Sunday, December 6, 2009
ගැහැණියක්
මං අද ලියන්න යන්නේ මේ ලොකේ ලස්සනම ප්‍රේමණීයම මාතෘකාවක අඳුරු පැත්ත ගැන... සාමාන්‍ය සත්ව ලොකේ නිතරම ගැහැණු සත්වයාට වඩා පිරිමි සත්වයා ලස්සනයි කියලා තමයි කියන්නේ... ඒත් මනුස්සයා කියන සතා ගත්තම ඒකේ අනිත් පැත්ත කියලයි සාමාන්‍යයෙන් කියන්නේ නේද?... නෑ නෑ මම කියන්නේ පිරිමි කැතයි කියලා නෙමේ... ඒත් ගැහැණිය හා පිරිමියා කියන සත්තු දෙන්නව භාහිරව වෙන් කරන රේඛාව දෙපැත්ත බැලුවොත් ශාරීරිකව ගැහැණියකගේ සිරුර පිහිටන්නේ (මිනිස් සිතට අදාලව) පිරිමියාට වඩා ආකර්ෂණීය හැඩයකින්... ඒක කළු, සුදු, තලෙලලු,උස,මිට,කෙට්ටු,මහත කොයි ගැහැණියටත් අදාලයි... මම මේ කථා කරන්නේ මුහුනේ මේකප් දාලා හෝ නොදා පෙනෙන ලස්සන නෙවෙයි... ඒක කථා කරන්න තරම් වටින දෙයක් නෙවෙයි මට... මම කියන්නේ සමස්ථ ස්වරූපය එහෙම නැත්තම් ස්ට්‍රක්චර් එක ගැන...
නෑ.. මම මේ ලියන්න යන්නේ විද්‍යාත්මක ලිපියක් නෙවෙයි.. ඒකට මට දැනුමක් නෑ..මම ලියන්නේ අද මම දැකපු ගැහැණියක් ගැන.. ඇත්තටම මගේ හිතේ උපන් අනුකම්පාව එහෙමත් නැත්තං ඒ වෙලාවේ මට දැනුනු විස්තර කරන්න බැරි හැගීමෙන් ගොඩ ඒමට කරන හිත රවටා ගැනීමක්.!
මම අතීතෙන් පටන් ගන්නම්..! අපේ ගමේ අපේ ගෙවල් පාරේ අපේ ගෙදර පහුකරන් ගියාම ටිකක් ඇතින් කඩයක් තියනවා.. ඔය කඩේ ඒ දවස් වල කරලා තියෙන්නේ බෙනට් කියලා පිරිමි කෙනෙක්.ඒ අයට තරමක වත්කමක් තිබිලා තියනවා.. ඒත් මං උපදින්නත් කලින් හරි ඉපදිලා ටික කාලෙකින් හරි එයා මැරිලා තියනවා..එයාගේ මරණින් පස්සේ එයාගේ පවුලේ අය එයාට අයිති දේවල් වලින් ගොඩක් දේවල් එයාගේ බිරිඳට කරදර කරලා අරං තියනවා. මං වැඩි විස්තර දන්නේ නැහැ ඒ ගැන.. ඒ ගෑණු මනුස්සා එයාගේ මහත්තයාගේ මරණින් පස්සේ කඩේ වැඩ තනියම කරට අරන්.. ඒත් මහත්තයා ඉන්න කාලේ වගේ ලොකුවට කරන්න එයාට බැරි වෙන්න ඇති.. ඒත් මීට අවුරුදු 17-18කට විතර කලින් හිටිය මට අනූව නම් එයා ඒක ලොකුවට කලා. ඇයි දන්නවද මං එහෙම කියන්නේ.. ඉස්සර මම දකිනවා අපේ අම්මා ෂොපින් බෑග් එකක බඩු පොඩ්ඩක් අපිට කන්න ගෙදර ගේනකොට එයා ලොකු පෝර උරේක බඩු පුරවන් ඔළුව උඩ තියාගෙන අපේ ගේ පාස් කරගෙන යනවා.. ඉතිං ඒ කාලේ මට එයා ලොකු වීරයෙක්.. මොකද එයා බඩු ගොඩක් ඔළුවේ තියාගෙන යනවානේ... ඒත් මට නොතේරුනු දේ තමයි අනිත් කඩ වලට ලොරි වලින්, කරත්ත වලින් බඩු ගේනකොට එයා එයාගේ කඩේ වෙළදාමට බඩු ගෙනාවේ ඔළුව උඩ තියාගෙන කියන එක....භූමිතෙල් ගෙනාවේ ලීටර් 5 කෑන් එකක දාගෙන...ඇයි ඒ?
