
Sunday, August 7, 2011
එකයි.. දෙ.කා.යි.. තු...නා....යි.....!

Thursday, August 4, 2011
Smash or Pass
I know many here are not Christians... but just in case if you are, what do you think of this?
Smash or Pass?
Full image
http://i54.tinypic.com/sea8hx.jpg
Tuesday, August 2, 2011
Blast from the past
Pew...how long it has been since the last time I showed my ars over in the blog?...years....?
It was many things...amongst them would be the change of my material status, troubled waters.....troubled times then I guess the cherry in top was my self migraring. Oh yeah.. I am far far away in the east now. Doing the same job, but for a whole bunch of limitless bowing faggot arse son of bitches in a country called Japan.
Life here is pretty darn good...I can't honestly call it brilliant since I am yet to wrap my tounge around three alphabets and whole bunch of loonies who knows nothing else but to sit and work their entire missarable lives....pity that they don't have a word for "fun" in Japan.
I read malees road trips :-) .... if that's the fad in posts these days, I can out do you with amazing stories and pictures from this side of the world...where I am living at the moment is one of the most beautiful places on entire earth I have seen. Trust me, I have seen a lot of the world but nothing compares to what I am seeing everyday on my way to work at present. The 30 km ride everyday takes me pass snow capped mountains, cascading waterfalls, 6000 acre plantation of Apples and paddy, amazing pine tree covered mountains and best of all, a curvy road with no speed limits.
Got free time now and seems that I am over the jaggered mountain roads and riding on flat and easy surface from noe on....so I hope I will be able to contribute back again to the blog........and ar last, let me leave wit the fine art of Japanese Donkey Fucking. :-)
Sunday, June 19, 2011
පාර දිගේ 5
කලින් දවසේ කලින්ම නිදාගත්ත නිසා යන්තං උදේ හය හයහාමාර වෙනකොට නැඟිට ගන්නත් පුළුවන් උනු හින්දා උදේම පොඩි අක්කාගෙන් ලැබුන කිරිතේ එක එහෙම අවට වටපිටාවේ සිරි නරඹන්න අපි පටන් ගත්තා.. මං ඉතිං ඒ පැත්තට අළුත් උනාට මාත් එක්ක ගිය එකාට එහෙම නැහැනේ. ඉතිං එතුමියගේ පරිසර දැනුම පිළිබඳව විශ්මයට පත්වෙමින් මට ඒතුමියගේ අඩිපාරේ හා හා කියමින් යන්න විතරයි තිබුනේ.
කලින් දවසේ දුන්හිඳ බලන්න ගිහින් වෙච්ච සංතෑසියේ හැටියට කන්දක් නෙවෙයි පඩියක් නැඟ ගන්නවත් හයියක් නොතිබෙයි කියලා හිතුනට ඒ ගෙදර පිටිපස්සේ තිබුන කන්දට නම් නොදැනම වගේ නැඟුනා..අපි ඔය නුවර එහෙම යනකොට පාර දෙපැත්තේ කෙත් වතු වලට එපිටින් තියන කඳ දැක්කම මම හැමදාම හිතුවේ ඒවා රජයට අයිති දේවල් කියලා.. ඒත් ඉතිං මෙදා තමයි දැනගත්තේ ඒවටත් පෞද්ගලික අයිතිකාරයෝ ඉන්නවා කියලා.. කඳු පල්ලමේ ගෙවල් හදලා..කඳු වල වගා කරලා.. හැමදාම ඉතිං උදේ හවා ඔවා අතුපතු ගාන්න යන්න පුළුවන් කාටද? ඒ නිසා ඉතිං කෑළෑවත් වැවිලා අතරින් පතර.. ඔය වගේ කන්දකට මං නං නැග්ගමයි.. ඒ උනාට ඉතිං උදේ පාන්දර අව්වත් හරියට වැටිලා නැති එකේ ෆුල් ෆිට් එකේ කන්ද මුදුනටම අවුලක් නැතුව නඟින්න නම් පුළුවන් උනා.. කෑලෑ පේර වලින් සාක්කු පුරවගෙන හෙන ඇඩ්වෙන්චරස් ගමනක් තමයි ඔන්න මම නම් ගියේ..!