Tuesday, December 8, 2009

නිමක් නැති නමක් නැති ස්තූති සටහන

අන්තර්ජාලේ කියන්නේ කොයි තරම් පුදුම තැනක් ද? පට්ටම පට්ට නරකයි කියන දේවල් වගේම උතුම්ම දේවලුත් මේක අස්සේ තියනවා.. හරියට නිකං ම්ම්ම්.. ‍නෙල්ලි ගෙඩියක් වගේ.. ජි‍විතේට හොද දේවල් එකතු කරගෙන හැදෙන්නත්.. කුණුගොඩවල් එකතුක‍රගෙන නන්නත්තාර‍ වෙලා යන්නත් අන්තර්ජාලේ ඇවිදින කෙනෙකුට පුළුවන්.. එහෙම බලද්දි හරියට ගින්දර වගේ.. හරියට බාවිතා ක‍රොත් ලොකු වැඩක් ගන්නත් නැත්තං පුච්චගෙන පැත්තකට වෙන්නත් පුළුවන්...
අනන්තය තරම් දිගට යන්න පුළුවන් ජාලයක් ඇතුලේ මං මේ කථා කරන්නේ අපිට හම්බවෙන මිනිස්සු ගැන. ඒ කියන්නේ ජාල මිතුරෝ.. එහෙම නැත්තං වර්චුවල් ෆ්‍රෙන්ඩ්ස් ගැන. ඒකත් නැත්තං මගේ දුප්පත් භාෂාවේ නමක් දෙන්න මම දන්නේ නැති මිතුරොත් නොවන නන්නාදුනන්නොත් නොවන මිනිස්සු ගැන. මෙය ලියන මමත් කියවනවානම් ඔබත් මේ කොටසට අයිතියි..
හිතන්න ඔබට කොයි තරම් පිරිසක් අන්තර්ජාලෙදි මුණගැහිලා තියනවාද? මට...?? අනේ මන්දා මම ගණන් කරලා නෑ.. මම චැට් කරපු.. community forum වල thread දිගේ කයිය ගහපු බ්ලොග් වලින් විතරක්- බ්ලොග් ලිපි හරහා පමණක් මුණගැහුන පිරිස සේරම 500+ ‍ඇති.. ඔය බොහෝ දෙනෙක් කාලෙකට විතරයි.. ඒ කියන්නෙ අද ඉන්නවා හෙට නෑ.. එහෙම නැත්තං වෙනත් පුද්ගලික හේතු මත නෙට් එන යන රැදෙන වෙලාවල් වෙනස් වෙලා.. එහෙම නැත්තං උවමනාවෙන්ම අතහැරලා.. ඔය විදියට කොයි තරම් පිරිස් අපිට දවස ගානේ මුණගැහෙනවාද? නෑ මුණගැහෙනවා කියන වචනේ වැරදියි.. හරි වචනේ මම දන්නේ නැහැ.
ගතවෙලා ගිය අවුරුදු 3ක 4 ක විතර කාලේ ගත්තම ‍ම‍ට මුණගැහිලා තියන අය හරි අපූරුයි.. අතිබහුතරයක් හොද මිනිස්සු.. මම දන්නේ නැහැ මොකක්ද හේතුව කියලා ඒත් මට නෙට් එකේ යාළුවෝ හැටියට හරි කයිය ගහන්න ගෑණු ළමයි සෙට් වෙන්නෙ නම් හරි අඩුවෙන්.. ඒ කොහොම උනත් මම හිතන දෙයක් තමයි ලංකාව වගේ රටක ජීවත් වෙන ගෑණු ළමයින් අන්තර්ජාලේ කියන්නේ නම් හරිම නිදහස් තැනක්.. ඒ නිදහස උපරිමව බුක්ති විදින කෙනෙක් හැටියටයි මම මේක ලියන්නේ.. උදාහරණයක් හැටියට මාත් එක්ක නෙට් එකේ කථා කරපු ‍පිරිමි සේරම අපේ ගෙදර එන්න යන්න ගත්තා නම් අහල පහළ ගෑණු ටිකට වෙන වැඩක් නැති වෙනවා මං ගැන දොඩවනවා ඇරෙන්න.. කාලයක් තිබ්බා පාන්දර 1-2 වෙනකම් ‍මැසෙන්ජර් වල හිටිය කොල්ලෝ සෙට් එකක් එක්ක සිංදු කියපු.. ඕවා ලංකාවේ ගෑණු දරුවෙකුට තමන් දිහාට ‍එල්ල වෙන ඇස් 1000කින් ගැලවිලා කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
අනික සමාජය බිහිකරලා තියන පුහු ආකල්ප වලින් උපරිම නිදහසක් ලබන්නත් ගෑණුළමයින්ට පුළුවන්.. අපි දරණ මත කෙලින්ම ප්‍රකාශ කරන්න.. අපිට අපි විදියට පෙනී හිටින්න..
ඒක හරි ලස්සන හැඟීමක්..
අනික තමයි මට දැනිලා තියන විදියට අපි සේරම අපි එදිනෙදා ජිවත් වෙන සමාජයේ කට්ටිය උනාට..ඒ සමාජයෙන් මිදිලා අපි මේ වර්චුවලි මුණගැහෙන සමාජය හරි ලස්සනයි.. සාමකාමී.. සහජීවන+ තව තව හොද දේවල් වලින් පිරිලා කියලා...


