Sunday, January 11, 2009

ඉරිදා

අප්පොච්චියේ... තවත් ඉරිදා දවසක්...ඔන්න උදේම ගෙදර අයට හිතුනා අද ගෙද‍ර‍ වෙනුවෙන් ශ්‍රමදානයක් කරන්න... ඉස්තොප්පුව හෝදන්න කථාව.. වතුරත් එක්කනෙ ‍ගේම... මමත් බෑ නොකියා වැ‍‍‍ඩේට දායකත්වය දුන්නා... මගදි පොඩි විවේකයක් ලැබුනා... ඉස්සරහා තියලා තිබ්බ ලොකු හාන්සි පුටුව මිදුලෙ කොහොඹ යටට ගිහින්.. එතන වැඩි අව්වකුත් නෑ.. මමත් ගිහිං ඈදීගත්තා....සනීපයි... වැඩිය නැතත් ලා හුළගක් හමලා ගියා... අහස තද නිල්පාටක් නැතත් අමුතුම නිල් පාටක් තැනින් තැන ලා පුළුන් වළාකුළු ටිකක් පැතිරිලා... අහසට මෙහායින් කොහෙඹ ගහේ අතු වේලිලා වගේ මේ දවස් වල කොහොඹ ගහේ වැඩිය කොළ නැහැ...‍කාලෙකට මිදුල වැහෙන්නම ‍ගහේ අතු වල කොළ පිරිලා තියනවා වුනාට මේ දවස් වල සමහර අතු වල විතරයි කොළ තියෙන්නේ අනික් අතු පාළු වෙලා...මමත් අනේ හරී සනීපෙට ගහ යටට වෙලා හිටියා...‍සා‍ලේ හෝදන්න පාචිච්චි කරපු විම් වල සුවද නැවුම් ඇපල් සුවදක් ඉතිං මල් සුවදක් නැතුවට ගාණක් නෑ... මෙන්න බොලේ හදිස්සියේම දුවගෙන ආවා එකෙක්...මම දන්න එකෙක්.. හති හලනවා.. කදුළු ‍පුරෝගෙන... මොකද බං... මම ඇහුවා... ම්හ් කථා නෑ.. ඔහේ බලං ඉන්නවා... මාත් බලං හිටියා...
"මචං.."
"මොකෝ" මම ඇහුවා..
"මං යනවා බං යන්න"
"කොහෙද..."
"ආව දිහාටම.."
"ආයේ එනවද?"
"දන්නේ නෑ.."
"මොන මල විකාරයක්ද? එහෙනම් පල..මට වැඩ තියනවා.."

යාළුවා මං දිහා නොබලම යන්න ගියා.. මම ආයෙම තනියම.. අහස දිහා බැලුවා.. අහස හිස්.. කෝ ‍ඉර? හයියෝ ඉර නෑ.. එ‍තකොට හද? හු හු ‍හද කොහෙද අද අමාවකද කොහෙද හයියෝ... මටත් මෝල්....තරු...ඔය තරු පායලා තියෙන්නේ.. සිහින තරුවත් තෝරලා ඉවරයිලු... පැත්තේ කොල්ලෙක්ලු දිනලා තියෙන්නේ.. නෑ.. මම ද දන්නේ නෑ... උඹ කොල්ලෙක් ද බොල...?හානේ නැහැ නේ...චිකේ.. ඒකත් අමතක වුනා... අර මොන්ගලී ඇවිල්ලා මාව කාලාගියානේ... ඔය ආව දෙවෙනි පාරද කොහෙද...ආයේ ආවොත් මම ඔකිට හොද ‍වැඩක් කරපුදෙන්... !

හීනි වතුර පාරක් ඔළුවට ‍උඩින් වැටුනා.. හික් හික්.. මේ එනවා තාත්තේ.. ලාවට නින්ද ගියා... මම නැගිට්ටා... නැගිටිනකොට ළග තිබ්බ ‍පුටුව උඩ රතු පාට පොතක්.. දින පොතක්..මගේ නෙවෙයි.. යාළුවගේ... "මචං මේක බලන්න එපා.. පුච්චලා දාපන් මට එපා..." එකේ මුල් පිටුවේ තිබුනා.. මම අරගෙන ගිහිං ගිණිපෙට්ටිය අතට ගත්තා....අහම්බෙන් පිටුවක් බලන්න මගේ අකීකරු හිත කෑ ගැහුවා.. මම පෙරළුවා... පෙර‍ලගෙන පෙර‍ලගෙන ගියා...අත රිදෙනකම්ම... අහම්බෙන් සටහනක් දැක්කා..

