මම මුල ඉදන්ම පටන් ගන්නම්.. මම ඉපදුනේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක.. ගෙදර ගෙදර ගෙනත් තියෙන්නේ අදුරන කෙනෙකුගේ වාහනයක.. එදා ඉදන් මගේ හෙවණ උනේ.. සිංහල උළු හෙවිලි කරපු බාගයක් වරිච්චි බාගයක් ගඩොල් වලින් හදපු ගෙදරක.. ඒ ගෙදර සිවිලිමක් තිබුනේ නෑ.. හැබැයි අපි තුන් දෙනාම නිදාගත්ත එකම ඇඳ තිබ්බ කොටසේ විතරක් සුදු ඉටිකොළ වලින් හදපු සිවිලිමක් තිබුනා.. අපේ ගෙදරට කරන්ට් එක ගන්නේ මම මොන්ටිසෝරි යනකොට..එතකං අපිට රෑට හිටියේ කුප්පි ලාම්පු භුමිතෙල් ලාම්පු වල එළියෙන්.. අම්මා බත් විතරක් නෙවෙයි හැමදේම ඉව්වේ දර ලිපේ.. ඒ කුස්සියත් ලී වලින් හදපු බිමට මැටි ගාපු දර මැස්සක් තිබුනු මිටි කුස්සියක්.. දුම් වැදිලම ඒකේ හැම තැනම කළුම කළු පාට වෙලයි තිබුනේ.. අපිට බලන්න ටීවී එකක් තිබුනේ නැහැ.. පුංචි රේඩියෝ එකක් තමයි හැම වෙලේම වැඩ කලේ.. හැබැයි කොයි වෙලේවත් ගෙදර පාළු වුනේ නෑ.. මොකද ඒකට හරියන්න රංචුවක් හිටියා හැමදාම හවස හය වෙනකොට ගෙදරට එන.. ඒ වෙන කවුරුවත් නෙවෙයි.. ඒ වෙනකොටත් රස්සාවල් නොකරපු අපේ තාත්තාගේ යාළුවෝ.. කොහොමත් අඩුම ගානේ හය හත් දෙනෙක් වත් එනවා.. ඒ හැමෝටම ප්ලේන් ටී එකක් වරදින්නේ නැහැ.. අම්මලා නැති ගෙවල් වල හිටිය අයට බත් කටක් නොකා යන්න ලැබුනෙත් නෑ... සමහරු ගෙදරට ආවෙම කන්න මොකුත් නැද්ද අහගෙන.. ඒ කාලේ ගෙදරට බඩු ගෙනාවේ ණයට.. මොකද කන්න ඉන්න කට්ටිය ගොඩයි නිසා වියදම සැරයි.. තාත්තට එච්චර ලොකු සල්ලියක් තිබ්බේ නෑ.. එහෙමයි කියලා එන අයට කන්න බොන්න නොදී හිටියෙත් නෑ..
අම්මා ඒ අයට ගෙදර එන්න එපා කියන්න කිව්වෙත් නෑ.. මොකද ඒ හැමෝම එයාට පෙනුනේ එයාගේම මල්ලිලා වගේ.. කොහොම හරි අම්මයි තාත්තයි එකතු වෙලා ගෙදර පිටි පස්සෙන් පොඩි අත්තිවාරමක් දැම්මා කුස්සියකටයි කාමර දෙකකටයි.. ඊට වඩා දෙයක් කරන්න එයාලට සල්ලි තිබුනේ නෑ.. ටිකින් ටික අවුරුද්දෙන් අවුරුද්ද ඒ කාමර දෙකයි කුස්සියයි පුළුපුලුවන් විදියට හදාගත්තා.. ඒ වේගෙටම එයාලා හිටිය පරණ ගෙදරත් දිරාපත් උනා.. ඉතිං ඒ ගෙදරින් අර කාමර දෙකේ කෑල්ලට යන්න සිද්ද වුනා.. ඒක බාගෙට හදපු එකක් නිසා ජනෙල් වලට ඉටිකොළ තිබුනේ.. කාලයක් යද්දි ඒ කොටසට ඉස්සරහින් තව සාලේ කොටසක් එකතු උනා කාමරයක් එක්ක.. එයින් පස්සේ කොටසින් කොටස ගෙයි වැඩ ඉවර උනා.. ඒ ටික ඉවර වෙන්නම අවුරුදු 11ක් විතර ගියා.. ඉවර වෙනකොටයි ගෙයි අඩුපාඩු පෙනුනේ.. ඒ නිසා පැත්තෙන් තව කොටසක් එකතු උනා.. ඉස්සරහට කොටසක් එකතු උනා.. ඔය අතරතුරේ පුළු පුළුවන් විදියට ගෙදරට ඕනේ කරන බඩුත් එකතු කරගත්තා.. ඔය වෙනකොට කාලයක් රස්සා නැතුව හිටි යාළුවන්ට රස්සා හම්බ උනාම.. පරස්තා කරගත්තා.. ඒ නිසා ඒ අයගේ දිනපතා පැමිණීම අඩු උනා.. ඒ නිසා ගෙදර වියදම අඩු වුනා.. කඩේට ණය වෙන එක නැති උනා.. ඒ නිසා සල්ලි ගෙදර වැඩ වලට රැදුනා..ගෙදර හිටියේ තුන්දෙනයි නිසා පුළු පුළුවන් විදියට පුංචි රෝද තුනකුත් ගත්තා.. තාප්ප ගේට්ටු ඇතුළු අවශේෂ දේවල් එකතු උනා.. ඔන්න ඔහොමයි අපේ ගෙදර හැදුනේ.. ඔය ගේ හදන අතරතුරම අම්මයි තාත්තයි එයාලගේ එකම දුවව පෞද්ගලික පාසලකට දාලා වියදම් කරලා ඉගැන්නුවා.. මම අවුරුදු 11ක් ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකක.. අමතර පංති,පාසැල් ගාස්තූ,වගේ ගොඩක් දේවල් නිසා හැමදාම මං වෙනුවෙන් ගොඩක් වියදම් උනා.. හැබැයි ඒ කිසිම දේකට නෑ බෑ කියවුනේ නෑ..