කාලේ ගෙවෙන්න ගෙවෙන්න ඒ මනුස්සයා ගේන පෝරබෑග් එක බෑග් දෙක උනා.. හැබැයි බඩු ප්‍රමාණය දෙක උනේ නෑ.. වෙනදා ගේන බඩු ටික දෙකට බෙදිලා බෑග් වලට ගිහිං.. එකක් ඔළුව උඩටයි එකක් මාරුවෙන් මාරුවට අත් දෙකටයි ගියා.. එහෙම උනේ එයාට ලොකු බරක් උස්සගෙන යන්න තරම් හයියක් නැති එකයි...
කාලයත් එක්කම ජිවිත වෙනස් උනා.. මම පාරේ යන මිනිස්සුන්ව දැක්කේ නෑ.. දකින්න වෙලාවක් මට තිබ්බේ නෑ.. තිබ්බත් ගේට්ටු වලට තාප්ප වලට පාරවල් පෙන්නේ නැති වෙලා.. ඉතිං කොහොමද මිනිස්සුන්ව දකින්නේ?
අද මම උදේ පුස්ථකාලෙට ගියා.. එනකොට බස් එකෙන් බහින්න හෝල්ට් දෙකකට කලින් බස් එකේ දොර ළග පොඩි තද බදයක්... ඒ තද බදය අස්සේ අඩි 4ක් විතර උස පොඩි ගැහැණියක්..සාමාන්‍යයෙන් අපි නොදකින විලාසිතාවක්! මම දැක්ක හැටියට කොළපාට ගවුමකට උඩින් පාට අවපැහැ ගැන්වුනු ඉදරිපස බොත්තං තිබිලා ගැලවිලා ගිය ගවුමක් ඇදපු - සුදු මුහණක් තියන.. පොඩි කොන්ඩ පොඩ්ඩක් තනි කරලට ගොතලා දාපු මුහුණ පුරා රැළි වැටුනු අහිංසක ගැහැණියක්.. පොඩි බෑග් දෙකක් අත් දෙකේ තියාගෙන.. සෙනග පිරුණු බස් එකක නොවැටී ඉන්න - නියමිත තැනින් බස් එකෙන් බැහැ ගන්න අරගලයක.. මගේ පුංචි කාලේ මම දැකපු මගේ ජිවිතේ එක කාලයක වීරවරියක් වෙලා හිටිය ගැහැණිය..!!! අද මගෙන් භාගයක් වත් නෑති තරම්...!!!මට මතක් උනේ ගෝර්කි ගේ අම්මා කතාවේ නීලවේනා ව මේ ඇත්තටම මම එදා දැක්ක වීර ගැහැණියමද? ඔව්.. මේ එයාම තමා... වෙනසකට තියෙන්නේ එයා කෘෂ වෙන වේගෙට මම ආරලා.. ඒත් එදා ජිවිතය වෙනුවෙන් එයා කරපු සටන අදත් එහෙමමයි..!
කවදා ඇය මේ දිවියේ පොඩි හෝ සැපක් ලබයි ද මංදා.. මට දැනගන්න ලැබුණු විදියට ඇගේ එකම දුව වරින් වර මානසික රෝගයකින් පීඩා විදිනවලු.. ඒවට බෙහෙත් කරන්න.. එදිනෙදා ජිවත් වෙන්න.. තාමත් ඇය විටින් විට පුංචි වෙන බෑග් දෙක තියාගෙන අරගලයක..
ඇවිදගෙන ගෙදර එන කොට ඇය අතර මඟ මොනාට හෝ නැවතුනා.. ඉතිං මම එයාට කලින් ආවා... මට ඉස්සරහින් පන්ති ගිහිං එන නංගිලා දෙන්නෙක් හිකි හිකි ගගා හිනාවෙවී ගෙදර යනවා.. මැද මම.. මට පිටිපස්සෙන් මට ඈතින් කලක් මගේ ජිවිතේ වීරවරියක් උනු.. තාමත් ජිවිත ගමනේ අපරාජිතව සටන් කරන ගැහැණියක්...
