කාලෙකට පස්සේ අද ටිකක් දුර ගමනක් ගියා.. මං ගියා මාතර.. මාතර කිව්වට දික්වැල්ල පැත්තට.. තරමක් පුංචි කාලේ මටයි මගේ හොදම නෑදෑයා අක්කාටයි තිබ්බ ඉටුනොවුනු පොදු හීනෙක අන්තිම සමුගැන්ම කරලා එන්න.. මම දන්නේ නැහැ මම කවදද හීන දකින්න පටන් ගත්තේ කියලා.. මං හිතන්නේ ගොඩක් පොඩි කාලේ.. ඒක පුරුදු වෙන්න ඇත්තේ තනියම හැදුනු නිසා පාළුව නැති කරගන්න වෙන්න ඇති.. ලොකු වෙනකොට මඟ ඇරිලා නොගිය එක පුරුද්දක් විදියට හීනත් තාම මාත් එක්ක ඉන්නවා.. ඒවා ඇත්ත වෙනවද නැද්ද කියන එක මට වැදගත් නෑ.. ඒත් ඒ හිතිවිලි මගේ හිතට එන වෙලාවට මගේ හිත සතුටු වීම විතරයි මට ඕන කරන්නේ.. ඒක වෙන නිසා මම අදටත් හීන වලට ආදරෙයි.. පැන්නා පැන්නා පටන් ගන්නකොටම පැන්නා පාරෙන් පිට.. පැහැදිලිව මේකයි අපේ පොදු හීනය වෙලා තිබ්බේ.. මගේ අක්කාගේ තාත්තාගේ උපන් ගම දික්වැල්ල..මගේ නොම්මර එකේ මතකය නිවැරදි නම් දික්වැල්ල තමයි.. හුම්මානේ තියෙන්නේ අන්න ඒ කිට්ටුව..ඉතිං එයාගේ මහගෙදර තියෙන්නේ එහේ.. දැන් එහේ කවුරුවත් නෑ.. ඒ ඉඩම ටිකක් ලොකුයි.. එක පැත්තකින් මායිම් වෙන්නේ තාමත් වගා කරන කුඹුරකට අනිත් එක පැත්තක් ප්‍රධාන පාරට.. ඉතිං අපි දෙන්නට ලොකු ආසවක් තිබ්බා එතන නිවාඩු නිකේතනයක් දාන්න.. මොකද හුම්මානේ එහෙමත් තියන නිසා සංචාරක ආකර්ෂණයත් තියනවානේ.. හැබැයි ඒක අපේ අච්චාරුසාකච්චා අතරේ කෙරුනු තවත් එක් කතාවක් වෙලා අතීතෙට ගිහිං.. අද ඒ ඉඩම සම්පූර්ණයෙන්ම වෙන කෙනෙකුට විකිණුවා.. ඉතිං පුංචි ළමයි දෙන්නෙක් දැකපු හීනයක් අදින් කෙලවර උනා.. අක්කට නම් දැන් ඒ ගැන මතකද දන්නේ නැහැ ඒත් මට මතකයි..ඒකයි එයා වෙනුවෙන් මං අපේ හීනෙට සමුදෙන්න ගියේ..