මේ හැමදේම කරන්න සල්ලි ආවේ කොයින්ද?
වෙන කාගෙන්වත් නෙවෙයි මගේ තාත්තගේ දෑතේ හයියෙන්.. අපිට ආදයම් එන වතුපිටි නැහැ. මගේ අම්මා රස්සාවක් කලෙත් නෑ.. ඒ නිසා ගෙදර මුළු වියදම් සේරටම හම්බ කලේ තාත්තා විතරයි.. එහෙයි කියලා එයා කවදාවත් අම්මට රස්සාවට යන්න කිව්වේ නෑ.. එයා කලෙත් ටයි කෝට් දාන රස්සාවක් නෙවෙයි.. යකඩ.. ගින්දර.. වගේ බොහෝම රළු දේවල් එක්කයි එයා හැමදාම ඔට්ටු උනේ.. සමහර දවස් වලට ඉස්සර එයාගේ අගේ පුංචි පුංචි රවුම් පිච්චුන තුවාල තියනවා.. ඒ මොනාද කියලා අහන්න උවමනාවක් නෑ.. මොකද අපි දැනගෙන හිටියා ඒ වෙල්ඩින් කරද්දි විසි වුනු ගිණි පුළිගු වලින් වුනු තුවාල කියලා.. අම්මයි මමයි කරන්නේ පරිස්සමින් ඒ තැන් අතගාන එක.. ඒක තමයි අපිට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ... එයාලගේ ආයතනයෙන් රෙදි සෝදන උපකරණ දෙන්න කලින් එයා ඔරොල් එක ගෙදර අරන් එනවා හෝදන්න.. ඒක වතුරට දැම්මම වතුර කළු පාට වෙනවා.. ඒ දුවිලි හා තෙල් වගේ දේවල් නිසා.. මගේ තාත්තා වැඩ කරන්නේ නැව් අළුත් වැඩියා කරන ලංකාවේ තියන එකම ආයතනයේ.. ඒ නිසා නැවක් අස්සේ තියන ඕනම තැනක අළුත්වැඩියාවක් ආවොත් එයාලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි.. එහෙමයි මගේ තාත්තා අපි වෙනුවෙන් සල්ලි හෙව්වේ... කාලයත් එක්ක එයා කරන වැඩ වෙනස් උනත් අදටත් එයා කරන්නේ මහන්සි වෙන එක.. දාඩිය නොදා නිකං ඉදලා හම්බ කරපු එක සතයක් වත් එයා ළග නැහැ.. ඒ නිසයි එයාට වරදින්නේ නැත්තේ.. මොකට මිනිස්සුන්ගේ සාප කරිලි.. හීල්ලිලි ඒ සල්ලි වල නෑ.. තියෙන්නේ එයාගෙම දාඩිය විතරයි..
