කලින් දවසේ කලින්ම නිදාගත්ත නිසා යන්තං උදේ හය හයහාමාර වෙනකොට නැඟිට ගන්නත් පුළුවන් උනු හින්දා උදේම පොඩි අක්කාගෙන් ලැබුන කිරිතේ එක එහෙම අවට වටපිටාවේ සිරි නරඹන්න අපි පටන් ගත්තා.. මං ඉතිං ඒ පැත්තට අළුත් උනාට මාත් එක්ක ගිය එකාට එහෙම නැහැනේ. ඉතිං එතුමියගේ පරිසර දැනුම පිළිබඳව විශ්මයට පත්වෙමින් මට ඒතුමියගේ අඩිපාරේ හා හා කියමින් යන්න විතරයි තිබුනේ.

ජිවිතේ පළවෙනි වතාවට මම ආසම පලතුරක් වෙන ජමනාරං ගහකුත් මම හැබැහින් දැක ගත්තා.. ඒ ගහ දැක්කම නම් ටිකක් විතර බයත් හිතෙනවා කොයි වෙලාවේ ගෙඩියක් ඔළුවට වැටෙයිද කියලා ඇයි ඉතිං එක ගෙඩියක් පොල් ගෙඩිය ක් විතර සයිස් එක අත්තේ එයින් ගෙඩි දෙක තුනක්ම තියනවා! අම්මො!ඒ වගේමයි වත්ත පුරා තියන ජම්බු ගස්.. දකින දකින් අත පොඩි පොඩි ජම්බු ගස්.. ගෙඩි නිකං ලයිට් දාලා වගේ.. ඉදිලා බාගයක්ම බිමත් වැටිලා..මං

ඔය පරිසර සවාරියෙන් පස්සේ ගෙට ගොඩ වෙනකොට මෙසේ උඩ නියම කිරිබතක්! ආව් නිකිං මැණික් දැක්කා වගේ..!!! එයිනුත් තුන් හතරක්මත් කාලා.. ආයේ අපි හටංගල නෑ ගෙදරකට පිටත් උනා.. අතරමඟ පුරාණ රජමහා විහාරෙකටත් ගොඩ උනා.. ඒක වලගම්බා රජතුමාගේ කාලේ හදපු එකක්ලු.. ටිකාක් විතර දඹුල්ල පන්සල වගේ.. ඒ කිව්වේ කළුගල් ගුහාවක් ඇතුලේ තමයි පන්සල හදලා තියෙන්නේ.. හැබැයි ඉතිං නිදන් හොරුන්ගේ තර්ජන වලට නම් අප්‍රමාණව බඳුන් වෙලා.. දැක්කම හරිම දුක හිතෙනවා.. මොනා කරන්නද ඉතිං?

එයින් මෙයින් නෑ ගෙවල් වල ගිහින් ආයේ දවාලත් සප්පායම් වෙලා අපි රත්නපුර හරහා කොළඹ බලා පිටත් උනා.. අතර මඟ ඉතිං ආයෙමත් ගෙවල් දෙක තුනකටත් ගොඩ වැදිලා තේ වලින් සප්පායම් වෙවී අපි රෑ එකොළහට විතර කොළඹට සැපත් උනා..!
එයින් පාර දිගේ 2-5 වෙනකම් ලියවෙච්චි අපේ දිග...සවාරිය අවසන් වෙනවා.. ඒ එක්කම පාරදිගේ සටහන් පේළියත් අවසන් වෙනවා. මොකද අපි ආයේ පාර දිගේ දිග ගමනක් ගියේ ඉලං ගේ මළගෙදර වෙනුවෙන්.. ඒක මේ වගේ මතක් කර කර ලිය ලිය විඳින්න සුදුසු දෙයක් නෙවෙයි කියලයි මට හිතෙනේනේ.. ඒ නිසා ඒ ගැන ලියන එක අතහැරලා දාලා පාර දිගේ මෙයින් අවසන් කරනවා..

සටහන් පෙළ අවසන් උනාට අපි තාමත් මහපාරෙම තමයි..!
ඔය පන්සල වැලිගෙපොල කොට්ටියාර්මුල්ල නේද?
ReplyDeleteමහ පාරේ උනත් මොකද මාලියො මේ අපූරු අපූරු තැන වලට යන්න එන්න තියේ නම්............
ReplyDeleteඇති යන්තං ඉවර කලා... :P
ReplyDeleteඅම්මෝ මෙයා ලියලාත් ඉවර කරලානේ.
ReplyDeleteමම හිතන්නේ අපේ ගමත් එක්ක මම අදටත් වැඩියම බැඳිලා ඉන්නේ ඔය ගස් හෙම හින්දා වෙන්න ඕනේ. අවුරුදු ගාණකින් ගමට ගියත් ගමේ මං වෙනුවෙන් බලන් ඉන්න ගස් තියෙනවා. සමහරක් ගස් වල ගෙඩියක් හැදුනාමත් මම වෙනුවෙන් තාම වෙන් වෙලා තියෙනවා. කොයි තරම් අසනිපෙන් හිටියත් මමත් ඉතින් ඔය ගස් අස්සේ රවුමක් නොගහා නම් ගමේ ගිහින් එන එක බොරු.
මේ අර ගෙඩි වලට මම නම් කියන්නේ ජම්බෝල. ඒවා වර්ග දෙකක් අපේ වට්ටේ තියෙනවා. කොහොමත් වත්තේ පළතුරු වල හොඳම හරිය රිලවුන්ට නිසා ඔය එහෙන් මෙහෙන් ඉතිරි වෙන්නේ රඹුටන්, ජමනාරන්, දොඩන්, ජම්බෝල, මැන්ගුස්ටින්, උගුරැස්ස, අලි පේර, වෙරළු, පේර, කෙසෙල්, දං,නෙල්ලි, අඹ, ලොවි වගේ දේවල් තමයි. ඔය ලිස්ට් එක නම් තව දිග වෙන්න ඕනේ. ඒත් ඔය ගස් දකිද්දි නම් මතක් උනාට මටත් ඔය හැමදේම මතක නෑ.
මේ ඔක්කෝම එක්ක මට තවත් මගේ ගම මතක් වෙන එකයි වෙන්නේ.
කමෙන්ට් එක අද විතරක් දැම්මට, මේ සටහන් පෙළ ඉතාම ආසාවෙන් කියෙව්වා..
ReplyDelete:)
හරි එහෙනං චාරිකාව ග්‍රන්තාරූඩයි. කැපයි. තීන්දුයි. (හරේ මල්ලි ටක්ගාලා ඔය පොල් ගෙඩිය ගහන්න) ;-)
ReplyDelete