Thursday, December 31, 2009

අවසන් ලියමන


හදිසියෙන් උනත් මේ ලිපිය නොලියා බෑ... මොකද මේ තමයි 2009 වසර වෙනුවෙන් ලියවෙන අවසන් සටහන...

මගේ ‍පැත්තෙන් බලද්දි නම් 2009 කියන්නේ කථා කරලා වැඩක් නැති පට්ටම පට්ට චාටර් චකබ්ලාස් අවුරුද්දක්.. අත තිබ්බ තිබ්බ වැඩේ බකස් වුනා කිව්වොත් මං වැරදි නෑ.. හැබැයි තාමත් මං විශ්වාස කරනවා හැම මොහොතක්ම අළුත් මොහොතක් කියලා.. ඉතිං මං වගේ කෙනෙකුට අළුත් අවුරුද්දක් ලබනවා කියන්නේ අළුත් වෙන්න හොද අවස්ථාවක්.. ඉතිං මේ ලබන අවුරුද්දට පෙර තියන මගේ ජරාම ජරා 2009 වසරට සමුදෙන ලිපිය..

මොනවා කොහොම උනත් මගේ ආදරණීය බ්ලොග් එක.. මගේ හැම විකාරයක්ම දරාගෙන හිටියා අවුරුද්දක් පුරාවටම.. හිතේ ඇතිවුනු දුක.. තරහා.. සතුට.. ඇතුළු හැම හැගීමක්ම මගේ දිනපොත වගේ දරාගත්තේ මගේ ආදරණීය බ්ලොග් එක.. ඉතිං මේ වෙලාවේ එයාට ස්තූතී නොකර කොහොමද ඒ වෙනුවෙන් මයි මේක ලියන්නේ..

මම ආසම සිංදු වලින් එකක් තමයි හෙට අළුත් අළුයමක්.. ඉතිං හැමෝටම කියන්න තියෙන්නේ හෙට අළුත් අළුයමක් වෙන කවරදාකටත් වඩා... ඉතිං ඒ අළුත් අළුයමේ අළුතින් ජිවිතය පටන් ගමු.. අළුතින් හිතලා.. හැම මොහොතක්ම උපරිමයෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට..

මේ ‍පිස්සු බ්ලොග් ලිපි අමාරුවෙන් උනත් කියවපු ‍හැමෝටමයි..නොකියවපු හැමෝටමයි... ලියපු මටයි මගේ යාළුවා නෑෂ් ටයි.. එතකොට හෙඩර් ‍එ‍හෙම හදලා දීලා සරසපු
ටයි ලිෂ්ටයි අතුළු එකී මෙකී නොකී හැමෝටමයි.. මගේ ආදරණීය බ්ලොග් එකටයි සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!! :D

20 comments:

  1. සුබ අළුත් අවුරුද්දක් නංගියේ !!!!

    ReplyDelete
  2. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  3. සතුට සෞභාගය සපීරී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! පවුලේ හෑමෝටමත් එක්ක ...

    ReplyDelete
  4. නව වසරට මගෙනුත් සුබාසිරි

    ReplyDelete
  5. හප්පේ නගේ උඹත් කරන වැඩ . . අවසන් ලියන්මන කියල දැක්ක ගමන් බඩ පපුව හෝස් ගාල ගියා මොකෑ මේ කෙල්ලට වුනේ කියලා . . අවසන් ලියුමක් ලියල නරකක් නපුරක් වත් කොරගන්ට තනනවදෝ කියලා . . .හික් හික් . .

    උඹටත් සුභ අළුත් අවුරුද්දක් නගේ . .. .

    ReplyDelete
  6. මටත් හික් ගෑවුණා අවසන් ලියමන කියල දැකපු හැටියෙ.
    කොහොමින් කොහොම හරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. සිතේ තෙරපෙන පිස්සු අදහස්, රසවත් අදහස් ,දුක් දෝමනස්ස, ජීවන ගමනේ කඩඉම් blog එකේ අකුරු කරන්න නව වසරේත් යතුරු පුවරුව ඔබට මිතුරු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  8. අවසන් ලියමන කිව්ව ගමං මගේ ඇඟ සීතල වුණාද කෙහේද!

    ඇති යාත්තං එහෙම දෙයක් ගෑවීලාවත් නෑ.

    අක්කීයටත් සුභම සුභ නව වසරක් වේවා කියලා පතනවා!!!

    ReplyDelete
  9. සුභ නව වසරක්!!!!
    තම මාව නම් කැරකෙනවා වගේ.....

    ReplyDelete
  10. All the best and thanks for your blog.

    I learn a few things from your Abnormal Mind in 2009!!!

    ReplyDelete
  11. අවසන් ලියුම කියල කිව්වම මම හිතුව මොකක් හරි අලකලංචියක් වත් කොරගෙනද දන්නේ නෑ කියලා...,
    බලනකොට මේක 2009 ට ලියන අවසාන ලියුම ලු..,
    ( නිකං බඩ පපුව රත් කොරන්න එපා සහෝදරී )

    ඒකමිසක්කා..,

    එහෙනං සහෝදරී ඔබ තුමීටත් ඔබතුමී හා සම්බන්ධවෙලා ඉන්න සියල්ලටම ත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. අර්ථයක් ම සිද්ධවේවා කියා පතනවා.

    ReplyDelete
  12. නව වසරට සිතූගෙනුත් මලීට සුභ පැතුම්!!!

    ReplyDelete
  13. 2009යේ අවසාන සටහන වෙනුවෙන් 2010 ට සුභ පතපු ඔයාලා හැමදෙනාටම බොහෝම ස්තූතියි...

    බයවෙන්න එපා.. මම ජිවතුන් අතර ඉන්නකම්.. මට ඔන්ලයින් එන්න පුළුවන් තාක් කාලයක් ‍බ්ලොග් එක ලියවෙයි.. මම මළත් මං වෙනුවෙන් මගේ යාළුවවත් ලියයි කියලා විශ්වාස කරනවා... :)

    2010 සුභ අළුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
  14. අක්කටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  15. 2010 සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා..!!!

    ReplyDelete
  17. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  18. බය කොරන්න එපා මලී අක්කෙ... මම හිතුව ආයෙත් ලියන්නෙ නෑ තමයි කියල. කොහොම වුනත් ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  19. හික් හික්.. හදාගත්ත පැල දාලා කොහේ යන්නද බොලව්!!

    ReplyDelete