Thursday, June 2, 2011

පාර දිගේ 2

මාස එකහාමාරක් විතර සීනි පිටි නැති ප්ලේන් ටී කඩ මිරිස් ගම්මිරිස් නැති කෑම කඩ.. දූවිලි රස්නේ නැති තැන් ඒවා මේවා හොයලා ඉවර වෙලා දැන් ඉතිං ආයෙමත් බැක් ටු නෝමල් ලයිෆ් වෙලා ගෙදර ඉන්න එකේ බ්ලොග් එකෙත් දූවිලි පිහිදලා ගත්තා නම් හොඳයි කියලා හිතුනා. පාර දි‍ගේ 1 ලිව්වේ 2ක් ලියන්න හිතාගෙන උනාට 2 තියා 1.25 වත් ලියා ගන්න බැරි උනානේ.. හිනිදුම ගමන ගැන ටිකක් විතර ලිව්වට ඒක ලිව්වේ ගිය ගමන මතක තියාගන්න විතරමයි.. මොකද ආසාවට නිකං ගිහිං ආවා මිසක් ඔය ගිය කිසිම ගමනක් ගියේ ගවේෂණ කරන්න හි‍තාගෙන නෙවෙයි.. ඒ නිසා නිකමටවත් හිනිදුම බිහිවුනු කාළවකවානුවත් නම් ඔන්න මම දන්නේ නෑ.. ඒ නිසා වැඩි විස්තර ලියන්න කියලා කිව්ව අයට කියන්න වෙන්නේ සොරි කියලා තමයි.

පාරදිගේ අපි යන්න ගිය ඊළග ගමනට පිටත් වෙන්නයි මං දැන් හදන්නේ.. හැබැයි ඉතිං මීට මාසෙකට විතර කලින් ගිය ගමනක් නිසා අමතක උනු තැන් නම් ගම් නම් එපමණයි.. ඒත් ඉතිං මොකුත්ම නැතුවට වඩා මොනා හරි හොඳයි කියන නිසා මේක මේ විදියට ලියලා දානවා.. අපේ මෙවර අරමුණ උනේ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන්න.. නැතිනම් නුවර යන්න. හිතුවා ගියා වර්ගයේ ගමන් නිසා අපි ගමන පිටත් වෙද්දිම මං හිතේ උදේ 10ට විතර ඇති කොටින්ම 9 විතර වෙනකං මං ෂුවර් එකටම දැනගෙන හිටියේ නෑ අපි එදා යනවද නැද්ද කියලවත්.. ඒත් ඉතිං ඇඳුම් කෑලි දෙකතුනක් උරේක දාගෙන අපි ගමන පිටත් උනා..

මං ඉතිං කොහොමත් වැඩිය පාරවල් කාරිය මතක තියාගෙන යන එන මනුස්සයෙක් නොවන හින්දා ගමන් මඟ කියන්න නම් දන්නේ නෑ.. හැබැයි ඉතිං ගමනේ පැය 2ක් විතර ගෙවුනට පස්සේ අපේ රථාචාර්‍යයවරයා කිව්වේ වාහනේ හීට් වෙන නිසා පොඩි විවේකයක් ගත්තොත් හොඳයි කියලයි.. ඉතිං පාරේ අයිනේ ඉඩ තිබ්බ කඩයක් ඉස්සරහා නතර වෙලා වහනේට වතුර පොවනකම් මාත් එක්ක ගිය කෙනාට අඩු සීනී ප්ලේන්ටී එකයි මට ටිපි ටිප් එකයි අරන් ස්ට්‍රෙස් වෙන එක ලාවට හරි අඩුකරන්න මං හිතාගත්තා.. කොහොම හරි එතන පැය භාගයක් පමණ කූල් බ්‍රේක් එක ගත්තු අපි ආයේ හාහාපුරා කියලා ගමන පටාන් ගත්තා.. ඔය විදියට කජුගමත් පහුකරගත්තාය කියමුකෝ..! හ‍පොයි! මෙන්න ආයෙත් අපේ යානාවට උණ ගන්න පටන් අරන්.. දැන් මක්කැයි කොරන්නේ.. කාර් කොන්ත්‍රාත් සමාගමට දුර ඇමතුමක් දීලා වහාම යානාවක් රි‍ප්ලෙස් කරපාන් කියලා ඉල්ලීමක් කරලා අපි පාර අයිනේ තිබුන කෙත් යායක් එක්කම තිබ්බ බත් කඩයක් ළඟ වාඩිලා ගත්තා...

