අර අන්තිමට මං කිව්ව විනාඩි පහේ නින්දෙන් පස්සේ මම නැඟිටිද්දි හත් වළාමයි ඉරත් පායලා.. කට්ටිය මං නිදාගත්ත ටිකට කතාබහ අහවර කරලා නිදාගෙනත් නැඟිටලා.. මං විතරක් දොයි! හප්පා.. මං ඉතිං කවදාවත් බදුල්ලට උදේ වෙනවා දැකලා තිබ්බේ නැහැනේ.. වැඩි වෙනසක් නෑ මෙහේ වගේමයි.. හැබැයි ඉතිං ලා සීතල ගතියකුයි මීදුමයි තිබිලා තියනවා.. ඒ බව දැනගත්තේ මං දොයි වෙලාවේ සංචාරේ ගිය අපේ ලොකු නෝනා කැප්චර් කරලා තිබ්බ ෆොටෝ වලින්.. නැත්තං ඉතිං කොළඹට උදේ වෙනවා වගේම තමයි..ඉතිං කට්ටිය ටක් ටක් ගාලා ලෑස්තිවෙලා බිල් එහෙම සෙට්ල් කරලා එළියට බැස්සා මොකද ලොකු දවසක් ඉස්සරහට තියෙනවානේ..!
කලින් දවසේ රෑ කොත්තු වලින් ගෙවුන නිසා හැමෝටම ඕන උනේ උදේම කුසට යමක් දාගන්න.. ඒකට සෙට් වෙන තැන තීන්දු කරෙත් අපේ කූෂාන් යුවල.. අනේ ඉතිං මං ඔය කිව්වට මට කඩේ නම නම් මතක නෑ.. හැබැයි බදුල්ල ටවුන් එක මැද මයි තියෙන්නේ.. ගෑණු අය තමයි වේට්‍රස්ලා විදියට ඉන්නේ.. ඉඳිආප්ප, පිට්ටු, පාන්, කිරිබත්, ඇතුළු බොහෝමයක් කෑම වර්ග වලින් පිරුණු ලස්සනට හදලා තියන පුංචි පහේ හෝටලයක්. එතනින් ඉතිං කට්ටිය කැමති කැමති කෑම ජාති එහෙම කාලා බීලා අපේ ගමන ආයේ පටාන් ගත්තා.. අපි තුන් දෙනෙක් කාර් එකෙත් අපිට මඟ පෙන්වන්නත් එක්ක කුෂා යුවල දඬුමොණර යානාවෙනුත් පිටත් උනේ සුන්දර දුන්හිඳ ලලනාව හොයාගෙන...
ඇතුල් වෙනකොටම තියන ප්‍රධාන අලෙවි සැල් පහුකරගෙන ප්‍රවේශපත් අලෙවි සැලෙන් අවසරපතුත් අරගෙන අපි ඉතිං ගමන පිටත් උනා.. පිටත් උනා කිව්වට ඉතිං එක තැන වගේ තමයි ඇයි ඉතිං කැමරා පහක් අතේ තියාගෙන කොහොමද පස්දෙනෙක් ගමනක් ගියාම දකින දකින රිලවයි මකුළුදැලයි අරකයි මේකයි අරයවයි මෙයාවයි හැම එකාවම ෆොටෝ ගහන්නේ නිකං දැලිපිහිය අහුවුන රිලාපැටව් වගෙනේ. (එහෙම නැතුවත් බෑ ඉතිං) ඒ උනාට ඉතිං තව එක්කෙනෙක් නම් කිව්වේ අපි ඉක්මනට ගිහිං එනකොට ඔය වැඩ කරමු කියලා.. ඒ උනාට එහෙම බැහැනේ.. එනකොට දැන් පහුකරගෙන යන ඒවා නොතිබුනොත්!!!! නේ?
ඔය විදියට ඉතිං විහිළුවෙන්.. තහළුවෙන්..හිනාවෙන්..ජොලියෙන්.. ආතල් එකෙන් දුන්හිඳ හොයාගෙන හොයාගෙන අපි ගියා...
මඟදි නොදැනිම වගේ ඇති වෙලා තිබුන මහන්සිය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දාන්න දුවිලි වලා වගේ විසිරිලා යන වතුර බිංදු වලට පුළුවන් උනා.. ඒ සුන්දර දසුන් දකින්න ලැබුන එකම කොයි තරම් දෙයක් ද.. ඒ සෞන්දර්යයේ මිහිරියාව.. දුන්හිඳ කොමළියගේ ගායනා.. හැමදෙයක්ම එකතු වෙලා පුදුම විදියේ ලස්සනක් සැනසීමක් මවලා තිබුනා.. අහෝ! එත් අපි ගිහින් ටිකකින් එතනට පැමිණි 30කගේ පමණ පිරිසෙන් ඒ සියල්ල නැතිවෙලා ගියා! (මොනා කරන්නද ඉතිං හැමෝම එක වගේ නැහැනේ!!)