------
ඔය උඩ සේරම මං ගැහුව බයිලා.. අපේ සම්මානලාභී කතන්දර ශූරීන් තුමා කලින් කිව්වා ‍වගේ මං එක කථාවක් කියන්න ගියාම කථා 10ක් විතර පටල ගන්නවා..මොනා කරන්නද මගේ හැටිනේ ඒක.. :(

දැන් මේකයි..
ළග ළගම නත්තලයි 2010 අළුත් අවුරුද්දයි එනවානේ.. ඉතිං මට හිතුනා අපේ බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න.. (කොහොමත් ඉතිං හැමදාම වෙනස් කරන්නේත් ඒක විතරනේ.) ඉතිං මං ඊයේ එකක් හැදුවා. මොකක් හරි වාසනාවකට මගේ මොනිටරේ ඊයේ කලර් හරි ගිහිං තිබ්බා ඉබේම. ඒකයි ඊයෙම හැදුවේ.. මං ඉතිං ‍පිංතූරකඩේවත්..චිත්‍රපිටුවේ වත් වැඩකාරයෙක් නෙවෙයිනේ.. ඉතිං වර්ඩ් වලින් කලර් ශේඩ් කරලා.. පේන්ට් වලින් කට් කරලා.. සමහර අකුරු ලියලා ෆොටෝශොප් වලින් ඉතිරි වැඩ ටික කරලා තමයි ‍මේ පහළ තියන හෙඩර් එක හැදුවේ

ඉතිං අද හවස මේල්ස් බලද්දි මේල් බොක්ස් එකට අළුත් නමකින් මේල් එකක් ඇවිත් තිබුනා මචං මලී කියන ටොපික් එකෙන්.. කවුරුවත් නෙවෙයි රස්තියාදුකතා එතකොට ලිෂාන්ගේ බ්ලොග් රෝල එහෙම ලියන Lishwish ගෙන්.. එයා එයාගේ බ්ලොග් එකට හදපු ඒ‍ත් නොදා හිටිය හෙඩර් දෙකක් ටිකක් වෙනස් කරලා මට ‍එවලා.. එහෙම කරන්න එයාට ඇත්තටම උවමනාවක් නැහැ නේ.. ඒත් මම විශ්වාස කරනවා මිනිස්සු එහෙම කරන්නේ හිතවත් කමට කියන එක.. (ඒක මට ඉගැන්නුවේ මගේ තාත්තා..) ඉතිං මෙච්චර දිග සටහනක් ලිව්වේ ඒකට එයාට ස්තූති කරන්න. ගොඩක් ස්තූතියි ලිෂ් අයියේ. ඔයාට සමහර විට ඒක ‍පුංචි දෙයක් වෙන්න පුළුවන්.. ඒත් මේ ලොකේ ලස්සන වෙන්නේ හැම වෙලේම පුංචි පුංචි දේවල් ගොඩක් එකට එකතු උනාමයි.. එහෙමයි මම හිතන්නේ.

