Monday, October 6, 2008

කෆ්කා සමග මුහුදු වෙරළේ සති අන්තයක්



හ්ම් කොහෙන් කොහොම කොතනින් පටන් අරන් මො‍නවා ලියන්න ඕනිද කියන්න මේ වෙනකොටත් මම දන්නේ නෑ..හැබැයි මම ‍බ්ලොග් සටහනක් ලියනවා... ඒකේ ලියවෙන්නේ මොනවද කියන එක මෙතැන් සිට ඉදරියට එන තත්පර හා මගේ සිතුවිලි තීරණය කරාවී... මම ලියනවා අකුරු... ලියවෙන්නේ මොනාද කියන එක ගැන මට වගක් නෑ.‍... නමුත් මේ මගේ හිත හා මගේ සිතුවිලි... කියවන අය‍ට වැඩක් වෙනවද නැද්ද කියන එකත් මම තාම දන්නේ නෑ‍‍.... ඒත් මම ලියන්නේ ගොඩ දවසකින් ගෙව්ව ලස්සනම සති අන්තයක් ගැන...නෑ ..නෑ.. පටලවා ගන්න එපා මම කොහෙවත් පිට ගියේ නෑ... ගෙදරමයි හිටියේ... මගේම ගෙදර... වෙන කොතනදිවත් මට නොදැනෙන නිදහසේ උපරිමය දැනෙන මගේම ‍ගෙදර.... දැන් ඉතිං කියන්න එපා ඇයි බං උඹ වෙනදටත් ඉන්නේ ‍ගෙදරනේ කියලා....ඔව් ඒක එහෙම උනාට ගිය සිකුරාදා ඉදං මගේ නිවසේ පරිඝනකයට මොනවාදෝ වෙලා... මම ඒක හදවන්න උත්සහ කලෙත් නෑ... ඉතිං මම සති අන්තේ අන්තර්ජාලයට ආවේ නෑ‍‍‍... කොටින්ම කොම්පියුටර් එක ඔන් කලෙත් නෑ.... මම සති අන්තේ "මලී ව මැරුවා" ම්ම්ම් මැරුවම නෙවෙයි...සිහිනැති කලා.....සිකුරාදා රෑ මම හැම දේම අමතක කරලා දැම්මා, යාහු,ඡී ටෝක් , එළකිරි, අවකා‍ශේ, බ්ලොග් , කවි,බුන්දි,රස්සාව, පරස්ථාව හැමදේම‍‍....!


මගේ කුටිය ඇතුලේ මොහොතකට මම තනියම - මොනවද මම දැන් කරන්නේ.... වට පිට බලද්දි ඇදේ නිදාගන්න කොට්ටේ ළග කන්දක්! පොත් කන්දක්‍‍..! මෙච්චර දවස් හැමදාම ඒක දිහා බලලා හුල්ලලා කවවද මේ ටික කියවන්නේ කියලා කොම්පියුටර් එක ‍ඔන් කරලා අරහේ මෙහේ හැමතැනම ‍ඕනි දේයි එපා දේයි ඔක්කොම කියවලා අන්තිමටම ඇස් දෙක තොන්තු වෙනකොට නිදිමත ඇවිත් දොරට තට්ටු කරලා මටත් හොරෙන් ඇදට නැගලා රෙද්දත් පෙරව ගත්තම ආන්න එතකොට තමයි මට පොත් මතක් වෙන්නේ...අනේ ඉතිං පහුගිය සතියෙම සිද්ධ උනේ පොතේ පිටු දෙකක් කියවලා එහෙම්මම මට නින්ද ගියපු එක‍‍.....ඇත්තටම මම බය උනා...මොකද මට සාමාන්‍යයෙන් පොත් කියවද්දි නින්ද ගියේ නෑ...ඉස්සර නිදිමත එන්නේ නැති වෙන්න කියලා මම පොත් කියෙව්වා...පොතක් අතට ගත්තම නිදිමත එන්නේ කියවන්න අකමැති අයට...ඒත් මම හිටියේ කියවන්න කැමති ගොඩේ ඉතිං මම බය උනා මගේ පිළ මාරු වෙලාද කියලා...මොකද සිකුරාදා රෑත් මට නින්ද ගියා....