අපේ අම්මයි තාත්තයි නැන්දයි මාමයි සේරම අපි 5දෙනා තමා ගියේ.. පාන්දර 4.30 ට නැගිට්ටේ සෑහෙන්න කාලෙකින්.. ඉර වත් නැගිටලා නෑ.. ඒත් මම යනගමන් දිගටම ඉර දිහා බලන් ගියා.. ඉර පායන වෙලාව කොයි තරම් ලස්සනද? ඒත් මං කවදාවත් ඒක දකින්නේ නැහැ නේ.. ඉතිං අද මට හරිම නැවුම් විදියට ඇරඹුණු දවසක්.. යමින් ගමන් අපි ගියා මාතර ලයිට්හවුස් එක බලන්න.. එතන හරි ලස්සනයි ටික වෙලාවක් ඉන්න.. වැඩි සද්ද බද්ද මොකුත් නැහැ නේ.. අපිත් ටිකක් වෙලා ඉදලා එහෙමම ගියා දික්වැල්ලට.. එහේ වැඩ ටික ඉවර කරලා ගියා අර කලින් ඉඩම ගත්ත කෙනාගේ ගෙදරට.. එයා ඉන්න මුහුද පැත්තේ.. කොටින්ම ගේ ළගට මුහුදේ සද්දේ ඇහෙනවා.. ඒත් දවල් වැඩි නිසා මුහුදට යන්න නම් බැරි උනා.. කොහොම හරි අද ඒ ගෙදර අය වැඩිහිටි නිවාසෙකට දානයක් දීලා.. අපිටත් කාලා යන්න ඉන්න කිව්වා.. දානෙට හදලා තිබ්බේ ඉඳිආප්පයි.. මාළු කිරි හොදියි..කට්ට සම්බෝලයි පරිප්පුයි.. පිස්සු හැදෙයි කිව්වලු.. මැනස් පැත්තකින් තියලා අඩුම ගානේ ඉදිආප්ප 25 ක් වත් මම නම් කෑවා.. ඒ අස්සේ ඒ ගෙදර හිටිය නැන්දා කෙනෙක් මාළු ඔළු හොදි පිගානක් ගෙනැල්ලා පොඩි එකා වෙච්චි මගේ පිඟානටම බෙදුවා.. එපා කියන්න යැයි... සා.... ඒකේ රස....!! අම්මපා ගෙදර හිටියා නම් කටු ටික වත් ඉතිරි කරන්නේ නැහැ.. කොහොම උනත් දානේ දීපු ඒ ගෙදර අයට මට ඒ වගේ රස කෑම වේලක් ලබා දුන්නට පින ඩබල් වෙලා ලැබෙන්න ඕනි.. මොකද උදේටත් හරියට කාලා හිටියේ නැහැ නේ මම... එයින් පස්සේ ඉතිං ආයෙමත් ගෙදර බලා ගමන් ඇරඹුවා.. මං හිතුවට වඩා මාතර මුහුදු වෙරළ ලස්සනයි නේ... ආයේ දවසක නිදහසේ ගිහිං එන්න ඕනි..
යකෝ බුදු කෑමක්නේ කාලා තියෙන්නේ... අනේ මලී අපෙත් දානයක් තියෙනවා ලබන අවුරුද්දේ.. එන්න බැරිද මේ පැත්තේ ? සාංගික දාන දෙනවට වඩා මහාඵල මහානිසංස දෙනව වගේ මලීයට කෑම වේලක් දුන්න නම්... :D :D (joke honde?)
ReplyDeleteඅපරාදේ මලී නගෝ .ඔයා අපේ ගෙවල් ගාවටම ඇවිත් ගිහින්. මාතර අය උයන දේ රසයි. මාලු ඇඹුල්තියල් කෑවෙ නැද්ද.
ReplyDeleteඅඩේ, කටට කෙළ උනන කෑම ගැන දාන්න එපා. මට ඉන්න බැරි වෙනවා මෙහේ, ඒවා මතක් උනාම...
ReplyDeleteඅළුත් මුහුදු මාළු කෑල්ලක් දැක්කේ නෑ කාලෙකින්...... මෙහේ කොහෙන්ද මූදු මාළු... කමක් නෑ, ඔයා හරි කෑවනේ...ඒ ඇති..
මොනව වුනත් මාතරින් හොඳට කාල නම් තියෙනව වගේ නේ......
ReplyDeleteආහ් මෙන්න මෙයා ඇවිඳින්. මම තව කෙනෙකුට අද උදේ කියලාත් තිබුනේ ඔයාව හොයන්න කියලා.
