Tuesday, October 28, 2008

ඇදුම් පැළදුම්

අනේ මට නම් දැන් ඇදුම් පැළදුම් කියන මාතෘකාව එපා වෙන්න ඕන හොදම විදියට එපා වෙලායි තියෙන්නේ...මොන මලවදයක්ද අප්පා..මට‍ මතක විදියට ඉස්කොලේ ඉගන්නපු විදියට නම් ඇදුමකින් කෙරෙන්නෙ සිරුර ආරකෂා කර ගැනීම හා විලි වසා ගැනීමයි...ඒ ඇරුනම රැකියාව හා සමාජ මට්ටම,ස්ත්‍රී පුරුෂ භාවය පෙන්වන හා ‍උපකරණයක් විදියටත් ඇදුම බාවිතා කරන්න ඕනිද? මට තේරෙන්නේ නෑ අයියෝ ....දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු පිනක්

කළු පාටම ඇදුමක් ඇන්දම එක එහෙම අදින්න එපා කියනවා පොඩ්ඩක් පොඩි වෙච්ච ඇදුමක් ඇන්දම ගලවලා අයන් කරලා අදින්න කියනවා....සාරි එක අදින දවසට බස් එකෙන් බහිද්දි පොට අල්ලගෙන බහින්න කියනවා....ඩෙනිම් ඇන්දම රස්සාවට පිළිවලට ඇදගෙන යන්නේ නෑ කියනවා...

කොණ්ඩේ කැපුවම කොට වැඩියි කියලා කියවනවා.... කොණ්ඩේ වැව්වම ඒක බදින්න කියනවා ‍බැන්දම ගොතන්න කියනවා ගෙතුවම පොනී ටේල් දාන්න කියනවා එක දැම්මම තව තව ‍ඒවා‍....!
කරාබු දෙක ගලවලා තියන්න බෑ දා‍ ගන්නකම් අල්ලපු ගෙදර ගෑණිටත් නින්ද යන්නේ නෑ... චේන් දැම්මම ඒක පරිස්සම් කර ගන්නලු, ගලවලා තිබ්බම ගස් ගල් ව‍ගේ පාරේ යනවා කියලා කියවනවා....
ඇදුම් දෙකේ පාට හරියන්නම ඕනලු... එකක් ඇන්දම ඒක ඇන්දේ ඇයි ඕකට හරියන්නේ වෙන පාට එකක් නේ කියනවා....ගෙදර මිනිස්සු විතරක් නෙවෙයි මේ අහල පහළ ඉන්න උනුත් බලන්නේ අපි අදින්නේ මොනාද කියලා මොන මල වදයක්ද මන්දා..!

ඇයි දෙයියනේ මිනිස්සු ඇදුම් ගැන මෙච්චර වද වෙන්නේ....මං හිතන්නේ ගැණු අය තමයි වැඩියෙන්‍ම ඒ ගැන වද වෙන්නේ ඉතිං මමත් අයිති ඒ ව‍ර්ගයටමනේ ඒ වුනාට මට ඔය වල වදේ කරන්න බෑ අප්පා.... මම මොනා ඇන්දම වටේ ඉන්න් අයට මොකෝ! මම අදින ඇදුමෙන් සිරුර අනව්‍ශ්‍ය විදියට නිරාවරණය වෙන්නේ නැත්නම්...ඔය කියන සංස්කෘතියට හානියක් නැත්නම් මම පොඩි වෙච්ච ඇදුම් ඇන්දා කියලා ඇති අමාරුව මොකක්ද මම නොගැලපෙන පාට වල ඇදුම් ඇන්ද කියලා අනිත් අය වද වෙන්නේ මොන එහෙකටද...! මගේ කොණ්ඩේ මට ‍ඕනි විදියට කපා ගන්න මට අයිතියක් ‍නැද්ද...කරාබු නැති වුනා කියලා මගේ කාන්තාභාවයට හානි වෙනවාද.....මම හයි හීල්ස් දැම්මේ නැති වුනාම මට ඇවිදින්න බැරි වෙනවද......ඇයි මේ අපේ සමාජේ මෙච්චර මොන්ගල් විදියට ඇදුම් ගැන වද වෙන්නේ....ඇයි ඇදුම් ගැන නීති රීතී දාගෙන හැඩ තල හදා ගෙන රාමු හදා ගෙන ඉන්නේ? මට නම් එපා වෙලා හොදටම..... අවසාන වශයෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි "මොන මල රෙද්දක්ද අප්පා!!!!!!"

39 comments:

  1. ඇඳුම් පැළදුමුත් වෙලාවකට වදයක් තමයි! ඒත් අපි ස්කෝලෙ යනකොට පන්තියනකොට වගේ නිදහස් ජීවිත ගතකරන කාලෙ අපි මේදේවල් වලට කොච්චර නම් ආස කලාද කියලා ඔයාට මතකද? ඒත් අන්තිමට අපට ඉතිරි වෙන්නෙ මේ හැම දෙයක්ම මුලාවක් බොරුවක් වැඩක්නැති දෙයක් කියන හැඟීම විතරයි.

