Thursday, April 14, 2011

අවුරුදු බයිලා


අද ලංකාවේ අපිට අවුරුදුය.. සිංහල දෙමළ අවුරුද්ද කියා අපි මෙය නම් කර ඇත්තෙමු. නමුත් සිංහලයන් අතිරින් කොටසක් ද මෙම අවුරුද්ද සමරන්නේ නැතිය. කෙසේ වෙතත් අපිට වසරකට අවුරුදු දෙකක් ඇත්තේය.. ඒ ජනවාරි පළවෙනිදා හා අප්‍රියෙල්ය. මේ දෙකෙන් මම කැමතිම අප්‍රියල් අවුරුද්දටය. ඒ දෙයියනේ කියා දවසක් දෙකක් නොව දවස් තුන හතරක් උව නිවාඩු ඇති බැවිනි.
දැනට මම රාජකාරී කරන්නේ අත්‍යාවශ්‍ය සේවා ස්ථානයකය. අපි දවස් තුන්සිය හැටපස් දවසේ රාජකාරී කරයුතුව ඇත. එනිසා අපිට නිවාඩු ලැබා ගැනීම සෑහෙන්න අමාරුය. ඒත් යන්තං සංතන් මේ අවුරුද්දේද නිවාඩුව ඇජෙස්ට් කරගෙන මම ගෙදරය. අද දින රාජකාරීය ඉලංදාරී දෙදෙනෙකු බාරගෙන ඇති නිසා යන්තං හිතේ නිදහසේ අවුරුදු ගත කරගත හැකිව ඇත.
නිවාඩුවට අමතරව වැඩියෙන් අවුරුද්දට කැමති වීමට තරම් දෙයක් නම් දැනට මට නැත. නමුත් මේ අවුරුද්දේ දැනට ගවුම් 3ක් බ්ලවුස් 3ක් ආදී වශයෙන් අම්මාගෙන් තාත්තාගෙන් නැන්දාගෙන් ආදී වශයෙන් මට තෑ‍ගී ලැබී ඇති බැවින් අවුරුද්ද ‍ඒමේ සයිඩ් චාන්සස් කීපයක් ද ඇත.
තව පැය දෙක තුනකින් පමණ නැකතට අනූව අම්මා කිරිබත් ඇතුළු අනෙකුත් කෑම සූදානම් කරනු ඇත. එයින් පසු මට නියමිතව ඇති පරිදි හැඩ දමා මම කෑම මේසය පිළියෙල කරමි. සමහර පැති වල කෑම මේසයට අයත් වන්නේ කිරිබත් හා කැවිලි වර්ග පමණි නමුත් ‍අප පෙදෙසේ කැවිලි වලට අමතරව බත් එළවළු ව්‍යාංජන ද මේසයට එන නිසා අපේ කෑම මේසයේ ඉඩ හසුරවා ගැනීමට හැම අවුරුද්දකම මට හෙනම ගේමක් දෙන්නට සිදු විය. නමුත් මේ අවුරුද්දේ බිස්කට් වැනි කෑම අයින් කර අත්‍යාවශ්‍ය යැයි සැලකෙන කෑම පමණක් යොදා ගැනීමට අම්මා තීරණය කරඇති බැවින් මට වැඩි කරදරයක් නොවුනු ඇත. පසුව යෙදෙන නැකතේදී.. සියළු කැවිලි පෙවිලි එකට අනා තාත්තා බත් පිඩක් සාදා බුදුන්ට දෙවියන්ට වෙන් කරනු ඇත. පසුව එම සියල්ල ඇනූ කටක් මටද ලැබෙනු ඇත. එය මා කැමතිම කෑම කටයි. සියළු රස හා ආදරය එක්ව ඇති එම බත් ගුලියට මම සැමදා ඉතා කැමතිය.
අවුරුද්දේ කැමති දේවල් ගැන කතාකරද්දි ඔයිට ව‍ඩා කැමති දෙයක් නම් මට මතක් වන්නේ නැත. සිරිත් විරිත් රකිනවා කියා දැන් කාලයේ අප කරන‍්නේ පට්ට බොරුවක් ය. අපිව ම රවට්ටා ගැනීමක් ය. මන්ද යත් නොනගතයේ නිරාහාරව සියට යුතු වුවත් ‍දෙයි‍යනේ කියා උදේ වේල තේ වේල නොඅඩුව ලැබේ. වැඩකටයුතුද සිරිත් පරිදි සිදු‍වේ.. නමුත් ඒ අතර සිරිත් ද නැකතට සිදුවේ. ඒ නිසා වැඩි අවුලකුත් නැත.
මේ අවුරුද්දේ ම‍ගේ පරණ යාළුවන්ට මොළේ පෑදී ඇත. එම නිසා ඇමතුම් මැසේජ් ආදිය සෑහෙන්න අඩුය. අළුත් අය පමණක් එකක් දෙකක් එවා ඇත. ඒවාට මතක් උනු වෙලාවක හෙමින් සැරේ රිප්ලයි එකක් යැවිය හැක.
ශරීර සෞඛ්‍යය ගැන සිතා මේ වසරේ හැකි තාක් පැණිරස වලින් ඈත් වී සිටීමට දැනට අදිටන් කරගෙන සිටිමි. නමුත් මා වෙනුවෙන් විශේෂයෙන්ම සැදූ කජු ආදීය මොකුත් නොදැමූ ප්ලේන් අළුවා මල්ලක් ඇත. එය නොකෑම නම් සිට්ටි නැන්දාට කරන අගෞරවයක් බැවින් එය පමණක් කමි. තව මී කිරි හට්ටියට ඇත. නොකා තිබ්බොත් එය නරක් විය හැකි බැවින් එයටද සාදාරණයක් කරමි. ඒ ඇතිය.

