Friday, December 18, 2009

බණ්ඩා කොළඹ යෑම හෙවත් මලී fb යෑම.


:0 මලී ෆෙස් බුක් එකේ???
යා යා...
මේ වෙන වැඩ නැති හින්දා ඔන්න ඔහේ එකට ආයෙමත් රිංගුවා.. ඇත්තම කියනවා නම් මට කලින් ෆෙස් බුක් එකවුන්ට් එකක් තිබ්බා.. ඒ වුනාට ඉතිං ඒක ‍ඔහේ තිබ්බා මාත් හිටියා.. ඇති පලක් නෑ..ඉතිං ඔහේ කැන්සල් කරලා දැම්මා.. අනික ඒකේ තිබ්බේ මලී ගේ අයිතිකාර ගෑණු ළමයාගේ විස්තර නේ.. මලීගේ යාළුවන්ට එයාව වැඩක් නෑ.. ඉතිං එයාව අයින් කරලා ඔන්න මලීම ‍ෆෙස් බුක් එකට පය ගැහුවා..
ඕකට වග කියන්න ඕන දුකා ප්‍රමුඛ තුන්පත් රටා වේ කට්ටිය. හෝව් හෝව්.. දැම්ම ‍ඔබන්න එපා.. තාම පටන් අරන් නෑ.. දන්නවා ඇතිනේ දේශීය නර්තන හා කළා කටයුතු ගැන කරන්න යන අළුත් බ්ලොග් එක.. ඔය වැඩේට ඉතිං මං තෝරු මෝරු අස්සේ හාල් මැස්සෙක් වගේ තමා.. ඒ වුනාට ඉතිං වැඩක් බාරගත්තට පස්සේ පස්ස ගහන එක හොද වැඩක් නෙවෙයි නේ.. ඉතිං නෑ බෑ නොකියා වැඩේට එන්ටර් වෙන්නයි කල්පනා කලේ.. (අනේ පොත් ගුලේ කට්ටිය තරහා වෙන්න එපා.. ඒකටත් ලියලා දෙන්නම් හොදේ) හැබැයි ඉතිං මලීගේ අම්මා මලීට හැමවෙලේම බනින්නේ තව වැඩක් පටන් ගන්න කලින් කරන වැඩේ ඉවර කරලා ඉදපාන්.. කියලා..ඒ වුනාට ඒ පුරුද්ද මලීට නෑ.. ඉතිං වැඩ ගොඩක් පටලගන්න වෙලාවල් අනන්තයි.. හැබැයි ඉතිං මලී ඇතුලු ගැහැණු පරපුරම හැදිලා තියෙන්නේ මල්ටි ටාස්ක් බ්රේන් එකක් එක්ක හින්දා ඒවා එච්චර ගේමකුත් නෙවෙයි..
ඉතිං දැන් ආයෙමත් මුණු පොත පැත්තට ගියේ මොකෝ කිව්වොත්.. ඔය තුන්පත් රටාවේ කට්ටිය සෙට් වෙන්නේ ස්කයිප් එකේ කිව්වනේ.. ඉතිං මලී ස්කයිප් එකත් දාගත්තා.. මෙන්න එකට ගියාම ෆේස් බුක් එකේ කතා වෙච්චා කියලා ඉරිදා පත්තරේ වගේ එකක් දික් කරා.. තකහනියක් මලීව අප්ඩේට් කරන එක ඒ අයට වදයක්නේ.. මොකටද අනිත් අයට වද දෙන්නේ කියලා.. මලී එයාගේ මූණත් පොතට එක්කහු කරා ඕන්න..
කලින් වතාවක් හිටියා උනත් මම ඉතිං ඔවායේ අනම් මනං ඔබන ලමයෙක් නෙවෙයිනේ.. ගියවතාවේ ‍එකවුන්ට් එකෙත් වැඩ ගොඩක් කරලා දුන්නෙත් යාළුවෙක්.. ඉතිං මේ වතාවෙත් නිකං මොනාද‍ මොනාද වගේ.. අනේ මන්දා ලොග් වෙන්නත් කලින් යාළුවෝ ඇඩ් වෙලා ඉවරයි.. පුහ්..!!! ඒකෙත් හැටි අම්මපා..!! පේන හැටියට දැනටම යාළුවෝ 23 ක්ම ඉන්නවා.. අනේ මන්දා එච්චර කොයින්ද කියලා.. කොහොම හරි කමක් නෑ
ඉතිං අතිං පයින් යන එකක් යෑ.. නැද්ද? ඉතිං දැන් ඔන්න මලී එහේ ඉන්නවා.. හැබැයි වැඩි වැඩ නෑ හොදේ..