සෙනසුරාදා උදේ 8 ට හරියටම මම ඇදෙන් බිමට බැස්සා මට හොදට මතකයි....මම ඇස් ඇරියේ 7යි 58‍‍ට තව විනාඩි 2 ක් එහෙමම හිටියා...8ට මගේ දවස ආරම්භ උනා...මම ටීවි බැළුවා තේක බොන ගමන් රිදී අශ්වයා කියලා කාටුන් එකක් සිරස ටීවි ‍එකේ...ඊළගට අම්මා හැදුවා පොල් රොටි, ඒක කන්න ලුණු මිරිස කෙටුවේ මම...මම රොටි කන්න ආස නෑ..ඒත් එදා කෑවා..කලින් දවසේ ඉතුරු වෙලා තිබ්බ මිරිස් හොදි එක්කද කොහෙද....‍මම ගියා ආයේ කාමරයට, නෑ.....මම අද ඔන්ලයින් යන්නේ නෑ...මගේ හිත විශ්වාසයෙන් කිව්වා...ගත්තා කෆ්කාව ළගට...අන්තිමට නතර කරපු තැනින් මම පටන් ගත්තා‍‍‍ ලබන සතිය වෙද්දි කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි හිත කිව්වා.....වචනෙන් වචනේ...පිටුවෙන් පිටුව පෙරලුනා පැයක් විතර...නිදිමත ආවේ නෑ....අම්මාව මතක් උනා...කෆ්කා ව පැත්තකින් තියලා මම අම්මා ව බලන්න ගියා...එයා‍ ගේ අතුගානවා...මම හැදුවා ‍තේකක් - ප්ලේන් ටී එකක්- ඉගුරු දාපු....‍ වෙනදා වගේ ඒක අරන් මම කෙ‍ලින්ම කාමරේ අස්සට රිංගුවේ නෑ...එලියට‍ ගියා...පුටුවක වාඩි උනා....කාලෙක ඉදන් මම අපේ මිදුලට පොඩ්ඩක් වත් කැමති නෑ...ඉස්සර කොළ පාටට තිබ්බ මිදුලේ දැන් වැඩිය ගසුත් නෑ මලුත් නෑ...මොකුත් නෑ...මට එපා‍ වෙලා තිබ්බේ...එක නිසා මම වැරදිලාවත් මිදුල දිහා බලන්නේ නැති තත්වෙක හිටියේ...ඒත් මම ‍මිදුල දිහා බැලුවා එහෙන් මෙහෙන් ගස් වල මල් තියෙනවා...පාන්දර අම්මා අතුගාපු මිදුලට අව්ව වැටිලා...අම්මා‍ කුරුල්ලන්ට කන්න දෙන කෑම පිගාන ළග ලේනෙක් ඉදගෙන බත් කනවා....අපේ බලූ ඇවිල්ලා කකුල් දෙක ලගින් වාඩි උනා....අපි නාමු මම එයා‍ට කිව්වා...අනේ හා..බලූ වළිගේ වනලා කිව්වා..."බබා..වෙන වැඩක් නැත්නම් මේ කොළ මිටිය සුද්ධ කරලා දෙන්න පුතේ" අම්මා කිව්වා...මම ගියා කුස්සියට කොළ මිටියෙන් පටන් අරන් අනිත් ‍උයන දේවලුත් උයලා ඉවර කරලයි මම එළියට ආ‍වේ...අම්මා බලු ව නැව්වා..