------
මගේ ජිවිතේ මගේ පහන් ටැඹ මගේ තාත්තා.. මං ඉපදෙන්න ඉන්නකොට එයා හිතලා තියෙන්නේ එයාට පුතෙක් ලැබෙයි කියලා.. ඒත් දුවෙක් ලැබුනා කියලා එයාගේ ආදරේ දශමෙකින් වත් අඩු වුනේ නෑ,. ඒ වෙනුවෙන් එයා කලේ දූවව පුතාටත් ගැලපෙන විදියට හදපු එක.. එයා තමයි මට සමාජය දකින හැටි නිහඩව ඉගැන්නුවේ.. මිනිස්සු අදුර ගන්න මගේ තාත්තට තියෙන්නේ පුදුම හැකියාවක්.. ඒක මේ සමාජේ තෙම්පරාදු වෙලාම ලැබුනු දෙයක් වෙන්න ඇති.. මගේ තාත්තාට යාළුවෝ ගොඩක් ඉන්නවා.. හැබැයි ඒ අය පරිස්සමෙන් තෝරගත්ත අය.. එයාට කෙනෙක් ෆිට් උනොත් ෆිට් ම තමයි නැත්තං නෑම තමයි.. බොන කන මිනිස්සු ගැන මම මේ තරම් විවෘතව කතා කරන්නේ මගේ තාත්තා එක්ක මෙච්චර කල් ජිවත් වෙලා ලැබුන අත්දැකීම් හින්දා.. එයා බොනවා.. සිගරට් බොනවා..ඒ දේවල් වලට වියදම් කලාට එයා අතින් වෙන්න තියන කිසිම යුතුකමක් මගහැරියේ නෑ.. එයා කවදාවත් හවසට ගෙදරට එනකොට බීලා ආවේ නෑ.. බොන්න ඕනි නම් යාළුවොත් එක්ක ගිහිං අරගෙන ගෙදර එනවා.. නැත්තං අම්මා හරි මං හරි එයා එක්ක යනවා ගිහිං අරං ගෙදර එනවා.. එයාටයි එයාගේ යාළුවන්ටයි බයිට් හදලා තමයි මම උයන්න තියෙන බය නැති කරගත්තේ... මට ඩෙවල් හදන්න කියා දුන්නේ මගේ තාත්තා.. ඉන්දියන් කෑම හදන්න ඉගැන්නුවෙත් තාත්තා.. ඒ වගේ තාත්තාගෙන් ඉගන ගත්ත ගොඩක් දේවල් මගේ ජිවිතේ ඇතුලේ තියනවා.. තාත්තා කවදාවත් මට බොන්න කියලා නෑ.. බොන්න එපා කියලත් නෑ.. බීම විතරක් නෙවෙයි කිසිම දෙයක් කරන්න කියලා නෑ...කරන්න එපා කියලත් නෑ.. හැබැයි මං කරන හැමදේ ගැනම එයාගේ අවදානය නැති කරලත් නෑ.. මට පරිවර්තන කියවන්න හුරු කලේ තාත්තා.. වානේ පන්නරය ලැබූ හැටි, සැබෑ මිනිසෙකුගේ කතාවක්, සිටුවර මොන්ත ක්‍රිස්තෝ වගේ පොත් මට හොයලා ඒ ගැන විස්සතර කියලා ඒවා කියවන්න මාව ආස කෙරෙව්වෙත් මගේ තාත්තා.. කොටින්ම මාව හරහට වඩාගන්න කාලේ මාව නාවලා තියෙන්නෙත් මගේ තාත්තා.. දැනටත් මගේ මූනේ ගාන එකම එක ක්‍රීම් එක ගෙනත් දෙන්නෙත් තාත්තා..
තාත්තා තාත්තා තාත්තා තාත්තා... මගේ ජිවිතේ තාත්තා නැති වෙන තැනක් නැති තරම්.. මගේ යාළුවෝ ගැන කථා කරත් තාත්තා ඒ මැද්දේ ඉන්නවා.. මොකද මගේ යාළුවන්ගෙත් යාළුවෙක් මගේ තාත්තා.. ගෑණු යාළුවන්ගේ විතරක් නෙවෙයි පිරිමි යාළුවන්ගේ පවා.. කොටින්ම මගේ තාත්තා මගේ යාළුවොත් එක්ක එකට බොන්න සෙට් වෙලත් තියනවා.. ඔය විදියට කියනවා නම් කියන්න පොතක් පිරෙන තරමට කාරනා තියනවා තාත්තා ගැන.. ඒත් දැන් ඇති වගේ.. මම මේ හැමදේම ලිව්වේ අද මගේ තාත්තාගේ 53 වෙනි උපන්දිනේ හින්දා.. මගේ ජිවිතේ ඇතුලේ මගේම කියලා මිනිස්සු ඉන්නේ දෙන්නයි.. එක්කෙනෙක් මගේ අම්මා.. අනික් කෙනා මගේ තාත්තා.. තව එකම එක්කෙනෙක් හිටියත් එයාව ගොඩක් දෙනෙක් අතරේ බෙදුනට පස්සෙයි මගේ වෙන්නේ.. ඒ නිසා මගේ ජිවිතේ අතිශයින් වැදගත් දෙතුන් දෙනා අතරින් තාත්තා කියන්නේ අංක 1. මෙහෙම ලිව්වම හිතන්න එපා තාත්තායි මමයි කවදාවත් රණ්ඩු වෙලා නැද්ද කියලා.. අපොයි අපි හරියට වාද වෙනවා..හැබැයි ටික වෙලාවකට විතරයි.. අපේ ජිවිත වල එකම එක වතාවකදි විතරයි අපිට එකග වෙන්න බැරි තැනකට ආවේ.. ඒත් එක කිසිම අවුලක් නැතුව විසදුනා..