දැන් අපේ බුරූ මැඩම් කියලා තිබ්බා බ්ලොග් එක ගෙදර කරගත්තට ෆේස් බුක් එක ගෙදර වගේ කරගන්න එපා කියලා..අනේ ඉතිං අපේ අම්මා කියලා තියෙන්නේ යන තැනක ඉන්න තැනක ඒ තැනට ආදරෙන් තමන්ගේ දේ වගේ රැකගෙන ඉන්න කියලා.. එතකොට ලු හරියන්නේ.. ඒක හින්දා දැන් මොන බයිලා ගැහුවත් ඉදිරියේ මලී ‍මුණුපොතේ පදිංචි වෙයිද දන්නේ නැහැ.. නැත්තං පැත්ත පලාතේ නොයා ඉදීද කියන්නත් බෑ..ඒවා ඉතිං අනාගතේට බාරයි.. දැනට ඉතිං මලී ළමයා ෆේස් බුක් එකේ අතරමං වෙන්නයි යන්නේ.. ඔය නොදන්න කමට ඒවා මේවා ඔබන්න ගිහිං වැරදි වැඩ කරලා තිබ්බොත් සමාවෙන සේක්වා.. මේකත් ලිව්වේ මේ ජොලියට ව‍ගේ..
මට පේන හැටියට අපේ නෑෂ් ලොක්කා අද Digsby ගැන ඇඩ් එකක් දාලා තියෙන්නේ මටම වැඩක් ගන්නද කොහෙද.. ඒකත් නරක නෑ වගේ.. මමත් දැන් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැතුව මේ වැඩේ හරියන්නේ නැහැ වගේ...එහෙනම් මම ගියා.. හැමදෙනාටම ජයවේවා...

18 comments:

  1. හෙ හේ... මමත් උඹගේ FB යාළුවෙක් වෙලා..
    මට නම් FB ඒකේ ඇති ආතල් එකක් නෑ, වෙලාවක් නැති නිසා වෙන්නැති...
    කොහොම උනත් වෙල්කම් මචෝ !!!!!

    ReplyDelete
  2. එල නෙව . මටත් පිස්සා මේ ගැන කියනකං ඔලුවට ආවෙ නෑ. පස්සෙ තමා මතක් උනේ උඹත් මට කිව්වා නේද කියලා චැට් එකේදී...!කියලා. අපේ දුකා කියන විදියට මට කොහොමත් short time memoryloss නෙව. මොනව උනත් මමත් ඕනේ දෙයක් වෙන්න කියලා මමත් එව්වා මිත්‍රාරාධනාවක්. ඔන්න සුනංගු නොවී ඇක්සෙප්ට් කොරනවා හොඳයි.., හරිය...?

    ReplyDelete
  3. අහ් . . එල එල . . . අපිම ඉන්න ඕන ඉතින් ඔය තැන්වල ආපහු පාරක් වන්දනා කරවන්න . . .

    සිරීපාදේ ගියාම අර කෝඩු කාරයන්ව ගලේ නළල උලලා බෞතීස්ම කරනවානේ එත් උඹව එහෙම කොරන්න වුනේ නෑ නේ කලින් මේකේ හිටිය නිසා .

    අපරාදේ උඹේ අර උපන්දා ඉඳන් තියෙන බෙහෙත් නැති පිස්සුව හොඳ කරන්න තිබුනු චාන්ස් එක (ටිකක් හයියෙන් ඔලුව ඔබලා) නැති වුනු එක ගැන තමයි දුකාට දුක . . .