කොළොම්තොටින් රථයක් එන තුරු දැන් ඉතිං වෙන කුමක් කරන්නද...කියලා අපි තුන්දෙනා දවල් බත එතන තිබ්බ කඩෙන්ම සප්පායන් වෙන්න හිතා ගත්තා.. සුදු බතට ‍කොළ පරිප්පු ආදී ‍එකී මෙකී දේවල් සමඟ කෙස්ගසුත් මික්ස් වෙලා කෑම මෙසෙට ආවා.. අනේ ඉතිං අතට ගත් බත් ‍පතේ කෙස් දැක දිවා ඇහර සමහරු නොගත්තත් අපි නොකා ඉඳීයි..!! හුහ්! කොහොම හරි කෑවා කියමුකෝ.. කාලා ඉතිං අනිමිසලෝචනය.. මෛත්‍රීය භාවනාව ආදී සියළු ‍දේ කරමින් එතැන ටැග් ගැහීගෙන මීළඟ වාහනේ එනකම් ඉතිං හිටපන්කෝ කිව්වම අපිත් ඉතිං හිටියා.. ඒ හිටි වෙලාවේ අපි ඇවිද්දා නම් පයින්ම නුවරට ළගාවෙන්නත් තිබ්බා හැබැයි.. ඒ වගේ වෙලාවක් ඉවසලා ඉවසලා ඉවසලා අන්තිමේදී අපි හිතුවටත් වඩා හොඳ යානාවක් සැපැත් උන නිසා ආයෙම නුවරම යන්න අපි හිතාගත්තා.. (හොඳ වෙලාවට හොඳ එකක්ම ආවේ නැත්තං ඉතිං එදා හවස කාර් කඩේ කුඩු තමයි!)


ඉතිං අළුත් වාහනෙන් කූල් එකේ අපි නුවර යන්න ආයේ පිටත් උනා.. පිටත් වෙන වෙලාව ළං වෙනකොට හවස තේ බොන වෙලාවත් ළං වෙලා වගේ.. ඉතිං ආයෙමත් තේ එකක් බොන්න හොඳ ලස්සන තැනක් සෙට් වෙනකං අපි ආවා.. එතනදි ගේක හැඩේට තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක් වගේ තැනකට ගියාට මොකෝ එතන ප්ලේන් ටී නැහැ කියපි!! හයි‍යෝහ්! ආපු වේගෙන්ම යන්න හදද්දි මෙන්න කියනවා ප්ලේන් ටී නම් නෑ ඒත් ස්පයිස්ස් ටී නම් තියනවා කියලා.. (බැලිනම් අපි රෙස්ටෝරන්ට් කියලා ගිහින් තියෙන්නේ ස්පයිස් ගාර්ඩන් එකකට නේ..! මාත් එකක් මේ ගමන ගියේ හැමදේම ශෝයි උනාට හරියට ගහක් ගලක් නැති හෙන ජරා රටක ඩයල් එකක්නේ..) ඒක ඇහුවා විතරයි මෙන්න‍ මේකා ගහක් දැක්ක රිලවා වගේ පැනේනේ නැතැයි එළියට..

ටිකකින් අපි ස්පයිස් ගාර්ඩන් එකේ ඇවිදිනවා.. ඒකේ අන්කල් කෙනෙක් අපිට ගස් ගැන කියාදෙනවා.. අපේ වැට මායිමෙත් තියන පුවක් පැලත් මේ මිනිහා මට කියා දෙද්දි ලාවට හිනා ආවට මාත් එක්ක ගිය එකාගේ තත්වෙට හොඳ නැති හින්දා මාත් හෙන ෆොරීන් කෙල්ල වගේ හිටියා (හිකෑස්!) පැය භාගයක් විතර වත්ත වටේ ඇවිදලා දැකලා (ඇ/නැ)ති ගස් එහෙම බලාගෙන ඉවර උනාට ලස්සන හිනාවක් එක්ක මාමා කෙනෙක් ස්පයිස්ස් ටී කෝප්ප තුනකුත් අරගෙන ආවා..! අපරාදේ කියන්න බෑ ඒක නම් නියමම රස තේකක්! මගේ ජිවිතේ මම බිව්ව රසම තේ වලින් එකක්! එතෙක් වෙලා ද‍වසේ කාපු කටු සේරම අමතක කරන්න ඒ තේක සමත් උනා කිව්වොත් හරි...! ඉතිං තේ බීලා ඉවර‍ වෙලා එයාලගේ පහළ තිබ්බ ස්ටෝල් එකටත් අපි ආවා.. හප්පා..! අපි උඩදි බිව්ව තේ වර්ගයේ 100g පැකට් එකක් රු.2200ක් :0 !!! (නයි කයිද රෝස් පාන් කිව්වලු!) ඒ උනාට ඉතිං අර මාත් එක්ක ගිය කෙනාට අනූව නම් ඒවා අපි බොන්න ඕන අගය කරන්න ඕන අරවා කරන්න ඕන මේවා කරන්න ඕන ව‍ර්ගයේ ප්‍රඩක්ට් එකක් නිසා එයා නම් එකක් ගත්තා අපිට මොන ගුණ අගුණද ඕන දෙයක් පත්‍යයන් නිසා මං නොදැක්කා ‍වගේ හිටියා.. හැබැයි ඉතිං අපිට අර බොන්න දුන්නු ස්පයිසස් ටී එක නම් ෆ්‍රී ලු.. ඒකත් මදැයි.. ඔයාලත් නුවර පාරේ යනවා නම් ගොඩ වෙලා යන්න එකේ නම තමයි Lucky Land Spice Garden - තියෙන්නේ හිඟුල දොම්පිටියේ.. අඩුම ගානේ ෆ්‍රී ස්පයිසස් ටී එක වත් ලැබෙයිනේ.. ;-)