මම එයාව පීරලා ඕඩි ‍කලෝනුත් දැම්මා...ආදරේ වැඩි හින්දයි කිව්වලු...ඔය සේරම අස්සේ එස් එම් එස් නම් නතර උනේ නැත! දවල්ට කෑවා....ආයෙත් කෆ්කා එක්ක‍‍‍‍.....නින්දක්....‍හවස හොද දිය නෑමක්...ආයෙක් කෆ්කා...ක‍‍ෆ්කා කෆ්කා....දවස ගෙවෙනවා තත්පර කට්ට ගමන් කරනවා මට ඇහුන තරම්...මට ඇති තරම් වෙලාව තිබුනා...කිසි දේකට කිසිම හදිස්සියක් නෑ....මෙන්න රෑ අම්මා කියපි සීනි ඉවරයි කියලා...මම කිව්වා අපි යමු ක‍ඩේ....මාස ගානකින් මම රෑ එළියට බැස්සා....රස්නේ දවසක් අහසේ තරු තිබුනෙත් නෑ...පාරේ ‍සෙනගත් නෑ‍‍‍....කඩේ තැඹිලි තිබ්බා...සීනි අරන් ඉතුරු සල්ලි වලින් තැඹිලි ‍ගෙඩි දෙකකුත් අරගෙනයි මම එළියට ආවේ....එද්දි මම අහස බැළුවා අම්මාගේ අත අල්ල ගත්තා...පහුගිය කාලේ මට ගොඩක් දේවල් මග ඇරිලා නේද? අමතක වෙලා නේද....මම මං තුල ඉන්න මාව මරලා එහෙම නැත්නම් මගේ සාරය මලී උරාගෙන.....මලීව හැදුවා බලාගත්තා පරිස්සම් කලා මිසක් මම මට "සකුණී රූපසිංහ" මොනවද කරලා තියෙන්නේ? අමතක කරලා පැත්තකටම දාලා‍‍....හිතේ තිබ්බ හැගීම් හිර කරලා...තනිය වෙනුවට කට්ටිය වට කරගෙන මොකක්ද මම නටන නාඩගම මටම එපා උනා...අන්තර්ඡාලයෙන් එහාට ලොකයක් තියෙනවා මම ඒ ලොකෙන් හැංගුනා මට උවමනා වෙලා තිබ්බෙත් ඒකමයි...මම ඒක කලේ මගේ උවමනාවෙන්මයි...මටවත් හොයා ගන්න බැරි තැනක මම මාව හැංගුවා....දවසකට පැය 14ක් විතර මම කොම්පියුටර් එක ඉස්සරහා මගේ කාලේ කෑවා....ඊට‍ වැඩි මිසක් අඩු නෑ....මට ඇත්තටම ලබන්න බැරි නිදහස මට පිටකරන්න ස්ථානයක් නොතිබුනු අදහස් පිට කරන්න මම අන්තර්ජා‍ලය පාවිච්චි කලා‍‍....ඒත් අන්තිමටම මට සබෑ ලෝකය හා ‍ඔන් ලයින්ලෝකය පැටලුනා....සැබෑව අංක 2 වෙලා ඔන්ලයින් අංක 1 උනා...මට පැටළුනා...නෑ මම පටලවා ගත්තා‍‍‍‍.....සෙනසුරාදා රෑ මට සියල්ල ‍තේරුනා‍....මම බුදු උනා නෙවෙයි...ඒත් අවශ්‍ය හා අනවශය දෙක වෙන් කරගන්න මට පුළුවන් උනා....