ගැහැණු...
කොයි තරම් ලස්සනද?
කොයි තරම් ගුප්ත ද?
කොයි තරම් ගැඹුරු ද?
කොයි තරම් මිහිරි ද?
කොයි තරම් සංවේදියි ද?
කොයි කරම් ලාමකද?
ඒ තරම්ම ඈ ශක්තිමත්..!!!!
Subscribe to:
Post Comments (Atom)
අනේ මන්දා මලී අක්කේ , මේ ගෑන අදහසක් දක්වන්න තරම් මම දියුනු නෑහෑ ! කොටින්ම කියනවා නම් මේ කතාව කියවද්දී මගේ හිතට ආපු දුක ප්‍රකාශ කරන්න තරම් මම දක්ශ නෑහෑ , කොහොම උනත් මිනිස්සු මේ විදිහට දුක් විදින්නේ ජිවත් වෙන්න නේ !
ReplyDeleteදයාබර මලී
ReplyDeleteගැහැණිය ඉපදිලා තියෙන්නෙම දුක් විදින්න තමයි. ලෝකෙ තියන ලොකුම වේදනාව විදින ඇයට අනිත් වේදනාවල් ....... මගේ අම්මා ඔයාගෙ අම්මා .... අපි කොයිතරම් ණය ද ... ඔයා දැක්කෙ තවත් එක් ගැහැණියක් විතරයි. සායම් උලලා ලස්සන කරන මුහුණු වලට වඩා , දාඩිය ඛේරෙන, අවුවට කලු වුන, තියන ඇදුමක් අදින ඇයගේ ලෝකය ගැන මොහොතකට හරි කෙනෙක් සිතන එකත් ඇයට කරන ගෙෘරවයක් ..........
මේක සාමන්‍යයෙන් අපිට නොපෙනෙන පැත්තක් මලී. ඔයා දැකපු පැත්ත සුන්දරයි ඒ වගේම පුදුමාකාරයි.
ReplyDeleteනංගී උඹ great.. ඒත් මම නම් කැමතියි, උඹ ඒ මනුස්සයා එක්ක ඒ එන ටිකට පොඩ්ඩක් කතා කරානම්....ඒයාට ඒක හරිම හයියක් වේවි..
ReplyDeleteගෑනු පිරිමි කියලා, බහුබූත හේද හදාගන්නේ අපි අපිමයි.. අපි බොරුවට වෙන් කරගෙන තියෙනවා, මේක පිරිමියාගේ වැඩ, මේක ගෑනිගේ වැඩ කියලා..
එහෙම එකක් නෑ, දෙගොල්ලටම ඕනේ දෙයක් කරන්න පුලුවනි.. ඕනේ කරන්නේ හයිය හිතක් විතරයි...
ඒත් ඒ කෙනා, ඇයි තාම ඒ තත්වයේම ඉන්නේ කියලා නම් මටත් ගැටළුවක්.. උඹලාගේ ගෙවල් පැත්තේ එවුන් ඒ මනුස්සයාගෙන් ණයට බඩු අරං දීලා නැද්ද දන්නෙත් නෑනේ.. උඹට පුලුවන් නම් ඒ මනුස්සයාගේ කඩේට ගොඩ වැදිලා, ඔය උඹේ ශූර මොලෙන් පොඩ්ඩක් උපදෙසක් දීහන්.. සමහර විට ඒ උපදෙස එයාට ලෝකයක් වටීවි...
ඕකට නම් සමාජයේ වැරැද්දක් කියලා මුළු සමාජයකටම ඇඟිල්ල දික්කරන්න පුළුවන් ජාතියේ සටහනක් හැබැයි ගැහැණිය සියුමැලි වෙන්නෙ පිරිමින්ගෙ වැරැද්දෙන් නම් නෙමෙයි. සමාජයක්ම ඒ සියුමැලිබව බලාපොරොත්තු වෙනවා. ඒකනම් පට්ට අසාධාරණයි.