ජිවිතේ පළවෙනි වතාවට මම ආසම පලතුරක් වෙන ජමනාරං ගහකුත් මම හැබැහින් දැක ගත්තා.. ඒ ගහ දැක්කම නම් ටිකක් විතර බයත් හිතෙනවා කොයි වෙලාවේ ගෙඩියක් ඔළුවට වැටෙයිද කියලා ඇයි ඉතිං එක ගෙඩියක් පොල් ගෙඩිය ක් විතර සයිස් එක අත්තේ එයින් ගෙඩි දෙක තුනක්ම තියනවා! අම්මො!ඒ වගේමයි වත්ත පුරා තියන ජම්බු ගස්.. දකින දකින් අත පොඩි පොඩි ජම්බු ගස්.. ගෙඩි නිකං ලයිට් දාලා වගේ.. ඉදිලා බාගයක්ම බිමත් වැටිලා..මං
හිතන්නේ ඒ පැත්තේ අයට ජම්බු එහෙම දැකලම එපා වෙලාද කොහෙද.. මෙහේ තිබ්බා නම් එහෙම ගෙඩි තියා ඇටවත් හොයා ගන්න වෙන්නේ නෑ..! තව මම කොකෝවා ගස් දැක්කා.. (ගෙඩියක් අරන් ඇවිත් කෑවත්එක්ක!) අලිපේර ඒවා නම් මෙහෙත් තියනවාගේ ඉඳ හිට වතුවල.. තව එක එක ගස් ජාති දැක්කා දැන් නම් මතක නෑ ඉතිං..ඔය පරිසර සවාරියෙන් පස්සේ ගෙට ගොඩ වෙනකොට මෙසේ උඩ නියම කිරිබතක්! ආව් නිකිං මැණික් දැක්කා වගේ..!!! එයිනුත් තුන් හතරක්මත් කාලා.. ආයේ අපි හටංගල නෑ ගෙදරකට පිටත් උනා.. අතරමඟ පුරාණ රජමහා විහාරෙකටත් ගොඩ උනා.. ඒක වලගම්බා රජතුමාගේ කාලේ හදපු එකක්ලු.. ටිකාක් විතර දඹුල්ල පන්සල වගේ.. ඒ කිව්වේ කළුගල් ගුහාවක් ඇතුලේ තමයි පන්සල හදලා තියෙන්නේ.. හැබැයි ඉතිං නිදන් හොරුන්ගේ තර්ජන වලට නම් අප්රමාණව බඳුන් වෙලා.. දැක්කම හරිම දුක හිතෙනවා.. මොනා කරන්නද ඉතිං?

එයින් මෙයින් නෑ ගෙවල් වල ගිහින් ආයේ දවාලත් සප්පායම් වෙලා අපි රත්නපුර හරහා කොළඹ බලා පිටත් උනා.. අතර මඟ ඉතිං ආයෙමත් ගෙවල් දෙක තුනකටත් ගොඩ වැදිලා තේ වලින් සප්පායම් වෙවී අපි රෑ එකොළහට විතර කොළඹට සැපත් උනා..!
එයින් පාර දිගේ 2-5 වෙනකම් ලියවෙච්චි අපේ දිග...සවාරිය අවසන් වෙනවා.. ඒ එක්කම පාරදිගේ සටහන් පේළියත් අවසන් වෙනවා. මොකද අපි ආයේ පාර දිගේ දිග ගමනක් ගියේ ඉලං ගේ මළගෙදර වෙනුවෙන්.. ඒක මේ වගේ මතක් කර කර ලිය ලිය විඳින්න සුදුසු දෙයක් නෙවෙයි කියලයි මට හිතෙනේනේ.. ඒ නිසා ඒ ගැන ලියන එක අතහැරලා දාලා පාර දිගේ මෙයින් අවසන් කරනවා..

සටහන් පෙළ අවසන් උනාට අපි තාමත් මහපාරෙම තමයි..!
Sunday, June 12, 2011
පාර දිගේ 4
අර අන්තිමට මං කිව්ව විනාඩි පහේ නින්දෙන් පස්සේ මම නැඟිටිද්දි හත් වළාමයි ඉරත් පායලා.. කට්ටිය මං නිදාගත්ත ටිකට කතාබහ අහවර කරලා නිදාගෙනත් නැඟිටලා.. මං විතරක් දොයි! හප්පා.. මං ඉතිං කවදාවත් බදුල්ලට උදේ වෙනවා දැකලා තිබ්බේ නැහැනේ.. වැඩි වෙනසක් නෑ මෙහේ වගේමයි.. හැබැයි ඉතිං ලා සීතල ගතියකුයි මීදුමයි තිබිලා තියනවා.. ඒ බව දැනගත්තේ මං දොයි වෙලාවේ සංචාරේ ගිය අපේ ලොකු නෝනා කැප්චර් කරලා තිබ්බ ෆොටෝ වලින්.. නැත්තං ඉතිං කොළඹට උදේ වෙනවා වගේම තමයි..ඉතිං කට්ටිය ටක් ටක් ගාලා ලෑස්තිවෙලා බිල් එහෙම සෙට්ල් කරලා එළියට බැස්සා මොකද ලොකු දවසක් ඉස්සරහට තියෙනවානේ..!කලින් දවසේ රෑ කොත්තු වලින් ගෙවුන නිසා හැමෝටම ඕන උනේ උදේම කුසට යමක් දාගන්න.. ඒකට සෙට් වෙන තැන තීන්දු කරෙත් අපේ කූෂාන් යුවල.. අනේ ඉතිං මං ඔය කිව්වට මට කඩේ නම නම් මතක නෑ.. හැබැයි බදුල්ල ටවුන් එක මැද මයි තියෙන්නේ.. ගෑණු අය තමයි වේට්රස්ලා විදියට ඉන්නේ.. ඉඳිආප්ප, පිට්ටු, පාන්, කිරිබත්, ඇතුළු බොහෝමයක් කෑම වර්ග වලින් පිරුණු ලස්සනට හදලා තියන පුංචි පහේ හෝටලයක්. එතනින් ඉතිං කට්ටිය කැමති කැමති කෑම ජාති එහෙම කාලා බීලා අපේ ගමන ආයේ පටාන් ගත්තා.. අපි තුන් දෙනෙක් කාර් එකෙත් අපිට මඟ පෙන්වන්නත් එක්ක කුෂා යුවල දඬුමොණර යානාවෙනුත් පිටත් උනේ සුන්දර දුන්හිඳ ලලනාව හොයාගෙන...