මම මෙච්චර දේවල් ගොඩක් ලියන්න නෙවෙයි හිටියේ.. අද 2010 - 01 - 25 මගේ තාත්තාගේ උපන් දිනේ.. එයාවෙනුවෙන් පොඩි සටහනක් ලියන්න ඕනි කියලා හිතාගෙනයි බ්ලොග් එකට ආවේ.. හිතට ආපු දේවල් මං ඒ විදියටම අකුරු කලා.. සමහර විට නොකියවිය යුතු දේවලුත් ලියවිලා ඇති.. ඒත් කරන්න දෙයක් නෑ.. තාත්තාගේ ආදරේ මට ලැබෙන්නේ එඩිට් වෙලා නෙවෙයි.. ඉතිං එයා වෙනුවෙන් ලියවෙන සටහනත් එඩිට් විය යුතු නෑ කියලා මං හිතනවා..මං මේ සටහන ලිව්වේ මගේ ජිවිතේ මට වැඩියෙන්ම ආදරේ කරන මං වැඩියෙන්ම ආදරය කරන පිරිමියා වෙනුවෙන්.. මගෙත් මගේ අම්මාගෙත් අභිමානය.. ආඩම්බරය.. ආදරය..වුනු මගේ තාත්තා වෙනුවෙන්.. එයාට නිරෝගී සුව.. දිර්ඝායුෂ ... යෝධ බල යෝධ වීර්ය....!!!!
ඔයා මේක නොදැක්කට මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ තාත්තේ....!!!!!
මලීගෙ තාත්තාට සුභ උපන්දිනය වෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා. මගේ තාත්තත් ඔයාගෙ තාත්තා වගේම තමා. තාත්තලාට ජය වේවා.
ReplyDeleteමම කවදාවත් දැකලා නැති උනත්, මං ගොඩාක්ම ආදරේ කරන, ගරු කරන, මගේ ආදරණීය චුච්චං නංගිගේ තාත්තාට සුබ උපන් දිනයක් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා !!! මේ වගේ වටින දුවෙක් හදලා දුන්නාට බොහොම පිං මාමේ...
ReplyDeleteනංගී දුක් විදලා සැප ලැබුනාම, අපිට ඒ වෙනස දැනෙනවා.. අපි පොළවේ පය ගහලා ඉන්නවා වගේ දැනෙනවා... ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ..
"Any man can be a father. It takes someone special to be a dad."
ReplyDeleteඔන්න එහෙනම් මමත් සුබ උපන්දිනයක් කිව්වයි කියන්න තාත්තට.
පිය සෙනෙහසට කවි ගී ලිය වුනා මදී..
ReplyDeleteමලීගෙ තාත්තට සුබ උපන් දිනයක් වේවා..
you are a great daughter. Nangi I wish a very hapy birth day and long life for your father.
ReplyDeleteRusara
මලීගෙ තාත්තට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව...
ReplyDeleteඅපේ අම්මල, තාත්තල අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරන්නෙ එයාල ආපහු කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. අපිට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි එයාලට අපි ගැන ආඩම්බර වෙන්න පුළුවන් විදියට ඉන්න එක.
කාලයත් එක්ක අපි අපේ ආදරේ වෙනත් අයත් එක්ක බෙදාගත්තට, අපි මොනදේ කලත් අපේ දෙමවුපියන්ගෙ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ.
ඇඬුන මලී මට මේක කියවලා.
ReplyDeleteමං ගැන මෙහෙම එකක් මගේ දුවගෙන් ලියවෙන දකින්න ලැබුනොත් - එදාට මට මළත් සැපයි.
මං මගේ තාත්ත ගැන ලියපු කතාවත් මං ආයෙ බැළුවාඃ
http://kathandara.blogspot.com/2009/11/blog-post_11.html
ඔබේ පියාට සුභ උපන් දිනයක් වේවා!!!
කතන්දරකාරයා
ඇස්වලට කඳුලු එන තරම් සන්වේදී සටහනක්..
ReplyDeleteපොඩි වෙනස්කම් තිබුනත් තාත්තා ගෙන මට කියන්න තියෙන්නෙත් ඔය වගෙම කතවක් නිස වෙන්න ඇති..
ඔයාගේ ආදරනීය තාත්තට සුබම සුබ උපන්දිනයක් වේවා..
මම මේ කල්පනාකලේ මොකද මගේ ඇස්වල කන්දුලු කියලා ඇත්තටම ඇත්තටම මොකටද ඌනපූර්න ඇත්තටම සංවේදීකමේ උපරිම හැමදාමත් තාත්ත් එක්ක ඔහොම්ම ඉන්න තාත්තට සුබ උපන්දිනයක් පතන්න ඹනේ නෑ මොකද එයාට මේ වගේ දුවක් ඉන්නකොට කොහොමත් අනාගතය සුබ බව පේනවනේ
ReplyDeleteමලී අක්කගෙ තාත්තට සුභ උපන් දිනයක් වෙවා!
ReplyDeleteනිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් මලී අක්කට ආදරණීය තාත්ත වෙලා ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ඉතාම සංවේදී සටහනක්. මේ ඔබේ පියා ගැන පමණක් නොව අපේ රටේ දහසකුත් පියවරුන් ගැන කතාවයි.
ReplyDeleteඉස්සෙල්ලම ඔයාගේ තත්තට සුභ උපන් දිනයක් වේවායි පතනව මගේ හදවතින්ම , ඊලගට මේක කියවන කොට ඇස්වලට කඳුලු නාවොත් පුදුමයක්, තවත් එකක් මගේ තාත්තාත් මේ වගේමයි මට කිසිම දෙයක් කරන්න/කරන්න එපා කියල නෑ හැබැයි මම කරන හැම දෙයක්ම තාත්තට එදින හවස වෙනකොට දනගන්න ලැබෙනව ඒක තමයි තාත්තගෙ ක්‍රමය.
ReplyDeleteඅපේ අංකල් "මචං"ට සුබ උපන් දිනයකට ආසිරි.
ReplyDeleteසමරමු!!
Mata oya widiyata thaththa gena kiyanna deyak nethi unath, Mn Malli akkage thaththata SUBA UPAN DINAYAK pathanawa..
ReplyDeleteඇහැට කඳුලු ආවා මගේ අක්කේ.මගේ තාත්තට පිය සෙනෙහසට බ්ලොග් ලිපි ලියවුනා මදී කියන මාතෘකාව යටතේ ලියලිපියට ආපු කමෙන්ට්ස් මම ආපහු බැලුවා.උපරිමයි.උපරිමේටම උපරිමයි.මගේ ලිපිය කියවපු ගොඩක් කට්ටිය මගෙන් අහුවේ ඕක තාත්තට පෙන්නන්නේ නැද්ද කියලා.අනේ මන්දා සමහරවිට ඒ ප්‍රශ්නේ ඔයාගෙන් අහලත් ඇති.ඒත් මට පෙන්නන්න හිතුනේ නෑ.ඇයි දන්නේ නෑ!
ReplyDeleteමොනවා උනත් මලී අක්කගේ තාත්තට සුබම සුබ උපන්දිනයක් පතනවා !!!
http://muchalindha.blogspot.com/2009/08/blog-post_21.html
හරිම සංවේදි සටහනක්.
ReplyDeleteදෙමවුපියන් සහ දූ දරුවන් අතර තියෙන්න ඕනේ කොයි වගේ සම්බන්ධතාවයක්ද කියලා අපිට කියලා දෙන හොඳ සටහනක්.
හරිම සංවේදී ලිපියක් මලී . . .
ReplyDeleteමගේ ත් ඇස් දෙක තෙත් වුනා මේක කියවලා . . .
මට හරිම ආඩම්බරයි ඔයාගේ තාත්තා ගැන . . .
ඒ වගේම ඔයා ගැනත් . . .
ඒ වගේ තාත්තෙක් ඉන්න ඔයත් ඔයා වගේ දුවෙක් ඉන්න තාත්තත් හරිම වාසනා වන්තයෝ . ..
ඔයාගේ තාත්තට දීර්ඝායුෂ සහ සුභ උපන් දිනයකට සුභාසිරි . .
තාත්තා.. මගෙ ජීවිතෙත් සුන්දරම, ආදරණීයම මනුස්සයා...
ReplyDeleteමට මතක් වෙනවා, දවසක් විඩාබර හැන්දෑවක මහ වැස්සක් මැද, මං කියවන්න ආසාවෙන් හිටිය වානේ පන්නරය පොත අරගෙන හොදටම තෙමීගෙන ගෙට ගොඩවුනු ආදරණීය තාත්තා.ඒ පොත දැකලා මං සතුටු වෙනකොට එයාගෙ ඇස් දෙකත් දිලිසුනේ පුදුමාකර සන්තෝසෙකින්.
ඔයාගෙ ලිපිය මාව කඳුලු අතරින් අතීතයට ගෙන ගියා.
මලීගෙ තාත්තාට සුභම සුභ උපන්දිනයක්...!!!!!!!
මලීගේ තාත්තාට සුභ උපන්දිනයක් වෙන්න කියලා පතනවා.
ReplyDeleteදිරිය තාත්තාට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි.....
ReplyDeleteහරිම ආදරණීය ලිපියක් මලී..... ඔයාගේ තාත්තාට සුබම සුබ උපන්දිනයක් පතනවා.. තාත්තගෙ ආදරේ කියන්න මට වචන නෑ. අපි හරි වාසනාවන්ත දූලා මලී... මෙවන් පියවරු ලබන්න පින් කරන්නෝනි.