    ReplyDelete
  2. මම කළු විතරක් ඇන්ද කාලෙ උදේට මුලිච්චිවෙන අය ඔරවනවා.. මට නම් හිනා..

    ඕකට පැහැදිලි උත්තරයක් නෑ නගේ. එක එක්කෙනා උත්තර දෙන්නේ තම තමන්ගේ ලෝක දෘෂ්ටියට අනුවනේ... අනික් අයව පොඩ්ඩක් අවුස්සන්න පුලුවන් ඕක ගැන කතා කළාම එච්චරයි..ඒකේ වින්දනය ගන්න එක ඔයාට බාරයි..

    කියන්න අමතක වුණානෙ..සටහන නම් නියමයි.

    ReplyDelete
  3. @ චලනි - අනේ ඒත් නෑ අක්කා..මට ඉස්සර තිබ්බා ඩොබමන් බල්ලෙක් ඉන්න රතු පාට ලොකු ටී එකක් එකයි, ඩෙනිමයි කළු පාට ඩොට් රබර් ස්ලිපර්ස් දෙකයි තමයි මගේ ඇදුම...මගේ යාළුවෝ මට විහිළු කරනවා "බල්ලෝ බලාගන්න කෙල්ල වගේ" ‍‍ඡේ.වි.පි එකෙන් උද්ගෝෂණ කරන්න එක්කන් යයි....ඒවා මේවා කියලා

    @ සූ - හික් හික් අද උදේ මම ගෙදරින් අවේ පැය 1/2ක් පරක්කු වෙලා කළු පාට ඇන්ද නිසා ඇදුම මාරු කර කර ඉන්න උනා ඊට පස්සේ ඇන්ද එකත් ගලවලා අයන් කරලා ඇදන් එන්න සිද්ධ වුනා නේ

    ReplyDelete
  4. ආ නියම මාතෘකාව. එළ!

    ඇත්තටම ලංකාවේ තමා මෙහෙම ඇදුමින් මිනිස්සු මනින්නේ. පසුගිය ජූලි 28 සිට අගෝස්තු 1 දාක්කා පැවති Mozilla Summit 2008 සමුලුවට පැමිණි මොසිලා යුරෝපා ආයතනයේ සභහපති තුමා එම වැඩසටහන අවසන් වන තුරුම සිටියේ දනහිස දක්වා දිග කොට කලිසමක් සහ සෙරප්පු යුගලයන් සහිතවයි.

    මොසිලා ආයතනයේ විදායක අධ්‍යක්‍ෂිකාවත් අනිත් අය වගේම සාමාන්‍ය ඇදුමින් සරල පුත්ගලයෙකු සේ සිටියා. කව්රුවත් අත්දිග සහ කොට් ගහගෙන හිටියේ නැ.

    අපේ රටේ කාන්තාවක් ගියා නම්? හික්

    බලන්න ඝර්මකාලාපිය රටක් වන අපේ රටේ කිදෙනෙක් ටයි දාගෙන දාඩිය නාගෙන කඩවල් වලට බඩු දානවද? එක්කෝ රාජකාරියට යනව ද?

    මම දවසක් දැක්කා ලංකාවේ තාක්‍ෂණික ආයතනයක නිති අංශයේ ලොක්කා කාර්‍යයාලයට විත් ටයි එක ගලවනවා. හික්

    හවසට යද්දි දාගෙන යනවා ඇති. පව් අනික් මිනිස්සු රැවටෙයි..

    මෙහෙම අයට ඇත්තටම මහාචාර්ය හරිශචන්ද්‍ර
    මහතාගෙන් බෙහෙත් අරන් දෙන්න ඔනා. :D

    ReplyDelete
  5. ඇබ්නෝමල්/නොමල් සිතුවිල්ලක්!