ඇතුල් වෙනකොටම තියන ප්රධාන අලෙවි සැල් පහුකරගෙන ප්රවේශපත් අලෙවි සැලෙන් අවසරපතුත් අරගෙන අපි ඉතිං ගමන පිටත් උනා.. පිටත් උනා කිව්වට ඉතිං එක තැන වගේ තමයි ඇයි ඉතිං කැමරා පහක් අතේ තියාගෙන කොහොමද පස්දෙනෙක් ගමනක් ගියාම දකින දකින රිලවයි මකුළුදැලයි අරකයි මේකයි අරයවයි මෙයාවයි හැම එකාවම ෆොටෝ ගහන්නේ නිකං දැලිපිහිය අහුවුන රිලාපැටව් වගෙනේ.
(එහෙම නැතුවත් බෑ ඉතිං) ඒ උනාට ඉතිං තව එක්කෙනෙක් නම් කිව්වේ අපි ඉක්මනට ගිහිං එනකොට ඔය වැඩ කරමු කියලා.. ඒ උනාට එහෙම බැහැනේ.. එනකොට දැන් පහුකරගෙන යන ඒවා නොතිබුනොත්!!!! නේ?ඔය විදියට ඉතිං විහිළුවෙන්.. තහළුවෙන්..හිනාවෙන්..ජොලියෙන්.. ආතල් එකෙන් දුන්හිඳ හොයාගෙන හොයාගෙන අපි ගියා...
මඟදි නොදැනිම වගේ ඇති වෙලා තිබුන මහන්සිය සම්පූර්ණයෙන්ම සුන්නත් දූලි කරලා දාන්න දුවිලි වලා වගේ විසිරිලා යන වතුර බිංදු වලට පුළුවන් උනා.. ඒ සුන්දර දසුන් දකින්න ලැබුන එකම කොයි තරම් දෙයක් ද.. ඒ සෞන්දර්යයේ මිහිරියාව.. දුන්හිඳ කොමළියගේ ගායනා.. හැමදෙයක්ම එකතු වෙලා පුදුම විදියේ ලස්සනක් සැනසීමක් මවලා තිබුනා.. අහෝ! එත් අපි ගිහින් ටිකකින් එතනට පැමිණි 30කගේ පමණ පිරිසෙන් ඒ සියල්ල නැතිවෙලා ගියා! (මොනා කරන්නද ඉතිං හැමෝම එක වගේ නැහැනේ!!)
දුම් ඇඳිලි.. ෆොටෝ ගැහිලි. බෙලි මෙරිකිලි එහෙම අහවර උනාට පස්සේ අපි ආපහු යන්න තීරණය කලා..!!!! @$$(@*%$$$$!!!!!!! ඒක තමයි එදා මම අමාරුවෙන්ම ගත්ත තීරණය.. මොකද දුන්හිදෙන් සමුගන්න කොටම තියෙන්නේ උඩට නඟින්න තියන පඩි10ක් 15ක් විතර තියන ටිකක් තියුණු නැග්මක් එක්ක පඩිපෙලක්.! පළවෙනි
බණ්ඩාරවෙල සතිපොලෙන් වෙජිටබල් ශොපින් ටිකකුත් කරගෙන ඊළගට අපි නතර උනේ ෆාගේ සුන්දර ගෙදර.. යනකොටම ෆා ගේ ජින්ජි දොර ළග ඉදලම අපිට හායි කිව්වා.. ඊව්නින් ටී එක ෆා නිවසින් අරන් අපි ෆා ටත් ටටා කියලා බණ්ඩාරවෙලෙනුත් සමුගත්තා..
ආයෙමත් ඉතිං ගමනේ යා... වෙලා එදා රැයේ අපේ නවාතැන උන බලංගොඩ නිවසට ළඟා උනා..! ගෙදර වත්තේ තිබ්බ පලතුරු ගස් ඒ තැන් වල ඒ විදියට පලදාව තියෙනවාද කියලා මහ රෑම බලලා පහුවෙනිදාට දෙන්නං බැටේ කියලා ගස් වලට කියලා පොඩි අක්කාගේ රෑ කෑම වේලෙන් සප්පායම් වෙලා ගමන් මහන්සියටත් එක්කම මං නම් කලින්ම නින්දට ගියා..!