ඉවර කරන්න කලින්.. මට මේ දවස් වල තියන වර්ණඅන්ධතාවය නිසා අළුත් හෙඩර් එක දාලා ඒක තව ටිකක් සස්සන කරලා.. බ්ලොග් එකේ අනිත් පාට ටිකත් හරියට මැච් කරලා හදලා දුන්නු මීට කලින් මම පාවිච්චි කරපු හෙඩර් එකත් හදලා දුන්නු මට මේතාක් කාලෙකට අන්තර්ජාලෙදි මුණගැහුණු මිනිස්සු අතරින් හොඳමමමම මගේ මිනිහටත් තැන්ක්යූයූයූඋඋඋඋඋ

17 comments:

  1. මගෙත් වාසනාවටද මන්දා..මෙච්චර කාලෙකට මට නෙට් එකෙන් හම්බවෙලා තියෙන්නේ, ගොඩාක් හිත හොද මිනිස්සු..ගොඩක් සුන්දර චරිත..චැට් වල, ෆෝරම් වල...

    මම බ්ලොග් ලිවිල්ලට අළුත්, ඒත් මට මේ ඩිංගට නම් වලින් විතරක් වුනත් දැන ගන්න ලැබිලා ඉන්න සෙට් එකේ ලෙන්ගතු බව උපරිමේට දැනෙනවා..

    ඔයා කියපු කතාව හරි, ලංකාවේ අපි වගේ නිදහසේ හිතන්න කැමති, සාම්ප්‍රදායික රාමුවට කො‍ටු වෙන්න අකමැති, අපිට "අපි" වෙන්න ඕන ගෑණු ළමයින්ට නෙට් එක තරම් සප් එක දෙන වෙන තැනක් නෑ. කිව්වත් වගේ , හරියට පාවිච්චි කරනවා නම්, එළම කිරි භාණ්ඩයක් තමයි!

    ReplyDelete
  2. මාත් මේ ලඟදි තමයි බ්ලොග් ලියන්න ගත්තේ. මේ ටික කාලෙට හරි අපූරු යාලුවො ටිකක් මුණගැහුනා.

    ReplyDelete
  3. ලිශ් තමයි මගේ බ්ලොග් එකත් ලස්සන කරන්නේ.. ඌ හොද එකා. මට සිංහල ලියන්න උගන්නුවෙත් අපේ බ්ලොග් යූනියන් එකේම අය තමයි..මට බ්ලොග් කියන එක, කියලා දුන්නෙත් මුන්නැහේලම තමයි..

    අපිට ඉන්න ඇත්ත යාළුවොන්ට වඩා ඉක්මනට, මේ ඉන්ටනෙට් යාළුවෝ ඕනෙම දෙයක් කරලා දෙනවානේ.. ඒකත් වාසියක්....

    මට දැන් දුකට සැපට ඉන්නේ බ්ලොග් යාළුවො ටික තමයි,ඒත් ඒක මහ මෙරකට වඩා හිතට දැනෙනවා, තනියම ඉන්න කොට... හැමෝන්ටම ස්තූතියි...

    ReplyDelete
  4. ඔයා නම් අදහන්න වටින අක්කා කෙනෙක්. ඔයා ලියන අදහස් මාරයී. ඔය වගේ අදහස් දරන අය බොහොම ටික දෙනයී මෙතෙක් මට හම්බ වෙලා තියෙන්නේ. ඔයා ලියන අදහස් වල හෑටියට මම හිතේ මවාගෙන ඉන්න මලිට සමාන කෙනෙක් වෙන්න ඔනේ ඔයා.මම නිවෑරදී නේ ?

    මේ , 19 වෙනිදට ඔයා එනවද (SBU හමුවට)?

    ReplyDelete
  5. මටනම් ඉතින් සැබෑ ජීවිතේදි යාළුවෝ නැති ගානයි ඉන්න තරමක් ඉන්නේ ඔන්ලයින් යාළුවො. මම නම් ඒකට හරිම කැමැතියි.

    ගෑනුලමයි නෙට් එකේ නිදහසෙ හිටියට කමක් නැහැ ඒත් හරිම කල්පනාවෙන් ඉන්නවනම් තමා හොඳ මොකො පොඩි තැනකින් රිංගලා ලොකු විනාසයක් කරන්න මේකෙදි ලේසියි සැබෑ ලෝකෙටත් වඩා.

    ReplyDelete
  6. කියන්නත් අමතක උනා කලින් බැනර් එක හැදුවේ මනුස්සයද? ඒක නියමයි. මන් දවසක් ඔයාගේ බ්ලොග් එකේ තීම් එක ගැන හිත හිතා හිටියේ ඔය බැනර් එකත් එක්ක. මන් හිතුවේ ඔයාගේ අනික් සගය ඩිසයිනර් කෙනෙක් වෙන්න ඇති මිනිහා හදන්න ඇත්තේ කියලා. මනුස්සයව මතක් කොලා කියන්න හොඳේ...

    ReplyDelete
  7. මගෙත් පාසල්කාලෙ යාලුවොනම් ගොඩක් දැන් නෑ, ඉන්නෙ ඔන්ලයින් අය තමයි, ඒත් ඒ අයත් ගොඩක් හොද අය කියල තමයි මට හිතෙන්නෙ, ගොඩක් උදව් කරල තියෙනව චුට්ටක්වත් අදුරන්නෙ නැතිව.

    ReplyDelete
  8. නියම සටහනක් මලී . . . ඇත්තෙන්ම මමත් මේ බ්ලොග් හරහා අඳුනා ගත්තු යාලුවෝ ගොඩක් ඉන්නවා . . . වාසනාවාට් ඒ හැම දෙනෙක්ම ගොඩාක් හොඳ අය . . . කාලයක් ඇසුරු කරලා ෆිල්ටර් කරලා තෝරගෙන ලඟින්ම ඇසුරු කරන හොඳමා යාලුවන්ගේ ගානාට දැන් මේ අයත් පත් වෙලා. . . හේතුව විදිහට මම හිතන්නේ නොදැක නොදැන කතා බහ කරන නිසා බයක් නැතුව හදවත ඕපන් කරලා කතාකරන එක මම හිතන්න්නේ . . . එතකොට අපිට පහසුයි අපේ අදහස් සමග සමගාමී වෙනවානම් නැතිනම් අපිට හිතෙනවානම් මේ අය තවදුරටත් අපිට මිතුරු කමින් ඇසුරු කරන්න පුලුවන් කියලා හරි සැනසීමෙන් ඇසුරු කරන්න . . .

    ලිශ් ගැන කිව්වොත් ඌ ඇත්තෙන්ම හරිම පුදුම කොල්ලෙක් . . . කෙනෙක් උඩව්වක් ඉල්ලුවොත් උගේ වැඩ පාඩු කරගෙන හරි කරන කෙනෙක් කියල තමයි මම දන්නෙත් . . . සචී ට දවසක් පොතක් හමු වෙලා මම ඒකට ආසාවෙයි කියලා දන්න නිසා මගේ ලිපිනය ඉල්ලගෙන ඒක මට තැපැල් කරලා එවලා (තාම ඒක තැපෑලේ) ඩෝසායි පුළිනතලාවේ අක්කන්ඩියි මායි හැබෑවටම මුන ගැහුනු දවසේ එයාලා මට තෑගි කලෙත් පොත් ඔය වගේ තව ගොඩක් දෑවල් කියන්න ගියොත් මේක බ්ලොග් පෝස්ට් එකක් තරම් දික් වෙයි . .

    මට නිතරම හිතෙන දෙයක් තමයි අනේ මේ සුන්දර මිතුරු ඇසුරේ මිය යනතුරුම රැඳිලා ඉන්න තියෙනවනම් ජීවිතයට ඊට වඩා සැපක් තිබේවිද කියන දේ . . . . .

    ජයවේවා . . .!!

    ReplyDelete
  9. එහෙම නැත්තං වෙනත් පුද්ගලික හේතු මත නෙට් එන යන රැදෙන වෙලාවල් වෙනස් වෙලා
    අපිට වුණෙත් ඒකම නෙව. චික්, අක්කා එක්ක විතරක් නෙමේ ජංජාලේ මගේ යාළුවොත් මිස් වෙනවා, විශේෂයෙන් ලිෂානයියාව.

    ගොඩක් ස්තූතියි ලිෂ් අයියේ. ඔයාට සමහර විට ඒක ‍පුංචි දෙයක් වෙන්න පුළුවන්.. ඒත් මේ ලොකේ ලස්සන වෙන්නේ හැම වෙලේම පුංචි පුංචි දේවල් ගොඩක් එකට එකතු උනාමයි.

    ලිෂානයියා හැමවේලේම අපිට උදව් පදම් කරන්නේ ඒක සුළු දෙයක්යැයි තකලා, ඒත් ඒ සුළු දෙය වුණත් අපිට අපේ ජිවිතයට ඇති වටිනාකම මිල කරන්න බෑ, එතරම්ම දෙවල් ඔහු ඔහුගේ සබැදියන්ට කරනවා. ඇතැම් අය දන්නවා මම මෙහේ ඉඳං පොත් ගන්න සෑහෙන්න උත්සහ කරලා තියෙන බවත් නමුත් අපේ රටේ හරි හැටි ජංජාල මාර්ගයෙන් සිංහල පොත් ඇණවුම් කරන්න විදිහක් නැතිව හත්මුතු පරම්පරාවම මතක් කර දුක් වෙද්දී ලිෂානයියා අපේ ලොකු අම්මා ලංකාවට සති තුනකට ආවිට මට අටවක පුතුත ඇතුළුව පොත් හතරක් දුන්නා. ඒ පොත් හතර මට ලැබෙනකොට නිකං කලාන්ත දාන්න තරම් පුදුම සතුටුයි.

    එදත් වගේම අදද මම ඉටා ගත්තා හැමදාමත් ඔහුටමගෙන් විය යුතු යුතුකම කෙසේ හෝ ඉටු කරනවා කියලා. ලිෂානයියා ගැන කියන්න බොහෝ දේවල් තිබුණත් එසේ දාන්නත් බැරි තරම් ව්‍යාකුලයි වගේමඒක දිග එකක් වෙවි. අනිවාර්යෙන් ඔහු හොඳ කෙනෙක්. බුදු දහමේ සඳහන් වෙනවා වගේම ඔහු වගේ හොඳ සහෝදරයෙක්. හොද මිත්‍රයෙක් ලැබිමත් පෙර පිනක්.

    මේ ලිපිය කියෙව්වාම ආපහු එදා වගේම ජංජාලයේදී බිලෝගයේදී මිතුරන් ඇති කර ගන්නත් පරණ හා අළුත් අය එක්ක සම්බන්ධතාවය තියා ගන්නත් හිතුණා.

    ReplyDelete
  10. හ්ම්.. මේක වෙනම කථා කරන්න ඕනේ මාතෘකාවක් මලියෝ.. මටත් දැන් වැඩිපුරම ඉන්නේ අන්තරජාලයෙන් හම්බෙච්ච යාළු යාලියෝ.. ‍හොඳ අත්දැකීම් වගේම නරක අත්දැකීමුත් මට නම් තියෙනවා...

    ඔයා අර අන්තරජාලය ගින්දර වගේ කියපු කථාව මාත් දැනට අවුරුදු 2කට විතර කලින් මං කරපු දේශණයකදි කිව්වා..

    ඇත්තටම අනික් හැමතැනකටම වඩා සිංහල බ්ලොග් වලින් හම්බෙච්චි යාළු යාලියෝ හොඳයි කියලා හිතෙනවා.. ඔක්කොම හිතක් පපුවක් තියෙනවා එවුන්.. අම්මපා...

    ReplyDelete
  11. ආයිත් අහලා ලිෂාන් අයියා මරු හිත හොඳ බුවා.එයා තමයි මගේ බ්ලොගත් හැඩ ගැන්නුවේ.ඒකත් එයාගේ බලේටම වගේ.ඒ වගේම ඔය කියන ඉන්ටර්නෙට් සහෝදරකම ඇත්තටම හදවතට දැනෙන්න ගත්තේ ඔයා මගේ බ්ලොගේ "අනේ උඹ මගේම මල්ලී උනානං කියලා කියපු දවසේ".නියම ළිපියක්.ඒ වගේම මම මේක දැක්කේ ඩීප්ස් නිසා.එයාගේ මේකට ලියපු ලිපියත් මරු!