එතනින් පස්සේ අපි සුන්දර පේරාදෙණිය එහෙම පහුකරන් නුවරට සැපත් උනා..



!මතු සම්බන්ධය!

7 comments:

  1. කඩුගන්නාවේ එහෙම නවත්තගෙන හිටියේ නැද්ද?

    ReplyDelete
  2. ඔය කියන තේ ජාතියමද මන්ද මට මේ ලඟදි අපේ අල්ලපු රටේ යාලුවෙක් තේ එකක් දුන්න, ගොඩක් ජාති දාල හැදුව - කරාබු නැටි, කරදමුංගු, පැඟිරි කොළ... ඔය වගේ ගොඩක් ජාති දාල. මාරම රහයි!
    හික්ස් පුවක් පැල නොදන්න අපේ මලී!

    ReplyDelete
  3. මොනව වුණත් ලි‍ඳේ හිටපු ගෙම්බියක්ව රවුමෙ එක්කගෙන ගිහින් ලොකු පුණ්‍ය කර්මයක් කරගෙන තියෙනව අර කියපු ඩයල් එක! ඉතිරි එව්වත් ඔහොම්මම ලියල දාමු.... නැත්තං අර ඉස්කෝලෙ ගැන ලිව්ව වගේ වෙයි.... ;-)

    ReplyDelete
  4. යානාව කැඩිලා මග තැපගෙන ඉන්නකොට අපේ "ඩයල් එකේ " ස්ට්‍රෙස් එක හෝ ගාලා ඉහල යන්න ඇති නේද ? පුදුමයි එවෙලෙම පිට රටට කෝල් කරල ජගුවාර් එකක් ඕඩර් නොකලා

    හයෝ මුන් නම් පාරට බැස්සොත් මහ චාටර් පොරවල් හි හී.නුවර පාරෙ කොයි තරම් හොඳ තැන් තියෙනවද මලියො හදිස්සියකට ගිමන් නිවා ගන්න ටිකක් වෙලා ඉන්න .

    මම නම් නුවර පාරෙ රස්තියාදු වෙන්න හරි මනාපයි .වැහි අඳුරේ නුවර පාරෙ යන එක හරි නියමයි .අපි ඔය වගේ හදිස්සි අවස්ථාවල ට්‍රාන්සිට් වෙන්නෙ අඹේපුස්සෙ අවන්හල හරි වාහල් කඩට හරි ගිහින් ලැගලා ඉඳලා

    ReplyDelete
  5. අපෝ මෙහෙම අසාධාරන මිනිසුන්...
    අර අපේ ඩයල් එක සිරා වගේ නේද?
    ප්ලේන් ටී බීලම ඌ ලෙඩක් හදාගෙන කියලයි ආරංචියත්.
    කෙස් එක්ක බත් කන්න බැරි නම් ලංකාවේ එකෙක් වෙන්න බෑ ඌ. හොඳ වෙලාවට ඌ කෙස් තිබ්බ පිඟානෙන්ම වේටර් මාමට නෙලුවේ නැත්තේ... නැත්නම් මොකක්ද උඹේ තත්වේ නේද?
    දැන් ඉතින් එහෙමවත් කියමු ඉතින් අපි ගස් දන්නවා කියලා අර ෆොරින් ඩයල් එක තරම්වත් ගස් ගැන දන්නේ නෑ කියලායි අපිට නම් ආරංචි උනේ...

