Monday, October 20, 2008

නිකම්ම ලියවුනු අදහසක්




ගව් ගණන් දුර
ගෙවා මග තනිව
හිස් දැතින් පැමිණි
මග අදින් අහවර
වෙයි ඉතිං

කුළුදුලේ හිත පිරුණු
ආද‍‍‍රේ උණුහුමට
සීතලේ හිරි වැටුණු
ඇගිලි පොඩි හුරුකරගන්න
වෙයි ඉතිං

තබන පියවර ගානේ
මල් යහන් තොතිබේවි
කදුළු මල් කූඩ නෙලන්නට
හිත හයිය කරගන්න
වෙයි ඉතිං

ආද‍රෙන් දිරි අරන්
නුඹ ඉන්වා නම් ළගින්
කදුළු පිසදා හින හෙන්න
මොහොතකට
ඔය උර‍හිසේ සැතපිලා
ආ‍දරෙ හීන කතන්දර
මුමුණන්න
මගේ ජිවිතේ වෙලා
මා වටා එතෙමින්
ඉන්නවා නම් නුඹ ළගින්
ආදරෙයි මම හැමදාම

පැටළුනු දෙඅත් වල
උණුහුමේ රැදෙන්නට
තාරුකා පෙළ මැදින්
මිදුමෙන් කදු වැටි වලින්
දෙදුනු මාළිගාවක
හීන පු‍‍රෝගෙන
කොන්ක්‍රීට් වනන්තරේ
ජීවිතය දකින්නට
හැමදාමත් නුඹ ඉන්නවා නම් ළගින්
ආද‍රෙයි මම හැමදාම


මලී 20.10.2008

පිංතූ‍රේ දැක්කම කෙනෙක්ව මතක් උනා එකයි අවකාශේ අද කවිය ලියන්න මේ පිංතූරේ තොරගත්තේ....මේ බ්ලොග් සටහනත් වෙන් වෙන්නේ එයා වෙනුවෙන්...... කවියත් එයාටමයි....

11 comments:

  1. හරිම ආදරණීයයි...

    ReplyDelete
  2. කව්ද ඒ අසරණයා? පව් අහිංසක කොල්ලා. :P

    ReplyDelete
  3. Harima adaraneeya sithuwillak... Dan digatama me wage kavi liyawena eka arumayak nowe!!
    Dan ithin wena kumak karannada....
    Adaraya karanu misa...:D

    ReplyDelete
  4. @ Thili - ස්තූතියි

    @ Anja - ඇත්තද?

    @ Nasha - Nobody :p

    @ Hara - ඒක තමයි පව්...හ්ම් කවිය හොදයි

    @ Shaka - අහිංසක පව්? මේ ශකූ අහිංසක තමයි පස්සේ අංගුලිමාල උනේ

    @ Taka - ඇත්තද ආ...එහෙනම් මම කවි ලියන එක නවත්තනවා මට බෑ හැමදාම එකම වගේ ඒවා ලියන්න....මේ ඔයා ආදරේ කර කර ගෙදරට වෙලා හිටියට අපිට වෙන වැඩ තියනවා හලෝ!

    ReplyDelete
  5. Adare epa wenne na kawadawath... hamadama adare gana kavi liwwath epa wenne na mata nam..:D
    thawa tika dawasai appa gedarata wela inna wenne...:( eta passe math wada :(

    ReplyDelete
  6. ane manda mata nam monaa weida kiyala balamu....

    ReplyDelete
  7. මෙකනම් නිකන්ම ලියවුනු අදහසක් නෙමේයී , මොකක් හරි දෙයක් හිතේ තියාන ලියපු එකක් වෙන්න ඔනී , හරිම ලස්සනයී

    මම හිතන්නෙ ඔයාගෙ හිත ගොඩක් හයීයයී වගෙ, අනේ මන්දා මට එක හිතුනෙ

    " තබන පියවර ගානේ
    මල් යහන් තොතිබේවි
    කදුළු මල් කූඩ නෙලන්නට
    හිත හයිය කරගන්න "

    යන පද පෙල දෑකලා , මම වෑරදිවෙන්නත් පුලුවන්...
    ආදරය , ජිවිතය ගෑන උපෙක්ෂාවෙන් බලන කෙනෙක් වෙන්න ඔනේ ඔයා.
    ඉතින් හිත හයීය කරගෙන , අලුත් මග දිගෙ ඉදිරියටම යන්න ! සුබපැතුම්..

    මම අහන්නේ කවුද ඒ වාසනාවන්තයා ?
    :-)

    ReplyDelete
  8. @Kanch - අනේ අක්කේ එතකොට දු පැටියා එයාව බලාගන්නේ කවුද ඔයා වැඩ‍ට ගියාම?

    @ Priyanka - හිතේ තියන් නේනම් ලිව්වේ...අනේ මන්දා හයියද කියලනම්...නෑ ඉතිං කදුළු නැති උනොත් නේ පුදුම වෙන්න ඕනි ...

    සුභ පැතුමට ස්තූතියි...
    මාත් තාම හොයනවා කවුද වාසනාවන්තයා කියලා...! හික් හික්

    ReplyDelete
  9. Kaviya bokkenma apu 1k nam malee akke...miniha aththatama vasanavanthayek...
    kalekin "MAHAGEDARA" paththe dakke nathi nisa blog 1ta ringuva velavaka dakke...lassanai...siravatama..

    ReplyDelete