ReplyDeleteමේ වගේ තාත්තලා ලැබුණු අපි කොච්චර වාසනාවන්තද..
ReplyDeleteමලීගේ ආදර තාත්තාට සුභ උපන්දිනයක් වේවා..
ඔයාගේ තාත්තාට සුභ උපන් දිනයක් කියලා පතනවා.....
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා ඔබගේ පියාට !!!!!!!
ReplyDeleteඑවැනි පියෙක් ලබන්න ඔබ ගොඩක් වාසනාවන්තයි.මමත් මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි.
"අද මම ලියන්නේ මගේ සැබෑ ජිවිතේ අර්ධයක් ගැන.. හරි අඩක් ගැන.. සමහර විට හරි අඩකටත් වැඩි මිසක් අඩු වෙන්න කොහොමත් බැරි කොටසක් ගැන.."
ReplyDeleteමේ ලියලා තියෙන්නේ අර්ධයයි නම් බබෝ, ඉතිරි අර්ධය මොනවගේ දැයි මට හිතාගන්න බැහැ. හැබැයි මට හිතුනේ එකම දෙයයි, පුළුවන් කමක් තියෙනවා නම් මම ඔය කිව්ව නැව් අළුත්වැඩියා කරන තැනට ගිහින්, අංකල්ව හොයාගෙන මේ පෝස්ට් එක පෙන්නනවා.
බොහෝම සංවේදී සටහනක්. මගේ පියා මතක් වුණා. අපේ වීරධීර පියවරුන් සියලු දෙනට ම දේව ආශිර්වාද පතන ගමන්, ඹබේ පියාට දිර්ඝායුෂ හා සුබ උපන්දිනයක් පතනවා!
ReplyDeleteමලී,
ReplyDeleteඋඹ හරිම වාසනාවන්තයි පුතේ,ඒ වගේම උමේ තාත්තත් අම්මත්.කිසා ගෝතමී හිටියනං නිබ්බූත පද කියාවි උඹල හැමෝටම.උඹ වගේ දුවෙක් මේ රටේ රජකරවන්න අපිට පුළුවන්නං කවද හරි දවසක, එදාට අපි හැමෝම නිවී සැනසේවි.උඹෙ තාත්තාට නිදුක් නිරෝගී සුවය හා දීර්ෂායුෂ ලැබේවා.මගේ keyboard එක උඩට වැට්ටූ කඳුලට උඹට ස්තුතියි.
ජයග්‍රාහී හෙටක්.
දයියා
මලී නංගිගෙ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා! හරිම සංවේදී සටහනක්. මේක කියවද්දි මට මගේ තාත්තව මතක් වුණා. ඇඬුණත් එක්ක. මං හිතන්නෙ මේක කියවන හැමෝටම එහෙම ඇති.
ReplyDeleteතරිඳු - තාත්තලාට ජයවේවා..!!!! මගේ තාත්තාට දුන්න සුභ පැතුමට එයා වෙනුවෙන් මගේ ස්තූතිය බාරගන්න..
ReplyDeleteපිස්සා - හ්ම්.. අද මම මේ විදියට ඉන්නේ එ දවස් වල මම ජිවත් වුනු විදිය නිසයි බං.ස්තූතියි පිස්සා අයියේ..
රොයිලි - ස්තූතියි සහෝ..
ධනංජය - ස්තූතියි සහෝ..
Rusara - Thanx bro..
ඉංදික් - ඒකතාව නම් සහතික ඇත්ත..
කතන්දරකාරයා - ඔයාගේ දුවත් අනිවා ලියයි.. සමහර විට දැනටමත් ලියලා ඇති.. හැබැයි ඔයාට හොයාගන්න බැරි තැනක.. හරියට මං මගේ තාත්තා ගැන ලිව්වා වගේ..
Chejana - බොහෝම ස්තූතිය සහෝ..
චතුරංග - හික් හික්.. බොහෝම ස්තූතියි චතූ මල්ලියේ..
තිරය - බොහෝම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනවට.. !!
TabooS - වෙන්න පුළුවන්.. බොහෝම ස්තූතියි කමෙන්ට් එකට.
ලස්සන ලංකා - බොහෝම ස්තූතියි අයියේ..
අඩෝ බෝ දැක්ක කල්..!! කොහොමද ඉතිං.. අන්න තාත්තා මචං මේ ලගදිත් කට්ටියව මතක් කලා.. මේ සැරේ මොනාද සෙට් කරලා තියන්න ඕනා.. ඔරෙන්ජ් ජූස් විතරයි නේ???එනිවේ තෑන්ක්ස් බං.. මං තාත්තට කියන්නම්..
ReplyDeleteඉසුරු - ඔයාට ගොඩක් ස්තූතියි..