    ඩනිෂ්ක කියනවා වගේ අපේ රටේ ඇඳුමට තියෙන්නෙ මාර තැනක්. හරි පුදුමයි. (ඒ වගේම හරි මෝඩයි.) ටයි එන තැතත් අත් දිගට දාල සපත්තු දාල කිසිම බාධාවක් නැතුව යන තැනටම ඒ පුද්ගලයා ඒ ඇඳුමෙන්ම සපත්තු නැතුව ගියොත් යන්න හම්බ වෙන්නෙ නෑ. මොසිලා යුරෝපා ආයතනයේ සභහපති තුමා වගේ ගියොත් පළාතෙ යන්න දෙන්නෙ නෑ. ඒ වගේම ඔය ඇඳුමෙ තවත් පැත්තක් තියෙනවා.
    දවසක් රාජකාරී සේවකයෙකුගේ මංගල අවස්ථාවකට කාර්යාලයේ හිතවතුන් පිරිසක් සමග සහභාගි වුනා. කවුරුත් ටයි පොලු පැළඳගෙන සිටයේ. ටිකක් වෙලා යනකොට කට්ටියගේ ටයිපොලු එක දෙක ගැලවෙනවා. හිතුවේ 'අඩිය වදිනකොට' දාඩිය වැඩිවෙනකොට ගලවනවා කියල. 'අඩිය ගැහුවෙත්' නැති නිසා, දාඩිය දැම්මෙත් නැති නිසා ගලවන්නෙ නැතිව හිටියා. මෙන්න ටිකකින් එක 'මහත්තයෙක්' බොහොම උජාරැවට අමනවා "ආ ඔයත් අර ‍තනතුරේද?" කියල. බැලුව කාවද පෙන්නන්නෙ කියල. කා.කා.ස. මහත්තයා. එයත් ලස්සන කමිසයක් ඇඳල, දිලිසෙන ටයි එකකකුත් දාල ඉන්නවා. ඔන්න ටයි ගලවන්න හේතුව. "ආ ඔව්" කියල හිටියා. ගෙදරට එනකම් ටයි එක ගැලෙව්වේ නෑ.
    මාතෘකාව වෙන පැත්තකට ගිහින්! සමාවෙන්න.

    ReplyDelete
  6. මිනිස්‌සුන්ගෙ වැඩේ ඉතින් කාගෙ හරි මොනා හරි ඇදයක්‌ හොයන එකනෙ... හොඳට ලස්‌සනට ඇඳලා නම් හාපෝ ඒක කොටයි, ඇඟ පේනවා කියයි.. හොඳට ඇඟ වැහෙන්න ඇඳලානම් matching නැ, colors upset, කියයි...අත්තටම මිනිස්‌සු බලන/දකින විදිය අපිට වෙනස්‌ කරන්න බෑනේ... I think we should be OURSELVES first of all.. I really dont care wot others say...And don't care wot others wear also... I hardly ever iron my cloths.. ඔහේ ඇඳගෙන යනවා.. සමහරු එකේකේවා කියනවා... but who cares..!! මම නම් නිතරම වගේ අඳින්නෙ skirts.. ප්‍රතිපත්තියක්‌ වශයෙන් (ලංකාවෙදි)trousers අඳින්නෙම නෑ..
    somehow, කවුරු වුනත් ටිකක්‌ පිළිවෙලට, පිරිසිඳුවට ඉන්න ඕනි කියන එක නම් මම හිතනවා... match-කිරීම අයිති වෙන්නෙත් "පිළිවෙල" කියන ගොඩට!!
    ගොඩක්‌ කොට,ගොඩක්‌ open ඇඳුම් නම් කොහොමත් අඳින්නෙ නෑ...(චාරයක්‌ නැති කෙල්ලෙක්‌ කියලා අහගන්න ඕනි නැති නිසා)...
    වැදගත් තැනකට යද්දිනම් iron කරලා අඳිනවා...
    තැනට සුදුසු විදියටත් අඳිනවා..එච්චර හිත හිත ඉන්නෙ නම් නෑ.. අතට අහුවෙච්ච එකක්‌ තමයි....
    ඒ ඇරෙන්න පාට ගැන, jewelery ගැන, footwear ගැන, නම් කිසිම තැකීමක්‌ නෑ...

    [well... just now talked to my roomi abt this clothing matter.. in her point of view, clothing properly is so important.
    "..usually people used to give respect on ur clothes a lot. you should wear properly,formally, when you go some where. "proper clothing" always attracts public attention and respect towards you.. in the society, we meet strangers everyday.. our clothing will be the the first thing which attracts their attention towards us, it shows your dignity, level of the society, cleanliness... etc.."
    so according to her, our outer appearance/clothing is so important as well as our internal qualities...
    wow.. I feel there r so many things 2 learn!!!
    (still I dont care abt the color.. :P)

    ReplyDelete
  7. ඔන්න කාන්තා පාර්ශවේ අයනම් අඩුවෙන් ඇඳුම් අඳින එක ගැන මම නම් පොඩ්ඩක් වත් විරුද්ධ නැහැ (හැබැයි ලස්සන සරීරයක් තියෙන අය විතරක් )
    ඇඳුම් ගැන නම් කියලා වැඩක් නැහැ. අපි අඳින්නේ අපිට ඕනේ එවා නෙමෙයි අනික් අයට ඔනේ එවා. ඉස්සර සුද්දා ඇඳපුව දැන් අපි අඳිනව. හරියට එංගලන්තෙ සීතකලේ වගෙ (අනේ මන් එහෙ ගිහින් නම් නැහැ අහල තියෙනවා විතරයී )

    ReplyDelete
  8. ඔන්න ඒ අතින් නම් මම වැඩකරන ඔපිස්‌ එක දාහෙන් සම්පතයි.. ටී ෂර්ට්‌ එකයි ඩෙනිමයි ගහල රබර් සෙරෙප්පු දාගෙන හරි යන්න පුලුවන්.. හික්‌ :D

    ReplyDelete
  9. ඇඳුම් නම් ඉතිං කාලෙන් කාලෙට වෙනස් වෙන විලාසිතාවක්නේ. ඕක ඉතිං තමන්ට ඕන විධියට තමයි කරන්න ඕන. නමුත් මේකෙ ඉද්දි අමතර කතා වලට උත්තර දෙන්න කැමති නැතිනම් කට පියාගෙන සිස්ටමැටික් ඇඳුම් අඳින්න වෙයි.