දුම් ඇඳිලි.. ෆොටෝ ගැහිලි. බෙලි මෙරිකිලි එහෙම අහවර උනාට පස්සේ අපි ආපහු යන්න තීරණය කලා..!!!! @$$(@*%$$$$!!!!!!! ඒක තමයි එදා මම අමාරුවෙන්ම ගත්ත තීරණය.. මොකද දුන්හිදෙන් සමුගන්න කොටම තියෙන්නේ උඩට නඟින්න තියන පඩි10ක් 15ක් විතර තියන ටිකක් තියුණු නැග්මක් එක්ක පඩිපෙලක්.! පළවෙනි පඩියට කකුළ තියද්දිම මම දැනගත්තා මට යන්න බෑ කියලා.. (බැරි උනත් ඉතිං යන්න එපැයි.. වඩාගෙන යන්නවත් ඉතිං කෙනෙක් නැහැනේ.. හිටියත් ඉතිං මාව වඩාගන්න කිංකොන් වගේ එකෙක් වත් එපැයි අඩුම ගානේ.. එහෙම උනුත් නැහැනේ ඉතිං) වැඩිය කියන්න දෙයක් නෑ ඉතිං.. යන ගමනට වඩා සිය ගුණයක් අමාරු උනා ආපහු එන ගමන.. කට්ටියත් එක්ක යන්න ගියොත් ඒක අනිත් අයගේ විනෝදෙත් නැති කරන වැඩක් වෙන නිසා අනිත් අයට යන්න කියලා අපි දෙන්නා හෙමින් හෙමින් ගියා.. පඩි නඟින්න තිබුන හැම වෙලාවකදිම මට අසනීප ගතිය දැනුනා හොඳටම (ඔහොම තමයි ඇඟ හොරු උනාම ඉතිං.. මං ඒක පිළිගන්නවා.. සෝ නෝ බයිටින් ප්ලීස්!) උදේ ෆා ගෙන් ගමන පිටත් වෙද්දිම ලැබුන අඹ කෑල්ලේ ඉදං හැම දේම ආපහු කටින්ම පිට කරලා යන්තං ශේප් උනා.. ඒ එක්කම මඟ තිබුන බංකුවක විනාඩි 5ක් විතර ලැජ්ජාව පැත්තක තියලා ෆුල් සැප නින්දක් ගත්තට පස්සේ නැති වූ ජවය නැවත එකතු උනා මං හිතන්නේ.. කොහොමින් කොහොම හරි අනිත් අයට වඩා පැය භාගයක් (පැයක් ද මංදා) විතර පස්සේ ආයෙමත් අපි ගමන ආරම්භ කරපු ප්‍රවේශ දොරටුවට පැමිණියා.. ! කොහේ ගියත් වෙන පරිදි ඉතිං ලාවට ස්වනියර් ශොපින් පාරක් එහෙම දාලා අපි දිවා ආහාර වෙනුවෙන් පිටත් උනා ඒ අපේම කෙනෙක්ගේ ගෙදරට.. අන්න එතනදි තමයි මගේ සිහිනයක් ඉටු උනේ..! මඤ්ඤොක්කා කොළ මැල්ලුම කන්න ලැබුනේ.! ෂාහ්... ඒක රසයි නේනන්ම්.. ඒවා ඇතුළු තව මොන මොනාද එක්ක බංඩි පිරෙන්න බයියං කාලා.. අපි බදුල්ලෙන් පිට වෙන පැත්තට ඔළුව හරවා ගත්තා.. කුෂාන්ටයි අපේ අයිස් කුට්ටියටයි සමුගැනීම සටහන් කරලා අපි ෆා කෙලීවත් ඇන්න බණ්ඩාරවෙල බලා පිටාත් උනා..
බණ්ඩාරවෙල සතිපොලෙන් වෙජිටබල් ශොපින් ටිකකුත් කරගෙන ඊළගට අපි නතර උනේ ෆාගේ සුන්දර ගෙදර.. යනකොටම ෆා ගේ ජින්ජි දොර ළග ඉදලම අපිට හායි කිව්වා.. ඊව්නින් ටී එක ෆා නිවසින් අරන් අපි ෆා ටත් ටටා කියලා බණ්ඩාරවෙලෙනුත් සමුගත්තා..ආයෙමත් ඉතිං ගමනේ යා... වෙලා එදා රැයේ අපේ නවාතැන උන බලංගොඩ නිවසට ළඟා උනා..! ගෙදර වත්තේ තිබ්බ පලතුරු ගස් ඒ තැන් වල ඒ විදියට පලදාව තියෙනවාද කියලා මහ රෑම බලලා පහුවෙනිදාට දෙන්නං බැටේ කියලා ගස් වලට කියලා පොඩි අක්කාගේ රෑ කෑම වේලෙන් සප්පායම් වෙලා ගමන් මහන්සියටත් එක්කම මං නම් කලින්ම නින්දට ගියා..!
අර උදේට කෑම කාපු තැන ජාඇල හොටෙල් වගේ මට මතක. මතක නැද්ද අපි ඒ නම ගැන කතා කලත් එක්ක.
ReplyDeleteදුන්හිඳ ගමන නම් මටත් අමතක වෙන්නේ නෑ.. අන්තිමට අර රිලව් ටිකත් මගෙන් අහනවා කොහෙන්ද මේ වගේ රිලව් නොවන රිලව් එක්කගෙන ආවේ කියලා.
ආනේ මගේ ජින්ජි පූචාත් ඉන්නවා.. ආයේ මුල ඉඳන් ගමන ගියා වගේ මට නිකන් මේක කියෙව්වහම. ඔයාලා දෙන්න එනකල් අපි පොඩි ගස් පාඩමක් ඉගෙන ගත්ත වගේ මට නිකන් ලාවට මතකයක් තියෙනවා.. :D
ReplyDeleteඔය කියන දවසෙ මට මතකයි සෑහෙන්න කාලෙකට පස්සෙ මට ජීවිතේ කලකිරුණා...
ReplyDeleteread
ReplyDeletehttp://athugalaruka.blogspot.com/
ඈහ්... ගමං නං අන්න ගමං... අර හීන්දෑරි කිංකොං වත් නොහිටින්න උඹ තාම අර කන්ද නගිනවා මලියෝ... දැන් ඉතිං ට්‍රිප් එක ග්‍රන්තාරූඩ කරා වගේ තමා. ආ... තව කොටසක් තියේ නේද? බලංගොඩින් එහාට...
ReplyDelete