ඉරිදා දවසත් ආවා...මම දවස පටන් ගත්තේ "බී මුවී" එක බලන ගමන්...දවසම වැඩි වැ‍ඩක් නොකලට කෆ්කා කියෙව්වා‍ අම්මාත් මට වැඩ වලට කථා කලේ නෑ...මට වැඩ කරන්න හිතුනෙත් නෑ ගේ අතු ගාපු එකට වඩා...දවස බොහෝම සාමාන්‍ය විදියට ගෙවිලා ගියා‍....කවදා‍ ඉවර කරන්නද හිතන් කියවපු කෆ්කා ‍ගේ කියවන්න තියෙන ප්‍රමාණයට වඩා කියවලා ඉවර පිටු ගණන වැඩි උනා...රෑ උනා හරියට‍ම ඉරිදා රෑ 12.49 ට‍ මම පොතේ අන්තිම පිටුවත් කියවලා ඉවර කලා...!!!


ඇත්තටම කවුද මේ කෆ්කා ? කෆ්කාව තමුරා වයස අවුරුදු 15 ක ගැටයෙක්‍....පෙර ආත්මයේ මිය ගියාට පසුව ජිවත්ව උන් තම පෙම්වතියගේ කුසෙන් නැවත බිහි වුනා යැයි සැක කෙරෙන තරුණයෙක්....තම අක්කා හා මව සමග යහන්ගතව දිනක පියාව ඝාතනය කරනු ඇතැයි පියාගෙන්ම සාප ලබන පුතෙකු‍‍ගේ කථාව.....පුසන් සමග කථා‍ කරන එහෙත් අකුරු කියන්න ලියන්න නොදන්න මිස්ටර් නකතා...කුඩා වියේ අනතුරකින් මතකය අහිමි වන නකතා...පිවිසිම් ගල විවර කරන නකතා...පැය 30ක් 40 ක් එක දිගට නිදන නකතා‍‍‍...නිවසෙන් පැන එන කෆ්කා ආ ගමන් මග දිගේම තමුන් නොදන්න අරමුණක් වෙනුවෙන් පැමිණෙන නකතා‍‍....අහසින් මාළු, කූඩැල්ලන් ඇද හැලීම ඒ සියල්ල ගැන දන්නා නකතා‍‍‍....ඔහුගේ සහයට නොදැනුවත්වම සම්බන්ධ වෙන හො‍ෂිනෝ..නිර්ලිංගික ඔෂිමා...ඔහු/ඇය සේවය කරන නකමුරා පුස්ථකාලය...එහිදී මුණ ගැහෙන කෆ්කා...කදුකරේ නිවහනේ නතර කරවන කෆ්කා...පුස්ථාකාලයේ අධිපතිනිය මිස් සෙයිකි...පනස් විය ඉක්මවු සෙකියිට හා ඇය ම වන 15 වන වි‍යැති සෙයිකි ට ආලෙන් බැදෙන ක‍ෆ්කා...!නකතා විවර කරන පිවිසුම් ගල හරහා කාලය,මතකය,බැදීම් උවමනා කිසිත් නැති ‍මිනිස් ලොවෙන් ඉවත් උනු ඇතමෙක් ඒත් මිනිස් ලොවේම කොටසක පිහිටි ලොවකට ඇතුළු වෙන කෆ්කා..නැවත මිස් සයෙකිගේ ‍ඉල්ලීමෙන් ඉන් පිටත් වන නොමළ කෆ්කා‍‍‍...!දෙවන ලෝක යුද්ධ කාලයේ සිට අද දක්වා වයසට නොගිය සෙබළුන් මීට වසර විස්සකට පෙර රචිත ගීතය එහි ඇති සංගීතයේ විශිෂ්ඨත්වය.‍‍‍....ඔබ කවර ගණයේ කියවන්නෙක්ද? ආදරය ගැන? ලිංගිකත්වය? අධි මානසිකත්වය? ගැටුම්? පිළිකුල? සෙනෙහස? නිදහස?දඩබ්බරත්වය? මිත්‍රත්වය? සහෝදරත්ව‍‍ය? අද්භුත ‍දෙ? සංගීතය? කථාවක ඔබ වෙනුවෙනුත් ‍‍යමක් නැත්නම් ඔබත් චරිතයක් වෙන තැනක? ඔය කොයි දේත් එකට එකතු උනු පොතක් "කෆ්කා මුහුදු වෙරළේ" රචනය කරලා තියෙන්නේ මුරකමි හරුකෝ. සිංහලට‍ පරිවර්තනය කරලා තියෙන්නේ ගාමිණී වියන් ගොඩ - පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ විඡේසූරිය ප්‍රකාශණ විසින්....ඇත්තටම මම හිතන්නේ මම කෆ්කා තව සැරයක් කියවන්න ඕනි..මොකද පළවෙනි කියවුමෙන් මට අල්ලගන්න බැරි වුනු තවත් සියුම් තැන් ගොඩක් තියනවා කියලා මට දැනෙනවා පිටු 668ක් කියවලා ඉවර කරන්න ඔනි කියන හැගීමෙන් කියවපු නිසා මට බොහෝ තැන් මග ඇරුනා කියලා මට දැනෙනවා....කැමති කෙනෙක් ඉන්නවා නම් මම කිව්වට වඩා වැඩි යමක් කෙටියෙන් මෙන්න මෙතනින් ගන්න පුළුවන්.

හරි දැන් ආයෙත් මගේ සති අන්තයට..... පොත කියවලා ඉවර උනාම මම ආයෙත් හිතුවා...මං ගැන මගේ ජිවිතය ගැන...ඇත්තටම 100%ක් අවංකවම කියනවා නම් මම කැමති,ම‍ට උවමනා තනියම ඉන්න...ත නි ය ම....ඒකට වන ගතවෙන්න ඕනි කියලා මම හිතන්නේ නෑ...ම‍ගේ ගෙදර මගේ කාමරේ උනත් හොදයි....ඒත් බාහිර කිසිම ක‍ටහඩක් හෝ කෘතිම සද්ධයක් නැතුව....ඒත් ඊයේ රෑ 1ට ඇත්තට‍ම එහෙම පරිසරයක් නිර්මාණය උනා...කොයි තරම් නිස්කලංකද කියනවා නම් මම මගේ විදුලි පංකාවෙන් ‍එන සද්ධය ඇහුනේ කුණාටුවක් වගේ...වැරදිලාවත් එකේ වේගය ඉබේ වැඩි වෙලාද කියන්න මම ඒක ලගට ගිහිල්ලත් බැලුවා...ඒත් එහෙම නෑ වේග අංක 1 යටතේ ඒක ‍වැඩ...ඇත්තටම හරිම නිස්කලංක බවක්...වෙනදා ඉරිදා රෑ කියන්නේ මම අකමැතිම දවස ඒ සදුදට වැඩට යන්න වෙන එක මතක් වෙලා...ඒත් ඊයේ එහෙම උනේ නෑ....මම ආස උනා...මට මහන්සියක් දැනුනේ නැ...මොකද සති අන්තය මට විවේකයක් නිදහසක් නිවනක් වගේ උනා. it was a perfect weekend!..මට දැනුනා....ආයේ මම ඉගෙන ගන්න ඕනි කියලා....මම ඒ ගැන හොයලා බලන්න ඕනි නංගිත් මොනාද විස්තර වගයක් ටෙක්ස්‍ට් කලා ‍සෙනසුරාදා...ඒ හින්දා වෙන්න ඇති මට ඉගෙන ගන්න හිතුනේ ආයේ....ඒත් දැන් මට ඒක ආයේ ඕනි.....ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි....මම අන්තර්ජාලයෙන් ඇත් වෙනවා *(අඩවි වලවත් ඉන්න අය නිසාවත් නෙවෙයි) මම ආයේ මාව හොයාගන්න ඕනි මලීගෙන් වැහුනු මලී බිදලා දාපු මාව ආයේ අහුලගෙන හදලා ගන්න ඕනි...මගේ සහොදරයිනි මම මාව හොයාගෙන යන්න පටන් ගන්නවා...!ඒත් මම දවල් දවසම මලී වෙනවා...හරි රෑ 10 වෙනකම් මම මලී...ඒත් සති අන්තයේ බෑ....මම එන්නේ නෑ.... මම යනවා මාව හොයාගෙන...!

(මේක දැන් මේ මොහොතේ තියන සිතුවිල්ලක් පමණී - වහා වෙනස් වෙන සුළු විය හැක)

links - Vikipidia & Silumina
Pics - By myself

12 comments:

  1. මේක නම් අදහන්න වටිනවා. මේ තේරුම් ගැනීම..
    ඇතැම් අය හිතන් ඉන්නේ ජීවිතය කියන්නේ ‍අන්තර් ) ජාලය කියලනෙ..‍ඒකෙ මොකක් හරි වුණත් මුළු ලෝකෙම පාමුල කඩා වැටුණා ‍වගේ තමා කලබල වෙන්නේ..ඇත්තටම ජාලය කියන්නේ අපේ හුදෙකලා බව, අවිනිශ්චිත බව තාවකාලිකව නිශ්චය කරන්න තියෙන අවකාශයක් විතරයි.. ඉන් ‍එහා තියෙන සජීවි දේවල් කාලයක් තිස්සේ මග ඇරෙමින් යනවා කියන එක අපටම අමතක වෙලා අන්තිමට ජාලය විසින් අපව ගිලගන්නවා.. මටත් මේ අත්දැකීම පොදුයි..මලී නංගි.. මේක ටික කාලෙකින් අපේ සමාජයේ පොදු රෝග ලක්ෂණයක් සින්ඩ්‍රෝමයක් විදිහට අඳුනා ගන්න දවසත් වැඩි ඈතක නැතිවෙයි කියලා මට හිතෙනවා... අපි පොත්වලින් ගොඩ නැගුණු පරපුරේ කට්ටිය.. නමුත් ගොඩක් වෙලාවට 80න් පස්සේ ආපු පරම්පරාව 70 පරම්පරාවට වඩා ගොඩක් වෙනස්.. හැම දේකින්ම .. හැම තැනකදිම.. 80 අග ඉඳන් ඉන් පස්සේ ආ පරපුරේ සාරයන් තවත් ‍බොහොම වෙනස්... නමුත් පොතකට විතරයි වෙලාවකට මේ අය ටිකක් හරි ආපස්සට අදින්නපුලුවන්..ඒත් ඒකත් පොතක් පතක් කියවලා පුරුද්දක් තියෙන අයට විතරයි..

    ජාලය වෙලාවකට අපිව අතරමං කරවනවා.. අපි පය ගහලා පුරුදු සැබෑවත් අපට සීමිත කාලයක් තුල අත් විඳින්නට ලැබෙන අවකාශයත් අතර..