ReplyDeleteඔහොම යන එන ගමන් කීවම ජේ හිතෙනවා කියලා තේරෙන්නෙ නැද්ද ගෙම්බෝ? (හැබැයි එක සතුටක් තියෙනවා ඔයා කාලා තියෙන්නෙ මං කන්න අකැමැතිම කෑම. මට ඉඳි ආප්ප කීවම කිසිම රහක් නැති පාන් පිටි ගොඩක් මතක් වෙන්නේ. ඒක හින්දා වැඩි තරහක් නෑ. ( ඒ උනාට ඔයා මාළු ඇඹුල් තියල් හෙම කාලා තිබුනා නම් ගමේ එළවළු එක්ක හිතාගත්ත හැකි නේද? මේක කියවනකොටයි මතක් උනේ මම දන්න කෙනෙක් උන්නා ඒ කාලෙ අවුරුදු 25 කට වගේ එහා තිස්සමහාරාම කියල ගමක. එයා ඉස්සර අපිව බලන්න එනකොට හදන් එනවා මාළු පැටව් වලින් ඇඹුල් තියල්. තාමත් ඒක මතක් වෙනකොට රැවුල පිහෙනවා. ( මේක හරිද මන්දා ඒත් මං මේ රස ගැන කතා කරද්දි යොදන මෙහේ කියමනක් සිංහලට ගත්තේ ) අද තව වෙනකනුත් ඒ වගේ කෑමක් කාල නෑ. මමයි අක්කයි එක පාරක් තිස්ස ටවුන් එක පුරා රවුම් ගැහුවා එයාව හොයාගන්නත්. දන්න තරමින් එයාට ඉස්සර කෑම කඩයක් තිබ්බා පූජා නගරේ. ඒත් තවම හොයා ගන්න බැරි උනා.
(කොහොම හරි මලී ගෙ බ්ලොග් කෙරුවාව බොහොම හෙමින් යන එක ගැන දුකෙන් තමයි මම ඉන්නේ මේ ටිකේ. ඒත් නැතුවම යනවාට වඩා මෙහෙම හරි එන එක නම් හොඳයි නඟෝ )
ඔයා දන්නවද අක්කේ මගේ හීනය මොකක්ද කියලා ? , සමහර විට එක පොදු සිහිනයක් වෙන්නත් පුලුවන් ! , ඒ තමයී ඔයාගේ ඉස්කොලේ කාලේ ගෑන ඔයා ඉතිරී බ්ලොග් එක ලියන දවස එනකන් බලාගෙන ඉන්න එක :D
ReplyDeleteහුම්මානෙ තියෙන්නෙ කුඩාවැල්ලෙ මටත් ටිකක් මතක හිටින පැත්තක්. මරු සටහන.. ඉඳලා හිටලාවත් ලියන එක මදැයි..
ReplyDeleteහෆොයි, අක්ක මාතරටත් ආවද? විනාසයි! :P
ReplyDeleteඑනිවේ, ඉඳි ආප්ප 25 කන එක මැනස් වලට විරුද්දැ? ඕං නොකා හිටියොත් තමා හොඳ නැත්තෙ!
ෆාාාාා!! මුහුදු වෙරළ. සුනාමියෙන් පස්සේ යන්නම බැරි උන තැනක්. නියම ට්‍රිපක් නේ ගිහින් තියෙන්නේ.
ReplyDeleteසිහින බිඳීයෑම දුකක්. ඉඩම් විකිණීමට වීමත් ඒ වගෙමයි.
ReplyDeleteඅපේ තාත්තලා ගත්තට අපිට නං ඔය ලොකු ඉඩම් ගැනීම බොරු.
ක.කා.
උදාර - අනේ දෙන්න අම්මපා පිං සිද්ධ වෙනවා.. ඔයා රජරටනේ. ම්ම්ම් බලමු.. මෙන්න මෙනු එක.. මට ඕනි.. අළුත් හාල් බතුයි පොල් සම්බෝලයි වැව් මාළු මිරිසටයි පපඩනුයි මිරිස් බැදලයි.. හදලා තියනවාද?
ReplyDeleteවත්- අයියෝ.. අපරාදේ එහෙමද? කවුද ඉතිං ඕවා දන්නේ.. ඇඹුල් තියල් එහෙදි නම් කෑවේ නැහැ. මඟදි අරන් ඇවිත් ගෙරදි හැදුවා.. අද කන්නේ මාළු ඇඹුල් තියල් තමා.