මුචා - මං දන්නවා මල්ලි.. මෙහෙම දෙයක් අපි ලියලා තියනවා දැක්කම එයාලට සතුටු හිතෙයි... ඒත් පෙන්නන එකයි අවුල නේද? මම බ්ලොග් ලියනවා කියලා අපේ ගෙදර අය දන්නේ නැහැ.. ඉතිං මේක පෙන්නන්නත් බෑ.. මොකද මේක ඇතුලේ එයාලා දැනගන්න ඕනි නෑ කියලා මට හිතෙන දේවල් තියනවානේ..
නුවන් - ස්තූතියි..
දුකා - බොහෝම ස්තූතියි දුකා අයියේ..
සිතූ - එහෙම තාත්තලා ලබන්න අපි ගොඩක් වාසනාවන්තයි නේද?.ස්තූතියි ඔයාට..
ප්‍රභාත් - ස්තූතියි සහෝ..
උදිත - ගොඩක් ස්තූතියි සහෝ..
මගේ ජිවිතය - ගොඩාක් ස්තූතියි සහෝ.. අනිවා දැන හෝ නොදැන කරපු මොන පිනක් හින්දද මන්දා අපි එයාලගෙම උනේ..
ඔයාවගේ දුවෙක් ඉන්න එක , ඔයාලගේ තාත්තට වාසනාවක් අක්කේ ! .එ වීශ්වාසය දීගටම තීයාගන්න.
ReplyDeleteහරීම සංවේදී සටහනක්....
සුබම සුබ උපන්දීනයක් මලී අක්කගේ තාත්තේ !!!
LG- අනිවා ඒ අතින් නම් අපි අන්තිම වාසනා වන්තයි.. ස්තූතියි ඔයාට.
ReplyDeletePoo- බොහෝම ස්තූතියි..
ගලා - බොහෝම ස්තූතියි..
රන්දිල් - හප්පේ.. හොද වෙලාවට ඒක තියෙන්නේ අධිආරකෂ කලාපේ පුර්ව අවසරේකින් තොරව එතනට යන්න බෑ.. ඉතිං ඔයාට අපේ තාත්තව හොයා ගන්නත් බෑ.. හික් හික්.. අනිත් අර්ධේ ගැන මීට අවුරුද්දු එකහාමාරකට විතර කලින් ලිව්ව එකක් මෙතන තියනවා.. http://abnormalminds.blogspot.com/2008/09/blog-post.html
රවීන් - ගොඩක් ස්තූතියි සහෝ..
දයියා - බොහෝම ස්තූතියි ඔබේ කමෙන්ට් එකට..අදමයි මම දැක්කේ ඔයාව..
නිරෝෂිණී - බොහෝම ස්තූතියි අක්කේ..
අම්මල තාත්තලට වඩා ළමයින්ට ආදරේ කරන්න කවුරුවත් නෑ
ReplyDeleteතාත්තටයි දුවටයි දෙන්නගෙම උපන්දින සුභම සුභ වේවා!
මලීගේ තාත්තගේ උපන්දිනේට පහුවෙනිදා මලීගේ උපන්දිනේ :)
ගොඩාරියක් ස්තූතියි ප්‍රියා මලයෝ....
ReplyDeleteඩබල් තැන්ක්යූ ගයාන්.....!! හික් හික්.. ඒ කිව්වේ තාත්තටයි මටයි දෙන්නටම සුභ පැතුවට.. ටූ ඉන් වන් තැන්ක්යූ එකක්..
ඔයාටත් තාත්තටත් සුභම සුභ උපන්දිනයක් වේවා..!!!
ReplyDeleteආරි..
තාත්තටයි දුවටයි දෙන්නටම සුභ උපන් දින දෙකක් වේවා!!!!!
ReplyDeleteචියර්ස්ස්ස්ස්ස්ස්!!!!!!!!!!!!!!
තාත්තටයි දුවටයි දෙන්නටම සුභ උපන් දිනයක්!! හරිම ලස්සන සටහනක්...
ReplyDeleteape hithawath uncle " machan"ta subamasuba upandinayak wewa
ReplyDeleteමට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ. :( මලී මලී වෙලා තියෙන්නෙ එයාගෙ අම්මයි තාත්තයි මලීට වඩා ගොඩක් හොඳ නිසයි. සුභ උපන් දිනයක් අංකල් මචං ;)
ReplyDeleteමලී අක්කෙ අත්තටම මං ගැන දුක හිතෙනවා... මම බොහොම අවාසනාවන්තයි.. ඒ වගේම බොහොම වාසනාවන්තයි... මම anonymous එකක් comment දැම්මෙ පොඩි හේතුවක් නිසා... ඔයාගෙ ලිපි වලට නිතර දාන කෙනෙක්...
ReplyDeleteමලී අක්කගෙ තාත්තට සුභ උපන් දිනයක් වෙවා!