පුංචි පුංචි සත්තු ආලෝකය දිහාට ඇදිලා එන්නේ ආදරේට...ආසාවට...ඒ ආස කරන ආලෝකයම.. ඒ දැල්ලම උන්ව පුච්චලා දානවා කියලා දන්නවා නම් උන් ඒ පැත්තවත් බලන එකක් නෑ...කිලෝමීටර් ගණන් පියාඹ පියාඹ එළිය හොයන්නේ නැතුව ගුල් වලටම වෙලා ඉදීවි..ආදරේ කරන දේවල්.. ආස කරන දේවල් දිහා ඇහැක්වත් ඇර නොබලාවී..ඒත් අනේ උන් මැරෙනවා..ආදරේ නිසා ආලෝකය නිසා..දැන දැනම හෝ නොදැන උන් මැරෙනවා..ඉටි පන්දම් දැල්ල ලග පණ අදින උන්ගෙම ඈයෝ දැක දැක පිච්චිලා අළු වෙලා යන්න ඒ එළිය දිහාටම ඇදෙනවා කාළකණ්නි.

මේ මොනවාද අප්පා මේ.. දින‍පොතක මේවා ලියන්නේ කවුද? ලිව්වත් ඇයි මේවා පුච්චන්නේ.. මම ආයේ පිටුවක් පෙරලන්න හිතුවා.. පෙරලුවා පෙරලුවා...අකුරු හොය හොය පෙරලුවා....ආයෙත් සටහනක්

ඇයි මම මේ තරම් ඇලෙන්නේ..? ඇයි මට පැත්තකට වෙලා ඉන්න බැරි..? ඇයි මම මේ තරම් දුක් විදින්නේ..?එක වරක් වැරදුනා. තව එක සැරයක් දෙසැරයක් තුන් සැරයක්.? කීසැරයක් මම වරද්ද ගන්නද හදන්නේ? ඇයි මට හැම දේම දමාගහලා පැත්තකට වෙලා ඉන්න? ඇයි මම මේ තරම් දුර්වල? ඇයි මම හැමදේම යකාට ගිය දෙන් කියලා හැමදෙනාගෙන්ම ඈත් නොවෙන්නේ..? ඇයි මම දැන දැනම මාව රිද්ද ගන්නේ? ඇයි මම එක කටුවකින් ගැලවෙන්න තව කටුවක් ඇනගන්න හදන්නේ? ඇයි මම මගේ හිත පුරාම බ්‍ල්‍ඩ් එකකින් ඉරි ඇදගන්නේ?මට එහෙම වෙන්න ඕනිද?මේ දුක මම දැන දැනම බදාගන්න හදන්නේ ඇයි..?මේ වදකාර ජිවිතේට තව අය ලං කරගන්න හදන්නේ ඇයි මං?හැමෝගෙන්ම ඈත් වෙන්න ගිහිං අළුත් අය ලං කරගන්න හදන්නේ ඇයි මං? ඇයි මම මේ විකාර කරන්නේ? ඇත්තටම මට පිස්සු

මේ මළහොල්මනට ඇත්තටම පිස්සු මේවා කියවලා අපිටත් පිස්සු හැදෙනවා..!නෑ නෑ.. මම ඉතිං නිකං කියවනවා විතරනේ. ඒකිට මොනා උනත් මට මොකෝ...මම ආයේ කියෙව්වා අළුත් පිටුවක්..

දුකත් දන්නවා
දුකට හේතුවත් දන්නවා
දුක නැති කිරීමේ මාර්ගයත් දන්නවා
ඒත් ඇයි දුක නැති කරගන්නේ
නැත්තේ?
අම්මායි තාත්තයි
මාව බැදලා හිරකරලා
ගල් කරලා
නැත්තං මෙලහට මම
කොහේ හරි...හැමෝගෙන්ම මිදිලා...
ඒත් මේ ලංකාවේ එහෙම ඉන්න
ඉ‍ඩක් නෑ.. හැම තැනම දන්න උන්..
ඇයි හත්වලාවේ මොන මගුලකටද
මම
ඉපදුනේ...?

කියෙව්වනම් දීපල්ලාකෝ උත්තර.. ඇයි ඒකි ඉපදුනේ.. මම දන්නේ කොහොමද.. මම ඉපදුනේ ඇයි කියලා මම දන්නෙත් නෑ...අනිත් වුන් ගැන මොනා කියන්නද...
ඉක්මනට ඉක්මනට කියෝමු මගේ හිත කෑ ගැහුවා...."‍අනේ මචෝ.. පිං සිද්ධ වෙයි කියවන්න එපා..!" පිටුව මැද ලොකුවට ලියලා.. මළ හත්වලාමයි... මම කියවනවා කියලා මේකි කොහොමද දන්නේ.. පව් මොනා උනත් මම කරන්නේ වැරදි වැඩක්... මම ටක් ගාලා ගිණි කූර පත්තු කලා...
මගේ මුණටත් ගින්දර උණුසුම දැණුනා.. ගින්දර අතරින් කෙනෙක් මට හිනා උනා.. .ම‍ගේ යාළුවා... මම එයා අල්ලන්න හැදුවා... ම‍ගේ අත පිච්චුනා...දැන් ඉතිරි අළු විතරයි... අතට බෙහෙත් දැම්මා.. අළු හුළගේ පාවෙලා ගියා..


~~~ නිමි~~~

17 comments:

  1. අක්කමයි කිව්වේ ජිවිතේ ගැන කතාවක් මගේ වියමනේ, කෙනෙක්ට පිස්සු වගේ හිතුනාම අපි කරන්නේ එයාට ඇයට බනින එක මිසක් ගොඩාක් දුරට එයා ඒ තත්ත්වෙට වැටුණු හේතුව දෙස බලන්නේ නෑ. බුදුන් ඉන්න කලක අපි ඉපදෙන්න පින් කරං නැතිව ඇති. මටත් කියා ගන්න දෙයක් නෑ අක්කේ මාත් මේ පීඩාවෙන් විදින නිසාවෙන්.

    ReplyDelete
  2. අනේ මමත් මේ බ්ලොග් එක follow කරන එක නවත්තඤ්ඤං. මටත් පිස්සු හැදෙයි ඔයාට වගේම.

    සටහනේ හැටියට නං ඔයාගෙයි යාළුවගෙයි වෙනසක් නෑ වගේ.

    ReplyDelete
  3. හික් හික්...අක්කගේ පිස්සු මනස තමයි...නියමයි හැබැයි ආ...හික්ස්..මොනා නැතත් පුච්චන්න කලියෙන් ෆොටෝ එකක් ගහල වගේ..( ඒ ඇත්ත දිනපොත නේද?? )

    ReplyDelete
  4. අනේ මන්දා මට හිතාගන්න බෑනේ ....?

    ReplyDelete
  5. No commetns.... habai yaluwa murandui....

    ReplyDelete
  6. හැමෝටම කියන්න තියෙන්නේ මේක නිර්මාණාත්මක රචනයක් පමණි..(කෙටි කථාවක් වගේ ) මගේ අත පිච්චුනෙත් නෑ.. යාළුවෙක් ආවෙත් නෑ..

    මහේෂ් - හික් හික් පොත නම් දිනපොතක් තමයි හැබැයි 2005 එකක්.. ඒකේ තමයි මම ආසම සිංදු ටික තියෙන්නේ..කථාවට ගැලපෙන පිංතූරයක් හොයාගන්න නැතුව කථාවේ කෑල්ලක් ලියලා පිංතූරේ ගත්තා.. අපෝ එක ගිණිතියන්නේ නෑ.. අනික මගේ අකුරු ඔච්චර කැතත් නෑ.. හිකිස්...!

    ReplyDelete