ReplyDeleteදරුවන් දෙතුන් දෙනෙක් සමඟ පිරිමියා තනිවුනොත් (ගැහැනිය මිය ගිහින් හෝ පැනලා ගිහින්) පිරිමියා කරන්නේ ඔහුත් ළමයින් තනිකරලා පැනලා යන එක නැතිනම් සියදිවි හානි කර ගන්න එක. නමුත් ඒ තත්වයට ගැහැනිය පත් වූ විට ඇය කරන්නේ දිරියෙන් ජීවිතයට මූන දී දරුවන් රැකබලා ගන්න එක. බැරිම වුනොත් ඇඟ විකුනලා හරි (චේතනා හම් භික්ඛවේ කම්මං වදාමි ) ගැහැනිය සම්බන්දයෙන් සත්ව ලෝකයේට වඩා වෙනස් ලෙස ලස්සන දීලා තියෙනවා වගේ. . . සත්ව හා මනුශ්‍ය ලෝක දෙකටම පොදු ලෙස අසීමිත සවියක් ස්වභාවධර්මයෙන් ඇයට ලබා දීලා තියෙනවා.
ReplyDeleteපිස්සා කිව්වත් වගේ පොඩි හරි සහයෝගයක් දෙහ්න්න හිතුවානම් හොඳයි නේද නංගියේ ඒ මනුස්සයාට . . . අඩු තරමින් ඈ කරන දේ ලොකු දෙයක් බවවත් කියපන් ඒ හිතට තවත් ශක්තියක් ලැබෙන්න
මලී ළමයෝ,
ReplyDeleteමෙතන කතා හතරක් පහක් විතර තියෙනවා.
ඔයා ඒ සේරම එකට කියන්න ගිහිං ඉම්පැක්ට් එක අඩු කරගෙන වගේ.
මෙන්න මට ඵෙනෙ හැටිට ඔයා තව ඩිවෙලොප් කරලා ලියන්න ඕනැ කතන්දර ටික.
1. ගම්බද දුප්පත් කම, මුළු කඩේටම ඇති භූමිතෙල් ගැලුම් 4ක්. තාප්ප නිසා ඒ දුප්පත් කම දැකීමෙන් අප දුරස්ථ වීම
2. මිනිහා මැරුණට පස්සෙ වැන්දඹුවක මූණ පාන්නට වෙන ප්‍රශ්ණ.
3. වයසට යන කොට මිටි වීමේ - ඔස්ටියෝපෙරෝසීස් - රෝගය
4. අපේ වීරයෝ - අපිට සාපේක්‍ෂ අය වීම (මගේ යුනිකෝ සහ මේශ කතන්දරේ මතකද?)
5. ඔයා පටන්ගත්තු ලස්සන අවලස්සන කතාව - මට ඒකෙ ආරම්භය මිසක් අවසානයක් පේන්නේ නෑ.
කතන්දරකාරයා
අඩි හතරක් උස කෙනේ මලී ගෙන් භාගයක් නං, මලී අඩි අටක් උස වෙන්න ඕනෑ.
ReplyDeleteබුදු අම්මෝ.
කතන්දරකාරයා
මේ වගේ චරිත මටත් මගේ ජීවිතේදී සෑහෙන්න අහන්න දකින්න ලැබිලා තියෙනවා මලියෝ... මං හොඳටම ලඟින්ම දැක්ක කෙනා තමයි මගේ අම්මා.. අපිව තැනකට ගේන්න අපේ අම්මා පුදුම විදිහට දුක් විඳලා තියෙනවා.. ඒ දේවල් මං වෙලාවක ලියනවා අනිවාර්යයෙන්ම.. ඒ තමයි මං වැඩිපුරම ළඟින් දැක්ක ගෑණු කෙනා.. ඊළඟට මගේ ආච්චි.. එයා තමන්ගේ කසාද මිනිහා නැතිවුනාට පස්සේ ළමයි ටික උස් මහත් කරන්න විඳපු දුක් අහපුවාම මට හැමදාම ඇඬෙනවා.. අපිට සැප ඕනෙවට වැඩී කියලා හිතෙනවා.. ඒ වුනාට ඒගොල්ලොන්ගේ සතුට තමයි අපි.. අපි සැප විඳින එක තමයි ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තුව..
ReplyDeleteතවත් අනන්තවත් ගැහැණු මං දැකලා තියෙනවා.. පිරිමිත් ඉන්නවා ඒ වගේ දුක් විඳින.. ඒ වුනාට ගෑනුන්ට සාපේක්ෂව අඩුයි.. මේකට හේතුව ගෑණුන්ගේ සංවේදීභාවය කියලයි මට නම් හිතෙන්නේ..
මොනව වුනත් අර ගැහැණියකගේ ලස්සන මනුෂ්‍යයාට සාපේක්ෂයි කියපු එකට මං කැමතියි. මොකද වෙන ඕනෑම සතෙක්ගේ ගැහැණුසතා පිරිමි සතාට වඩා ලස්සනින් අඩුයිනේ. සමහර විට අනිත් සතුන්ට අපිවත් ගැහැනුන්ට වඩා ලස්සනට පේනවා ඇති.
ReplyDeleteඅනිත්එක දුක්විඳන්න ගැහැණු පිරිමි කියලා බේදයක් නෑ.
මම ඉස්කෝලෙ යන කාලෙ ගෙට්ටුවෙන් පිට අඹ, ඇඹරැල්ලා ඒහෙම විකුනුව ආච්චි කෙනෙක්. මම 6 හෝ 7 වසරෙ. අපි කියන්නෙ අඹ ආච්චි. මම 13න් ඉස්කෝලෙන් අයින් වෙනකොටත් එයා වෙළඳාම කරනවා. එතකොටත් ඈ අඹ ආච්චිමයි. ඒ ඇරෙන්න ඈ ගැන වෙන හැඟීමක් තිබුනෙ නැහැ. නමුත් පාසැල් කාලෙ අවසානවෙලා අපිම කියල හම්බකරල වියදම් කරනකොට තමයි ඒ අම්ම මොනතරම් වෙහෙසක් ගන්නවද කියල තේරුම්යන්නේ තමන්ගෙ ජීවිතේ, තම දරුවන්ගේ ජීවිතේ, සමහරවිට තම දරුවන්ගෙත් දරුවන්ගෙ ජීවිත ජීවත්කරවන්න. ඒ හම්බකරන සොච්චම මොනතරම් අරපිරිමැස්මෙන් වියදම් කරනව ඇතිද.
ReplyDeleteමලීගේ වීරවරිය වගේම අපි පොඩිකාලේ ලෙලි නොගහපු අඹ ගෝනි බාගයක් විතර ඔලුවෙ තියගෙන ආපු අඹ ආච්චි පස්සෙ පස්සෙ පොඩි කුඩෙකට අඹ ගෙනාව. ඒ ඇගේ ජීවිතේ හයිය හීනවේගන ගිය නිසා වෙන්න ඇති. ඒත් විශ්‍රාමයක් නෑ.
ඉතින් ගැහැනිය සියුමැලි, ලඳ බොලඳ විතරද. කොපමන ශක්තිමත්ද වීර්යවන්තද
all of you maked me cry.
ReplyDeletebut thank you mali ,thank you
ප්‍රියංකර - මට තේරෙනවා මල්ලි ඔයා කියන්න හදන දේ.. ඒ වගේම හැගීමක් හින්දා තමයි මම මේ ලිපිය ලිව්වෙත්.. එහෙම නැතුව මම මේක ලිව්වා කියලා ඒ මනුස්සයට වෙන හොදක් නෑ.
ReplyDeleteවත් - ඇත්ත.. අපි අඩුම ගානේ මේ වගේ අය දුක් විදිනවා කියලා දන්නවා.. පේන්න තියන නිසා.. අපි පැහැදිලිවම දන්න නිසා.. ඒත් අපි නොදැන ලොකෙට නොපෙනි ගෙවල් ඇතුලට වෙලා කොයි තරම් නම් ගෑණු හූල්ල හූල්ල ජිවත් වෙනවාද?
කෝඩ් - අපිට නොපෙනනවා නෙවෙයි සහෝ අපිට නොදැනෙන පැත්තක්.. ඒකයි හරි වචනේ.. ඒ වගේ දුක් අපිට දැනෙන්නේ අඩුවෙන්.
පිස්සා -නෑ මම great නෑ. ඒක මට ගැලපෙන වචනයක් නෙවෙයි.
ඇත්ත මම කථා කරා නම් ඒ මනුස්සයට හයියක් වේවි තමයි. ඒත් මගේ එක අඩුවක් නිසා මට කථා කරන්න බැරි වුනා..මම කථා කලේ නෑ.. මම චැටර්බොක්ස් එකක් වෙන්නේ මම හොදට දන්න අය එක්ක විතරයි. ඒක මගේ ලොකු දුර්වලකමක් නැත්තං ලෙඩක් මට මිනිස්සු එක්ක හොදට පෑහිලා කථා කරන්න බෑ. මම කරන එකම දේ හිනා වෙන එක විතරයි.. ඒ ගැන මම දුක් වෙනවා. මම කථා කරනවාමයි කියලා හිතුවත් ගොඩක් වෙලාවට වචන නැතුව මම ගොළු වෙනවා..පාරෙදි මට මුණගැහෙන අය සම්බන්ධයෙන් වෙන්නේ ඒක තමා.
ඇයි තාමත් ඒ තත්වෙන් ඉන්නේ?
වෙලදාම් කරන්න බඩු ගොඩක් නෑ.. බඩු නැතුව වෙළදාම් අඩුයි.. වෙළදාම් අඩු උනාම සල්ලි අඩුයි.. සල්ලි අඩු උනාම බඩු අඩුයි.. මේක චක්‍රයක්.. ඒ මනුස්සයින්ට ඒකෙන් ගොඩ එන්න බැරිවෙලා තියෙන්නේ ඒකයි..
හිතනවද මම එක පාර ගිහිං සල්ලි දික් කරොත් ඒ මනුස්සයා වගේ කෙනෙක් ගනී කියලා.. මං හිතන්නේ නැහැ. එහෙම දෙන්න දැන් මට සල්ලිත් නෑ. ඒ නිසා ආයේ දැක්කම තව ටිකක් වැඩියෙන් හිනා වෙලා යන්නම්.
කතන්දර ශූරීන් කිව්ව වගේ පටංගත්තු කතාවට වඩා වෙනස් දෙයක් තමයි මැද ඉඳන් කියල තියෙන්නේ. ඒ වුණාට ඉතිං මලී කියන්නෙ හිතට එන දේ එඩිට් නොකරම ලියල දාන මනුස්සයනේ.
ReplyDeleteමේ වගේ ජීවිත නිතර අපට හමු වෙනවා. නමුත් අපිත් ඒ හැමෝම ගැන මෙහෙම සංවේදී නෑ. පාරෙ යද්දි හම්බවෙන බොහොමයක් වියපත් ගැහැණු පිරිමි ඉන්නවා. එයාල දිහා බැලුවම එයාලගෙ ජීවිත වල කියාගන්න බැරි දුකක් තියෙන බව අපට පේනවා. ඒ වුණාට ඒක එතනින් එහා ගෙනියන්නෙ නැනෙ අපි.
මේ එක එක මල විකාර අස්සෙ අඩු තරමෙ මෙහෙම එකක් කියවලා ආයෙත් ඒ වගේ ජීවිත ගැන හිතන්න ඉඩක් ලැබුණ එකත් වටිනවා.
ආගන්තුකයා-අනිත් පැත්තට ඕනි නම් අපිට පුළුවන් ඒක ඒ ගෑණිගේ කරුමේ කියලා කථාව එතනින් ඉවර කරලා දාන්නත් නේද?
ReplyDeleteඇත්ත.. ගෑණුන්ගේ හැම වැරැද්දටම පිරිමි නෙවෙයි.. තවත් ගෑණුම ඉන්න සමාජයම වගකියන්න ඕනි.. එහෙම බලද්දි ගෑණුන්ගෙන් සමාජය සියුමැලි බව විතරක් නෙවෙයි.. අමාරුවෙන් ගැහැණු පරිත්‍යාග කරන තව ගොඩක් දේවල් තියනවා..සමාජය ගෑනියෙක් ගෙන් සමාව දෙන්න බැරි තරම් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා (විශේෂයෙන් අපි ඉන්න ද.ආසියානු හා සමකාසන්න රටවල)ඒක නම් අසාධාරණ අධම දේවල්.. ඇත්තටම බලද්දි සමස්ථ ගෑණු පරපුරම හරි මෝඩයි!!!
දුකා - පිස්සට කිව්ව දේම තමා කියන්න වෙන්නේ අයියේ.. මට ඒ ගැන වැඩිය හිතන්න බෑ..ඒත් බලමු අනාගතේ සමහරවිට තේරුමක් නැති වචන ගොඩක් ලිය ලිය ඉන්නවට වඩා මට ඒ ගෑණු මනුස්සයා වෙනුවෙන් මොනාම හරි කරන්න පුළුවන් වෙයිද කියලා.
කතන්දරකාරයා- වෙන්න පුළුවන් වෙන්න පුළුවන්.. මං ඔයා තරම් පලපුරුදු කතාකාරයෙක් නෙවෙයිනේ.. අනික මේක පිළිවලට ලියන්න මට බෑ.. කොහොමත් ගෑණු එහෙම තමයිනේ? එක කතාවක් ඇතුලේ කථා ගොඩක් කියනවා.. (ගෑණු ගතිය)
අනේ කොහොමද මම මේ කථාවට අවසානයක් දෙන්නේ? තාමත් ඒ මනුස්සයා ජිවිතේ එක්ක සටන් කරද්දි? මේක ෆිල්ම් එකක් නෙවෙයි.. ලස්සනට ඉර බැහැගෙන යන දර්ශණයක් එක්ක දි එන්ඩ් කියලා දාන්න...
අපෝ මගෙන් බාගයයි කිව්වේ උස අතට නෙවෙයි අනිත් අතට.. බාගෙද කාලද මංදා..
උදාර - අනිවාර්යෙන් ලියන්න උදාර..ඇත්ත සහතික ඇත්ත.. ඔයා මම ඇතුලු බ්ලොග් කියවන අපි හැමෝටම වගේ සැප වැඩී..
රවිමල් - හික් හික් ඒකද දන්නේ නැහැ අපේ ගෙදර සත්තු ඔක්කොම අම්මටයි මටයි වඩා අපේ තාත්තට ආදරේ..
දුක්විදින්න ගැහැණු පිරිමි බේදයක් නැති වුනාට දුක විදින විදිය අනූව එතන ලොකු පරතරයක් තියනවා නේද?
නිලන්ත- අපි හැමෝම අඩුම ගානේ ඔය වගේ ගෑණු දෙතුන් දෙනෙක් වත් අපේ ජිවිත වල දැකලා ඇති සහෝ..
Anonymous - I didn't want to make anybody cry...All I wanted was not to make myself cry...
හ - ඔයා ඉතිං දන්නවනේ මලී සතා මොකාද කියලා නේද??
ReplyDeleteඇත්ත ඇත්ත.. පාරවල් වලදි අපි දකින මිනිස්සු ගැන අපි වැඩිය හිතන්නේ නැත්තේ අපි ඒ අය දකින්නේ තත්පර ගානනේ.. ඒත් ජිවිතේ තැනින් තැනදි දකින එකම මනුස්සයා එයිට වඩා දේවල් අපේ හිත් වල සටහන් තියනවා නේද?
මට පස්සෙයී මතක් උනේ ! ,මේ දවස්වල ජාතික රූපවාහිනියේ දෑන්විමකුත් යන්නේ " සුර්යය ලංකා " කියලා. එකෙත් පොඩිකාලේ ලමයෙක් පාරුවෙන් එතෙර කරපු පුද්ගලයා , එ ලමයා තරුණ වෙද්දී වයස යන කතාව. මට එක මතක් උනා ...
ReplyDeleteදන්නවද මලීයෝ මම හිතන දේ?
ReplyDeleteමම උනා නම් හෙම?
mokada abnomal une hitapu gaman ara uda heading eke?
ReplyDeleteමේ ලොව පවතින්නේ හිරු එලියත් අම්මාගේ කිරි වලිනුත් කියලා කොහේදෝ කියලා තිබ්බා මට මතකයි. ඒ කතාව තවත් තහවුරු උනා මේ බ්ලොග් පොස්ට් එක දැක්කම. සමහර වෙලාවට ලෝකෙ බර කර මතට අරන් ඉන්නේ ඇට්ලස් යොධයා කියලා ග්‍රීක සාහිත්‍යයේ කිව්වට, ඒක අම්මා හෝ ගැහැණිය ලෙස වෙනස් උනා නම් මම දකින්නේ නෑ කිසි වෙනසක්...
ReplyDeleteඅපූරු ලියැවිල්ලක් මලී...!
හරිම සංවේදි සටහනක් වුනා නේ මේක..
ReplyDeleteමට මතක් වුණේ චුටි කාලේ මාව නාවන්න ආපු එහා ගෙදර දෙමළ ආච්චි අම්මාව.. චුටිකාලෙ කිව්වෙ, මම චූටි බබෙක් කාලෙ..මට නම් මතක නෑ එයා මාව නාවපු හැටි. අපේ අම්ම තමයි කියන්නේ..අම්මට බයයි ලු ඉපදුනු දවස් වල මාව නාවන්න..පුරුදු නෑනේ..ඉතින් අර ආච්චි අම්මා තම්යි මාව නාවල තියෙන්නේ..මට හරිම ආදරෙයි..ටිකක් ලොකු වෙනකොට මට ඒක තෙරුනේ, ආදරේ කොච්චරද කියලා..
මම ලංකාවට එන අහෙම වතාවක්ම එයාව බලන්න යන්න ට්‍රයි කරනවා..ආච්චි අම්මට හරි සතුටුයි මාව දැක්කාම. මම නම් දැන් එයා වගේ තුන් ගුණයක් විතර ලොකුයි..මට ඉස්සර එයා පෙනුනේ මේ මලීට මේ ගෑනු කෙනා දැක්ක විදියට..
එයා තාමත් අහළ පහළ බබාලා බලා ගනන්වා.. කෘශවුණ ශරීර කූඩුව දැක්කම මගේ පපුව් හෝස් ගාලා යනවා..
අව්රුදු ගාණක් ගෙවුනත්, කොච්චර වයසට ගියත් ආදරේ , ලෙන්ගතුකම් එහෙමමයි..
ප්‍රියා - මං හිතන්නේ මාත් දැක්කා ඒක.. වැඩිය මතක නෑ.. පාළම හදපු කේස් එක නේ?
ReplyDeleteබුරු - මටත් හිතුනා.. ඒ අම්මා යි දුවයි මම යි මගේ අම්මයි උනා නම් කියලා.. එහෙනම් අපි කොයි තරම් දුක් විදී ද?
අනේ ආර් එක අතමක වෙලා නේ බබාට.. තැන්ක් යූ කිව්වට.
ලිෂ්විශ් - ඉරඑළියේ කථාව කවුද කිව්වේ කියලා නම් මටත් මතක නෑ..ඒත් මමත් අහලා තියනවා..
ස්තූතියි ලිෂ්
එල්ජී - එහෙම ආච්චිලා ඉන්නවා නේද පොඩි බබාලව නාවන්න එහෙම යන.. අපේ පැත්තෙත් එහෙම කෙනෙක් හිටියා.. එයා පාන්දරමලු බබාලව නාවන්න යන්නේ.. ඒක ගුණයි කියලා. දැන් නම් එයා නැතිවෙලා.
@ මලී ඇන්ඩ් ලිෂ්-
ReplyDeleteමම තොපි දෙන්නා තරම් පොත් නොකියවන වග හැබෑව..
ඒත් ඒක කිව්වේ 'ගෝර්කි' නේද? අම්මා පොතේ...
@ මලී- මම ඔයාගේ මේ බ්ලොග් පෝස්ට් එකට ලින්ක් එකක් දැම්මා , මගේ අලුත් බ්ලොග් එකේ..
පිස්සා - කිසි අවුලක් නෑ.. මේකට කොපි රයිට්ස් නීතී නැහැ නේ..
ReplyDeleteගොර්කි වෙන්න ඇති කියලා පොඩි සැකයක් තිබ්බත් හරියටම ෂුවර් නැති නිසයි නොකියා හිටියේ.. ඒත් අම්මා පොතේ නම් ඒක තියෙන්නේ මගේ මතකය අන්තිම දුර්වල වෙලා..
ඈත්තටම හරිම සංවේදි ලිපියක් කියවද්දි ඔක්කොම කතාවක් වගේ මෑවිල පෙනුනා.අම්මව මතක් උනා.එක පෑත්තකින් ලොකු දුකක් දෑනුනා.ඒත් ඈයි ඒ
ReplyDeleteKalekata passe me wage kathawak kiyawanne...Oya wagema oyita langin yana adahas mage hitha gawa hamadama thiyenawa...Kotinma hama siddiyakma mathakayan welak widiyata welawakata eliyata enawa dakina penena dewal ekka...Monawa wunath godakma sthuti mali me wage liyanawata.....
ReplyDelete