ReplyDeleteඋඹ නං නියම ම දුවෙක් බං. මම අද ඉන්න යම් තැනක් තියෙනවා නම් ඒ හැමදේක ම .. එක යන්න ඕනේ තාත්තට තමා. ඒත් මම උඹ වගේ මම ඒ බව ලියා තබන්නට තරම් නම්‍යශීලී වුනේ නෑ. කවි ලිව්වට මම මේ තරම් මව්වත්කම් පියවත්කම් වලට සංවේදී නැතුවද මන්දා. ඒත් මගේ හිත ඇතුලේ ඒබව හැමදාම රැඳිලා තියේවි.
ReplyDeletehi loved reading your stuff.
ReplyDeleteHave a look at my blog on sri lankan architecture. http://sevenby3.blogspot.com/
Add to your blog roll if you like what you see. thanks.
අෆ්ෆා දැනුයි දැක්කේ :P
ReplyDeleteදුවටයි තාත්තට්යි සුබ උපන් දිනයක් වේවෝ...:D
දුවටයි තාත්තට්යි සුබ උපන් දිනයක්
ReplyDeleteමම නම් මගෙ තාත්තා ගැන කවදාවත් මෙහෙම කියන එකක් නැහැ. මොකද තෙරෙන කාලෙ ඉදන් තාත්තා නිසා විදපු දෙවල් හරිම කටුකයි. අම්මා එයාගෙ සිහිය තිබුන වෙලාවල් වල අපි ගැන බැලුවා. අදටත් එයා මගෙ දරුවෙක් වගෙ මං ලගින්ම ඉන්නවා. එකට හෙතුව තාත්තා කියලා දැනෙද්දි හිතට හරි වෙදනාවක්. ඔයා හරි වාසනාවන්තයෙක් කියලා විතරයි මට කියන්න තියන්නෙ.....
Varanam Ayaram බලන්න මෙ ෆිල්ම් එක බයිස්කොප් සින්හලෙ එකෙන් ගත්තෙ. ඔයා ගොඩක් වෙලාවට ආස කරයි.
ReplyDeleteඅපි හැමෝටම තමන්ගේ දෙමව්පියන් ගැන හුඟාක් ආදරණීය මතකයන් තියෙනවා. ඔයාගේ ලිපිය ගැන සතුටුයි.
ReplyDeleteදරුවෝ ගැන හුඟාක් තාත්තලා සතුටු වෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවාද? ඒ දරුවන්ගේ යහපත සාර්ථකත්වය දැකලා. ඒ වගේම තාත්තලා හුඟාක් පීඩනයට පත්වෙන්නෙත් දරුවෙක් අසාර්ථක වෙන වෙලාවක හෝ අයාලේ යන වෙලාවක.
ඒක නිසා දෙමව්පියන් සතුටු කරන්න අපිට කරන්න තියෙන හොඳම දේ අපේ ජීවිත පුලුවන් උපරිම වෙහෙසකින් සාර්ථක කර ගන්න දඟලන එක.
thejan
තාත්තට සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රර්තන කරා කියපන්...
ReplyDeleteමම මේ ටිකේ ඔන්ල්යින් අවේ නෑ...අද තමයි මේක දැක්කේ....මට නම් ඉතින් තාත්තා මල්ලි කියලනේ කිව්වේ..... හී....හී....
මමත් තාත්තා එක්ක සෙට් වෙලා බිව්වා කියලා මතකයි නේද..?? හී...හී....
සුභ පතන්න පරක්කු වැඩියි..නමුත් ඔය කියන තාත්තවයි දුවවයි අම්මවයි අරයවයි සියැසින්ම බලන්න කවද හරි එනව....
ReplyDeleteමීට දන්න කියන dial එකක්...(වර්මපත්‍ර) :p
This comment has been removed by the author.
ReplyDeleteඒකට පරක්කු වැඩියි කියලා හිතුණා. කමක් නෑ මචෝ. උඹ කියන නිසා Wishing a very happy (belated) Birthday to her Thaththa.
ReplyDeleteThejan
adai meka dakke. sorry wewa.
ReplyDeletemath oyage thaththata subama suba Upan dinak pathanava.
"අම්මා සඳකි
ReplyDeleteමම ඒ ලොව හිරැය රිදී..
ඒ ඉර හඳින් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට
කව් ගී ලියවුණා මදි..."
අදයි මේක දැක්කෙ. සංවේදී සටහනක්. ඔබේ පියාට දීර්ඝායු ලැබේවා!
good article.. My daughter is telling me some of the stuff you wrote here.. Most important is that you have addressd one of my burning issues.. to have one daughter.. I think I have made the right decision..
ReplyDeleteBest belated B'day wishes to your father..!
හපොයි.. මලියා මාව ඇඬෙව්වා.. මටත් මේ වගේම දුප්පත් වුනාට පෝසත් කථාවක් තියෙනවා.. වෙලාවක් ලැබුනාම දාන්නම්.. පරක්කු වෙලා හරි කියවන්න ලැබුන එක සතුටුයි.. ඒ වගේම තාත්තාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDelete