Friday, April 1, 2011

මාර්තු in brief ;-)


මාර්තු 1 - උදේම දෙහිවල ගියා පොඩි ෂොපින් වැඩකට.. මිකී නම් බැල්ල විසින් අමරණීය වීමේ රහස හෙවීමට කියවීමට ගොස් එක පොත පොත් හතර පහ හය කර තිබූ නොමැරෙන මිනිස්සු පොත දෙහිවල සරසවීයේදී සොයා ගන්නා ලදී..!!! එදින සවස මිෂන් 15 ඩේස් පටාන් ගතිමි.

මාර්තු 2-14 - දක්වා කීමට දෙයක් නොමැත.

මාර්තු 15 - මිෂන් 15 ඩේස් අවසන් කලෙමි. ලාවට හටගත් බෙල්ලේ අමාරුව හා ඇස්වටා කළු වීම හැර සෙසු ආබාදයක් නොවුනි.

මාර්තු 17 - තනි ඉරෙන් මානාපය ප්‍රකාශ කරන ලදි.

මාර්තු 26 - අළුත් මිතුරන් පිරිසක් දුටුවෙමි.

මාර්තු 27 - අම්බ‍ලමේදී සෙට් උනෙමු. අම්බලමට ගියත් වාඩියට නොයන මෙන් සැමගෙන් ඉල්ලමි.. වාඩියට ලැබෙන සර්විස් එක අන්තිම චාටර් ය. කෝක් බොතලයක් ගේන්නද විනාඩි 20+ ගත වේ. කෙසේ නමුත් එය අමතක කර ආතල් එක ගැන සිතන විට වාඩිය සෙට් වීම් වලට මරුය. මක් නිසාද යත් මෙලෝ යකෙක් අහලකට නොපැමිණෙන නිසා කුජින්ත වැනි උන්ගේ ජිවිතේට සංස්කරණය කල නොහැකි කටවල් ගැන බිය විය යිතු නැත.

මාර්තු 31 - 2011 අවුරුද්දෙන් මාස 3ක් ගත වී අවසාන්ය. ඒ ගැන කරන්නට දෙයක් නැත මක්නිසාදයත් හැමදාම වෙන්නේ ඒ ටික බැවිනි.

-----

දැන් ලියන්නට පට්ට කම්මැලිය. බ්ලොග් කියවන්නේද හත් අවුරුද්දකට වතාවය. කියවන විට ලියන්නට හිතේ ලියන විට නැවත කම්මැලි සිතේ. ආයේ මොනා හෝ ලියන්න හිතෙන දවසක ලියමි. එතෙක් නවතිමි.

ඔබ සැමට BS!!!.

6 comments:

  1. /*
    දැන් ලියන්නට පට්ට කම්මැලිය. බ්ලොග් කියවන්නේද හත් අවුරුද්දකට වතාවය. කියවන විට ලියන්නට හිතේ ලියන විට නැවත කම්මැලි සිතේ.
    */

    ඕක ලෙඩක්!

    ReplyDelete
  2. ආතල් එක ගැන සිතන විට වාඩිය සෙට් වීම් වලට මරුය. මක් නිසාද යත් මෙලෝ යකෙක් අහලකට නොපැමිණෙන නිසා කුජින්ත වැනි උන්ගේ ජිවිතේට සංස්කරණය කල නොහැකි කටවල් ගැන බිය විය යිතු නැත.

    මේක මහා අසාධාරණය. සික් මට දුකය!

    ReplyDelete
  3. කුජින්තයින්ගේ කටවල් ද උන්ගේ අක්කලාගේ කටවල්ද එක වාගේය. එකෙක් නිතරම දෙස් දෙයි. අනෙකා කට ඇරිය හැටියේ විනාසය.

    ReplyDelete
  4. මම වැනි අහිංසක තැනැත්තෙක්ට වාඩිය නුසුදුසු යැයි එයින් කියැවේද? දැන් නම් ලයිෆ් එක ඒකාකාර වෙලා බං...

    ReplyDelete
  5. අළුත් එකක් හොයාගන්න ඉක්මනට... :D

    ReplyDelete
  6. යකෝ මුං බ්ලොග් ලියන්නත් අලුත් ක්‍රම හොයාගෙනනේ... කම්මැලි නැතිව කලිං වගේ ලියපං...!!! හප්...

    ReplyDelete