පිස්සා - මාළු නැද්ද? පව් වැඩේ.. මම නම් කෑවේ අළුත් ම අළුත් මාළු.. කෙල ගිල්ලත් කමක් නෑ දැන් මං කාලා ඉවරයිනේ.. හිකිස්..!
කෝඩ් - ආයෙත් අහලා.. නැතුව..!!
මොන්දෝ- මළා.. දැන් අපේ ගෙදර සුදු වැන් එයිද මංදා මාව හොයාගෙන.. ඉඳිආප්ප කන්න ඕනි හොද හොද්දක් එක්ක හැලයෝ.. කොහෙද පින නෑ.. මං වගේ ඉදිආප්ප රසි කාවියක් වෙන්න.. හූ හූ.. මං අද මාළු ඇඹුල් තියල් කනවෝ.. තව මීකිරිත් කෑවා.. හූ හූ...රැවුල? හික් හික්.. ඔහේ එහෙම කියනවා ඇත්තේ රස කෑම කනකොට පෙරේතයෝ වගේ කනකොට රැවුලේ ගෑවෙන නිසා වෙන්න ඇති නේද? හික් හික්..
ප්‍රියංකර - සු...!! හපෝ.. ඉක්මනට ලියන්නම්.. හදිස්සියෙවත් ඔයා මලොත් එහෙම මගේ පස්සෙන් එයි කෝ ඉස්කෝලේ මොකෝ උනේ කිය කිය.. ලියන්නම් ලියන්නම්..
ආගන්තුකයා - අන්න ඒහේ තමා.. ඉදලා හිටලා හරි දැන් 199 ක්ම ලියලා තියෙන්නේ.. ඔය මදෑ නැද්ද?
බුධා - ඇයි මොකෝ ආ.. ආ.. ඇයි මාතර ගගේ කිඹුලිගේ පැටියා ඔයාද? ආන්න එකනේ නේද මල්ලි.. දෙන තැනින් හොදට කන්න ඕනි නැද්ද? එතකොට කන එකාටත් සතුටුයි දෙන එකාටත් සතුටුයි.. නොදෙන තැනින් නොකා හිටියම හරි.
ෆා - :0 හත්වලාමයි.. සුනාමි ආව් කොයි කාලෙද කෙල්ලේ? හපෝ.. ඔයා එන්න මෙහේ මං හැමදාම එක්ක යන්නම් වෙරළට.. කොහොමත් ඔය බදුල්ල පැත්තේ අයට මුහුද නැහැනේ නේද?
කතන්දර - අපේ තාත්තටයි මටයි දෙන්නටම තියෙන්නේ අපි දැනට ඉන්න ඉඩම විතරයි.. අපි දෙන්නට නම් ඒක විතරක් ඇති.
@malee_msg: එහෙම ඕන ඕන විදියට මාතර එන්න බෑ, හරිද? අපෙං පර්මිසොං ගන්නෝනෑ!
ReplyDeleteසිරාවට, කොහෙද අක්කගෙ ගම?
pissu hedei... kate depaththenma kela wekkerenawa :D
ReplyDeleteLankaawara aaapu gaman denna one hoda gemak thiyena okkoma jaathi walata :D
කොහේද මෙයා බ්ලොග් පෝස්ට් දාන්නෙ ගිහින් ආවහමනේ, යන්න කලින් නිකන්වත් කියන්න එපා.
ReplyDeleteඅපේ ඒරියා එක පහු කරල තමයි ගිහින් තියෙන්නෙ (ගාල්ල). කොහොමද දකුණෙ කෑම. මල් 7යි නේ.
ආ අපේ ගමත් පහු කරගෙනනේ ගිහින් තියෙන්නෙ. දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරී නුත් දකින්න ඇතිනේ.
ReplyDeleteඉඳි ආප්ප 25ද කෑවෙ. අයියෝ වැඩක් නෑ. මම නම් 35කට මෙහා අත අරින්නෙ නෑ.
බුධාජීව - ගන්නෝ නෑ කියලා නේද කිව්වේ.. ඒකනේ ගත්තේ නැත්තේ :පී
ReplyDeleteඅපි ඉතිං කළු ගං පුරවරයෙන් කොළඹ දිසාවට පාණදුර පුරයෙන් දකුණු දිසාවට වෙන්න ජිවත් වෙන උදැවියනේ මලයෝ..
ග්‍රේ - නියමයි... තනියෙන් බෑ වගේ නම් අපිටත් පොඩි සිග්නල් එකක් දෙන්නකෝ... හික් හික්..
තිරය- එහෙම තමයි ඉතිං යනවා කියලා මාත් දන්නේ කලින් දවසේ රෑ..
කිව්වේ නැත්තේ ඉතිං ඔයාලා නිකං කරදර වෙනවනේ අනේ.. පිළිගැනීම් උත්සව.. අනම් මනං වලට මම කැමතිම නැහැ නේ.. ඒකයි.. බුහාහාහා...
මල් 7යි නෙවෙයි 14 යි අප්පා....
සුසිත - අපොයි ඔව් දැක්කා දැක්කා..අපි නොදන්න ගාල්ල..
එවා රතුකැකුළු ඉදි ආප්ප වැඩිය කන්න බැහැ නේ අනේ..
"අපි ඉතිං කළු ගං පුරවරයෙන් කොළඹ දිසාවට පාණදුර පුරයෙන් දකුණු දිසාවට වෙන්න ජිවත් වෙන උදැවියනේ මලයෝ.." - මේ කියන විදිහට නම් මලී අක්ක ඉන්න ඕනෙ වාද්දුවෙ නේද?
ReplyDeleteඅර මම අහපු පොත කියවල ඉවරද?
ඔය මාලු කාපුවම අර ඉනේ එල්ලන් ඉන්න සුරේ බල බිදෙන්නේ නෑද්ද ?
ReplyDeleteදන්නවා නම් ඔයාව මෙහෙ නවත්ත ගන්නවානෙ
ReplyDeleteචරිත් - නැහැ... මං වාද්දුවේ නෙවෙයි ඉන්නේ.. ඉන්න තැන වැඩක් නෑ.. මම ඉන්නේ බ්ලොග් එකේ..
ReplyDeleteඅනේ පොත මට තාම ලැබුනේ නෑ මල්ලියෝ..පොත ඉල්ලගත්ත කෙනා කියවලා ඉවර නම් මේ දෙසැ.20න් පස්සේ ඉල්ලගෙන ඔයාට දෙන්න බලන්නම්.
ප්‍රයා- නෝ නෝ..
නුවන්- :0 හුටස්..!!! ඒ මොකෝ මාළු කන්න දෙන්නද? හික් හික් එහෙම නෑ.. මේ ලොකේ කොහේ ගියත් මං ආස කෑම තියෙයි.. සෝ එක තැනක නතර වෙලා බෑ,...
ඉඳි ආප්ප 25ක්ම කෑවද අප්පා!! මොනවා උනත් ඔයා ලස්සනට ලියලා තියෙනවා.. එක හුස්මට කියෙවිවා මම.. තවත් මේ වගේ ලස්සන ඒවා ලියන්නට සහ ඉඳි ආප්ප 40k විතර කන්න ඔයාට ශක්තිය ලැබේවා!!! සාධු සාධු සාධු..:D
ReplyDeleteකාංචි - බුදු අම්මෝ...40!??? :0
ReplyDeleteමේ ඔයාව දැක්කේ කාලෙකින් අනේ.. කොහෙද ගිහින් හිටියේ.. ??????????
මම ඉතින් කොහේ යන්නද අනේ ඔයාලව දාලා හී හී හී....:D ලබන අවුරුද්දේවත් අපි හම්බ වෙමු නේද..!!!!!?????
ReplyDeleteඔන්න මේ සැරේ නමි ඇත්තටම ඇත්තයි...:P
යකඩෝ... අදනේ මේ මලියාගේ මැනු එක දැක්කේ අම්මපා.. අපේ පැත්තේ තියෙන්නෙත් ඔව්වාම තමා.. එහෙනං ටිකක් කලිං පයින්ඩයක් හෙම එවලා මේ පැත්තේ එන්ඩ මලියෝ.. ඔන්න මග බලං ඉන්නවා....
ReplyDelete