Friday, October 17, 2008

හිත මිතුරු යාළු යෙහෙළි

ගොඩක් දවසකින් ආයේ පුංචි ‍බ්ලොග් සටහනක් දාන්න හිතුනා.....අද දවසේ අවකාශේ වෙනුවෙන් ලිය වුනු කවිය නිසයි හදිසියේ මේ සටහනත් යොදන්නේ.... ඇත්තම කියනවා නම් අන්තර්ජාලය කියන්නේ මට හොද මිනිස්සු ගොඩක් මුණ ගැහුණු තැනක් සියළු දෙනාම මුණගැහුනේ එළකිරි හරහා කියන දේ අමතක කරන්න බෑ...ඒත් කාලයත් සමග බොහෝ දේ වෙනස් වෙන නිසා දැන් වෙනකොට මුණ ගැහෙන තැනුත් වෙනස් වෙලා...එත් මතකයන් හැමදාමත් පවතිනවා.....අද රූපයට කවියක් වෙනුවෙන් සංකල්පනාවක් හිතද්දි හිතට බොහෝ යාළුවන් ගැන මතකයට ආවා මේ කවිය ඒ හැම දෙනාම වෙනුවෙන්


අපි

වෙන වෙන වයස් වල අපි උපන්නේ
සතර දෙස නුවර වල අපි හැදුනේ
අම්මා කිව්වේ වෙන් වෙන් අය හට නේ
පියඹා අවේ අපි වෙන් වෙන් දෙසිනේ

වෙන් වෙන් දවස් වල අපි මුණ ගැහුනේ
එකම හුයක අපි බහු විධ මත දැරුවේ
එහෙම කියලා නැහැ අපි වෙන් වී ඇදුනේ
අළුත් දැණුම සොයමින් එකටම සිටියේ

මතයෙන් මතය වැඩි වෙන විට හැම දාම
අලුත් වාද බිහි විය දිනයෙන් දිනම
එකෙක් අනෙකා අත් හැරියේ නෑ කිසි විටම
දින දින සොයුරු බැම්මෙන් බැදුනේ කෝම

පියඹා ගියත් දස අත සොයමින් දැණුම
අමතක වෙන්නේ නෑ ඇමිණුනු මුතු පොකුර
වෙන්වී ගියත් ගතින් අපි දවසක ඈත
මතකය උණුහුම‍ට රැදෙනු ඇත හිත් වල හැම දාම

හැකි උපරිම දුරක් පියඹා යමු එක රෑනේ
සෝ දුක් මැදින් හිනැහෙමු අපි මල් වාගේ
උනුන් කදුළු පිසලමු සොයුරන් විලසේ
‍බැදුනු මේ දෑත් රැක ගමු මිතුරන් විලසේ

මලී 17.10.2008

මේක ලිව්වේ නම් අන්තර්ඡාලයේ මුණගැහුණු අය ඔළුවේ තියාගෙන ඒත් ඉන් පිටත් අය වෙනුවෙනුත් මේක අදාලයි....‍තනියම ඉපදුනු මට මේ ලොකේ පාළු තැනක් නෙවෙයි කියලා උගන්නපු හැම යාළුවෙකුටම මේක අදාලයි....

Sharangika,Sachini, Chathuri, Sama, Akila, Anju, Achini, Patali, Helan,Menaka, Kamalin,Niranjala, Lalinthi, Radhika,Ayesha, kanchana,Araliya, Moonlight, Diyathi, Paris, Sheni, Aruni, Pooh , niki, ..........
Kavimal, parker,Nuki, Nash_Node, Boman, Blacky, Jayanthah, thusi, Ice, cool, teen, Asi, pamith, xpert, Chami, Dasun, emil, freed, shiwa,Ravi, sampath, sam,rash .....

කිව්ව නම් වලට වඩා නොකිව්ව නම් ගොඩයි...ඒ හැම දෙනා වෙනුවෙන්මයි මේ කවිය....ආදරණිය යහළුවනේ නම මෙතන තියනවද නැද්ද කියන එක අදාල නෑ....හිතවත් කම හිත් ඇතුලේ තියනවාද කියන එකයි වැදගත් වෙන්නේ....හැමදා‍ම දවස ගානේ කථා කරනවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ යාළුවෙක් ඕනිම කරන වෙලාවෙදි අපි යාළුවෝ විදියට ඉන්නවාද කියන එකයි වැදගත් වෙන්නේ නේද? ඔයාලට ඕනි හැම වෙලාවෙම මම ඉන්නවා මට ඕනි වෙන හැම වෙලාවකදිම ඔයාලා ඉන්නවා කියන්න මම දන්නවා මොකද උඹලා මගේ යාළුවොනේ.....!

හැමදෙනාටම ජයම වේවා!

12 comments:

  1. HEY !.. Look

    My Name is in the list :P

    ReplyDelete
  2. @ Nash :- hey you deserve it my bro...!