    මම නම් කොහෙ ගියත් දැන් ඩෙනිම සහ ටී එක තමයි. කකුල් වලට සෙරෙප්පු දෙක හෝ කැන්වස් සපත්තු දෙක. ඒක වෙනස් වෙලාම නෑ කිසිම අවස්ථාවකදි කාලෙක ඉඳන්. අනික මම ගන්නෙ අයන් නොකර අඳින්න පුළුවන් ටී ෂර්ට්. ඒ මල වදෙත් ඉවරයි එතකොට.

    දැන් මම හොයන්නෙ හෝදන්නෙ නැතිව අඳින්න පුළුවන් ඇඳුමක්...

    ReplyDelete
  10. ඕකට එක හේතුවක් තමයි සුද්දා යද්දි අපට දාල ගිය කන්නාඩිය. අපි තාම බලන්නේ දකින්නෙ ඒකෙන්නෙ. ඒකනෙProfessional වෙන්න ගිණිගහන අව්වෙ tie,coat අඳින්නෙ. සුද්දා කොට කලිසම ඇඳලා සොරෙප්පු දැම්මම උන් Casual, හැබැයි අපි ‍ඇන්දම රස්තියාදු කාරයො.ඇඳුම තමන්ට පහසුනම් ගැළපෙනවා නම් එච්චරයි.

    ReplyDelete
  11. pooh ge roomi kiyapu kathaweth aththak thiyanawa......ewa itin samaajaye mul basagath adahas. mul galawannanam saahena amaaru wei :D

    ReplyDelete
  12. මචං උඹට හෝදන්නේ නැතුව අඳින ඇඳුම හම්බ උනොත් මටත් කියපන්. හැබැයි ඒක ලඟ ඉන්න අයට දැනේන නම් බැහැ.

    ReplyDelete
  13. ඇඳුම් පැළඳුම් මාතෘකාව කාන්තාවකටම එපා වෙලා! මම නම් මේ ඇහුවාමයි! :D

    කාන්තා පාර්ශවේ කවුරුහරි උදව්වටත් එක්ක මට අවශ්‍ය ඇඳුමක් ගන්න ගියොත් එහෙම වෙන්නේ ඒ‍කේ අනිත් පැත්ත, මම අවශ්‍ය ඇඳුම් තෝරගෙන අර එක්කෙනා පස්සේ මුළු ක‍ඩේ හතරවටේටම ඇවිදින්න ඕන. මට නම් අප්පිරියයි! :-D

    ඇඳුම් ගැන කතා කරන්නවානම්, සුද්දානේ ලංකාවේ අයට ඇදුම් පුරුදු කරේ. සුද්දා එනකොට ලංකාවේ සාමාන්‍ය දෙනා හිටියේ උඩුකය නිරුවතින්ලු. ඒක සුද්දන්ට අනුව මිලේච්ජ ජන කොට්ඨාශයක ලක්ෂණයක් වුනාට, බුදු දහමින් මනස හික්මවූ ජන සමාජයක ඒකේ ප්‍රශ්නයක් නෑ.

    ඒත් දැන් සුද්දා ගියා කියලා උඩු කය නිරුවතින් හි‍ටියොත් නම් මල හත්තිලව්වක් තමා වෙන්නේ :D

    කාලයට, සංස්කෘතියට, තමාට හරියන ඇඳුමක් කොහොම ඇන්දත් මට නම් ප්‍රශ්නයක් නෑ. ඔය කවුරු මොනවා කියලා කොටට අඳින අයට බැන්නත් බලන්න එපැයි වැඩේ! බනින අයත් හැරී හැරී කොටට අඳින කෙනා දිහා බලනවානේ!

    හික් හික්!

    ReplyDelete
  14. anga adu karaganin.....

    denim andinna purudu weyan......

    heheheee.....