    ReplyDelete
  4. පයර් පොක්ස් එකේ පිට් රිඩට් එකෙන් සන්සදයේ බිලොග් ලෑස්තුව දිහා ඈහැක් ගැව්වාම "මලී fb යෑම" කියන නමට බින්කුගේ ඈස් බෝල අඩ ගියා. හිටු කියලා බුක්කුවට දිව්ව බින්කුවා මලීගේ ආරාදනාව දැකලා එකට ප්‍රතිචාරේ දීලා පිටුවට ඈවිත් like මනාපත් දාලා දැම්මා. කෝ ඉතින් බින්කුවට දැන් මලීව ටෝක් හරි සයික්ප් එකේ සැට් වෙන එකක්යැ? ඕං උන්දෑ ඉන්න වෙලාවක බහක් දාපංකෝ සැපක් දුකක් අහලා.

    ආයුබෝ වේවා කිව්වා බුක්කුවට! පරිස්සමෙන් කාරිය මාරිය කොරන්නට, අනං මනං ඈප්ස් ගෲප්ස් පැන් පේජ්ස් එක්කෝටම මනාප දීලා බින්කුවා වගේ පස්සේ පසුතැවිලි වෙන්ඩ එපා.

    ReplyDelete
  5. නියමයි.. මමත් ඔය පොත අස්සට (ආපහු) පැන්නේ පෙරේදා :p

    ReplyDelete
  6. ඕං මමත් friend request එකක් දැම්මා. accept කරන්න.

    ReplyDelete
  7. මාවත් කොහෙන් හරි හොයා ගන්න. දුකා අයියාගේ ලිස්ට් එකේ ඉන්නවා.

    ReplyDelete
  8. ඇතියන්තම් ‍හොයාගත්ත මලී අක්කව. ඔන්න ඇඩ් කරගත්ත. :)

    ෆේස්බුක් හරහා මිත්‍රත්වයේ දෑත් දිගු කරන සේකාවාඃ! :)

    ReplyDelete
  9. අපොයි මන් නම් මේ ඕකෙන් අයින් වෙන්න කියලා ඉන්නේ
    මගේ (නො)වටිනා කාලයෙන් බාගයක්ම් ඕක කනවා.
    ඒත් කමක් නැහැ ඔන් මාත් එව්වා මිත්‍රත්වයට ආරාධනාවක්.

    ReplyDelete
  10. මමත් ඕක නිසා හෙන කටු කාලා තියෙනවා.. මමත් ඕකෙ වැඩකට ඇති වැඩක් නම් කරන්නෙම නෑ වගේ...

    ReplyDelete
  11. අපිවත් අමුවෙයිනෙ

    ReplyDelete
  12. ආයිෂ් අම්මා ගුන්ඩු!! ඔන්න මාත් එවනවා friendship request එකක් නිකං ජොලියට වගේ.

    ReplyDelete
  13. හෆොයි! කොහොමද මලීව හොයාගන්නෙ ? :S

    ReplyDelete
  14. හරි ශෝක්! දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් ෆොටෝ ටැග් කර කර, කමෙන්ට්ස් දම දම, ඇයි තව ඔය barn buddy හරි sorority life වගේ ගේමකට සෙට් වෙලා ආතල් එකේ ඉන්න බැරිය! හිකිස්

    ReplyDelete
  15. කාලේ කන්න කියාපු බඩුව ;-) ගුඩ් ලක් :-P

    ReplyDelete
  16. මාව ඇඩ් කරගත්තු හැමෝටම ස්තූතියි....

    ReplyDelete
  17. මේකට බ්ලොග් පෝස්ට් එකකුත් ලියලනෙව.
    මට නම් ඉතිං කලිංම අහු උනා‍ නේ.
    බණ්ඩා කොළඹ ගියාට වඩා හපන් වැඩක් අර fb එකේ කිවුව විදියට කලා නම් :)
    එහෙම උනානම් ඉතිං මේක බණ්ඩා අයින් කරල මාලි කොලඹ ගියා වගේ කියල වෙනස් කොරන්න වෙනවා. :D

    මමත් මේ අවුරුද්දේ FB එක පැත්තෙ යන එක අඩු කරන්න හදන්නේ.

    ReplyDelete
  18. මේ මලී අක්ක නේද මට ෆුඩ් සිටි එකේදි හම්බුනේ??? දුන්හිඳ ගිහින් එන ගමන්....

    ReplyDelete