  7. අයියෝ මම හිතුවේ ඇත්ත කියලා... ආයි බොරුවට ලිවුවත් ඒක බොරුවක් කියලා ලියන්න එපා... රසවින්දනය හීන වෙනවා හෙවත් ආතල් කුඩු වෙනවා...

    ReplyDelete
  8. ලස්‌සනයි කතාව!!
    හැබැයි ආගන්තුකයගෙ කතාව නම් සහතික ඇත්ත..!! හික්‌ හික්‌..

    ReplyDelete
  9. අනේ බොල යෝදියේ මම හිතුවේ මේ ඇත්ත සිද්ධියක් කියලනේ.... මට ඉරිසියත් හිතුන මලී කොහොඹ ගහ යට චූන් එකේ ඉන්නව කිව්වම..හික්ස්.....කමක් නෑ, හැබැයී ඕක නොකියා හිටියනම් එළ..!!!

    ReplyDelete
  10. මම හිතන්නෙ හැම තැනම එක එක විදියට ඉදලා තියෙන්නෙ එකම එකෙක්.සමහර විට ඔයාව ඇබ්නෝමල් කරන්න,නැත්නම් ෆන් එකට,නැත්නම් වෙනින් මොකකට හරි.හැබැයි ඔයාටත් වැඩිය හොදට මිනිහා ඔයා ගැන දන්නවා.බුහාහාහා....මේක කියවලා මටත් පිස්සු.

    ReplyDelete
  11. හොද වෙලාවට කොහොබ ගෙඩියක් ඔඩොක්කුවට වෑටුන් නෑත්ට්තේ,
    වෑටුන නම් එහෙම ......

    “මලිගේ නියතය” g = 8.314 වගේ ඈබ්නෝමල් නියතයක් හොයාගනි නේද ?

    මේ... ඔය දිනපොතේ අරයට ලියපු ලියුම් එහෙම ඈති නේද?, එකනේ පුච්චන්න බෑහෑයී කිව්වේ. අපි දන්නවා හොරේ...

    ReplyDelete
  12. දැන් ඔයාලා ආතල් කුඩු වෙනවා කියලා මට බැන්නට ඒක නොකිව්වනම් එහෙම මට බණ කියන්න ගන්නවා..ඔය කයි කතන්දර අහනවට වඩා හොදයි ඇත්ත සිද්ධිය කියලා ශේප් වෙන එක :p

    ප්‍රියා - කොරයට ලියපුවාද? අපි ලියුම් ලියන පරපුරේ අය නෙවෙයිනේ... SMS :p
    ඇත්තම මුල්ම පිටුවේ තියෙන්නේ "ඔබ මා හමුවුණ මේ ඉරහද යට... "
    අන්තිමට ලියලා තියෙන්නේ "කැමීලීයා මල් සුවදට..."

    ReplyDelete
  13. ‍මම නම් උපරිමව වින්දා. අති විශිෂ්ඨයි. දුකාගෙ කෙටිකතාවක් වගේ. ඒ වගේම මලී මම මම සහ මම කියල බස් එකේ සිදුවීම ගැනත් මේ වගේ එකක් ලිව්ව.

    අපි විවිධ සිතිවිලි අතර අපව ප්‍රශ්ණ කරනවා. ඒ අතරෙ තමයි අපි ඉගෙනගන්නෙ. මම හිතන්නෙ මේ මලී තමාවම හොයපු විධියක්. බොහො කලා නිර්මාණ වල ඒ වගේ එකක් තමයි තියෙන්නේ.

    නියමයි මලියෝ. ගොඩක් ලස්සනයි. :)

    ReplyDelete
  14. හපොයි! මාත් හිතුවේ සිරාම කතාවක් කියලා.
    මලී, බලාගෙන ගියාම ඔයත් හොද script writer කෙනෙක් වගේ

    ReplyDelete
  15. මේක ඔයාගෙ දිනපොත නේද ?
    කියවද්දිම මට එහෙම හිතුණා..

    ReplyDelete
  16. I want to tell you, I know a website sell the gaia gold, and in this website all gaia online gold is very cheap, there had many customer, if you want to buy gaia gold, I suggest you to come here then to buy the cheap gaia gold.

    ReplyDelete