    ReplyDelete
  12. කට්ටියට වෙන වෙනම රිප්ලයි නොකරුවට කමක් නැහැනේ... හේතුව අන්තර්ජාලෙදි අපි හැමෝගෙම කථා බොහෝ දුරට එකයි.. ලිෂ් ගැන මම ලිව්ව දේ වැරදි නැහැ කියලා මේ කට්ටිය කියලා තියන දේ වලින් ආයෙමත් පැහැදිලි වෙනවානේ.. ඒ නිසා කට්ටිය වෙනුවෙන් අයෙමත් ලිෂ් සහෝට ස්තූතියි.

    ප්‍රියා මලයෝ - අපොයි ඔයා හිතන් ඉන්න තරම් මම perfect නැහැ.. මගේ වැරදි අඩුපාඩු ගොඩක් තියනවා.. හැමවෙලේම ඒවා හදාගන්න උත්සහ කරන එකයි මම කරන්නේ.. ඒ නිසා මං ගැන ඕනාවට වඩා හොද චිත්‍රයක් මවා ගන්න එපා.. සරළවම මම හොද නැහැ. 19 එන එක නම් ෂුවර් නෑ මල්ලි. ඒ ගැන මොකුත් කියන්න බැහැ.

    මරේ - යප්.. මනුස්සයා තමා හැදුවේ. එයා ඒ වැඩ වල ජීනියස් කෙනෙක්. හැබැයි දැන් නම් ඒ ෆීල්ඩ් එකේ නැහැ. අනිත් සගයා කිව්වේ නෑෂ් ගැනද? ඌ ඉතිං හෙඩර් හැදුවොත්...(ඉතුරු ටික මං කියන්නේ නැහැ)
    මං කියන්න දෙයක් නෑ. එයා මේවා දකිනවා.

    මුචා - දැන් ඔයා ලෑස්තිද මරේ අයියාගේ අළුත් ‍ටීවී ප්‍රෝග්රම් එකේ ප්‍රසන්ටර් වෙන්න?
    අනේ මට දීප්ස් ගේ ‍ලිපිය කියවන්න බැහැනේ.. මං හිතන්නේ එයා ඒක අයින් කරලා.

    ReplyDelete
  13. maru post ekakne malee meka :)

    mage jeevitheth mata dan wadipurama inne net eken set wechcha yaluwo thamai :D

    yahoo eken sindu kiyann bari una neda sahena kalekin :P

    ReplyDelete
  14. maru post eka :D

    oya harima wasanawanthai mei wage kattiyak inna eka gana. mokada godak controversial subjects post karana ayata ena reply hudek upakalpana matha goda nagunu pudgala muula mada prahaara. Forums walath ehemai. Eth sabaa loke nam thathwe oyta wada wenas. ehema wenne adala pudgalayawa pawudgalikawa dana siteema nisa online discussions waladi wage upakalpana walata noyaama.

    p.s
    hmm mama danne nahane oyata sindu kiyanna puluwan bawa :P

    ReplyDelete
  15. Kasun - Thanx buddy :)

    Shiwa - appoi api dannawa ube yaluwo senawa gena...
    ekane den gayakoyo agiya athak nehe ne ban.. ithin mona sindu da? :p

    Dhamz - budu ammoo dekka kal... hena busy wage neda???
    Oya kiyala thiyana de eththa malli.. sebe jeewithai online jeewithai 1k newei 2k..

    appa.. mata hodata sindu kiyanna puluwan.. ahan inna ayata thamai tikak amaru.. :p

    ReplyDelete
  16. මම නම් ටිකක් විතර භෞතිකත්වය විස්වාස කරනවා මොකද මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා නිකන් නෙට් එකේ විතරක් ටෝක් දෙන උන්දැලා... අපිට තනි බ‍්රව්සරේ ටැබ් 4-5 ඕපන් කරගෙන වැඩ 4-5 කරනවා වගේ භෞතිකවත් කරන්න පුළුවන් නම් හරි.. එතන වර්චුවල් ලෝකය හා සැබෑව අතර පොඩි පරස්පරයක් හිටිනවා...

    ReplyDelete