    @මනෝ
    අර සිරා ඩයල් එක එදා තිබ්බ ස්ට්‍රෙස් වලට තව පොඩ්ඩෙන් ළඟ හිටිය එවුන්වත් කුඩු කරන්න ගියා කියලා තමයි ආරංචිය. ඒත් ඉතින් ඌට අතක් ඉස්සුවා නම් සිරා ඩයල් එකගේ කෑලිවත් ගන්න හම්බ වෙන්නේ නෑ කියලා ඌට තේරිලා සද්ද වහගෙන ඉඳලා.
    වාහල් කඩ මාත් කැමතිම තැනක්. ඒත් අපි හිටපු තැන ඉඳන් එතනට දුරයි. කොහෙද මේ බ්ලොග් එක ලියන එකා ලංකාවේ උනාට ඌ අඩු ගානේ භූගෝලය ගැන බිංදුවක්වත් දන්නවැයි.
    කොහේද ඉතින් බ්‍රේක් ඩවුන් සර්විස් එනකම් ඉඳලා අපේ ගමන ප්‍රමාද වෙලා තිබුන නිසා ඔය කියන සිරා පොට් වලට බහින්න බැරි උනා.
    @ ඩීප්ස්
    කඩුගන්නාවේ නම් නතර උනා. එක්කෙනෙක් බයිබල් රොක්ස් දැකලා ආ මේක සීගිරිය නේද කියලාත් ඇහුවා කියලායි ආරංචි. කොහේද ඉතින් ඔයිට කලින් ලංකාවට ආව වෙලේක බඩ ඉරිඟු අරන් කාල දවස් ගානක් ඇඳේ ඉන්න උන හින්දා මෙදා පාර නම් කඩුගන්නාවේ කිසිම සිරියක් බැලුවේ නෑ.

    ReplyDelete
  6. මලියෝ පාරදිගේ 3 කොටස හෙවත් අර සිරා පොර සමග ආයෙත් මහපාරේ චාටර් වුන කතාවක් ලියන්නේ කවදාද ?ඔවු මචන් පොර එක්ක ගමනක් ගියොත් විනාසයි .ගිය වතාවෙ මෙරින් ඩ්‍රයිව් එකේ හින්දු වෙඩින් එකක් ගන්න රිසෙප්ෂන් හෝල් එකක එල්ල තිබුණ කෙසෙල් කැනක් කඩාගෙන කන්න හදලා යන්තම් ඒක නවත්තගත්තේ ලොකු පේර ගෙඩියක් අරන් දීල .ඒක අපේ ඔෆිස් එකෙන් හෝදගෙන කපාගෙන මට නොදී කකා ගියා .අපරාදෙ මම මිරිස් කුඩු ටිකක් දාල නොදුන්නේ

    ReplyDelete
  7. ඩීප්ස් - නැතෝ...!!!

    නිරෝ - ;-)

    හරේ - බලමු ඉතිං.. හිතෙන හැටියට තමා ඒකත්..

    ටීජී- අපෝ..! අතේ පයේ හයිය මට පෙන්නන් ගියා.. මං ඉතිං බබා පාට් එකක් දාලා ශේප් කරගත්තා.. ඔව් ඉතිං අපිට නතර වෙන්න උනේ පට්ට චාටර් තැනකනේ.. :-( නුවර පාරේ තැන ගොඩක් තියනවා කියලා දන්නවා උනාට අපිට ඉතිං කන්න උන කටුවල හැටියට එදා ඒ පොට් උනත් වහලා තියෙන්න තියෙන්න තිබ්බා අපි ගියා නම්.. හික් හික්..

    මොන්දෝ- හරි හරි.. උඹ බබා..! පව්!

    ටීජි - ඔව් ඔව් මටත් ආරංචියි ඔය කෙහෙල් කතාව.. හපෝ මං නම් පාරේ තොටේ යද්දි පණ බයේ හිටියේ කොයි වෙලේ මොනවා වෙයිද ‍ඉල්ලයිද කම්ප්ලේන් කරයිද දන්නේ නැහැනේ.. අන්තිමේ බැලුවම ඌට වඩා අපි ස්ට්‍රෙස්.. ;-)
    හැබැයි එදා ඔයා පේර වලට මිරිස් ටිකක් දාලා දුන්න නම් ශුවර් ඔයා මැරෙන දවස එනකම්මත් එයින් පස්සෙත් බැනුම් නම් අහනවා!

    ReplyDelete