Wednesday, October 29, 2008

පිංතූරයක් හා අදහසක්


මතකයි මීට පස් හය වසරකට පෙර
දැණුනා මොහොතකට ලෝකයම
මා දෑත් මත මෙන්- ඉනුවා ‍සිහිල් කදුළු බිදු
එදා නුඹ උවන දුටුවාම
පිය පදවියේ බර දැනුනාම උර මතට
නුඹ ගුලි උනා මා දැත් මත උණුහුමට
පිපිදී එද්දි නුඹේ මුව කිරි සුවද පිරි
සිනාහාවෙන්... දොඩමලු වෙන බව
දැනුනි නුඹ සුරලොව අප්සරා හා

දෙදෙරා යද්දි මිනිස් සිත වෛරයෙන්
ඇවිලුනා දසත ගිනි කදූ ‍‍ද්ව්ශයේ
වැසුනු කළු දුමාරයෙන් අන්ධ විය
මනුස් දම් මොහොතකින්

දැණුනා මොහොතකට ලෝකයම
මා අතින් ගිලිහි වැටුනු බව
නැවතුනා කාලය මාවටා ඇති හැම දේ සමග
නුඹේ මලානික වතේ දුක් බර කදුළු වියැලී යද්දි
යළි යළිත් තෙත් වුනා මා දෙනෙත් දරු දුකින්
පියවිලා ‍නිල් දෙනෙත් ගත කඩමලු ‍වී ගොසින්
සෙනෙහෙන් වැඩු ගත පෙගීලා රුධිරයෙන්
සුරලොවින් ආ දියණි මා හැ‍ර දමා යළි
එහි ගොසින්....!

පරපුරක් තනනන්ට
නසා තව පරපුරක බිජුවටක්
නොපිපි මල් පොඩිකරන්
යන ගමන කොයි නතරවත් ?

මලී
29.10.2008

අවකාශේ වෙනුවෙන් ලියන ලදි

7 comments:

  1. මිනිසුනේ,
    මේ කොයි යන්නේ ?

    ReplyDelete
  2. මේ ජීවිතය නම් කෙලෙස් පථයේ සිදු නොවිය හැකි
    යැයි සැලකිය හැකි කිසිවක් නැත.

    ReplyDelete
  3. හ්ම් හොඳයි. හොඳයි.ලස්සනයි

    ReplyDelete
  4. හැම දෙනාටම ස්තූතියි !

    ReplyDelete
  5. කොහෙන් නතර වෙන්න යන ගමනක්‌ ද කියල දැන් වෙනකොට නම් දෙයියොවත් දන්නවද සැකයි.. :(

    කවිය ගැන නම් කියලා වැඩක්‌ නෑ.. ඇඟම හිරිවැටුනා කියවද්දි..

    ReplyDelete
  6. Hmmm...as dekata kadulu awa aththamai... :(
    harima apuruwata liyawunu nirmanayak....

    ReplyDelete
  7. mata nam mee pic eka dakkama mathak une bob dylan ge "Knocking on heaven's door" kiyana song eka! youtube eke hoyala balannako!

    ReplyDelete