    ReplyDelete
  15. Vilasitha man badina vilasitha....
    lassanata thamanta galapena vidiyata andama hamoma sundarai....
    man nam adum walata godaaaaaak kamathi kenek.... :D

    ReplyDelete
  16. @ Haresh

    හෝදන්නෙ නැතිව අදින්න පුළුවන් ඇඳුමක් නම් තියනවා. ඒකට කියන්නෙ සීතාම්බර පට සළුවකියලා. ඒක හැබැයි බොරුකියන අයට පේන්නෙ නැහැලු. මොකද කියන්නෙ ඕනද? :D

    ReplyDelete
  17. අපේ පරණ ඔෆිස් එකේ ඉස්සෙල්ලම රබර් සෙරෙප්පු දෙකක් දාගෙන වැඩට ගියේ මං. පස්සේ ඒක හැමෝම පුරුදු වුනා. ඉතින් අපේ මැනේජර් මහත්තයා අළුත් නිතියක් ගෙනාවා සෙනසුරාදාට රබර් සෙරෙප්පු තහනම් කියලා. මමත් ඉතින් සති‍ දෙක තුනක් යනකම් වැඩේ ක්‍රියාත්මක කලා. පස්සේ ඉතින් අයේ පුරුදු විදිහටම බැස්සා. මට නම් මොන ඇඳුම ඇන්දත් ඩෙනිමයි, රබර් සෙරෙප්පු දෙකයි වගේ නම් නෑ.

    ReplyDelete
  18. @ Cha - නියමයිනේ.. ඒක දෙන්න එනකොට ඔයත් ඒ වගේ එකක් ඇඳගෙන එන්න. ‍ඇඳුම හොඳයි නම් මම ගන්නවා ඉල්ලන ගානක් දීලා..

    ReplyDelete
  19. @ Haresh

    ඕකේ ඔන්න එහෙනම්
    සීතාම්බර පට දිග කලිසමකුයි
    සීතාම්බර පට ෂර්ට් එකකුයි
    සීතාම්බර පට ලේන්සුවකුයි මම තැපැල් කරලා එවන්නම් හොඳේ...... :D

    ReplyDelete
  20. ඇදුම් ගැන පිරිමි සැලකිල්ලක් දක්වන්නේ නෑ කිව්වට යක‍ඩෝ මේක නිකම් මාදැල වගේ ඇදිලා ගිහිල්ලනේ හැමදෙනාටම ස්තූතියි තම තමන්‍ගේ අදහස් දැක්වුවට..! මේ වෙලාවේ නම් කම්මැලි පස්සේ හැමෝගේම අදහස් වලට වෙන වෙනම මගේ අදහස එකතු කරන්නම් :)

    ReplyDelete
  21. @ චවි - හික් හික්.. නියමයි.. එවන්න බලන්න. අප්සෙට් නම් මරණයට දෙනවා ඒක.

    ReplyDelete
  22. මට දීපන් හැබැයි උඹ ඇන්දපුවනම් එපා. මට ඕනෙ එකක් අඳින්න පුළුවන් මොකො අපායේ හූ තියන්න කවුරුත් නැහැ

    ReplyDelete
  23. මේ බ්ලොග් එකේ අයිතිකාරියගෙන් මන් සමාව ඉල්ලනව. එයාගෙ බ්ලොග් එක අස්සෙ අපි මාතෘකාවෙන් පිට සංවාද පවත්වන එක ගැන.

    ReplyDelete
  24. @ මර - බලමු චවි ඇඳුම ගෙනාවොත් ඒක හොඳයි නම් මේ බ්ලොගේ අයිතිකාරිටත් වාසියක් තමයි වෙන්නේ. අපි පිට ගියාට.

    ReplyDelete
  25. අනේ මටත් ඕනා එහෙම ඇඳුමක්‌... හරේ අයියට T එක මදි උනොත් මට දෙන්ඩ.. හිහිහි

    ReplyDelete
  26. Dani - මේකනේ සහෝ දැන් අපේ රටේ මිනිස්සුන්ගේ ඔළු ඇතුලේ ඔයවගේ දේවල් මුල් බැහැලා ඉවරයි..එකම මනුස්සයා සාරි එක ඇන්දම "මිස්" සාය ඇන්දම "මේ නංගි" ඔන්න ඔහොමයි තත්වේ..දැන් නම් ගොඩක් වෙලාවට ටයි සාක්කුවෙනේ දාන්නේ නේද
    ස්තූතියි අදහසට

    HE - හික් හික් ශෝක් කථාව බොහොම ස්තූතියි..මේ බ්ලොග් එකේ ඕනෑම දෙයක් කථා කරන්න නිදහස තිබේ. සමාවගතයුතු නැත! ඔයා කියන කථාව හරි ඇදුමෙන් මිනිස්සු මනින්න අපේ අය හරි දක්ෂයි හැබැයි මිණුම් වැරදියි.

    Pooh L K - බොහෝ දුරට මමත් කරන්නේ ඔය ටිකම තමයි. හැබැයි මට ගොඩක් වෙලාවට වැදගත් තැන් තෝරගන්න තේරෙන්නේ නැද්ද කොහෙද ඒකනේ අම්මා බනින්නේ හික් හික්.
    Pls tell your roomi that we need to change that system. What the hell! how can anyone guess who i am by my clothes. I really dont like + dont care abt those ppl. but unfortunately I cant ignore my amma

    MAra - හික් හික් පාරේ යන ඇන්ටිලා දැක්කම හිතෙනවා කොයි තරම් ලස්සන ඇගවල් ද කියලා හිකිස් !

