුවෙල ඉවර උන කහපාටට දිලිසෙන නිලා එකක් අතින් අල්ලපු එක.හරි සනීපයි.
    (ඒ පොඩි කාලේ බීලා වැඩි වෙච්ච වෙලාවක එහෙම නෙමෙයි.)

    ReplyDelete
  4. කොහොම උනත් ඉතින් ගෑහෑනු ලමයී පත්තු කරන්නේ නිලා වගේ ජාති නේ... අපිනම් ඉතින් බට්ටෝ , රතිච්චා , ච්නපටස් වගේ දේවල් තමයී පත්තු කරන්නේ, ඈයී අහස් කුරු... ( ටින් එකක් අස්සට දාලා පත්තුකරපුවම මරු , අහස් කුරු එහෙම පාරවල් දිගේ තමයී )

    එත් දෑන් එවා බෑහෑ , අපි ඉතින් කටුනායකනේ. බට්ටෙක් පත්තු උන්ත් හමුදාවේ අය හිතන්නේ කොටි ගහනවා කියලා... ඉතින් රතිච්චා පත්තුකරලත් ඉවරයී.ඉතින් අපිටත් වෙලා තියෙන්නේ නිලා පත්තු කරන්න තමයී.

    අර බඹර චක්ක අතේ පත්තු කරලා උඩ විසික් කරපුවම හරි ලස්සනට කෑරකි කෑරකි තියනවා. වෙලාවක උත්සහ කරලා බලන්න. අත පුච්චගන්න එපා.

    නිලා කුර වගේ අපිත් නිවෙන්න කලින් සමාජයට ආලොකයක් වෙලා ඉන්න උත්සහ කරන්න ඔනි. එතකොට අවසානයේ සතුටු වෙන්න පුලුවන් වේවි...

    ReplyDelete
  5. හ - ඕකේ නම් ඕකේ

    කාංච් - ඇත්තද? ඔයා නම් ගෙදර නිලා නෙවෙයි කාලතුවක්කු වෙඩිම පත්තු කරනවා ඇති නේද අපේ අයියට.. :p

    ම - හපොයි හරී සනීප ඇති නේද?!$(@$^^

    ප්‍රි- බට්ටෝ? ඇහුවෙත් අදමයි ඒව්වා යුද්දෙදි නේද පාවිච්චි කරන්නේ?:S හපොයි බඹර අතේ තියන් පත්තු කරන්නේ කොහොමද? විකාර කථා කරන්න එපා!
    ඔයා අන්තිමට කිව්ව දේට නම් මමත් එකගයි මල්ලි. :)

    ReplyDelete
  6. @ Priyankara & Malee - Okata kiyanne daarshanika thrushnawa :P kiyala. Samajayata eliyak wenawa. Eth kalekadi niwila yanawamai... Namuth apen samajayata wadak wuna kiyala apata podi aathal ekak danei neda :D

    ReplyDelete
  7. අනේ නෑ මලියෝ මම එචිචර දරුණු නෑ...:P ඔය නිලා තමයි පත්තු කරන්නේ එයාටත් හී හීහී...:D

    ReplyDelete
  8. ඔයා ඈත්තටම බට්ටො වෑලක් දෑකලා නෑද්ද ? , පුදුමයී !
    ඔය උත්සව පටන් ගන්න කලින් පත්තු කරන්නේ.

    ReplyDelete
  9. කෙල්ලෙ බලාගෙනයි අත පිච්චෙයි.ගින්දර එක්ක සෙල්ලම් හොද නෑ....!

    චැප්ටර් ක්ලෝස්.

    ReplyDelete
  10. nila kiwwama matath ithin keewitheta badichcha athdakeem gadai..mage mul nama "Nilanga" ithin mata ape gewal gawa antila uncle la okkoma podi kale kiyanne "nila" kiyala...a kiyanne mama kiri sappaya kaley...demalen nila kiyanne hadata(moon) mama hithanne..ithin ape gewal gawa hitapu eka anti kenek mata katha karanne ..."nila nila odi waa" (tamil walin odi waa kiyanne ikmanata enda kiyala mama hithanne) ithin math duwala yanawa ....onna balapanko ithin nila giya durak...mama nam nila walata wada "babara chakkara walata kamathi" malee dannawane mata kohomath kombu,hakaral, wagey hada walata amuthu ashawak thiyenawa kiyala hik hik

    ReplyDelete
  11. හ -වට් එවර්.....!
    ක - ප්‍රියා දනී අපි නොදනී!
    ප්‍රි - ආ.. ඔය කියන්නේ අර රතිංයා වැල් වගේ තියෙන එව්වාද?(ලියන්න දන්නේ නැතෝ)
    කුඩු- අනේ අයියේ දැන්ද ‍ඔයා බ්ලොග් ලියන්න ගත්තේ අපරාදේ දැන් අපේ ගෙදර කුඩු ලිප් පත්තු කරන්නේ නැහැනේ..නැත්තං අයියගෙන් කුඩු ටිකක් ලාබෙට ගන්න තිබ්බා...
    අත ගැන මම බලාගන්නම් අයියේ...!

    නිලා - අඩේ ඔව් අපිට ස්කොලෙදි දෙමළ කවියක් ඉගැන්නුවා 4 වසරෙදි මට මතක විදියට මෙහෙමයි
    "නිලා නිලා වා..
    නිල්ලාමල් ‍ඔඩි වා
    මල්ලෙයි.....
    මල්ලි කෙප්පු කොණ්ඩුවා"
    කෑවා කෑවා මට හරියට මතක නෑ...
    හපොයි ඔව්..මොකෝ හැකරැල්ලෝ මතක නැත්තේ..
    "පුපුරණ තුරු බෝම්බයක්

    ඌත් මළකුණක් මාත් මළ කුණක්!"

    ReplyDelete