    නමුත් ආපස්සට අඩිය තියන්නට ඇතිවන පෙළඹිම හරියට වටිනවා..

    අඩියක් ජාලයට - අඩි දෙකක් පොතකට.. එහෙම නො‍කළොත් මග හැරෙන දේ වැඩිවෙයි වගේ.. අපි සංක්‍රාන්ති පරම්පරාවක් නේ.. ඒකයි මේ අවුල..

    සටහනට ස්තූතියි.

    ReplyDelete
  2. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....

    ReplyDelete
  3. ඇත්තටම, නියම සටහන.
    වේලාවකට හිතෙනවා අපේ ජීවිතේ නෙට් එකටම සින්න වෙලාද කියලා. ඒත් අපි එයින් මිදෙන්නේ නැත්තේ ඔය තත්වය නොදැනමත් නොවෙයිනේ. :)

    ReplyDelete
  4. පොල් රොටි, ලුණු මිරිස,ඉගුරු දාපු ප්ලේන් ටී එකක්. මේ ටික ඇරෙන්න වෙන මොකුත් තේරුනේ නැහැ

    ReplyDelete
  5. අනේ මන්ද, අපි අපේ ජීවිතවලින් කොච්චර ඈත්වෙලාද? අපි කොච්චර වෙනස්වෙලාද.. අපි අපිමද කියලා හිතෙන්නේ මේවගේ සටහනක් කියවන වෙලාවට.
    මලී අක්ක කියන දේ එයාට විතරක් නෙමේ මේ පරිඝණකයට සහ අන්තර්ජාලයට බැඳුණු බොහෝමයක් දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක්..(මමත් ඇතුළුව).
    මටත් වෙලාවකට ඔය ප්‍රශ්නෙම මගෙන් අහනවා.. මම හිටපු මමමද කියලා...
    පොතක් අතටගත්තම කියෝල ඉවරවෙනකං සිහියක් නැතුව පොතේ චරිතවලට රිංගපු... මූ ඉන්නේ පොත ඇතුලෙ මුට මුකුත් කියලා වැඩක් නෑ කියල යාලුවො හිනාවුන මමමද කියල..

    හැබැයි මගෙ හිතනං ඔච්චර හයිය තිබ්බේ නෑ වෙනසකට යන්ඩ.
    මම තාමත් පරන මම වෙන්ඩ බලන් ඉන්න අලුත් මමමයි.

    :(

    ReplyDelete
  6. හප්පා මරු සති අන්තයක් නෙ . . . !
    නරකද මෑහුමක් ගෙතුමක් කරානම් . . . . .

    ජීවිතය කියන්නෙ අන්තර්ජාලයවත් , වෑඩ රාජ්කරිවත් නෙමෙනෙ,
    කවුරු කොහොම කිව්වත් අපිට අපේ ජිවිතය වටිනවා , ඉතින් අත්දකින්න ..
    විදගන්න සතුටින් එය . . .
    සත්තකින්ම එවිට වෑටහෙවි ඔබ කවුරුන්ද කියා . . .
    ලොකයා අනුන් ගෑන සොයද්දි ඔබට හෑකිවෙවි "සකුණී රූපසිංහ" කවුරුන්ද කියා තමෑසින්ම දකින්නට . . . .

    කාලය කලමනාකරනය කරගත්තොතින් මලිටත් සකුණී ටත් ඉඩ ඈතිවෙවි නෙද ?

    ReplyDelete
  7. ලංකාවෙ ජීවත් වෙන එක කොයි තරම් නිදහස්ද?
    අපිට කොයින්ද එහෙම නිදහසක්?
    උදේම නැගිටලා කැම්පස් යනවා... එතනින් කෙලින්ම යනවා පාට් ටයිම් ජොබ් එකට... ගෙදර එනකොට රෑ 1ත් පහුවෙලා...
    නිදාගන්න යනකොට පහුවදා උදාවෙලා ඉවරයි...
    මට මම කවුද කියලවත් මතක නැති තරම්....

    මම ගඩොල්

    ReplyDelete
  8. @ Su - මමත් 80 අගභාගයේ තමයි ඉතිං...ඔව් ඔයා කියන ක්‍රමය තමයි හරිම ජාලයට‍ අඩියක් හා පොතට අඩි 2ක් නෙවෙයි 4ක් 5ක් තිබ්බත් කමක් නෑ වගේ..ස්තූතියි ප්‍රතාචාරයට..