    THil - අපෙත් එහෙම dress code එකක් නෑ. ඒත් සමහරක් බලෙන් දාගෙන ඉන්නවානේ අන්න එකයි දුක. හැබැයි දැන් නම් ඒ අය මෙහේ නෑ

    Hare - අනේ වාසනාවන් !

    GKT - කටේ සීනි කිලෝ එකක් විතර දාන්න හිතෙනවා කිව්ව කථාවට

    ReplyDelete
  27. DhZ - අනේ ඉතිං ඒත් කොහොම හරි ඔය මුල් ගලවන්නම එපැයි මල්ලියෝ මහ වදයක් නේ නැත්නම්

    Su P - අම්මෝ මට ඔය අත්දැකීම හොදට තියෙනවා මගේ අම්මා / යාළුවෝ එක්ක ගිහින් මුලින්ම කඩේකට ගිහින් ඊට පස්සේ මුළු ටවුන් එකේම ඇවිදලා බලලා ආයෙමත් මුලිම කඩේ මුලින්ම බලපු ඇදුම ගන්න එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ හික් හික්

    Anja - ආයේ මොනා අඩු කරන්න ද මේ මං ශොයි එකට ඉන්නේ

    අනේ ඩෙනිම් තමයි බං තියන එකම සහනේ හොයා ගත්ත මනුස්සයා නම් දෙවියෙක්!

    Taka - අපෝ මගේ නම් මන ‍කොලොප්පන් කරනවා අප්පා...ඔයා ඉතිං ශොපින් යනවට වඩා වෙන දෙයක් නැහැ නේ

    chala - මම නම් බොරු කියනවා අපරාදේ නැත්නම් මටත් ඉල්ල ගන්න තිබ්බා :P

    A l - ජය වේවා!!!!!

    mara - ඕන මලදානයක් කථා කරහන් බං මට මොකේ මගේ අ‍තින් පයින් යනවායෑ...! අනික ඔය පට සළුව මට වැරදිලා හරි පෙනුනොත් ආයේ ඉතිං දිව්‍යලොකේ ගියා වගේ තමයි රෙදි හොදන්න නෑ කියන්නේ ෂා....!

    Pooh - හික් හික් හරේෂ් ට මදි වෙන ඇදුම් ඉල්ල ගන්න නම් ඔයා ගිණිකූරක් තරම් විතර වෙන්න වෙයි... හික් හික්

    ReplyDelete
  28. මම නම් ආස කාන්තාපාර්ශවය සාරි අදිනවට !
    අප්පා එ කාලේ බලන්ඩ එපායෑ අපේ ඉස්කොලේ මිස්ලා ඈදපු සාරි .....
    රතුපාට , කහාපාට , රොස පාට . . . .
    පාට ගොඩයී...
    අපිට රසායන විද්යාව උගන්වපු මිස් හරිම සුදුයී,ඉතින් මිස් රතුපාට සාරියක් ඈන්දදාට බලන්න එපායෑ මිස්ගේ ලස්සන.

    මම නම් තාම අහාලානෑ සාරි ඈදපු කෙනෙක්ව කවුරුහරි ව්වේචනය කරන්නවා.
    හෑබෑයී ඩෙනිම් ඈන්ද කෙල්ලන්ට අපේ ක්ට්ටිය මාර කතා කිව්වා.අපේ බ්යෝ සර් හෑම තිස්සෙම කිව්වේ ඩෙනිම් ඈන්දම කාන්තාවන්ගේ ගර්භාශයට හොදනෑ කියලා...එකේ ඈත්ත නෑත්ත හරියටම මම දන්නෑ!

    ReplyDelete
  29. @ pooh - මම බොරු කියනව සෑහෙන්න. ඒ නිසා ඒ ඇඳුම් සෙට් එකම ලැබුණොත් ඔයාලට දෙන්නම්. ඒව ඇඳල පින්තූරයක් ගහල එවන්න බලන්න...

    @ ප්‍රියංකර - ඒ කාලෙ කිව්වෙ එකදාස් නවසිය බර ගණන් වලද? අර ඩෙනිම් ඇන්දම ගර්භාෂයට හොඳ නැති කතාව ඇත්ත ඇති. මොකද ඩෙනිම් අඳින යුරෝපීය සහ ඇමරිකානු රටවල ජනගහනය අඩු වෙලාලු. ලොල්.. :)

    ReplyDelete
  30. Priya - හප්පේ හොදයි හොදයි...වෙලාවට ඔයා මගේ මල්ලි වෙලා අපේ ගෙදර හිටියේ නැත්තේ නැත්නම් ම‍ට මිනීමරාගන්න වෙන්නේ ඔයා එක්ක

    ReplyDelete
  31. හොඳ වෙලාවට පිරිමින්ට එහෙම අවයවයක් නැත්තේ තිබ්බනම් එහෙම නොසෝදා අඳින එකම ඇඳුමත් අහිමිවෙනවා අනාගත පරම්පරාවක් හින්දා

    ReplyDelete
  32. I wear Denim / T-shirt and pair of sneakers to work all the time.