    ReplyDelete
  3. මට මුලින්ම මතක් උනෙ අපෙ ඉස්කොලෙ කට්ට්ය , උන් දෑන් මොනවා කරන්නවද මන්දා . . .
    කොහොම උනත්
    මාත් මේ ටික කාලෙට හොයාගත්තු හොදම දෙය තමයී මිතුරුකම ,
    කෙනෙක්ගෙ හොදම මිතුරෙක් වෙන්නත් , කෙනෙකුට හොද මිතුරෙක් වෙන්නත් හරිම අමාරුයී . . .

    අපෙ මේ මිතුරුකම බොහොකල් පවතිවා !
    ඔයාටත් සදා ජය !

    ReplyDelete
  4. woweee you remembered me!! friends are so awesome..to actually think they were total stranger to you at one time of your life..its amazing.!!

    ReplyDelete
  5. බුදු දහමේ ඉගැන්වෙනවා සප්පුරිස සංසේවො කියා දෙයක්. එනම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කෙතරම් වැදගත්ද කියා. මටත් මේ බ්ලොග් කරණයේ යෙදෙද්දී අන්තර්ජාලය තුලදී ඔබ වැනිම ඉතාම වටිනා සම්පත් රාශියක් දැන හදුනාගන්න ලැබුනා.
    ඔබේ වදන් වැල දුටුවිටම මට සිතුනේ ඔබ කෙතරම් නිහතමානීද කියා. ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
  6. මමනම් වැඩිපුර කැමති හුදකලාවට. සමහර වෙලාවට යාළුවො අපේ නිදහසට බාදාවක් වගේ දැනෙනව. හැබැයි ඉතින් යාළුවො නැතුවත් බැහැ

    ReplyDelete
  7. sthuthi malee mawath mathak unata.
    aththatama online jeevithedi hugak honda mithuran apita munagahenawa.ape e mithurukama hamadama pawatheewa kiyala mama hadawathinma prarthana karanawa

    ReplyDelete
  8. @ Priya - ඔය මං ලියලා තියෙන නම් පේලියේ උඩම පේළිය වෙන් උනේ මගේ පාසැල් යාළුවන්ට...
    අපෝ නෑ අමාරු නෑ..හැම කෙනාටම විවෘත වෙන්න එතකොට යාළුවෙක් වෙන එක අමාරු නෑ...

    @ Pamith - අපරාදේ මට මතක් උනේ ඔයා මගේ යාළුවෙක් නෙවෙයි නේ.. මල්ලි කෙනෙක් නේ හිකිස්

    @ He.Ja.Ko - මං හිතන්නේ බුදුන් දේශණා කරලා තියනවා හොද යාළුවෝ මුණ ගැහෙන්නේ පෙර පිනකට කියලා නේද? ඒ අතින් මම උපරිම පිං කරලා ඇති... බොහොම ස්තූතියි ‍ඔබටත් තෙරුවන් සරණයි

    @ Ok - බීම..!! ඔව් ඔව් ඉතිං ඒකත් ඔයාලා ගේ හොද යාළුවෙක් නේ...

    @ Mara - අපෝ ඒක නම් එහෙම තමයි...ඒත් යාළුවෝ ඇතුවත් බෑ නැතුවත් බැරි කට්ටියක්...! මම නම් හුදකලාවට කැමති තරමටම අකමැති කෙනෙක්

    @ Shiwa - අනේ සුළු දෙයක් බං ශිවා..හැබැයි උඹ නම් මගේ හතුරා...හික් හික් විහිළුවට ඔදේ....

    @ Taka - ඔයාට නම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ හොදටම ජයයි කියන්න අපි දන්නවා ! හික් හික් ආයේමත් සැරයක් හයියෙන් කෑ ගහලා හැමෝම එකට හැමෝම වෙනුවෙන් ජයවේවා....!!!!

    ReplyDelete
  9. horaaay!! =)
    මම නම් ජීවිතෙ වැඩිපුරම ෙද්වල් ඉගනගත්තෙ
    අන්තර්ජාලයෙන් හම්බ උන යාළුවන් ගෙන්!
    අැත්ත ලොකෙ මම ෙප්නවට වඩා වෙනස් කෙනෙක්!

    ReplyDelete
  10. @Asi - amme moko me kegahanne? ow ow oyawa dekkama penawa sehenna wenas kiyala !

    ReplyDelete
  11. නෙට් එකෙන් හම්බුන යාලුවො නම් ගොඩය්... අ අතරින් කිහිප දෙනෙක් ගොඩාක් කිට්ටු වගෙම ගොඩාක් හිතවත්,.... සමහර වෙලවට ලගම යලුවෙක් ට වත් කියන්න බෙරි දෙවල් කතා කරන්න පුලුවන් උන් එක්ක....

    clublk එලකිරි එකෙන් තම ගොඩාක් ම අය හම්බුනෙ... මලිය හම්බුනෙත් එලකිරි එකෙන් නෙ... දැන් නම් අට්ය්හ්තටම එවලට යන්න වෙලාවත් අඩුය්. එත් මූනු පොතට පින් සිද්ද වෙන්න සම්බන්ද වෙලා ඉන්නව....

    ලස්සන නිර්මානයක් මලියො... උබට මාව මතක් උනද ? :P :P

    ReplyDelete