Friday, December 25, 2009

මගේ හුදකලා නත්තල් දවස

අද හරිම නිස්කලංකයි..කවුරුවත් නෑ.. වත්තේ කොහේ හරි ගහක ලේනෙක් එක්ක පොඩි කුරුල්ලෙක් එකතු වෙලා ගීතිකාවක් කියනවද කොහෙද.. සැරින් සැරේ හුළඟක් මුණු මුණු ගාගෙන යනවා.. ඒ ඇරෙන්න කිසිම හඩක් නෑ.. බයි ඩිංගක් කාලා බඩ පිරිලා ගිරා පැටිත් සද්දයක් නෑ.. බලු බබාගෙත් බඩ පිරිලා හින්දා එයත් ‍දවල් පොඩි නින්දක් දාලා.. අද නත්තල් කියලා එයාලට කිසිම ගාණක් නැති හැටි.. උදේ නත්තල් ගහ සරසද්දි නම් පැටී ඇවිත් වටේ කැරකි කැරකි ඉදලා ලස්සන බලලා ගියා.. එයින් පස්සේ කිසිම දෙයක් නෑ.. එයාලා එයාලගේ ලෝක වල.. මම මගේ වැඩක.. හරිම නිහඩයි.. පාලුයි.. කතාකරන්නවත් කෙනෙක් නෑ... කම්පියුටරේට ඔළුව ඔබාගෙන ඉන්නවා මිසක් වෙන මොනා කරන්නද?
මනුස්සයෙක් මේ ලෝකේ සහොදරයෙක් සහොදරියෙක් නැතිව ඉපදෙන එක කොයි තරම් දුකක්ද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.. අඩුම ගානේ හිටියා නම් කථා කරන්න බැරි නම් රණ්ඩුවක් අල්ලං හි‍නා වෙන්නවත් තිබ්බනේ..
අද නත්තල් තියන ගෙවල් වල නෑ‍දෑයෝ පිරිලා ඇති.. ලස්සන ඇදුම් අදලා.. සමහර විට පවුලේ අය සේරම එකතු වෙන එකම දවසත් අද වෙන්න ඇති.. හරියට සිංහල අවුරුද්ද වගේ.. සිංහල අවුරුද්ද අපිට විතරයි උනාට අද මුළු ලෝකෙම ගෙවල් වල ජේසු උපත සමරනවා ඇති..ඒකට දුප්පත් පෝසත් බේදයක් නැහැනේ.. හැමෝම පුළුපුළුවන් විදියට මොනා හරි දෙයක් කරනවා ඇති... උත්සව කොයි තරම් ලස්සනද.. ලොකු අයට කෙසේ වෙතත් පොඩි අයට.. රස රස කෑම ජාති.. ඇදුම් පැළදුම්.. තෑගි.. සෙල්ලම් බඩු..
ඔය අතරේ නත්තල් සමරන්න තියා අද නත්තල ද කියලා නොදන්න මිනිස්සුත් ඇති..එහෙම නැත්තං නත්තල් දවස කියලා දැන දැනත් සමරන්න අකමැති අයත් ඇති.. ඒ වගේම සමරන්න ඕනි උනත් සමරන්න තව කෙනෙක් නැතිව තනියම ඉන්න අයත් ඇති.. ඒ කොහොම උනත් හැමෝටම අද තවත් එක දවසක්...
හැමෝටම සුභ නත්තලක්....!!


17 comments:

  1. අනේ, උඹ එහෙම කිව්වාම මටත් දුක හිතුනා.. උඹ ඉතිං මගේ චුච්චං නංගි නොවැ....

    මගේ කකුලේ දනහිස ගාවට එනකල් ලොකු ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමයක් දාලා.. කිහිලි කරු වලින් ඇවිදින්නේ.. ඒත් මට අද ඉන්වයිට් කලා දවල් කෑමට, උගන්ඩාවේ ඉදලා ආපු යාළුවෙක්.. එයා කැතලික් එක්කෙනෙක්.. මම අමාරුවෙන් හරි යන්න ඕනේ, එයාගේ නත්තල සමරන්න... නැත්නම් එයාට දුක හිතෙයි.. උඹව මතක් කරං කන්නංකෝ.. වයිනුත් තියේවි.. මාත් බෝතලයක් ගත්තා ගෙනියන්න..

    ඔයා හොදටම නිදා ගන්න... එතකොට පාළු හිතෙන්නේ නෑ...

    ReplyDelete
  2. අනේ පවුනේ ඌ

    /නිශාන්ත

    ReplyDelete
  3. me 2 im along nobody but i have some philiphine friendsla tikak night ekata setwemu...

    ReplyDelete
  4. Chanaka - ඔච්චරම පව් නෑ මං හිතන්නේ..

    Pissa - හප්පා.. මේ අවුරුදු කටේ මොනාද බං කරගත්තේ.. හෆොයි..!! මොන අඩව්වක් අල්ලලද කකුල කඩා ගත්තේ.. ගෙම්බි..!!!

    නිදාගත්තා අද උදේ පැය 4ක් විතර.

    Nishantha- ඌ කිව්වේ අපේ බල්ලා ද?

    Rohan - at least u have them with u.. So enjoy ur party dude

    ReplyDelete
  5. මොකා 'ගෙම්බි'
    හෙ හේ.. නොදෝකින්... උඹ ඒපාර මට ලිංග විපර්‍යාසයක් කරාද? හත්දෙයියනේ කාලෙකින් වැඩ නොගත්තට ඒක පුරුෂ ලිංගයක් නොවැ... නොදෝකින් තෝ නම්....