    Only when I have to go and visit some stupid dick head, I wear a full suit (well...can't help it.. cause my profession calls for such attire anywhere in the world)

    Other than that.....and EVEN RIGHT NOW.. I am in my two weeks unwashed Denim and a crumpled Green Tshirt with black Diesel Sneakers :-)

    Oh, yeah.. and Malee knows my secret about wearing Denims (or.. Why I like so much to wear Denims) .. Lolzzzzzzz

    ReplyDelete
  33. ma - විකාකාකාකාර

    Nash - Ahmmmn!! [wo weeks unwashed Denim] may I know the name of your perfume? :p

    hek hek LOLZZZZZzzzz :-X
    nO yEs I know it ! hoooooOOOOOOOOO

    ReplyDelete
  34. @ Haresh
    අනේ නෑහෑ , එ කාලේ කිව්වේ 2008.08.01 දක්වා කාලය , මොකෝ මේ අවුරුද්දේ තමා මම උ.පෙල කලේ

    අර කතාවනම් ඈත්ත , මොකෝ කාන්තාවන්ගේ උකුල පලල් වෙලා තියෙන්නේ ගර්භාශයටයී,ඩිම්භ කෝශ වලටයී ඉඩ දෙන්න...
    අපිට වඩා එගොල්ලන්ගේ ශ්රොනිමේකලාව කියන අස්තිය ටිකක් පුලුල් වෙලා තියෙන්නේ එකටයී...
    ඉතින් ඔය ප්රදේශය ඕනාවට වඩා පිඩනයකට ( තදවීමකට ) දිගු කාලයක් ලක් උනොත් ඉතින් අභ්යන්තරයට හොදනෑහෑ....එ කිව්වේ සමහර ක්රියාවලින් වෙනස්වෙන්න පුලුවන් එතකොට ගොඩක් ප්රශ්න එනවා !
    ( තව විස්තර කරන්න පුලුවන් නමුත් මේ බ්ලොග් එක අයීතී එක්කනා මාත් එක්ක අමනාප වේයී )

    @ maranaya
    මොකෝ නෑත්තේ තියනවා ! , එම අවයවයේ ක්රියාකාරිත්වයට ශරිර උශ්නත්වයට වඩා පහල උශ්නත්වයක් ඕන නිසා පිහිටිම වෙනස් වෙලා තියෙන්නේ......
    එ නිසා ඔය ඩෙනිමේන් මිදිලා රෑටවත් සරමක් අදින්න අනාගත පරම්පරාව ගෑන හිතලා.....

    ReplyDelete
  35. r u sure that its good enough to expel the bad smell of 2 weeks unwashed clothes ? :P

    ReplyDelete
  36. හප්පා ඩෙනිමටත් කෙල වුනා එහෙනම්...
    මලී අක්කෙ මට නම් එපාම කරපු මාතෘකාව තමයි මේක...

    ඇත්තටම නියම සටහනක්..
    ඒ ඇරෙන්න ඉතින් තවත් කියන්න දෙයක් නම් නැහැ..

    (සිංහල කොල්ලා @ එලකිරි.කොම්)

    ReplyDelete
  37. මම කැම්පස් අයදුම්පත්‍රය අත්සන් කරගන්න කියල ඉස්කොලෙට ගියා. මම් ගියේ කමිසය යට නොකර උඩින් දාගෙනයි. ආරක්ශක නිලදාරියා මට කිවා කමිසය යට කරගෙන ඇතුලට යන්න කියලා. මම සාමානයෙන් කමිස යටකරලා අදින් නැ කියල මම ඇතුලට ගියා. ඇතුලට යනවිටම ඉස්සරහට හම්බඋනේ උප විදුහල්පතිතුමා. ඔහු මට කතාකරලා මගේ ඇදුම් ගැන හොදට අවවාද කලා. ඒ දවස්වල මගේ ස්ථාවර උනේ ඇදුමෙන් මිනිහෙක්ව මනින්න බැ, අපි හොදනම් මොකක ඇදගෙන ගියත් එකයි කියලයි.

    අප ඇදින ඇදුමෙන් අපව සම්පුර්ණයෙන්ම නිරුපණය නොවුනත් එය අන් අයගේ සිත්වල, අප ගැන ගැන ඇතිවන හැගිම සැලකිය යුතු ලෙස වෙනස් කිරිමට සමත්ය.
    අප ජිවත්වන සමාජයේ, සංස්කෘතියට අනුව අප හැඩ ගැසිය යුතුය. නැතහොත් අප ඒ සමාජය සමග එහි සාමාජිකයෙකු ලෙස ඉදිරියට යා නොහැක.