    @ Thilina - අසරණකමට සරණ වෙන්න පුළුවන් අපි අපිටමයි (තම හිසට තම අතමය සෙවනැල්ල)

    @ Kasun - ඔව් අපි දන්නවා...ඒත් මිදෙන්න කම්මැලියි නේද?

    @ Maranaya - හොද වෙලාවට ඒටිකවත් තේරුනේ

    @ Tharindu - තව ‍‍ටික කාලෙකින් ආයේ පරණ ජිවිතේ හොයාගන්න නැත්නම් ආයේ එන්න බැරි තරමට අතරමං උනොත්???එකයි මම නම් නතරඋනේ

    @ Priyankara - අනේ කිව්වමයි මතක් උනේ මහන රෙදි ඉවරයි...මට ඉතිං ගොතන්න නම් බැහැනේ....ඔව් ඔව් දෙන්නවම බැනස් කරගන්නවා...

    @ Gadol - ‍ගඩොල්ට මම අහලා තියන කවි පදයක් කියන්නම්....මතක තියාගන්න

    "දුෂ්කරයි කියා හැර යායුතුද
    ජීවිතය
    කටු පොකුර සිප ගනිමි
    හෙට මලක් වනු පිනිස"

    ReplyDelete
  9. අම්මෝ පැය 14 ක්..මරු ආතල්..මම නම් බොරු කියන්න ඕනේ නෑ එහෙම නෑ..මලී ඒක දන්නවනෙ ඹයාලව දැනගත්ත මුල් කාලෙ මම messenger එකක් වත් භාවිතා කලේ නෑ..නැතත් වෙලා වක් තිබ්බෙ නෑ..මම දැනට නම් අන්තර්ජාලය යොදා ගන්නෙ 99 ක්ම අධ්‍යයන කටයුතු වලට...ලක්ස ගන්න ගෙවල මෙහෙ පිස්සු කෙලියොත් අර කරපු කැප කිරීම් ඔක්කොම වතුරෙ...මම මාව සහ සෑබෑ ලොකය හොයපු කාලය ඔයාල දැක්ක.අර මම පන්සල් ගල් මල් වතුර පස්සෙ දිව්වෙ ඒ කාලෙ..දැන් මම true passion in profession කියන එක ඇතුලෙ අවුරුදු 3ක් ජීවත් වෙන්න යන්නෙ..බලමු ඊට පස්සෙ වත් මාව හොයන්න ගන්න...මාව වැලලිලි යයි සමහර විට ඒ කාලෙදි..

    ReplyDelete
  10. at hare
    ammata siri harey ewa tika baluwada...ahannath sathutui...kohomada ithin thathwe

    ReplyDelete
  11. @ Haresh - අනේ අම්මෝ යන්න එපා ඔය ඉන්න විදියට ඉන්න...හිටියත් ඉතිං නෑ වගේ නේ..:p

    @ Sampath - අපි නොදන්න චෙස්...පැය 14ක් ඉන්න ප්‍රධාන හේතුව පැය 8 රැකියාව තමා ඉතිං අනේ අම්මෝ මම දන්නවා අපේ අක්කත් යනකොට ගියේ මේ ඔන්ලයින් එනවා හොදද දවස ගානේ කථා කරමු කියලා දැන් දැල්දාලවත් කෙල්ල හොයන්න නෑ. මං දන්නවා කෙල්ල බිසී.මේ පුටු රත්කරලා හොයපු සල්ලි වලින් නෙවෙයි දුක් විදලා හම්බකරපු සල්ලි වලින් ඔහේ යැව්වේ පොඩි පුතා පිස්සු නැතුව ඉගන ගන්න මෙහේ නාවට මතකය තියනවා‍ ඇති පමණට..

    ගැටළුවක් නෑ..වැලලිලා හිටියොත් ආයේ ‍‍ගොඩගන්න ඔයාට පුළුවන් ඔයා කව්ද කියන්න ඔයා දන්නවානේ අයියේ..

    ReplyDelete
  12. කෆ්කා මුහුදු වෙරලේ, මට නම් විකාර පොතක් වගේ.මුරහමි හරුකො ලිව්වා කියලා අපි ඒකට කැමති වෙන්නම ඕනිද?ඒ වගේ කෘතියකින් සාහිත්‍යයට වෙන ලාභය මොකක්ද?

    ReplyDelete