    මං පස්සේ විස්තරේ කියන්නම්.. මේක මගේ තියෙන දාංගලේට වුනු දෙයක් නෙමෙයි.. මේක මේ ඉස්සර කේස් එකක්.. කොහොම උනත් දැන් යන්නේ කිහිලි කරුවෙන්...

    ReplyDelete
  6. පිස්සා- හුටාස්.. අනේ සමා අවසර අයියණ්ඩි.. පොඩී ප්‍රින්ටින් මිස්ටේක් එකක්..!! ගෙම්බි නෙවෙයි ගෙම්බා ගෙම්බා.. හනේ සමාවෙන්න..!!!
    හපොයි කොහොම උනත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! මොකෝ කෙණ්ඩ පෙරලෙන සීන් එකක් වත් ද??? :-/
    මේ ගෙම්බෝ සොරි හොදේ..!!!

    ReplyDelete
  7. නත්තල කොහොමත් තියෙන්නේ අපේ හිත්වලනේ ! , සතුටුයී ඔයා තනීයම හරී නත්තල සෑමරුවට !

    ඔයාටත් , පවුලේ හෑමොටමත් සුබ නත්තලක් වේවා !

    ReplyDelete
  8. හපෝ ඔව් අක්කේ.මරාගන්න විකාගන්න මොකෙක්වත් නැති එකනං මාර කරුමයක් තමයි.හිටපු එකත් මැරිලා ගිහින්ලුනේ.මගේ ග්‍රහයෝ බල වැඩියිලු උගේ එව්වුවට වඩා.රෙද්ද!

    ReplyDelete
  9. මෙවර නත්තල සමරන්නේ ලංකාවේ සැමරුවාට වඩා අපේම මිනිස්සු එක්ක එකතු නොවී වුණත් මෙහී සමරද්දී අපිත් ඉතිං සමරනවා හැකි හැකි විදිහට.

    ඒ වුණාට මෙවර නත්තල් ගහක් සරසවන්න බැරි වුණා.

    ඔබටත් සුභ නත්තලක් අක්කේ.

    ReplyDelete
  10. ඔබටත් සුභ නත්තලක් නංගියේ,,,,,

    ReplyDelete
  11. මේ තියෙන කලබලේට වඩා මලී හිතේ තියෙන නිස්කාංසුව මට හරිම සනීපයි.
    ඔයාටත් සුභ ම සුභ නත්තලක් පතනවා...!

    ReplyDelete
  12. Priyankara - ඇත්ත ඇත්ත.. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුභ නත්තලක්..!

    Muchalinda- අනේ අපොයි ඔයත් මගේ බෝට්ටුවේ එක්කෙනෙක් ද? දුක තමයි මල්ලියේ මොනා කරන්නද? ලබා උපන් හැටි තමා.. මේ ආත්මෙවත් පිං කරමු ලබන ආත්මේ මොකෙක් එක්ක හරි ඉපදෙන්න.

    Binku- කමක් නෑ බිංකුවෝ තව නත්තල් තියනවානේ ඉස්සරහට.. සුභ නත්තලක් මල්ලියේ..

    Nuwan - සුභ නත්තලක් අයියේ.

    LishWish- ඇත්ත.. මේ නිහඩ බව හරි සනීපයි.. ඔයාටත් සුභ නත්තලක් අයියේ..

    ReplyDelete
  13. හනේ...! එන්න එපැයි අපේ පැත්තේ.ඔය කිවුවට අපි නත්තල් සැමරුවෙත් නෑ.ඔයාටත් සුභම සුභ නත්තලක් වේවා නංගෝ..!

    ReplyDelete
  14. ෆා - අනේ ඔය පැත්තේ එන්න නම් අම්බානෙකට ආසයි.. එක්ක එන්නේ නැති එකනේ අවුල..:((

    ReplyDelete
  15. සමාවෙන්න මලියෙ පොඩ්ඩක් පරක්කු උනාට.

    "උදේ නත්තල් ගහ සරසද්දි නම්..."
    හානේ මමත් පොඩිකාලෙ ඉඳන් වෙසක් එකට කූඩු හදනවා, ඒ වගේ ඔයාලා නත්තලට නත්තල් ගස් හදනවා නේද? හරිම සන්තෝෂයි! :D

    තව දෙයක්. අපි කතොලිකයො තමයි, හැබැයි අපි සිංහල කතෝලිකයොනෙ. ඉතිං සිංහල අලුත් අවුරුද්දත් අපි ඕගොල්ලො වගේම සමරනවා. ඉතිං පවුලෙ හැමෝම නත්තලෙදී සිංහල අවුරුද්දෙදී දෙකේදිම එකතු වෙනවා.

    ඔය පාළුව තව ටික දවසකින් මැකෙයි නොවැ එක්කෙනා දෙන්නා තුන්දෙනා වෙච්ච දවසක... ;) එහෙම හිතලා සන්තෝස වෙන්න.. :D

    එහෙනම් ඔන්න ඔයාටක් සුභම සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  16. "මනුස්සයෙක් මේ ලෝකේ සහොදරයෙක් සහොදරියෙක් නැතිව ඉපදෙන එක කොයි තරම් දුකක්ද කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට."
    හෆොයි නංගා මමත් ඔය දේ නම් අත්විඳිනවා. ඒත් ඒක එක්තරා සැපක්ද මංදා!

    ReplyDelete