    අප විශ්වවිදයාලයේදි අපට නියමිත පුහුණු කාලසිමාව ආරම්භවිමට පෙර ඒ ගැන වැඩමුලුවක් පැවැත්‍වුනා. ඒ සදහා පැමිනි දේශකයා අපට දුන් එක් අවවාදයක් වුයේ ආයතනයට යනවිට එයට ගැලපෙන ඇදුමකින් යා යුතුයි කියායි. එහිදි ඔහු මෙහෙම කථාවක් පැවසුවා. ඔහු එක් විදේශිය සමාගමක් සේවය කරන කාලයේ සමාගමේ පැවැත්වුනු සාදයකට ඇරයුම් ලැබ තිබුනා. ඔහු හා ඔහු සමග සිටි අනිත් ලාංකිකයන් දිග කලිසම්, අත්දිග කමිස වලින් සැරසි සාදයට යනවිට අනිත් විදේශිකයන් පැමිණ සිටියේ කොටකලිසම් වලින්. ඩනිෂ්ක කියු කතාවත් ඒ වගේම එකක්.

    අප රැකියාව කරන තැන සම මට්ටමේ සියලුදෙනා ටයි දමා රැකියාවට එයිනම් අපද එයට හැඩ ගැහිම උච්තවේ. එසේ නොමැතිව ටයි සුද්දාගේයි කියා එය අපේදේශගුණයට ගැලපෙන්නේ නැතැයි කියා අප එයට පටහැනිව යාමට ගියහොත් එය අපගේ දියුණුවට බාදාවක් විය හැක. එහෙත් ටී ෂර්ට්‌ එකයි ඩෙනිමයි ගහල රබර් සෙරෙප්පු දාල යන්න පුලුවන් තැනකට ටයි දාලා යන එක විහිලුවක්.

    ගුරුවරියක් ඩෙනිම් කලිසම්ක් ඇදලා උසස් පෙළ පන්තියකට උගන්නන්න අවොත් කොහොමට තියෙයිද?බස් කොන්දොස්තර කෙනෙක් ටයි කොට් දාලා බස් එකක ටිකට් කැඩුවොත්

    ඒ කියන්නේ රැකියාවට ගැලපෙන විදියට අපි ඇදුම් අදින්න ඔනේ. නැතිනම් වෙන්නේ අපිව විහිලුවක් වෙන එකයි.

    හැබැයි ඒ ගැලපිමත් සංස්කෘතියන් සංස්කෘතියට වෙනස් වෙනවා. මොසිලා යුරෝපා ආයතනයේ සභාපති තුමා යුරෝපයේ තිබ්බ සමුලුවකට කොට කලිසම ඇදන් ආවට, ලංකාවේ තිබෙන සමුලුවකට ලංකාවේ ආයතනයක සභාපති කෙනෙක් කොටකලිසම ඇදන් ආවොත් ඒක විහිලුවක් වෙනවා.

    ඇදුමක් අයන් කරලා පිලිවෙලට ඇදගෙන යන අයෙක් හා පොඩි වෙච්ච ඇදුමක් ඇදගෙන යන අයෙක් දැක්කාම අර පිලිවෙලට ඇදගෙනයන කෙනා නිසා අපේ හිතේ ඇතිවෙන්නේ ප්‍රබෝදයක්.
    ඒක නිසා අපි ජිවත් වෙන්නේ ලෝකය තුල මිසක් ලෝකය ඇත්තේ අප තුල නොවන බව දැනගෙන අප ජිවත් විය යුතුය.

    ReplyDelete
  38. ඩනිෂ්ක කිව්වා වගේ ඇත්තටම ලංකාවේ තමා මෙහෙම ඇදුමින් මිනිස්සු මනින්නේ.
    ඔන්න මම දවසක් ගියා ටවුන්හෝල් එකේ රහුමානියා හෝටලේට තෝස පාරක් දාන්න. මම හිටියෙ මගෙ කැමතිම ඇදුම ඒ කියන්නෙ ඩෙනිමයි ටී ෂර්ට් එකයි රබර් සෙරෙප්පු දෙකයි ඇදලා. වේටර් ලා මාව සත පහකට ගනන් ගත්තේ නෑ.
    හරියටම් ඊට පහුවදා මම Office ඉදලා එන ගමන් රහුමානියා එකට ගියා හැබැයි එදා හිටියෙ ෆුල් කිට් ඇදලා. කලින් දවසෙ පැත්තවත් නොබලපු උන් අද පොරකනවා මට සලකන්න.
    තෝස කඩේ තත්වෙ ඕක නම් අනිත් තැන් ගැන කුමන කතාද...........

    ReplyDelete