මේ ලිව්වාඇතිය. ලිව්වේද වෙන වැඩක් නැති හෙයිනි.මොනවා උනත් සැමට සුභ අළුත් අවුරුද්දක් පතමි. එය මාගේ යුතුකමයි.!

12 comments:

  1. අර මැසේජ් සීන් එක නම් ඇත්ත.. දැන් ඉස්සර වගේ මැසේජ් එවන අය අඩුයි.. මුං ඔක්කොම වගේ දැං හැදිලා..

    ඒ වගේ තමා මූනු පොතේ ටැග් කිරිල්ලත්.. ඉස්සර නම් 25 - 30 විතර ටැග් කරනවා.. මේ සැරේ එකත් 5 විතර..

    කොහොම හරි කමක් නෑ ඔයාටත්

    සුභ අළුත් අවුරුද්දක් වේවා...!!

    ReplyDelete
  2. සුභ අළුත් අවුරුද්දක් වේවා..!!! [මට නම් අවුරුදු නෑ ඉතින්] :/

    ReplyDelete
  3. සුබ නව වසරක් මලී අක්කේ......මම අද උදේ ඉදලා තාම ජංගමය ඇල්ලුවේ වත් නැහැ...messages කීයක්‌ ඇවිත් ද දන්නේ නැහැ...

    ReplyDelete
  4. අඩේ මෙන්න මෙයා ඉදල ඉදල ඉදල ඉදල පෝස්ට් එකක් දාල. එළ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!
    දිගටම ලියන්න :-)

    ReplyDelete
  5. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  6. මලී කාලෙකට පස්සේ නේද!
    මට නම් අවුරුදු කාලෙට තමයි වැඩියෙන් හෝම් සික් වෙන්නේ :( අපේ ගෙදර නම් නොනගතෙට වතුර වත් බොන්නේ නෑ..සිරාවට... නැකත් අදහන නිසා නෙවෙයි, එහෙම කරන එකෙත් ජොලියක් තියෙනවා. වැදගත්ම දේ තමයි එහෙම හාමතේ ඉඳල නැකතට කන කොට මාරම රසයි. අම්බානට කන්නත් පුළුවන්...මොනා උනත් මම ගෙදරින් පිට ඉන්න දෙවෙනි අවුරුද්ද...කොහොම හරි බැරි මරගාතේ තනියම කිරිබත් උයල, කැවිලිත් දෙක තුනක් හැදුවත් ලංකාවේ රතිඤ්ඤ සද්දේ මැද්දෙන් අම්මයි තාත්තයි මල්ලියි එක්ක කන රහ දැනෙන්නේ නෑ

    ReplyDelete
  7. ගොඩාරියක් කාලෙකට පස්සේ මලී ඇවිත්... මලිට එවන්න මට ලොකු විස්තරයක් තියෙනවා. ඇත්තටම ඒක ස්තූතියක් සහ මගේ හිතේ තියන කතන්දරයක් (සැබෑ කතන්දරයක්)

    ස්තූථියි මලී...

    ආහ් සුබ අලුත් අවුරුද්දක් වේවා මලීටත් මලී වට එක් රොක් වුන කාටත්....

    ReplyDelete
  8. සිරිත් විරිත් රකින්න ඇයි උත්සහ කරන්නෙ නැත්තෙ? ලැබෙන තේ එක ඇයි ප්‍රතික්ශේප කරන්න බැරි. මම නම් තාමත් කරනව මගේ දරුවටත් ඒ දේවල් කියල දෙනව. මේවා අපේ චාරිත්‍ර වාරිත්‍ර. ඇත්තටම සමහර දේ වල හරයක් නෑ තමයි ඒත් ඇයි අපේ දේ අගයන්න බැරි. ලෝකෙ තියෙන ගොඩක් චාරිත්‍ර වාරිත්‍ර වල හරයක් නෑ. නමුත් ඒ දේවල් වල සුන්දරත්වයක් නෑ කියල කියනව නම් මම ඒකට සම්පූර්නයෙන්ම විරුද්ධයි.

    සින්හල හින්දු අලුත් අවුරුද්ද කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බලන්න කුඩා කාලෙ ඉඳල මම නම් ඒක වින්දා. ඉදිරියටත් එහෙමයි

    ReplyDelete
  9. @‍එසේම වේවා සෝරෝ! ‍

    @ ඇන්ස් උඹ ඉතිං ඇහුවොත් නෑ බං ගාගත්ත ගමන්මනේ..!!!

    @ඩීප්ස් එසේම වේවා ඩීප්ස්..! ඇත්තටම කීයක් ඇවිත් තිබ්බද ආ?

    @ කල්ප ඔව් ඉතිං අළුත් අවුරුද්දටයි පරණ අවුරුද්දටයි දෙකටම එකක් ලිව්වා.,! ඔයාටත් එසේම වේවා..!!

    @ කතන්දර
    දිවිගමනක් පුරා මතකය ගොඩ ගැහුව
    ලුණුදෙහි දමා තව පදමට රස කරන
    වදන් වලින් ආ මඟ යලි යලි සරන
    කතන්දරටත් වේවා ‍සුභ මේ වසර!!!

    @නිරෝෂිණි - හ්ම් හ්ම් කාලෙකින් තමයි ඉතිං.. ඔව් හිතාගන්න පුළුවන් ඒ ආතල් එක ගැනයි ඔයාට ගෙදර නැති පාළුව දැනෙන එක ගැනයි දෙකම. ඒ උනාට බඩගින්නේ අළුත් අවුරුද්දක් ලබන එක මට එච්චර අල්ලන්නේ නෑ.. කොහොමත් ඉතිං නැකතට කන ‍‍ඒවයි කලින් කන ඒවය වෙනයිනේ.. හික් හික්..!

    සොදුරු - මොකක්ද අප්පේ විස්තරේ? මයේ මේල් ඇඩ්රස් එක දන්නවා ඇති මයේ හිතේ.. නිවාඩු පාඩුවේ මේල් එකක් එව්වා නම් හරි.
    කෙසේ වෙතත් ඔයාටත් සුභ අවුරුද්දක් වේවා..!

    නිශ් - අනේ හොඳයි. බොහොම හොදයි හරිම සන්තෝශයි. කොහොම උනත් අවුරුද්ද නරකයි කියලා මං කොහේවත් කියලා නෑ මයේ හිතේ.. මාත් හරී ආසයි අවුරුදු එනවට.. මාස දොළහට එක ගානේ ආවත් මං නම් කැමතියි. කොහොමත් මං වගේ වෙන්න කියලා කාටවත් මං කියන්නේ නෑ.. හැබැයි ඉතිං මං අනුන් වගේ වෙන්නෙත් නෑ..,!
    කොහෙද මෙයා අපි වගේ අපතයන්ව හදන්න බැහැනේ..!!! ඔන්න ඔහේ ඔයා‍ගේ ආතල් ඔයා ගන්න.. හැමෝටම එක වගේ වෙන්න බැහැනේ..නැද්ද? කෙහොම උනත් සුභ අළුත් අවුරුද්දක් වේවා..! මොකටද මේ අළුත් අවුරුද්දේ කාගෙවත් හිත් රිද්දන්නේ නැද්ද? එහෙම කලොත් අවුරුද්දේ තේරුමත් වතුරෙ යනවනේ..!

    ReplyDelete
  10. meava me hithe dukata liyana klatha... ohomath karanavada appa...? balapan mama thama maga....

    e unata uncle geyi aunty gei isso nam tho mata nodee hitoyoth kana palanava...
    eka nemeyi mata heta reta call ekak deepiya mataka ethiva.. anidda ude ape gedara set vemu. ah samavenna meke sinhalath ne...

    ReplyDelete
  11. කාලෙකින්..ඒත් අහු උනේ ටිකක් පරමාද වෙලා...

    අම්මේ මැසේජ් සහ ටැග් කිරිලිනං ඇත්තේම නැති තරං..ඒක ලොකු සහනයක්.

    අපිට මොන අවුරුදුද..ඒත් ඉතිං අනිත් අය අවුරුදු කන හැටි බලලා සතුටු වෙනවා..
    අර කිව්ව කලවං කිරිබත් කටනං ඉස්සර මටත් හම්බ වෙනවා..ඒක නිකං දැන් හීනයක් වගේ මතකයක් විතරයි...
    මලීව නැවත දැකීම ලොකු සතුටක්...
    සුභ නව වසරක් වේවා..!

    ReplyDelete
  12. කෑම ගැන සැලකිලිමත් වෙන්න ගත්තොත් ඔයාගෙ අර මුචා මලයා තනි වෙනව නේද?

    ඔය සිරිත් විරිත්නං තමන්ට නොදැනී කරන්න උවමනා නෑ කියලයි මට දැණට තේරෙන්නෙ. කලින් කට්ටිය කරපු පමණින් මම දේවල් කරන්න සූදානම් නෑ... තෘප්තිය අවශ්‍යයි නම් කිසි දෙයක් නොකරත් මට උවමනා නම් තෘප්තිමත් වෙන්න පුළුවන්. නැත්තං කට්ටියම පාටි දාද්දි බුම්මං ඉන්නත් පුළුවන්!

    ReplyDelete